ගුවන් යානයක් පැදවීම කෙසේ වෙතත් සමහරු ගුවන් යානයක නැඟී ගමනක් යාමට පවා දක්වන්නේ බියකි. එහිදීත් වැඩිපුරම බියක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයේ අය බව සඳහන් කළ හැකිය. එනිසාම ගුවන් යානයක් පැදවීම සඳහා කාන්තා අංශයේ නියෝජනයද ඉතා අල්පය. එසේ තිබියදී කාන්තාවක් ගුවන් නියමු අංශයට පිවිසෙන්නේ නම්, එය එක්තරා විදියක දුර්ලභ මෙන්ම ධෛර්ය සම්පන්න අවස්ථාවක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. එය එසේ නම් මේ කාන්තාව යනු අතිශයින්ම ධෛර්ය සම්පන්නවූත්, අභීතවූත් කාන්තාවක්ම යැයි හැෙඟන්නේය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ගුවන් නියමුවරිය ඇයවීම ඊට එක් හේතුවක් පමණි. නමුදු ඇය ශ්‍රී ලංකාවේ පළමු ගුවන් නියමුවරිය පමණක් නොව එම අංශයේ මෙන්ම තවත් අංශ කීපයකටම සම්බන්ධව සේවය සහ දැනුම ලබාදෙන අපූරු කාන්තාවකි. එනිසාම ඇය ගැන ඔබ දැන ගත යුතුයැයි අපි හඟිමු. මේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ගුවන් නියමුවරිය වන මේනකා ප‍්‍රනාන්දු නමැති ඇය ගැන වූ කතාවයි. මේනකා ප‍්‍රනාන්දු උපත ලබා ඇත්තේ මහනුවරට නොදුරු පිළිමතලාවේදීය. මාතලේ බාලිකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. මව පියාට අමතරව ඇයගේ පවුලේ සිටින්නේ නැගණිය සහ මළණුවන්ය. ඉගෙනුමට සහ නැටුමට මෙන්ම ගැයුමට ආදී කලා අංශයේ කටයුතුවලටද දක්ෂ වූ ඇය ගුවන් නියමුවරියක වුණේ කොහොමද? මේනකාගේ හඬින් ඒ ගැන දැන ගනිමු. අපේ ගම් පළාතේ ගුවන් යානා හෝ හෙළිකොප්ටර පවා දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. පාසල් යන කාලයේදී මම කී‍්‍රඩා කටයුතුවලට සම්බන්ධව හිටියා. මහනුවර පොලිස් කී‍්‍රඩා පිටියේ පුහුණුවීම්වල යෙදී සිටියදී හෙලිකොප්ටරයක් ඇවිත් එහි නතර කළා. මේ දර්ශනය නිසා මම හරියට ප‍්‍රබෝධමත් වුණා. ලොකු සතුටක් ලැබුවෙ. දන්නෙම නැතිව එදා ඉඳලාම ඒ ගැන ඇතිවුණේ ලොකු උනන්දුවක්. මොන දේ කළත් හිත ඇතුළේ වැඩ කළේ මේ අදහසයි. කොළඹ ආ දවසක මගේ යෙහෙළියකගේ තාත්තා නිසා රත්මලාන ගුවන් තොටුපොළ දැක ගන්න පුළුවන් වුණා. එතැනදි කපිතාන් සුසන්ත ජයසේකර මහතාගෙන් මේ අදහස ගැන ඇසුවාම පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඇවිත් හමුවන්න කීවා. මේ විදියට කාලය ගෙවී ගියා. පාසල් අධ්‍යාපනයට සමුදුන්නට පස්සෙ කොළඹ ඇවිත් මගේ අභිප‍්‍රාය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. මුලින්ම මට යන්න වුණේ රත්මලාන ගුවන් තොටුපොළට. නමුත් ගුවන් නියමු අංශය සඳහා බලපත‍්‍රය ලබාදෙන්නේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන්. එදා එය පිහිටා තිබුනේ කොළඹ කොටුවෙ. කි‍්‍රස්ටි රත්නායක කියන මහත්මයා තමයි ලයිසන් එක ලබාදීමට කටයුතු කළේ. 