IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලොරියට කොටි ගහද්දී අසුනක් යට සැඟවූ දරුවා 25 වසරකට පසු ලංකාදීපයට ගොඩවෙයි

6   

 

ඒ, 1990 වසරේ අගෝස්තු මාසයේ හත්වැනිදාය. කොටි ත‍්‍රස්තවාදි කලබල දෝර ගලා යන තරමට හිස ඔසවමින් තිබූ අවධියකි. ”බෝම්බ වෑන් එක” එදාත් සුපුරුදු පරිදි මොරවැව - හොරොව්පතාන මාර්ගයේ ධාවනය වෙමින් තිබුණේ අතුරු සිදුරු නැතිවන තරමට සෙනඟ ද පටවාගෙනය. රොටවැව ඇතුළු අවට ගම්දනව් දාහතක (17) පමණ ජනතාවගේ සියලූ ප‍්‍රවාහන අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට තිබුණේ මෙම වාහනය පමණි.

 

27_PAGE_4_T ලොරි රථයක් වූ මෙයට ”බෝම්බ වෑන් එක” යන නම යෙදී තිබෙන්නේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් මෙම රථයට එල්ල කරන ලද ප‍්‍රහාරයක් නිසාය. කලකට ඉහතදී මෙම රථය මොරවැවත් ත‍්‍රිකුණාමලයත් අතර ධාවනය කර තිබෙන අතර දිනක් එම මාර්ගයේ පාළු මැදවච්චිය ප‍්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවක එය බිම් බෝම්බයකට හසුව ඇති අතර ඉන් රියැදුරු ඇතුළු අට දෙනකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මෙලෙස බිම් බෝම්බයෙන් විනාශ වී ගිය ලොරි රථය යළි ප‍්‍රතිසංස්කරණය කර මොරවැව -  හොරොව්පතාන මාර්ගයේ ධාවනයට එක් කළ අතර එදා පටන් එම ප‍්‍රදේශයේ ගැමියෝ ඊට ”බෝම්බ වෑන් එක” යන නම ව්‍යවහාර කළහ. 


මේ බෝම්බ වෑන් රිය 1990 වසරේ අගෝස්තු දාහත් වැනි දිනද සුපුරුදු පරිදි මොරවැව - හොරොව්පතාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ අතර එහි එක්දරු මවක වූ චන්ද්‍රා මල්කාන්ති මහත්මිය ද අසුන් ගෙන සිටියාය. ඒ, දින දහයක් පමණ වයසැති සිය දරු සිඟිත්තාද තුරුළු කරගෙනය. 


කිසිඳු විශේෂයකින් තොරව සෙනඟ පටවා ගත් ලොරි රථය මාර්ගයේ ඉදිරියටම ඇදුණත් වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. කිසිවෙකු හෝ නොසිතූ නිමේෂයක ලොරි රථය වැටලූ කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් දිගට හරහට එයට වෙඩි ප‍්‍රහාර එල්ල කරන්නට වූ අතර එම ප‍්‍රහාරය හමුවේ අහිංසක සිවිල් නිරායුධ වැසියෝ විසි හය දෙනෙක් (26) දිවි පිදූහ. 


චන්ද්‍රා මල්කාන්ති මහත්මිය ද එලෙස මියගිය පිරිස අතර සිටි නමුත් ඇගේ දස දිනක් වයසැති දරු සිඟිත්තා මේ රුදුරු ත‍්‍රස්ත ප‍්‍රහාර හමුවේ ජීවිතය බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. ඒ, ඔහුගේ මව වන චන්ද්‍රා මල්කාන්ති මහත්මිය සිදු කළ කැපකිරීම නිසාය. කොටි ත‍්‍රස්තයන් කිසිදු ඉවක් බවක් නැතිව තමන් ඇතුළු ගම්වැසියන් ගමන් ගත් රථයට පහර දෙන බව දැනගත් ඇය කළේ සිය දරු සිඟිත්තා ප්ලාස්ටික් ගමන් මල්ලක සඟවා ලොරි රථයේ අසුනක් යට සැඟවීමට පියවර ගැනීමය. ඇය එසේ නොකරන්නට ප‍්‍රියා සූරසේන නමැති එම දස දිනක් වයසැති ළදරුවාගේ ජීවිත ඉරණම එතැනදීම විසඳෙන්නට ඉඩ තිබිණි. 


රථයේ සිටි අහිංසක නිරායුධ වැසියන් එකාපිට එකා බැගින් වෙඩි තබා මරණ විටදීවත් ඒ වෙඩි හඬවල්වලට බයෙන් ළදරුවාට හැඬුම් නාවේ ඔහුගේ වාසනාවටය. ඔහු මහහයියෙන් හඬන්නට පටන් ගත්තේ ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තයන් එම ස්ථානයෙන් පලා ගියායින් පසුවය. හරියටම එම ස්ථානයට හමුදා ජීප් රියක් පැමිණි අවස්ථාවේදීය. 


මේ සිදුවීමෙන් ප‍්‍රියා සූරසේන නමැති ළදරුවාට සිය මව අහිමිවී ගිය අතර ඊට ටික කලකට පසු ඔහුට පියාද අහිමිවූයේ ඔහු වෙනත් කසාදයක් කර ගැනීමත් සමඟය. එතැන් පටන් ප‍්‍රියාගේ නීත්‍යනුකූල බාරකරුවන් බවට පත්වූයේ ඔහුගේ බාප්පාත්, පුංචි අම්මාත්ය. ප‍්‍රියාගේ ළමා විය, නව යොවුන් විය මේ ආදී ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයකදීම ඔහුට සෙවණ, ආරක්‍ෂාව සපයමින් ඔහුව රැුක බලා ගත්තේ ඔවුන් දෙදෙනාය. 


එදා කොටි ත‍්‍රස්තයන් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡු ප‍්‍රහාරය පිළිබඳවත් ඉන් විනාශ වූ අහිංසක මිනිස් ජීවිත පිළිබඳවත් රට ඇතුළත විශාල කතාබහක් ඇති වූ අතර ජනමාධ්‍ය විසින් ද ඒ පිළිබඳව සොවින් පිරීතිරී ගිය ලිපි පළ කරනු ලැබීමත් සමඟ මුළු රටේම අවධානය මේ කෙරෙහි යොමු විය. 


එවකදී ”ලංකාදීප” පුවත්පතෙහි සේවය කළ නිමල් සමරසිංහ මාධ්‍යවේදියා සහ පුෂ්පකුමාර මතුගම ඡුායාරූප ශිල්පියා විසින් වෙඩි තැබීම සිදු කළ ස්ථානයටත් හොරොව්පතාන රෝහලටත් ගොස් මෙම සිද්ධිය වාර්තා කරනු ලැබූ අතර නිමල් සමරසිංහ විසින් සම්පාදනය කරනු ලැබ 1990.08.12 වැනි දින ”ලංකාදීප” පත‍්‍රයේ පළවූ එම ලිපියෙහි කොටසක් අප මෙලෙස උපුටා දක්වන්නේ එම සිදුවීමෙහි සැබෑ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට එය අපට උපකාර වන බැවිනි.


”මේ බිළිඳාගේ ජීවිතය තවත් කලකට ගැලවුණේ ඔහු මොළකැටි බිළිඳකු වූ බැවිනැයි මට සිතිණි. තම කිරිකැටි දරුවා ගමන් මල්ලක් තුළ දමා ගෝනියකින් වසා ලොරියේ බංකුවක් යට සඟවනු හැර ඒ මවට කළ හැකි වෙනත් දෙයක් නොතිබෙන්නට ඇත. බිළිඳාගේ ජීවිතය ඒ නිසා බේරුණ ද මවට නම් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් ගැලවීමක් නොතිබිණි. 

dfh

 

ප‍්‍රියා සූරසේනගේ මව චන්ද්‍රා මල්කාන්ති


ඔහුගේ මව ඇතුළු අහිංසක ගැමියන්, ගැහැණුන් සහ දරුවන් 26 දෙනෙකු කළුවරගස්වැවදී ඉකුත් බදාදා ඉතා අමානුෂික ලෙස වෙඩි තබා මරා දමනු ලැබ තිබිණි. මේ මහා මිනිස් ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳ තොරතුරු සොයා බැලීමට ගිය අපට හොරොව්පතාන රෝහලේ පුංචි තොටිල්ලක ගුලිවී නිදන ඒ කිරිකැටි බිළිඳා දැක ගැනීමට හැකි විය. ඔහුගේ නම ප‍්‍රියා සූරසේන බව හෙදියක් අප සමඟ පැවසුවාය. 


