|
|
1815 පෙබරවාරි 18 වැනිදා රජතුමා මේ ස්ථානයේදී අල්ලාගත් බව ඉංග‍්‍රීසි භාෂාවෙන් ශිලා ස්ථම්භයේ ලියැවී ඇති අයුරු |
මහනුවර සිට කිලෝ මීටර් 42ක් පමණ දුර ගිය විට මැදමහනුවර කන්දේ මුදුන හමුවෙයි. (මැදමහනුවර කන්ද දැන් හඳුන්වන්නේ හුන්නස්ගිරිය කන්ද නමිනි) කන්ද මුදුනේ ආරක්ෂක බළකොටුවක් මැද මාලිගාවක් ඉදිකර තිබෙයි. මහනුවර යුගයේ කන්ද උඩරට රාජධානියේ රජ කළ රජවරුන් පර සතුරු ආක‍්‍රමණවලදී මෙම මාලිගාවේ සිට ආරක්ෂාව සලසා ගෙන ඇත. රාජසිංහ රජතුමාගේ හා ඔහුගේ හිතෛෂීන්ගේ මතය වී ඇත්තේ කන්ද උඩ මාලිගාවේ සැඟවී ආරක්ෂාව සලසා ගත යුතු බවයි.
රජතුමා සිය බිසෝවරුන්ද කැටුව ඉතා හිතෛෂී කීප දෙනෙක් සමඟ මැද මහනුවර කන්ද මුදුනට යාමේ බලාපොරොත්තුවෙන් පිටත් විය. ගමන හිතන තරම් පහසු නොවීය. ගිරි, වන, ජල දුර්ග පසුකරමින් පිරිස මැදමහනුවරට ළඟා වූහ. කන්ද තරණය කරන්නට තරම් ඔවුන්ට ශක්තියක්, ධෛර්යයක් නැත. ඒ වන විටත් කිලෝ මීටර් 35ක පමණ දුර මඟ ගෙවා තිබිණ.
|
රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානයේ පිහිටුවා ඇති ශිලා ස්ථම්භය |
මැදමහනුවරට නුදුරු බෝමුරේ ගම්මානයේ උඩුපිටිය ප‍්‍රදේශයේ වාසය කරන ආරච්චිරාල රජතුමාට පක්ෂපාතිත්වය දරන්නෙකි. ඔහුගේ නිවසට ගොස් රැඳී සිටීම සුදුසු බව පිරිසේ මතය විය. ඒ අනුව ඔවුහු ආරච්චිගේ නිවසට ගොස් එහි ලැඟුම් ගත්හ.
ඒ 1815 පෙබරවාරි 18 වැනි ඉරිදා දිනයේ හවස් කාලයයි. හිරු බටහිර අහසේ ගිලෙන්නට මාන බලමින් සිටියි. රටේ අභාග්‍යයකට පර දේශක්කාර ඉංග‍්‍රීසිනට රට අත්පත් වීමේ අවස්ථාවක් ඒ වන විටත් ආරම්භ වී තිබිණ. තමා අල්ලාගන්නට ආ පිරිස් ලැඟුම් ගෙන සිටින නිවස වටලා ඇති බව ඒ වන විට රජතුමා දැන නොසිටියේය.
ටික වේලාවකින් දොරවල් කඩා බිඳ දමා නිවසට ඇතුල් වූ පිරිස් රජතුමාට පරුෂ වචනයෙන් බැණ වදින්නට වූහ. බිසෝවරු තම ජීවිතවලට හානියක් නොකරන්නැයි කියමින් කෑ මොර ගසන්නට වූහ. කිහිප දෙනෙක් බිසෝවරුන්ගේ කණ කර වල තිබූ ආභරණ කොල්ලකෑහ. ආභාරණ අදිද්දී කන් ඉරී යාමෙන් වහනය වූ රුධිරය විසෝවරුන්ගේ ඇෙඟහි හා බිම පතිත විය. තවත් පැය කීපයකදී ඉංග‍්‍රීසිහු රජතුමා තම භාරයට ගත්හ. එය ලංකා රාජ වංශය අවසන් වීමේ අවස්ථාවද විය.
ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා ඉංග‍්‍රීසින් අතට පත් වීමේ සිද්ධිය බොහෝ විට එසේ සටහන් වෙත්දී ජනප‍්‍රවාදයක තොරතුරුද ඇතැම් විට සඳහන් වෙන බවක් දක්නට ලැබෙයි. එහෙයින් ඒ ජන ප‍්‍රවාදයෙන් කියවෙන දේ පිළිබඳව විමසීමද වැදගත් වනු ඇත.
බෝමුරේ ගමේ දිය ඇල්ලකි. දිය ඇල්ලේ ජලය මන බඳිනා ලෙසින් ඔයකට ඇද හැළෙනවා දකිනවා හැර දිය ඇල්ල යටින් තිබෙන වැදගත් දෙයක් ගැන ගම්මු තොරතුරු නොදනිති. එහෙත් ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා හා ඔහුට හිතවත් කිහිප දෙනෙක් පමණක් දන්නා රහසක් තිබී ඇත. එනම් දිය ඇල්ලට යටින් උමං මඟක දොරටුවක් තිබෙන බවත් ඒ දොරටුව ඇරගත් විට විහිදී යන උමඟ මැදමහනුවර කන්ද මුදුනේ තිබෙන මාළිගාව දක්වා දිවෙන බවත්ය.
බෝමුරේ ගමට පිවිසි රජතුමා හා පිරිස දිය ඇල්ල ළඟට කිට්ටු වූහ. තල් අත්තක් දිය ඇල්ලට ඇල්ලීය. තල් අත්ත ඉසලන තල් අත්තකි. වෙනදා රජතුමා දිය ඇල්ලට තල් අත්ත ඇල්ලූ විට දිය පහර දෙබෑ වී උමං දොරටුව මතු වෙයි. ඉන් පසු උමං දොරටුව අතින් විවර කරගෙන උමඟ දිගේ කඳු මුදුනට යයි. ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ රජතුමාට උමං දොරටුව දකින්නට නොලැබිණ.
‘අපගේ පින් ඇති කාලය අහවරයි’ යනුවෙන් රජතුමාට ඉබේම කියවිණි. කිසිත් කර කියා ගත නොහැකි වූ රජතුමා උමඟ දිගේ කන්ද මුදුනට යාමේ බලාපොරොත්තුව අත හැර කැලෑ මැදින් කන්ද මුදුනට යාමට කතිකා කර ගත්තේය. එහෙත් ගමන් විඩාවත් කැලෑමැදින් කන්ද මුදුනට යාමේ අසීරුතාව නිසා රජතුමාට පක්ෂපාතිත්වයක් දැරූ බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ නිවසේ පිරිස ලැගුම් ගත්හ.
රජතුමා උමඟක් දිගේ කන්ද මුදුනට යන්නට උත්සහා දැරීමේ පුවත සඳහන් ජන කතාවේ තොරතුරු සත්‍යයමද? අසත්‍යනම් අසත්‍ය වීමට හේතු තිබෙනවාද?
වර්තමානයේ බෝමුරේ ගම්මානයට ගොස් ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට රජතුමා පත් වූ ස්ථානය දැක බලා ගැනීම එතරම්ම අසීරු දෙයක් නොවේ. මන්ද එම ස්ථානය සුරක්ෂිත වන සේ ශිලා ස්ථම්භයක් පිහිටුවා තිබෙන හෙයිනි.
|
හුන්නස්ගිරිය කන්ද හුන්නස්ගිරිය නගරයට දිස් වන අයුරු |
|
බෝමුරේ ගම්මානයේ දසුනක් |
රජතුමා තල් අත්ත ඇල්ලූවායයි කියන දිය ඇල්ල අද දැකිය හැකිද? බෝමුරේ ගම්මානයේ කිසිදු තැනක වර්තමානයේ දියඇල්ලක් දක්නට නැත. මීට අවුරුදු 198කට පෙර බෝමුරේ ගම්මානයේ දිය ඇල්ලක් තිබුණාද? බෝමුරේ ගම්මානයේත් ඒ අවට ගම්මානවලත් සෑම තැනකම සොයා බැලූවත් එවැනි දිය ඇල්ලක් තිබූ බවට සලකුණක් දක්නට නැත.
