IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වඳුරන් සමග කැලේ හැදී වැඩුණු අපූරු මිනිහෙක්

 

 

පුංචි කාලයේ වන සතුන් සමඟ හැදුණු වැඩුණු මේ කියන දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන පුද්ගලයෙක් මහරගම, පමුණුව  ප‍්‍රදේශයේ පිහිටි සුචරිතෝදය මධ්‍යස්ථානයේ රැකවරණය ලබමින් සිටියදි අපට හමුවිය.

ඔහු නමින් සුමනසේකරය. ආදරයට කව්රුත් කියන්නේ සිම්බෝ කියාය.

සුමනසේකරගේ සැබෑ වයස කීමට දන්නා කිසිවෙක් නොමැති අතර බැලූ බැල්මට ඔහු අවුරුදු 75ක් තරම් වයසේ පසුවන අයෙකි.
කොහොමද සුමනසේකර යැයි අප විමසූ විට ‘හොඳින් ඉන්නවා මහත්තයා’ යැයි ඔහු පිළිතුරු දුන්නේ බොහොම අහිංසක ලීලාවෙනි.
සුමනසේකර සමග අප කතාබහ ආරම්භ කළේ එසේය.
 

 

ඔයාගේ අම්මා, තාත්තා කවුද? සහෝදර සහෝදරියන් එහෙම ඔයාට ඉන්නවද?

අනේ මහත්තයෝ මගේ අම්මා, තාත්තා කවුද, සහෝදර - සහෝදරියන් ගැනවත් කියන්න දන්නේ නැහැ.

සුමනසේකර මෙහෙට ගෙනාවේ කවුද? කැලෑවක වන සත්තුත් එක්ක ඉද්දී හම්බ වුණා කියන්නේ ඇත්තද? අපි ඔහුගෙන් ප‍්‍රශ්න කළෙමු.

ඥානානන්ද හාමුදුරුවෝ තමා මාව මෙහාට ගෙනත් තියෙනවා කියා කියන්නේ. ඒ ගැන විස්තර කියන්න මා දන්නේ නැහැ. කැලෑවක වන සත්තුත් එක්ක ඉද්දී ගෙනාවා කියනවා.  මා දන්නේ නැහැ. පුංචි කාලේදී තමා මාව හාමුදුරුවන්ට හම්බ වෙලා තියෙන්නේ.

අම්මා තාත්තා ගැන කියන්න දන්නේ නැහැ. සහෝදර සහෝදරියන් මට ඉන්නවද කියන්න දන්නෙත් නැහැ.

සුමනසේකරව මෙහාට ගෙනාවේ කවුද කියා කියන්න පුළුවන්ද?

අඹේගොඩ ඥානානන්ද හාමුදුරුවෝ.

අහන ප‍්‍රශ්නවලට කෙටියෙන් පිළිතුරු දෙනවා හැරෙන්නට ඔහු එක දිගටම කතා කරන්නේද නැත.

සුමනසේකර ගැන එයින් එහා යමක් කීමට ඔහුට නොහැකිය.

පමුණුව ප‍්‍රදේශයේ පිහිටි සුචරිතෝදය මධ්‍යස්ථානය විවිධ ආබාධවලට ලක්වූවන් රැකබලා ගන්නා ස්ථානයක් වන අතර මෙහි රැුකවරණය ලබන අයගේ  ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන් සෙනෙහසින් ආදරයෙන් රැක බලා ගන්නේ එහි ප‍්‍රධාන පාලක  ලෙස කටයුතු කරන එච්. එන්. මුතුබණ්ඩා මහතාය.
සුචරිතෝදය මධ්‍යස්ථානය පිහිටුවීමට පුරෝගාමී වී ඇත්තේ අඹේගොඩ ඥානානන්ද හිමියන්ය.

දානපතිනියකව සිටි එල්.පී. මොරවක මැතිනියගේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව සුචරිතෝදය මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

එදා මෙදාතුර සුචරිතෝදය මධ්‍යස්ථානයෙන් රැුකවරණය සෙනෙහස ලබා ඇති අහිංසකයන්ගේ ගණන මෙතෙක් යැයි කියා පැවසීමට නොහැකිය.

සුමනසේකරගේ පින්වත් පාලක ලෙස කටයුතු කරන මුතුබණ්ඩා මහතාගෙන් සුමනසේකර ගැන අප තොරතුරු විමසුවෙමු.  තරමකින් හෝ විස්තරයක් ගැන කීමට දන්නේ ඔහු පමණක්  නිසාය.