සූරසේන සුරතල්ය. හුරුබුහුටිය. මෙලොව බිහිවී දස දිනක් ගෙවෙන්නටත් පෙර මව් සෙනෙහස සදහටම ඔහුගෙන් පැහැරගෙන තිබුණේ බෙහෙවින් කෲර ලෙසය. ඔහු ගැන සොයන්නට බලන්නට ගැබිනි වාට්ටුවේ තවත් අම්මාවරුන් රැුසක් ඉදිරිපත් වී සිටියද තම ආදරණීය අම්මාගේ උණුසුම පිට අම්මලාගෙන් කෙසේනම් පිරිමැසිය හැකි වන්නේද?”


තමා මෙලොවට බිහිවී දස දිනක් ගිය තැන අත්දකින්නට සිදුවූ මේ බිහිසුණු සිදුවීමට මුහුණ දුන් ප‍්‍රියා සූරසේන අද තරුණයෙකි. ඉකුත් යුද සමයේ ශ්‍රී ලංකා හමුදාවට බැඳී කොටි ත‍්‍රස්තයන් පරාජය කිරීමේ සටනට සම්මාදම් වූ රණවිරුවෙකි. ඔහු ඉකුත් දිනෙක ”ලංකාදීප” කන්තෝරුවට ගොඩවිය. අපි ඔහු සමඟ කතා කළෙමු. 


”මම හැදුණෙ මගේ බාප්පයි, පුංචියි ළඟ. එයාලා තමයි මාව මේ විදියට ලොකු මහත් කළේ. අපේ අම්මාව එල්.ටී.ටී.ඊ. එකෙන් මරලා දැම්ම විත්තියත් අම්මා මාව ප්ලාස්ටික් එළවළු මල්ලක දාලා සීට් එකක් ඇතුළෙ හංගපු නිසා මගේ ජීවිතේ බේරුණු විදිහ ගැනත් ඒ දෙන්නා මට කියලා තියෙනවා. මගේ අම්මා ඒ විදිහට මැරුණ බව දැනගත්තම මට විශාල පීඩනයක් දැනුණා. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ මට හමුදාවට යන්න  ඕන වුණත් බාප්පා ඒකට කැමති වුණේ නෑ. මගේ අම්මව මරලා දාපු නිසා මගේ හිතේ ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. එක ගැන වෛරයකුත් ඇතිවෙලා තිබුණා. කොහොම හරි මම 2006 අවුරුද්දෙදි යුද හමුදාවට බැඳුණා. යුද හමුදාවට බැඳිලා මම ඉස්සෙල්ලම සේවය කළේ ,, වැනි ගැමුණු හේවා බළඇණියෙ. 58 වැනි සේනාංකය යටතේ තමයි ඒක තිබුණෙ. වැලිඔය මූණගම බේස් කෑම්ප් එක කොටින්ගෙන් මුදා ගන්න මෙහෙයුමටත් මම සහභාගි වුණා. එතනදී තමයි මට ඉස්සෙල්ලම වෙඩි වැදුණෙ. කොටි ගහපු මෝටාර් එකක කෑල්ලක් මගේ කකුලක වැදුණා.

