IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ශනි ග‍්‍රහයා රජ භවනට

අනිද්දා නොවැම්බර් 15දා ශනි ග‍්‍රහයා ස්වකීය රජ භවනට සැපත් වෙයි. වසර 30ක් පමණ වූ කාල පරිච්ඡේදයක් විවිධ වූ ග‍්‍රහ තත්ත්ව උදා කරමින් සුබ අසුබ පල බෙදා දෙමින් දිගු ගමනක යෙදී තමන්ට ඉතා යහපත් ස්ථානයකට ප‍්‍රවේශ වීම නිසා ශනි ග‍්‍රහ බලය ලොවට සෙතක් වනු ඇත. තුලා රාශියට පැමිණ 2014 නොවැම්බර් 02 වැනි දින දක්වා වක‍්‍ර නිවෘතවීම් මගින් ස්කීය ග‍්‍රහ බලය විකාශනය කරනු ඇත. අපේ රටේ පොදු ජනතාවට සෙතක් බලාපොරොත්තුවීමට පුළුවන් වසර දෙක හමාරක් ඉදිරියට ඇත. දේශපාලන, ආර්ථික, ක්‍ෂේත‍්‍රයන්ට වඩාත් සුවිශේෂී අවස්ථා උදාකරනු ඇත. ලංකා නිදහස් කේන්ද්‍රය හිමි ශනි ග‍්‍රහයා පසුගිය කාලයේම අශුභ රාශියක් වූ අටවැන්නේ ගමන නිමාකර භාග්‍යස්ථානයට සැපත්වීම ඉමහත් සෙතකි. ලග්න හිමියා රජවීම සුවදායකය. මේ අනුව විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට අතිශයින් ශුභ ඵල උදා කරයි. නමුත් සඳු ග‍්‍රහයා තුලා රාශියේ යෙදී ඇත්නම් නවවැනි රාශිය වුවද යම් තරමකට බාධා අශුභ තත්ත්ව ඇතිවීමට හේතුවෙයි. ශනි සඳු ලග්න එරාෂ්ඨක දෝෂ යෙදීමෙන් චිත්ත වේදනා ඇති කිරීමට සාධක වෙයි. ගෙවීගිය කාලය තුළම ශනි ග‍්‍රහයා කන්‍යා රාශියේ ගමන් කිරීම නිසා එම ලග්න හිමියන්ට වසර 05ක පමණ පටන් පැවති සෙනසුරු ලග්න ඒරාෂ්ඨක දෝෂයෙන් නිදහස් වුවද ඉදිරි වසර දෙකහමාරක කාලය නිමා වන තෙක් නිමාවක් දක්නට නොමැත. සඳු ග‍්‍රහයා ලග්නයේ හෝ දෙවැනි රාශියේ සිටියේ නම් ගෙවීයන කාලය තවත් ඉදිරියට පවතී එය ශුභදායක නැත. අර්බුද ගැටලූ නිමාවක් නැත්තේය. සඳු ශනි ඒරාෂ්ඨක කාලයත් ශනි මහ දසා අතුරු දසා ආදියත් එක්ව ඇත්නම් විවිධ කරදර බාධක අසනීප නොවැළැක්විය හැකි කරුණුය. ශනි ග‍්‍රහ ගමනින් අටවැනි රාශිය වූ තුලාවට යාම මීන ලග්න හිමියන්ට අෂ්ඨව ඒරාස්ඨක කාලයක් උදාවීමකි. සඳු ග‍්‍රහයා මීන රාශියේ වීම සහ අටවැන්න වූ තුලා රාශියේ වීම තරමක් අශුභ කාලයක් උදාවීමකි. ව්‍යාපාරික කටයුතුවලට විවිධ බාධක රැකියා අවුල් වියවුල් ඇතිවන කාලයකි. ඉතා දැහැමින් කාලය ගත කළ යහපත් ජීවන රටාවක් තමා සතුව පැවතියේ නම් යම් තරමක සහනයක් අපේක්‍ෂා කළ හැකිය. හොර බොරු වංචා ආදියෙන් ගහන වූ ජීවිතවලට කර්මඵල ගෙවීමට කාලය උදාකර දී ඇත්තේය. උසස් තනතුරු දැරූ අයට තනතුරු අහිමිවීයනු ඇත. ධනවතුන් මහා ව්‍යාපාරිකයන්ට සම්පත් අහිමිව යන කාලයකි. සිත, සා, විසා නැකත් හිමියන්ට බලවත් චිත්ත වේදනා ඇතිවන්නේ ශනි ග‍්‍රහයා එම නැකත් මත ගමන් කරන කාලය තුළය. විශේෂයෙන්ම උච්ච ශනි ග‍්‍රහයා නියෝජනය කරනුයේ අධ්‍යාත්මික දැහැමි සමාජ පරිසරයකි. මේ අනුව වෙනදා නොපැවති ආගමික පසුබිමක් රට තුළ නිර්මාණය වනු ඇත. නිවැරදි දිවි පෙවෙතක් පවත්වාගෙන යාමේ කි‍්‍රයාදාමයේ බොහෝ පිරිස් නිරතවනු දක්නට ලැබේ. පෙර කරන ලද කර්ම විපාක සඳහා ප‍්‍රතිඵල ලබාදීමේ කි‍්‍රයාවලියට ශනි ග‍්‍රහයා දායක වන්නේ විශ්මිත ආකාරයෙනි. නමුත් වර්තමානයේ දී බොහෝ යහපත්ව කටයුතු කරමින් සද්භාවයෙන් දැහැමින් දිවි මඟ ගෙවන කිසිවකු වෙත ශනි ග‍්‍රහ බැල්ම දරුණු නොවනු ඇත. පෙර පව් අහෝසි කර්ම බවට පත් කිරීමේ මහ කුසල් කළ යුතුය. අධ්‍යාත්මික දියුණුව ලැබිය යුතුය. සිංහ කන්‍යා ලග්න සඳහා මෙතෙක් පැවති ශනි ලග්න දෝෂ මගින් 2011 නොවැම්බර් 16 දිනයෙන් පසු සිංහ ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨක අපලය මුළුමනින්ම අහෝසිවන අතර කන්‍යා ලග්න හිමියන්ට තව වසර 2 1/2 අපල ගෙවීමට සිදු වෙයි. ශනි ග‍්‍රහයා සිත සා විසා නැකත් තුළ ගමන් කිරීමේ දී තුලා ලග්නයට ශනි ග‍්‍රහයා රාජයෝගකාරක නිසා තදබල අපල සිදු නොකරනු ඇත. නමුත් කන්‍යා තුලා වෘශ්චික රාශි තුළ සඳු ග‍්‍රහයා උපතින් යෙදී ඇත්නම් තරමක් බාධා ගෙන දෙන කරුණු සිදුවීමට ඉඩ ඇත.  