IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලේලි ආවට පස්සේ මගේ පුතා වෙනස් වුණා

    13-Page-4-Rasa-2

 

 

 

බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලූනි කිරට
අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට

 


පරිසරය පුරා පැතිර ගත්තේ මළ ශෝකී පාළුවකි. අප වැඩිහිටි නිවහනට ගොඩවෙනවිට හැන්දෑව ගලා එමින් තිබුණි. 
‘‘අද සීයා කෙනෙක් මැරිලා මිස්’’ අප යන පෙරමගට පැමිණි පාලිකාව පැවසුවේ සඟවා ගත් දුකකින් කියලා අපට දැනුණා.


තමාගේ නොවුණ අම්මා, තාත්තා, වෙනුවෙන් දුකට පත්වෙන මේ පාලිකාවගේ හිතේ ඇති සෙනෙහසින් අංශුමාත‍්‍රයක්වත් මේ මව්පියවරුන්ගේ දරුවන්ගේ සිත්හි නැත්තේ ඇයි?
ඔවුන්ට තමාගේ අම්මා තාත්තා මතක් වෙන්නේ නැද්ද?


දහසක් සිතුවිලි ඇති වී නැතිවී යන නිමේෂයේ සිය දුක්බර කතාව ඔබට කියන්නට එක්වුනේ නොන්නෝ හාමි.


අත රැඳි ලේන්සුවෙන් නිරන්තරයෙන් මුහුණ පිස දමන නොන්නෝ හාමි සිහින් සිනාවකින් මුව සරසාගෙන සිටියා.

 

1


”කොහොමද අම්මා? අප විමසුවා
”වරදක් නෑ නෝනා, හොඳින් ඉන්නවා
ඇය පැවසුවාය.


ඉතින් අද අපි අහමු නොන්නෝහාමි ගේ කතාව. 


‘‘මම ඉපදුනේ මහබෙල්ලන. මගේ පවුලේ අක්කලා තුන්දෙනයි, අයියලා තුන්දෙනයි හිටියා. මම පවුලේ බාලයා. 


මගේ අම්මා නම් රක්ෂාවක් කළේ නෑ. තාත්තා විතරයි රස්සාවක් කළේ. අපේ අම්මා තාත්තා අපට හොඳට ඉගැන්නුවා. ඒ උගත්කම නිසාම අක්කලා අයියලා හොඳ රැුකියා කළා. මගේ එක අක්කා කෙනෙක් හිටිය. එයා ගුරුවරියක්. අයියා විදුහල්පතිවරයෙක්. අපේ ජීවිත ගෙවිලා ගියේ බොහොම නිස්කලංකව. 


හත් දෙනෙක්ගෙන් යුත් පවුලේ අයියලා, අක්කලා මඟුල් තුලා කළේ යාළුවෙලා නෙවෙයි, ජෝඩු කරලා.


අක්කලා අයියලාගේ මඟුල්තුලාවලින් පස්සේ මටත් මඟුලක් ජෝඩුකළා. එයා හඟුරන්කෙත පැත්තේ කෙනෙක්. 


ජෝඩුකරලා කසාද බැන්ද වුණත් අපේ මහත්තයා බොහොම ගුණයහපත් කෙනෙක්. මටත් බොහොම කරුණාවෙන් සැලකුවා.


කසාද බැන්දට පස්සේ අප වෙනම ගෙදරක ජීවත් වුණා. අපි අපේ මව්පියන්ට වෙනසක් කළේ නෑ. බොහොම හොඳින් සැලකුවා. එයාලා රැකබලා ගත්තා. කසාදයෙන් පස්සේ අපි දෙන්නගේ එකම බලාපොරොත්තුව වුණේ ඉක්මණින් දරු සම්පතක් ලබාගැනීම.

