භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.
සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි.
මේ සියලු ස්ථාන අතරින් වර්තමාන නේපාලයේ රුපන්දෙහි දිස්ත්‍රික්කයේ පිහිටි ලුම්බිණි පුදබිම පිළිබඳව පසුගිය දින කිහිපයේ ලොවවටා සුවිශේෂි ප්‍රවෘත්තියක් ප්‍රචාරය විය.
ඒ සිදුහත් බෝසතානන් වහන්සේ උපතලද ස්ථානය ලෙස මෙතෙන් හඳුන්වාදී තිබු අනෙකප්‍රමාන ජනී ජනයාගේ වන්දනාවට පාත්‍රවූ ලුම්බිණියේ මායා දේවි පුරාවිද්‍යා භුමියෙහි පොලවයටින් මතුකරගන්නා ලද අලුත් දැව ගොඩනැගිල්ලක නටඹුන් ක්‍රිස්තුපුර්ව 6 වන සියවසෙහි ඉදිකරනලද ඒවා බවට කාල නීර්ණය කිරීමෙන් හෙළිවී ඇති පරිදි බුදුන්වහන්සේ වැඩසිටින්නට ඇත්තේ වර්තමානයේ විශ්වාස කරන අන්දමට ක්‍රිස්තු පූර්ව 623 සිට 543 දක්වා නොව ඊට සියවසකට පෙරාතුව බව නිවේදනය කිරීමේ උණුසුම් ප්‍රවෘත්තියයි.
කාලය පිලිබඳ වෙනස කෙසේවුවත් සිදුහත් කුමරුන් නියතවශයෙන්ම මෙලොව එලිය දුටුවේ ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානය පිහිටි භූමියේදී බව මේ මඟින් සනාථවෙයි. මෙය බෞද්ධයන්ට මෙන්ම ඉතිහාසඥයින් හටද මහත්සේ වැදගත්වන සොයාගනීමකි.
ලුම්බිණියේ දැනට ඇති ධර්මාශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව 249 දී ඉදිකරනු ලැබූ ලැබූ "අශෝක ස්ථම්බයෙහි"ද එම ස්ථානය සිදුහත් කුමරු උපත ලද තැන ලෙස සටහන් කර ඇත.
අශෝක ස්ථම්භය ඉදිරිපසින් ඉදිකෙරුණ පොකුණ සිදුහත් උපතට මොහොතකට කලින් මහා මායා දේවිය ස්නානය කරන ලද ස්ථානය ලෙසත් ස්ථම්භය පිටුපසින් ඇති පුරාවිද්‍යා නටඹුන් අශෝක අධිරාජයා විසින් ඉදිකරන ලද විහාරස්ථානය ලෙසත් පිළිගැනේ.
මෙම පුරාවිද්‍යා නටඹුන් ආවරණය කොට වර්තමානයේ නව ගොඩනැඟිල්ලක් ඉදිකර ඇත. නටඹුන් පුහිටි පෙදෙසෙහි මැද මීට පෙර කල කැනීම් වලදී සොයාගත් අශෝක අධිරාජයා විසින් පිහිටවූ ශිලාමය එලකයක සිදුහත් කුමරුන් උපතලද ස්ථානය ලෙස සඳහන් කර ඇත.
වර්තමානයෙහි එය එම ඵලකය හමුවූ ස්ථානයෙහිම සුරක්ෂිත වන අන්දමින් සහ වන්දනා කරුවන් සහ අනෙකුත් සංචාරකයින් හට දැක බලාගෙන වන්දනා කිරීමට පහසුවන අන්දමින් ඝන වීදුරු රාමුවක් තුල තැන්පත්කර ඇත.
මෑතදී ආරම්භකර ඇති කැනීම්වලදී දැනට පොලව මතුපිට පිහිටි ගඩොල් ගොඩනැඟිල්ලට යටින් වෙනත් ගොඩනැගිලි ඉදිකර තිබුබවට සාක්ෂි හමුවී ඇත.
ඒ අනුව සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ අවස්තාවේදී මහා මායා දේවියට පිහිටවූ සාල වෘක්ෂය වටා ලීයෙන් නිමකරනලද වහලයක් නොමැති ගොඩනැගිල්ලක් එම භුමියේ ඉදිකර තිබෙන්නට ඇතැයි ලුම්බිණී පුරාවිද්‍යා පරිසරයේ කැනීම් භාර මහාචාර්ය රොබින් කනින්හැම් පවසා ඇත.
