ඉමක් නොපෙනෙන කාන්තාර වලින් හෙබි සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ නුවරඑළියට බොහෝ සමාන සුන්දර කදුවැටි බඩවැටි මිහිදුන් වලාකුලෙන් හෙබි ප්‍රදේශයක් ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරනු ඇතැයි මා නොසිතමි.
සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර කළාපයෙන් ඔබ්බට ගමන් කරන ඕනෑම කෙනෙකුට දැකගත හැකි වන්නේ ඉමක් කොනක් නොපනෙන වැලි කුණාටුවලින් ගහණ වාළුකා කාන්තාරත් එකාපිට එකා ගමන් කරන ඔටු පෙරහරවල් මිස ගහක් කොළක් හෝ පිපාසයට දිය බිදක් නම් නොවේ.
එහෙත් මේ විශාල බිම් ප්‍රමාණයකින් වට වු සෞදි අරාබියේ දකුණු දිග අර්ධද්වීපයට අයත් ප්‍රදේශයක් වන අසීර් නම් කළාපයේ පරිසරය ගහකොළ ගහ කොල වතු පිටි හාත් පසින්ම වෙනත් බව දැනගන්නේ පසුගියදා සිදු කළ සංචාරයකදීය.
සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් සිට කිලෝමීටර් (2000) දෙදහසක් දුරින්ද රියාද් සිට කිලෝමීටර් එක්දහස් එකසියක් දුරින්ද ජෙඩා නගරයේ සිට කිලෝමීටර් 700 ක් පමණ දුරින්ද පිහිටි ඒ සුන්දර නගරය අබා නගරය ලෙසින්ද හැදින්වෙන අතර එම ප්‍රදේශය අයත් වන්නේ සෞදි අරාබියේ අසීර් කළාපයටයි.
අබා ප්‍රදේශයේ රතු මුහුදට මායිම්ව පිහිටි ජිසාන් වලට කිලෝමීටර් 200 ක්ද ජිසාන් සිට හැත්තෑවක් පමණ දුරින් පිහිටා තිබේ.
අබා වු කළි සෞදි අරාබියේ මුල් පදිංචිකරුවන් ජිවත් වු ප්‍රදේශයක් ලෙස වසර 300 කට එපිට අරාබි ජාතිකයින් ජීවත් වු වාසභවන තවමත් ශක්ති සම්පන්නව පැමිණිම නිසා බව අනුගමනය කළ හැක.
අබා ප්‍රදේශය වර්ග කිලෝමීටර් සිය ගණනක් පුරා විසිරි ඇති මුහුදු මට්ටමේ සිට අඩි දස දහසකට නොඅඩු කදු වලල්ල පාමුල සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ සමනල කන්ද මෙන් යැයි අපට සිතිණි.
ඉතා විශාල කදු හා බෑවුම්වල වලින් සමන්විත නිසා වාහන පැදවීමේදී පවා ඉතාමත් පරීක්ෂාකාරී විය යුතුය.අනතුරු අවම කැර ගැනීම වෙනුවෙන් විශාල සිමෙන්ති බැමි යොදා මාර්ගය දෙපස ආවරණය කැර තිබේ.
මෙම කඳු මුදුන එක් කැර ඇති එක් ප්‍රදේශයක් අල් සුමුදු යන නමින් හදුන්වයි.
කදු මුදුනෙන් ඔබ්බට නැගී නැවතත් රසල් අල් මා නැවතී ප්‍රදේශට පිවිසි අපි එහි සිරි නැරඹුවෙමි.
අසාර් කළාපයට අයිති අබා ප්‍රදේශය සෞදි අරාබියේ කොටසක් දැයි විටෙක සිතේ. වන සතුන්ගෙන් ගහන අබා ප්‍රදේශයේ පාරම්පරික මුල් අරාබිවරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප සිගිරි බිතු සිතුවම් වලට සමාන කවි ද එහි දකින්නට ලැබීම සුවිශේෂිත්වයකි.
මඩවගුරු සහිත බිම් හි කෙසෙල්,කන්කුන්,තම්පලා,පේර,ජම්බු ,දෙළුම්,බඩ ඉරිඟු ,ඉදල් සරුවට වැවෙන අතර ශ්‍රී ලංකාවේ වැවෙන කහ පැහැයෙන් යක්ත මාළු මිරිස් ,තක්කාලි මෙන්ම ගස් ලබු,දෙහි ,දොඩම් ,වට්ටක්කා ,ගෝවා වැනි භෝගයන්ගෙන් සමන්විත ඉතා සරු අස්වැන්නක් ගෙන දෙයි.
