IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ මේ දක්වා බිහිකළ හොඳම ක්‍රිකට් නායකයා ඔහුයි

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීව ගුණය මෙන්ම ශ්‍රේෂ්ඨත්වය ප‍්‍රකාශ වෙන්නේ ටෙස්ට් තරග වෙතිනි. එය එසේ නම් ලෝක ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට ශ්‍රී ලංකාවෙන් දායාද කළ ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයකු ලෙස මහේල ජයවර්ධන සඳහන් කළ හැකිය. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මැරතන් ගමනක නිරත වෙමින් වාර්තා රැසකට හිමිකම් දරමින් කි‍්‍රකට් කී‍්‍රඩාවට ජීවයක් ගෙන දුන් මහේල මේ සහභාගි වන්නේ ඔහු කී‍්‍රඩා කරන අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයටය. කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේ දී (SSC) පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ හතර වැනි දිනය වන්නේ අදය. හෙට එහි අවසන් දිනය වේ. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට ජීවයක් ගෙන දුන් මහේල හෙටින් පසු ටෙස්ට් කි‍්‍රකට් පිටියේ දී දක්නට නොලැබේවි. නමුත් කී‍්‍රඩාවේ යහගුණය ලෙස දෙවතාවකදීම සම්මානයෙන් පුද ලද මහේල කි‍්‍රකට් වෙනුවෙන් ඉතිරි කළ දේ නම් සදා සැමරුම් ලෙස පවතීවි. මේ ශ්‍රේෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයාගේ මුල් ගුරුවරයා වූයේ අන් කවරකුවත් නොව ඔහුගේ පියා වන සෙනරත් ජයවර්ධනයන්ය.

 එය විටෙක ලෝකයට හෙළි නොවූ දෙයක් විය හැකිය. නමුත් සත්‍යය වන්නේ එයමය. ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට රජ පුතෙකු තැනූ සාඩම්බර පිය රජු වන්නේ සෙනරත් ජයවර්ධනයන්ය. සමු ගැනීමේ ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින මහේල පුතු ගැන පැවසීමට මේ මොහොතේ වඩාත් වටිනාම චරිතය වන්නේ ඔහුගේ ඒ පියාය. මේ සෙනරත් ජයවර්ධනයන් ඉරිදා ලංකාදීපයට වෙසෙසින් ලබා දුන් පිළිසඳරකි.

 

mahela

Untitled-2


01 ඇයි ඔබ ඔහුට ”මහේල” ලෙස නම් තැබුවේ?
ප‍්‍රකට ගීත රචකයකු සහ නිවේදකයකුවූ කේ.ඞී.කේ. ධර්මවර්ධනයන් මගේ මිතුරකු වුණා. ලොකු පුතා ලෙස මහේල පවුලට එකතු වුනාම අපි නමක් හෙව්වා. මට එක් වරම මතකයට ආවේ මගේ මිතුරකු වූ කේ.ඞීකේ. ධර්මවර්ධනයි. ඔහු තමයි මේ නම තැබුවේ. ”මාහෙළ” නැත්නම් හොඳම හෙළයෙක්, මහා හෙළයෙක් යන්න ඔහු එහි අරුත ප‍්‍රකාශ කළා. මහේලට ඔහුගේ නම ලැබුණේ ඒ විදිහටයි.


01 පසු කාලයක දී ඔහු මේ නම අර්ථවත් කරාවි කියලා ඔබ හිතුව ද?
මාපියන් බොහෝ විට දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ එවැනි දෙයක්නෙ. මාත්-බිරියත් ඒ විදියටම තමයි හිතුවෙ. කුඩා කාලයේ සිටම ”මහේල” තම නාමය අර්ථවත් වන විදියට තමයි කටයුතු කළේ.


01 ඒ මොන වගේ කි‍්‍රයාකාරකම් නිසා ද?
වයස අවුරුදු හතර පහ වෙන විට ඔහුට සහජ හැකියාව ඇති බව මා තේරුම් ගත්තා. මාත් කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබූ නිසා මහේල ගැන ඒ වැටහීම මට තිබුණා. ඒ නිසා මාත්, බිරියත් පුතාව දිරි ගැන්වුවා.


