තම එකම පුතණුවන් වන වයස අවුරුදු 14ක් වන මොහොමඞ් රිජාන් මොහොමඞ් රිෂ්නාස් ද අපේ‍්‍රල් නිවාඩු කාලය නිසා පියා සමග නයි සෙල්ලම් පෙන්විමට රට වටා යයි. මොහොමඞ් නසීර් මහතා පවසන අන්දමට මේ කිසිදු නයෙකුගේ විෂ දත් හෝ ඔවුන් සඳහා කිසිදු මත්වීමේ එන්නතක් පාවිච්චි නොකරන බව අප සමග කියා සිටින අතර එසේ කවුරු හෝ අභියෝග කරන්නෙහි නම් ඒ සඳහා තම නයි ලබාදිය හැකි බවට ඔහු පවසයි. මෙම විශේෂත්වය නිසාම මා ඔවුන් කරන ලද දර්ශනයක් ද නරඹා අවසානයේ ඔවුන් හමුවී මෙ පිළිබඳ කථා කරන්නට විය.
අපි ටිකක් කථා කරමු ඔබේ පියා ගැන. පියාගේ නම මොකද්ද?
මොහොමඞ් පරීඞ් නසීර්
පියාගේ ගිනස් වාර්තා මොනවාද ?
01. පාපැදියක් පිටුපසට ධාවනය කිරීමේ වාර්තාව.
02. දින තුනක් බොක්සින් බෑග් දෙකකට එක දිගටම අත් දෙකෙන් එක පිට පහරවල් එල්ල කිරීමේ වාර්තාව.
03. නයින් 25ක් සමග දිවා ? දින 8ක් වීදුරු කාමරයක් තුළ සිටීම. (කුසගින්නට පෙති පානය සිදු කර ඇත.*
04. වේගයෙන් පැය 72ක් එක දිගට ඇවිදීම. (දින තුනක්*
05. යාපනයේ සිට හම්බන්තොට දක්වා නොනැවතී පාපැදියක් ධාවනය කිරීම.
06. කොළඹ ගෝල්ෆේස් එකෙහි විදේශික කාන්තාවන් සමග පැය 72ක් එක දිගමට නැටීම (විදේශිකයින්ට පැය 72ක ඇතුළත මාරු විය හැකිය. ඔහුට මාරු විය නොහැකිය.)
07. පැය 72ක් එක දිගටම අත්පොලසන්
ගැසීම.
08. තනිවම පැය 137ක් නැටීම දවස් 7ක්.
පියා ඇයි මෙවැනි දේවල් වලට යොමු වුණේ?
එයා මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. මෙයාගේ යාළුවෙක් තමයි ආනන්දන් කියන කෙනා. එයත් මෙවැනි ගිනස් වාර්තා තියන්න උත්සාහ කරපු කෙනෙක්. දවසක් මෙයා යාපනයේ සිට ඉන්දියාවට පීනා ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ කළා. නමුත් එයාට එම වාර්තාව තියන්න බැරිවුණා. අවසානයේ මියගියා. සෑහෙන දුරක් පීනා ගෙන ගිහින් තමයි මැරුණේ. මෙයාගේ යාළුවෙක් තමයි තාත්තා. ඊට පස්සේ තාත්තා කවුරුත් නොකරන දේවල් කරන්න උත්සාහ කළා. ඒ ගිනස් වාර්තා තියන අදහසින්.
ඔබගේ පියා මෙවැනි කටයුතු කරන්න පටන් ගත්තේ කොයි කාලේද?
1983 සිට.
පියා මේවා කරනවාට පවුලේ අනික් අය කැමති වුණාද?
කොහොමත් මේ වාගේ දේවල් කරනවාට කවුරුත් කැමැති නැහැනේ. ඒ නිසා පියාටත් අම්මාගෙන් වාගේම එයාගේ අම්මලා තාත්තලාගෙත් විරෝධය තිබුණා.
ඇයි මේ තරම් විරෝධයක් තියෙද්දි මෙවැනි දේවල් වලට පියා යොමු වුණේ ?
ඒක තාත්තාගේ කැමැත්ත. පියා දවසක් කිව්වා මතකයි මේ වාගේ දේවල් කවුරුත් කරන්න පෙළඹෙන්නේ නැති නිසා එයාට කරන්න හිතුණා කියලා.
පියා නයි අල්ලාගෙන ඒ සතුන් සමග සෙල්ලම් ඉදිරිපත් කරන්න යොමු වුණේ ඇයි?
තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ලෙස වැඩ කළ නිසා එයා ඒ දවස් වල දැකලා තියනවා කුකුල් ගොවිපළවල් වලට එන නයි. ඊට පස්සේ තමයි එයා මේ සත්තු අල්ලලා මොනවා හරි දෙයක් කරන්න ඕනෑ කියලා හිතලා තියෙන්නේ.
එතකොට පියාගේ අඩි පාරේ යන පුතණුවන් වන ඔබත් මේ සතුන් සමග සෙල්ලම් කරන්නේ විෂ දත් ගලවලාද ?
අපොයි නැහැ. උන්ගේ විෂ ඒ විදිහටම තියෙද්දි අපි උන් එක්ක සෙල්ලම් කරනවා. ඒක තමයි අපේ තියන විශේෂත්වය. දළ ගලවලා විෂ අයින් කරලා ඕනෑම සෙල්ලමක් දාන්න පුළුවන් වුණත් මේ කිසිම නයෙක් එහෙම කරලා නැහැ.
