IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සූදු පනතේ මොනවද තියෙන්නේ?

 

 

දෙකෝටි විසි ලක්ෂයක් වූ ලාංකික ජනතාවගෙන් බහුතරය රාත‍්‍රි සමාජ ශාලා ජීවිතයකට ඇබ්බැහි නොවූවන් බව ඇත්ත කතාවයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ආගමික පදනම මෙන්ම රටේ හා ජනතාවත් ආර්ථිකයද ඉහළ සමාජ පන්තියට අයත් සුළුතරයක් හැරෙන්නට වැඩිමනක් පිරිස සමාජ ශාලා සංස්කෘතියට නැඹුරු නොකිරීම කෙරේ බලපා ඇති කරුණුය. කොටින්ම කැසිනෝ ශාලා, රාත‍්‍රී සමාජ ශාලා, ජන ජීවිතය හා පොදුවේ බැඳුණු කාරණා නොවන අතර සූදු කෙළින ඩිස්කෝ නටන, මත්පැන් හා මත් පෙති බොන සිරුරට වාරු වෙන  ඕනෑම ගැහැණියකගෙන් පිරිමියකුගෙන් ලිංගිකාස්වාදය සොයන අරුතක් නැති විකාර රූපී යැයි අප අපට අනුව සිතන සමාජශීලී ජීවිතය බහුතරයක් ලාංකිකයන්ට උරුම හෝ අනන්‍ය ජීවිතය නොවේ.

කොළඹ නගරයේ පමණක් කැසිනෝ ක්ලබ් සහ ඩිස්කෝ ක්ලබ් විස්සකට අඩු ප‍්‍රමාණයක් ස්ථාපිත අතර හිරු අවරට හැරී සඳ මෝදුවන යාමයේ ඒවායේ සරණ මිනිස් නිශාචරයන් බහුතරය වන්නේද විදේශිකයන්ය. මැති ඇමැතිවරුන් හා ඇමැති දු පුතුන් ධනවත් ව්‍යාපාරිකයන්, සුපිරි ක‍්‍රීඩකයන්, නිරූපණ ශිල්පීන් නිළියන් හා ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් හැරෙන්නට මොණර කොළ මත දුවන මේ සිහින ලෝකයන්හි සරන්නට යන ශ්‍රී ලාංකිකයන් නැති බව අත්දැකිය හැකි සත්‍යයයි.

 ඕස්ටේ‍්‍රලියාවේ කෝටිපති ජේම්ස් පැකර්ගේ කැසිනෝ ක්ලබ් එකකට කොළඹ දොරගුලූ ඇරෙන පසුබිමකදී කැසිනෝ පනතට එරෙහිව ඉකුත් කාලය පුරා නැගුණු හඬෙහි වේගය වඩාත් ප‍්‍රබල විය.

අතීතය හා වර්තමානයද යාකළ ඉසව්වකදී ඔට්ටු සූදු කැසිනෝ මේ සියල්ල පිළිබඳව කතා කළ හැකි මානයක සිට කතාකරන්නට අපි අදහස් කළේ එබැවිනි.

 


ඔට්ටු හා සූදු මුල් පනත

1988 අංක 40 දරන ඔට්ටු හා සූදු මුල් පනතට 2005 අංක 9 දරන සංශෝධිත පනතින් හා 2013 අංක 19 දරන සංශෝධිත පනතින් නිර්වචනය වූ ආකාරයට 2013 ජනවාරි පළමු වැනිදා සිට පහත නිර්ණායකයන් ක‍්‍රියාත්මක වෙයි.

යම් පුද්ගලයෙක් ඔට්ටු සහ සූදුවලින් ලබන ආදායමින් 5% බදු ලෙස ගෙවිය යුතුය. ඔහු එකතු කළ බද්ද හෝ ජාතිය ගොඩනැගීමේ බද්ද යන බදුවලට යටත් නොවේ. ලැබූ මාසික ආදායම රුපියල් මිලියනයකට වඩා අඩුනම් එම පුද්ගලයා බද්දට යටත් නොවේ.

