IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ශ්‍රීලනිප රැස්වීමෙන් පසු හිරුණිකාගේ වාහනයට හූ කීවේ කවුද?

    dhf

 

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ජනාධිපතිවරණයේදී බෙහෙවින් ප‍්‍රචලිත චරිතයක් වූවාය. ඉකුත් සතියේ ඇය ගමන් ගත් රථයට එල්ලවූ විරෝධය මත ඒ ආශි‍්‍රත කරුණු විමසා ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡාව මෙසේය.

 

21_SLMA_P20_Back

ප‍්‍රශ්නය : මේ දවස්වල නිහඬ බවක් පෙනෙනවා.
පිළිතුර :
නිහඬ වෙලා නැහැ. ජනාධිපතිතුමාගෙ ජයග‍්‍රහණය වෙනුවෙන් මම කැපවෙලා වැඩ කළා. අපේ වගකීම අපි හරියට කළා. දැන් අයින්වෙලා නැහැ. දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමත් වේදිකාවල පොරොන්දු වෙච්ච දේවල් ඉටු කර ගන්නත් දැන් උත්සාහ කරනවා. හොරු, මංකොල්ලකාරයො, කුඩු කාරයො, අත්අඩංගුවට ගන්නව කියල කිව්වනේ. ඒ සඳහා නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන කි‍්‍රයා කරන ආකාරය දෙස බලාගෙන ඉන්නවා.

 


ප‍්‍රශ්නය : මේ දක්වා ඒ පොරොන්දු ඉටු වෙන ආකාරය ගැන තෘප්තිමත්ද?
පිළිතුර :
මෙහෙමයි. පසුගිය කාලය තුළ කෙරෙන වැඩ ගැන යම්තාක් දුරකට සතුටු වෙන්න පුළුවන්. වෙලේ සුදා වැනි අය අත්අඩංගුවට ගැනීම, දුමින්ද සිල්වා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම කලින් තිබුණ රජය යටතේ නම් සිහිනයක් වී තිබුණා. දැන් මේ රජය යටතේ ඒවා සිදු වෙනවා. හැබැයි මට නොතේරෙන දෙයක් තියෙනවා. මම නීතිය හදාරණ කෙනෙක්. දුමින්ද සිල්වාගෙන් ප‍්‍රශ්න කරලත් තවම අත්අඩංගුවට නොගැනීම ප‍්‍රශ්නයක්. සාක්ෂි තහවුරු කරගෙන සත්‍යතාවය බලල ඔවු නොවුන් අතර සම්බන්ධතාවය නිශ්චය කර ගැනීමට සිදු වෙනවා. දවසකින් දෙකකින් ඇප දෙනවට වඩා දිගින් දිගට සොයා බලල අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න එක වඩාත් හොඳයි. ඒ වුනාට සාමාන්‍ය ජනතාවට ඒ කි‍්‍රයාවලිය අවබෝධ කර ගන්න බැහැ.
බිම් මට්ටමේ ජනතාව අහන්නෙ ඇයි මේ තරම් කල් යන්නෙ කියලයි. වරදක් කරල නැති නම් නිදහස් කරන්න  ඕනෑ. නැතිනම් නීතිමය පියවර ගන්න කියල තමයි ඔවුන් කියන්නෙ. පොලිසිය පසුගිය රජය කාලෙ ඇතැම් දේශපාලනඥයන්ට බයෙන් හිටි බව අපි දන්නා දෙයක්. මට හිතෙන දෙයක් තියෙනවා. එනම් අපි ආණ්ඩු වෙනස් කළාට ජනාධිපති, අගමැති වෙනස් කළාට, නීතිය කි‍්‍රයාත්මක කරන තැන්වල තවමත් දූෂිත නිලධාරීන් ඉන්නවා. මුදලට වැඩ කළ අය ඉන්නවා. රාජපක්ෂ පවුලට ගැතිකම් කළ අය තවම ඉන්නවා. හොඳ පිරිසක් ඉන්නවා. නමුත් පොදුවේ ඇතුළත වෙනස්වීමක් වෙලා නැහැ.