01 අපි අහලා තියෙන විදිහට මහේලගෙ මුල්ම කි‍්‍රකට් ගුරුවරයා නැති නම් කි‍්‍රකට් අත්පොත වූයේ ඔබයි. එහෙම නේද?
16-page-01-Nim-3ඇත්තටම ඔහුට වයස අවුරුදු 8 විතර වෙන කල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉරියව් ගැන මම මූලිකව කියා දුන්නා. ඒ හැර විශේෂිත දේවල් කරන්න ගියේ නැහැ. අවුරුදු අටේ දී විතර ඔහුව එන්සීසී කි‍්‍රකට් පාසලට යොමු කළා. ඉන් පසුව පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවට යොමු වුණා. නාලන්දාවේ වයස 13න් පහළ කණ්ඩායමේ සිට එතැන් පටන් ඔහු කී‍්‍රඩා කළා.


01 එදා ඔබ හිතුව ද ඔහු කෙදිනක දී හෝ ශ්‍රී ලංකාවට කී‍්‍රඩා කරාවී කියලා?
ඔව්, මම එහෙම හිතුවා.


01 ඇයි එහෙම හිතන්නට විශේෂ වූ දේ?
කි‍්‍රකට් කී‍්‍රඩාවට මා කොහොමටත් ලැදියි. ඒ ආසාව නිසාම පුතා හොඳ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් කරන්න මට අවශ්‍ය වුණා. ඒ ආසාව ඇතිව ඔහු කී‍්‍රඩා කරන අයුරු මා බලා සිටියා. ඒ කී‍්‍රඩා කරන විලාසය අනුව ඔහු කෙදිනක දී හෝ ශ්‍රී ලංකාව නියෝජනය කරාවි යැයි මට විශ්වාසයක් තිබුණා.


01 පසු කලෙක එය යථාර්ථයක් වුණාම?
පාසල් කි‍්‍රකට් පිටියේදීම ඔහු එය යථාර්ථයක් කළේ 15න් පහළ සිටිය දී 19න් පහළ කණ්ඩායමටත් කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලබාගෙනයි. ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් 19න් පහළ සහ ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායමේ තරගවලට සහභාගි වෙමින් මහේල තමාගේ දස්කම් ප‍්‍රකට කරන්න පටන් ගත්තා.


01 එලෙසින් මහේල ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීමට පටන්ගත් දිනයේ සිට ඔහු කී‍්‍රඩා කළ තරග සියල්ලෙහි පරිගණක දත්ත පටිගත කිරීම් ඔබ කළා නේද?
ඔව්, සියලූ දේ මා එක්රැස් කළා. එදා සිට මහේල ගැන සටහන්වූ සියලූ පුවත්පත් ලිපි වගේම ඔහු සහභාගි වුණු පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා වූ ”වීඩියෝ” මා සතුව තිබෙනවා.


01 මේ දේ ඔබ කරන බව ඔහු දැන ගෙන සිටිය ද?
ඔව්, ඔහු දැන ගෙන සිටියා. සමහර දාට ඔහු තරග කළ තරගයන්හි වීඩියෝ දර්ශන නැවත නැරැඹුවා. තාත්තෙ ඒ මැච් එකේ මම කී‍්‍රඩා කළ විදිය නැවත බලන්න ආසයි කියලා ඔහු ඒවා නරඹලා තරගයේ දී කළ වැරැදි දේ විමර්ශනය කර බැලූවා.


01 ඔහු අසාර්ථකවූ අවස්ථාවල දී ඔබගෙන් උපදෙස් ලබා ගත්ත ද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒ අවස්ථාවේ දී පහර දුන් විදිහ ගැන සහ එහි හරි වැරැදි ගැන අපි කතා කළා.


01 ඒ විදියට අසාර්ථක පහරක් එල්ල කොට දැවී ගිය තරගයකින් පසුව ඒ ගැන ඔබ එක්ක කතා කර තිබෙනවා ද?
ඔව්, ඔව්.


01 මෑතක් දක්වාම ඒ විදිහට ඔබගෙන් උපදෙස් ගත්ත ද?
දැන් වුණත් එහෙම තමයි. ඒත් දැන් අපි එයාට කියලා දෙන්න  ඕනෑ නැහැනෙ. එයා දැන් ලෝකයේ සිටින වඩා පළපුරුදු කි‍්‍රකට් දැනුමින් වඩා පොහොසත් කී‍්‍රඩකයෙක්. මම හිතන විදියට ඔහු කි‍්‍රකට් සරසවියක් වගෙයි.


01 අසාර්ථක වූ අවස්ථාවල දී ඔහු දුක් වෙලා තියෙනව ද?
එදා තමන් කළ වැරැද්ද ගැන විතරයි එයා කතා කළේ. එය හඳුනාගෙන ඒ වැරැද්ද හදා ගන්න කටයුතු කළා.