බෝමුරේ ගම්මානයේ සිට හුන්නස්ගිරිය කන්ද (මැද මහනුවර කන්ද) මුදුනට යාමට උමඟක් තිබූ බවට කිසිම සලකුණක් දක්නට නැත.
බෝමුරේ ගම්මානයේ සිට පොළොව යටින් කිලෝ මීටර් 3ක් පමණ දුරකට නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන මේ කාලයේදී වුවද කන්ද මුදුනටම උමඟක් කැපීම ලේසි පහසු කාර්යයක් වන්නේ නැත. අතීතයේදී එවැනි උමඟක් හදා තිබුණායයි කියන්නේනම් එය මිිනිස් ශ‍්‍රමයකින් කළ දෙයක් නොවනු ඇත. එවැනි දෙයක් කරන්නේ නම් එය යන්ත‍්‍ර මන්ත‍්‍ර හාස්කම්වලින් කළ දෙයක් විය යුතුය.
රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානයට පහළින් දොරබෝමුරේ නමින් හඳුන්වන ස්ථානයක් වර්තමානයේ ඇත. බෝමුරේ ගම්වාසීන් පවසන්නේ දොරබෝමුරේ නමැති ස්ථානයේ උමං දොරටුව තිබූ දිය ඇල්ල තිබී ඇති බවය. දොරබෝමුරේ යනුවෙන් ඒ ස්ථානයට ව්‍යවහාර වන්නේද උමං දොරටුව තිබූ නිසා බව කියති. දිය ඇල්ල උමං දොරටුව හා උමඟ පිළිබඳව වර්තමානයේ බෝමුරේ ගම්වාසීන් දන්නේ ඒ තොරතුරු පමණි. දොරබෝමුරේ නමැති ස්ථානයේ දිය ඇල්ලක්, උමං දොරටුවක් දක්නට නැත.
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තිබුණු බව සමහර කට්ටිය දන්නේ නැති එක ඒ අයගේ කරුමේ.ඔබේ ලිපියවිශිෂ්ටයි එය තුලින් දැනුම ලබා ගත් මා ඇතුළු සියලු දෙනා ඔබට පින් දෙවි. (දී)
සුද්දා ඇවිත් කුලවාදේ විනාශ කළා.අපේ උදවිය සුද්දා යනකන් ඉදලා කුල වාදේ වෙනුවට පන්ති බේදෙයි,නිලදාරී වාදෙයි පටන් ගත්තා අපිව පාගන්න. (දී)
කට්ටිය සුද්දා එලවා ගත්තා.තවත් සුද්දට බැන බැන සුද්දන්ගේ රටවලට බෝට්ටුවල එල්ලිලා බඩ ගානවා.ඒ ඇයි? එක්කෝ බනින්නේ නැතුව ඉන්න.එක්කෝ අපි නන්නත්තාර වෙලා ඉන්නේ අපි නිසාමයි කියන දේ පිලිගන්න.මොකෝ සුද්දා මෙච්චර අපේ රට කෑවා නම් සුද්දා හිටපු අනික් රටවල් දියුණු වුනේ කොහොමද. (දී)
මෙහි තවමත් ලජ්ජා නැතිව ලියන්නේ ශ්‍රී ලංකික අන්තිම රජතුමා ගැන නොවෙයි. අන්තිම ශ්‍රී ලංකාවේ රජ වූ කල්ල තෝනි ඉන්දියානු වා ගැනයි. අන්තිම ශ්‍රී ලංකික රජතුමා ගොන්ගාලේ ගොඩ බණ්ඩා තුමාය. නුවරින් රජවූ අන්තිම ශ්‍රී ලංකික රජ වන්නේ සෙනරත් රජුය. අනිත් ඔක්කොම කල්ල තෝනිය. යාපනයේ දෙමල ජාතිකයන් පවා මේ ඉන්දියානු කල්ල තොනින් තැකීමකට ගන්නේ නැත.(නදී)