 

1

 


ප‍්‍රශ්නය : ඔබ කියන්නෙ ඔය තත්ත්වය නිසා සාධාරණයක් වෙන්නෙ නැහැ කියලද?
පිළිතුර :
මෙහෙමයි, අපට ජනතාවගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිව යනවා. තිස්ස අත්තනායකට කූට ලේඛන සකස් කිරීම පිළිබඳව ඇති චෝදනාවට වඩා මේ තව අයට ඇති කුඩු චෝදනාව බරපතළයි. සාමාන්‍ය නීතියට අනුව මත් කුඩු චෝදනාවට ඇපදිය නොහැකි එකක්. දුමින්ද සිල්වා වැනි අයගෙන් ප‍්‍රශ්න කරමින් කල් මරන්නෙ ඇයි කියන එක අපට ප‍්‍රශ්නයක්. වැරැුදි කරන අයට යන්න දෙන්නෙ නැහැ. එයාර් පෝට් වහනව කියලයි කිව්වෙ. ඒත් අද වෙනකොට වැරැුදි කරපු පස් හය දෙනෙක් පිටරට ගිහිල්ලා. අපි ගිය මාස කීපය ඇතුළත මැතිවරණය වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක් කළා. මරණය අතේ තියාගෙන අපි ප‍්‍රචාරක වැඩ කළා. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ දිනුවා නම් අපේ ජීවිත ගැන විශ්වාසයක් නැහැ. නුගේගොඩ රැුස්වීම තියන්න පුළුවන් වුණේ මේ රටේ යහ පාලනයක් තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ දිනුව නම් ඔය වගේ රැුස්වීමක් පවත්වන්න දේවිද? කොහෙත්ම නැහැ. අඩු වශයෙන් රැස්වීම පවත්වන භූමිය වෙන්කර ගන්නවත් දෙනවද?


මෛතී‍්‍රපාල ජනාධිපතිවරයට ඉන්න දේවිද? බොහොම බරපතළ තත්ත්වයක් ඇති වෙනවා. අපිට බොහොම කටුක අත්දැකීම් තිබුණේ. අවාසනාවකට ඒ කටුක අත්දැකීම්වලින් අද එළියට ආවත් ගිය රජයේ හිටපු අය මේ යහපාලනය යටතේ තවමත් බලවත් වී ඉන්නවා.

 

2

 


ප‍්‍රශ්නය : ඔය කියන තත්ත්වය වෙනස්වන පාටක් නැද්ද?
පිළිතුර :
ජනාධිපතිතුමාට තවමත් විධායක බලතල තියෙනවා.  ඕනෑ වෙලාවක එතුමට නියෝගයක් දෙන්න පුළුවන්. ප‍්‍රමාදයට හේතු හොයල බලන්න පුළුවන්. ගිය රජය වගේ දුරකථනයෙන් නඩු තීන්දු වෙනස් කරන්න අවශ්‍ය නැහැ. තත්ත්වය සොයා බලන්න පුළුවන් නේ. දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නය මේවා සොයා නොබලන එකයි.


