|
|
|
|
වැඩ අවසන් වූ පසු උයන දිස්වන අයුරු දැක්වෙන පරිගණක නිර්මාණයකි. |
කොළොම් පුරේ ශි‍්‍රයා
කොළොම් පුරේ ශි‍්‍රයා
බොහොම ලස්සනයි කොළොම් පුරේ ශි‍්‍රයා ශි‍්‍රයා ...
අතීතයේදී කොළඹ නගරයේ ශි‍්‍රයාව මෙලෙස විචිත‍්‍රවත්ව වර්ණනා කෙරෙනුද පසුකාලීනව එහි වටිනාකම දියවී ගොස් තිබුණි.
අහස සිඹින කුණු කඳු, දුඟඳ හමන කාණු පද්ධති දින දින වැඩිවී වාහන දුමෙන් දුෂණයවන ලොව ප‍්‍රධානම දෙවැනි නගරය බවට කොළඹ නගරය පත්වූයේ දියුුණුවෙන ලෝකය තුළ ආකල්පමය වශයෙන් ආගාධයට යන මිනිසුන් නිසාද විය හැක.
මෙම කරුණුද අද වළපල්ලට යමින් තිබේ. කවුරුන් කෙසේ කිව්වද සංවර්ධනය කරා පියමනිනා රට තුළ මහා මාර්ග ඉදිවීම, අධිවේගී මාර්ග, රෝහල්, ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිවීම සේම නව නගර සැලසුම්ද සුවිශේෂිය. යටත් විජිත යුගයේදී ඉදිකළ පුරහල චතුරශ‍්‍රය ඉදිරිපිට ඇති වික්ටෝරියා පාක් හෙවත් විහාර මහා දේවි උද්‍යානයට අපි පිය මැන්නෙමු.
අලංකාර උද්‍යානයක් වෙනුවට එහි තිබුණේ භූමි වපසරිය වෙනස් කරමින් සිදුකරනා විපර්යාසයන්ය.
ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ අත් උදව්කරුවන් ඇතුළු මොළයෙන් ශරීර ශක්තියෙන් නව නිර්මාණයක් ගොඩනගනු වස් යුහුසුළුව කි‍්‍රයාකරනා එකම පිරිසක් එකම බිමකදී දුටුවෙමු.
අව්ව, වැස්ස නොතකා රෑ දහවල් නොබලා වෙහෙසවන සියලූ දෙනාගේම දහඩිය ශක්තියෙන් බිහිවන නව ව්‍යාපෘතියේ තොරතුරු අපි සොයා ගියෙමු.
කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ වාස්තු විද්‍යාඥ එස්. යූ. බී. දොලපිහිල්ල මහතාගෙන් අප තොරතුරු විමසා සිටියෙමු.
ලෝක බැංකු ණය ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික මඟපෙන්වීම යටතේ කොළඹ අග නගරය ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරේ. ඒ 2011 වසරේදී සිටය.
කොළඹ මහ නගර සභා භූමිය, විහාර මහා දේවි උද්‍යානය, සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාර යන පුරහල චතුරශ‍්‍ර භූමි භාගය මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරේ. ලොව පුරා ප‍්‍රධාන නගරයන්හි ඉදි කෙරෙනා නාගරික පොදු මහජන උද්‍යානයන්හි මූළිකම කරුණක් වනුයේ තාප්ප, බැරියර්, ගේට්ටු, ආදිය යොදා ආවරණය නොකළ නිදහස් විවෘත වටපිටාවක පොදු මහජන උද්‍යාන බිහිවීමය.
එය ආදර්ශයට ගෙන අලූත්වැඩියා කටයුතු සිදු කෙරෙන විහාර මහාදේවි උද්‍යාන භූමි භාගය පුරාවටම ඇති යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකසා තිබේ.
