IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


වසරක් පාසා ඔබේ ගෙවත්තට එන වීසා නැති සංචාරකයෝ

පසුගියදා පළවූ වාර්තාවකින් කියැවුණේ ශ්‍රී ලංකාව මේවසරේ පැමිණි සංචාරකයන්ගේ වර්ධනයක් ඇති බවයි. එහෙත් ගුවන් තොටුපොළ හරහා නොගොස් කෙළින්ම ශ්‍රී ලංකාවට පියඹා එන සංචාරකයන් පිරිසගේ දත්තයන්ද මෙයට එකතු කළහොත් මේ අගය තවත් වැඩිවනු ඇත. රටකින් රටකට යාමට වීසා අවශ්‍ය නොවන මේ සංචාරක පිරිස වසරක් පාසා තම කැඳලි තනනා සුවදි පෙදෙස් (Breadius grouds)  වලට සීත සමය උදාවත්ම ආහාර සපයා ගැනීමටත් සීතලෙන් ගැලවීමටත් සමකය ආසන්නයේ ශ්‍රී ලංකාව වැනි රටවල් බලා පියාඹා එන සංචාරක කුරුල්ලන්ය. වඩාත්ම නිවැරැදිව කියන්නේ නම් නිහැරියන්ය. ඉන්දියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව පිහිටි තැන අනුව එය ඉන්දියාවෙන් දකුණු දෙසට ඇති අවසන් ගොඩබිම වේ. අපගේ දිවයිනේ සිට දකුණු ධ‍්‍රැවය තෙක් අන් කිසිදු ගොඩබිමක් නොමැති නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසින් දකුණු දෙසට එන කුරුල්ලන්ගේ ගමනේ කෙළවර වේ. වෙනත් පියාසර මඟ ඔස්සේදී ශ්‍රී ලංකාව බලා පැමිණෙන නිහාරියන් අපේ‍්‍රල් පමණ වන තෙක්ම අප රටේ සත්කාර විඳිමින් මෙහි රැඳී සිටි.කෙසේ වෙතත් විවිධ කුරුල්ලන් ලංකාවට පැමිණෙන කාලයත් සහ ලංකාවෙන් ඉවතට පියඹා යන කාලයත් කාල පරාසයන් තුළ සිදුවන නිසා මෙම ඔක්තෝබර් මාසය වනවිටත් සමහර නිහාරියන් ලංකාවට පැමිණෙමින් සිටී. මේ අතරින් අපට වඩාත්ම සමීප නිහාරයකු වන්නේ අවිච්චියාය. (Indian Pitta) අවිච්චියා සැබවින්ම මනබඳනා වර්ණවත් කුරුල්ලෙකි. උඩුකය කොළ, නිල්, කළු සහ සුදු පැහැ ගන්නා අවිච්චියාගේ හිසෙහි තැඹිලි, කළු සහ සුදු මිශ‍්‍ර රටාවකි. පියාසරද්දී දිලෙන කොළ හා නිල් පැහැයෙන් දිස්වෙන අවිච්චියා සැබැවින්ම අපට සිහි කරන්නේ පැරැණි ගැමි කතාවකි. මේ කතාවට අනුව මොණරාට ඇත්තේ මඟුල් ගෙදරකට යන්නට කියා අවිච්චියාගෙන් ඉල්ලා ගත් පිල් කළඹයි. ඉන්දියාවේ උතුරු ප‍්‍රදේශවලින් සැතපුම් දහස් ගණනක් පියාසරා එන මේ තරමක් මහත කුරුල්ලා මේ ගමනේදී බොහෝ විට විඩාවට පත්වේ. විඩාවට පත්වී පියාඹීමට අපහසුව ගුලිවී සිටින අවිච්චියන් බොහෝ විට ගෙවතු ආශි‍්‍රතව පවා වාර්තාවී ඇත. කොළඹ වැනි ජනාකීර්ණ ප‍්‍රදේශවලදී පවා මෙසේ විඩාවට පත්වූ අවිච්චියන් මීට පෙර හමුවී ඇත. වසර කීපයකට පෙර මරදානේදී ද, කොම්පඤ්ඤවීදියේ දී මෙසේ විඩාවට පත් අවිච්චියන් බේරාගැනීම