ධර්මාශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව 249 දී ලුම්බිණිය වෙත පැමිණි අවස්ථාව වනවිට එතන බුදුන්වහන්සේ වැඩසිටි කාලයේ ඉදිකර තිබු දැන් සොයාගෙන ඇති ගොඩනැඟිලි සියල්ල අබලන්වී හෝ ප්‍රතිසංස්කරණයට ලක්වී තිබුනාට සැක නැත.
එතැන තිබු සාල වෘක්ෂයද නොතිබෙන්නට ඇත. ධර්මාශෝක අධිරාජයා අලුතින් ගොඩනැගිල්ලක් තනවා ඇත්තේ එම පැරණි ගොඩනැඟිලි යටකරමිනි.
මෙම නව සොයාගැනීම් පිලිබඳ විස්තර එලිදරව්කල මහාචාර්ය රොබින් කනින්ග්හම් එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ උප කුලපති මෙන්ම පුරාවිද්‍යා අංශාධිපතිවරයාවෙයි. ඔහු කලක සිට බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව සනාථකිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණයන්හි නිරතව ඇත.
යුනෙස්කෝ ආයතනය මඟින් 1997 ලෝක උරුම භූමියක් ලෙස නම් කර ඇති ලුම්බිණියේ නේපාල පුරා විද්‍යා අධිකාරියේ පුර්ණ සහභාගීත්වයෙන් මේ දිනවල ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ගොඩනැගිල්ලට යටින් ඇති පුරා වස්තුන් පිළිබඳව සොයාබැලීමේ කැනීම් කටයුතු සිදුකරනු ලබන්නේ භූගෝලවිද්‍යා සඟරාවක අනුග්‍රහයෙනි.
මෙම ව්‍යාපෘතිය අලලා වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටත් එය ලොව වටා බෙදා හැරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.
ලුම්බිණියේ පුරවස්තුන් මුල්වරට සොයාගනු ලැබුවේ 1896 දීය. ඒ සඳහා මුලිකව කටයුතු කලේ නේපාල ජාතික පුරාවිද්‍යාඥයෙකුවූ කඩ්ගාර් සම්ෂියර් රානා නමැත්තෙකි. ඔහු අශෝක ස්ථම්භය සහ එය පිටුපස තිබු පැරණි ගොඩනැඟිල්ලෙහි නටබුන් සොයා ගත්තේය.
1978 දී නේපාල රජය ලුම්බිණී පුදබිම වන්දනා භූමියක් ලෙසට ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඇරැඕය. වසර හතක ඇතුලත සම්පුර්ණකිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භකෙරුන එම ව්‍යාපෘතිය මේ දක්වා සම්පුර්ණ කිරීමට හැකිවී නැත.
සිදුහත් කුමරුන් උපන් ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ඉමහත් භක්ත්‍යාදරයකින් පැමිණෙන වන්දනාකරුවන් මෙන් නොව පුරාවිද්‍යා වටිනාකමකින් යුතු තැනක් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් මදවීමනිසා බලාපොරොත්තු වූ තරම් අදායමක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වැඩකටයුතු නිමා කිරීම ප්‍රමාදවෙමින් පවතින බවට වාර්තා විය.
දැනට ලුම්බිණී පුදබිම වෙත වසරකට විදේශිකයින් 2,50,000 පමණත් නේපාල ජාතිකයින් 5,40,000 පමණත් පැමිණෙන බව නේපාල සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ බොහෝදෙනා එහි පැමිණෙන්නේ වන්දනා මාන කරගැනීමේ අරමුණෙන් නිසා මුදල් විය පැහැදම් කරනුයේ ඉතාම සුළුවශයෙන් බවත් වැඩිදෙනා එහි ගතකරන්නේ එක දවසක් පමණක් බවත් ඔවුන් කියති.
ලුම්බිණිය වෙත පැමිණෙන විදේශික වන්දනා කරුවන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලාංකික බෞද්ධයින් වීමද විශේෂත්වයකි. මෙම වන්දනා කරුවන් සඳහා පසසුකම් වැඩිදියුණු කළහොත් දැනට වඩා වැඩි වන්දනා කරුවන් මෙන්ම සංචාරකයින්ද ලුම්බිණී පුදබිමට මෙන්ම නේපාලයේ සංචාර සඳහාද යොමුකරගත හැකිබව ශ්‍රී ලංකා නේපාල මිත්‍ර සංගමයේ සභාපති ජගත් සවනදාස මහතා පවසා තිබුණි.
