IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වෙරළේ ආදරේ මධුසමය වාහනේ

 


 

වේගෙන් එන රළ පහර ගල් පරවල වැදී අඩි ගාණක් උඩට විසිවෙයි. කිරි පෙණ පිඬු නංවා මොහොතින් බිඳී යයි. මොහොතකින් තවත් රළ පහරක් ඒ ගල්පර මත ගැටෙයි. බලා සිටින අපට නම් මෙය ඇති නොවන දසුනකි. පුංචිවට ඇතිවන රළ පෙළ වෙරළ ළඟදී කරන දඟකාරකමක්. ඒ ආසන්නයට ගියවිට මුහුදු ජලයෙන් ගතම තෙමී යයි. මේ සුන්දර වෙරළ තීරයේ පේ‍්‍රමනීය දසුන්ද තැන තැන පෙනෙයි. තරුණ තරුණියෝ නිදහස්ව තම සෙනෙහස විඳ ගනිති. සැන්දෑ හිරු රතු පැහැයෙන් බබළයි. එහෙත් ගල් පර උඩ අතින් පැටළුණු ගතින් වෙළුණු පේ‍්‍රමවන්තයන්ට ඒ සැන්දෑව සොඳුරු හෝරාවකි.

වැල්ලවත්ත හරියේ සිට දිගටම වෙරළ තීරයේ අපූර්ව විචිත‍්‍රතාවකි. මේ පාරෙන් රැුකියාවට එන බොහෝ පෙම්වතුන් මොහොතක් කතා කරන්නට මේ වෙරළෙහි ගල් පරයක්, වැටකේ පඳුරක්ද තිබේ. මෝටර් බයිසිකලයක ආවත්, කාර් එකක, වෑන් එකක ආවත් ඒවා නතර කොට මහ සයුර දෙස බලා ඔවුන්ගේ ආදරය ගලා යයි. නාගරික වෙරළ තීරය දිගේ එනවිට අපට තවත් මිතුරෙක් මුණ ගැසුණි. ඔහු නමින් අතුලය.

හැන්දෑවට මෙතන ලස්සනයි නේද අතුල අපෙන් අසයි. බැලූ බැලූ අත විචිත‍්‍රවත් නිසා එයට එකඟ නොවන්නට කිසිම හේතුවක් නැත.

මේ ලස්සනට හැමෝම මෙතනට ඇදෙනවා. විශේෂයෙන් ජෝඩු සමහර අය බස් එකෙන් ඇවිත් බැහැලා මෙතනට එනවා. තව අය මෝටර් බයිසිකලේක, කාර් එකක ඇවිත් වෙරළට වෙලා කතා කර කර ඉන්නවා.

ඔහුගේ කතාව ඇත්තකි. සවස 6.00 පසුවී තිබුණත් වෙරළ තීරය ආසන්නයේ ගාල් කළ වාහන සමූහයකි. සංචාරකයන්ට වඩා ආදරය කරන ජෝඩුවලට කියාපු තැනකි. කියාපු වේලාවකි.

”මෙතන නියම වැඩවෙන තැනක්” අතුල කතාවකට මුල පුරන්නට සූදානම් වෙයි.

”ඇයි ජෝඩුවලට අවුල්ද”

”හැම වෙලේම නෑ. හැබැයි එයාල දන්නෙත් නෑ. අවුල් පිට අවුල් වෙනකම්”

”ඒ කිවුවේ”

‘මෙහෙමනේ මේ වෙරළ තීරවලට බහින වෙනම ‘සෙට්’ ඉන්නවා. මම කියන්නෙ ජෝඩු ගැන නෙවෙයි. ඒ සෙට් හැම වෙලේම මේ තැන්වල නෑ. මේ ජෝඩු තමයි එයාලගෙ ආදායම නැත්නම් එයාලගෙ කාමුක කමට ගන්න තුරුම්පුව.’

”දැන් මෙතන පේන්න වාහන හත අටක් තියෙනවා. ඔය සේරම ජෝඩු එන ඒවම වෙන්නෙ නෑ. මුහුද බලන්න එන අයත් නෙමෙයි. සුපිරි මානසික ලෙඞ්ඩු. සල්ලිත් තියෙනවා. සල්ලිවලට වඩා එයාලට ආතල් එක ලොකුයිනෙ මහත්තයො..”

