|
|
දහවල් විහාරමහා දේවී උද්‍යානය |
.
ශ‍්‍රී ලංකාවේ කාර්ය බහුලම නගරය කුමක්දැයි ඇසුවහොත් ඕනෑම කෙනකු දෙන පිළිතුර කොළඹ යන්නයි. දිනකට වාහන විශාල ප‍්‍රමාණයක් කොළඹට ඇතුළුවන අතර විවිධ රාජකාරි සඳහා විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිසක්ද කොළඹට පැමිණෙති.
දිවා කාලයේ කොළඹවිත් නැවත රාත‍්‍රී අටට නවයට පමණ කොළඹ ආ කෙනකුට තමන් මේ දවල් පැමිණි කොළඹ නගරය දැයි දෙවරක් සිතෙනු ඇත. ඒ දිවා කාලයේ මෙන් විශාල වාහන තදබදයක් නැතිව, විදුලි බුබුලූවලින් ආලෝකමත් වී, නිස්කලංකව තිබෙන බැවිනි.
ගෝෂාකාරී හා කලබලකාරී කොළොම්පුරයේ දිවා කාලයේ පවා තරමක් නිවුණු පරිසරයක් ඇති තැන් කිහිපයක් ද නැතුවාම නොවේ. ඉන් එක් ස්ථානයකි කොළඹ පුරහල ඉදිරිපිට පිහිටි විහාර මහා දේවී උද්‍යානය.
රාත‍්‍රී කොළඹ වටා අප යන ගමනේ මුලින් ගොඩ වැදුණේ විහාර මහා දේවි උද්‍යානයටය.
විහාර මහා දේවී උද්‍යානය වට කරගෙන කොළඹ පුරහල, නෙළුම් පොකුණ රඟහල, මහජන පුස්තකාලය පිහිටා ඇත. දිවා කාලයේ පෙම්වතුන්ගේ හා ළමයින්ගෙන් ද, විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් ද ගහන විහාර මහා දේවි උද්‍යානය රාත‍්‍රියට අමුතුම සිරියක් ගෙනෙයි. බැලූ බැලූ අත විදුලි බුබුලූය. ගන
|
ඇවිදින මාර්ග දහවලට |
අන්ධකාරය මකාලන්නට එවා සමත්ව ඇත.
දිවා කාලයේ බංකු උඩ, ගස් යට පෙම්සුව විඳින ජෝඩු රාත‍්‍රියට නැත. දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරන ළමෝ රාත‍්‍රියට නොවෙති. ගන අන්දකාරය මකාලන්නට සමත් විදුලි බුබුලූ නිසාම රාත‍්‍රී කාලයේ දැනෙන පාළුව මූසලකම උද්‍යානයේ නොදැනේ.
දුර බැහැර සිට කොළඹට පැමිණ ගිමන් නිවාලන්නට උද්‍යානයට එන්නෝ දිවා කාලයේ බොහොමයකි. පන්ති යන ගමන් උද්‍යානයට එන පෙම්වතුන් රැුසකි. රාත‍්‍රී කාලයේ ඊට හාත්පසින් වෙනස්ය. බසයෙන් විත් පුරහල අසලින් බැස එන පෙම්වත්තු නැත. රාත‍්‍රියට ඇත්තේ හොඳ හොඳ වාහනවලින් එන තරුණ තරුණියෝය.
කලකට පෙර උද්‍යානය වටකර වැට බැඳ දෙතැනකින් පමණක් ඇතුළුවීමට විවර තිබුණත් චෝගම් ප‍්‍රතිසංස්කරණත් සමග දැන් උද්‍යානයය හතර වටින්ම විවෘතව ඇත. ඕනෑම කෙනකුට ඕනෑම තැනකින් ඇතුළු වී උද්‍යානයේ එහා මෙහා යා හැකිය. උද්‍යානය වටා තැනින් තැන කාර්, ජීප් ආදී වාහන කිහිපයක් නවතා තිබේ. නිතරම ඒ අසල දක්නට ලැබෙන ත‍්‍රිරෝද රථ කිහිපයක් ද තැනින් තැන ඇත.ඇතැමෙක් ඇවිදිමින් හා දුවමින් ව්‍යායාම කරති. තවත් පිරිසක් බංකුවලට වී කතා බහකරමින් සිටිති. තැනින් තැන තනිවම දෙකනේ ”හෑන්ඞ් ෆ‍්‍රී” ගසාගෙන සිටිනා තරුණයෝ ද වෙති.