පසුගිය නිහාරි සමයේදී හැකියාව ලැබිණි. කරදරයට පත්වූ අවිච්චියකු දුටුවහොත් ඔබටත් එම කුරුල්ලාට උදව්වක් විය හැකිය. මතක තබාගත් යුතු කරුණ වන්නේ කාක්කන්ගේ කෙටීම වැනි දෙයකට ලක්වී තුවාලයක් වී නැත්නම් සමහර විට පැය කීපයකින්ම කුරුල්ලා යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බවයි. මෙසේ යථා තත්ත්වයට පත් නොවුණත් කුරුල්ලා බාධා නොවන අඳුරු ස්ථානයක රඳවා තැබීම ආරක්ෂිතය. පිල් විද වාතය හොඳින් සංසරණය වන ලෙස සැකසූ කාඞ්බෝඞ් පෙට්ටියක් මේ සඳහා උපයෝගී කරගත හැකිය. කුරුල්ලා ඇල්ලීමේදීද පරිස්සම් විය යුතු අතර අනවශ්‍ය ලෙස තදවීමකදී කුරුල්ලාට තුවාල සිදුවිය හැකිය. පැය කීපයකින් පසුවද කුරුල්ලා හොඳටම දුර්වල නම් පාන් තිරයක් වැන්නක් උපකාරයෙන් ග්ලූකෝස් වැනි ද්‍රාවණයන් කුරුල්ලාට පරිස්සමින් පෙවීමට උත්සාහ කළ හැකිය. කුරුල්ලාට තුවාල වී ඇත්නම් පශූ වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාදීමට උත්සාහ ගන්න. කෙසේ වෙතත් පියාසර කිරීමේ හැකියාව ලැබුණ වහාම අවට වෙනත් විලෝපිතයන් නොගැවසෙන වේලාවක් සහ තැනක් තෝරා ගෙන අවිච්චියා නිදහස් කිරීම කළ යුතුය. අවිච්චියන් පමණක් නොව වෙනත් පොදු නිහාරියන් බොහොමයක් අපගේ ගෙවතුවලට පැමිණෙන අතර ඔවුන් නැරැුඹීම සැබවින්ම ආශ්වාදජනක වේ. මොවුන් අතර නිල් පෙඳ බිඟුහරයා (Blue-tailed Bee-eater) සුදු රෙදි හොරා (Asian Paradise Flycatcher) වන හැලපෙන්දා (Forest Wagtail)  අටු වැහිළිහිණියා (Barn Swallow) බොර මැසිමාරා(Asian Paradise Flycatcher) බොර සබරිත්තා (Brown Shrike)  ඔබගේ ගෙවත්ත හා අවට නගරබදව පවා දැකගත හැකිවන සුලබ නිහාරියන් වේ. සුදු පැහැ පීත්ත පටියක් සුළෙඟ් පාවී යන ආකාරයත් සිහි ගන්වමින් ඒ මේ අත පියාඹා යන අපට හොඳින් හුරු සුදුරෙදි හොරා සියලූදෙනා හොඳින් අඳුනන අතර අනිත් පොදු නිහාරියන් හැඳින ගැනීම ද එතරම්ම අපහසු නොවේ. නිල් පෙඳ බිඟු හරයන් බොහෝ විට පාර දෙපස විදුලි කම්බිවල සහ කණුවල දක්නට ලැබේ. ඔවුන්ගේ නමින් හැඟවෙන පරිදිම මී මැස්සන් වැනි කෘමීන් ආහාරයට ගන්නා මේ ලස්සන කුරුල්ලා පියාපත් විදහා ගුවන් ගත වන ආකාරය සැබැවින් මන බඳනේය. රත්නපුරයේ මේ කාලයට විදුලි කම්බිවල ලැඟුම් ගන්නා දහස් ගණනක් කුරුල්ලන් ගැන ඔබ අසා තිබේද? එසේ ලැඟුම් ගන්නේ අටු වැහිළිහිනියන්ය. වන හැලපෙන්දා ද මඳ වේලාවක් හෝ නිසොල්මනේ සිටිමට අකමැති පක්ෂියෙකි. නිතරම වලිගය වනන පුරුද්දක් ඇති