”මෙතනට එන ඇතැම් ජෝඩු ගැන මෙයාල ඇහැ ගහගෙන ඉන්නෙ. ජෝඩුවකට වුණත් හැඟීමක් උත්සන්න වෙනකොට වැටකෙයියා පඳුරක් වුණත් කමක් නෑනෙ. තමන්ගෙ වැඬේ කරගන්නනෙ බලන්නෙ...”

”ඒ කියන්නෙ එළි මහනෙම වැඩ සිද්ධ වෙනවා”

”වැඬේ ඒක නෙමෙයි. හැමෝම ඉතින් එළි මහනෙ ඇඳුම් ගලවන්නෙ නෑ. අහල පහළ ජෝඩු ඉන්නවා. ඉඳහිට මෙතන බැහැල යන මහත්තුරු ඉන්නවා. ඉතින් හැඟීම් ඇවිස්සෙනකොට යන්න තියෙන්නෙ කොතනටද එතනට දුවනවා. ළඟ පාත කාමරයක්, කූඩාරමක් තියනව නම් කීයක් හරි දීලා ඒකට යනවා. එහෙමනෙ වෙන්නෙ. කාටවත් කරදරේකුත් නෑ. අනුන්ට පේන්නෙත් නෑ. මේ වෙරළෙ ඒවගෙ දේවල්  ඕනෑ තරම් තියනවා.”

ඒකට නම් ඉතින් වරදක් කියන්න බෑනෙ... මම පැවසීමි.

”ඒක හරි.. ඒත් මේවගෙ තැන්වල ලව් කරන ජෝඩුවලට යන්න ඒවගෙ කාමර, කූඩාරමක් පේන මානෙකවත් නෑ... මෙතන යන්නෙ වෙන සිස්ටම් එකක්...”
”ඒ කිවුවෙ...”

මෙතනට එන ජෝඩුවලට දෙන්නෙ වාහන... හැඟීම් උත්සන්න වෙනකොට මෙතන ගැවසෙන අය ගිහින් කතා කරලා වාහනේ දෙන්නද අහනවා. වාහනේ නියමෙට ඔය වැඬේට සෙට්. අඳුරු වීදුරු කාටවත් පේන්නෙ නෑ. අයිතිකාරයම ඔත්තුත් බලනවා. අහුවුණොත් අයිතිකාරයත් ඉවරනෙ. වාහනේ එයාගෙනෙ.
‘කීයක් ගන්නවද කාර් එකට..’

‘රුපියල් හත් සීයයි’ පැයයි

‘අර තියෙන්නෙ එක කාර් එකක්’

අතුල මට පෙන්වයි.

”ජෝඩුව වැල්ලෙන් එක්කගෙන ඇවිත් කාර්එක කුලියට දෙනවා. මහත්තයල බයවෙන්න එපා. මේ හරියට කවුරුවත් බහින්නෙ නෑ. එහෙම වුණොත් මම ළඟ ඉන්නවනෙ. ඉක්මනට ඇවිත් වාහනේට තට්ටුවක් දාන්නම් කැමති විදිහට සීට් එජස් කර ගන්න. සර්වියට් පේපර් ලොකර් එකේ..”

”වෙලාවේ හැටියට කාර් එක වුණත් මොකෝ..., මෙයාලගෙ රස්සාව තමයි මේක.”

”දවසට ජෝඩු දෙකකට දුන්නත් ඇතිනෙ. මහන්සියක් නෑ. පෙට‍්‍රල් වියදම නෑ. රස්සාවට ගිහින් එන ගමන්  ඕටී කළා වගේ අමතර ගාණකුත් එනවනෙ....”
”ඔය වැඬේට සෙට් වෙච්ච තුන් හතර දෙනෙක්ම මේ ලයින් එකේ

ගැවසෙනවා.”