උදය මහත්තයා, අන්තිම සිංහල රජු හොද කෙනෙක් නෙමෙයිනේ. මම එහෙම කියන්නේ අන්තිම සිංහල රජතුමා තමා ඉන්දියාවෙන් ගැණු ගෙනෙන්න පටන් ගන්නේ.එතනින් තමා ලංකාවේ රජ පරපුර අවසන් වෙන්නේ. (දී)
හොඳ වෙලාවට ලංකාවේ රජපවුලක් නැති වෙන්නේ.එහෙම නොවුනා නම් අද වෙද්දී කොහොමත් රාජාණ්ඩු ලංකාවේ වෙනස් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වෙලා දේශපාලක බර මදිවට රජවරුත් අපේ සාක්කුවෙන් යැපෙන තත්වයක් ඇති වෙලා තියෙයි. (දී)
ඉතිහාසය ගැන දන්නේ නැත්නම් කතා නොකර ඉන්න. විජය රජු ලංකාවට ආවෙ ඉන්දියාවේ ඉඳලා තමා. මුල්ම ජනාවාස ඇතිවුනේ මල්අතු ඔය ආශ්‍රිතවයි.අපි පැවත එන්නේ විජය කුවේණිගෙන්.ඒ නිසා උඩ බලාගෙන කෙල ගහන්න එපා (නි)
පාවා දෙන මිනිස්සු මේ රටේ හිටපු නිසා අපිට වැරදුනා. තවම ඒවා අපි විදවනවා... (නි)
ලකී ජයසුරිය ලන්ඩන් වෙත, ඉතිහාසය තව පොඩ්ඩක් ඉගෙන ගන්න. පණ්ඩුකාභය කුමාරයාගේ කාලේ ගැන. ලංකාවේ විජයගෙන් පැවතෙන අය , යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අය වගේම රාවනාගෙන් එන අයත් ඉන්නවා. ලංකාවට, සිංහල ජාතිය ගැන ප්‍රශ්නයක් වුනාම මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහට අපිට කියන්න පුළුවන් ඒ මිනිස්සු කාගෙන් පැවතෙන අයද කියලා. (නි)
කාලිංග මහත්මයෝ,විජය ලංකාවට එනකොට හිටියේ කුවේණි සමග යක්ෂ ගෝත්‍රික පිරිසක් විජය සමග ආපු පිරිසෙන් තමයි දියුණු මිනිසුන් ඇති උනේ.ඔයාගේ නමින් කියන්න පුළුවන් ඔයා කොහේ කෙනෙක්ද කියල.(අ)
මැලේසියාව,ජපානේ,සිංගප්පුරුව,දකුණු කොරියාව, චිනේ වගේ රටවල් දියුණු වුනේ සුද්දා පස්සේ ගිහින් තමා. රුසියාව පස්සේ ගිය හැම රටක්ම නන්නත්තාර වෙලා. අපිත් රට ගැන හිතා හෝ සුද්දා පස්සේ ගොස් ලංකාව දියුණු කරමු. (දී)
ඉතිහාසේ විවෙචනය කිරීම හෝ ඉතිහාසේ ගැන විකල්ප අදහස් දැරීම දේශද්‍රෝහී කමක්ද. කුලවාදේ විවේචනේ කිරීම දේශද්‍රෝහිකමක්ද. ඉතිහාසේ තියෙන්නේ වන්දනාමාන කරන්නද.සුද්දන්ට කඩේ යනවා කියා චෝදනා කරන උදවියට අද කන්න දෙන්නෙත් සුද්දෝ,චීන්නු ජපන්නුන්ගෙන් එන ණයවලින්. (අ)