 

ඉස්පිරිතාලේ දවස් තුන හතරක් ඉඳලා ප‍්‍රතිකාර ගත්තට පස්සෙ මට ගෙදර ගිහින් විවේක ගන්න කිිව්වත් ගෙදර දවස් දෙක තුනකට වැඩිය මම හිටියෙ නෑ. ආපහු සටන් බිමට ගියා. ඒ පාර මට මුලතිව් නයාරුවලට යන්න වුණා. එතන ඉඳලා නන්දිකඩාල් කළපුවෙ සිද්ධ වුණු අවසන් සටන දක්වාම මම යුද බිමේ හිටියා. තොප්පිගලදී  මගේ ඔළුවට වෙඩි වැදුණා. ඒ ප‍්‍රහාරයෙන් මට ටිකක් ඩැමේජ් වුණා විතරක් නෙවෙයි ඔපරේෂන් එකකුත් කළා. 


ඇත්තටම අද මට හිතෙන දෙයක් තමයි මගේ අම්මගෙන් බීපු කිරිවල ණය ගෙවන්න මට පුළුවන් වුණා කියලා. ඒ වගේම තමයි මාව පොඩි කාලේ ඉඳලා රැුක බලාගෙන මේ විදිහට ලොකු මහත් කරපු මගේ බාප්පටයි, පුංචි අම්මටයි මගේ හිතේ හැමදාමත් ඒ ගෞරවය තියෙනවා.”

 

ප‍්‍රියා සූරසේන කතාව හමාර කළේ ඒ විදියටය. 
මේ ඛේදජනක සිද්ධියෙන් අසරණ වූ පුංචි ප‍්‍රියා වෙනුවෙන් අතහිත දෙන්නට බොහෝ පිරිස් ඉදිරිපත් වූ අතර එදා විජය නිව්ස් පේපර්ස් සමාගම ද මේ ළදරුවාගේ ජීවිතය නගාසිටුවීමට උපකාර වන අන්දමේ වැඩසටහනක් ආරම්භ කළේය. ඒ අනුව විජය ප‍්‍රකාශන සමාගම මගින් ප‍්‍රකාශයට පත් කරන පුවත්පත් හරහා ප‍්‍රියා සූරසේන දරුවා වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පිරිස් මේ සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කළ අතර ප‍්‍රියා මුදලින් අතහිත දෙන්නට කැමැති උදවියගේ පහසුව පිණිස ලංකා බැංකුවේ ලේක්විව් ශාඛාවේ වෙනම ගිණුමක් ද ආරම්භ කළේය. විජය පුවත්පත් සමාගමේ භාරකාරීත්වය යටතේ ආරම්භ කළ මෙම ගිණුම ප‍්‍රියා සූරසේන ළදරුවාගේ නමින් පවත්වාගෙන ගිය අතර ඊට ලංකාවේ දසදෙසින් මුදල් බැර කළ පිරිස් අතර සීමාසහිත ලේක්හවුස් ප‍්‍රින්ටර්ස් සහ විජය පුවත්පත් සමාගමේ සේවකයෝ ද වූහ.


ඉන් වසර තුනක් ගෙවී ගිය තැන එනම් 1993 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනි දින සිට ලංකා බැංකු ශාඛාවේ පවත්වාගෙන ගිය එම ගිණුමෙහි තිබූ සියලූම මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි (NSB) ස්ථාවර තැන්පතු ගිණුමක තැන්පත් කිරීමට විජය පුවත්පත් සමාගම කටයුතු කළ අතර එදා සිට වර්තමානය දක්වාම ප‍්‍රියා නමින් තිබූ ගිණුමට බැරවූ මුදල් තිබුණේ එම ස්ථාවර තැන්පතු ගිණුමේය.


අසරණ ප‍්‍රියා සූරසේන ළදරුවාගේ ජීවිතය ජීවත් කරවන්නට මීට වසර විසිපහකට පමණ උඩදී විජය පුවත්පත් සමාගම ආරම්භ කළ මෙම සත්ක‍්‍රියාවෙහි ප‍්‍රතිඵල ඉකුත් සතියේ බදාදා (09) දිනයේදී තරුණ ප‍්‍රියා සූරසේන විසින් නෙළා ගනු ලැබූ අතර එම මොහොත ඉතාමත් සංවේදී අවස්ථාවක් වූයේ ප‍්‍රියා වෙනුවෙන් එම මෙහෙවර සඳහා මීට වසර විසිපහකට උඩදී පෙරමුණ ගත් විජය පුවත්පත් සමාගමේ මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටි නිසාය.


