IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුලිබල මණ්ඩලයේ අවුරුදු තෑග්ග

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි බිල වැඩි කර ඇත. සිංහල අලූත් අවුරුද්දට ජනතාවට ලබාදුන් අවුරුදු තෑග්ගක් ලෙසින් පසුගිය 12 වැනිදා සිට නව විදුලිබල ගාස්තුව ක‍්‍රියාත්මක කෙරේ.

නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 30 දක්වා රුපියල් 5.00 බැගින්ද, ඒකක 60 දක්වා රුපියල් 6.00 බැගින්ද, ඒකක 90 දක්වා රුපියල් 8.50 බැගින්ද, ඒකක 120 දක්වා රුපියල් 15.00 බැගින්ද වශයෙන් විදුලි බිල වැඩිවේ.

මෙවර විශේෂත්වයක් වී ඇත්තේ ඒකක ප‍්‍රමාණයටම බිල සැකසීමයි. මෙතෙක් ක‍්‍රියාත්මක වූයේ මුල් ඒකක 30ට රුපියල් 3.00 බැගින්, ඊළඟ ඒකක 60 දක්වා රුපියල් 4.70 බැගින් වශයෙන් ඒකක සඳහා නියම කළ මිල හරාත්මක බිල සැකසීමයි. නව ක‍්‍රමයට අනුව සෑම පාරිභෝගිකයකුටම තරා තිරම නොබලා බිල වැඩිවෙයි. මේ මිල වැඩිවීම ජනතාවගේ ඇඟට දැනෙන වැඩිවීමක් වී ඇත. ඉතාම අඩු ප‍්‍රමාණයක් විදුලි ඒකක පාවිච්චි කරන පවුලකට වුවත් අවම වශයෙන් රුපියල් 150 කින් විදුලි බිල වැඩිවෙයි.තවත් ප‍්‍රධාන හේතුවක් වන්නේ විදුලි බිල වැඩිවන තරමට පුද්ගල ආදායම ඉහල නොයාමයි. දවසේ කුලියෙන් ජීවත්වන පුද්ගලයකුට වෙනත් ආදායමක්ද නොමැත. අනෙකුත් අත්‍යාවශ්‍ය වියදම් පිරිමසා ගතයුතුව ඇත. ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරන ආකාරයට 2009/2010 වර්ෂවල විදුලි පවුල් ප‍්‍රතිශතය සියයට 8.9 කි. විදුලි බිල වැඩි නොකරන ලෙස රටේ ජනගහනයෙන් අති බහුතරයක් කරන ඉල්ලීම් කෙරෙහි අවදානයක් නොදැක්වූ මණ්ඩලය කිසිදු හිරිකිතයකින් තොරව මෙවර විදුලි බිල වැඩි කිරීමට තීරණය කර ඇත.

මෙම මිල වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂමේ අනුමැතිය ලැබී ඇත. වසරේ විදුලි බල සැපයුම සඳහා රුපියල් බිලියන 268 ක් වැය වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබියදී එම මුදලින් බිලියන 33 ක් අඩු කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබිණි.

විදුලි ගාස්තු වැඩි කිරීමට මණ්ඩලය කරන ලද යෝජනාවට කොමිසම මගින් පොදු ජනතාවගේ අදහස් විමසා බැලීමක්ද කරනු ලැබිණි. ඒ අනුව ලිඛිත කරුනු 260 ක්ද, වාචික කරුනු 77 ක්ද ඉදිරිපත් කර තිබිණි.

මේ ඉදිරිපත් වූ ජනතා අදහස්වලින් සියයට 99 ක්ම මණ්ඩලයේ පිරිවැය හා වියදම් විනිවිදභාවයකින් තොරව ඉදිරිපත් කර තිබීම පිළිබඳව කරුනු දක්වා තිබූ අතර තවත් වැඩි දෙනා විදුලි බිල වැඩි කිරීම ගැන විරෝධය දක්වා තිබූ බව වාර්තාවේ.