ඉතිහාසේ ආගමක් ලෙස වදුම්පිදුම් ලැබිය යුතු නැහැ.ඕන කෙනෙක්ට ලෝකේ ඕනෑම ඉතිහාසයක් විවේචනය කල හැකි. මන් නම් කියන්නේ සිංහලේ අන්තිම රජතුමා වගේම රාජසිංහ රජුත් හොදකෙනෙක් නොවේ. ඒවගේම මුගලන් කුමාරයා කස්හප රජු නොමරුවා නම් අද සම්පුර්ණ සිගිරියම අප සතුය. (අ)
කාලිංග පෙරේරා - ඔබේ අදහස නිවැරදි. අපිට දැන් තියෙන්නේ විකෘති කරපු ඉතිහාසයක්. සමහර අය තවම බොරු ඉතිහාසයක් ඇත්ත කියල හිතා ගෙන ඉන්නේ. (ස)
ලකී ජයසුරිය වෙත, අන් අයගේ අදහස් ගැනත් අවධානය යොමු කරන්න. තමා සිටින මතයේම එල්බගෙන සිටින්න එපා. තව පොඩ්ඩක් ඉතිහාසය ගැන හොයලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.නම වගේ පුද්ගලික දේ මේකට ගාව ගන්න එපා. (නි)
කාලිංග පෙරේරා, 100% අනුමත කරනවා ඔබේ අදහස්. විජය කුමාරයා එන්න කලින් හිටියා අපේ රාවණ රජු භාෂා කිහිපයක් කතා කලා. ආයුර්වේද වෙදකමට හපන්, සටන් වලට හපන්, ගුවන් යානයකින් ගමන් කලා , ඒ වගේම සීතා කුමරියට කිසිදු කරදරයක් නොකළ ශ්‍රේෂ්ට මනුස්සයෙක්. ජනප්‍රවාද නිකම්ම හැදෙන්නේ නැහැ. ඉන්දියාවෙන් එන්න කලින් මෙය දියුණු දේශයක් කියන එක මමත් විශ්වාස කරනවා. (නි)
ගොඩක් ස්තුතියි මේ වටිනා ලිපියට.(නදී)
මෙහි අදහස් දක්වා ඇති සමහර ශ්‍රී ලාංකිකයන් ගැන සිතන විට, අභීත ජාතියක් කොතරම් චින්තනය අතින් බංකොලොත්භාවයට පත්ව ඇත්දැයි හැගේ. සිතේ ඇතිවන පිළිකුල මුසු කලකිරීමෙන් මිදිය නොහැක.කුවේර විසින් පරිහරණය කරන ලද ආලකමන්දාව (වත්මන් සිගිරිය) හා දඩුමොනරය තර්ජනයකර බලෙන් ලබා ගත් පසු, රාවණ රජු ලංකාවේ මෙන්ම ඉන්දියාවේද තම බලය තහවරු කල බවට ඕනෑ තරම් ඉතිහාසගත සාක්ෂි ඇත. තායිලන්ත හා මැලේසියානු ජාතිකයන් ඇතුළු සමහර ආසියානු ජාතිකයන් තවමත් රාවණා රජුට දක්වන ගරුත්වය,විජයගේ පක්ශාත් බාගයේ එල්ලී සිටින ඉන්දියානු ගැති සක්කිලි ඕලමොට්ටලයන්ට නොතේරේ. ඒ ගැන සිතෙන විට ඇතිවන්නේ දුකක් නොව පිළිකුලකි. යක්ෂ යනු, යකඩ කර්මාන්තයේ යෙදුනු ගෝත්‍රයයි. නාග යනු නාවික ගමනාගමනයේ යෙදුනු ගෝත්‍රයයි. රාක්ෂස යනු රක්‍ෂාකල හෙවත් ආරක්ෂකයිනුයි. රාවණා