IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලයිට් කණුව මැදි කර කාපට් දාලා


awidimath
 

ජූලි හතයි, මේකත් මල ජූලියක් වෙන්නා වූ කතාන්දරයකි.

”පාර ලොකු කරලා මරුවෙක් බිහි කරලා” ගම්වාසීන් පවසන්නේ මේ නිසාය.

ගාල්ල හබරාදුව අන්දුගොඩ පන්සල ඉදිරිපිටින් පිහිටි ඉබ්බාවල වැලිගම මාර්ගය කාපට් කර සංවර්ධන කටයුතු ආරම්භ කර වැඩ අවසන්ව තිබේ. අඩි 10ක් පමණ පළලින් යුතුව තිබූ මෙම මාර්ගය අඩි 16ක් පමණ විශාල කර සංවර්ධනය කිරීම ප‍්‍රදේශයටම විශාල සේවාවකි. මෙම මාර්ගය විශාල කරද්දි විදුලි කණුවක් මාර්ගයේ මධ්‍යයට වන සේ මාර්ගය විශාල විණි. මෙසේ මාර්ගය මධ්‍යයේ මෙම විදුලි කණුව මාස 3ක් පමණ තිබිණි.


ප‍්‍රදේශයේ ජනතාව බලා සිටියේ මෙම විදුලි කණුව මාර්ගය කාපට් කරනකොට ඉවත්වේය කියාය. නමුත් එය එසේ සිදුවූයේ නැත. දැන් දිවා ? දෙකේ මග මරුවෙක් මෙම මාර්ගයේ බලා සිටින බව ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම අනතුරුදායක තත්ත්වයට විසඳුමක් සිදුවෙන්නේ නොමැති හෙයින් අන්දුගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අන්දුගොඩ හේමාලංකාර හිමියන් පවසා සිටියේ මාර්ගය කාපට් කිරීම නිසා වාහන  වෙනදාට වඩා වේගයෙන් එනවා. වාහනවල එන රියදුරන් කිසිවිටකත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉදිරියේ දී ලොකු අනතුරක් වෙන්න පුළුවන් හැකි ඉක්මනින් මෙය ඉවත් කරන්න වගකිවයුතු ඇත්තන්ගේ ඇස් දෑස් ඇරේවා යැයි උන්වහන්සේ පැවසූහ.
ප‍්‍රදේශවසීන් කියා සිටියේ මෙම ගමේ විශාල පිරිසක් රාත‍්‍රී කාලයේ පාපැදියෙන්, යතුරුපැදිවලින්, ති‍්‍රරෝදරථවලින් ගමන් කරනවා. මේක මහා අනතුරක්, මහා අපරාධයක්. තම තමාගේ යුතුකම් තම තමා නිවැරදිව ඉටු කිරීම මේ අය පැහැර හැරලා. මහජනතාව, වාහන විහාල පිරිසකගේ ජීවිතවලට හානියක් විය හැකි අතර මෙය හැකි ඉක්මනින් ඉවත් කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

අප මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් කළ විමසුමක දී මේ ඇත්තන් පවසන්නේ අමුතුම කතාන්දරයකි.

widulibala

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් හබරාදුව විදුලි අධිකාරි හිමාල් දර්ශන මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

මෙහෙම පාරක් පළල් කර සංවර්ධනය කරන විට එහි විදුලි කණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර හදන්න පෙර විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කළ යුතුයි. නමුත් මේ මාර්ගය සෑදු අය එසේ කිසිම දෙයක් සිදුකර නෑ. අවම වශයෙන් අපිට ලිඛිත දැනුම් දීමක්වත් කර නෑ. එසේ තිබෙන අවස්ථාවක අපිට මේ සඳහා මැදිහත්වීමේ හැකියාවක් නෑ. මෙහි වගකීම ගත යුත්තේ මාර්ගය සංවර්ධනය කළ අයයි.

කාරණය එසේ නම් මෙයට වගකිව යුත්තේ මෙම මාර්ගය පාවිච්චි කරන ජනතාව ද?