1983 අවුරුද්දෙ ඒ දවස මට අද වගේ මතකයි. විනෝදාංශයට සමහර කාන්තාවන් ගුවන් යානා පදවා තිබුණට ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවරියක ලෙස බලපත‍්‍රය ලබාගත් පළමු කාන්තාව මම කියලා එතුමා කීවාම මට එය අදහා ගන්න බැරි දෙයක් වුණා. ඒ වගේම පුංචි පහේ ආඩම්බරකමකුත් ඇතිවුණා. ඒ ආඩම්බරකම ඇයට ගෙන දුන්නේ පුහු මාන්නයක් නොව වඩා නිහතමානිකමක් යැයි සඳහන් කරන ඇය ඊළඟට පැවැසුවේ පුහුණුවීම් කටයුතු කළ විදිය ගැන සහ පියාසර කරද්දී මුහුණ දුන් අත්දැකීම් ගැනය. එදා පුහුණුවීම් කළේ සෙස්නා ක125 කියන ආසන දෙකේ ගුවන් යානයකින්. මම හිතන්නෙ අදටත් සමහරවිට පුහුණුවීම් සඳහා යොදා ගන්නෙ ඒ ගුවන් යානායි. නමුත් පසුව පුහුණුවීම් සඳහා යොදා ගන්නා සියලූම පාහේ යානාවලින් පුහුණුව ලැබුවා. මේ විදියට ගුවන් නියමුවරියක ලෙස වෘත්තීයමය පුහුණුවක් ලැබුවත් එක් ආයතනයකට සේවය ලබා නොදී සිවිල් ගුවන් සේවා ආයතනයේ සියලූම අංශවලට සේවය ලබාදීම අදහස වුණා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් ආයතනයකට බැඳී කටයුතු කළේ නැහැ. මගේ පළවෙනිම ගුවන් ගමන වුණේ සීගිරියට යාමයි. සංචාරක යුවළක් රැගෙන සීගිරියට ගිය ඒ පළමු ගමනේදීම අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. ගුවන් යානය පැදවීමේදී මගේ අඩු අත්දැකීම් නිසා සීගිරි පර්වතයේ හිටපු දෙබරු ඇවිස්සී එදා ලොකු අපහසුතාවයකට මුහුණ දුන්නෙ. මේ විදියට රට ඇතුළෙ පියාසර කරන ගුවන් යානා පදවන නියමුවරියක ලෙස කටයුතු කළ මම ටික කාලයකට ඇමරිකාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. එහිදී සරසවි අධ්‍යාපනය ලබන අතරේ එරට ගුවන් සේවයකට එක්වී නියමුවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එහිදී ගුවන් යානය ප‍්‍රථම වතාවට පියාසර කරන විට නම් මට දැනුණෙ බියක් වගේම චකිතයක්. ඒත් පසුව එය අත්දැකීම් සමග හරි ගියා. පළමු වතාවට ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පදවාගෙන ආ කාන්තා නියමුවරියත් මම කියලා පසුව දැන ගත්තා. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම කාන්තා ගුවන් නියමුවරිය ලෙස මේනකා ඉතිහාසගත වුවද එකම ගුවන් ආයතනයකට පමණක් බැඳී කටයුතු කළ කාන්තාවක නොවේ. ආයතන කීපයකටම සම්බන්ධව කටයුතුකර ඇති අතර ඊට අමතරව ඇති විශේෂත්වය වන්නේ උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක මෙන්ම මෙම අංශයට අදාළ විවිධ විෂයයන් ඔස්සේ ඇය සේවය ලබාදීමය. එලෙසින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධව විවිධ අංශ වෙතින් සේවය ලබාදෙන තවත් කාන්තාවක් නැති ගානය. ඇයගේ දින චරියාව දෙස බලනවිට පෙනී යන ඊළඟ විශේෂිත දේ වන්නේ දවසේ වැඩි කොටසක් රාජකාරිය සඳහා කැප කිරීමය. ”මම නිදා ගන්නෙ සමහර වෙලාවට පැය හතරක් හෝ තුනක් විතරයි. ඒත් මට ඒ පැය ගාණට වඩා වැදගත් වන්නේ මගෙන් රටට වන සේවයයි.” මේනකා විටෙක එලෙස පවසන්නීය. ඇය මෙන් ඇයගේ සැමියාද ගුවන් නියමුවරයෙක් වන අතර මේ දෙදෙනා සතුව පුහුණු කිරීමේ ආයතනයක්ද තිබේ. ඊටත් අමතරව මේ දෙදෙනා විදේශීය රටවල අය සඳහා පුහුණුව සහ උපදේශකත්වය ලබාදීම සඳහා නිරන්තරයෙන් රට රටවල සංචාරය කරති. කාන්තාවක් ලෙස ගුවන් යානයක් පදවාගෙන යාමට ඔබට කිසිදාක බියක් ඇතිවුණේ නැද්ද? අපි ඒ ගැනත් මේනකාගෙන් විමසීමු. ”හරි පුදුමෙ කියන්නෙ මට කවදාවත් බියක් ඇති වුණේ නැහැ. සමහර වෙලාවට පොළවට වඩා ගුවන ආරක්ෂාකාරියි කියලා මට හිතෙනවා. මම කොහොමටත් වැඩිපුර හුදෙකලාවට පි‍්‍රය කළ කෙනෙක්. මගේ මුළු ආත්මයම බැඳී තිබෙන්නේ ගුවන් යානය හා සම්බන්ධවයි. එතැනින් එහා ජීවිතයත් ගැන මට හිතා ගන්නවත් බැහැ. අද මම ගොඩාක් වින්ඳනය ලබන්නේ පුහුණුව ලබාදෙන නිලධාරිනියක සහ කථිකාචාර්යවරියක ලෙසයි.” මේනකා ප‍්‍රනාන්දු යනු එක් අතකට ගුවන් නියමු ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සම්භාරයක් සතු කාන්තාවකි. එදා අඩු පහසුකම් යටතේ තිබූ ගුවන් යානා වගේම අද ඇති සුපිරි ගුවන් යානා සියල්ලක් ගැන දැනුම ඇය සතුය. එනිසා ඇය වෙතින් පුහුණුව ලබන අයට උකහා ගත හැකි දැනුම බොහෝය. මෙකී කටයුතු සියල්ලට අමතරව එක්තරා අවස්ථාවක චිත‍්‍රපට රූගත කිරීමේ දර්ශන සඳහාද ඇය සහ සැමියා දායකවී ඇත. සාමාන්‍ය ගුවන් ගමනකට වඩා ඒ කටයුත්ත ඉතා අසීරු වූ බව ඇය සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවට සේවය ලබාදීමට අමතරව ඕස්ටේ‍්‍රලියාව, බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලටද සේවය ලබාදෙන මේනකා ඒ අතිශය කාර්ය බහුල ජීවිතයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවලද නිරත වන්නීය. ඒ අනුව මීළඟට ඇයගේ ප‍්‍රයත්නය වන්නේ ආචාර්ය උපාධිය ලබා ගැනීමටය. ඒ සඳහා මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඇයගේ විෂය දහරාව වන්නේ සිවිල් ගුවන් අංශයේ යෙදී සිටියදී වැළඳෙන සහ ඇතිවන ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ අංශය ගැන දැනුවත්වීමය. මේ සියල්ල සැබැවින්ම කාන්තාවකට කළ හැකිද? යන්න අසනවාට වඩා බොහෝ දේ කළ හැකිය යන්න ඇය කි‍්‍රයාවෙන්ම ඔප්පු කර තිබේ. රාජකාරියට එලෙසින් කැපවූ මේනකා පවුලකට කාන්තාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්නේද? යන්න විමසීම ඇයගෙන් කළ යුතු නොවන්නේ, ”ඔව් එයත් හරියටම වටහාගෙන කරන කාන්තාවක් බව කීමට ඇති සාධක බොහෝ නිසාය.” විටෙක ඇය පිරිමින්ද අභිබවා ගිය තරමටම ජීවිතයේ කටයුතු කරන්නීය. නමුත් එහි සැබෑ අරුත වන්නේ කාන්තා ගුණය රැකගෙන ඇය ඒ සියල්ලෙහි නිරත වීමය. ඇයගෙන් බොහෝ දෙනාට ගත හැකි ඉහළම ගුණාංගය වන්නේ එයයි. ඒ ගුණාංග සහිතව දිවි ගෙවන මේ අපූරු ගුවන් නියමු කත මෙකී සියල්ල කිරීම සඳහා පිටුපසින් සිටින සිවිල් ගුවන් සේවා ආයතනය සහ අධිකාරිය ලබාදෙන දායකත්වය ස්තුති පූර්වකව සඳහන් කළාය.
සටහන - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුන් ගමගේ මහත්මයාණෙනි, මම නුවරින්.කරුණාකර මගේ මේ ලිපිනයට මා අමතන්න. [email protected] ස්තූතියි
හරීම ආඩම්බරයි ඔබ ගැන. අපෙන් සුභ පැතුම් ඔබ තුමියට.. මට ඔබ ගැන ආඩම්බරයි. හරිම ආඩම්බරයි ඔයා ගැන ඇහුවාම.. බුදුසරණයි..මෙවැනි කාන්තාවන් රටට වාසනාවන්" විහාරමහා දේවිය, සෝමා දේවියගේ පරම්පරාවේ නූතන කතක් "
අපිට ගොඩක් ආඩම්බරයි.උණුසුම් සුභ පැතුම්!