මේ අතරතුර ශනිමහ දසා අතුරු දසා ගෙවීමට ඇත්නම් ශුභපල මකා දමා අපලදීමට පසුබට නොවනු ඇත. කෙසේ වෙතත් මේ කාල පරිච්ඡේද අනුව ඉතා යහපත් දැහැමි දිවි පෙවෙතක් ගෙවීම අනිවාර්යය දෙයකි. දානමය කටයුතු ආගමික සේවාවන් දියුණු කරගෙන මෙත් සිතින් බෝධි පූජාමය බුද්ධ පූජාමය කටයුතු කළ යුතුය. ශනි අපල උවදුරු සඳහා යම් ප‍්‍රමාණයකින් සහනයක් ලැබෙනු ඇත. ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කරමින් හොඳ ගතිගුණ ඇතැයි ප‍්‍රදර්ශනය කරමින් සිටිය ද ඇතැම් අය නැන්දා මාමා අයියා අක්කා ආදරවදනින් ඇමතුව ද ඇතුළාන්තයේ පවතින සත්ගුණය නොමැති කම නිසා ඒ අයට සිදුවන්නා වූ විපත් අසීමිතය. ප‍්‍රදර්ශනාත්මක භාවනා තුළින්ද කිසි දිනක සිතට සහනයක් නොලැබෙනු ඇත. මේ සියලූ කි‍්‍රයාදාමයන් ශනි ග‍්‍රහයාගේ තියුණු දර්ශනයට යටත්වනු ඇත. විශේෂයෙන් සඳු සිකුරු සංයෝගය ශනිට පෙනීම ද ඊර්ෂ්‍යාවන්ත ගති ස්වභාවයක් ඇති වෙයි. කුම්භ රාශියේ දී වඩාත් කි‍්‍රයාත්මකය. පුහු අහංකාරය යනුවෙන් සමාජයේ දී කතාබහ කරනුයේ මෙබදු ග‍්‍රහ බලය අනුවය. උගත්කම නැතත් ප‍්‍රදර්ශන වන්නේ පණ්ඩිත ශෛලියකිනි. බොහෝ දෙනාගේ නිහඬ හාස්‍යයට මෙබඳු අය ලක්වෙති. 2011 නොවැම්බර් මස 16 වැනි දායින් පසු වැඩකරන කම්කරු ජනතාවට යහපත් කාලයක් උදා කෙරේ. එකී පංතියේ පූර්ණ රැකවරණය වෙනුවෙන් ශනි ග‍්‍රහ බලය පෙනී සිටිනු ඇත. දුගී දුප්පත් ජනතාවගේ සැබෑ දුක වේදනාව සත්භාවයෙන්ම දන්නා පිරිසට ශනි ග‍්‍රහයාගේ අනුග‍්‍රහය නිතැතින්ම හිමිය. ගොවින්, කම්කරුවන්, දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටින සත්‍යවාදී වූ ජනතා නායකයන්ට ශනි ග‍්‍රහයාගේ පූර්ණ අනුග‍්‍රහය ආශීර්වාදය ලැබෙනු ඇත. එමෙන්ම අසත්‍යය වංචාව ප‍්‍රයෝගකාරීව සුරකින පිරිසට දැඩි දඬුවම් කිරීමට ශනි ග‍්‍රහයා කිසිවිටක පසුබට නොවේ. ස්වකීය ආත්මාර්ථය පදනම් කරගත් බලකාමින්ට වැඩ වරදිනු ඇත. ශනි ග‍්‍රහයාගේ සුවිශේෂී ග‍්‍රහ බලය නිසා දුම්රිය මංමාවත් වැඩි දියුණු කෙරේ. ශනි ග‍්‍රහයා නිසා දුම්රිය, දුම්රිය මාවත් පිළිබඳ සුවිශේෂී සම්බන්ධතා දරයි. බර යකඩ පිළිබඳ ශනි ග‍්‍රහයාගේ පූර්ණ සබැඳියාවක් ඇත. ඉදිරි වසර දෙක හමාරක කාලයක් තුළ ලංකාවේ දුම්රිය මාවත් සංවර්ධනය කරනු ඇත. බිඳ වැටී ඇති ආර්ථික තත්ත්වයන් සාර්ථකවනු ඇත. ස්භාවික සම්පත්, දිය ඇලී, වනපෙත්, වැසි වනාන්තර ආදියේ සුන්දරත්වය දියුණු අදියරක තබනු ඇත. එමෙන්ම සොබා දහමට එරෙහිව කටයුතු කරන අයට අනිටු විපාක විඳීමට සිදුවෙයි. ශනි ග‍්‍රහයා 2012 පෙබරවාරි මාස මුල් භාගයේ දී වක‍්‍රවීම නිසාම රටතුළ විවිධ අර්බුදකාරී තත්ත්වයක් මතුවීමට පුළුවන. කුමන දේශපාලන ක්‍ෂේත‍්‍රයන්හි වුවද වංචනික අවස්ථාවාදී දුෂ්චරිතයේ යෙදෙන අයට නම් ශනි ග‍්‍රහ බලය අනිටු විපාක දීමට කාලයයි. නොපමාව ලැබෙන ව්‍යසනකාරී තත්ත්වයන්ගෙන් සහනයක් නම් නොමැත. ධාර්මික අයට කිසිසේත් බිය විය යුතු නැත. අපරාධකරුවන් හොරුන් වංචනිකයන් දැඩි ලෙස මර්දනය කරනු ඇත. ශනි ග‍්‍රහ බැල්ම මෙත්සිත් ඇති අයට පීඩා නැත.  

