මිනිසුන්ගේ පොලූ පහරවලට ලක්ව මිය යාමට සිටින නාගයන්ගේ ජීවිත බේරාගෙන උන්ට සාත්තු සප්පායම් කර කැලෑවට මුදා හරින යතිවරයෙක් ඔබ මීට පෙර අසා නොමැති බව නම් නිසැකය.
මරණයේ දොරටුව අබියස සිටින නාගයන්ට අභයදානය දීමේ ක‍්‍රියාවට වසර හත අටක පමණ කාලයක සිට නිරතව සිටින යතිවරයෙක් ගැන අපට අසන්නට ලැබිණි.
|
ජීවිත අවදානම දෝතින් දරාගෙන පොලූ මුගුරු ප‍්‍රහාරවලට ලක්ව මරණයට ගොදුරු වීමට යන නාගයන්ගේ ජීවිත බේරා ගැනීමට සූදානමින් සිටින ඒ යතිවරයාණෝ වැඩ සිටින්නේ කොට්ටාවේ ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථානයේය.
කොට්ටාවේ ශ්‍රී පුණ්‍යා භිවර්ධනාරාම විහාරාධිපති ධුර හොබවන උන්වහන්සේ නමින් වේරදුවේ සිරිජෝති හිමියෝය.
වසර හතක අටක කාලය ඇතුළත නාගයන් 50 දෙනකු පමණ අල්ලා රක්ෂිත වන වනාන්තරවලට මුදා හැර ඇති බව සිරිජෝති හිමියෝ පවසති.
මුල් කාලයේ දී අල්ලාගත් නාගයන් සතුන් වත්තට දුන්නත් උන්ගේ නිදහස ඇහිරෙන නිසා දැන් උන්ව ආරක්ෂිත කැලෑවකට මුදා හරින බව ද උන්වහන්සේ පැවසුවේ සතුන්ට වුවත් නිදහස අවශ්‍ය බව පවසමිනි.
මේ වගේ අවදානම් කටයුත්තකට අත ගැසීමට පුරුදු වුණේ කොහෙන් ද යන්න සිරිජෝති හිමියන්ට මම ඉදිරිපත් කළ පළමු පැනය විය.
ඒ පැනයට උන්වහන්සේගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.
දවසක් මා විහාරස්ථානයේ වැඩ වසද්දී කටුස්සෙක් පසුපස ලොකු නාගයෙක් එලවාගෙන ආවා කටුස්සාව ගොදුරු කර ගන්න. කටුස්සා මගේ කකුල් දෙක යටින් රිංගලා ආවාසය ඇතුළට රිංගා ගත්තා. කටුස්සා පසුපස පන්නාගෙන ආපු නාගයත් මගේ කකුල් දෙක යටින්ම කටුස්සා සොයා ආවාස ගේ ඇතුළට රිංගා ගත්තා. ක්ෂණිකව සිදු වුණ දෙයින් මට යමක් හිතා ගන්නවත් වේලාවක් තිබුණේ නැහැ.
|
වේරදුවේ සිරිජෝති හිමි |
දැවැන්ත නාගයෙක් ආවාස ගෙයි ඇතුළේ. මේ නාගයාට හිරිහැරයක් නොකර ඉවතට ගන්න තමා මට ඕනෑ වෙලා තිබුණේ. කෝට්ටේ ඉන්නවා නයි අල්ලන්න පුළුවන් මහත්තයෙක්. එයා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන ඉන්ද්‍රජිත් පෙරේරා මහත්තයයි. ආවාස ගේ ඇතුළේ ලොකු නාගයෙක් ඉන්න බව මා දැනුම් දුන්නා. ඉන්ද්‍රජිත් පෙරේරා මහත්තයා ඇවිත් පොලූ කෑල්ලකින් නාගයාගේ පෙන ගොබයට පහළින් තද කරලා එක අතින් ඌ අල්ලා ගෙන පොහොර උරයක දමා ගත්තා. පස්සේ ඌ කැලෑවකට ගිහින් දැම්මා. ඉන්ද්‍රසිරි පෙරේරා මහත්තයා කිසිම බයකින් හිරිකිතයකින් තොරව නයි අල්ලන හැටි මම හොඳට බලාගෙන හිටියා. නාගයන් අල්ලන හැටි වැඩි දුරටත් කරුණු කාරනා මම අසා දැන ගත්තා. නාගයන්ට හිිතේ එතෙක් කල් තිබුණ බිය පහව ගියා. ඊට පස්සේ ඉඳලා මාත් නාගයන් අල්ලන වැඬේ පටන් ගත්තා. මේ වෙන කොට නාගයන් 50ක් විතර අල්ලා කැලෑවට මුදා හැර තිබෙනවා.
කාගේ හෝ ගෙවත්තක එහෙමත් නැත්නම් ගෙයක් ඇතුළට නාගයෙක් ඇතුළු වී සිටින බව දැන ගැනීමට ලැබුණොත් වේර¥වේ සිරිජෝති හිමියෝ සතාට අනතුරක් වීමට කලින් ඒ තැන් සොයා වඩින්නේ දිවා ? කියා කාල වේලාවක් නොබලාය.