මේ වන හැලපෙන්දන් ලෙස හැඳින්වීමට පටන් ගත්තේද එම පුරුද්ද නිසාය. බොර සබරිත්තාගේ ඇස් වසන කළු පැහැ පටියක් ඇත්තේ බැංකුවක් මංකොල්ල කෑමට මුහුණේ රෙදි පටියක් බැඳගත් සොරෙකු සිහිගන්වමිනි. සබරිත්තාටම විශේෂිත වූ වෙඩි තියන්නා වැනි හඬක් නිකුත් කරන සබරිත්තා ද හඳුනා ගැනීම අපහසු නොවේ. මෙම පොදු නිහැරියන්ට අමතරව විශාල රංචු ලෙස ලංකාවට පියඹා එන කුරුල්ලන් අතර තාරාවන් හා ජලය ආශ‍්‍රිතව ගැවසෙන දිය විදුවන්  ප‍්‍රධාන තැනක් ගනී, බුන්දල වැනි තෙත් බිම් මොවුන්ගේ පාරාදීසයක් වන අතර දහස් ගණනක් වන කුරුල්ලන් එක්වර දැක ගැනීමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු රැම්සාර් තෙත් බිම ලෙස නම් කළ බුන්දල විශේෂයෙන්ම වැදගත් වන්නේ මේ නිහැරියන් අධ්‍යයන මූලික කරගත් පර්යේෂණයක් 2005 සිට අඛණ්ඩවම සිදු කෙරෙන බැවිනි. මෙහිදී බුන්දල කුරුල්ලන් නියැදියන් අල්ලා ඔවුන්ගේ දත්තයන් සටහන් කරගෙන කුඩා ලෝහ මුද්දක් ඔවුන්ගේ පාදයේ පළඳා නැවතත් මුදා හරී. ශ්‍රී ලංකාවේදී පළඳවනු ලැබූ බව සටහන් කරන මෙම මුද්ද අංකනය කර ඇති නිසා වෙනත් රටකදී මේ කුරුල්ලා හමුවූ විට නිසැකවම ශ්‍රී ලංකාවේ සංචාරකයකු බවට දන්නන් මුද්ද මගින් සැකහැර තහවුරු කරයි. වසරකට තුන් වතාවක් බුන්දලදී මෙසේ කුරුල්ලන්ට මුදු දැමීමේ කඳවුරු පවත්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගමයන්ගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන ශ්‍රී ලංකා ක්ෂේත‍්‍ර කුරුලූ විද්‍යා කවය සහ වන ජීවී දෙපාර්තමේන්තුව මගිනි. පසුගිය මාසයේදී මෙසේ බුන්දල අධ්‍යයනයේ යෙදුණු කුරුලූ විද්‍යාඥයන් තම අධ්‍යයනයන් සඳහා අල්ලා ගත් කුරුල්ලන් අතර මීට පෙර බුන්දල දීම පැළඳවූ මුදු සහිත කුරුල්ලන් දෙදෙනකුම හමුවීය. 2007 දී පැළඳවූ මුද්දත් සහිත හීන් වැලි ඔලෙවියෙකු සහ 2009 දී දැමූ මුද්දක් සහිත පොදු රත්පා සිලිබිල්ලෙකු = (Common Red Shank) මෙසේ හමුවූවන් අතර විය. මීට පෙරත් කීප වතාවකදීම බුන්දලදී පැලදු වූ මුදු සහිත නිහැරියන් නැවතත් බුන්දලදීම හමුවී ඇති අතර මෙයින් සනාත වන්නේ මොවුන් වසරක් පාසාම බූන්දල තෙත් බිමකට පැමිණීමට කැමැත්තක් දක්වන බවය. අප අවට නිහැරියන් අධ්‍යයනය කරමු. කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ ඔවුන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ විද්‍යාඥයන්ට පමණක් නොව කුරුල්ලන් පිළිබඳ උනන්දුවක් දක්වන ඔබටද සිදුකළ හැකිය.

