IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වඳුරඹ වේදිකාවට ගිනි තැබූ වඳුරෝ කවුද?

20_MAIN_P_10

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවලට හා ඒ මහතාගේ චරිතයට මෙන්ම ඒ මහතාගේ පෝස්ටර් බැනර් කටවුට් නොකවුට් කරන සිද්ධීන් රාශියක් මේවනවිට ලංකාව පුරාම දැකිය හැකිය. වඳුරඹ මෛත‍්‍රීගේ වේදිකාව ගිනි තැබීම ඒ අතුරින් ප‍්‍රධාන සිද්ධියක්.


බද්දේගම යනු බත් දුන් ගමයි. බද්දේගම වදුරඹ සමහරක් ඇත්තෝ හරක් වැඩක් කළ බව කියමින් 17 දින පෙරවරුවේ හංස පාක්ෂිකයෝ පාරේ බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත වූහ. මෙම සිද්ධිය නිසා අහිංසකයන් කිහිපදෙනෙකුගේ බද්දට දෙන ලද තාක්ෂණික උපකරණ වාහන හා ශබ්ද විකාශන යන්ත‍්‍ර විනාශ විය. එහි පාඩුව රුපියල් ලක්ෂ ගණනකි. මෙය ලබාදෙන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත. 


වඳුරඹ නගරයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් රැුලියක් පැවැත්වීම සඳහා ඉදිකර තිබූ වේදිකාවකට කිසියම් පිරිසක් 17 උදෑසන ගිනිතැබීම නිසා එම ප‍්‍රදේශයේ විශාල පිරිසක් කනගාටුවට පත්වුහ. ගින්නෙන් වේදිකාවට සහ සැරසිලිවලට හානි සිදුවී තිබේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහිත විශාල ප‍්‍රමාණයේ කටවුට් කිහිපයකට ද හානි සිදුවී ඇත. ප‍්‍රචාරක කටයුතු සඳහා ශබ්ද විකාශන යන්ත‍්‍ර සහ උපකරණ රැුගෙන පැමිණි කුඩා ප‍්‍රමාණයේ ලොරි රථයක් ද ගින්නෙන් තරමක් හානියට පත් වී තිබේ. 


ගිනි තැබූවේ කවුරුන්ද යන්න මෙතෙක් සොයාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකාරක ලක්ෂ්මන් ආනන්ද ලැනරෝල් මහතා කියා සිටියේ පරාජයේ වියරුවෙන් සිටින සන්ධානයේ පුද්ගලයන්ගේ නින්දිත ක‍්‍රියාවක් බවයි. මෙය සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය නිසිලෙස ක‍්‍රියාත්මක කරවීමට ද පොලිසිය වග බලා ගත යුතු බව ඒ මහතා කියා සිටියේය.


මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා 18 වැනි දින ගාල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, අපට වැඩ තියෙනවා. ඡන්ද වැඩ තියෙනවා. මම නිශාන්ත මුතුහෙට්ටිගම ඒ ජාතියේ පාදඩයෙක් නොවෙයි මම කාගෙවත් කාර්යාල කාගෙවත් වේදිකා ගිනි තියන්නේ නෑ. එහෙම උවමනාවක් නෑ. මම ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහී සටන මෙහෙයවනවා. මම මේ සිද්ධිය සිදුවූ බව කියන දින රාත‍්‍රිි 11ට තමයි ගෙදර ගියේ  මම 17 දින ජනාධිපතිතුමා හම්බ උනා. මේ යන ගමන් මම ඒ ජාතියේ පාදඩ වැඩක් ජඩ වැඩක් කරන්නේ නෑ. ශ‍්‍රී ලංකා පොලිසිය වදුරඹ මේ ගැන සොයා බලාවී. වදුරඹ නගරයේ කැමරා සවි කරලා තියනවා. ඒවා මගින්, මේ තොරතුරු සොයන්න හැකියි. මගේ වඳුරඹ කාර්යාලයත් කඩලා තියනවා. මම එතන යන ගමන් තමයි මෙය ආරංචි වුණේ  යැයි, සුළු අපනයන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.