රජු විසින් හදුන්වාදුන් මිසයිල තාක්ෂණයත්, ලේසර් තාක්ෂණයත් මගින් බටහිර හා යුරෝපියන් අපට වැඩ පෙන්වන අතරතුර, රාවණයන් පරිහරණය කල රසදිය එන්ජිම හා ටෙස්ලා තාක්ෂනය ගැන ගවේෂණය කරමින් සිටි. මේ පහත් මානසිකත්ව ඇති අය මෙවන් අභීත ලේ හැලුණු පිරිසිදු පොලවේ පයගසා සිටිනතාක්, නිවහල් ජාතියක් වශයෙන් අපට නැගිටීමක් නැත. (නි)
තමන්ගේ වර්ගවාදී මතවාද තහවුරු කරගන්ට ඕනෑ වුනහම හිට්ලරුත් ඉතිහාසේ වෙනස් කරලා පොත් ලියන්න ගත්තා. ජීවිතේට කැම්පස් එකේදීවත් රාවනා ගැන අහපු නැති කතා කොහෙන්ද මේ අපේ කට්ටිය අදහස් වලින් එලියට පාන්නේ. මම දැක්කා කවුද කියනවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ නෙවේ ලංකාවේ කියලා.අම්මප මේක නොවේද නාසිවාදේ? (නි)
අපි පොඩිකාලේ පාසැල් ගියේ ඔය කියන බෝමුරේ ගම මැදින් (1956-1960 කාලේ). ඒ දවස්වල කුඹුරු මැදින් වැටෙන කුඩා දියපාරක් තිබුනා රජතුමා තල්අත්ත ඇල්ලුවයි කියන. හැබැයි දැන් ඒවා වේලිලා ගිහින් ඇති. මොකද එදා අපේ ගමේ තිබුන දේශගුනයට වඩා බොහොම වියලියි මුලු ප්‍රදේශයම. ඒ ගැන හිතනකොටත් දුකයි. (නි)
පාලිත , මේක ඉතාමත් හොද අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපියක්. ඔයාට බොහොමත්ම ස්තුතියි. අනවශ්‍ය දේ නොලියා මේ වගේ වටින දෙයක් ලියපු එකට අපි ඔයාට ස්තුති කරනවා ආයෙමත්. (නි)
ලංකාවේ රජවරුන්ට ඉන්දියන් ගැණු වුවමනා නොවුනා නම් සුද්දන්ට අසු නොවන්නත් තිබුනා.මොකෝ ඉන්දියන්කාරයන්ට අපේ රටේ රජකම යනවට කවුද කැමති? ඉතින් මිනිස්සු පාවලා නොදෙයිද? (දී)
සුද්දෝ නාවානම් අපි අදටත් කුලවාදෙන් බැට කනවා ඇත (දී)
සුද්දා නොඑන්න අපිත් දඹානේ ඇත්තන්ට වැඩි ලොකු වෙනසක් නැහැ දෙයියෝ (දී)
බොහොමත්ම ස්තුතියි, ලිපියට. රැකගන්න අපේ දෙය (නි)
පරණ කතා ගැන පම්පෝරි ගහල වැඩක් නැහැ. (නි)
ඉතිහාසය අපේ අනාගතයයි. ඒ ගැන අකුරැ ගැලපුවට ඔබට පිං (ත)
තමන්ගේ ඉතිහාසය නොදන්න අනාගතයකින් වැඩක් නෑ .... අපේ ඉතිහාසය නොදන්න අපේ ඉතිහාසයට බනින අපේම ජඩයො දන්නෙ නෑ (අ)