01 ඔහු අසාර්ථක වූ අවස්ථාවල දී එල්ල වුණු විවේචනවලට මුහුණ දුන්නෙ කොහොම ද?
කෙනෙකුගේ දියුණුව උදෙසා විවේචන කිරීම සහ ලිවීම හොඳ දෙයක් එයින් ඉගෙන ගන්න දේ තිබෙන නිසා. ඒ විදියට වැදගත් වන දේ ඔහු ජීවිතයට ප‍්‍රයෝජන කරගත්තා. ඒ හැර අදාළ නොවන දේ ගැන හිතන්න ගියේ නැහැ.


01 ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අවස්ථාවල දී කි‍්‍රයා කළ විදිහ ගැන ඔබ දකින්නෙ කොහොම ද?
මම විශ්වාස කරන විදියට, මම හිතන විදියට ශ්‍රී ලංකාව මේ දක්වා බිහි කළ හොඳම කි‍්‍රකට් නායකයා වන්නේ ඔහුයි.


01 ඇයි ඔබ ඒ විදියට ඔහු සසඳන්නෙ?
තරගයකට අවතීර්ණ වීමට පෙර පවතින කාලගුණික තත්ත්වයේ සිට කි‍්‍රකට් කී‍්‍රඩාවේ ස්වභාවය ගැන ඔහුට ඉතා හොඳ වැටහීමක් තිබුණෙ. ඇත්තටම ශ්‍රී ලංකාව මේ දක්වා බිහි කළ හොඳම කි‍්‍රකට් නායකයා ඔහුයි.


01 ඔහුගේ නායකත්වය යටතේ වතාවකදි ලෝක කුසලාන අවසන් තරගය දක්වා කාණ්ඩායම රැගෙන ආවත් එහි ජයග‍්‍රහණය ලබා දීමට ඔහුට නොහැකි වුණා. ඒ අවස්ථාව ඔබ දුටුවේ මොන විදියට ද?
එදා ඇත්තටම නොසිතූ විදියට කාලගුණය හරස් වුණා. ඊටත් පෙර ගිල්කි‍්‍රස්ට් බේස් බෝලයක් අත් ආවරණයේ දමාගෙන විත් පන්දුවට පහර දී විශ්මිත ශතකයක් ලබා ගත්තා. මේ සියල්ල සමග කාලගුණයත් හරස් වෙලා තිබුණෙ. ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට පෙර විකට්ටුව තෙත බරිතව තිබුණෙ. ඉන් පසු පිටියට පිවිසි වඩාත් ප‍්‍රවීණයා වූ සනත් ජයසූරිය අඩු ලකුණු ප‍්‍රමාණයකට දැවී ගියා. ජය පෙනි පෙනී එදා අප පරාජය වුණා. නමුත් මහේල වගේම එදා සමස්ත කණ්ඩායමම ජයග‍්‍රහණය සඳහා කළ හැකි සියල්ලම කළා.


01 අපි දැන් එළැඹෙමු මෙම ටෙස්ට් කි‍්‍රකට් තරගයට. ඔහු කී‍්‍රඩා කරන අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය මෙයයි. මේ සමු ගැනීම ඔහු තීන්දු කළේ ඇයි? ඊට විශේෂ හේතුවක් තිබුණා කියලා හිතනව ද?
මම එහෙම හිතන්නෙ නැහැ. එයා මේ දක්වා ගත්ත සියලූ තීරණ නිවැරැදි තීරණයි. මේ තීරණයත් එහෙමයි. ”මගේ අත-සහ මගේ ඇස් දෙක” කියන දේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් හිතන දෙයක්. එය හරියට වැඩ කරනව ද නැද්ද යන්න ගැන කී‍්‍රඩකයින් විමසිලිමත් වෙනවා. ඒ අනුව මහේලට හිතෙන්න ඇති දැන් ටෙස්ට් තරගවලින් සමු ගැනීමට සුදුසු කාලය කියලා.


01 නමුත් අන්තර්ජාතික විචාරකයින් පවා විටෙක මේ ටෙස්ට් සමු ගැනීම අනුමත කළේ නැහැ. මහේලට අඩු තරමින් තවත් වසරක් දෙකක් හෝ කී‍්‍රඩා කළ හැකි තාරුණ්‍යය ඇති බව ඔවුන් ප‍්‍රකාශ කළා. එසේ තිබියදීත් මහේල මෙලෙසින් සමු ගැනීමට හේතුවක් තිබෙන්නට ඇති නේද?
මම නම් එහෙම හිතන්නෙ නැහැ. ඔහු සෑහෙන තරමට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කළා. ඊට ආලෝකයක් වුණා. දැන් තවත් දක්ෂ යොවුන් කී‍්‍රඩකයින් පෙළ ගැසී සිටිනවා. ඔවුනට ඒ අවස්ථාව ලැබිය යුතුයි. මහේල මේ ගත්තේ නිවැරැුදිම තීරණයක්.


