කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.
අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.
මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.
සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.
ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය.
අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.
සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.
සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.
පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුරට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.
සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි.
ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.
පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.
සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.
18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තූතියි. කරුණාකර " හිරිවදුන්න" ඉතිහාස තොරතුරු පලකරන්න...
ඉතා හොඳ ලිපියක් (නි)
ගොඩක් හොද දෙයක් මේක අපි වගේ පාසල් යන ළමයිට තොරතුරු හොයාගන්නත් පුලුවන් (හේ)
කාශ්‍යප රජු රජකළ අවුරුදු 18ක් වගේ කෙටි කාලයකදී සීගිරිය වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය කාගෙවත් සිතට නොඑන්න ඇති. (නි)
ඉතා හොද ඉදිරිපත් කිරීමක්.ඉදිරියට තවත් තොරතුරු පලකරන්න.(අ)
පෙර මුතුන් මිත්තන් අපට ලබා දී ඇති මේ දායාද ඉදිරි පරපුරටයි. අද පරපුරට මෙවන් මවිත කරන විස්කම් කිරීම තියා සිතන්නටවත් බැරිය එම නිසා මෙය රැක ගැනීම අප කාගේත් වගකීමයි (ස)
අපේ යුතුකම ඉටු කරමු (ස)
ලොකයටම උරුම වූ සීගිරිය මතු පරපුර වෙනුවෙන් රැක ගමු. (ස)
ඔබේ සේවය විශිෂ්ඨයි. (ස)
ඉතා හොඳයි මෙය අප රැක ගත යුතුයි, මෙවැනි තවත් ලිපි ඉදිරි පත් කරන්න අපගේ සහයෝගය ලබා දෙන්නම්.(ස)
අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන්ගේ වගකීමයි. (ස)
ඉතා හොදයි.නෙලුම් පොකුණ ගැන විස්තරයක් මගේ ඊ-මේල් එකට එවන්න
සීගිරියේ නිර්මතෘ කාෂ්‍යප රජතුමා ඒ බවට පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍ර සාක්ෂි දරනවා. හුදෙක් තම ජනප්‍රියත්වය උදෙසා එක් එක් පුද්ගලයන් විසින් එහි ඉතිහාසය විකෘති කිරීමට උත්සාහ ගැනිම අප හෙළා දැකිය යුතුයි.
ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. බඹරු යවන්න එපා
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා
සිගිරිය ලෝක උරුමයකී. ලෝක උරුම රැකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.
සීගිරි බඹරු කොහේවත් යවන්න එපා
කසුප් රජ බල කොටුව සිහගිරිය පර්වතය මවයි සිත මන ලොල්ව ලකඹ රේ ඔද තෙදය ලොව මවිත නොවේවිද පෑ විකුම් රජ නිරිද සිහ ගිරිය නිමාකරු නුඹයි කස්සප නිරිදු
ශීෂ්‍යාවක් ලෙස මට මෙය ප්‍රයෝජනවත් වුනා. සෑදූ සැමට ස්තුතිවන්ත වෙමි
හැකි නම් භාෂා කිහිපයකින් පල කරන්න
මෙය ගොඩාක් වැදගත් වුණා අධ්‍යාපන වැඩවලට...!