රටේ ජනතාවගේ හා සංවිධානවල අදහස් යෝජනා සලකා බැලීමට කාලය හා මුදල් නාස්ති කළ මහජන උපයෝගිතා කොමිසම අවසානයේ කිසිදු යෝජනාවක් - අදහසක් නොසලකා මණ්ඩලය මුලින් කළ ඉල්ලීමට අනුමැතිය ලබාදී ඇත. දැන් කොමිසමෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. එනම් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවටම අනුමැතිය ලබාදීමට නම් ජනතා අදහස් හා යෝජනා විමසුවේ කුමක් සඳහාද යන්නයි.

විදුලිබල මණ්ඩලය විනාශ කරන මුදලට අමතරව මෙම කොමිසමද නිකරුනේ මුදල් හා කාලය වැය නොකර මණ්ඩලයේ යෝජනාව මුලදීම අනුමත කිරීමට අවස්ථාව තිබිණි.

එම අනුමත කිරීම සාධාරණය කිරීමට කොමිසමට පිළිතුරු නැත. කෙසේ වෙතත් කොමිසම හමුවේ ජනතාව දැක්වූ අදහස් කීපයක් මෙහි සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමු. ජනතාව ඉදිරිපත් කළ විරෝධය කොමිසම නොසලකා හැරියත්, ජනතා විරෝධය නම් හෙටටත් මෙලෙස පවතිනු ඇත.

 


මිල වැඩිකළ සාධක යළි සලකා බලන්න


ආචාර්ය තිලක් සියඹලාපිටිය බලශක්ති විශේෂඥ:-

විදුලි බිල වැඩි කිරීම සඳහා විදුලි බල මණ්ඩලය පාදක කර ගත යුතු සාධක කීපයක් පවතී. එනම් ජාතික බලශක්ති ප‍්‍රතිපත්තිය හා විදුලි බල පනත අයක‍්‍රම පිළිබඳ ක‍්‍රියාපටිපාටිය සහ මීට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් ඉදිරිපත් කරන ලද පැහැදිලි කිරීම වෙයි. විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු මේ සියල්ලටම පටහැනියි. විධිමත්බවකින් තොරයි. ඒ නිසා විදුලි බිල වැඩි කිරීමේ තීරණය පිළිබඳව නැවත සලකා බලන්නැයි මා යෝජනා කරනවා. නැවත  ඒ ගැන විමර්ශනයක් කළ යුතු වෙනවා.

 

 

මණ්ඩලයේ පිරිවැය පිළිබඳ විගණනයක් කරන්න

මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල - ශ්‍රී ලංකා සහතිකලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති:-

විදුලිය සඳහා වැය වන මුදල ප‍්‍රධානම සාධකයක්. අසල්වැසි රටවල් මේ සඳහා අනුගමනය කරන වැඩ පිළිවෙළ යහපත් ආදර්ශයක්. පාඩු ලබන යන්ත‍්‍ර සූත‍්‍ර තවදුරටත් අනවශ්‍ය පිරිවැයක් මණ්ඩලයට හිමිකර දෙනවා. එබැවින් විදුලි බල මණ්ඩලයේ පිරිවැය පිළිබඳව විගණනය විධිමත් විය යුතු වෙනවා. මේ වනවිටත් මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රය හා සේවා අංශ දුර්වල වෙමින් පවතින ස්වභාවයක තත්ත්වයට පත්වී තිබෙනවා.

විදුලිය සඳහා වැය වන වියදම බරපතළ ලෙස ඉහළ ගොස් තිබෙනවා. පාඩුව වැඩිවෙනවා. අත්‍යාවශ්‍ය නොවන වියදම් ප‍්‍රමාණය ඉහළ යමින් පවතිනවා. පාඩුව වැඩියි. අපි එන්න එන්නම දුර්වල වෙමින් සිටිනවා. එබැවින් අප වහාම සාධාරණ හා විධිමත් වැඩපිළිවෙළකට යායුතු වෙනවා. විදුලි බිල වැඩිකර ජනතාව අසීරුවට පත් කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව විමර්ශනයක් කළ යුතු වෙනවා.

