ප්රශ්නය: ඔබ නාවික හමුදාපතිව සිටි සමයේ සුදු වෑන් කණ්ඩායමක් කි‍්‍රයාත්මක වුණු බවට පුවත් පළ වෙනවා.
පිළිතුරු: ඒක සම්පූර්ණ අසත්‍යයක්. නාවික හමුදාවේ කවදාවත් ඔය කියන විදියේ සුදු වෑන් කණ්ඩායමක් හිටියේ නැහැ. අපේ නාවික හමුදාවේ රාජකාරි සියයට හැත්තෑවක් පමණ කෙරෙන්නේ මුහුදේ. නාවික හමුදාපතිගේ ආරක්ෂාව, කඳවුරුවල ආරක්ෂාව. ඒ වගේ ගොඩබිමට අදාළ කාර්යයන් කිහිපයකුත් අපට පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ති‍්‍රකුණාමලය වැනි ප්‍රදේශවල නාවික හමුදාවට වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ අනුව සියයට හැත්තෑවක් පමණ මුහුදෙත් සීයට තිහක් පමණ ගොඩබිමත් රාජකාරි කෙරුණා. ඒ අනුව ඔය කියන විදියේ සුදුවෑන් කණ්ඩායමක් අපට ඉන්න විදිහකුත් නෑ. ඒ නිසා එම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්.
ප්රශ්නය : නමුත් එම සුදුවෑන් කණ්ඩායම පුද්ගලයන් පැහැර ගෙන ගොස් කප්පම් ගෙන පසුව මරා දමා ඇති බවත්, දැන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පැවසෙනවා.
පිළිතුර : ඇත්තටම ඒ නිසා තමයි නාවික හමුදාවේ ගෞරවය වෙනුවෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරක් සැපයිය යුතුයි කියලා මම කල්පනා කළේත්. 2009 වසරෙදි නාවික හමුදාවේ එක් ආරක්ෂක නිලධාරියෙක් හිටියා. ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයටත් ඒ කාලෙම දැනුම්වත් කළා.
ප්රශ්නය: කුමක් සම්බන්ධයෙන්ද පැමිණිලි කළේ!
පිළිතුර: පුද්ගලයන් පස් දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධව.
ප්රශ්නය ඔබට ඒ තොරතුරු ලැබෙන්නේ?
පිළිතුර: අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ඇවිත් ඒ නිලධාරියා මාව දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි අපි ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේ. ඊට පසුව තමයි ඔහු පිළිබඳව පැමිණිලි කළේ. ඒ අනුව 2011 වසරේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විභාග කරලා. උසාවියට සනාථ කරලා තියෙනවා. ඔය පුද්ගලයා ඒ සිද්ධියට සම්බන්ධයි කියලා. සාක්ෂි තියෙනවා කියලා.
ප්රශ්නය: සම්පත් නමැති පුද්ගලයාට ත්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රාජකාරිමය වගකීමක් තිබුණාද?
පිළිතුර: නෑ ඔහුට එබඳු කිසිදු රාජකාරිමය වගකීමක් තිබුණේ නැහැ.
ප්රශ්නය: එහෙම නම් ඔහු කොහොමද මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ?
පිළිතුර: ඒවා අතිශය රහසිගතව කරලා තියෙන්නේ. ඔහුට ඇතැම්විට පිටස්තර කණ්ඩායමක් ඉන්න ඇති. ඔහු පිළිබඳව තොරතුරු ලැබුණෙම ඔහුගේ කාමරය විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙනවා. එතැනදි තමයි දෙමළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හැඳුනුම්පත් ලැබෙන්නේ. අපි ඒවා සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.
ප්රශ්නය : ඇයි ඔහු සම්බන්ධයෙන් නාවික හමුදාව පරීක්ෂණයක් නොකළේ?
පිළිතුර : අපි මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරනවාත් සමගම ඔහු පලා ගියා.
ප්රශ්නය : ඔහු පලා ගිහින් බාර වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටද?
පිළිතුර: ඔව්! ඒක සත්‍යයක්.
ප්රශ්නය: ඊට පසුව ඔහු බන්ධනාගාරගත කෙරෙනවා.?
පිළිතුර: හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔහු බාර වෙලා කියලා මට දැනගන්න ලැබුණාම මම ඒ බව බලධාරීන් දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ.
ප්රශ්නය : මෙම කණ්ඩායම අධීක්ෂණය නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායක මහතාට පැවරී තිබූ බවත් කියැවෙනවා.
පිළිතුර : පළමු වැනි දේ තමයි එහෙම කණ්ඩායමක් හිටියේ නෑ. අනික් කාරණය තමයි කපිතාන් ඞී.කේ.පී. දසනායක නියෝජ්‍ය නාවික මෙහෙයුම් හැටියටයි කටයුතු කළේ. යුද සමයේ ඔහු ඉතා දක්ෂ නිලධාරියෙක්. යුද්ධය අවසන් මාස තුනේ මුලතිව් මුහුදු තීරයේ ඉදිරිපෙළ රාජකාරි බාරව හිටියේ එම නිලධාරියයි. ඔහුට ඒ නිසා මේ සම්බන්ධව කිසිම රාජකාරියක් පවරලා නෑ.
ප්රශ්නය : කපිතාන් ඞී.කේ.පී. දසනායක විශේෂ නාවික පාඨමාලාවක් හැදෑරීමට ඇමෙරිකාවට ගොස් සිටියදී ඔහු මෙරටට ගෙන්වා කට උත්තර ගැනීමක් වුණා.