අඹේගොඩ ඥානානන්ද හාමුදුරුවන්ට තමා සුමනසේකර හම්බවෙලා තියෙන්නේ. මට ලැබුන ආරංචිවල හැටියට අඹේගොඩ පැත්තේ පළාතේ කැලෑවක වන සත්තු එක්ක ගැවසෙමින් ඉද්දි තමා ඥානානන්ද හාමුදුරුවන්ට හම්බ වෙලා තියනවා කියා දැන ගැනීමට ලැබී ඇත්තේ. ඒත් මොහු ගැන වැඩි විස්තර කියන්න දන්න කෙනෙක් නැහැ. 1962 වසරේ තමා සුමනසේකරව හාමුදුරුවන් මෙහාට  ගෙනවිත් තිබෙන්නේ. අවුරුදු 5ක තරම් වයසේ ඉද්දී හාමුදුරුවන්ට මෙයාව හමුවී තිබෙනවා.

ඥානානන්ද හිමියන්ගේ ගමත් අඹේගොඩ. බණඩාරවෙල වැලිමඩ පාරේ අඹේගොඩ කියන ගම්මානය පිහිටා තිබෙන්නේ. ඥානානන්ද හිමියන්ට මේ පොඩි එකා හමුබවුනාට පස්සේ මෙයාව ගෙනත් තියෙන්නේ ගොඩක් ලොකුවුනාම. ඒ කියන්නේ සුමනසේකර වයස අවුරුදු 17ක් විතර වෙද්දී තමා මේ මධ්‍යස්ථානයට ගෙනවිත් තියෙන්නේ යැයි මුතුබණ්ඩාර මහතා පැවසීය.

1961  වසරේ ජනවාරි මස 24 වැනදා දාතමින් අඹේගොඩ  ඥානානන්ද  හිමියන්  එවකට පරිවාස නිලධාරිනියෙක්ව සිටි කේ.ඞී.සී. නානායක්කාර මහතාට ලිපියක් යොමු කරමින් සුමනසේකරව රැකබලා ගැනීමට ඉල්ලා ඇත.

ඒ ලියුමද මුතු බණ්ඩා මහතා සතුව ඇත.

සුමනසේකර ගැන තවදුරටත් තොරතුරු හෙලි කරමින් මුතුබණ්ඩා මහතා අප සමග මෙසේද පැවසීය.

සුමනසේකරගේ ඇඟිලි සාමාන්‍ය කෙනකුගේ ඇඟිලිවලට වඩා දිගයි. හැසිරීම් රටා වුණත් ඒ කාලේ වෙනස්. මෙහාට ගෙනාපු මුල් කාලයේ එයා ගස් නගින්න හරිම රුසියා කියා දැන ගත්තා. ගස්කොලන්වල මුදුනටම නගින්න එයාට හැකියාවක් තිබෙනවා.

සත්තුන්ට පුදුම ආදරයක් කරුණාවක් සුමනසේකර අදටත් දක්වනවා. කිසිම සතෙකුට  හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. මෙහාට ගෙනාපු මුල් කාලේ වත්තේ බැඳල ඉන්න ගවයන් ළඟට ගිහින් උන්ගේ තන පුඩුවලින් කිරි උරා බී ඇති බවත් පසුකාලීනව දැන ගැනීමට ලැබුණා.

ඒ කාලයේ සුමනසේකර හරියට තරහ ගිහින් තියෙනවාලූ. අතට අහුවෙච්ච දේවල් වලින් ගසා තිබෙනවා කියා දැන ගැනීමට ලැබුණා. කේන්තිය පහව ගිය ගමන් එයා පොඩි ළමයෙක් වගේ හරිම අහිංසකයි. මට මෙතැන වැඩ කර ගන්න කොට සුමනසේකරගේ ඒ හැසිරීම් රටා වෙනස් වෙලා. ඒත් මෙයාට අදටත් ලියන්න හෝ කියන්න බැහැ.