මව අහිමි අසරණයකු බවට පත්වනවිට ප‍්‍රියා වයස දින දහයකි. අද ඔහු විසිපස් වියැති තරුණයෙකි. එදා ඔහු වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට පෙරමුණ ගත් විජය පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ඉදිරියේදීම ප‍්‍රියා තමන් වෙනුවෙන් ආරම්භ කළ ස්ථාවර තැන්පතු ගිණුමේ තිබූ රුපියල් එක් ලක්ෂ හැටනවදහස් දෙසියය හැත්තෑ දෙකයි ශත විසි එකක (169272.21) මුදල ලබාගෙන එය තමන්ගේම නමින් විවෘත කළ අලූත් ගිණුමක තැන්පත් කළේය.

m



අදහස් (0)

ලොරියට කොටි ගහද්දී අසුනක් යට සැඟවූ දරුවා 25 වසරකට පසු ලංකාදීපයට ගොඩවෙයි

හේරත් Tuesday, 29 September 2015 02:54 PM

පින්බර පුතෙක් (හේ)

:       0       0

සුරංජන් Wednesday, 30 September 2015 01:14 PM

අම්මා දරුවාගේ ජීවිතය බේරුවේ හිතේ තියෙන දරු කැක්කුමට, ඒ වුනාට අද ඉන්න අම්මලා දරුවන්ව ගඟට විසි කරනවා . ඒ ගැන හිතුවම මේ අම්මා වගේ අම්මා කෙනෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා .(හේ)

:       0       0

හැරිස් Tuesday, 29 September 2015 08:20 PM

අමු අමුවෙි මිනීමරපු කොටි නෝර්වේ,කැනඩාව වගේ රටවලට පැනලා තව ඒ ගැන පුරජේරුවට කියවනවා. ඔවුන්ට යුධ අපරාධ නඩු නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 08:44 AM

යෝජිත් සත්‍ය කොමිසමට යායුතු කතාවක්. (ම)

:       0       0

ඩී. ඩී. රුචිර Monday, 05 October 2015 06:11 PM

මහින්ද ආර් කිතුල්ගොඩ මහතාගේ අදහස හා එකඟවෙමි. හැමෝම පින් කරන්න කැමති වුණත් තමන්ගේ ආර්ථික ශක්තියත් එක්ක වියදම් කළහැකි ප්‍රමාණයේ අඩුවැඩිකම් තියෙන්න පුළුවන්. අජිත් මහත්මාගේ දෘෂ්ටි කෝණයෙන් ඔහුගේ ආදායමත් සමඟ ඔහුට මෙම මුදල සුළු දෙයක් වියහැකි වුවත් ප්‍රියා සූරසේන රණවිරුවාට මෙය මහාමෙරක් වියහැකියි. ඔහුගේ අනාගතය වෙනුවෙන් බැරවූ මෙම මුදල ඔහු රිසිසේ වියදම් කළාට කිසිදු වරදක් මමද නොදකිමි. අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍ය තුලින් පහසුවෙන් අද මෙන් මෙවන් පුවත් ජනතාව වෙත කාන්දුනොවන යුගයක එම මුදලින් වැඩිහරියක් විජය පුවත්පත් සමාගමේ හෘදයාංගම සේවක සේවිකාවගේම වියහැකි බව මමද විශ්වාස කරන අතර එම සද්කාරය හදපත්ලෙන්ම අගය කරමි. ඔබට සුබ අනාගතයක් ! (නි)

:       0       0

සිල්වි Thursday, 01 October 2015 02:21 PM

ඔන්න මානව අයිතිවාසිකම් ගැන කතාකරන අයට හොඳ කතාවක්.මේ දරුවාගේ මානව අයිතිවාසිකම් වලට කවුද වගකියන්නේ? (නි)