  • ඔබගේ ගෙවත්තේ හා අවට දක්නට ලැබෙනා නිහැරියන් කවරෙක්ද?
  • මේ එක් එක් නිහැරි කුරුලූ වර්ග මුලින්ම ගෙවත්තේ දක්නට ලැබෙන්නේ කවදාද?
  • ඔබ දැනුවත්ව කෙතරම් කාලයක් ඔවුන් එහි ගත කරන්නේද?
මෙවැනි ප‍්‍රශ්නවලට පිළිතුරු අප අවට කුරුල්ලන් අධ්‍යයනයෙන් සොයා ගත හැකිය. ඔබට අමතරව ඔබගේ අසල්වැසියා ද මෙම දත්ත සටහන් කර ගත්තේ යැයි සිතන්න. ඔබගේ ප‍්‍රදේශයේ තවත් පුද්ගලයනුත් ඔබගේ ආසන්න නගර හා ගම්වලත් මෙම දත්ත සටහන් කර ගත්තේ යැයි සිතන්න. ලංකාව පුරාම මෙසේ දත්තයන් එක් රැස් කර ගත්තොත් එක් එක් නිහැරියන් මුලින්ම දක්නට ලැබෙන දවස් හා කොතරම් කාලයක් ඔවුන් ලංකාවේ සිටීද යන්න පිළිබඳ හොඳ සිතියමක් ලබාගත හැකිය. ඔබටත් මේ සඳහා දායකවීමේ අවස්ථාවක් කොළඹ විශ්වවිද්‍යාලය මූළික කරගත් ක්ෂේත‍්‍ර කුරුලූ අධ්‍යයනය කවය (FOGSL) මෙවර සංවිධානය කර ඇත. ඔබ අවට නිහැරියන් මෙන්ම අනිත් කුරුල්ලන් පිළිබඳ දත්තත් ඔවුන් වෙත යොමු කරන මෙන් ඔහු ඉල්ලා සිටී. ඔබගේ ගෙවත්තේ හා අවට දක්නට හැකි නිහැරියන් හා අනිකුත් කුරුල්ලන් පිළිබඳ විස්තර පහත සඳහන් ලිපිනයට තැපැල් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් යොමු කරන ලෙස කුරුලූ විද්‍යා කවය ඉල්ලා සිටි. කුරුළු විද්‍යා කවය, සත්ව විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ-3 [email protected] මීට අමතරව ශ්‍රී ලංකාවේ නිහැරියන් හඳුනා ගැනීමට උපකාරිවන සම්මන්ත‍්‍රණ මාලාවක්ද සංවිධානය කිරීමට ක්ෂේත‍්‍ර කුරුලූ කවය බලාපොරොත්තු වන අතර නොවැම්බර් 10 සිට 13 දක්වා නිහැරියන් සහ අනිකුත් දියවිදුවන් පිළිබඳ සිව්දින ක්ෂේත‍්‍ර චාරිකාවක් හා වැඩ මුළුවක් බුන්දල තෙත් බිමෙහි සංවිධානය කර ඇත. නොවැම්බර් 10 වැනිදා කොළඹ විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්වන බූන්දල ක්ෂේත‍්‍ර චාරිකාව සඳහා සහභාගිවීමට කැමැත්තේ නම් කළින් ස්ථානයන් වෙන් කර ගැනීමට හා ඒ පිළිබඳ වැඩි විස්තර පහත දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය. 2501332 හෝ 0712 543634 ලංකාවට සංක‍්‍රමණය වන බත් කූරෝ? දිනය පසුගිය 20 වැනි බ‍්‍රහස්පතින්දාය. උදෑසන 