ඔබ රටට මහත් ආඩම්බරයක්........තව තවත් ඉදිරියටම යන්න සුබපැතුම් !
මේනකා, මෙන්න මගේ ලිපිනය [email protected]
මවිබිමේ දිරිය දියණියට අපගේ ප්‍රණාමය.
අි ඔබ ගැන ආඩම්බරයි...!!
වීර කාන්තාව අපේ රටට ආඩම්බරයක්
මේනකා අක්කේ ඔයාට මගෙන් සුබ පැතුම් ඔයා අපේ රටට වස්තුවක්
මේනක අයියේ,ඔයා අපේ රටට වස්තුවක්.ඔයාට සුබ පැතුම් මගෙන්
ඔබ ගැන ආඩම්බරයි
ඇත්තටම අපේ රටට ඔබ වගේ වීර කාන්තාවන් යලි යලිත් බිහිවේවා
ඔයාට තෙරුවන් සරණයි...
හරීම ආඩම්බරයි ඔබ ගැන. අපෙන් සුභ පැතුම් ඔබ තුමියට..
මට ඔබ ගැන ආඩම්බරයි
ඔයා ගැන ආඩම්බරයි අක්කී..
ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි.. අපිටත් පුහුණුවීම සදහා අවස්ථාවක් දිය හැකි නම් අගේ කොට සළකන අතර ගොඩක් පිං .. වයස ප්‍රශ්නයක් නැද්ද?
ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්.. රස්සාව ගැන විතරක් හිතන්න එපා.. ඔයවගේ දරුවෙකුත් හැදුවනම් තමයි හොද..
ඇම්ඩා.. උත්සාහ කරල බලන්න ඔයත් ලොකු වැඩක්ද පොඩි වැඩක්ද කියලා.. ඔයාල වගේ අය නිසා තමයි අපේ රටට හැමදාම විපත් වෙන්නෙ..
A380 එකක් එළවල තියෙනවාද?
මේනකා - මිනිස්සු අතර ඔය හිල්මි,ඇම්ඩා වැනි නොමිනිසුනුත් ඉන්නවා.. ගනං ගන්න එපා..විශිෂ්ඨයි..
මමත් නුවර, අපේ ගමේ, අපේ රටේ මෙහෙම කාන්තාවක් හරිම ආඩම්බරයි. ඔබට ජයෙන් ජයම ලැබේවා..
කාන්තාවන් අතරේ ඔබ අභිමානයි. (ත)
කාන්තා පරපුරට අභිමානයක් ගෙනෙන ඔබ ශ්‍රේෂ්ටයි. (නි)
හිල්මි ඔබගේ නූගත්කම සමාජයට නොපෙන්වන්න..
ඔබට ජයෙන් ජය..මගෙත් ලොකු ආසාවක් තිබුණා...ඒත් බැරිවුණා..
ඔබට සුභ පතනවා.. මමත් නුවර... මට ඔබ ගැන ගොඩක් ආඩම්බරයි...!!
උඩ යන්න සුභ පතනවා... හැබැයි බිම යනකොට පරිස්සමින්..
අභිමානයක් ඔබ .... සුභ පතමි
ඔබ අපිට ආඩම්බරයක්
සුභ පතනවා ඔබට
මේනකා අපිට ඔබ ගැන ආඩම්බරයි. බුදුසරණයි!!
ශ්‍රේෂ්ඨයි.අපිට ආඩම්බරයි
මේනකා ඔබට දෙවි පිහිටයි, ප්ලේන් එකක් කියන්නේ මොකක්ද කියලා හිල්මිට කියල දෙන්න.....
හිල්මි, කවද කාපු ටකරන්ද නේ? අක්කේ ඔබට ජය !!
ඔබ දිරිය දියණියක්....වාසනාවන් ලක් මෑණීයට...ඔබට සුභපතමි...කාන්තාවක් ලෙස මෙවැනි තැනක සිටීම ගැන..
ඔබ දිරිය දියණියක්....වාසනාවන් ලක් මෑණීයට....
අපිට මොන තරම් ආඩම්බරද ඔබ ගැන
අපිට මොන තරම් ආඩම්බරද??
ඔබ ගැන අපට ආඩම්බරයි..
ඔබට සුභපතමි...කාන්තාවක් ලෙස මෙවැනි තැනක සිටීම ගැන...
ශ්රී ලංකාවෙ පළමු ගුව්න් නියමු වරිය වීම ගැන අපට ආඩම්බරයි... සුභ පැතුම්...