සිදුහත් කුමරුන් ගිහිගෙය අතහැර යනතෙක් සිටි සහ ගෞතම බුදුරජානන් වහන්සේ වැඩවාසය කල බොහෝ ස්ථාන දැනට පුරාවිද්‍යා බිම් ලෙස ආරක්ෂාවී ඇත.
මෙම උත්තම කටයුත්ත සාක්ශාත් කරගැනීම උදෙසා අනුපමේය වෙහෙසක් දරු අනගාරික ධර්මපාල උතුමානන්ද මේ අවස්ථාවේ පිංදී සිහිපත්කල යුතුව ඇත.
මේ සියලු පුණ්‍ය භුමි අතරට බෝසතානන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ ස්ථානය සහ මහා මායා දේවියට උපකාරවූ සාල වෘක්ෂය තිබු ස්ථානයද මතු යම් දවසක අප සැමට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වනු නිසැකය.
මෙය සැබවින්ම අසිරිමත් සිදුවීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනත්, ඔබට පින් වැදගත් තොරතුරු ඉතා හොදින් නිවැරදිව විවේඡනය කිරීම ගැන. නමුත් කෙනත්ගේ මේ දීර්ඝ විවේඡනය අවසානයේ කට ඇරගෙන කියවපු ලලිත් අන්තිමට ගත්තේ ඔන්න ඔච්චරයි. ඕකට තමයි කියන්නේ බණ අහන්න ඇවිල්ලා මුට්ටිය කණපිට හරවාගෙන වාඩිවෙලා ඉන්නවා කියලා. අන්තිමට වටිනා දේ පසෙකලා, නිකම්ම ගෙදර යනවා වගේ! (නි)
සාදු සාදු බුදුදහම නැවතත් උපන්න. මිසදුටුවන්ගේ මිසදුටු අදහස් දුරින් දුරුවේවා 'සාදු; සාදු,සාදු, (අ)
කෙනත්,ඔබේ තර්කය ඉතාම තර්කානුකුලයි. බොහෝ දෙනෙක් බුදු දහම ගැන නොදැන බොරු මතවාද වල ගිලිලා ඉන්නේ. මෙය ඉතා ගැඹුරු මාතෘකාවක් වගේ පෙනුනට උත්තරය හරිම සරලයි (නි)
ඔවි රෝස් මේ මිනිස්සු බොරු මතවාද වල ගිලිලා ඉදීමට හේතුව වෙලා තියෙන්නේ අද සමාජයේ බොහෝ දෙනෙකු මං මුලා වු මනංකල්පිත අදහස් වල එල්බිලා සිටීමයි.(නදී)
කෙනන් ඔය සිද්ධාර්ථ කුමාරයා නේපාල් ජාතිකයෙක්ද, ඉන්දියන් ජතිකයෙක්ද නැතිනම් ලාංකිකයෙක්ද? එතුමා කතා කල මවු භාෂාව කුමක්ද? එතුමාගේ දෙමාපියන් අදහපු ධර්මය කුමක්ද? (නදී)
කෙනත්, ඔබගේ පිළිතුර මම බලාපොරොත්තුවෙන් සිටිමි.(නදී)
ලලිත්, සිදුහත් කුමාරය කව්රු කොහේ උනත් , මොන වගේ උනත් බෞද්ධයන්ට එයින් වැඩක් නැහැ. වඩා වැදගත් වන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුන දා පටන් බුදුරජාණන් වහන්සේ දේශනා කල සසර බිය දුරුකරන දහමයි. ඓයිතිහාසික වශයෙන් ඔබ අහන දේට පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත් ඔබ අහන්නේ අද පවතින දේශපාලන රාජ්‍ය මායිම් පදනම් කරගෙන. සිදුහත් කුමරුගේ රාජ්‍ය කපිල වස්තුවයි, එය උතුරු ඉන්දියාවේ පවතින්නක්, නමුත් මහමාය දේවියගේ මව් රාජ්‍යය අද තිබෙන්නේ නේපාලයට අයත්වයි. සිදුහත් කුමරු උපන් මේ ලුම්බිණිය අද තිබෙන්නේ නේපාලයට අයත්වයි., නමුත් බුද්ධ චරිතයේ අනෙක් සියලුම තැන් අද ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර ඉන්දියාවෙයි. උන් වහන්සේ දහම් දේශනා කලේ එකල වඩාත්ම ප්‍රකටව භාවිතා උන 'මාගධී' නොහොත් පාලි බසිනුයි. නමුත් සම්බුද්ධ දේශනා ඇසු ලාංකිකයන් එදා මග පල ලැබුවේ "අනුශාසනා ප්‍රාතිහාර්ය" නිසයි , ඒ ඒ අයට තමන්ගේ බසින් තමන්ටම කියනවා වගේ තේරුම් යාම නම් බුද්ධ වචනයෙහි ඇති අනුභාවයි. සිදුහත් කුමරුගේ දෙමාපියන් ඇදහුවේ ව්යිදික බ්‍රාහ්මණ ධර්මයයි. නමුත් බුදු වදන් ඇසීමෙන් පසු ඒ සියලු දෙන තෙරුවන් සරණ ගිය උපාසකයන්, පැවිද්දන් වෙලා මේ සසරින් එතෙර වුනා. (නදී)
කෙනත් එහෙනම් සිද්ධාර්ථ කුමාරයා උපන්නේ නේපාලයේ. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයා ය නේපාල ජාතිකයෙක්. හරි හරි මට තේරුනා. (නදී)
කෙනත් කියන විදිහට බලාගෙන යනකොට ලෝකයේ උතුමිම ජාතියක් නේපාල් කියන්නේ. (නදී)
කව්රු මොනවා කිව්වත් පුනරුත්පත්තිය කියන්නේ මානසික රෝගයක් එහි සතයක් නෑ මිනිස්සු මැරුනොත් එච්චරයි අයෙ එපදෙන්නේ නැ. මේවා විද්ද්යත්මකව ඔප්පු කරන්න බැ(දිල්)
ලලිත් මම නැවත කියනවා, ඔබ ඔය පැමිණි නිගමනය අදට පවතින දේශපාලන වටපිටාව සහ ව්‍යවහාරය මත ඇතිකරගත් එකක්. නේපාලය තබා ඉන්දියාව කියලා රටකවත් එදා තිබුනේ නැහැ. ඒවා පසුව ඇතිවූ දේශපාලන මායිම්. එකල තිබුනේ ජනපද 16 ක ප්‍රාදේශීය රජවරු පාලනය කළ වෛදික ශිෂ්ටචාරයක්. (නි)
ලලිත් , ඔබ ගොඩනගන්න යන තර්කයේදී , ඔබේ පදනම සහ විශ්වාසය නොවෙනස් වන ආත්මයක් පුද්ගලයා තුල පවතින බවත්, ආත්මය සිරුරු මාරු කරන බවත් , එකම ආත්මය ඒ කෙනාම ලෙස නැවත උපදින බවත්ය. ඔබේ මේ දැනුම නිසයි අනාත්මවාදය නම් විග්‍රහයේදී ඔබ පුනරුප්පත්තිය ගැන සැක කරන්නේ. මෙය හුදු බටහිර චින්තනයකි. එය ඇත්නම් මෙය ඇත, එය නැත්නම් මෙය නැත යන්න එයයි. නමුත් බුදුදහමෙහි පෙන්වාදෙන අනාත්මවාදය මෙයට ගෝචර නොවෙයි. එහි පෙන්වන්නේ සසර පැවැත්ම ඇත්තේ හේතු පල න්‍යාය නිසා බවයි. බුදුදහම පෙන්වන්නේ පුනරුප්පත්තිය නොව පුනර්භවයයි, (නි)
අචිර , ඔබ විද්‍යාත්මකව ඔප්පුකරනවා කියන්නේ මොකටද? ඊනියා බටහිර විද්‍යාවෙන් පසිදුරන්ට ගෝචර නොවන සියලු දේ නොපවතින ලෙස බැහැර කරන එකට තමයි විද්‍යාත්මකව ඔප්පු කිරීම කියන්නේ. (නි)
කෙනත්,ඔයාට ගොඩක් පින්. මේ දේවල් කියවලා මම ගොඩක් දේවල් දැන ගත්තා. (නි)
අපේ රටේ මුදලින් මෙය ආරක්ෂා කරන්න පහසුකම් වැඩි කරන්න කටුතු කරමු.(නදී)
