IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සන්ධාන රජය කැඞී ගියේ රුවන්වැලි මහා සෑයට බාරයක් ඔප්පු නොකළ නිසාද?

  25_PAGE_07_T  

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව කෑවේ කේන්දර කාරයන් බව බොහෝ දෙනාගේ මතයයි. විද්‍යාත්මකව ඔප්පු කළ හැකි වුවද නැති වූවද පෙනෙන ලෝකයක් මෙන්ම නොපෙනෙන ලෝක ද ඇති බව අපට පිළිගැනීමට සිදු වී ඇත. මර්වින් සිල්වා අමාත්‍යවරයා කැලණියේ ඉදි කළ විශ්ණු කෝවිල යුද ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදි කළ බවට ඇත්තේ ප‍්‍රකට මතයකි. ඒ මර්වින්ට යුද්ධය දිනූ මහින්ද පරාජය කරන ලෙස එම දේවාලයටම කරුණු කී බවට අපේ පුවත්පත් වාර්තා කරන්නට විය.

 

 
අපේ පුරාණ පුද සිරිත් අනුව භාරහාර වී ඒවා ඉෂ්ඨ වූ පසු ඒවා ඉටු කිරීම ද කළ ගුණ දත් බැතිමතුන්ගේ සිරිතය. හිටපු ජනාධිපතිවරයාගේ පරාජය ගැන විවිධ හේතු පාඨ කියද්දී විවිධ රාජ්‍ය ආයතනත් සම්බන්ධ වී සිදු කළ නොහැකි වී අතපසු වී ගිය කරුණක් හේතුවක් නිසා රාජපක්ෂ යුගය නිමා වූ බවට මතයක් අලූතින්ම ගොඩනැගෙන්නේ මුල්වරටය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මහා භාර කාර දෙපාර්තමේන්තුව මෙන්ම මියන්මාරයේ තානාපති කාර්යාලය ආදි විවිධ වගකිව යුතු තැන් සම්බන්ධ මේ කරුණ මාධ්‍යයකින් හෙළි කෙරෙන්නේ මුල් වරටය. එහෙත් මේ භාරය ඔප්පු කිරීමට තවමත් ප‍්‍රමාද නැති බව පමණක් කිව හැකිය.

2


ඒ 2008 වසරේ මැද භාගයයි. එම වකවානුව යුද්ධයෙන් ගිනි පුළිඟු දමමින් උතුර ගිනි ගත් වකවානුවකි. වීරසේකර ජයලත් ප‍්‍රවීණ ගුප්ත ශාස්ත‍්‍ර සහ ජ්‍යොතිෂ විෂයන් ගැන පරතෙරට හැදෑරූ පුද්ගලයකු විය. කඩවත ඉහළ බියන්වල තිලෝක ගුප්ත විද්‍යාතනයේ අධිපති වූයේ ඔහුය. ඔහු කලක් බොහෝ පුවත්පත්වල තම විෂය ක්ෂේත‍්‍රය ගැන ලිපි පළ කළ ප‍්‍රවීණයකු ද විය.


උතුරේ යුද සමයේ ජයලත් කල්පනා කළේ තමන් උගත් ශිල්පයෙන් උතුරේ යුද්ධයට තමන්ට කළ හැකි දායකත්වය කුමක්ද යන්නයි. දේශපාලන වශයෙන් ජයලත්ට තිබුණු සබඳතා බොහෝය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විදේශයක සිට පැමිණ බස්නාහිර පළාත් සභාවට ඡුන්දය ඉල්ලීමට මුලින්ම රැුස්වීම් පැවැත්වූයේ ජයලත්ගේ ඉහළ බියන්විල නිවසේය. බණ්ඩාරනායක මැතිනිය කොළඹ ඛෙත්තාරාමයේ පැවති සෙත්ශාන්තියේ ප‍්‍රධාන භාරකරු වූයේද ජයලත්ය.


ජයලත්ට එකවරම සිහි වූයේ රුවන්වැලිසෑ භූමියයි. සීත සුළඟින් මුළු රුවන්වැලිසෑ භූමියට වෙලී යද්දී රාත‍්‍රී නවය පමණ වන තුරු රුවන්වැලිසෑ බිමෙන් ඔබ මොබ සක්මන් කරමින් සිටි ජයලත් තමා හිතාගෙන ආ කටයුත්ත ඇරඹීමට ඇට මාලය අතට ගත්තේය. ජයලත්ගේ අදහස වූයේ කර්ණ මුංඩය දේවතා බන්ධනයක් ජීවම් කිරීමයි. මැදියම් රැය ද පසු වූ පසු දේවතාවුන් වහන්සේ නමක් බන්ධනය වී ඇති බව ජයලත්ට ප‍්‍රත්‍යක්ෂ විය. ගුප්ත ශාස්ත‍්‍රය අනුව මුවින් හෙමින් කරුණු විමසද්දී දෙසවනට සන්සුන් ලෙස හීන් හඬින් පිළිතුරු ලැබෙන්නේ විශ්මයජනක ලෙසය.