01 මහේල මෙතෙක් ගෙවූ ජීවිතයේ වඩාත් හැඟීම්බර වූ අවස්ථාවක් ගැන සිහිපත් කළ හැකි ද?
කී‍්‍රඩාව නිසා ඔහු හැඟීම්බර වෙලා නැහැ. ජය-පරාජය සමව විඳ දරා ගත්ත කී‍්‍රඩකයෙක්. නිතරම රටට ජයගෙන එන්නයි ඔහුට  ඕනෑ වුණේ. ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයකුගෙ හැටි එහෙමයි. කී‍්‍රඩාව නිසා හැඟීම්බර නොවුවත් එයා එයාගෙ එකම මල්ලි වූ දිසාල් අකාලයේ මිය ගියදා හරියට දුක් වුණා. මේ දුක කෙතරම් ද කිව්වොත් ආයෙත් කි‍්‍රකට් කී‍්‍රඩා නොකරන තැනට තීරණය ගෙන තිබුණෙ. ඒත් නාලන්දාවේ ගුරුවරු වගේම උපදේශකවරුන් මෙන්ම පන්සලේ නායක හාමුදුරුවෝ මෙයාගෙ හිත සැනසුවා. මහේල නැවත කි‍්‍රකට් පිටියට එන්න ඇත්තෙ මල්ලිට උපහාරයක් ලෙස වෙන්නත් පුළුවනි. එයා මල්ලිට හරියට ආදරය කළා. දෙන්නා ගෙදර එකට සෙල්ලම් කළේ.


01 බැරි වෙලාවත් එදා ඔහු කි‍්‍රකට් අත් හැර දැමුවා නම්?
එයා විභාග ඉතා හොඳට කළා. ඒ නිසා අධ්‍යාපනයෙන් ඉහළට යාමට ඉඩ තිබුණා. නමුත් මම නම් උනන්දු කළේ කි‍්‍රකට් කී‍්‍රඩාවටමයි.


01 කි‍්‍රකට් කී‍්‍රඩාවෙදි ඔහු දැක්වූ සහ දක්වන මේ අපූරු දක්ෂතාවේ රහස හැටියට ඔබ දකින්නෙ?
මොන දේ කළත් මහේල බාගෙට කරන්නෙ නැහැ. හරි වෙලාවට විනයක් ඇතිව සියල්ල කැපවීමෙන් කළා. කවදාවත් ප‍්‍රමාද වෙලා පුහුණුවට ගියේ නැහැ. කරන දේ හරියට කළා. ඔහුගේ දක්ෂතාවේ යථාර්ථය එයයි.


01 මේ ටෙස්ට් සමු ගැනීම ගැන ඔබ එක්ක කතා කළා ද?
මේ ගැන විතරක් නෙවෙයි මොන තීරණය ගැනීමට පෙරත් එයා මායි-බිරියයි එක්ක ඒ ගැන කතා කළා. එයාගෙ ස්වභාවය ඒ වගෙයි.


01 කෙතරම් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයකු වුනත් විටෙක පාලක මණ්ඩලය මහේලට හරියට නොසැලකූ බවට පසුගිය කාලයේ දී අහන්න ලැබුණු දේවල්. ඔබ කොහොම ද ඒ ගැන හිතන්නෙ?
මම හිතන්නෙ ඔහු තවමත් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයෙක්. ඒ නිසා එය කතා කළ යුතු දෙයක් නොවෙයි.


01 මහේල කී‍්‍රඩා කරන මේ තරගය නැරැඹීමට පවුලේ උදවිය ඔක්කෝම වාගේ පැමිණ සිටිනවා නේද?
ඔව්. ඒ කටයුතු සියල්ල සම්පාදනය කර දුන්නෙ මහේලගෙ බිරියයි. අපේ පවුල්වල ඥාතීන්ට මේ තරගය නරඹන්න  ඕනෑ කීවාම ඇය හැකි විදියට ඒ අය වෙනුවෙන් සියල්ල සම්පාදනය කර දුන්නා.