අබා ප්‍රදේශය රතු මුහුද පිහිටි ජිසාන් නම් මුහුදු බඩ ප්‍රදේශයේ ගමන් ගන්නා විට පාරම්පරික මැටි වළං නිශ්පාදනය බෙදා හැරීම ලංකාවේ සමකළ හැකි වන්නේ කතරගම ප්‍රදේශයේ මැටි වළං අලෙවිසල් වල දසුනකි.
කිලෝමීටර් දෙදහසක් පමණ දුරක් ගෙවමින් කිලෝමීටරයේ සිට 1.5 දක්වා දිවෙන උමං මාර්ග කිහිපයක් දර්ශන දැක ගත හැකි වු අතර අබා නගරයේ පිහිටි ‘ශ්‍රීමත් මවුන්ටන්‘ කොල කන්ද නැමැති ප්‍රදේශය අබා ප්‍රදේශයේ ඕනෑම තැනකට දිවා රාත්‍රි කාලයේ දිස්වන අතර විශාල වැව් කිහිපයක්ද පිහිටා ඇත.
සුන්දර අබා නගරයේ කදු මදුන් දෙකකට සවි කර ඇති තවත් කේබල් කාර් අංගන දෙකක් ද සවි කර ඇති අතර එහි උපරිම දුර කිලෝමීටර් 3.6 ක් වේ.
දින පහකින් පසු ගමනාන්තයට පැමිණිමේදී මේ සදහා මග පෙන්වු අබා ප්‍රදේශයේ පදිංචි නිමල් එඩේරමුල්ල මහතා සහ මැක්සි මහතාද අප සමග සිටියේය.
ගමන සදහා ඔවුන්ගෙන් ලැබුණු සහය ඉතා විශාලය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නගරය නුවර එලිය වගෙයි කියල නැහැනේ ..නුවර එලියට බොහෝ සමානයි කියල නේද තියෙන්නේ (අ)
නුවර එළියට නම් සමාන කරන්න බැහැ.(නදී)
රූපවතී අක්කේ රතු මුහුද බැලුවද? (නදී)
සම්පත්ට වැරදිලා (නි)
මමත් ඉන්නේ අබා තමයි. ලස්සන තැනක් (නි)
ලංකාව සුන්දරයි.අපිට ඒ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව නොලැබුනත් වාසනාවකට එම අඩුව පුරවා ගන්න අබා,ටායිෆ් වගේ තැන් අපට කාලය විසින් හිමිකර දී තිබෙනවා. දැනට අවුරුදු දහයකට කලින් තිබුණු නුවරඑළිය අද කෝ? සුන්දරත්වය විග්‍රහ කරන කලින් එය රැකගන්න අත්වැල් බදිමු. (නි)
මම ඇත්තෙන්ම විහිලුවක් කළේ. මමත් ඉන්නේ සුන්දර අබා නගරයේ. වන්නි තිලක් කියනවා වගේ නුවරඑළිය වගේම ලස්සනයි. ඒ පැත්තේ මිනිස්සුත් අනෙක් පැතිවලට වඩා හොදයි.(නදී)
ඒ රටේ මිනිසුන්ගේ ලස්සනට රූපවතීලව සමකරන්න පුලුවන්ද? ඔය ගොල්ලන්ව දැක්කහම ඒ මිනිස්සු හිතන්න ඇති තවත් අලුත් වැදිරියෝ ටිකක් ඇවිත් කියලා.(නදී)
මට සෞදියේ එක්කෙනෙක් කිව්වා ලංකාව පුංචි ස්වර්ගයක් කියලා. ඒ හින්දා මෙම ස්ථානය ඔවුන්ටත් ලස්සන නැහැ ලංකාව තරම් (නදී)
සෞදියේ අනිත් පළාත් එක්ක බැලුවහම ඇත්තටම මේ පළාත ලස්සනයි (දී)
මම ඉන්නේ අභා වල (දී)
මමත් මේ නගරයේ දවස් දෙකක් ගත කරලා තියෙනවා. එහෙ විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක දෝසයක් හදන්න ගියා. නුවර එලියට නුවර එලිය කියමු. අබා වලට ආවේනික සුන්දරත්වයක් තියෙනවා. අරාබියේ කාන්තාර ස්වභාවය එහෙ නෑ. කඳු වල ගස් වැවිලා බබුන් වඳුරන් වෘකයින් කුරුල්ලන් වල් බල්ලන් රතු නරි ඉන්නවා. අපි හොඳ මී පැණි මිලට ගත්ත. නැවුම් පලතුරු එළවලු තියෙනවා. කඳු මුදුන නිසා සීතලයි. ඉතාමත්ම දුෂ්කර කඳු ප්‍රදේශයක් උනත් හොඳ මාර්ග පද්දතියක් තියෙනවා. උමන් බොහෝ ගණනක් හමුවෙනවා. නජරාන් දක්වා ගමන හරිම සුන්දරයි. එහෙත් දවස් හතරක් හිටිය. යේමන් වලට හරිම ලඟයි. (දී)