 


සුනිල් විජේසිංහ
ඒකාබද්ධ වාණිජ මණ්ඩල නියෝජිත:-

බලශක්තිය රටේ සංවර්ධනය සමග උරෙන් උර ගැටෙන සාධකයක්. ක‍්‍රමානුකූලව රටේ නිෂ්පාදන ක‍්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතින නමුත් ඊට සරිලන බලශක්තිය ඉහළයාමක් හෝ සංවර්ධනයක් හෝ සිදුවී නැහැ. විදුලි බිල ඉහළයාම රටේ සංවර්ධනයට එක එල්ලේම බලපෑම් කරනවා. සංවර්ධනය ඉදිරියට යායුතු නම් බලශක්ති නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීම අවශ්‍යයි.

 


අනුන්ගේ පව් අපේ කරපිටින් යන හැටි

(විජය උඳුපිටිය මහතා ජනතා නියෝජිතයෙක්)

විදුලි බල මණ්ඩලය රක්ෂණ වාරික ගෙවනු ලබන බව මහ බැංකු වාර්තා සඳහන් කර තිබෙනවා. මේ රක්ෂණ වාරික ගෙවීමෙන් විදුලිබල මණ්ඩලයට ප‍්‍රතිලාභයක් හිමිවන්නේ නැහැ. තාප විදුලි බලාගාරවල නඩත්තුවට හා උපකාරක අලූත්වැඩියා පිරිවැය වෙනුවෙන් සියයට 70 ක පමණ මුදලක් ආයෝජනය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයට එයින් තඹ සතයක මුදලක්වත් ලැබිල නැහැ. තවත් කරුණක් නම් පෞද්ගලික තාප බලාගාරවලට ලබා ඇති ණය මුදල් සඳහා මණ්ඩලය පොලී ගෙවන බව මහ බැංකු වාර්තාව සඳහන් කර තිබෙනවා. මීට අමතරව තාප විදුලිබලාගාර සඳහා මණ්ඩලය යොදවා ඇති කාරක ප‍්‍රාග්ධනය ආපසු ගෙවන්නෙත් නැහැ.

තවත් කරුණක් නම් පෞද්ගලික හා තාප විදුලි බලාගාර සඳහා ප‍්‍රවාහන වියදම වෙළඳ පොළේ මිලට වඩා තුන් ගුණයක්. ඒ මුදල මණ්ඩලය ගෙවන බව මහ බැංකු වාර්තාව සඳහන් කර තිබෙනවා. විදුලි බල මණ්ඩලය මේ ආකාරයට අති විශාල මුදලක් නාස්තිකාර ලෙස වැය කරනවා. පාඩුව වැඩිවන්නේ මේ නාස්තිකාර වියදම් නිසයි. එබැවින් මේ අනවශ්‍ය වියදම් පිළිබඳව හොඳින් සොයා බැලීම අවශ්‍යයි. මණ්ඩලය ලබන අතිවිශාල පාඩුව විදුලි පාරිභෝගිකයා මත පැටවීම නොකළ යුත්තක්.

 

නොරොච්චෝල


පෞද්ගලික බලාගාර සමග ඇති ගිවිසුම් අහෝසි කරන්න

ප‍්‍රසන්න ලියනගේ -කෘෂිකාර්මික හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමයේ නියෝජිත

පෞද්ගලික විදුලිබලාගාර වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අතිවිශාල මුදලක් නාස්ති කරනවා. මේ පෞද්ගලික බලගාරවලින් විදුලිය මිලදී නොගන්නා කාලවලටත් මණ්ඩලය මගින් ඔවුන්ට ගාස්තු ගෙවීම් කරනවා. මීට අමතරව රක්ෂණ ගාස්තුද මණ්ඩලය මගින්ම ගෙවනවා. පෞද්ගලික විදුලිබලාගාර හා විදුලි බල මණ්ඩලය අතර පවත්නා ගිවිසුම්වල අඩංගු බොහොමයක් කොන්දේසි මණ්ඩලයට අවාසිදායක ලෙස සැකසී තිබෙනවා. එබැවින් පෞද්ගලික විදුලිබලාගාර හා මණ්ඩලය අතර පවත්නා සියලූ ගිවිසුම් අහෝසි කළ යුතුයි. පරණ ගිවිසුම් අහෝසි කර මණ්ඩලයට අවාසියක් අසාධාරණයක් නොවන ලෙස අලූත් ගිවිසුම් ඇති කර ගත යුතු වෙනවා.