කෙනෙත්, ඔබ හරි විද්‍යාවෙන් ඔප්පු කළ නොහෙකි දේවල් අපි සමාජයෙන් බැහැර කළ යුතුයි. කිසියම් සත්වයකු මිය යාමෙන් පසු එය එතනින් ඉවරයි ආයේ ඉපදීමක් සිදුනොවේ එසේ ඉපදෙනවා කියන ඒවා මානසික ලෙඩුන් ඔවුන්ට මානසික ප්‍රතිකාර කල යුතුයි (දිල්)
ඔව් අචිර ඔබත් මානසික වෙදෙක් හමුවෙන්න, මොකද සැබෑ දෙයක් දකින්න බැරිකම නිසා නැති කීම යන මානසික රෝගයෙන් ඔබ පීඩා විදිනවා , ඒ විතරක් නොවෙයි මූද අදහස් ප්රෙසිද්දියේ දැමීම නම් වූ ඇති භයානක අසත්මිකතවයත් ඔබට තිබෙනවා (ස)
කෙනත්ට මම එකගයි, විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි දේවල් බොරුයි කියා කීම වැරදි මතයක්. මොකද විද්‍යාව කියන එක තාම සොයා නොගත් මහා විෂය පථයක්. විද්‍යාවෙන් බොරුයි කියා ඔප්පු කරන්න පුලුවන් නම් ඔන්න තව කමක් නැහැ. මේක දෙයාකාරයි. විද්‍යාවෙන් හරියි කියා ඔප්පු කළ නොහැකි දේවල් බැහැර කිරීම සහ විද්‍යාවෙන් බොරු බව ඔප්පු කළ නොහැකි දේවල් බැහැර නොකිරීමත්. බුදුදහම අයත් වන්නේ මේ දෙවෙන ගොඩට. නමුත් ඔය කියන විද්‍යාවත් දවසින් දවස වෙනස් වෙන නිසා එහි දැනුමත් ඔප්පු කිරීමත් ඉතා ඉක්මනින් අවලංගු වෙනවා. මේ වගේ දේවල් හමුවේ ඊනියා විද්‍යාව අසරණයි. (නි)
මෙතරම් විද්‍යාව දියුණු යුගයක හණමිටි අදහස් දරන මිනිසුන් ඉදීම පිළිබඳව මා දුක්වෙනවා. නමුත් මා ඔබලාගේ විශ්වාසයන්ට ගරු කරනවා (නි)
අචිර, දැන්නම් ඔයාට ඕනෑ වෙන්නේ ගැලවිජ්ජාව තමයි. ඔයා ඔය කියන විද්‍යාව ඔයාවත් හරියට හදාරා නැතිකම නිසයි ඔහොම වෙන්නේ. ඔයාගේ ඔය මතය බොහොම පැරණි එකක්. පොඩ්ඩක් අලුත් පොතපත ටිකක් කියවන්න. (නි)
ඉතාමත් හොදයි. මගෙන් සුභ පැතුම්.(නදී)
බණ නම් නිබොරුය මුණිවරයන්නේ.. කය නම් නොතිරය අදහා ගන්නේ.. පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ.. පින නම් නොපමාවම කරගන්නේ..(අ)
බෞද්ධයන් විදිහට අපි ඇත්තටම සතුටු වෙන්න ඕන බුදුන් ගැන වටිනා තොරතුරක් ලැබීම පිළිබඳව..අපි සතුටු වෙමු. (ස)
සිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේවා දකිනකොට. සත්‍ය කවදාවත් කිසිමදෙකට සගවන්න බෑ (දිල්)
මෙම සොයා ගැනීම බුදු දහම විකෘති කිරීමට යත්න දරන අයට තවත් බාධකයක් වනු අැත. (නි)
අසිරිමත් සිදුවීම බොදුනුවන්ට පමණක් නොව මුළුමහත් ලෝක සත්වයාටම පෑදුනු පිනකි. ලොවට ආලෝකයකි. මෙනෙහි කිරීමත් නිවන් මගට ආලෝකයකි. සියලු සත්වයෝ සුවපත් වේවා නිවන් ලබත්වා.(නදී)