මොහොමඞ් නසීර් විසින් පියා පිළිබඳ මතකය එසේ අවදි කළ අතර ඔහු එක් අවස්ථාවකදි මඳක් නිහඬ වී යමක් ප‍්‍රකාශ කරන්නට විය. ඒ සිද්ධිය වන්නේ තම සොයුරාගේ මරණයයි. ඔහු මියගොස් ඇත්තේ නයෙකු දෂ්ඨ කිරීමෙන් පසුව වන අතර ඔහුව බේරා ගැනීමට නොහැකි වි ඇත්තේ සර්පයෙකු දෂ්ඨ කිරීමට නුසුදුසු වේලාවක මෙම දෂ්ඨ කිරීම සිදුකර තිබීම නිසාවෙනි. මෙසේ දිවි අහිමි වන විට සොහොයුරාට වයස අවුරුදු 32කි. ඔහු මොහොමඞ් නසීර් මොහොමඞ් පර්සාන්ය. ඔහුද මෙම ක‍්‍රීඩා කටයුතුවල දක්ෂ පුද්ගලයෙකි. මොහොමඞ් පර්සාන් මිය යන විට ඔහුට නයි 44ක් සිට ඇත. ඔහුගේ වියෝවෙන් ඒ පිළිබඳ කල්පනාවෙන් හා දුකෙන් පසු වු පියා මිය ගොස් ඇත. පියා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.
ඔබගේ පියාත් අකාලයේ මියගියා. සොහොයුරාත් මියගියා. මෙවැනි තත්ත්වයක් තිබියදීත් ඔබත් මෙ බිහිසුණු කටයුතු වල නිරත වන්නේ ඇයි ? මේක ඔබේ වෘත්තියද?
‘‘බය නැතිව ඉන්න ඕනෑ’’ ඒකයි මහත්තයෝ එකම පිළිතුර. මම මේක කරන්නේ වෘත්තියක් වශයෙන් නෙවෙයි. මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. රෙදි වෙළෙන්දෙක්. මම ඉන්දියාවට ගිහින් රෙදි ගෙනල්ලා ලංකාවේ වෙළඳාම් කරලා අදායම් සොයා ගන්නවා. මම මේ වෘත්තිය කරන්නේ ජනතාව සතුටු කරන්න.
මේ වාගේ දේවල් කවුරුත් කරන්නේ නැහැනේ. ඊටත් සල්ලි හොයන අදහසින් නෙවෙයි. මේ හොයන සල්ලි වලින් කොටසක් අනාථ කඳවුරුවලටත් දුප්පත් අසරණ අයටත් දෙනවා. පසුගිය දවසක කූරුණෑගල, පිදුරුවැල්ල පන්සලේ මේ වාගේ ෂෝ එකක් කරලා ලක්ෂ දෙකක මුදලක් අපි පන්සලට දුන්නා. මේ ෂෝ එක කරන්න කලිනුත් අපි ප‍්‍රදේශයේ දුප්පත් ළමුන් තුන්දෙනෙක් තෝරාගෙන එයාලට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් කරනවා. මේ විදිහට තමයි අපේ රස්සාව කරගෙන යන්නේ. ඒක අපි සෑම තැනම ෂෝ එකක් කරන්න කලින් කරන දෙයක්.
ඔබ නයි 35ක් එක්ක විතරයිද මෙවැනි සෙල්ලම් ඉදිරිපත් කරන්නේ?
අපොයි නැහැ. නයි ගොඩාක් ඉන්නවා නම් කැමැතියි. අදත් අපි නයෙක් ඇල්ලූවා. දැන් අපිට 36 ක් ඉන්නවා. ඒ විදිහට යන එන තැන් වලින් නයි අල්ලා ගැනීම සිදු කරනවා.
ඔබ මේ සර්පයන් සමග කරන සෙල්ලම් වලට අමතරව කරන වෙනත් ඉදිරිපත් කිරීම් හෙම තියනවාද?
ඔව්, මම ටියුබ් ලයිට් 6ක් පමණ සපා කෑම සිදු කරනවා. ඊට අමතරව ගිනි සෙල්ලම් රාශියක් ඉදිරිපත් කරන අතර මැජික් සංදර්ශන පැවැත්වීම සිදු කරනවා. මේ සංදර්ශනයේදී අපි ගීත කිහිපයක් සඳහා නර්ථන අංග කිහිපයකුත් පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. සමහර ඒවා සඳහා නයින් කිහිප දෙනෙකුත් උපයෝගි කර ගැනීම සිදුකරයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විෂ නයි තිස් පහක් එක්ක නටන තරුණයෙක්
මධූ Saturday, 02 May 2015 07:47 AM
නියමයි (නි)
ප්‍රියානි Monday, 04 May 2015 08:03 PM
සුබ අනාගතයකට සුබ පැතුම්! (නි)
නාලනී Thursday, 30 April 2015 01:49 PM
දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා (නි)
සජිත් Sunday, 03 May 2015 05:32 AM
ඉස්සර මොහුගේ තාත්තා අපේ පාසලේ ඔය සංදර්ශනේ කරලා තියනවා මට තාම මතකයි. (ර)
ලසිත් Tuesday, 05 May 2015 06:24 AM
පිස්සු නැත්නම් ශෝක් කිවුවලු (නි)