:       0       0

රොෂාන් Sunday, 29 November 2015 04:23 PM

ත්‍රස්තවාදීන් විසින් කරනලද බරපතල අපරාධ මානව හිමිකම්කාරයින්ට නොපෙනේද? අවි ආයුධ හා අනුග්‍රහය ලබාදෙමින් ත්‍රස්තයන් පෝෂණය කළ බටහිර රටවල් ලංකාව සිංහලයන්ගේ අමුසොහොනක් බවට පත්කිරීමට ක්‍රියාකළ අතර ඊට එරෙහිව අභීත සිංහයෙකු ලෙස නැඟීසිටි මහින්ද ශ්‍රීමතාණන් ඇතුළු සිංහලයින් මහත් පරිශ්‍රමයක් දරා රට ජාතිය බේරාගත්හ. (නි)

:       0       0

දිනුෂ Tuesday, 29 September 2015 11:31 AM

බොහොම අගෙයි (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 02 October 2015 12:56 PM

අජිත් ඔබ හිතන සද්ක්‍රියාව මමත් අනුමත කරනවා. එාහත් එම රණවිරුවාත් එම තත්වයට මුහුණදීපු කෙනෙක්.එදා එම දින 10 ක් වයසැති දරුවා අද වැඩිහිටියෙක්.එදා එම දරුවා වෙනුවෙන් පෙරමුණගත් විජය පුවත්පත් සමාගමේ උතුම් සද්ක්‍රියාවට දායක වී ඇත්තේ එම කාර්ය මණ්ඩලය ඇතුළු අතළොස්සක් දෙනා පමණක් බව වැටහෙනවා ඇති නේද? එම සද්ක්‍රියාවට දහස්වරක් ස්තුතිවන්ත වෙනවා සේම තම දිවි සුරැකි ආදරණීය මෑණියන් හට පින් පිණිසත් තමන්ගේ දිවි ආරක්ෂා කළ ආදරණීය බාප්පා පුංචි වෙනුවෙන් කළහැකි යම් දෙයකට වඩා දෙයක් සිතීමට තරම් ඔහු තවමත් ආර්ථික අතින් ශක්තිමත් නැති රණවිරුවෙක්.එහෙත් රට දැය සමය වෙනුවෙන් කැපවුණ නිර්භීත රණවිරුවෙක්. නේද? ඔහුගේ අනාගතය වෙනුවෙන් දායක වූ සැමට මගේද භක්ති ප්‍රණාමය! (නි)

:       0       0

රුවන් Tuesday, 06 October 2015 02:40 AM

එදා එජාප පාක්ෂිකයින් ලෙස මහින්ද මහත්තයා විවේචනය කළ අපිට මහින්ද මහත්තයා ඇත්තටම රට බේරාගන්නට පහළ වූ උත්තමයෙක් බව තේරෙන්නේ දැනුයි. (නි)

:       0       0

අජිත් Tuesday, 29 September 2015 12:32 PM

නැහැ, ඔහුට කළයුතුව තිබුනේ එම මුදල යුද්ධය වෙනුවෙන් දිවිපිදු හෝ තුවාල වුණු අයට බෙදාදීමේ. කෙසේ නමුත් මම ඔබට සුබ පතමි.(හේ)

:       0       0

ධම්ම Tuesday, 29 September 2015 12:38 PM

මේ වගේ සිද්ධි මේ රටේ අනන්තවත් සිදු වෙන්න ඇති.(හේ)

:       0       0

චන්දි Friday, 02 October 2015 02:38 PM

ඔබට වාසනාවන්ත අනාගතයක් පතන්නමි. (ර)

:       0       0

සොපි Wednesday, 30 September 2015 05:29 AM

බිහිසුණු යුද්දයේ ජීවමාන සාක්ෂි ..(ම)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 29 September 2015 12:47 PM

ඔබට හොඳක්ම වේවා. ඔබට උදව් කළ හැමෝටම පින් (බ)

:       0       0

විපුල Thursday, 08 October 2015 04:22 AM

මහින්ද මහත්තය නොහිටින්න මේවගේ පුවත් තව තව අහන්න තිබුණා (ම)

:       0       0

විජයබාහු Wednesday, 07 October 2015 04:28 PM

මෙව්වා සම්බන්දව යුද අපරාද නැතුව ඇති නේද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3393 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site