කොළඹ මහ නගර සභා භූමියත් විහාර මහාදේවි උද්‍යානයත් සහ ඉහතින් සඳහන් කළ ඒ අවට ඇති ප‍්‍රධාන මාර්ගත් එකම භූමියක් ලෙස නව සැලැස්මට අනුව ඉදි කෙරේ.
පෙර පැවැති භූමි භාගය තුළ එකම වර්ගයේ තණ පිඩලි අල්ලා පෙර පැවති විශාල ප‍්‍රමාණයේ ගස්, පඳුරු, ස්වරූපයේ ශාක විශේෂ කිසිවක් ඉවත් නොකර, මී, පළු, බුරුත ශාක අලූතින් එක්කර නව උද්‍යාන සැළැස්මට අනුව ප‍්‍රතිසංස්කරණය කෙරේ.
වාහන දුමෙන් මොහොතක් පාසා දුෂ්‍යවන පරිසරයට නව වාතාශ‍්‍රයක එක් කිරීමත් අවට පරිසරය පුරාවට සෙවණ, සිසිලස, සෞම්‍ය බව රඳා පවතින්නටත්, මෙලෙස ගස්, තුරුලතා වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.
බි‍්‍රතාන්‍ය යුගයේදී රෝම වාස්තු විද්‍යාඥයින්ගේ සැළසුම්වලට අනුව ඉදිකෙරුණු මෙම ඉදිකිරීම් සියල්ලෙහිම ආකෘතීන්ට හානියක් නොවනා පරිදි ජනහිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණය.
පුරහල, නිදහස් චතුරශ‍්‍රයත්, විහාරමහාදේවි උද්‍යානයත්, අවට පාරවල් සියල්ලත් එකම භූමියක පිහිටන අයුරකින් පෙනීමට නගර සැළසුම් කිරීමේදී යොදාගෙන ඇති තවත් ප‍්‍රධානම ක‍්‍රම වේදයක් වී ඇත්තේ ඒ සඳහාම විශේෂිත වීදි අලංකරණ ලාම්පු භාවිතයෙන් එම හෙක්ටයාර් හැටක පමණ භූමි ප‍්‍රමාණයකට ආලෝකය සැපයීමටය.
සීමා මායිම් වෙන් කිරීමට කොන්කී‍්‍රට් තාප්ප යොදනවා වෙනුවට වර්ණවත් මල් පූදින මල් ශාක සහ වර්ණ කිහිපයකින් යුතු පත‍්‍ර ඇති ශාක සිටුවීමට කටයුතු යොදා තිබේ.
පාරිසරික සහ සමාජීය වශයෙන් වටිනාකම් එකතුවන අයුරින් නිර්මාණය කෙරෙනා නව උද්‍යාන භූමිය පුරාවටම ඕනෑම අයෙකුට නිදහසේ හිඳගෙන අවට සිරි නැරැුඹිය හැකි අලංකාර උද්‍යාන ආසන යෙදවේ. දෙදෙනෙකුට, තිදෙනෙකුට, සිව්දෙනෙකුට හිඳගත හැකි පරිදි මෙලෙස අලංකාර පුටු සකස්කර තිබේ.
තවත් ආකාරයට සකස් කළ උද්‍යාන කුඩ, තුරුගොමු ආකාරයෙන් සකස් කළ ආවරණ ආදියද උද්‍යානය තුළ ඉදිකෙරේ.
දිනයේ පැය විසිහතර පුරාවටම විවෘතව පවතින උද්‍යානයට ඕනෑම අයෙකුට ඕනෑම වේලාවකදී යා හැකි සේම එහි ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවෙළක් ද යොදා තිබේ.