 

2

 


කාලය අවුරුද්දක් ගතවුණත් අපට දරු පැටියෙක් ලැබුණේ නෑ. දරු පැටියෙක් ලැබෙන්න පරක්කු වෙනකොට අපි හිටියේ බොහොම හිතේ අමාරුවෙන්. අපි පන්සල් පල්ලි ගානේ ගියා. බාරහාර වුණා. දොස්තරලා වෙදමහත්තුරු හොයාගෙන ගියා. දරුවෙක් උපදිනකන් අප දෙන්නා ආසාවෙන් බලන් හිටියා. කාලය අවුරුදු හතරකින් ගෙවිලා යනකොට අපට ලොකු සතුටක් අරගෙන මගේ කුසටත් දරුවෙක් ආවා. 


එදා අප දෙන්නා අපේ දරුවා වෙනුවෙන් මගබලපු විදිහ කියන්න වචන නෑ. 


පුංචි පුංචි ඇඳුම් පොඩි මහගෙන, තොටිලි හදාගෙන අපේ දරු පැටියා උපදිනකන් අපි ඇඟිලිගැන්නා. අවුරුදු හතරක් දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරපු කෙනෙකුට මිස කාටවත් අපේ සතුට අපේ දරුවා අපිට කොයිතරම් වටිනවද කියන එක තේරෙන්නේ නෑ.


අපේ මහත්තයා ආස කළේ පුතකුට. මට නම් එහෙම වෙනසක් තිබුණේ නෑ. මහත්තයගේ ආසාව ඉටුවුණ දවසක් උදාකරගෙන අපිට ඉපදුනේ පුතෙක්. ලස්සන පුතෙක්. පුතාට අපි සුදේව කියලා නම තිබ්බා. අපේ මහත්තයයි, මායි පුතාව රැුකබලා ගත්තේ මැණිකක් වගේ. කවන්න පොවන්න නිදිකරන්න මේ හැමදේටම අපි දෙන්නම එකතුවෙලා වැඩකළා. නිකන් හරි දරුවා අසනීප වුණොත් මා විතරක් නෙවෙයි අපේ මහත්තයත් නින්දක් නැතිව ? එළි කළා.
කාලය ගෙවිලා ගියේ සතුට විතරක් අපේ ජීවිතවල  තියලා. 


ඒත් පුතාට අවුරුදු තුනක් වෙනකොට අපේ සතුට හොරු අරගෙන ගියා වාගේ විපතක් වුණා. අපේ මහත්තයා හදිසියේ ඇතිවුණ පපුවේ අමාරුවක් නිසා ඇස් පියා ගත්තා. එදා තමයි මම තනිවෙන්න පටන් ගත්තේ. දන්නේ නෑ දරුවෙක් එක්ක සමාජයට යන්න. දරුවෙක් ජීවත් කරන්න මට හයියක් ලැබුණේ කොහොමද කියලා. 

 

3

 


කොහොම වුණත් මහත්තයා මැරුණ වේදනාව හිතේ තදකරගෙන මට ඉස්සරහට යන්න වුණා. අදටත් මට මගේ මහත්තය මතක් වෙනකොට බොහොම වේදනාවයි. එයා හිිටියා නම් අපට මෙහෙම වෙන්නේ නෑ.


මගේ කාලේ ගෙවිලා ගියේ පිස්සුවෙන් වගේ. 


නොන්නෝහාමිගේ මුව ගොළුවූ සෙයකි. කඩා වැටෙන්න පොරකන කඳුලක් කම්මුල දිගේ ගලා විත් ගවුම් කරේ ගිලී ගියේ නොන්නොහාමිගේ ඉකිබිඳුම වැඩිවන අතරය.


නොන්නොහාමිගේ මතක ආවර්ජනය හමුවේ කඩා වැටෙන කඳුලට ඉඩදී අපි බලා සිටියෙමු. 


මහත්තයා නැතිවුණාට පස්සේ මට ජීවත් වෙන්න මගක් තිබුණේ නෑ. 


මගේ අක්කලා අයියලා පුළුපුළුවන් විදිහට උදව් උපකාර කළා. ඒ අතරේ මා එක එක රස්සා කළා. කෑම පැකට් හැදුවා. ගාමන්ට් එහෙක තේ  හැදුවා, ඇඳුම් මැහුවා නොයෙකුත් වැඩකළා. කොහොම කොහොම හරි මගේ හිතේ හයියෙන් කටයුතු කරලා මා මගේ කොල්ලට ඉගැන්නුව.