ඔබ වැනි කාන්තාවන් රටට ආඩම්බරයක්.ඔබත් මාගට් ට්‍රැරැචර් වැනි වීර කාන්තාවක්
අපට ඔබ ආඩම්බරයක් සහෝදරායේ....දෙවිපිහිටයි...
ආඩම්බරයි මුඵ රටටම.
අපිට ඔබ ගැන ආඩම්බරයි...
ඇඩෙනවා නැන්දේ...
ඇඩෙනවා නැන්දේ..
මගේ සිහිනය ගුවන් නියමුවරියක් වෙන්නයි.දේව ආශිර්වාදය ඔබට ලැබේවා!
මෙච්චර ශේෂ්ඨ මිනිස්සු ඉන්න රටේ හිල්මි වගේ අය ඉන්න එකයි දුක
අක්කේ ඔයා අපට ආඩමීබරයක්
මෙවැනි කාන්තාවන් රටට වාසනාවන්
හිල්මී....ඉරිසායා කරන්න එපා...
හිල්මි නූගත් උනාට පෙන්නන් එපා...
ඔබ ගැන ආඩම්බරයි.ජය වේවා!
අපෝ මෙයාගේ සයිස් එකේ හැටියට මෙයා ප්ලේන් එක උඩට නග්ගපු ගමන් කඩා වැටෙයි
හොද අරමුණකින් ජීවිතය ජයගත් ආදර්ශමත් කාන්තාවක්.ඔබ අපට ආඩම්බරයක්
ඔබ ලංකා මෑණියන්ට මුතු ඇටයකි
" විහාරමහා දේවිය, සෝමා දේවියගේ පරම්පරාවේ නූතන කතක් "
අක්කා මට ඔයා ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩමබරයි....
නුඹලා වැනි දියණිවරුන් ලක් මවට ආඩම්බරයකි
මව් බිමේ දිරිය දියණියක් ..ඔබට අපගේ සුභ පැතුම්....හා ගෞරවය....ජය වේවා !!
දෙවියන්ගේ ආශිර්වාදය!
ලක් මාතාවට ආඩම්බරයක්...
හිල්මි සහෝදරයා ඔබගේ නූගත්කම සමාජයට නොපෙන්වන්න..
මෙයාට අපේ රටේ සුපිරි පවුලක කට්ටියකගේ හැඩ හුරුකම තියෙනවා වගේ පේනවා.අනේ මට ටිකක් විස්තර කරලා දෙන්න
මේ ෂෙහාන්, ඒ මනුස්සයා ප්ලේන් බැරිනම් ගොන් කරත්ත එළෙව්වහම ඔහේට තියෙන අමාරුව මොකක්ද?
මේනකා - මිනිස්සු අතර නොමිනිසුනුත් ඉනිනවා.. ඔය මොනවිදියෙ කොමෙන්ටටු දැම්මත් ඔයා තුට්ටුවකටවත් ගනං ගන්න එපා.. ඔබ වැනිඅය ලංකාවට අගෙයි..!!
මවිබිමේ දිරිය දියණියට අපගේ ප්‍රණාමය
හිල්ම... ඔබ සුභපතන්න දන්නෙ නැත්නම් සද්ද නැතිව ඉන්න.. මහත්මියනි.. ඔබට සුභපතමි..!!
හිල්මි.. සුභපතන්න දන්නෙ නැත්නම් සද්ද නැතිව ඉන්න.. ඔබගේ ජීවිතයට සුභපතනවා.. ශ්‍රී ලාංකික අපි ඔබ ගැන ආඩම්බරයි..
හරිම ආඩම්බරයි ඔයා ගැන ඇහුවාම.. බුදුසරණයි..
ඔය හරි වාසනාවන්තයි
මහ ලොකුයි කියල හිතං ඇති නේ....
විශිෂ්ඨයි
සුභාශිංෂණ
උසස් බාලිකා දියණියන් ලෙස, ආඩම්බරයි ඔබ ගැන හදවතින්ම....
නියමයි.. විශිෂ්ඨයි... හොදයි.. සුභපතමි...
ඔබනම් මුළු රටටම ආඩම්බරයක් අක්කී....
ඔබනම් මේ මුඵ රටටම ආදර්ශයක් අක්කේ...
නියමයි අක්කී.මමත් හරිම ආසයි.ඔබට ජය !!!.
පේනවා නේද ගෑණියෙක්ට කොච්චර වැදගත් දේවල් කරන්න පුලුවන්ද කියලා.ඒත් අවාසනාවකට හිල්මි වගේ අයත් ඉන්නවනේ
ලක් මාතාවට ඔබ අභිමානයකි මැතිණියනි
සතුටුයි