6


ජයලත් දේවතාවුන්ට දැනුම් දුන්නේ උතුරේ යුද්ධය ජයග‍්‍රහණය කර දෙන ලෙසය. බන්ධනය වූ දේවතාවුන් වහන්සේගෙන් ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් මාලාවක් දිගහැරෙන්නට විය.


යුද ජයග‍්‍රහණය ලබා දිය හැකි බවත් ඒ සඳහා භාරයක් විය යුතු ආකාරයක් ඉන් කියවෙන්නට විය. රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය දැන් ඉරිතලා පුපුරා ඇති බවත්, යුද ජයග‍්‍රහණයෙන් පසු ලංකා භූමියෙන් සොයාගන්නා අඟල් 23ක් උස චූඩා මාණික්‍යය පැළඳවීම ඔප්පු කළ යුතු බාරය බවද දේවතාවුන් වහන්සේ පවසන්නට වූහ. එම බාරය වීමට ප‍්‍රථම කළ යුතු වත් පිළිවෙත් බොහෝමයක් ද විය. මුලින්ම කළ යුතු වූයේ ජය ශ්‍රී මහ බෝධිය සතර වාහල්කඩ කිරි ඉතිරවීමයි. ඉන් පසු දින තුනක් රුවන්වැලි සෑය ඉදිරිපිට දන්සලක් පැවැත්විය යුතුය. ඊටත් පසු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේදී වූ බාරයක් ඔප්පු කිරීමට රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා විසින් පූජා කළ පවුම් සියයක පමණ රත්රන් පාත‍්‍රය සොයා ගැනීමයි. ඉන් පසු එම පාත‍්‍රය ප‍්‍රමාණයේම මැටි පාත‍්‍ර 107කට කිරිපිඬු පූජාවක් සහ පනස් නමකට සාංඝික දානයක් දිය යුතුය. මේ සියලූ කටයුතු සිදු කිරීමෙන් පසු දේවතාවුන් වහන්සේ කළ යුතු ඉදිරි වැඩ ගැන පවසා ඇත්තේ මෙසේය.


ඉන් පසු තමාගේ දිව්‍යමය ශක්තිය වර්ධනයට දේවතාවුන් වහන්සේට පිං අනුමෝදන් කළ යුතු අතර තමන් ආරම්භ කළ පක්ෂය ආරක්ෂා කරමින් යුද ජයග‍්‍රහණය සඳහා දේව සමාගමේ ඇල්ම බැල්ම මෙන්ම සහයෝගය ද ලබාදෙන බව කර්ණමුංධය  මගින් ප‍්‍රත්‍යක්ෂ කරන ලදී.

69


ජයලත්ට මුලින්ම දැනගත යුතු වූයේ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පුපුරා ඇති දැයි කියාය. ඉන් පසු ඔහුට දැන ගැනීමට අවශ්‍ය වූයේ නිදහස් පක්ෂයේ නිර්මාතෘ එච්. ශ්‍රී නිශ්ශංක මහතා බාරය ඔප්පු කිරීමට පූජා කළ රත්රන් පාත‍්‍රය ඇත්තේ කොහේ ද යන බවය. රුපියල් කෝටි ගණනක් වටිනා රත්රත් පාත‍්‍රය ඇති තැන අවසානයේ සොයාගන්නට හැකි විය. එහි යතුරු දෙකක් ඇති බවත් එක් යතුරක් රුවන්වැලි සෑ අධිපති හිමියන් සතුවත් අනෙකුත් යතුර මහාභාරකාරතුමා සතුවත් ඇති බව දැනගත් ජයලත් මහාභාරකාරතුමා හමු වී මේ ගැන සාකච්ඡුා කරන්නට පියවර ගත්තේය. මහාභාරකාරවරයා ද පැමිණ මුලින්ම දැන ගත යුතු කරුණ වූයේ රුවල්වැලි සෑයේ චූඩා මාණික්‍ය පලූදු වී පුපුරා ඇති බවයි. රුපියල් පනස් දහසකට අධික පිරිවැයක් දරා උණ ගස් වලින් ආධාරකයක් ගොඩ නගා චූඩාමාණික්‍ය අසලට ගිය විට දැක ගත හැකි දර්ශනයෙන් සියල්ලෝ විමතියට පත් වූහ.

5665
කියූ පරිදිම රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය ඉරිතලා පුපුරා තිබුණි. අතිසූක්ෂම කැමරාවක් ගෙන එහි ඡුායාරූප කීපයක් ගෙන නිරීක්ෂණය කිරීම මුල්ම කටයුත්ත විය. එච් ශ්‍රී නිශ්ශංක මහතා බාරය ඔප්පු කළ රත්රන් පාත‍්‍රය තැන්පත් කර තිබූ අධිආරක්ෂිත ස්ථානයෙන් එය එළියට ගත් අතර දේවතාවුන් වහන්සේ දුන් උපදෙස් අනුව ඊට සමාන මැටි පාත‍්‍ර 107ක් තනන ලද්දේ ගුප්ත තැනක පිහිටි මැටි විශේෂයකිනි. එම පාත‍්‍ර  108ට කිරිබත් උයන ලද්දේ සඳුන් දර සහ මී පැණිවලින් වීම විශේෂත්වයකි.


ශ්‍රී මහ බෝධියේ සතර වාහල්කඩ කිරි ඉතිිරිවීමත්, රුවන්වැලි සෑය ඉදිරිපිට දින තුනක දන්සල ද නියමිත පරිදි සිදු කරන ලදී. ඉන්පසු පනස් නමකට සාංඝික දානය පිළිගන්වා දේවතාවුන් වහන්සේගේ නිගමනය පරිදි බාරවීම සිදු විය. එහිදී උතුරේ යුද්ධ දිනාගනිමින් නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමටත් බාරයේ අරමුණ විය. යුද්ධය නිමා වූ පසු රුවන්වැලි සෑයේ පුපුරා ගිය චූඩා මාණික්‍යයට අලූතින් චූඩා මාණික්‍යක් සවිකිරීම ඔප්පු කිරීමට පොරොන්දු වූ ආකාරය විය. බාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කිරීම මහාභාරකාරතුමා විසින් භාර ගන්නා ලදී. මේ සියලූ පූජා කටයුතු සිදු කරන ලද්දේ 2008 දෙසැම්බර් මැද වකවානුවේය. ලක්ෂ විස්සක් පමණ වැය වූ මේ කටයුතු සඳහා වියපැහැදම් කළේ ජයලත් මහතාත් ඔහුගේ මිතුරු පිරිසකුත්ය.


2009 වසර ආරම්භයත් සමගම ජේ.කේ.කේ. විජේසේකර නොහොත් ජයලත් චූඩාමාණික්‍යක් සොයන කර්තව්‍යය තම කරපිටට ගත්තේය. මහාභාරකාර දෙපාර්තමේන්තුවේ භාරකාර තැන විසින් මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට ලිපියක් යොමු කරන්නේ 2009/02/02 දිනදීය. එහි සඳහන් වන්නේ රුවන්වැලි සෑයට පැළඳවීමට නව චූඩාමාණික්‍යයක් සඳහා පළිඟු ගලක් එම ලිපිය රැුගෙන එන ජයලත් මහතාට ලබා දී මහඟු පුණ්‍යකර්මයක් කරගන්නා ලෙසත් ඒ සඳහා අයවිය යුතු මුදල ජයලත් මහතාගෙන් අය කරගන්නා ලෙසය. නමුත් ලංකා පොළවෙන් අඟල් 23ක් උස ඇති විශාල පළිඟුවක් සොයාගැනීම දැඩි අභියෝගයක් විය.


මේ අතර 2009/02/22 දින පූජ්‍ය යටිරාවන සීලානන්ද ස්ථවිරයන් විසින් ජයලත් මහතාට ලිපියක් එවමින් මීට පෙර බුරුම රටෙන් ගෙනෙන ලද පළඳවා ඇති චූඩාමාණික්‍ය ගැන බුරුම රටේ අචේන ස්වාමින් වහන්සේට දන්වා ඇති බවත් නව චූඩාමාණික්‍යක් ලබාදීමට බුරුම රටේ පිරිසක් ඉදිරිපත්ව ඇති බවත් දන්වන ලදී. ඒ අනුව බුරුම ජාතිකයන් පිරිසක් ලංකාවට ආවේ රුවන්වැලි සෑයට නව චූඩාමාණික්‍යයක් ලබාදිමට අවශ්‍ය කරුණු විමසීමටය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගේ අංක 1/10/284 දරන 2009/04/20 දිනැති ලිපිය මගින් මේ ගැන මහාභාරකාරතුමාට කොන්දේසි දෙකක් පනවා ඇත. එම කොන්දේසි දෙක නම් නව චූඩාමාණික්‍ය දැනට ඇති චූඩා මාණික්‍යයට සමාන විය යුතු බවත් අලූත් චූඩා මාණික්‍යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නිර්දේශ ලබා ගත යුතු බවත්ය.


බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ ප‍්‍රශ්නයට අත ගසන්නේ 2009/04/23 දින මගේ අංක බෞ/කො/සං8/විවිධ/2009 යටතේය. එම ලිපිය මගින් මහාභාරකාරවරයාට කරුණු 3ක් ගැන යෝජනා ඉදිරිපත් කොට ඇති අතර එහි චූඩාමාණික්‍යයේ දීර්ඝකාලීන පැවැත්ම මෙන්ම දැනට චූඩාමාණික්‍යයේ ආධාරක දිරාපත් වී ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම පෙර පරිදි රත්තරනින් ප‍්‍රතිසංස්කරණයට ලක් විය යුතු බවට ද යෝජනා කොට ඇත්තේ මෙය මහා පුණ්‍යකර්මයක් බවට සහතිකයක් ද දෙමිනි.


මේ අතර රුවන්වැලිසෑයට භාර වී මාස හයක් යාමටත් ප‍්‍රථම 2009 මැයි 18 වැනි දින ත‍්‍රස්තවාදින් පරදා උතුරේ-නැගෙනහිර මුදවා ගන්නා ලදී. ජයලත් ඇතුළු පිරිස පසු දිනම රුවන්වැලි සෑ මළුවට ගොස් පුද පූජා පවත්වා දෙවියන්ට පිං දෙන්න විය. ඊළඟ පියවර වූයේ රුවන්වැලි සෑයට පැළඳවීම සඳහා චූඩාමාණික්‍යයක් සොයාගැනීමේ කර්තව්‍යය වඩාත් ඉක්මන් කිරීමයි.


බුරුම ජාතික පිරිස මෙරටට පැමිණෙන්නේ රුවන්වැලි සෑයට කලින් බුරුමයේ සිට ගෙනා චූඩා මාණික්‍යයේ සියලූ දත්තයන් සහිත රේඛා චිත‍්‍ර සහ එයට ඔබ්බවා ඇති දියමන්ති මැණික් ගල් රත්රන් ප‍්‍රමාණයන් ගැන දිගු වාර්තාවක්ද සමගය. ඒ සමග ඔවුන් ගෙන ආ ඡුායාරූප අතර බුරුමයේදී චූඩාමාණික්‍ය සකසා ලංකාවට ගෙන ඒමට පෙර ගත් වර්ණ ඡුායාරූපයක් ද විය. එම චූඩා මාණික්‍ය පළඳවා බිමට බැස්ස පුද්ගලයා එවලේම මරණයට පත් වූ බව ද එම වාර්තාවේ සඳහන් විය. එය අඟල් 23ක් උස වූ අතර වට ප‍්‍රමාණය අඟල් 25ක් වී ඇත.


කෙසේ නමුත් අවසානයේ රුවන්වැලිසෑයට මුල් කොත ගෙනා බුරුම ජාතික පිරිසගේ ඥාතීන් කොටසක් ද රුවන්වැලිසෑයට පැමිණ කෝටියකට අධික වටිනාකමෙන් යුත් නව අංගසම්පූර්ණ චූඩා මාණික්‍යයක් ලබාදීමට එකඟතාවයක් ඇති කරගත්තේ මේ අතරය. මුල් චූඩාමාණික්‍ය ගැල වූ පසු එය ජාතික කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කළ යුතු බව මහාභාරකාරවරයාගේ නිර්දේශය විය.


මේ අතර මේ සම්බන්ධ කටයුතු කළ ආයතන, දෙපාර්තමේන්තුවල ප‍්‍රධානින්ද මාරු වී විශ‍්‍රාම ගොස් සිටි නිසා චූඩා මාණික්‍ය පැළඳවීමේ කටයුත්තට ද ”බාලගිරි” දසාව උදා විය. මේ ඉහළ නිලධාරින්ද ආත්ම ලාභය විනා මේ ගැන උනන්දුවක් නොදැක්වීම නිසා බුරුම ජාතික දූත පිරිස ද නැවත බුරුමයට පෙරලා යන්නට ගියේ දැඩි කලකිරීමෙනි.


කාලය කෙමෙන් ගෙවී යද්දී රුවන්වැලි සෑයට වූ බාරය ඔප්පු කිරීමට කිසිවකු සක‍්‍රීයව දායක වූයේ නැත. මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හිටපු මහාභාරකාරවරයා ප‍්‍රමාණාත්මක ලෙස දැනුවත් කළා දැයි ප‍්‍රශ්නාර්ථයකි.