පිළිතුර : මට පේන විදිහට එම නිලධාරියාව මෙම සිද්ධියට පටලවන්න හදන උත්සාහයක් තමයි මෙතැන වෙමින් තියෙන්නේ. ඒ නිලධාරියා අවශ්‍ය උත්තර දෙයි කියලා. මම හිතනවා.
ප්රශ්නය : ඔබ හිතනවද යුද සමයේ මෙහෙම දේවල් වෙන්න ඇති කියලා.
පිළිතුර : අපි කොහෙත්ම එවැන්නකට ඉඩක් දීලා තිබුණේ නැහැ. අපි නිතරම කිව්වේ සිවිල් ජනතාවට කිසිම ආකාරයක හිංසනයක් නොවිය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගත්තා. නමුත් සමහරු වැරදි වැඩ කළානම් ඒ පිළිබඳව යම් සුළු හෝ තොරතුරක් අපට ලැබුණානම් අපි වහාම කි‍්‍රයාත්මක වුණා. මේ සිද්ධිය වුණත් ඒකට හොඳ උදාහරණයක්.
ප්රශ්නය : මේ ප්රශ්නය යළිත් අලූතෙන් මතු වුණේ කොහොමද?
පිළිතුර: මටත් හිතාගන්න බැරි ඒකයි. මේ පිළිබඳ පැමිණිලි කරලා. ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද විමර්ශනවලින් ඒ පුද්ගලයා එම සිද්ධියට සම්බන්ධයි කියලා තහවුරු කරලා තියෙන්නේ. ඒ පුද්ගලයා දැනට ඇප පිට ඉන්නේ. ඒක එහෙම තිබියදි මේක වෙනස් ආකාරයකට යන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ.
ඒ නිසයි ඔබ මේ ගැන මගෙන් විමසුවාම මෙයට පිළිතුරක් දිය යුතුයි. කියලත් පැවසුවේ මොකද මට අවශ්‍ය නාවික හමුදාවේ කීර්තිනාමය රැුක ගන්න නාවික හමුදාව මේ යුද්ධයේදී සුවිශේෂි සේවයක් කළා. කැප්ටන් දසනායකත් විශාල කාර්යභාරයක් කළා. ඒ වගේ දක්ෂ නිලධාරීන් රැුකගන්න මගෙත් යුතුකමක් තියනවා. අදාළ පුද්ගලයා වෙනම ඉන්නවා. මේ එක පුද්ගලයෙක් නිසා නාවික හමුදාවට අගෞරවයක් නොවිය යුතු නිසයි. මම මේ කතා කළේත්. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් රජය කරගෙන යනවා. එමගින් නාවික හමුදාවේ කිර්තිය රැකෙයි කියලා මම හිතනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි
කුමාරි Wednesday, 11 March 2015 01:17 PM
ආණ්ඩුවක් පෙරලෙනකොට ඔහොම තමයි මහත්තයෝ...වැරදි නැති අයත් වැරදි කාරයෝ වෙනවා... මේ වැඩ වලින් ලෝකය ඉදරියේ අපකීර්තියට පත් වන්නේ අපේ ශ්‍රීලංකා මාතාවගේ නමයි (අ)
අනුරුද්ද Wednesday, 11 March 2015 01:30 PM
හිටපු නාවික හමුදාපති හා මාර්ග සංවර්ධන ලේකම් තුමනි. ජනතාවට ඔබේ පිළිතුරු සැපයීම ගැන ස්තුති කරමි. (අ)
මාපලගම Wednesday, 11 March 2015 04:25 PM
සුදුවෑන් සිද්ධි ලංකාවේ සිදුවුණ සත්‍ය සිදුවීම්. කවුරු කළාද කියා කෙළින්ම කියන්ට බැරිවුණත් යම් අදහසක් ගන්න පුලුවන්. (නි)
දුමින්ද Thursday, 12 March 2015 08:51 AM
තරු ජෙනරාල් වරුන්ගේ හබයක්-හබන් කුකුලන්ට රජ මගුලක්.(හේ)
මැණික් Thursday, 12 March 2015 02:18 AM
මේ ගැන පුදුමවෙන්න දෙයක් නැහැ මට නම් (නි)
මංජරී Monday, 16 March 2015 03:12 PM
දසනායක හා කරන්නාගොඩ ගෞරවනීය දක්ෂ දේශමාමක රණවිරුවන් බව මාත් හොඳින්ම දන්නවා!මේ දෙදෙනාම ඉපැයුවේ ගෞරවය පමණි.සාක්ෂි නැතිව ඔව්න්ගේ ගරුත්වයට හානි වන වචන බාවිතා කරන්න එපා ඉන් ඔබගේ පෞරුෂත්වය කියාපානවා. (ස)
සෙනරත් Thursday, 12 March 2015 03:57 AM
යුද්දේ හරියට කරපු නියම සොල්දාදුවන්ට පහරගහනවා. මේක තමා "යහපාලනය" (ම)
රොසාන් Thursday, 12 March 2015 04:22 AM
මොකා හරියට යුද්දේ කලත් වැරදි දේට දඩුවම් ලෑබිය යුතුයි. සොල්දාදුවෙක් රට දෑය වෙනුවෙන් සේවය කරන එක ඔවුන්ගේ යුතුකමයි (නදී)
අශෝක Friday, 13 March 2015 02:16 PM
නාවික හමුදාවේ බොහෝ රහස් පිටරටවලට ගියා කියල මම හොදින්ම දන්නවා. (අ)
අමිත Tuesday, 17 March 2015 02:50 AM
දැන් තමයි ගොඩක් දේවල් එළියට එන්නේ? කළ අපරාධ වලට කාටවත් සමාවක් නැහැ (නි)