කොට්ටාවේ පැත්තෙන් නාගයන් 4 දෙනෙක් සිරිජෝති හිමියන් විසින් අල්ලා ගනු ලැබ ප්ලාස්ටික් කූඩවල දමාගෙන පැමිණ ඇත්තේ මීට සතියකට දෙකකට පමණ කලිනි.
මෙසේ අල්ලාගෙන පැමිණි නාගයන් හතර දෙනාගෙන් එක් නාගයෙක් අඩි හයක් පමණ දිගය.
මෙම නාගයාගේ දක්නට ලැබුණු විශේෂත්වයක් ගැන කරුණු හෙළි කරමින් විහාරාධිපති හිමියෝ මෙසේ කීහ.
අඩි හයක් පමණ දිග මේ කියන නාගයා මම අල්ලාගෙන ආවේ කොට්ටාවේ නියදගල ප‍්‍රදේශයෙන්. මේ නාගයාගේ ”ප” යන්න වගේ තියන සලකුණට පහළින් වෙස් මුහුණක හැඩය ගත් සලකුණක් තිබුණා. මේ වගේ වෙස් මුහුණක සලකුණක් සටහන්ව තිබුණ නාගයෙක් මම ජීවිතේටම දැක්කමයි. මෙහෙම නාගයන් ඉන්නවා කියලා මම මීට කලින් අහලවත් නැහැ. අනෙක් නාගයන් තුන් දෙනයි මේ නාගයයි මම ලබුකැලේ රක්ෂිතයට ගෙනිහින් අත හැරියා.
නාගයන් ගැන තවත් කරුණු හෙළි කරමින් සිරිජෝති හිමියෝ කී කථාවකි මේ.
නාගයන් කැලෑවට අත හරිද්දී දෙතුන් දෙනෙක් එක තැනකට දාන්න හොඳ නැහැ. එක නාගයෙක් දාපු තැන ඉඳලා තවත් කිලෝමීටර් 1 1/2ක් හෝ දෙකක් විතර ඈතින් තමා අනිත් නාගයා දාන්න ඕනෑ. නාගයන්ටත් උන්ගේ බල ප‍්‍රදේශ තිබෙනවා. නාගයන් දෙන්නෙක් එක තැනකට දැම්මාම ගොදුරු සොයා යාමේ දී උන් දෙන්නා අතර ගැටුම් ඇති වෙනවා. ඒ නිසයි එක නාගයෙක් දාපු තැන ඉඳලා කිලෝමීටර් 1 1/2x2ක් විතර ඈතින් අනෙක් නාගයා අත හැර දාන්නේ. මේ බව මම දැන ගත්තෙත් ඉන්ද්‍රසිරි පෙරේරා මහත්තයාගෙන්මයි.
නාගයන් අල්ලන්න ගිහින් ලබපු අමතක නොවෙන අත්දැකීමක් ගැන තොරතුරු හෙළි කරමින් සිරිජෝති හිමියෝ මෙසේ කීහ.
දවසක් මහ ? පණිවිඩයක් ආවා ළඟ ගෙදරකට ලොකු නාගයෙක් රිංගා ගෙන ඉන්නවා කියා. මම ඒ නිවෙසට ගියා ඌව අල්ල ගන්න. කට්ටියත් පිරිලා හිටියා. මා නාගයා අල්ලා ගත්තා. ඌ මගේ අත තදින් වෙලා ගත්තා. එතැන හිටපු කට්ටිය බය වෙලා පැනලා දිව්වා. මට මොනවත් කර ගන්න දෙයක් නැහැ. බැරි වෙලාවත් නයා අත හැරියොත් මට දෂ්ඨ කරනවා. හොඳ වෙලාවට අපේ දහම් පාසලේ දරුවකුගේ තාත්තා කෙනෙක් එතනට ආවා. ඒ කෙනා නාගයාගේ වලිගය පැත්තෙන් තද කරලා අල්ලා ගත්තා. පස්සේ කොහොම හරි බෑග් එකකට ඌව දාගන්න පුළුවන් වුණා.
නාගයෙක් අල්ලන විට කවදාවත් පෙණය පුප්පල දෂ්ඨ කරන්න හදලා නැහැ. නාගයෙක් විතරක් නොවෙයි කොයි සතත් අපට දෂ්ඨ කරන්නේ සපා කන්නේ ඔවුන්ට අපෙන් හිරිහැරයක් පීඩාවක් වෙයි කියන බයට. අපෙන් කරදරයක් නැත්නම් ඒ සත්තු කොච්චර විසකුරු වුණත් උන්ගේ පාඩුවේ යනවා යැයි සිරිජෝති හිමියෝ පවසති.
|
ප්ලාස්ටික් කූඩය තුළ දරන ගසා සිටි නාගයෙක්. |
සතා සිවුපාවාට ජීවත් වෙන්න තිබුණ පරිසරය වාසස්ථාන අපි උදුර ගෙන. ඒ නිසා තමා මේ සත්තු ගම් වදින්නේ. අපට මානව හිමිකම් තිබෙනවා. එහෙම සතා සිවුපාවාටත් සත්ත්ව හිමිකම් තිබෙන බව කිසිම දාක අපි අමතක කරන්න හොඳ නැහැ යැයි ද උන්වහන්සේ පවසන්නේ සතා සිවුපාවා කෙරෙහි හදවතින්ම උපන් ආදරය කරුණාව දයාව පෙරදැරි කරගත් මෙත් සිතිනි.
සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප : නුගේගොඩ සෝ. විජේවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කවදාවත් නපුරු සතෙකුටවත් හිංසා කරන්නේ නැහැ කවදාවත්. හාමුදුරුවෝ අන්තිමට කියලා තියන කියමන මමත් හොදින් විශ්වාස කරන දෙයක්. මට්ත් මෙතෙක් කාලෙකට සතෙකුගෙන් අනතුරක් වෙලා නැහැ. ඒ මම උන්ට කරුණාව දක්වන නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට මමත් ගරු කරනවා. (නි)
ලොකු සමාජ සේවයක්. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්.(නදී)
මේ ස්වාමීන්වහන්සේ අනිවාර්යෙන් බොදු බල සේනාවේ කෙනෙක් නෙමෙයි.(නදී)
ඔබ වහන්සේට බොහොම පින් මේ ඡේදෙට. (ස)
"නාග ලොවින් ගෙන ආව බුලත් අත තාම ලොවේ පවතියි". මේ අවරුදු කාලේ අහන්න ලැබුණු හොඳ කතාවක්. හාමුදුරුවනේ වැඩේ නම් හොඳ සේවයක්. අර නයි නෝනාට නම් ආරංචි වෙන්න දෙන්න එපා. ඇවිල්ල කරදර කරාවී කැලයට දාන්න එපා. මට දෙන්න කියලා.(නදී)
සමහර භික්ෂුන් මිනිමැරුස්/ස්ත්‍රී දුෂණ හා සම්බන්ද වෙද්දී ඉතාමත් අගයකල යුතු පුන්ය කර්මයක නිරතවී සිටින අපේ හාම්දුරුනමගෙන් හැමෝටම ආදර්ශයක්.(නදී)
කෝ අර අපේ නළගන එතකොට? (නි)
මම හිතන්නේ උන්වහන්සේ බුද්දදාස රජතුමාගේ කාලේ වැඩ විසු යතිවරයන් වහන්සේ කෙනෙක් වෙන්න ඇති. (ස)
හාමුදුරුවනේ, වැඩේ ගොඩක් හොදයි. හාමුදුරුවන්ට පින්. එහෙත් හාමුදුරුවනේ මා පාසල් යන කාලේ අපිට පරිසර සමතුලිතත්වය කියලා පාඩමක් තිබුනා. ඒකයි ස්වභාවය. (නි)
සම්පුර්ණ ඇත්ත. නමුත් නයා නයාමයි. (නි)
අර කටුස්සසව බේරගන්න බැරිව ගියාද ? මොනවා කරන්නද හාමුදුරුවනේ, වැඩි බලය තියෙන්නේ නයාටනේ. ඔබවහන්සේගේ සේවය ඉතා අගෙයි. (නි)
බුද්ධි, ඔයා කියන්න වගේ මෙවැනි දෙයක් හාමුදුරුනමක් විසින් කරන බව අහන්න ලැබීම හොද දෙයක්. නමුත් සේනාවේ හාමුදුරුවරුගෙන් එන තර්ක සම්පූර්ණ ඇත්ත. ඒ හිමිවරු රටට කරන්නේ ලොකු සේවාවක්. (නි)
නයාගෙන් මිනිස්සුන්ට හානියක් නොවෙන තැනකට ගිහින් දාන්න. මෙතකද කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර මායිමේ අධික පොලොං ව්‍යාප්තියක් තියෙනවා. පුලුවන් නම් මේකට විසදුමක් දෙන්න. හාමුදුරුවනේ, අපි මාසෙකට තුන් හතරදෙනෙක් මරනවා. ඇත්තම කිව්වොත් රාත්‍රියට පාරේ යන්නේ බයෙන්. (නි)
මේවගේ හාමුදුරුවරු ඉන්නවනම් රටම ඉක්මනටම සුවපත්වේවි.(නු)
හාමුදුරුවරුන් ගැන දොස් කතා නිතර ඇහෙන රටේ මේ වගේ හිමිවරුන් ගැන අහන්න ලැබීමත් වාසනාවක්. මෙම වාර්තාව ඉදිරිපත් කල ලංකාදීපයටත් මේ ගැන ප්‍රසංශාව හිමි විය යුතුය. (නි)
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ බුදුබණ පදය අනුව කටයුතු කරන ඔබ වහන්සේට ගොඩක් පින්..අපේ හාමුදුරුවනේ.(නදී)
මෙන්න මේවා තමයි අපි ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. අර සේනා මේ සේනා හෝ දේශපාලනය නෙමෙයි. හාමුදුරුවනේ ඔබට බොහෝ පින්.(නදී)