”ඒ වුණාට කතාව  ඕක නෙමෙයි මහත්තයො”

”එහෙනම්”

”මෙන්න කතාව... පැය ඉවර වුණාට පස්සෙ අර ජෝඩුව කිසිම දෙයක් වෙච්ච නොවිච්ච ගාණට ඇඳුම් ඇඳගෙන, හරි ගස්සගෙන, වාහනෙන් බහිනවා. ඉල්ලපු ගාණක් දෙනවා. බොහොම ස්තුති කරල අර ජෝඩු පිටත්වෙලා යනවා. ඊළඟ දවසෙත් ඔය පුරුද්දට ඔතනට එනවා. සමහර වෙලාවට කාර්එක අයිතිකාරයගෙ ටෙලිෆෝන් නොම්බරෙත් අරන් යන්නෙ”

”ජංගම කාමරනෙ” එසේ කියමින් ඔහුද සිනා සුනේය.”

‘ජංගම කාමර තමයි. ඔය ජෝඩුවලට කෙළවෙනකම් තේරෙන්නෙ නෑ. ඔය හැම වාහනේම වීඩියෝ කරනවා. එක එක ඈංගල්වලට. වාහනේ ඇතුළෙ හැම තැනම වීඩියෝ කැමරා. සියුම් සද්දය පවා ඇහෙනවා.

 

 

 


ඒ කතාවට මමත් පුදුම වීමි.

”පුදුම වෙන්න එපා මහත්තයො. මේ තමයි වැල්ලෙ වෙන දේවල්. මෙයාලා ඔය වීඩියෝ ගෙදර ගිහින් බලලා සතුටු වෙනවා. ඒවා සීඞීවලට ගහලා යාළුවො අතරෙ බෙදල දෙනවා.

ඔය එන අයගෙන් එක් කෙනෙක්ගෙ බිස්නස් එක ජෝඩුවල අසභ්‍ය දර්ශන විකුණන එක. එයාල පැයකට වාහනේ කුලියට දෙනවා. ඊට පස්සෙ ඒ පැයේ දර්ශනය අරගෙන ගිහින් සංස්කරණය කරලා විනාඩි 40ක විතර පටියකට ගන්නවා. කැමරා අල්ලගෙන වීඩියෝ කරපුවා නෙවෙයිනෙ. ලංකාවෙ ඒවා ස්වභාවික දර්ශන.

මෙවැන්නක් දන්නේ නම් ජෝඩුවක් වෙරළේ වාහනයක් පළාතකට නොඑනු ඇතැයි මම සිතිමි. ”අනේ පව්” යන පිළිතුර පමණක් මා වෙත ඉතිරිව තිබේ.
”කාර්එක කුලියට දුන්නම රුපියල් 700යි. 800යි. වීඩියෝ එක සල්ලිවලට ගන්න අය ඉන්නවා. ඒ අයට මේවගෙ වීඩියෝ එකක් ගෙනිහින් දුන්නම රුපියල් දහ දාහක් එයාලගෙ අතට එනවා. ඇත්තටම සමහර අය මේ වැඬේ ඒ ඒ අයගෙ ආතල් එකට කරනවා. ගෙදර ගිහින් බලලා සතුටු වෙන්න. තවත් අය බිස්නස් එකට. එයාලගෙ ආදායම කාර් එක පැයකට කුලියට දීලා අතට ගන්න රුපියල් 700 නෙමෙයි. සී.ඞී. එකට ගෙවන රුපියල් දහ පහළොස් දාහ. මාසෙට දෙකක් කර ගත්තත් ඇතිනෙ.” ඔය සී.ඞී.වලට හොඳ ඉල්ලූමකුත් තියෙනවා.

මේ වෙරළට යන ඔබ අවධානයෙන් සිටිය යුතු තවත් පැත්තකි.

ඔබෙන් පුංචි මුදලක් ගෙන මහා පිනක් කර ගන්නට මෙන් කුලියට දෙන වාහනයක අරුමය.