දහවලදී සේම රාති‍්‍රයේදීත් ආලෝකය හොඳින් පවතින පරිදි විශේෂ සැළසුමකට අනුව විදුලි ආලෝකය ලබාදීමද ව්‍යාපෘතියෙහි කොටසකි. මීට පෙර පැවැති උද්‍යානයට විනෝදවීම පිණිස දරුවන් පැමිණියත් හුදෙකලාව පෙම්බස් දෙඞීමට පෙම්වතුන් පැමිණියත්, දුගී මගී යාචකයන්, සාස්තරකරුවන් සුළු ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුත්ත කර ගැනීමක් හැර අහම්බෙන් අයෙකු විඩාව නිවා ගැනීමට තුරු ගොමුවක් යටට ගියත් ඉන් එහා ගිය ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට උද්‍යානයට ගොඩවූයේ නැත.
රුපියල් මිලියන හත්සියයක වියදමින් ඉදිවන නව උද්‍යාන භූමිය වටා දරුවන්ට විනෝදය පිණිස හෝ ශරීරික සුවතාවය වෙනුවෙන් පාපැදි (බයිසිකල්) පැදිය හැකි මං තීරුවක්ද ඉදිවේ. ඕනෑම අයෙකුට ප‍්‍රයෝජනයට ගත හැකි ශාරීරික සුවතාවන්හි යෙදිය හැකි මං තීරුත් නව උද්‍යානය තුළදී දැකගත හැකිය.
සතුටු උද්‍යාන නව සැළැස්ම යටතේ ඉදි නොවුනත් දරුවන්ට සෙල්ලම් කිරීමට නිදහස් වටපිටාවකින් යුතු පිට්ටනියක් සේම දරුවන්ට ශරීරය පිරිසුදු කිරීමේ ජල පහසුකම් සහිත කාමර ඉදි කෙරේ.
නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සුපිරි මට්ටමේ පොදු වැසිකිළි පද්ධතියක්ද උද්‍යානයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.
කොළඹ අගනගර ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය, නොවැම්බර් මාසයේ මෙරට පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර ජනතා අයිතියට පත් කිරීමට සියලූ දේ සූදානම්කර ඇත.
නව සැළසුමට අනුව කොළඹ මහ නගර සභා භූමියේ කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේ මැද වනවිටත්, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාරේ නව ප‍්‍රතිසංස්කරණ කටයුතු අගෝස්තු අගභාගය වනවිටත්, විහාරමහා දේවි උද්‍යානයේ නව ඉදිකිරීම් කටයුතු ඔක්තෝබර් මස අවසන් වනවිටත් නිම කිරීමට සියලූ කටයුතුසම්පාදනය කෙරේ.
නගර අනන්‍යතාවයත් මිනිසුන්ට විවේක ගැනීමට හැකි වටපිටාවක් පරිසර හිතකාමීව සමාජීය වටිනාකමින් යුතු භූමි භාගයක් නිර්මාණය කිරීමේ පසුපස සිටිනා නියමුවන්ද බොහොමයකි. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ කොමිසම, කොළඹ මහ නගර සභාව ඉන් ප‍්‍රධානය.
කොළඹ අවට කිලෝ මීටර් දහයක පමණ වපසරියක් ඕනෑම පුද්ගලයෙකුට නිදහසේ ඇවිදගෙන යෑමට හැකි පරිදි මාවත් ප‍්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු යොදා තිබේ.
කොළඹ උතුරු ප‍්‍රදේශයේ පදිංචිව සිටිනා පිරිසගේ විනෝදය, නිදහස පිණිස ”කාකදුව” වෙරළ තීරුව වෙරළ බඩ උද්‍යානයක් (බීච් පාක්) ලෙසින්ද කොල්ලූපිටිය, වැල්ලවත්ත දක්වා ඇති මුහුදු තීරුව වෙරළ බඩ උද්‍යානයක් ලෙසින්ද නවීකරණය කිරීමට නියමිතය.