නමුත් දකුණු පළාත් සභාවේ එජාප බද්දේගම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙක් වු බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා කීවේ. 


‘‘මෙය බල තණ්හාවෙන් වියරු වැටී ඇති මොළේ කොලොප්පන් ප‍්‍රදේශයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කළ බවයි. ප‍්‍රදේශයේ සන්ධානයේ සභාපතිවරයා, බද්දේගම සන්ධානයේ සභාපතිවරයා, රාත‍්‍රීය පුරා හොරගල් ඇහිඳ ඇහිඳ වඳුරඹ නගරය වටා කැරකුණා. මේ අය මේ සඳහා වගකිව යුතුයි. ඩබල් කැබ් කැරකුනා මේ අය තමයි මෙය කරලා තියෙන්නේ. මේ කියන නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය දා පැවැති දිස්ත‍්‍රික් සම්බන්ධිකරණ රැුස්වීමේ දී ද  අවුලක් දමාගෙන වියරුවෙන් මෙන් ආවා. ඒ රැස්වීම අතර මග නතර කරලා. සන්ධානයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමට හානි කළේ මේ කියන නියෝජ්‍ය ඇමැතිවරයා හා ගෝල බාලයෝ තමයි’’  යැයි ඒ මහතා කීය. 


වේදිකාවේ සිට මෛත‍්‍රී වදුරඹ ජනතාව ඇමතුවේ ජනතාවගේ මහා ප‍්‍රීති ඝෝෂා මැදයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින රටක දේශපාලන වේදිකාවල්වලට ගිනි නොතබන අතරම මේවා සිදු කරන්නේ තිරිසනුන් විසින් බවත්, වේදිකා පිළිස්සීම දිගින් දිගටම කළහොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක් වේදිකාවක් පිළිස්සීමෙන් එක්වන බවත් හෙතෙම කීය. මේ අතර විපක්ෂ කි‍්‍රයාකාරීන් අමතමින් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන්ගේ ප‍්‍රකාශ විකෘති වන ආකාරයට ප‍්‍රචාරය කරමින් දේශපාලන වාසි ලබාගැනීමට ආණ්ඩුව කි‍්‍රයාකරමින් සිටින බවයි. එම තත්ත්වය පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.  විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිතව සිටි ජන හමුවක් වෙනුවෙන් ඉදිකෙරුණු වදුරඹ ප‍්‍රදේශයේ වේදිකාවකට හානි කිරීමේ සිද්ධිය පිළිබඳ වහා සොයා බලා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබුණේය. අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිවයුතු පිරිස්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවද එහි සඳහන් වේ.


කෙසේ වෙතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගිවන මැතිවරණ රැලි කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක සැලැස්මක් කි‍්‍රයාත්මක වන බවයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ. වදුරඹ ඉදිකළ වේදිකාවට හානිකර ඇත්තේ සන්ධාන මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් බවද ඔහු පවසනවා. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි සේනාරත්න මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. 
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව පොලිස් මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


වදුරඹ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක වේදිකාවට හානි කිරීම සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්ෂණ පිළිබඳව ද අජිත් රෝහණ මහතා අදහස් පළ කළේය. මේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත්කර තියනවා, වදුරඹ පොලීසිය පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරින් මේ ස්ථානයේ තිබිච්ච සාම්පල් ලබාගෙන තිබෙනවා, රජයේ රස පරීක්ෂකවරයාගේ සහාය ලබා ගන්නවා, ගින්න ඇතිවුනේ කුමන ආකාරයට ද  කුමන ඉන්ධනයක් භාවිතා කරල ද එහෙමත් නැත්නම් වෙනත් පුපුරණ ද්‍රව්‍යක් භාවිතා කර ගින්නක් ඇතිකරලා තියනවද කියලා විමර්ශන කිරීම සඳහා පියවර ගෙන තිබේ. මීට අමතරව ගාල්ල පොලිස් අධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පත්කරලා තියනවා. 