පුතා නරක ළමයෙක් නොවේ, බොහොම ගුණ යහපත්. මගේ වචනෙට පිටින් කටයුතු කළේ නෑ. දරුවා ලොකු මහත්වෙනකොට මා විඳපු දහදුක් ඉවරවුණා. පුතා රස්සාවක් කරලා මාව රැකබලා ගත්තා. මම ඉතුරු කොරපු සල්ලිවලින් ඉඩං කෑල්ලක් මම අරන්දාල තිබුණා. පුතා ඒකේ පුංචිවට ගේ කෑල්ලක්  හැදුවා. 


පුතාට හිටියේ මම විතරයි. මට හිටියෙත් පුතා විතරයි. අප දෙන්නා අතරේ තිබුණේ ලොකු ආදරයක්, කැක්කුමක්. පුතා මාව බලා ගත්තේ ඇස්දෙක වගෙ. මා පුතාව බලා ගත්තේ මගේ ජීවිතේ වගේ. 


එහෙම ඉන්න අතරේ අපේ පුතා අහළ පහළ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.  ඒ ගෑනු ළමයාගේ නම ප‍්‍රශන්තිකා. අපේ පුතා සුදේවට ඒ දුව බොහෝම ආදරේ කරන නිසා එයාලව දෙපැත්තට කරන්න මට හිත දුන්නේ නෑ. මහා ලොකුවට වත්පෙහොසත්කම් නැතත් ඒ දරුවා ගුණ යහපත් ගෑනු ළමයෙක් කියලා එදා මට හිතුණා. ඒ නිසාම පුතා ඒ දුවව කසාඳ බදින්න ගත්තු තීරණේට මා විරුද්ධ වුණේ නෑ. 


මහා ලොකුවට නැතත් චාමෙට මංගල්ලෙකුත් අරගෙන අපේ පුතා කසාද බැන්දා. එදා ඒ දුව මාවයි පුතාවයි මේ විදිහට දෙපැත්තකට කරාවි කියලා මා හීනෙකින්වත් හිතුවේ නෑ.

 

4

 


නොන්නොහාමි කතා කරනවාට වඩා කරනුයේ හඬා වැටීමය. ලෝකයට මහලොකු මිනිසෙකු වූ සුදේව ඇයට තවමත් ළදරුවෙකි. ඒ අම්මාගේ සිතුවිලිවල සිය දරු පැටියා වෙනුවෙන් උපන් සිතුවිලි මෙතෙකැයි කියා නිමකළ නොහැකි තරම්ය. 


පුතා කසාද බැන්දට පස්සේ අපට වගේ අවුරුදු හතරක් පෙරුම් පුරන්න වුවමනා වුණේ නෑ. ලේලිට මුලින්ම ලැබුණේ පුතෙක්. දුවෙක් දෙවැනි වතාවට බලාපොරොත්තු වුණත් තුන්වැනියා, හතරවැනියා, පස්වැනියා වුණෙත් පුතාලම තමයි. 


මගේ පුතා මහා ලොකු සල්ලිකාරයෙක් නොවේ. නමුත් අගහිඟකමක් තිබුණේ නෑ. කොල්ලොම පස්දෙනෙක් කියන්නේ පවුලකට බරක් නෙවේනේ නෝනා. දවසක මුළු පවුලටම හයියක්. මගේ පුතා වාසනාවන්තයි. ඒකයි පිරිමි දරුවෝ පස්දෙනෙක් ලැබුණේ. මට හිතුණේ එහෙමයි. 


දවසක් මහ රාත්තිරියේ අපේ පුතාට අසනීප වුණා. එදා මගේ පුතාට හැදුනේ පපුවේ අමාරුවක්. මට හිතුණේ මගේ පුතා නැතිව මා තනිවුණා කියලා. ඒත් මා ඒ තරම් අවාසනාවන්ත වුණේ නෑ. ඒත් මගේ පුතාට ලොකු ඔපරේෂන් එකක් කරන්න දොස්තර මහත්තුරු නියම කළා. 