සටහන - අසුන්තා එදිරිසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසාද්, ඇත්ත තමයි. නමට ලෝක උරුමය. මහනුවර නගරයත් ඔය වගේ ලස්සන නගරයක් කරන්න ගෝඨාබය රාජපක්ෂ මහතාට දෙන්න.(නදී)
කැම්පස් ඉන්න කාලේ අපිත් මේ පාක් එකට ගියා. එදා අපායක්. අද දෙව්ලොවක්. ගෝඨාභය මැතිතුමනි ඔබට තුති.(නදී)
බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා... (නි)
බලමු කෝ කොළොම්පුරේ ශ්‍රියා.(නදී)
කරුණාකරලා කැමරා හයි කරන්න. එතකොට පොලෝසියේ වැඩ බලන්න පුළුවන්.(නදී)
මම ඉන්නේ ඉතාලියේ. මෙහෙ නගර අලංකරණ සැලසුම් ඉතා අගෙයි. අපේ රටත් ඒ වගේ හැදෙනවා දකින කොට ඉතාම සතුටුයි.(නදී)
මම ඉස්සර පෙම් සුවය විදපු තැනක්. හික්..හික්.. (නි)
ගෝඨාභය ඇමතිතුමනි , ලෝක උරුම මහනුවර නගරයත් ඉක්මනට සාදා දෙනු මැනවි. මහනුවර ලෝක උරුම නගරයක් වුනාට කිසිම පිළිවෙලක් නැති නගරයක්. බස් නැවතුම් හැමතැනම, පාර දිගේ පොඩි පොඩි කඩ, මිනිස්සු යන්නේ ඇගේ හැප්පි හැප්පි. නහයක් තියෙන කෙනෙකුට මාර්කට් එක ලගින් යන්න බැහැ කුණු ගද. ඊට එහා පැත්තේ මාළු ගද. ඊටත් එහා පැත්තේ බෝගම්බර හිර ගෙදර. පිටරට මිනිස්සු බොහොමයක් ගැවසෙන නගරයක් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ. (නි)
ප්‍රසාද් කියපු එක හරි. ඒකට පියවරක් ගන්න ඕනෑ තමයි. මහනුවර රැක ගන්න ඕනෑ (නි)
ඇත්ත තමයි මහනුවර නගරය ගැන කියල වැඩක් නෑ.රටේ ඉන්න දෙවෙනි පුරවැසියයි ප්‍රබලම ඇමතිවරු පස් හය දෙනෙක් ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය පිළිවෙලකට හදන්න කාටත් බැරිවුණා .ගෝඨාභය මැතිතුමනි මහනුවර නගරයත් ඔය වගේ ලස්සන නගරයක් කර දෙන්න. ගන්නොරුව පේරාදෙණිය මාර්ගයේ ගග පැත්ත නම් හමුදාව ලස්සනට හදනවා (අ)
හිත ලස්සන නැති කුහක අයට පිනක් නැහැ පරිසරයක ලස්සන දකින්න. (නි)
කොතරම් කලත් වැඩක් නෑ. සම(හරක්) ඉන්නවා බනින්න. ඔය මානසිකත්වය නවත්වන්න කාලය හරි. කරන හොද වැඩ අගයකරන්න. තමන් කැමති පක්ෂය බලයට එනතුරු අකුල් හෙලමින් හිටියොත් වෙන්නේ තමන් සහ රට යන දෙකම පිරිහීම. ඔය හිතන පක්ෂය බලයට ආපු දවසට දැන් බලයේ ඉන්න පක්ෂයේ අය එතකොට අකුල් හෙලාවී. එහෙම උනොත් කිසි දවසක රටක් දියුණු නොවේ. 