චීන ජාතික යුවළක් විහාරමහා දේවී උද්‍යානයේ කතාබහක නිරත වෙමින් ඇවිද ගිය අතර තවත් විදේශිකයන් තිදෙනෙක් බංකුවක් මත කතාබහකය. ඔවුන්ගෙන් එක් අයෙක් දුම්වැටියක් උරමින් සිටියේය.
දිවා සංස්කෘතියට හාත්පසින් වෙනස් සංස්කෘතියක් රාත‍්‍රියට කොළඹ ඇත.
කොට ඇඳුම් ඇඳගෙන පෙම්වතුන් සමග උද්‍යානය වටේ ඇවිදිනා යුවතියෝ කිහිප දෙනෙක් ද තැනින් දැන සිටියහ.
විහාර මහා දේවී උද්‍යානය එතරම් කලබලකාරී තැනක් නොවුණත්, වැඩිපුර පිරිස් නොගැවසුනත් අඳුර වැටීගෙන එද්දී කාර්ය බහුල වන තැන් රැුසක් කොළඹ ඇත. දිවා කාලයේ සාමන්‍ය ආකාරයෙන් සිට සවස හත පසුවෙද්දී ඔවුහු වැඩ අරඹති. එවැනි ස්ථානවලට යන එන ගමන් විහාර මහා දේවී උද්‍යානයට ගොඩ වෙන්නන් ද නැතුවාම නොවේ.
රාත‍්‍රී කාලයේ කොළඹ වැඩිපුරම කාර්ය බහුල තැන් මොනවාද? එවාට යන්නෝ කවරහුද? ලබන සතියේ රසවිතෙන්.
|
ඇවිදින මාර්ග රාත‍්‍රියට |
|
|
රාත‍්‍රියට විහාරමහා දේවී උද්‍යානය |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලස්සන කරන්න නම් ත්‍රී රෝද රථ ඉවත් කරන්න ඕනෑ. (නි)
ලස්සනයි! මටත් යන්න හිතෙනවා.(නදී)
බොරු කියන්න ඕනේ නැහැ මට ආදරේ කරන්න ඉස්සර තිබුනේ ඔතන විතරයි .ඒ අතීතය තවම මතකයි සුන්දරයි (දිල්)
ශානුක මහත්තයෝ ත්‍රීරෝද රථ ඉවත් කරාම ඒ අහිංසක ත්‍රීරෝද රථ කරුවන් ජීවත් වෙන්නේ කොහොමද ? (ස)
ශානුක, ගොන් කතා කියන්න එපා. ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ කවුද?? පොලිසියෙන්ද?? (ස)
මමත් ඒ කාලේ ආදරේ කළේ මේ කියන පාර්ක් එකේ ඉදලා තමයි. හරිම සුන්දරයි ඒ අතීතය. ඒ ආදරේ කරපු කෙනා තමා දැන් මගේ බිරිද. (නි)
මෙම උද්‍යානය මේ ආකාරයෙන්ම තබා ගැනීමට නීති පමණක් පනවා බැහැ. මිනිසුන්ගේ චින්තනයද වෙනස් විය යුතුයි. (නි)
දිස්ත්‍රික්ක 25 ම ප්‍රධාන නගර කොළඹ වගේ ක්‍රමවත්ව,පිරිසිදුව,පහසුකම් වලින් යුතුව සකසා දෙන්න.ඔබලාට අපේ මනාපය. (නි)
උද්‍යානෙ ලස්සන කලාට විතරක් මදි. මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු කරන්න ඕනි.. (ස)
මමත් ඒ කාලේ ආදරේ කළේ මේ කියන පාර්ක් එකේ ඉදලා තමයි. හරිම සුන්දරයි ඒ අතීතය. ඒ ආදරේ කරපු කෙනා තමා දැන් මගේ මහත්තයා. බැන්ඳට පස්සේම යන්න බෑරි වූනා. ඒකට නම් හරිම දුකයි. (ස)
ලස්සනයි .(නදී)
වැසිකිළි කැසිකිළිත් හොදයි ද? (ත)
දැන් කොළඹ ලස්සන නගරයක් පිරිසිදුයි අපිට හරි ආඩම්බරයි(දිල්)