අවශ්‍යතාව මත සාධාරණ මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම කළයුතුයි. මණ්ඩලයේ පාඩුව අවම කර ගැනීමෙන් අනවශ්‍ය ලෙස පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

 


අලිරිංගන සිදුරු තියෙද්දී කූඹි රිංගන සිදුරු වහනවා

(එම්.ඒ.පී. මනෝරත්න)

අලින්ට රිංගායාමට හැකි සිදුරු තිබියදී, කූඹින් රිංගායන කුඩා සිදුරු වසා දැමීමේ උත්සාහයක ලංකා විදුලි බල මණ්ඩලය යෙදී සිටිනවා. පොදුවේ සියලූම නාස්ති, දුෂණ වළක්වා මණ්ඩලයේ කාර්යක්ෂමතා වැඩි කිරීම අත්‍යාවශ්‍යයි. නාස්තිය, දුෂණය වළක්වා ගතහොත් විදුලිය පාරිභෝගිකයාට අනවශ්‍ය ලෙස විදුලිබිල වැඩිකර බරක් පැටවීමට සිදු වන්නේ නැහැ. මණ්ඩලයේ නාස්තිය පියවා ගැනීමට ඔවුන්ට ඇති පහසුම දේ පාරිභෝගිකයාට එම බර පැටවීමයි. පාරිභෝගිකයාට විදුලි බිල අනවශ්‍ය බරක්. ඒ නිසා කළයුත්තේ නාස්තිය, දුෂණය වළක්වා පාරිභෝගිකයාට බර පැටවීමෙන් නිදහස් කරවීමයි.

 

 


බිල වැඩි නොකර ලාභ ගන්න පුලූවන්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා  (එක්සත් ජාතික පක්ෂය)

මේ රජය හැමදාම හැමවිටම කළේ ජනතාව මත අනවශ්‍ය ලෙස බර පැටවීමයි. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කරනවා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වුණත් අපේ රටේ තෙල් මිල ඉහළ දානවා. විදුලියත් එහෙමයි. විදුලිබල මණ්ඩලයේ නාස්තිය දුෂණය වැඩියි. ඒවා වළක්වා ගෙන මණ්ඩලය ලාභදායි තත්ත්වයට පත් කර ගත්තා නම්, පාරිභෝගිකයාට යළි විදුලි බිල වැඩි කළයුතු නැහැ. නමුත් මේ රජය ප‍්‍රධාන ආයතන පාඩු ලැබීමට හේතුවන්්නාවූ කරුණු කාරණා ගැන කිසිදු සොයා බැලීමක් කරන්නෙ නැහැ. ඒවාට වගකිව යුත්තන් පිළිබඳව සොයා බලන්නෙ නැහැ.

මේ ප‍්‍රධාන ආයතනවල දුෂණ වංචා බහුලයි. නිලධාරීන්ට  ඕනෑතරම් ගසා කන්න ඉඩදීලා රජය බලා ඉන්නවා. රජයට ඒවා හොයන්න අවශ්‍යතාවක් නැහැ. එයට හේතුව මේවායේ ඉහළ තනතුරුවල සිටින වැඩි දෙනා රජයට පක්ෂපාතී උදවිය. ඒ නිසා ඔවුන්ට එරෙහිව පියවරක් ගන්නෙ නැහැ. අනිත් කරුණ රජය වංචනිකව හරි හම්බ කිරීමට ඉඩදීලා බලා ඉන්නවා. එහෙම නොවේ නම් රාජ්‍ය ආයතනවල පෙනි පෙනී සිදුවන වංචනික ක‍්‍රියා නතර කිරීමට පුළුවන් විය යුතුයි.

මණ්ඩලයේ පව්වලට පාරිභෝගිකයන් වගකිවයුතු නැහැ. විදුලි බිල වැඩි නොකර මණ්ඩලයට ලාභ ගන්න පුළුවන්.