7ට පමණ මොරටුවේ සිට කොල්ලූපිටිය බලා කාර්යාල දුම්රියෙන් ගමන් ගත් ක්ෂේත‍්‍ර කුරුලූ කවයේ නශාත් හාෆි  මහතා දුටුවේ වෙරළ ආසන්නයේ දකුණු ප‍්‍රදේශය බලා නොනවත්වා පියාසරන බත් කූරන් දහස් ගණනක රංචුවකි. මෙම අසාමාන්‍ය සිද්ධිය පිළිබඳ තම උනන්දුව දැක්වූ නශාත් කීප දෙනෙකුටම ඒ පිළිබඳව තව දුරටත් සොයා බලන ලෙස දැන්වූ අතර පසුව සිදුකළ විපරමකදී හෙළිවූයේ ඉතා විශාල ලෙස බත් කූරන් මෙම දිනයේදී කොළඹ ආසන්නයේ වෙරළාශි‍්‍රතව දැක ගන්නට ලැබුණු බවය. තව දුරටත් විස්තර සොයා බැලීමේදී මහාචාර්ය කොටගම පැවැසුයේ ඉන්දියාවේ සිට මාලදිවයින හරහා අපි‍්‍රකාව බලා බත්කූරන්ගේ සංක‍්‍රමණයක් ඇති බවය. කුරුල්ලන්ගේ නිහැරීම පිළිබඳ අධ්‍යයනයක් වැඩිදුර කර ඇතත් කුඩා කෘමියකු වූ බත්කූරන් මෙතරම් දුරක් පියඹා යාම සිතා ගත නොහැක.
  • ඔබත් මෙසේ බත්කූරන් දහස් ගණනක් රංචු පියාඹා යනු පසුගිය සති කීපයේදී අධ්‍යයනය කළාද?
  • ඔබගේ ප‍්‍රදේශයේ බත්කූරන් ගේ වැඩිවීමත් මේ දිනවල දක්නට ලැබේද?
මෙසේ බත්කූරන් නැවතත් මෙම සමයේදී පැමිණීමට ඉඩ ඇති නිසා මේ පිළිබඳ සැළකිල්ලෙන් සිටීමද වැදගත්ය. මෙවර  Migrant Watch  වැඩ සටහනට මෙම බත්කූරන් අධ්‍යනය ද ඇතූළත් කර ඇති අතර අහම්බෙන් දුටු නිරීක්ෂණයක් නිසා මේ කාල සීමාවේදී බත් කූරන්ගේ මෙම සංසිද්ධිය ගැන උනන්දුව ඇවිස්සුණු අතර කුඩා නිරීක්ෂකයන් පවා වැදගත් බව පෙන්වාදීමට මේ කදිම නිදර්ශනයක් ලෙස මහාචාර්ය කොටගම පවසයි. මෑතකදී දුටු බත්කූරන්ගේ වැඩිවීමත් පිළිබඳ ඔබත් නිරීක්ෂණය කර ඇතොත් ඉහත සඳහන් ලිපිනයන්ට දන්වන්න. නැතහොත් දුරකථනයෙන් දන්වන්න. 2501332 හෝ 0712543634 නැතහොත් [email protected] අවිච්චියා සුදු රෙදි හොරා අටු වැහිළිහිණියා නිල් පෙඳ බිඟුරහයා බොර සමරිත්තා වන හැලපෙන්දා  
 



අදහස් (0)

වසරක් පාසා ඔබේ ගෙවත්තට එන වීසා නැති සංචාරකයෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 331 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 120 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 140 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site