ඔබේ නිරුවත රට පුරා ලොව පුරා යනතුරු ඔබම දන්නෙ නැත. ඔබ මෙවැන්නක් වේ යැයි සිතන්නේ ද නැත. සිතන්නට ඉඩක් ද නැත. නමුත් මුහුදු වෙරළේ අහිංසක ආදරය විඳ ගන්නට ගිය ඔබ කාමාතුරයකුගේ හෝ  වෙළෙන්දෙකුගේ කූට ව්‍යාපාරයකට ඔබේ නිරුවත විකුණා ඇත. සියල්ල අවසානයෙහි ප‍්‍රතිඵලය. මෙයයි.

ඔබට මෙවැන්නක් වී නම්,

විනෝදය පැත්තකින් තබන්න, නිදහස පැත්තකින් තබන්න, සතුට, පෙම් සුව පැත්තක තබන්න, ඔබ කාමාශාව ඇත්තන්ට නොදැනම නිරුවත කුලියට දී ඇත.
පරෙස්සම් වන්න. මුහුදත්, වෙරළත් ස්වභාවිකය. නමුත් වෙරළේ සිදුවන බොහෝ දේ ස්වාභාවික නැත.


ස්තුතිය - අතුල මහතාට

 

 



 

 


මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

 



අදහස් (0)

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

සිසිර අදිකාරි Thursday, 23 January 2014 02:44 PM

ගොඩක් රටවල් වල මෙක වෙනව.. හොදම දේ ආවබෝදයෙන් යහපත් දේ කිරීමය..(අ)

:       0       0

යසිත් Thursday, 23 January 2014 03:16 PM

අපි කාටවත් දොස් කියල වැඩක් නැ.අපි හැදුනොත් ඔයවගේ මිනිස්සු බිහිවෙන් නැ.යසිත් (අ)

:       0       0

මනෝජ් එදිරිසිංහ Friday, 24 January 2014 10:05 PM

අපි කාටවත් දොස් කියල වැඩක් නැ. අපි හැදුනොත් ඔයවගේ මිනිස්සු බිහිවෙන්නේ නැහැ.(නදී)

:       0       0

ශීලා Wednesday, 22 January 2014 01:14 AM

දම්ම ඔහේ ඔය ව්‍යංගෙන් කියන්ට හදන්නේ... මලත් ලංකාව උතුම් කියන එකනේ... එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියල අපේ රටේ තියන අන්තරාදායක බව කුහක කමින් වහන්ට හදන්ට එපා. අනික වෙන රටවල් කියල ඉන්දියාව පාකිස්තානේ වගේ රටවල්ද. අපේ වැරදි වහන්ට ඕන උනහම සංසන්දනේ කරන්නෙත් වැලේ වැල් නැති රටකට.(නදී)

:       0       0

අතුල_මිලානෝ Monday, 13 January 2014 01:06 AM

මෙවැනි පහත් වැඩකරන අයවලුන් නිතිය හමුවට පමුණුවා අසරණ තරුණ තරුණියන්ව ආරක්ෂා කරගන්න. සමාජය හොදින් දැනුවත් කරන්න මෙවැනි දේ සිදුවනවා කියා. (නදී)

:       0       0

රීටා Thursday, 23 January 2014 12:28 AM

මේකට උත්තරේ ස්වභාව දරමෙන් දෙන හැගීම් පාලනය කරන පන්නයේ යෝජනා ගෙන එම් නොව කෑම,බිම,පරිවෘතීය ක්‍රියා වලට තියන සම තැන වෙනරටවල සේ ලිංගික ක්‍රියා වලටද ලබාදීමයි.ඒ හරහා හොරාට සතුටු වීමේ අවශ්‍යතාව නැති කිරීමෙන් මෙවැනි දේ වැළකිය හැක.(නදී)

:       0       0

රූපා Thursday, 23 January 2014 12:30 AM

ලොකු හෝටල් වලට යන සල්ලි කාරයන්ට පොලිසියෙන් පැනල කරදර කරන්නේ නැහැනේ. පොඩි හොටලෙකට ගියොත් පොලිසිය පනිනවා. අන්න ඒ තක්කඩි වැඩ වල ප්‍රතිපලයක් ලෙස තමා මිනිස්සු හොරාටම අවශ්‍යතා සපුරාගන්ට හදන්නේ. ඒ හරහා එක එක නපුරන්ට බිලිවෙනවා. (නදී)