SAM_5172
 

 futter



අදහස් (0)

ලයිට් කණුව මැදි කර කාපට් දාලා

වසන්ත Saturday, 26 July 2014 09:22 AM

බය වෙන්න එපා. කාර්පට් එක වැඩිකල් තියෙන්නේ නැහැ. පරණ පාරේම තමා යන්න වෙන්නේ. (නදී)

:       0       0

කිංස්ලි Wednesday, 30 July 2014 01:07 PM

මේ ආයතන වල කට්ටියත් මේ ලයිට් කණුවටම තියලා ගැටගහන්න තියෙන්නේ (නි)

:       0       0

කමල් Friday, 25 July 2014 02:59 PM

පිළිතුර ඉතාම සරළයි. රාත්‍රියට මෙම කණුවේ ඉටිපන්දමක් පත්තු කල යුතුයි. මාර්ගය දෙපසම විදුලි කණුව ඉදිරියෙන් යනුවෙන් දැන්වීමක් සහ අදාල සංඥාව ප්‍රදර්ශණය කල යුතුයි. (නදී)

:       0       0

නිර්මාල් Friday, 25 July 2014 06:47 AM

කොහොමද දකුණේ මොළේ? (නි)

:       0       0

අසංක Thursday, 24 July 2014 07:10 AM

අපි මේකට ලොකු උද්ඝෝෂණයක් කරමුද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 31 July 2014 07:19 PM

ගවයන් නිලධාරීන් බවට පත් උනහම මෙහෙම දේවල් වෙනවා. (නදී)

:       0       0

සිරිසේන Wednesday, 23 July 2014 04:51 AM

රටට නිදහස ලැබිලා මෙපමණ කල් ගිහිල්ලත් තවම මෙම තත්ත්වයෙන් තියෙන්නේ ඔය වගේ සේවකයන් නිලධාරීන් නිසයි. ලංකාවේ බොහෝ තැන් වල හැටි ඔහොමයි. වැඩක් කෙරීගෙන යනකොට නීති පොත හරහට තියනවා. ඔය පාර කාපට් කරන එක විදුලිබල මණ්ඩලය දන්නේ නැත්නම් කණු ටිකත් කවුරුහරි ගලවාගෙන යයි. ඔහොම මිනිස්සු එක්ක මොන ආසියාවේ ආශ්චර්යද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 July 2014 04:48 PM

ආයතන 2 කේම හරක් ඉන්නවා වගේ මට තේරුම් යන විදියට.(නදී)

:       0       0

උපුල් Wednesday, 23 July 2014 05:35 AM

පිට සක්වලින් ආපු නිළධාරීන් නැතිව අපේ රටෙි නිළධාරින් මෙි ආයතන වලට පත් කරන්න ඔින . ඇත්ත වශයෙන්ම (නදී)

:       0       0

අදිකාරී Wednesday, 23 July 2014 04:27 PM

දැන් නම් ආශ්චර්යට ඔන්න මෙන්න කොල්ලෝ (නි)

:       0       0

කිස්සි Monday, 28 July 2014 01:37 PM

කාපට් කරන්න කලින් කණුව කොහෙද තිබ්බේ. පාර කණුව හොයාගෙන ගියා නම්, මාර්ගය සංවර්ධනය කරපු අය විදුලිබල මණ්ඩලය දැනුවත් කල යුතුයි. යථාර්තය නම් ඔය පාර කිසි සැලැස්මක් නොකර හදලා මුදල් ගසා කැම. (අ)

:       0       0

පාලිත Friday, 25 July 2014 05:38 PM

පාරේ විදුලි කනු සවිකරන විට රජයේ ආයතනයකට ගෙවීමක් කරනවාද ? (නදී)

:       0       0

සුනේත්‍රා Wednesday, 23 July 2014 05:47 PM

ඇයි නුවර පාරෙත් දැන් පාර පළල් කරගෙන යන්නේ ඔහොම තමයි. නැවතත් වැඩිපුර ගානකට කොන්ත්‍රාත් දීලා ලයිට් කණුත් ගලවලා තව පාරක් වළවල් කාපට් කරනවා. (නි)

:       0       0

චන්දන Tuesday, 22 July 2014 12:47 PM

අනේ මෙහෙමත් මිනිසුන් වෙසෙන රටක්!!! (නි)

:       0       0

නලින් Friday, 01 August 2014 03:23 PM

ඔය වැඩේට නයකත්වය දුන්න ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනේ ලංකාවේ එළිපිට වෙන දේවල් තමයි ඔය අපිට නොපෙනෙන ඔය වගේ දේවල් කොච්චර වෙනවා ඇතිද. (නදී)

:       0       0

සුරංග Wednesday, 30 July 2014 04:29 PM

රට සංවර්ධනය කරන්න පළමු මිනිසුන්ගේ මොළය සංවර්ධනය කළ යුතුය. (නි)

:       0       0

සරත් Tuesday, 22 July 2014 01:45 PM

මාර වැඩේ ඒ දැන් මම දෙපැත්තෙන්ම මාර්ග බාධක දමා රතු රෙදි කැබැල්ලකින් ලයිට් කනුව හොදට ඔතන්න. (අ)