මේෂ: මේෂ හිමි අයට ශනි ග‍්‍රහයා පංචා මහා යෝගයන් අතුරින් සස යෝගය උදාව හත්වැනි රාශියේ දිග් බලයෙන් ඇත. සමාජ ගෞරවය ඉහළින් ලැබෙන කාලයකි. ආදායම් තත්ත්වය ඉහළ යයි. උසස් රැකියා තත්ත්වයන් අපේක්‍ෂා කළ හැකි කාලයකි. 2012 ජුනි දක්වා ඉතා යහපත්ය. කි‍්‍රයාශූරත්වයෙන් ඉදිරියට යන ගමනකි. වසර 02 1/2 ශුභදායකය. අවිවාහක අයට යහපත් විවාහයක් රූමත් සහකාරියක් හෝ සහකරුවෙක් ලැබෙනු ඇත. ශුභදායක වසරකි.
වෘෂභ: යෝගකාරක ශනි ග‍්‍රහයා සවැනි රැස බලවත්ය. ඉතා යහපත් කාලයක් ඉදිරියේ ඇත. ඉහළ නිලතල රැකියා අවස්ථා හිමිවීමට කාලයයි. ගණදෙවි නුවණ පවතින කාලයකි. මේ නිසා තම කටයුතු වෙනුවෙන් නිරත වෙයි. සමාජයේ ප‍්‍රසිද්ධියට පත්වෙයි ශුභ කාලයකි.
මිථුන: මිථුන ලග්නයට, පෙර පින් මතුවන කාලයකි. ශනි ග‍්‍රහයා පූර්ව පුණ්‍යස්ථානයට පැමිණීම ඉතා යහපත්ය. ධනය මිල මුදල් ලැබෙනු ඇත. බුද්ධිමත්ව කටයුතු කරන කාලයකි. ඉගෙනීම් කරන අයට සාර්ථක ප‍්‍රතිඵල රැකියා අපේක්‍ෂිත අයට තනතුරු ලාභ දරුවන් බලාපොරොත්තු වන අයට පුත‍්‍ර ලාභ ඇතිවෙයි. සැනසීම උදාකරයි. වාසනාවන්ත කාලයකි. සමාජ පිළිගැනීමට ලක්වෙයි.
කටක: කටක ලග්නය සස යෝගය කේන්ද්‍රස්ථානයක යෙදීම ඉතා යහපත්ය. මානසිකව යම් පීඩාකාරී අවස්ථා උදා කළද ගෞරව ප‍්‍රශංසා ලබන කාලයකි. විවාහ කටයුතු සාර්ථක වෙයි. සඳු ග‍්‍රහයා සිව්වැනි රාශියේ නම් දේපොළ ඉඩම් පිළිබඳ අර්බුද ඥාති විරුද්ධතා කරදර බහුල කාලයකි. හිතට සැනසීම නැති කාලයක් වුවත් බලාපොරොත්තු ඉටුවෙයි.
සිංහ: සිංහ ලග්න වසර ගණනක් මුළුල්ලේ ගෙවා ගිය ඒරාෂ්ඨක අපළ කාලය නිමා කරමින් ශනි ග‍්‍රහයා තුලා රාශියට සැපත්වීම ඉතා යහපත්ය. මේ අනුව තම සිතට සැනසීමක් උදාකරයි. තෙවන රැස බලවත් ශනි මෙන්ම ලග්නගත කුජ ද එඩිතරකම ගෞරවය රැකදෙයි. ආදායම් තත්ත්වය ඉහළට යයි. හදිසි අනතුරු ආදියෙන් ප‍්‍රවේශම් වීම සුබයි. නිලතල ගෞරවය ලැබේ.
කන්‍යා: ලග්න ඒරාෂ්ඨක කාලයක් නිමා කරමින් ගමන් කරන ශනි ග‍්‍රහයා තවත් වසර දෙක හමාරක් ඒරාෂ්ඨකව පවතී. හිතට කයට සැනසීම නැත. ප‍්‍රශ්න ගැටළු පැන නඟී. නිවැරදි තීරණ හිතට කයට නොදැනේ. ශනි අපලයකි. නමුත් ධනය මිල මුදල් ලැබේ. සාධාරණ යහපත් දේ සිතිය යුතුය. ගෙවීයන ශනි අපල සහනය ගෙන දීමට නිහතමානීව මෙත් සිත් පෙරදැරිව ධනකාමයෙන් උඩඟු නොවීම ඉතා වැදගත්ය. ධනය නිශ්ඵල ලෙස වැය වෙනු ඇත.