සාදු...!සාදු.................! සාදු.............! සත්‍ය කවදාවත් වැලලෙන්නේ නැත. මෙය වටහා ගෙන සියලු බෞද්ධයින් මේ සංසාර කතරෙන් එතෙර වීම උදෙසාම කටයුතු කරත්වා. සියලු දෙනාට සත්‍ය අවබෝද වේවා! එක මවකගේ දරුවන් සේ එකමුතු වී මෛත්‍රියෙන් කටයුතු කරත්වා. සැමට තුනුරුවන්ගේම පිහිටයි. (නදී)
බෞද්ධයන් වන අපිට විශේෂයෙන් ශ්‍රීලාංකික වන්දනා කරුවන්ට කෙලින්ම නේපාලයට යාමට ගුවන් මාර්ගයක් සැලසිය යුතුයි කියන නිගමනය මගේ හිතට මතුවෙයි. අනේක වද බන්ධන වලට ශ්‍රීලාංකික වන්දනා කරුවන් පත්වෙනවා ඉන්දියාව හරහා ගමන් කිරීමේදී. ඒ මුදලත් නේපාල ජාතික ව්‍යාපාරිකයින්ට හිමිවෙනවා වන්දනා කරුවන් නිසා. මේ පින්තුර දැක ගැනීමෙන් හදවතට පුදුමම සිසිලසක් දැනුනා. කවදා හරි යනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන උන ඒ දේශය දෑසින් දැකගැනීමට ..සාදු සාදු ...!!!! (නදී)
මට මේ ලිපිය ගැන බොහොම සතුටුයි
බුදුන්ගේ ධර්මය , මහාවංසයේ තිබෙන දේවල් අපිට කියවන්න දවස්පතා හෝ සතිපත් ලිපිමගින් පලකරන්න. අද සමාජයට ඉගෙනගන්න , නැවත මතක්කරගන්න ගොඩක්දෙවල් තිබෙනවකියල මමහිතනවා. විසේසයෙන්ම රටින්පිට සිටිනාපිට ලොකු සැනසීමක්. සතුටක්, ස්තුති.(දිල්)
සාදු.... (අ)
මේ පින්තුරවලට මාතෘකා දැම්මොත් හොදයි කියලා මා යෝජනා කරනවා.(නදී)
කැණීම් කරන පිරිසට නිරෝගී සුව, දිරිය, හා ශක්තිය ලැබේවා! (නි)
ලෝකයේ තියන එකම සත්‍ය මේ වගේ ජීවමාන වෙනකොට බෞද්ධයෙක් විදියට හිතට දැනෙන සතුට බොහොම වැඩියි. මේ කුසලය හා සම්බන්ධ සියලුම දෙනාට යහපතක්ම වේවා! (නදී)
සාදු සාදු අපගේ තිලෝගුරු බුදු පියාණන්ගේ තෙමගුල සිදූ වූ ඒ අසිරිමත් පින් බිමේ සත්‍ය ලොවට දැන් දැනේවි. මේවා කාටවත් බොරු කරන්න බෑ. තව ගොඩක් දේවල් දකින්න අපි පින්කරලා තියේවි. මෙම කැණීමට දායක උණු හැමටම ගොඩක් පින්. මේ බුද්ධ අංකුරේම උතුන් නිවණටම මේ පින හේතු වාසනා වේවා (සසුන තව බොහෝ කාලයක් රැකේවා !) (ස)
සාධු ... සාධු...!!! (නි)
අාත්මයක් නැතැයි කියන්නේ නම් පුනරුප්පත්තිය පිළිගත නොහැකිය. බුදු දහම අනාත්මවාදයකැයි කියනවා. අාත්මය වෙනුවට සිතිවිලි පරම්පරාව යැයි කියනවා.අනාත්මවාදී නම් යළි ඉපදීමක් පිළිගන්න බැහැ (නි)
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනම් ඒතං බුද්ධානු ශාසනං... බුදු සසුන බැබළේවා !!!! බුද්ධාලම්බන ප්‍රීතිය ලැබේවා!! (නි)
බොහොම සන්තෝසයි බෞද්ධයෙක් හැටියට මටත්. කවදාහරි බුදුන් වැඩ සිටි දේශයට යනවා යනවාමයි.(නදී)
සාධු... සාධු... සාධු...! (නි)
ඡායාරූප දැක්කම මට නැවතත් යන්න හිතෙනවා. (නි)