වර්තමාන ජනාධිපතිවරයා සමග නොසිටි බොහෝ දෙනෙක් දැන් එතුමා එක්ක ඉන්නවා. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා. එනම් මාව මරන්න හෝ මට තැන තැන බැනපු හෝ මට විරුද්ධව වැඩ කරපු කෙනෙක් හෝ ඉන්නව නම් ඔවුන් ඒවා කළේ යම් කෙනෙකුගෙ අවශ්‍යතාවක් ඉටු කිරීමටයි. ඔවුන් තව දුරටත් ලඟ තබාගෙන ඉන්නවා නම් ඒක බොහොම බරපතළ දෙයක්. ගිය ජනාධිපතිවරයාට ගැතිකම් කරල වර්තමාන ජනාධිපතිවරයාට එදා පුළුවන් තරම් වැරැුදි කරපු මිනිස්සු තවම ළඟ ඉන්නව කියන එකත් ඔවුන්ට ඒ වරප‍්‍රසාද තවම දෙනව නම් ඒවා නොකළ යුතුයි. තමන් ළඟින් තියා ගත යුත්තේ තමන්ට හිතවත් පිරිසක්. තමන්ට ආදරය කරන පිරිසක්. හිටපු ජනාධිපතිවරයට වසර 9ක් තිස්සේ් හිතවත්ව සිටි අය එකවර වර්තමාන ජනාධිපතිවරයාට සමීප හිතවත්කමක් දක්වන එක ගැන හිතන්න  ඕනෑ.

 

3

 


ප‍්‍රශ්නය : එහෙම අය ඉන්නවද?
පිළිතුර :
අපොයි ඔව්. තවමත් ඉන්නවා. හිටපු ජනාධිපතිවරයගෙ කාලෙදි මේ ජනාධිපතිවරයාට කළ කෙණෙහිලිකම් අපි දැක්කා. අපිට පුදුමයි. අගමැතිතුමා නම් අලූත් පිරිසක් ඔහුගේ කාර්ය මණ්ඩලයට දා ගත්තා. හැබැයි කාර්ය මණ්ඩලයේ විතරක් නොවෙයි තවත් තැන්වල අර මිනිස්සුම රජ කරනවා. ගැතිකම් කළ අය තවම ඉන්නවා. පොලිස්පතිවරයා ඉතා හොඳ නිලධාරියෙක්. ඔහු යටතේ ඉන්න සමහර අයගෙ කි‍්‍රයාකාරකම් පිළිබඳව ප‍්‍රසිද්ධ විවේචන තිබුණා. ඒ අය තවමත් ඉන්නවා. පොලිස්පතිවරයා පරීක්ෂණ කරන්න යන්නෙ නැහැ නේ. ඊට පහළ නිලධාරීන් ඒවට යවනවා. අන්න ඒ අය ගැන මම කියන්නේ.

 


ප‍්‍රශ්නය : ඔබේ වාහනයට හූ කිව්වෙ ඇයි?
පිළිතුර :
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව තිබුණ. විධායක සභාවෙදි ගත් ඇතැම් තීරණ පිළිබඳව ප‍්‍රාදේශීය මට්ටමේ ඇතැම් අය කැමැති වුණේ නැහැ. ඔවුන් ද දැනුවත් කළ යුතුයි කියලයි කිව්වේ. හැබැයි මීට පෙර එවැනි දෙයක් සිදුවූයේ නැහැ. විධායක සභාව ගත් තීන්දුවට සමස්ත කාරක සභාවෙම අනුමැතිය ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරුවල ඉන්න අයගෙන් වර්තමාන ජනාධිපතිවරයාට උදව් කළේ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්. සභාපති තනතුරට ජනාධිපතිතුමා පත්වුණත් තවත් ඒ පිරිසගෙ විරෝධතාවක් තියෙනවා. ඒ අයට අලූත් ජනාධිපතිවරයාගෙ පත්වීම දරා ගන්න බැරුව ඉන්නෙ. මම තමයි එදා විරෝධතාවය අතර මුලින්ම එළියට ආවෙ. මාව දැක්කම හොඳටම කේන්ති ගියා. මට බැනල කෑ ගැහුවා. මම ගැහැණු ළමයෙක්. තරුණියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හැටියට මම උදව් කරන්නෙ කාටද කියල තීරණය කිරීමට මට අයිතියක් තියෙනවා.


අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම වර්තමාන ජනාධිපතිවරයාට දීල ඉවරයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඒක පිළිගන්න වෙනවා. ඒකට එරෙහිව කෑ කෝ ගහලා පක්ෂයේ කීර්ති නාමයට හානිකළ පිරිසට විනය කි‍්‍රයාමාර්ගයක් ගන්න  ඕනෑ. ඒ අය කෑ ගැහුවෙ මට විතරක් නොවෙයි. ජනාධිපතිවරණයෙදී මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයට උදව් කරපු හැමෝටම කැත විදියට බැන්නා. මම ගෑණු ළමයෙක් වීම පිළිබඳව නොවෙයි, අපි ජනාධිපතිට උදව් කරපු අය. නමුත් අපි එතුමාට විරුද්ධව ජනාධිපතිවරණයෙදී කි‍්‍රයා කළ උදවිය වගෙයි.  අපිට කෙණෙහිලිකම් කරනවා. පක්ෂයේ ඉහළ පුටුවල ඉන්න අය මේවට පියවරක් ගන්න  ඕනෑ.


ප‍්‍රාදේශීය මට්ටමින් ජනාධිපතිවරණයේදී උදව් කළ අය ගැන සොයා බලන්න  ඕනෑ. සැලකිලිමත් වෙන්න  ඕනෑ. ඔවුන්ගෙ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

m



අදහස් (0)

ශ්‍රීලනිප රැස්වීමෙන් පසු හිරුණිකාගේ වාහනයට හූ කීවේ කවුද?

සුජාන් Tuesday, 03 March 2015 09:01 AM

2010 දී 'සරත් ෆොන්සේකා' ව යොදා ගත්තා වගේ මේ පාර 2015 දී 'මෛත්‍රීපාල සිරිසේන' මහත්තයව යොදාගෙන යු එන් පී එක බල්ටියක් ගැහුවට තාම හරියට රාජ්‍ය බලය ලැබුනේ නෑ. ඒකට විධායක බලතල සංශෝදනය කරලා අගමැතිට බලය එන ව්‍යවස්ථා වෙනසක් කරන්න ඕනේ. ඒකට පවතින පාර්ලිමේන්තුවේ සහයෝගය ඕනේ. හොරු අල්ලන්නයි සහයෝගය ගන්නයි දෙකම කරන්න බැරි හින්දා තමයි මේ කල් මරන්නේ. ඕක අස්සේ තව තව හොඳ ගැට තියෙනවා. ඒවා දන්නා අය කියන්නේ නෑ. කියවන අය දන්නේ නෑ. (නදී)

:       0       0

ලෝචන Thursday, 26 February 2015 11:14 AM

හූ කියපු එකටත් නඩුවක් දාන්න පුලුවන්ද හොයල බලන්න. (අ)

:       0       0

රාමා Tuesday, 03 March 2015 09:46 AM

දුමින්ද කියන්නේ ලස්සන කඩවසම් කොල්ලෙක්, අැයි අත් අඩංගුවට ගන්නේ ? (නදී)

:       0       0

සමන් Friday, 27 February 2015 02:25 AM

මට පෙනෙන විදිහට තවමත් කඩේයන අය මේ රටේ ඉන්නවා. වැඩිහිටියෙක් වගේ හිතන්න පුරුදුවෙන්න. (නි)

:       0       0

සාරා Thursday, 26 February 2015 11:49 AM

ඔබට හොඳ අනාගතයක් තියෙනවා. තව ඉවසන්න (නදී)

:       0       0

සුජාන් Wednesday, 25 February 2015 08:38 AM

දැන් දුමින්ද සිල්වාට විතරක් නෙවෙයි, වත්මන් ආණ්ඩුවේ අයටත් වුණේ මොකක්ද කියලා මතක නෑ වගේ.(දිල්)

:       0       0

දොම්පේ ලමයා Wednesday, 25 February 2015 09:35 AM

දුෂ්ට පාලනයකින් රට බේරා ගැනීමට ඔබ කළ සටන මුළු රටම අගය කරනවා. නරි හූව ගණන් ගන්න එපා (දිල්)