1977 මගේ කුලුදුල් ඡන්දය දුන්නේ ලාම්පුවට. දීලා එලියට ආ ගමන් ඇගිල්ලේ තීන්ත මකල තව ඡන්දයකට යන්න කියල ගමේ මැරයෝ කීවා. හේතු ගොඩක් නිසා ප්‍රතික්ෂේප කළ නොහැකි උනා. මම එවර ඡන්දය දැම්මේ කලගෙඩියට. විනාඩි දහයක් ඇතුලත පැත්ත වෙනස් කලා. නැවත නැවත හොර චන්ද 5 හෝ 6 දැම්මා. ඔක්කොම දැම්මේ කලගෙඩියට. පක්ෂය විය යුත්තේ නිවැරදි දෙයට එකතුවීම්. වැරදි දෙයට එරෙහිවීම.(නදී)
මතක තියාගන්න ඉන්දික, මේවා හැදිලා ලස්සන වෙලා එනකොට ඔයාට හිතෙයි කට පරෙස්සම් කරගෙන හිටියා නම් හොඳයි කියලා. මේ වගේ අය රටේ ඉන්න නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ (නි)
තිසල් ඔයා හරි .,සම(හරක්) ඉන්නවා බනින්න. පක්ෂය විය යුත්තේ නිවැරදි දෙයට එකතුවීම්. වැරදි දෙයට එරෙහිවීම (අ)
ඇත්ත තමයි මහනුවර නගරය ගැන කියල වැඩක් නෑ.රටේ ඉන්න දෙවෙනි පුරවැසියයි ප්‍රබලම ඇමතිවරු පස් හය දෙනෙක් ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය පිළිවෙලකට හදන්න කාටත් බැරිවුණා .ගෝඨාභය මැතිතුමනි මහනුවර නගරයත් ඔය වගේ ලස්සන නගරයක් කර දෙන්න. ගන්නොරුව පේරාදෙණිය මාර්ගයේ ගග පැත්ත නම් හමුදාව ලස්සනට හදනවා.(ස)
නියමයි. මට නම් හරි සතුටුයි. (ත)
ආඩම්බරයි හසන්ත, ආඩම්බරයි (නි)
වැල්ලවත්ත මුහුදෙදි ගල්කිස්සේ මුහුදෙදි මිනිස්සුන්ට බය නැතුව බැහැලා නාන්න පුළුවන් විදිහට හදනවා නම් ගොඩක් පින්, දැන් මේ මුහුදේ ගැඹුර වැඩියි. වයසක අයටත් බැහැලා නාන්න පුළුවන් නම් ලෙඩ රෝග වලටත් හොදයි (නි)
ගෝඨාභය මැතිතුමනි, නගර අලංකරණය පිණිස ඔබගේ මුලිකත්වය හා උත්සාහය ප්‍රශංසනීයයි. වැඩ පිළිවෙල ඉදිරියටම ගෙන යන්න. රටටම ව්‍යාප්ත කරන්න. (නි)
සංජීව හරි,.අපේ මිනිස්සුන්ගේ ආකල්ප නම් හරිම දුප්පත්. රට ලස්සනට තියෙන එක කොච්චර දෙයක්ද? අපේ රටේ කව්රුත් කන්න බොන්න නැතුව හාමතේ නැහැනේ. (ස)
ගෝඨාභය ඇමතිතුමනි නියමයි.(නදී)
විහාර මහා දේවී උයන කොළඹ ජනතාවගේ අනර්ගම සම්පතක්. එය රැකගැනීම සෑම දෙනාගේම යුතුකමක්. නගරාධිපතිතුමට සහ ගෝඨාබය රාජපක්ෂ මහතාට ප්‍රණාමය! (නි)
සංජු ඉතින් අපිට පාන්ද? (නදී)
ගෝඨාභය මැතිතුමනි, ඔබ අපිට රටට සම්පතක්. නගරාධිපතිතුමට සහ ගෝඨාබය රාජපක්ෂ මහතාට ප්‍රණාමය! (නි)