01 රටට ලෝකයට ඔහු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයෙක් ඒ වගේම ඔබගෙ පුතා තමයි, නමුත් බාහිරව සිට ඔබ මහේලව විග‍්‍රහ කරන්නෙ කොහොම ද?
He is a Gentleman (ඔහු හොඳ මහත්මයෙක්). හොඳ නායකයෙක්, හොඳ ගුණ ඇති මිනිසෙක්.


01 මේ හොඳ මහත්මයා මේ හොඳ කි‍්‍රකට් නායකයා මේ හොඳ ගතිගුණ ඇති මිනිසා කවදා හරි දේශපාලනයට ඒවි කියලා ඔබ හිතනව ද? මේ වගේ අය දේශපාලනයට සුදුසුයි නේද?
කවදාවත්ම මහේල දේශපාලනයට එන එකක් නැහැ. කවදාවත්ම නැහැ. රට වෙනුවෙන් ඔහු ඔහුගේ සේවය ඉටු කළා. අනාගතයටත් එය කරාවි. මට තියෙන්නෙ ඔහුට සුබ පතන්න විතරයි.

 

kalina-01futter



අදහස් (0)

ශ්‍රී ලංකාවේ මේ දක්වා බිහිකළ හොඳම ක්‍රිකට් නායකයා ඔහුයි

නැනී Sunday, 24 August 2014 04:47 AM

ජයවර්දන මහතාණෙනි, ලෝක ප්‍රසිද්ද වීරයෙක් තුල හොඳ මිනිසෙක් නිර්මාණය කිරීම පිළිබද ඔබ දෙපලට මගේ ප්‍රණාමය ! (නදී)

:       0       0

දිලුක් Friday, 22 August 2014 03:37 AM

අර්ජුනගෙන් පස්සේ තමයි මහේල හොඳ නායකයෙක් වෙන්නේ. (නි)

:       0       0

ගංගා Friday, 22 August 2014 05:09 AM

මානුෂියත්වය පිරි විශිෂ්ට කෙනෙක් අර්ජුන වගේම සැබෑ නායකයෙක් (දිල්)

:       0       0

පහන් Friday, 22 August 2014 04:20 PM

හොදම නායකයා අර්ජුන රණතුංග .එය ඔහුට හිමිවිය යුතුයි .නිර්මාණාත්මක නායකයා අර්ජුන .(අ)

:       0       0

සෑම් Friday, 22 August 2014 05:07 PM

පිස්සුද අනේ හොඳම නායකයෝ ඉන්නේ අපේ පාර්ලිමේන්තුවේ මහේලගේ ගැහිලි මොනවද අන්න නියම ගැහිලි. නමුත් හරිම නිහතමානී ක්‍රීඩකයෝ කොච්චර ගැහුවත් ගැහුවා කියල පිළිගන්නේ නැහැනේ. (නදී)

:       0       0

සුගත් බණ්ඩාර Friday, 22 August 2014 05:39 PM

මහේල ඔබ ලංකාවේ ක්‍රිකට් වලට අාපු අපුරුම මහත්මයෙක් කීවොත් එය හරිම නිවරදියි. ඔබ කවදාවත්ම දේශපලනයට නම් එන්ඩ එපා (නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 21 August 2014 07:59 AM

හරිම ආඩම්බරයි! (නි)

:       0       0

පාලිත Saturday, 23 August 2014 03:18 PM

ඔයා නැත්තන් ටීම් එකෙන් වැඩක් නැහැ (නදී)

:       0       0

කරූ Thursday, 21 August 2014 09:29 AM

ඕනෑම දෙයක් කරන්න දෙන්න ඔහුට එ්ත් දේශපාලනයට නම් එන්න දෙන්න එපා කවදාවත්. (නදී)

:       0       0

සුරුවන් Friday, 22 August 2014 08:50 AM

පියෙක් හැටියට සෙනරත් ජයවර්ධන මැතිතුමාගේ අදහස් අති විශිෂ්ඨයි. ඒත් පාඨකයන් හැටියට හැම දෙයක්ම මතක තියෙන මට නම් බොහොම නිවුනු ගතිගුණ තියෙන මාවන් අතපත්තු තමයි හොදම. කුමාර සංගක්කාරත් ඒ හා සමාන කරන්නත් පුළුවන්. (නදී)

:       0       0

ශ්‍යාම් Thursday, 21 August 2014 09:30 AM

ආදරණීය මහේල, ඔබ හොඳ පුද්ගලයෙකි (නදී)

:       0       0

සංජය Thursday, 21 August 2014 09:35 AM

එහෙම කියන්න අමාරුයි. අර්ජුන හොඳ නායකයෙක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5027 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 696 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site