නුවර එලියට ගහන්ඩ තැනක් නෑ සෞදියේ. (ස)
අයියෝ අපේ දහ අට වංගුව මීට වඩා ලස්සනයි. (ස)
අසංක කිව්වා වගේ,රට පමණක් ස්වාභාවිකව ලස්සනයි. නමුත් රටේ පාලකයෝ සහ මිනිස්සු කැතයිනේ. ඉතින් මේක හරියට අර වඳුරාගේ අතට ලස්සන මල්මාලයක් ලැබුනා වගේ. (නි)
අසංක කිව්වවගේ,රට පමණක් ස්වාභාවිකව ලස්සනයි,නමුත් රටේ පාලකයෝ සහ මිනිස්සු කැතැයි,ඉතින් මේක හරියට අර වඳුරාගේ අතට ලස්සන මල්මාලයක් ලේබුනවගේ,ලංකාව කියන ලස්සන මල්මාලය,තියාගෙන ඉන්නේ මේ වඳුරු රැලක්නේ (අ)
කෝ මේ පොටෝ වල කිසිම නුවර එලිය වගේ පෙනුමක් නෑ (අ)
රට ලස්සන උනාට ඉන්න මිනිස්සු තමා ප්‍රශ්නේ ?..... (දී)
මේ මොකද්ද මේ ? මේවට ලස්සන කියනවනම්, ලංකාවේ ඕන තැනක් ලස්සනයි (දී)
ම්ලේච්ච අපායවල් ශ්‍රීලංකා මාතාවට අයිති කිසිම දෙයකට සමානකරන්න එපා. (දී)
අපි යන මගේ ..ගොඩාක් තැන්වල .විශාල රිලව් ඉන්නවා ..මග දිගට ..අපි උන්ට තක්කාලි පෙට්ටියක් අරගෙන දුන්න කන්න ..අපි ගංගාවකින් නෑවා. කොහෙද මතක නැහැ ..?ඒ රටේ මිනිස්සු අපි දිහා යක්කු දිහා බලනවා වගේ බැලුවේ අපි ඔළුගෙඩි වහගෙන නැති නිසා.(නදී)
අනේ මන්දා, එක ගහක් නැහැ. ඒත් නුවර එළියට සමාන කරනවා.(නදී)
රතු මුහුද නැරඹීමට ගොස් අහම්බෙන් අපි මෙම ස්තානෙට ගියේ. ලංකාවේ නුවර එළියේ ඇති ඒ සුන්දර්ත්වය නම් මෙහි දකින්න නැතිවග සත්‍යයක්. ඒත් ..ලෝකාන්තය වගේ ඝන මීදුමෙන් වට උණු ස්ථානයක් මෙම ඉස්තානේ.(නදී)
18 වංගුව මතක් වෙනවා මෙම ස්ථානය හරිම ලස්සනයි. නුවර එලිය සුපිරි ලස්සන අවතක්සේරු කරන්නට එපා.(නදී)
ලස්සනයි (දිල්)
ලස්සන පරිසරයක් (නි)
ම්ලේච්ච අපායවල් ශ්‍රීලංකා මාතාවට අයිති කිසිම දෙයකට සමානකරන්න එපා. (දී)
අපේ රට හරියට දැක්කේ නැත්නම් මේවත් ලස්සන තමයි. (නි)
මේකට නුවරඑළිය කියනවා නම් නුවරඑළියට? අනේ මන්දා (නි)
මෙය සුන්දර දර්ශනයක් උනත් ලංකාවේ නුවර එලියට කිසිසේත් සමාන කල නොහැකියි. අපේ රට කොයිතරම් ලස්සනද .... (ස)
මා මෙම ස්ථානය නරඹා ඇති කෙනෙක් වීම සිතට සතුටුයි . කේබල් කාර් මගින් ගොස් ලොකූ කදු පර්වත දෙකකින් මැදි වූ ලස්සන පහත් බිමක තිබෙන රෙස්ටුරන්ට් එකේ අපි කෝපි බිවුවා මීට අවුරුදු 6 කට පෙර.නුවරඑළිය වගේ.ඝණ මීදුමෙන් වට වූ ස්ථානයක්. ඒ පහත් බිම හරිම රස්නෙයි.වටේටම ලස්සන කදු වැටි ...? (නි)