අතීතයේ සිදුවූ දේවල් අතර මීට වැඩිය ගුප්ත දේ තියෙනවා. යන්ත්‍ර සූත්‍ර ඇති මෙකලට වඩා දේවල් ඒ කාලේ තාක්ෂණයෙන් කළා. කාලයත් සමග නොයෙක්දේ මැකී යනකොට ඔය දිය ඇල්ලක් මැකී නොයයිද?? වැඩිය මහන්සි වෙලා ජනප්‍රවාදයේ ඇති රසවත් බව නැතිකරන්න එපා,සත්‍යය සෙවිය යුතු වෙනත් දේ තියෙන නිසා ඒවාට මහන්සි වෙන්න. රාජසිංහ රජතුමාත් දැන් නැහැ, සුද්දත් දැන් නැහැ, කනුව විතරක් තියනවා. ඒකේ ඇති පෞරානික බව රැකගනිමු. (නි)
ගොඩක් ස්තුතියි මේ වටිනා ලිපියට, මේ වැනි දේ තවත් ලියන්න (නි)
දයා අළහකෝන්,කටට එන දේවල් කියන්න එපා. එතකොට ලෝකේ හැම රටක්ම දියුණු වුනේ සුද්දා අපු නිසාද? අපි සුද්දා එන්න කලින් හොඳ සශ්‍රීක ජාතියක්. සුද්දා කලේ අපේ සේසතම අරන් අලලක් දීපු එක විතරයි. ඔයා වගේ අය පව්... (නි)
ශ්රී වික්රම රාජසිංහ කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිවුන ඉතාමත් කෘර අත්තනෝමතික රජකෙනෙක්. ඇහැලේපොල පවුල විනාශ සකරමින් ඔහුගේ ම්ලේච්ච බව ලෝකෙටම පෙන්නුවා. එනිසා ජනතාව ඔහුව පිළිකුල් කඝා. ඉංග්‍රීසින්ට අපේ රාජ්‍ය පාලනය අවසන් කරන්න හැකි වුනේ ඔහු ජනතාවගෙන් ඈත් වූ නිසයි. අවසානයේ නිදහස් ජාතියක අවසානය සටහන් කරමින් ඔහු විදේශ ජාතියක සිරකරුවෙක් වී අවාසනාවන්ත ලෙස මියගියා. (නි)
දය අලහකෝන්ලා වගේ අය ඉස්සර කාලෙත් සුද්දා ලොකු කරගෙන රට පාවලා දුන්නා. අදත් මේ වගේ අය ඉන්න එකගැන පුදුමයක් නැහැ. සුද්දා රට හැදුවා නෙමෙයි , රට කෑවා. (දී)
මට මේ ටික කවුරු හරි පැහැදිලි කරලා දෙන්න. රටේ ඒ කාලේ අප්‍රසන්න කුල වාදයක් තිබුනාද නැද්ද? මිනිහෙක්ගේ නම් තැබීමක්, ඇදුමක් ඇදීමක්, වගේ දෙයකටත් රජාගේ කැමැත්ත ඕනෑ වුනාද නැද්ද? ඉතිහාසේ නිසාම අපි ඒවා වර්ණනා කලයුතුද. (දී)
දැන් සුද්දා ගිහින් දැන් අවුරුදු 70 කටත් කිට්ටුයි. අපට පස්සේ සුද්දා දාලා ගිය රටවල් අපට ණය දෙනවා රස්සා දෙනවා. තව කොච්චර කාලයක් ඔය සින්දුව කියන්නද හිතේ. ඔය කතාව දේශපාලකයෝ තමන්ගේ වැරදි වහලා ඇඟ බේරාගන්න හදපු බොරුවක්. (දී)
අපේ රටේ අද වගේම ඉස්සරත් ඉන්දියන් ෆැන්ටසි අදහස් තිබිලා තියනවා. එහෙම නැත්නම් මොකෝ අපේ අයට ඉන්දියාවෙන් ගැණු. (දී)
දැන් අපි හරි බහු සංස්කෘතිකයි. බහු ආගමිකයි. (දී)