:       0       0

බුද්ධිකා Friday, 17 January 2014 07:23 AM

ඒක නම් ඇත්ත තමයි.(නදී)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 06:25 PM

වෙනත් වෙනත් මුහුණුවරින් මෙවැනි දෑ ලෝකේ හැම රටකම සිදුවෙනවා. එහෙම බලනකොට ළමයි හදන්න පිට සක්වල යන්න වේවි. බයවෙන්න එපා ඔබ මේ රටේදීම ළමයි හදන්න. මීට වඩා හාත්පසින් වෙනස් පරිසරයකුත් ශ්‍රී ලංකාවේ තියෙනවා. (නදී)

:       0       0

ජගත් Thursday, 23 January 2014 02:13 AM

ආරක්ෂක අංශය දැනුවත් කළොත් වඩාත් හොදයි (අ)

:       0       0

මංජුල Thursday, 23 January 2014 09:37 AM

ඇත්තටම හරිම කැත වැඩ මේවා .කවදාහරි දවසක තමන්ගේ කෙනෙක්ට මෙහෙමෙ උනොතින් තමන්ට ඇනෙන වේදනාව අනුව එයාලට එදාට අනිවාර්යෙන්ම පසුතැවෙන්න වෙනවමයි (අ).

:       0       0

ගමගේ Sunday, 26 January 2014 03:30 PM

මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම ගැන ස්තුති වන්ත වෙනවා. මේ වගේ දේවල්වලට තවත් අහුවෙන්න තිබුණු දහස් ගණනක් මේ ලිපියෙන් පස්සෙවත් අහුවෙන එකක් නැහැ කියල හිතනවා. (නදී)

:       0       0

ජෝයි Monday, 13 January 2014 01:04 PM

දැන් ඉතින් සංස්කෘතික ඔස්තාර්ලා මෙතන කෙස් පැලෙන තර්ක ඇද බාවි. බලන්න ලංකාවේ යෞවන යෞවනියන් මොන තරම් අසරණද කියලා. අර බෝට්ටුවල යන එක අහන්ට දෙයක්ද ඉතින්. ලංකාව ලිබරල් වෙනදාකට මේ ප්‍රශ්ණ විසදෙයි.(නදී)

:       0       0

ජිනේන්ද්‍රා අනුරාධි Monday, 20 January 2014 09:47 AM

සමාජය නම් මහා පුදුමකාරයි. මෙහෙම හරි මේ ගැන දැනුවත් කරපු එක ලොකු දෙයක්.(නදී)

:       0       0

සාගර Wednesday, 15 January 2014 01:54 PM

සමාජය ගැන හරිම බයයි ඒ වගේම කනගාටුයි (දී)

:       0       0

ආරියසේන Saturday, 25 January 2014 05:49 PM

රූපට අමු කැවිලා. ලංකාවේ හැම හොටල් කාමරෙකම දැන් හොරෙන් වීඩියෝ කැමරා හයි කරලා. ආණ්ඩුව මේ ගැන හොයා බලන්නේ නැහැ (අ)

:       0       0

අර්නොල්ඩ් Wednesday, 22 January 2014 08:34 PM

ලංකාවේ රජය මේ වගේ ජෝඩුවලට වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. බටහිර රටවල් වල මේ වගේ ආදරවන්තයින්ට සැකසුනු තැන තියනවා.(නදී)

:       0       0

ශිවන්කා Monday, 20 January 2014 10:51 PM

අපි කටවත් දොස් කියල වැඩක් නැ අපි හැදෙන්න අපි දැනගන ඕනේ පළමුව අපි හැදෙමු (දී)

:       0       0

මෙන්ඩිස් Thursday, 16 January 2014 07:55 AM

කවද හරි අපේ ළමයි ලොකු මහත් වෙලා යන්න ඉන්නේ මේ වගේ සමාජයකටද කියල හිතෙනකොට දැනෙන්නේ මහා බියජනක හැගීමක්. ලංකාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක්ද කියන ප්‍රශ්නය හිතට එනවා. (නදී)

:       0       0

සුරංග Wednesday, 22 January 2014 09:11 PM

බොහොම ස්තුති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5123 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39092 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site