සුමනසේකරට දැන් අවුරුදු 75ක් විතර වෙනවා. ඒ තරුණ කාලේ සුමනසේකර එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් මෙහේ ඉඳලා නැහැ. එක දිගට පැය 10ක් වුණත් නොකඩවා වැඩ කරන්න තරම් ශක්තිය තිබිලා තියෙනවා. දැන් වයස නිසා දුබල වෙලා ඉන්නේ. පපුවේ හතිය ගතිය තියෙනවා. ඒ හැරෙන්නට වෙනත් ලෙඩක් නම් සුමනසේකරට නැහැ. ගත දුබල නිසා සුමනසේකර දැන් වැඩක්පලක් කරන්න යන්නෙ නැහැ යැයි මුතුබණ්ඩා  මහතා පවසයි.
ඔහුගේ ප‍්‍රියතම කෑම වී ඇත්තේ දුම්කොළ කෑම බවද අපට දැන ගැනීමට ලැබිණි.

වඳුරන්, රිලවුන් ඇතුළු වන සතුන් සමග බොහෝ කාලයක් ඇසුරේ සිටි සුමනසේකර  ක‍්‍රමයෙන් සාමාන්‍ය පුද්ගලයකු බවට පත් කිරීමට ලොකු වෙහෙසක් ගෙන ඇත්තේ අඹේගොඩ ඥානරතන හිමියන්ය.

සුපේෂල ශික්ෂාකාමියෙක් වන ඥානරතන හිමියන් 1973 වසරේදී අපවත්වී ඇත.

මුතුබණ්ඩා මහතා සුචරිතෝදය මධ්‍යස්ථානයේ පාලකවරයා ලෙස පත්ව ඇත්තේ 1975 වසරේදී පමණය.

ජපන් ජාතික මහාචාර්යවරයෙක් 1975 වසරේදී පමණ සුමනසේකරගේ හැසිරීම් රටා ගති ලක්ෂණ ගැන පරීක්ෂණයක් කිරීමට සුචරිතෝදය මධ්‍යස්ථානයට පැමිණි බව මුතුබණ්ඩා  මහතා පවසයි.

සුචරිතෝදය මධ්‍යස්ථානයට සුමනසේකර  රැගෙන ඒමට කලින් අනුරාධපුරය ප‍්‍රදේශයේද කාලයක් තබාගෙන සිට ඇති බව අපට දැන ගැනීමට ලැබිණි.
සුමනසේකරගේ පූර්ව ළමාවිය ගෙවී ඇත්තේ වඳුරන් රංචුවක සමග නිසා කාලයක් යනතෙක් ඔවුන්ගේ ගතිගුණ, ලක්ෂණ, හැසිරීම් රටා පෙන්නුම් කර ඇතැයි ද කීය.

කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුව සිටි එස්.බී. ලේනව මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායකයෙකුව සිටි ධම්මික ලේනව මහතාගේ සීයාය.

කැකිරාව මැතිවරණ  කොට්ඨාසයේ පළමු මන්ත‍්‍රීවරයා ද වන එස්. බී. ලේනව මහතාද ඒ කාලයේ ධම්මික ලේනව මහතා සමග බණ්ඩාරවෙල පැත්තේ කැළෑවක වන සතුන් සමග හැදුණු වැඩුණු සුමනසේකර ගැන තොරතුරු සපයා ඇත.

මම පුංචි කාලයේ සීයා මට සතුන් සමග ගැවසුණු මේ ළමයා ගැන තොරතුරු පවසා තිබේ. වඳුරන් ඇතුළු වන සතුන් සමග කාලයක් හැදුණු වැඩුණු සුමනසේකර කුසගින්නේ හඬද්දී වැදිරියක් ළඟට ඇවිත් කිරි දෙනවා දැකපු අය ඒ කාලයේ හිටිය බව සීයා මාත්  එක්ක කීවා මතකයි. සීයා ඔය කියන ළමයා බලන්නත් ගිහින් තියෙනවා. සීයා මගෙත් එක්ක පවසා තිබෙන ආකාරයට ඔය ළමයා වසර 02ක් විතර බණ්ඩාරවෙල පැත්තේ කැලෑවක වන සතුන් සමග හැදිලා වැඩිලා තියෙන්නේ කියා කිව්වේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ධම්මික ලේනව මහතා පවසයි.

ධම්මික ලේනව මහතාගේ සීයා ඔහුත් සමග පවසා තිබෙන ආකාරයට සුමනසේකර කුඩා කාලයේ සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩියෙන් සිරුරේ රෝම කූප වැවී තිබී ඇති අතර පසුව ඒවා ඉවත්ව ගොස් ඇත.

වන සතුන් අතරේ ගඩා ගෙඩි කමින් හැදී වැඩුණු ඔහු මෙසේ කැලෑවට පුංචි සන්ධියේ පැමිණියේ කෙසේදැයි කීමට දන්නා කෙනෙක් නොමැත.