 



2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත

මෙම පනතේ අංක 2 යටතේ කිසියම් පුද්ගලයෙක් 2012 ජනවාරි 01 වැනිදා සිට කැසිනෝ ව්‍යාපාරයේ යෙදීමට නීත්‍යානුකූල බලපත‍්‍රයක් ලබාගත යුතු අතර එය නිකුත් කිරීමේ බලය ඇමැතිවරයා සතුය. එමෙන්ම අදාළ ප‍්‍රදේශය නිර්දේශ කිරීමද ඇමැතිවරයා සතු බලතල අතර වේ.
අමාත්‍යංශ ලේකම්වරයා අදාළ මගපෙන්වීමේ නිවේදනය සියලූම සිංහල දෙමළ හා ඉංග‍්‍රීසි පුවත්පත්වල කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම පිළිබඳව සුදුසුකම් දක්වා පුවත්පත් නිවේදන නිකුත් කරනු ඇත.
බලපත‍්‍රයක් නොමැතිව යම් කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහොත් අදාළ දිනයෙන් පසු අධිකරණය ඉදිරියේ නඩු පවරා වසර 5 ක සිර දඬුවමක් හෝ ලක්ෂ 50 ක දඩයකට යටත් කරනු ලැබීමක් හෝ එම දඬුවම් දෙකම ක‍්‍රියාත්මක කළ හැකිය.

 



ඉතිහාසය

1988 අලූත් පනතක් ලෙස ඔට්ටු හා සූදු මුල් පනත නීතිගත වුවත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමටත් පෙර සිට ලංකාවේ රේස් බුකී හරහා ඔට්ටු බාර ගැනීම සිදුවූ අතර ඒවායින් රජය බදු අය කරගත්තත් ඒවා නීතිය ඉදිරියේ බලලත් ව්‍යාපාර නොවීය. අද දක්වාද ලංකාවේ විශේෂයෙන් රේස් බුකී ආශ‍්‍රිත ඔට්ටු බාර ගැනීම් සිදුවන අතර ඒවා නීත්‍යානුකූල නොවේ. නමුත් රජයේ බදු ආදායම් ලැබීමේ මූලාශ‍්‍රයක් ලෙස භාවිත කරයි.

මෙතෙක් කැසිනෝද බදු ආදායමට යටත් වුවත් එහිද නීත්‍යානුකූල බවක් නොතිබුණි. නව පනත යටතේද කරනුයේ එතෙක් ලැබෙමින් තිබූ රජයේ බදු ආදායම අහිමිකර ගනිමින් ආයෝජනයන් දෙස බලා කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉඩදීමය. කැසිනෝ නියාමන පනතින්ද බලාපොරොත්තු වනුයේ මෙතෙක් රටෙහි විසිරී පැවතුනු කැසිනෝ ව්‍යාපාර එක්තැනකට එකතු කර නියාමනය කිරීමය. එහෙත් අද වනතුරු කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ අඩංගු කරුණු මත නීත්‍යානුකූල භාවයක් ලබානොදී ඇත.

සූදු කෙළියේ ඉතිහාසය වසර 8000 ක් පමණ ඉපැරණිය. කැනඩාවෙන් හමුවූ ක‍්‍රි.පූ. 6000 දී සාදන ලස දාදු කැට මෙන්ම සෘග්වේදයෙහි එන සූදු කෙළින්නන්ගේ විලාපය නම් මැයින් වන දේවස්තූති ගීතය, කෞටිල්‍යයන්, අර්ථ ශාස්ත‍්‍රඥයන් ගෙනහැර දක්වන තොරතුරු ඒ ඓතිහාසිකත්වයට විධිමත් සාක්ෂි සපයයි.