ඒක කළේ කොළඹ ජාතික රෝහලේ. ඔපරේෂන් කරනකොට මා හිිටියේ ලොකු ගින්දරක. මට මගේ පුතා නැතිව එක දවසක්වත් ගෙවා ගන්න බෑ නෝනා.


අප දෙන්නා අතරේ තිබුණේ ලොකු බැඳීමක්. කොහොම කොහොම හරි පුතාගේ ඔපරේෂන් එක කළා. පුතාට කරදරයක් නොවී ජීවිතේ බේරුණා. පුතා ඔපරේෂන් කරලා ගෙදර එක්ක ආවට පස්සේ දවසින් දවස ලේලි වෙනස් වුණා. අදටත් එහෙම වුණේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.පුතා කසාද බැඳපු අලූත අපි අතරේ පුංචි පුංචි හිත් අමනාපකම් තිබුණා තමයි. නමුත් ඔපරේෂන් එකෙන් පස්සේ ලේලි නිතර නිතර මා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා.
මගේ පුතාට සාත්තු සප්පායම් කරනවාට වත් ඒ දුව කැමති වුණේ නෑ. මම අම්මා කෙනෙක් නෝනා. තමන්ගේ දරුවා අසනීප වුණාම අම්මා කෙනකුට දැනෙන ගින්දර දන්නේ අම්මා කෙනෙක් විතරයි.


ලේලි කොයිතරම් රණ්ඩු ඇල්ලූවත් මම මගේ කොලූ පැටියා බලා ගත්තා. එයාව තනි කළේ නෑ. මාස දෙක තුනක් යනකොට මගේ දරුවට හොඳටම හොඳ වුණා.  ඒ වගේම ලේලිගේ කෙනෙහිලිකම් හොඳටම වැඩිවුණා. මං දවසක් ඒ දුවට අඬලා කිව්වා දුවේ, මට ඉන්නේ මගේ පුතා විතරයි ඔයාලව රැුකබලා ගත්ත මගේ පුතාව ඔය තැනට ගේන්න මම බොහොම දුක් වින්දා එයාගේ තාත්තත් නැතිව. එයාව මා අවුරුදු තුනේ ඉඳලා රැුකබලා ගත්තේ ඇස්දෙක වාගේ කියලා කිව්වා.


ඒවා අහල උණුවෙන හිතක් ලේලිට තිබුණේ නෑ. සමහර දවසට මම නිදාගත්තේ පාන් කෑල්ලක් කාලා. ලේ්ලි ගෙදර කෑම හදලා මට නොපෙනෙන්න භාජනවලට දාලා හැංගුවා. එහෙම කළේ මාව බඩගින්නේ තියන්න. කන්න ලැබුණ දවස්වලට වඩා බඩගින්නේ  ඉඳපු දවස් ගාන වැඩියි.


හුඟක් වෙලාවට මගේ බඩගින්න නිවා ගත්තේ කහට කෝප්පයකින්. එහෙම නැත්නම් පාන් කෑල්ලකින්. බඩගින්න ඉවසන්න බැරි දවසට මම හැතැප්ම ගානක් එහායින් ඉන්න මගේ අක්කව හොයාගෙන ඇවිදගෙන ගියා.


එහෙම ගිය දවසට සමහරදාට අක්කලත් කාලා ඉවරයි. ඒත් මගේ අක්කා මට පාන් හරි ගෙනත් දුන්නා.


ලේලි හුඟ වෙලාවට රඟපෑවා ගෙදර උයලා ඉව්වේ නෑ වගේ. මුල් කාලෙදි එයාගේ කතා මා විශ්වාස කළා. නමුත් දවසක් මම දැක්කා උයලා නෑ කියපු දවසක කුස්සියේ දුම යට වළං අස්සේ ව්‍යංජන තසිම් හංගලා තියෙනවා. 