:       0       0

අජිත් Wednesday, 23 July 2014 07:25 AM

බය වෙන්න එපා. ඔය කාපට් එක ඊළඟ වැස්සට ගැලවිලා යයි (නි)

:       0       0

සිරා Wednesday, 23 July 2014 08:07 AM

ධම්ම ඔබ කියා දේ හරි නමුත් ලංකාවේ මෙවැනි තැනක හැදෙන පාර මෙපමණයි. දැන් මුදල් ප්‍රතිපාදන සහ වැඩ අවසන්. පාර විවෘතයි (නදී)

:       0       0

රංජිත් Wednesday, 23 July 2014 08:33 AM

ශ්‍ර‍ී ලංකාවේ මී හරක් ද මිනිසුන් සමග හරි හරියට වැඩකරති. (නදී)

:       0       0

නැනී Saturday, 26 July 2014 03:24 AM

විදුලි රැහැන් , දුරකථන රැහැන් , ජල නල පද්දතිය, අපජල මාර්ග යන අංස වලට එකම සංවර්ධන සිතියම් සැලැස්මක් තිබිය යුතුයි. නුසුදුස්සන්ට නොහොත් දේශපාලන හෙන්චයියන්ට ඔය ආයතනවල රැකියා දීම නිසා ඔය විධියේ වැඩ රට පුරාම දකින්නට පුළුවන්. මෙය පුදුමයක් නොවේ. නමුත් ආශ්චර්යයකි. (නදී)

:       0       0

ඩිසී Saturday, 26 July 2014 03:11 PM

අනේ අම්මපා මෙහෙමත් රටක් මේකට කියන්නේ කර්පෙට් කරපු පාරක් කියලද (නදී)

:       0       0

නසාර් Tuesday, 22 July 2014 05:09 PM

මෙම කනුව උපවාසය සදහා යොදාගමු. (අ)

:       0       0

ධම්ම Tuesday, 22 July 2014 06:37 PM

මේ මාර්ගය හදා අවසන් බවක් පෙනෙන්නට නැහැ. මෙවැනි බාධක ඉවත් කිරීම,පාර දෙපැත්ත පුරවා සකස් කිරීම, මාර්ග සලකුණු සහ සංඥා ආදිය සළකුණු කිරීමට ඉතිරිව ඇති බව පෙනේ. ඒවා අවසන් කිරීමට පෙර ගමනාගමනය සඳහා පාර හැර තිබීමයි වැරැද්ද. (නි)

:       0       0

අසෝකා Saturday, 26 July 2014 07:01 PM

බයවෙන්න එපා මේ වගේ කාපට් කරපු පරවල යනකොට අපිව නිකම්ම කාර්පට් වෙයි. (නදී)

:       0       0

සෑම් Wednesday, 23 July 2014 09:51 AM

පාරක තාර පීප්යක් උඩ ලාම්පුවක් පත්තුකරලා තියනවා දැකලා මිනිහෙක් ඒ ලාම්පුව ගැන පාර හදන අයගෙන් අහුවාලු. ඔය තාර පීප්පයේ කව්රු හරි හැපෙයි කියලා ඒක පේන්නයි ලාම්පුව තියෙන්නේ කීවාලු. එතකොට තාර පීප්පේ මොකටද එතන තියෙන්නේ කියා ඇහුවාම "ලාම්පුව කොහේ හරි උඩක නොතිබ්බොත් ඒක පෙන්නේ නැහැනේ, එ්කයි තාර පීප්පේ උඩ තියලා තියෙන්නේ කිව්වාලු. (නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 22 July 2014 10:52 PM

ප්‍රවේශම් වන්න, ඉදිරියෙන් විදුලි කණුවකි! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:32 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 30 July 2014 11:58 AM

නියම කාපට් දැමිල්ලක්නේ. හදිසියකට කළ බව පෙනෙනවා. විදුලි බල මණ්ඩලයේත් වැඩ කඩි වගේනේ. කවදාහරි කණුව ගළවන්න එනවිට පාරේ කාපට් නැතුව තියේවි.මේක ලංකාවනේ. ඔහොම යමු..... (නි)

:       0       0

හේෂාන් Wednesday, 30 July 2014 11:57 AM

මේක මහා මෝඩ වැඩක් (නි)

:       0       0

අසෝකා Wednesday, 23 July 2014 11:35 AM

බලන්නකෝ මේක! වෙන රටවල මෙහෙම තියෙනවද? මේකට තමයි ආශ්චර්ය කියන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5027 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 696 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site