වනසතුන් අතර සිටියදී සොයා ගැනුණු කාලයේ මොහු ගැන පුවත්පත්වල වාර්තා හා විශේෂාංග පලවී තිබූ අතර ඒවා කාලයක් සුචරිතෝදය මධ්‍යස්ථානයේ තිබී ඇතත් පසුකාලීනව ඒවා විනාශයට ලක්ව ගොස් ඇති බවත් මුතුබණ්ඩා මහතා පැවසීය.

 

 



කුමන හේතුවක් මත හෝ සුමනසේකර පුංචි කාලයේ මහ කැලෑවේ අතරමංව සිටියදී කුසගින්නේ කිරි ඉල්ලා හඬා වැටෙද්දී කිරි බවට පත්ව ඇත්තේ ඒ කැලෑවේ වාසය කළ වඳුරු අම්මා කෙනෙකුගේය.

මව්පිය සෙනෙහස අහිමිව රුදුරු වන සතුන් සමග කැලෑවේ සිටි ඔහුට රැකවරණය සලසා ඇත්තේ රුදුරු යැයි කියන වන සතුන්ය. සතා සීපාවුන්ය.

සතා සීපාවාගේ සෙනෙහස ආදරය රැකවරණය ලබමින් පුංචි කාලය ගත කළ සුමනසේකර පසුව මිනිස් ඇසුරට පත්ව සාමාන්‍ය ජීවිතයකට හුරුවී ඇත.

ඒ පුණ්‍ය කටයුත්ත කර ඇත්තේ යතිවරයෙකි. ඥානානන්ද හිමියන්ගේ මනා සහයෝගයෙන් සහ කැපවීමෙන් ඒ කටයුත්ත ඉටුකර සුමනසේකර සමාජගත කර ඇත.

1960 දශකයේ මොහු රටේම කතාබහට ලක්වූ අන්දෝලනාත්මක චරිතයක් වන්නට ඇතිබව නිසැකය. වර්තමාන පරපුර මේ  කතාව අසා හෝ නොමැති වන්නට පුළුවන.

පුංචි කාලයේ සතා සිව්පාවා සමග හැදී වැඞී පසුව සාමාන්‍ය මිනිස් ඇසුරට පත්වූ සුමනසේකර අද ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටී. අපි ඔහුට නිදුක් නිරෝගී සුවය පතමු.
 

 

 



අදහස් (0)

වඳුරන් සමග කැලේ හැදී වැඩුණු අපූරු මිනිහෙක්

ජ. තිසර Friday, 07 February 2014 02:31 PM

නුදුරු කැලේ තනිවී ඇත ඔහු බාලේ.. මිතුරු වඳුරු රැල පිහිටයි ඒ කාලේ.. පිඹුරු වන සත්තු සිටියත් කටු ගාලේ.. ගොදුරු නොවී පුදුමයි දිවි රැකි තාලේ(දී)

:       0       0

තුෂාර Wednesday, 05 February 2014 04:19 PM

ජීවිතේට අහපු නැති තාලේ කතාවක් (දී)

:       0       0

සත්‍යා Friday, 02 May 2014 12:01 AM

ඇත්ත සමන්තිල වගේ පිස්සු හොල්මන් වලට තමයි මේවා අමුතු තාලේ ට පේන්නේ. ජීවිතේ සැම දෙයක් ම ජීවත් වෙන තුරු තොරතුරු දැන ගන්න ලැබීම කොච්චර වටිනවද. පවු ඒ මනුස්සයා. හාමුදුරුවන් වහන්සේ ට පින් ලැබෙනවා කරලා තියෙන වැඩේට. දීර්ගායුෂ පතනවා.(නදී)

:       0       0

ලක්මිණි Wednesday, 05 February 2014 09:34 AM

අපිත් එහෙම වෙන්න හරිම කැමතියි. (දී)

:       0       0

සමන්ති Sunday, 09 February 2014 06:15 AM

මිනිසුන් අපහසුතාවයට පත්වන අන්දමේ අතීත තොරතුරු පුවත්පත්වල පළකරන්නේ ඇයි. (අ)

:       0       0

කෝනිංගා Wednesday, 12 February 2014 10:07 AM

අපිට නම් මේක අපහසුවක් නැහැ. කිසිම දෙයක් තේරුම් ගන්න බෑරි සමන්තීලාට තමයි ජීව්තේ හෑම දේම අපහසු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site