කැසිනෝව යන සුවිසල් රාජධානියට තරු හෝටල්, කාමර, සාප්පු, දිය තටාක ඇතුළු සුපිරි අංග රාශියක් ඇතුළත්ය. මුහුදේ පාවෙන නැව් මත ඉදිවූ කැසිනෝ ශාලාද ලොව පවතී. මේ සියල්ලෙහි පදනම මුදල්ය. ඒ වෙත ඇදී එන්නෝ මුදල් ජීවිතය බවට පත්කර ගත් මහා ධනකුවේරයන්ය. තවත් අතෙකින් කැසිනෝ යනු බත් ඇටයකට මිනී මරාගන්නට තරම් දුප්පත්කම පිළිකාවක් ලෙස ජීවිත මත ඔඩුදුවාලූ මිනිසුන්ද සිටින ලෝකයක අතපිස දමන්නටත් නෝට්ටු ඇති තරමට වත්කම් සපිරි මිනිසුන්ගේ මහා රාජධානියකි.මොනවද මේ සෙල්ලම් මුදල් ඔට්ටුවට තබා කරන  ඕනෑම ආකාරයක ක‍්‍රීඩාවක් සූදුවක් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. කුකුළන් කෙටවීම, බූරුවා ගැසීම, අශ්ව රේස් සිට මුදල් ඔට්ටුවට තබා කරන  ඕනෑම ක‍්‍රීඩාවක් ඔට්ටු හා සූදු ලෙස ගිණිය හැකිය.
කැසිනෝවලදීbaccarat, Puntobanco, big six, black jack boule, Chemin - de - fer, chuck - a - luck, Crown and anchor, faro, faro bank hazard, Pokerdice, pontoon, American frcanch roulette, trenteet - quarnte, vingt - et - um වැනි ක‍්‍රීඩා කැසිනෝ ශාලා මැද ක‍්‍රියාත්මකය. කැසිනෝ සංස්කෘතියට එරෙහිව නැගුණු හැම හඬක් තුළින්ම ධ්වනිත අරුත වූයේ එය අපේ රටට නොගැළපෙන්නක් බවයි. එයට පක්ෂව නැගුණු හැම හඬක් පිටුපසමද බොහෝ කරුණු සාධක ගැබ්ව පවතී. එහෙත් එකී කරුණු කාරණා අතදිගහැර සාධනීය ලෙස විස්තර කරන්නට තරම් නිදහස් ස්වෛරී වාතාවරණයක් අහිමි රටක අවසන් වශයෙන් ලියා තබන්නට සිත්වන්නේ රටේ ප‍්‍රධාන ඇමැතිවරයද කැසිනෝ පිළිබඳ කීවේ මේ කතාවය.
”කැසිනෝ ගැන එක එක උදවිය එක එක කතා කීවත් එය හොඳ සූදුවක්. මේ වසරේ මුල් කාලයේදී ඇමෙරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා. අපේ මිනිස්සු කැසිනෝ ක‍්‍රීඩාවට හුඟාක් කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමෙරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ.

හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්ටු දාන්න කියලා. ඒ ගැටවලට මා අහුවුණේ නැහැ.
කැසිනෝ සූදු ක‍්‍රීඩා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්ද. අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්. කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා අදහස් උදහස්වලටත් අපි තැනක් දෙන්න  ඕනෑ. ශ්‍රී ලංකාවේ උදවියට පමණක් කැසිනෝ තහනම් කිරීමේ වරදක් නැහැ.”

මේ ඒ ඇමැතිවරයා කළ කතාවයි.

ජේම්ස් පැකර් කැසිනෝ පිළිබඳව තීරණයකට ඔබට ඉඩ ඇති වුවත් ශ්‍රී ලංකාව පිළිබඳ තීරණයකට යාමට ඉඩ හසර නැති බව පමණක් අපි අවසන් වශයෙන් ලියා තබමු.

 

 

 



අදහස් (0)

සූදු පනතේ මොනවද තියෙන්නේ?

දුමින්ද Monday, 28 October 2013 04:37 PM

කොළඹ නැතුව වෙන නගරයක් මාතලේ, රත්නපුර වැනි නගරයක ස්ථාපිත කල යුතුයි. යම් සීමාවක් තුල කටයුතු කිරීම හානියක් නැහැ. අපි දියුණු වෙන්නේ නැද්ද? (ස)

:       0       0

ලාල් Sunday, 03 November 2013 03:41 AM

ඔය කියන කැසිනෝ ඒඩ්ස් වලටත් වඩා භයානකද අප්පා! (නි)

:       0       0

අස්මිත් Sunday, 03 November 2013 08:25 AM

කැසිනෝ සුදුව ලංකාවට හොද අාදායමක්.එය දැන් මහා පරිමාණයෙන් හා කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත කිරීම අපට ඉතාමත් ආඩම්බරයක්.කලින් සුළු වශයෙන් පැවති නිසා අපගේ දායකත්වය එයට යොදවන්න අසීරු වුණා.නමුත් දුරදර්ශී රජයේ උපක්‍රමශීලී සංවර්ධන ප්‍රතිලාබ සදහා ගමේ ජනයාටත් සහභාගි වීමේ හැකියාව දැන් අනර්ඝයි.එමගින් රටට ලැබෙන විදේශ විනිමය සේම ඒ ආශ්‍රිත රැකියා උත්පාදනය මහා පරිමාණයෙන් උත්පාදනය වී ජනතාවගේ අතට මුදල් යහමින් ගැවසීම කොතරම් භාග්‍යයක්ද?ගමේ සුකොමල යුවතියන් ට අගනා රැකියා උත්පාදනයක් ගමේ ගැටවරයන්ට හොද අතරමැදි ව්‍යාපාරයක්.මේ මුදල් වලින් නගන සංවර්ධනයට දෙවියන්ගේත් කැමැත්ත ලැබෙයි!බුදුබණ දේශපාලකයන්ට ඕනෑ විදිහට හරවන්න අපේ අයට පුළුවන් .රටට දෙවියන්ගේ පිහිටයි (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 04:14 AM