තුලා: තුලා ලග්නගත ශනි ග‍්‍රහයා රාජයෝග කාරකයාය. කිසිදු බලවත් අපලයක් ගෙන නොදේ. යාන වාහන නිවාස දේපොල හිමි කාලයකි. වස්තු සම්පත් ගෞරවය පිළිගැනීමට භාග්‍ය ඇත. කෘෂිකර්මාන්තය ජීවන මග කරගත් අයට ඉතා සරුසරා අස්වැන්න ලැබේ. අධ්‍යාත්මක දියුණුවට බලවත් කාලයකි. ඉගෙනීම කරන අයට විභාග සමත්වීම් සාර්ථක වන්නේය. සැමට ඉතා සුබදායක වසරකි.
වෘශ්චික: වෘශ්චික ලග්න හිමියන්ට ශනි ග‍්‍රහයා ගමනින් දොළොස්වැනි රාශියේය. සුබදායක කාලයක් නොවේ. ස්වකීය ගෞරවයට බලවත් හානි සිදු වෙයි. නිචක්ෂේත‍්‍රව ලග්නගත රාහු නැණ නුවණ සඟවයි. මොළේ නැතිව කටයුතු කරයි. එම නිසා අප‍්‍රමාණ වැරදි සිදුවෙයි. පවුලේ වැඩිහිටි අයට අපළයි. ඉතා අපල කාලයකි. නඩුහබ චෝදනා ඉදිරිපත් වෙයි.
ධනු: ධනකාරක ග‍්‍රහයා අයස්ථානයේ උච්චක්ෂේත‍්‍රව යෙදීම ධන තත්ත්වය දියුණු වන කාලයකි. රාහු වැය ස්ථානයේ වීම සුබදායක නොවූවත් ඉදිරි කාලයේ දී 2012 මැයි මාසයෙන් පසු ඉතා සුබදායකය. මෙතෙක් දිනක් රැකියා පිළිබඳව පැවති කරදර ඉවත් වෙයි.
මකර: මකර ලග්න හිමි ශනි ග‍්‍රහයා දහවැන්නට පැමිණීම අතිශයින් ශුභ ඵල ගෙන දෙන්නේය. තම රාජකීයත්වය ලබන තුලා රැස තුළ කර්ම බලය වඩාත් ප‍්‍රකාශිත අවස්ථාවයි. ඉදිරි වසර කීපය තුළ එය පැහැදිලි වනු ඇත. 2012 ජූනි මාසයෙන් පසු පවතින කරදර බාධක පීඩා ඉවත්ව යහපත් දේම සිදුවනු ඇත. ශුභඵල දායක කාලයකි. මකර ලග්නාධිපති ශනි ග‍්‍රහයා නිසා අපල තදබල ලෙස බලපානු නොලැබේ.
කුම්භ: කුම්භ ලග්නයට ගෙවීයන වසර කිහිපය තුළ විවිධ කරදර බාධක ඇතිවූවද ශනි ග‍්‍රහයා ලග්න හිමියා වීමේ සාධකය නිසා, ඔරොත්තු දීමේ ස්වභාවය ඇති කළේය. අෂ්ඨව ඒරාෂ්ඨක දෝෂය ගෙවි ගොස් උසස් ග‍්‍රහ බලයකට පත්වීමේ භාග්‍ය කුම්භ ලග්න හිමියන්ට 2011 නොවැම්බර් මස 16 වැනි දින සිට ඉදිරියට උදා කරන්නේය. පින්දහම් කුසල් කටයුතු ප‍්‍රමාද වූ කටයුතු ඉටුවීම ද ආර්ථික සමෘද්ධිය ද ඇති වෙයි. ඉතා යහපත් කාලයක් උදාවීමකි.
මීන මීන ලග්න හිමියන්ට ශනි ග‍්‍රහයා අටවන රැසට ප‍්‍රවේශවීම සුබදායක නොවේ, අසනීප උපද්‍රව අගෞරවය පිඩාකාරී අවස්ථා ඇතිවෙයි. අෂ්ඨව ඒරාෂ්ඨක කාලයකි. හදිසි කරදරවලින් වැටීම් ආදියෙන් ආරක්‍ෂාකාරී විය යුතුයි.