 

 

පෞද්ගලික බලාගාර විනිවිදව බලන්න

අශෝක අබේගුණවර්ධන. බලශක්ති සංසදයේ නියෝජිත

මණ්ඩලයට විදුලිය ලබා දෙන බලපත‍්‍රලාභී ආයතනවල වාර්තා පිළිබඳව කොමිසමේ අවධානය යොමුවිය යුතුයි. ඒ ඉලක්කම් කොයිතරම් විනිවිදභාවයෙන් යුක්තද යන්නත් සොයා බැලිය යුතුයි.

මීට අමතරව විදුලිය ඉල්ලීම වැඩිවන විට හා පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගතයුතු අවස්ථාවලදී විදුලිය ලබාගන්නේ කුමන පෞද්ගලික විදුලි බලාගාරයෙන්ද යන්න තීරණය කිරීම සඳහා විනිවිද පෙනෙන ක‍්‍රමයක් අනුගමනය කළයුතු වෙනවා.

ඒ සඳහා විධිමත් විමර්ශනයක් කළයුතු වෙයි.

මීට අමතරව පෞද්ගලික විදුලි බලාගාර හා ලංකා විදුලි බල මණ්ඩලය අතර පවත්නා ගිවිසුම් යළි විමර්ශනය කළයුතුයි. මේ ගිවිසුම් වලින් අසාධාරණයක් වෙනවානම් ඒවා වහා නිවැරදි කිරීම අවශ්‍යයි.

දිගුකාලීන විදුලි ජනක හා සම්පේ‍්‍රෂණ සැලසුම් වඩාත් නිවැරදිව ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමිසම පූර්ව විමර්ශනයක් කළ යුතුයි. ඒ විමර්ශනයට අමතරව පොදු ජනතාවගේ අදහස් විමසා බැලීමක්ද කළයුතු වෙනවා.

 


අනුබද්ධ ආයතන වෙනම බලන්න

ලක්ෂ්මන් සිරිවර්ධන - පාත්පයින්ඩර් පදනම

විදුලියට සම්බන්ධ සියලූ ආයතන ලබන මෙම පාඩුව හෝ ලාභය වෙන වෙනම ප‍්‍රතිෂ්ඨාපනය කළයුතු වෙනවා. සියල්ල එකට ගැට ගසා ඉදිරිපත් කරනවාට වඩා එය වඩාත් ඵලදායක වේවි. එකිනෙකාට වෙනත් බෙදා හැරීම්, නිපදවීම් එකට තියනවාට වඩා වෙන වෙනම පිරිවැය හා ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යන්න පුළුවන් නම් මීට වැඩිය පාරදෘශ්‍යබව වැඩිවෙනවා.


 

කීනියාවල පාලිත හිමි. නාලන්දාරාමය, නුගේගොඩ

දුෂිතයන් රැකීම මණ්ඩලයේ ප‍්‍රතිපත්තිය නොවිය යුතුයි. මේ දුෂිතයන් රටට ඉදිරිපත් කිරීමට විධිමත් ලෙස පරීක්ෂණයක් කළයුතු වෙනවා. ¥ෂිතයන් ආරක්ෂා කිරීමෙන් සිදුවන්නේ මණ්ඩලයේ පිරිහීමයි. මේ ප‍්‍රතිපත්තියෙන් ඉවත්විය යුතුයි.

 


සහනාධාර ක‍්‍රමයක්  ඕනෑ

මහාචාර්ය රොහාන් සමරජීව - ලර්න් ඒෂියා විධායක අධ්‍යක්ෂ

අඩු ආදායම්ලාභීන්ට සහන මිලට විදුලිය ලබාදීම සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්ති මත සහනාධාර ක‍්‍රමයක් ඉදිරිපත් කළ යුතුයි.

 


මාලක වික‍්‍රමසිංහ - පොදු සේවක සංගමය

දුගී හා සාමාන්‍ය පවුල්වලට විදුලි බිල දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. රුපියල් 22,000 ක මාසික වැටුපක් ලබන රජයේ සේවකයකුට වූවත් විදුලි බිල වැඩිවීම දාරගත නොහැකියි. ඒකක 3000 ක පමණ ප‍්‍රමාණයක් වැය කරන පොහොසත් අයට විදුලිබිල රුපියල් 11,000.00 ක් පවණ අඩු වෙනවා. එහෙම් නම් බලශක්තිය සංරක්ෂණය වන්නේ කෙසේද?