දෙවියනේ කෙනකුගේ බඩගින්න ඉස්සරහා ගෑනියකුට මෙහෙම කරන්න පුළුවන්ද? දිගින් දිගටම මේ විදිහෙ වෙනස්කම් වුණත් මම හැමදේම පුතාට නොකියා ඉවසන් හිටියා. මොකද මම පුතාට කේලම් කිව්වා නම් එයාගේ පවුල් ජීවිතේ උනත් විනාස වෙන්න ඉඩ තිබුණා. මගේ වයස දැන් ඉවරයි නෝනා. මට හිතුණේ මගේ දරුවාගේ  දරුවන්ට ගින්දර දෙන්නේ මොකටද කියලා. මම මගේ පුතාට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. කාමරේට වෙලා වරු ගානක් අඬන මං පුතා ඉස්සරහා හිනාවෙලා ජීවත් වුණා. 


දවසක් මම හොඳටම අසනීප වුණා. සාමාන්‍යයෙන් මට මහන්සිය ඇදුම හැදෙනවා. මා බෙහෙත් ගන්න ගියා. ගිහිල්ලා එනකොට පුතා ගෙදර හිටියේ නෑ. කාමරේ තිබුණ මගේ ඇඳ ගලවලා දාලා තිබුණා. එතැන මේසේ හයිකරලා තිබුණා. රෙදි ටික බෑග්වලට දාලා එළියෙන් තියලා තිබුණා. එදා මම ඇහුවා ‘‘ඇයි ළමයෝ මෙහෙම කළේ කියලා’’ 


එතකොට කිව්වා ‘‘කතා  ඕන නෑ උඹ එළියට ගියේ නැත්නම් මම එළියට බහිනවා’’ කිව්වා. ඒ වෙලාවේ මං කිව්වා ‘‘පුතේ මගේ කොලූ පැටියාගෙන් ඈත් කරන්න එපා මාව. ඔයා දන්නවා නේද අපි දෙන්නා හිටපු හැටි. ඔයාගේ දරුවන්ගෙන් වෙන් වෙන්න බෑ නේද ඒ වගේ මං මගේ දරුවට ආදරෙයි’’ කිව්වා.
මට යන්න බෑ කියලා මම කිව්වා. එතකොට කුණුහරුප කියන්න පටන් ගත්තා. මම මගේ මහත්තයා නැති වුණාට පස්සේ තව කසාදයක් ගැන හිතුවේ නෑ. මට හිතුණේ මගේ දෙවැනි කසාදයක් කරගත්තොත් මගේ දරුවට වෙනසක් වෙයි කියලයි.මා කළ කිසිම කැපකිරීමක් වැඩක් වුණේ නෑ. පුතා හිටපු නැති ගෙදර මට කියන්න කෙනෙක් හිටියේ නෑ. ලේලි එළියට දාලා තිබුණ රෙදි පොට්ටනිත් අරගෙන මා එළියට බැස්සා. මගේ අම්මා තාත්තා දැන් ජීවතුන් අතර නෑ. සහෝදරියෝ සහෝදරයෝ මැරිලා. ඉන්නේ එකම අක්කයි. මං එයා ළඟට ගියා. ගිහින් මට වෙච්ච දේ කිව්වා. මගේ අක්කා දැන් වයසයි.  එයාටත් මාව බලා ගන්න බෑ. ඒ නිසා මම මේ වැඩිහිටි නිවහනට ආවා.


මෙතැන ඉන්න හැමෝම එක වගේම හොඳයි. බොහොම කරුණාවයි. අඩුපාඩුවක් නෑ. වෙලාවට බෙහෙත් ටික, වෙලාවට කෑම ටික අඩුනැතුව දැන් මට ලැබෙනවා. පුතා ලේලියි මායි අතර වුණ කිසිම දෙයක් දන්නේ නෑ. ඇයගේ දෑසට කඳුළු උනන්නේ එක සීරුවටය. පහදා කිව නොහැකි සිතුවිලි සිතට වද දුන්නා පමණයි. 


m



අදහස් (0)

ලේලි ආවට පස්සේ මගේ පුතා වෙනස් වුණා

සරත් Saturday, 20 December 2014 10:20 AM

පුතා හොදනම් හොයලා බලන්න ඕනේ අම්මා ගැන. එයත් ලේලී කරපු දේට කැමති ඇති. නැත්නම් කොහොමද වැඩිහිටි නිවසේ ඉන්නේ. හිතහදගන්න අම්මේ .මේ සංසාරේ හැටි ඔහොම තමයි.(හේ)

