මාධ්‍යම කදුකරයේ හා පහත රට තෙත්කලාපයට අයත් සිංහරාජයේ ඉතාමත් සාරවත්ව වැවෙනා වල්ල පට්ටා ශාඛය හොරෙන් පිට රට ගෙන යෑම නිසා එම ශාඛය වඳවීමට ලක් වී ඇත.
මෙම ශාකයේ එක්තරාකොටසක් ( නම සදහන් නොකරමි ) සුවද විලවුන් නිෂ්පාදනයට යොදාගන්නා අතර එම කොටස් කිලෝ ග්‍රෑමයක මිල ලංකාවේදී ඉතාමත් ඉහළ අගයක් ගනී, විදේශීය වෙළදපොළෙහි වටිනාකම කිසිවකුත් සැබෑවටම නොදනී,
ජාවාරම් කරුවන් විසින් කැලෑ පීරමින් මෙම ශාකය සොයා රුපයේ දැක්වෙන අයුරින් කඳ කපා බලන්නේ තමන් සොයනා කොටස ලබාගත හැකිදැයි කියාය,
අදාල කොටස නොමැතිනම් ගස කපා නොගන්නා නමුදු, එම කැපු කොටසින් වැසිජලය ඇතුළුවීම, කෘමිහානි හා දිලීර අසාදනයන්ට ලක්වීම වැනි හේතුබලපා ශාකය ඉබේටම මියයයි.
බලධාරීන් මේ පිලිබඳ දැන්වත් ක්‍රියාත්මකවී වනාන්තරවල ඇති මෙම ශාකයන් ආරක්ෂා කිරීමටත්, ආර්ථික භෝගයක් වශයෙන් වගාකිරීමේ හැකියාව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණ හා මුදල් යොදවන්නේ නම් විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවන අතරම, එසේ නොවුන හොත් ඉතාමත්ම කෙටිකාලයකින් මෙම වටිනා ශාකය අප පරිසර පද්ධතියෙන් සමුගනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය විසින් මේසදහා නිසි ක්‍රියාමාර්ගයක් වහාම ගත යුතුයි. වගා කරන ක්‍රමය හදුනා දෙන්න ඉක්මනින්.(ස)
වල්ලපට්ටා වගාව පිළිබදව ජනතාව දැනුවත් කර කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුව හරහා පැල බෙදා දෙන්න. අනාගතෙය්දී හොද ආදායමක් රටට ගන්න පුළුවන් වගේම වල්ලාපට්ටා ශාඛයත් හොදින් රැකේවි.(නදී)
තව පොඩ්ඩක් හිතල බලන්න වෙනවා.(අ)
දුප්පත් අයට අත දෙන්නට කැප වෙන්න රජයට මගක් පෑදී ඇත දැන් ඔන්න වල්ල පටිට ලක හැම තැන සිටු වන්න ඒවා යවා දුප්පත් අය ගොඩ ගන්න.(නදී)
අපි වැඩක් ගන්නෙත් නැතිනම්, ණයට කන්නම නම් හුරුවෙලා ඉන්නේ, ඔය වැඩක් ගන්න වෙන රටකටවත් දීලා දාන්න.මොකෝ මේ කියන විදියට මෙවන් කර්මාන්ත පටන් ගන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින්. (නි)
මේක මේ තරඟ වටිනවානම් මැණික් හාරනවා වගේ ඇතිනේ.ඉතින් එහෙම නම් මේක කර්මාන්තයක් විදියට නොකරන්නේ වුවමනාවක් නැතිකමද,කම්මැලිකමද,එහෙමත් නැතිනම් බලදාරියෝ බුදිද? (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්... :) (නි)
ඉක්මන් නොවුනොත් කොතල හිඹුටු වලට සිද්ද උන දේ සිද්ද වෙනවා.(නදී)
කපලා විකුණනවා ඇරෙන්න මොනවා කරන්නද වෙන ඕවට? (නි)
සරත් දන්නා දේවල්.(ස)
කඳ කපල බලනවා නෙවේ. කඳ තුවාල කලාම එක තුලින් දිලීර ඇතුල්වෙලා අර නොකියපු එක හැදෙනවා. පස්සේ ගහ කපල ඒවා අරගන්නවා. (නදී)
මහා පරිමාණයෙන් වගාව පටන් ගන්න රජය මැදිහත් වෙන්න ඕන (අ)
වල්ලපට්ට කියන්නේ බොරු ජාවාරම් අ පසුපස යහළුවෙක් ඇති (අ)
අනිවාර්යයෙන්ම මෙම ජාවාරම පසුපස දේශපාළුවකු සිටිනවා (නි)
පවුල් පිටින් අපා ගත වෙන වැඩ මේවා. (නදී)
ශාන්ත නිකන් පිස්සු කතා කියන්න එපා එහම මෝඩ මිනිස්සු නැහැ මේ ලෝකේ.(ස)
බාල දරුවන් තවම මරනින්දේ..,එයාල ඇහැරෙනවිට පෙරහැර ගිහිල්ලා.(ස)
මිහිතලය මත ඇති අවසන් ගසත් කපා බිම හෙලු පසු මිනිසුන් කියන නූගතුන් මුදල් කෑමට නොහැකි බව දැනගනු ඇත. (ස)
තම රටේ දේවල් විනාස කරලා අන්තිමට පිටරට වලින් එන කුණු ගොඩවල් කන්න ලැහැස්ති වෙලා ඉන්න..එතකොට ඇත්ත තේරෙනකොට අපේ රටේ සම්පත් විනාශ වෙලා ඉවරයි (නි)
ඔය ගහ ගැන නම් මම දන්නේ නැහැ (නි)