 

කළ්‍යානන්ද තිරාණගම මානව අයිතිවාසිකම් සංවර්ධනය සඳහා වූ නීතී පැනවීමේ විධායක අධ්‍යක්ෂ

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත් කරන ලද නඩුවේ තීන්දුවට මුළුමනින්ම එරෙහි වෙමින් මෙම විදුලි ගාස්තු වැඩි කිරීම කරනවා. පහළ දරිද්‍රතාවෙන් යුතු ජනතාවට සාධාරණ ගාස්තු ක‍්‍රමයක් අවශ්‍යයි.

 

දයාසීලි ලියනගේ

 



අදහස් (0)

විදුලිබල මණ්ඩලයේ අවුරුදු තෑග්ග

අචිනි Wednesday, 24 April 2013 04:28 PM

නියමයි ජයවේවා! තව තවත් ලයිට් දාලා රෑට කාර් රේස් තියමු ...ජයවේවා!(නදී)

:       0       0

දිල් Friday, 26 April 2013 06:11 AM

සියයට දාහකින් බිල වැඩි කළත් මණ්ඩලේ නම් ලාභ ලබන්නේ නැහැ (නි)

:       0       0

උපේක්ෂා Thursday, 25 April 2013 12:53 PM

තව ටික දවසකින් මොනවා තව වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නසාර් Sunday, 21 April 2013 04:44 PM

මහින්ද රාජපක්ස නැවත වතාවක් ජනාඩිපති කරවමු එතුමාගේ වැඩ තවම ඉවර නැහැ.(නදී)

:       0       0

නසාර් Sunday, 21 April 2013 05:03 PM

බිලෙන් බිල බෙල්ලට බිල්ල , බොලව් බලව් අපේ නැළවිල්ල , අඩනු එපා විදුලිය දෙන්නම් රෑ එළිවෙනකල්ම.... (නි)

:       0       0

තුසිත Monday, 22 April 2013 09:44 PM

අනේ තවත් හොද වැඩක්. ලොකු අමාත්‍ය මන්ඩලයකුත් ඉන්නවනේ. මේ විද්වත් මැතිතුමන්ලාගේ අදහස් ඉතා වැදගත්. විදුලි බල මණ්ඩලයේ වෙන අක්‍රමිකතා පළමුව විසදිය යුතුය. අපි ලංකාවට ඇවිත් කොහොමද ජිවත් වෙන්නේ ක්‍රියා හිතා ගන්න බැහැ. (නි)

:       0       0

ශෆ්රළ් Thursday, 25 April 2013 01:07 PM

හලාල් නොමැති විදුලි බිල ...... (නි)

:       0       0

සම්පත් Monday, 22 April 2013 03:45 PM

මේක බලශක්තිය ගැන අනවබෝධයෙන් ගෙනාපු තීරනයක්. විද්වත් මත බැලුවම තවත් ඒක පැහැදිලියි. ගාස්තු වැඩිකරන එක අන්තිම පියවර. ඒක මුලින්ම කළා නම් හරිනේ. මොකටද මෙයාලට පඩි ගෙවන්නේ? ඕනෑ පොඩි ළමයෙක් ඒක කරාවී.මණ්ඩල වල ඒකාධිකාරය නැති කරලා බලාගාරවල මාෆියාවත් නැති කරන්න ඕනෑ (නි)

:       0       0

නිලන්ත Monday, 22 April 2013 09:42 AM

මට හිතෙන්නේ නම් ඕක බටහිර බලවේගයක ප්‍රතිපලයක්. (නි)

:       0       0

ලංකා Tuesday, 23 April 2013 04:48 PM

හැමදාම රටේ ප්‍රශ්න වැඩි වෙනවා. මිනිස්සුන්ගේ අතට එන්නේ පොඩි මුදලක්. මේ කරන්නේ අහිංසක රටේ ජනතාවට ලොකු අසාධාරනයක්. ලොක්කන්ට එලිය දුප්පත් මිනිසුන්ට අදුර... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 46 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5694 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 817 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1408 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 125 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site