:       0       0

ෂෙරිෆ් Sunday, 21 December 2014 07:38 PM

ගැහැණු ඕනෑ තරම් ලෝකේ හරිම කරදරේ. එක අම්මයි ඇත්තේ අපිට ඇයයි ආදරේ (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 19 December 2014 04:13 PM

නැන්දම්මා ලේලි හබ ඓතිහාසික පුවතකි.එහෙත් ලේලිය තමන්ටත් සෙනෙහෙවන්ත මවක් සිටි හෝ සිටින බව අමතක නොකළ යුතුය. තම එකම පුතා ගැන වූ දරු සෙනෙහස නිසා ඇය වැළපෙන බව පෙනේ (නි)

:       0       0

හාමිඩ් හසන් Friday, 19 December 2014 06:04 PM

හිතක් පපුවක් නැති ගැහැණියක්.පව් අම්මා (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Monday, 22 December 2014 06:41 PM

පද්මි කාවද තල්ලු කරන්න හදන්නේ? නැන්දම්මාද?අම්මාද? (නි)

:       0       0

පද්මි Friday, 19 December 2014 11:22 PM

මෙහි සඳහන් වැඩිහිටි නිවාසය ඇත්තේ කොහේදැයි දැන ගැනීමට කැමැත්තෙමි. (නි)

:       0       0

ලසිත් Saturday, 20 December 2014 12:07 AM

පුතා දන්නේ නැති වෙන්න විදිහක් නැහැ නේද? අම්මාව ගෙදරින් එළියට දාලා තියෙනකොට හොයන්නේ බලන්නේ නැද්ද? (නි)

:       0       0

රසිකා Friday, 19 December 2014 12:11 PM

අම්මා කෙනෙක්ගේ වටිනාකම ඇයටත් කවදා හරි තේරෙයි (නදී)

:       0       0

ශාෆි Saturday, 27 December 2014 08:29 AM

අප තථාගතයන් වහන්සේට පසුව ගෙදර බුදුන් අම්මා තමයි ඉහළින්ම ඉන්නේ. එවන් අම්මා කෙනුකුට දුන්න මේ වේදනාව ඒ ලේලි තව ආත්ම ගානක් විදව විදවා ගෙනයාවි. ඒ හින්ද දැන් අසරණ වී ඉන්න අම්මට කවදාක හෝ බුදුන් දැක නිවන් දකින්න ලැබේවි යැයි ප්‍රර්ථනා කරමු. අම්මේ ඔබට දීර්ඝායුෂ (නදී)

:       0       0

කණිෂ්කා Monday, 22 December 2014 04:07 AM

සමහර තරුණ තරුණියන්ට රැවටිලා..අසරණ මෑණියන්ට වෙනස්කම් කළා..ගෑනු ඕන තරම් ලෝකේ හරිම කරදරේ..එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ...හරියටම ගැලපෙන සින්දුව...(බ)

:       0       0

යස්මින් Tuesday, 23 December 2014 03:48 AM

සල්ලි නැතුවම ඔහොම තමා. දෙමාපියන් කරන මෝඩ වැඩ. තිබෙන හැම සම්පතක්ම දරුවන්ට ලියන එක. ඊට පස්සේ යන එන මගක් නැති වෙනවා (නදී)

:       0       0

මොහොමඩ් ඛාන්. (අ) Saturday, 20 December 2014 07:12 AM

ඒ ලේලිට ඉන්න පුතාල බැන්ඳ දවසට තේරේවි. මේ අම්මට දීපු ගින්දර පත්තු වෙයි. (අ)

:       0       0

සමන් Tuesday, 23 December 2014 03:13 PM

අද කාලේ අම්මල තාත්තලා නැති කාලෙට ගන්න සල්ලි දේපල ඉතුරු කරලා තියා ගන්න අවශ්‍යයි,දරුවෝ සලකන්නත් පුළුවන් නැති වන්නත් පුළුවන්,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4687 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 615 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1199 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 254 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site