කැසිනෝ සුදුව ඉහළ පෙළේ ධනවතුන්ගේ ක්‍රීඩාවක්.සාමාන්‍ය ජනයාට ඒ පැත්තේ ගැවසෙන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ධනවතුන්ගේ සුදුවක් නිසා ඒ අය නැතිවෙන එක ඇතිවෙන එක වළක්වන්න බැහැ.මත්පැන්, ගණිකාවන් ඒ හැම දෙයක්ම ඇතුළත් වේ. ඒකට මුදල් ඇති අයට මෙයට ඇතුල්විය හැකියි.ලංකාවේ වැසියන් එදිනෙදා කෑම වේලත් සොයා ගන්නේ අමාරුවෙන්. සියයට දහයක් වත් කැසිනෝ වලට ගිහින් නැතුව ඇති (නි)

:       0       0

රවිනාත් Tuesday, 29 October 2013 06:46 PM

ඔබට කැසිනෝ ගන්න ඕනෑම නම් එය ගෙදර සිටත් කරන්න පුළුවන්. අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා, දිනන්න පරදින්න පුළුවන් (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Sunday, 03 November 2013 12:30 PM

සම්පත් සිල්වා නිකන් බයිලා ගහනවා ඉතාලියේ කැසිනෝ පටන් අරන් තියෙන්නේ 1638 .(නදී)

:       0       0

කැළුම් Wednesday, 30 October 2013 01:33 PM

උසස්පෙළ විෂය නිර්දේශයටත් කැසිනෝ ක්‍රීඩාවත් ළගදී එකතුවේවි.පාසලෙන්ම මේක ඉගැන්නුවහම ඉවරයිනේ. (නි)

:       0       0

සම්පත් ද සිල්වා Thursday, 31 October 2013 03:08 PM

ලෝකයේ දියුණු රටවල පවා කැසිනො නැහැ. ඉතාලියේ නැහැ.මාත් කැසිනො ගහලා තියෙනවා. ඒත් ලංකාවට ඔබින්නෙ නැහැ. (ස)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 09:11 AM

ටො‍න්ය් ඇයි ඔබින්නැත්තේ. මමත් කැසිනෝ ගහලා තියෙනවා. (ස)

:       0       0

ටොන්ය් Sunday, 27 October 2013 07:05 PM

මේක අපේ රටට ඔබින එකක් නෙමෙයි. (නි)

:       0       0

දර්ශ Monday, 28 October 2013 09:33 AM

අපිත් පාවෙන නැවක කැසිනෝ, සම්බාහන මධ්‍යස්ථාන වගේ හදලා හම්බන්තොට වරාය ළඟ දැම්මොත් නියමයි. වරායත් දියුණුවේ කෙල්ලන්ටත් කොල්ලන්ටත් රස්සාවලුත් ලැබේ. (ස)

:       0       0

ලාල් ජකර්තා Monday, 28 October 2013 09:14 PM

බුදුරජාණන් වහාන්සේ සූදූවේ ආදීනව පැහැදිලිව දේශනා කළ සේක.එය පරිහානියේ දොරටුවක් බව පැහැදිලිවම දේශනා කළසේක. (නි)

:       0       0

අයංමෂ් Tuesday, 19 November 2013 10:58 AM

මේ වගේ අය ඉන්න රටක කැසිනෝ ගැන කට කරලා වැඩක් නැහැ. මට මතකයි දවසක් කෙනෙක් කියනවා එයා 180 ට ගියා කියලා අධිවේගයේ.100 ට යන්න පුළුවන් තැන ඔහොම යනවාද? මේ වගේ අය කොහොමද රටක් හදන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත ඒකනායක Monday, 28 October 2013 09:59 AM

අහෝ ධර්මද්වීපය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5259 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site