මේයට සමගාමීව, පක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් 18  බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැලියට අලූත්ගම ක‍්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප‍්‍රාදේශීය සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි කැෆේ සංවිධානය කීය. ඒ ඉකුත් 18 වෙනිදාය. පසුගිය කාලයේ පැවැති ජාතික මැතිවරණවල දී රැස්වීම් පැවැත්වූයේ මෙම ක‍්‍රීඩා පිටියේ බවත්, එවැනි  ආරක්ෂක ස්ථාන රැස්වීම් පැවැත්වීම සදහා ලබා නොදීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ද, ජාතික දේශපාලන නායකත්වයේ ද ජීවිත අවදානමේ හෙළීමක් බවත් කැෆේ සංවිධානය පවසයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වදුරඹ ප‍්‍රදේශයේ ප‍්‍රචාරක රැුළියක් සඳහා සූදානම් කර තිබු ස්ථානයකට අලාභහානි සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් පොලීසිය එම සැකකරුවන් 19 වැනිදා බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව කීවේය. 


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් 18 වැනි දින පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියා සිටියේ තමන් සමග පොලිසිය වෙත ගිය අහිංසකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 


සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ජිප් රියෙන් රැගෙන ගිය බව වඳුරඹ පොලිසිය පසුගිය දා කීවේය. ඔවුන් 19 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. පොලිසියේ වාහනයකින් සැකකරුවන් අධිකරණයට ගෙන යෑමට තැත්කරද් දී  මුතුහෙට්ටිගම මහතා පැමිණ තමාගේ ජිප් රියෙන් ගෙන යෑමට අවශ්‍ය බව කියා ජිප් රියට නංවා ගත් බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණ තම ජිප් රියෙන් සැකකරුවන් ගෙන ගොස් ඇති බවයි. ඔහුගේ ක‍්‍රියාව වැරදි බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සඳහන් කරයි.

 

00

 


මේ තිදෙනා යළිත් පොලිස් භාරයට ගෙන බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 29 වැනි දා තෙක් බද්ධනාගාර ගත කරන්නට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.


එසේ බන්ධනාගාර ගත කළේ වෘත්තීය පුහුණු අධිකාරියේ රියදුරකු වන එච්. එම් ජනක දුමින්ද 33 , ධීවර සංස්ථාවේ සේවකයකු වන කේ .ජී ජානක කුමාර 32 සහ එස් .ඒ දිමුතු ප‍්‍රදීප් 29 යන අයවේ. සැකකරුවන් රිමාන්ඞ් කළහොත් තමා ද රිමාන්ඞ් වන බවට නියෝජ්‍ය ඇමාත්‍ය මුතුහෙට්ටිගම මහතා කළැයි කියන ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත් නියෝග කළේය.


අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරු 25 දෙනෙක් පෙනී සිටියහ. මුතුහෙට්ටිගම මහතා මාධ්‍යයට කළැයි කියන ප‍්‍රකාශයකින් උසාවියට අපහාස වූ බව නීතීඥවරු අධිකරණයට දැන්වූහ. වේදිකාව ගිනි තබන අයුරු වීඩියෝ පටයක සටහන් වී තිබුණ ද එය අපහැදිලි බව පොලිසිය අධිකරණයට දැන්වීය. 

 

 

Untitled-2



අදහස් (0)

වඳුරඹ වේදිකාවට ගිනි තැබූ වඳුරෝ කවුද?

දයා අලහාකෝන් Wednesday, 24 December 2014 12:44 PM

චන්ඩිකම් කලෝ ගස් යට මලෝ කියා කතාවකුත් තියෙනවා (නදී)

:       0       0

සනත් ගමගේ Monday, 29 December 2014 12:46 PM

කවුද කියලා දැන් මුළු රටම දන්නවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 84 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 69 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 29 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 75 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 42 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 563 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 591 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site