අදහස් (0)

ශනි ග‍්‍රහයා රජ භවනට

ගයන්ත Thursday, 24 November 2011 10:16 AM

අපිට අපලද දන්නෙ නෑ...

:       0       0

hewage senarathna Wednesday, 16 November 2011 06:38 PM

සෙනසුරා තුලා රාසි ගතවිමත් සමගම ලැබෙන්නා වු සුභාසුභ තත්වය පොදුවෙ පෙන්වාදිම ඒලෙසට වුවත්.සනි උපතෙදි තැම්පත්ව සිටි රාසියත්.නැකතත් මෙන්ම සදු ගහයා පිහිටි රාශියත්.නැකතත්.ලබා තිබෙන දසා.අතුරැ දසා ගැනද අවධානයෙන් බැලිමකින් පසුවයි නිගමණය කලහැකි වන්නෙ.ඒ බැවින් නිවරදිව තත්වයන් වටහාගෙන ජිවිතය ජයගන්න ඒ පිලිබදව මනා වැටහිමක් තිබෙනෙ කෙනෙකුට ඔබගෙනිවරදි උපන් වෙලාව ලබාදි නිවරදිව දැනගෙන කටයුතු කරන්න.තදබල පිඩා තිබෙනම් සෙත්සාන්තියක පිහිට ලබාගනිමින් ජිවිතය ජයගන්න.තිසරන සරනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 616 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 972 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 140 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 389 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site