ඉන්දික, මේක මගේ පෞද්ගලික මතයක්. අපිත් ගේ දොර ලස්සනට පිරිසිදුව තියගත්තම එන යන මනුස්සයෙක් වතුර උගුරක් හරි බොන්නේ. වෙන රටවල් වල ෆොටෝ එකක්වත් දැකල නැද්ද ලස්සනට නගර අලංකරණය කරලා තියනවා. මේව වෙන්න ඕනේ අපි ගොඩක් පස්සේ ඉන්නේ. ඉන්දික මම පාන් ගන්න සල්ලි දෙන්නම් කාල ලිදේ ඉන්න ගෙම්බා වගේ ඔය ඉන්න.(නදී)
ඇයි ඉංදික හිතන්නේ රුපියල් 60ක් දීලා සංජු ඔයාට පාන් අරන් දෙන්න ඕනි කියලාද?(නදී)
ආසියාවේ අස්චාර්ය.(නදී)
මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඉන්දික වගේ මිනිස්සු නිසා. යහපත් දෙයට සහයෝගය දෙන්නත් එය අගය කරන්නත් බැරි මිනිස්සු ත්‍රස්ත වාදීන්ටත් වඩා භයානකයි.(නදී)
මම ඉස්සර වැඩ කළේ පුරහල ගාව මගේ කාර්යාලය තිබුනේ. කොල්ලූපිටිය, වැල්ලවත්ත පුර හල 177, 175 140 බස් වල මම යන්නේ. කෝච්චියේ ඇවිත් කොල්ලූපිටිය බහින්නේ. දැන් මම රට රැකියාවට ඇවිත් වසර තුනක් වෙනවා. ආපහු මම ඒ පාරේ යන්න කැමතියි. දැන් ලොකු වෙනසක් වෙලා ඇති. හිතා ගන්න අමාරුයි. සුන්දර මතකයක් වේවි.(නදී)
ඔය ඉන්දික හිතේ දුකට කියන කතා (නි)
හොඳ දෙයක් කරන්නේ. කාලෙකින් අපිට නිදහසේ ළමයින් එක්ක එකට විනෝද වෙන්න පුළුවන් වේවි. (ස)
හොද දෙයක් කරනකොට හොදයි කියන්න බැරි හා නරක දෙයක් කරනකොට නරකයි කියන්න බැරි කුහක අයට හැමදේම නරකයි. (ස)
අපේ නුවරත් (මහනුවර) ලසන කරලා දෙන්නකෝ. (ස)
අපි කුඩාකාලේ ඕක වික්ටෝරිය පාර්ක්. පසුව තමයි විහාර මහා දෙවි උද්‍යානය උනේ. හැබයි ඔය උද්‍යානය කාලයක් ඒ නමට මහා නිගාවක් වුනා. නගරසොබනියෝ පිරිලා මහා දවල් නොයෙකුත් අපචාර සිදු වුනා. පොඩි ළමයෙක් හෝ ළදරුවෙක් එක්ක ඔය ගේට්ටුවෙන් ඇතුලට යන්න බැහැ. (ස)
දරුවන්ගේ වාසනාව! (නි)
බොහොම අගෙයි, මේ වගේ වැඩවලට දැන් දැන් අපේ වාස්තු විද්‍යාඥයන්ගේ දැනුම සංකල්ප යොදාගැනීම නිසා අපටම ගැලපෙන අලංකාර නගර බිහිවීමක් දැන් දකින්නට තිබෙනවා. මෙය අපේ සාමාන්‍ය ජනතාවගේ ගේ දොර සැලසුම් කිරීම දක්වා ව්‍යාප්ත කරවන රාජ්‍ය සේවයක් වශෙයෙන් ස්ථාපිත කලොත් මින් ඉදිරියටවත් අපි ජීවත්වන වටපිටාව අපිළිවෙල , සනීපාරක්ෂණයෙන් තොර ගොඩනැගිලි නිවාස බිහිවීම වලක්වා ගන්න පුළුවන්. මේ වැඩේ අලංකාරයි, මිනිස්සුන්ට නිදහසේ ඇවිත් තමන්ගේ වාහන පිළිවෙලකට නවත්වන්න හොද සැලසුමකුත් හැදුවොත් හැමතැනම ලොකු ප්‍රශ්නයක් විසදෙනවා. (නි)
පරිසරය ලස්සන නම් මනසත් පිරිසිදු වෙනවා. මනසක් නැති අයට ලස්සන දකින්නත් බැහැ. (නි)