:       0       0

රොන් Monday, 02 March 2015 12:50 PM

මෙතන හූ කියල තියෙන්නේ හිරුණිකාගේ වාහනයට. හිරුණිකාට නෙවෙයි නේද?(නදී)

:       0       0

සදා Thursday, 26 February 2015 03:43 AM

පිවිතුරු යහපාල මතය අගය කරනවා. මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්ද මහතාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද මහතා නැතුව ඇවිත් බලන්න කියන්න වෙන්නේ මොකක්ද කියලා. (නදී)

:       0       0

ජීවක Wednesday, 25 February 2015 11:29 AM

හූ කියපු අයට මොනවා කරන්න කියලද කියන්නේ? (නි)

:       0       0

ගුණපාල Wednesday, 25 February 2015 12:37 PM

දොම්පේ, මහින්ද රාජපක්ෂ රජය ඔබට හෝ රටට කළ දුෂ්ටකමක් තිබෙනවද කියා තමා විසින්ම සිතාබලන්න. විවිධ මත වලට තමන්ගේ සිතේ ඉඩදෙන්න එපා! රටට වුණ සෙත මගේ ඇස් වලින් නම් පෙනෙන්න තිබෙනවා. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 25 February 2015 01:40 PM

ඔබ නිර්භිතකම අගය කරනවා . (හේ)

:       0       0

කල්පගේ Thursday, 26 February 2015 06:21 AM

මමත් ඡන්දෙ දුන්නේ යහපාලනයට. සිරිසේන ජනපතිතුමාට සුභ පැතුවා (නි)

:       0       0

අනුර Tuesday, 03 March 2015 03:10 AM

දැන් කුඩු හොරු හංගන්නේ කව්ද? කුඩු මුලින්ම රටට හදුන්වා දුන්නේ විවෘත ආර්ථිකය තුලින්.(නදී)

:       0       0

සුජිත් Monday, 02 March 2015 05:36 AM

තව ඉගෙනගන්න දේවල් ගොඩක් තියනවා ඔයා රැවටුනා කියල තව ටික දවසකින් තේරුම් ගනී (නදී)

:       0       0

තිනුග Thursday, 26 February 2015 06:55 AM

මේ වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් ඡන්දෙ ඉල්ලන්න එන්න එපා (දිල්)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 February 2015 03:36 PM

අනේ යන්න නංගි යන්න..ඔයාලට මොකක්ද තියෙන අයිතිය ලක්ෂ 57ක ඔයාලට විරුද්ධව ලැබුණු ඡන්දවලට අයිතිවාසිකම් කියන්න..නිර්පාක්ෂික වෙන්න ජනාධිපතිකම් ඉල්ලපු අය අද පක්ෂ මංකොල්ල කාල ඒවායේ සභාපතිකම් බලෙන් අරන් ලක්ෂ 57ක ජනමතය තමන්ට ඕන විධියට හසුරුවන්න යාම ගොඩක් භයානකයි නංගි..හරියට එක බෝම්බයක් උඩ වාඩි වුනා වගේ තමයි..කොයි වෙලාවේ පිපිරෙවිද දන්නේ නැහැ..ඒ බොම්බේ අත ගගා සුරතල් කරන ඔයාලට දීපු පොඩි වෝනින් එකක් ඔය.(අ).

:       0       0

දිමුත් Tuesday, 03 March 2015 04:51 AM

මෙයා ගොඩක් දුර යයි වගේ (දිල්)

:       0       0

දයාල් Friday, 27 February 2015 12:33 AM

දුමින්ද දැන් යහපාලනයට එකතුවෙලා ,දැන් කණපිට පෙරළෙන්නයි එන්නේ. එනපොට හරි නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 102 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 82 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 34 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 83 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 50 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 577 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site