දෛවෝපගත සිදුවීම් වන්නේ මේ බාරය ඔප්පු කිරීමේ කාලය 2015 ජනවාරි 01 වැනිදායින් අවසන් වීමයි. බාරය ඔප්පු කිරීමට තිබූ කාලය ඉකුත් වී දින හතක් ගත වූ තැන පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් විය.


ජයලත් මහතා පවසන පරිදි ශ්‍රී.ල.නි.පයේ ඇති වී ඇති මේ අර්බුදයට ප‍්‍රධානම හේතුව රුවන්වැලි සෑයට වූ බාරය ඔප්පු නොකිරීමයි.


ඔහු මෑතක දී මේ ගැන සියලූ ලිපි ලේඛන ඇතුළත් ෆයිල් එකක් හදා ටී.බී. ඒකනායක අමාත්‍යවරයාට ලබාදුන් අතර එයටද ගත් පියවරක් නැත. මේ බාරය ඔප්පු නොකළහොත් එච්.ශ්‍රී නිශ්ශංක මහතා රුවන්වැලිසෑයට බාර වී ආරම්භ කළ නිදහස් පක්ෂය සීසීකඩ කැඞී වෙන් වන බව මේ බාරයට සහභාගි බොහෝ දෙනකුගේ අදහස විය. මොවුන් පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ ජනාධිපතිවරණයට පෙර මෙම බාරය ගැන ලිඛිතව කළ දැන්වීම වගකිවයුත්තන් විසින් සැඟවීම කුමන්ත‍්‍රණයක කොටසකි. මෙම ලිපිය පළ වූවායින් පසුව හෝ බලධාරින් රුවන්වැලි මහා සෑයේ පලූදු වූ චූඩා මාණික්‍ය වෙනුවට පිවිතුරු පලූදු නැති චූඩා මාණික්‍යයක් පළඳවමින් රට වෙනුවෙන් වූ මේ මහා බාරය පුණ්‍ය කටයුත්තක් ලෙස හෝ ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුව පමණක් ඉතුරු කරමින් පලූදු වූ චූඩාමාණික්‍ය එහි එන බැතිමතුන් දෙස නිසොල්මනේ බලා සිටි.

m



අදහස් (0)

සන්ධාන රජය කැඞී ගියේ රුවන්වැලි මහා සෑයට බාරයක් ඔප්පු නොකළ නිසාද?

අනුරාධ Thursday, 30 July 2015 07:10 PM

ඉතාමත්ම වටිනා ලිපියක්. අවාසනාවක තරම, අපේ ඇත්තන්ට කිරීමට මෙතරම් උත්තරීතර බොදු පුන්‍යකර්ම තිබියදී තිරුපති වඳින්න තරම් මිත්‍යා දෘෂ්ටික වී ඇති සැටි. (නදී)

:       0       2

ලෙස්ලි ජයවර්ධන Thursday, 30 July 2015 07:53 PM

මිනිහෙක් මැරුණු කතාව පැහැදිලි කරන්න (නදී)

:       1       0

ඩිල්ෂාන් Friday, 31 July 2015 12:23 AM

ඒ විතරක් නෙවෙයි, මොවුන් කල නොයෙකුත් විෂමාචාරත් ඒ පරාජයට හේතුවුනා (නදී)

:       0       0

ජයාත් Tuesday, 04 August 2015 01:01 AM

මොන දෙපැත්තක්ද සමන් තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 05 August 2015 07:23 PM

මොනවා වුණත් හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)

:       0       0

සමන් Monday, 03 August 2015 10:48 AM

මේ වගේ කතාවල දෙපැත්තක් තිබෙනවා. (නි)

:       0       0

සඳරුවන් Monday, 03 August 2015 05:22 PM

සියලුදෙනා අවබෝධ කරගත යුතු දෙයක් නම් රුවන්වැලිසෑය යනු බාරහාර වෙන ස්ථානයක් නොවන බවයි. බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩසිටින ස්ථානයක් වෙන මෙම ස්ථානය අතිශය පූජනීය තැනකි (නි)

:       0       0

දිනුෂා Tuesday, 04 August 2015 10:54 AM

සියලු දේ වලට මුල් වෙන්නේ හිත , බුදු දහම අනුව . මේවා මිත්‍යා මත . විද්‍යාවෙන් විස්තර කළනොහැකියි කියා මේ වගේ මනස්ගාත ඔලුවේ තියාගෙන ඕන දෙයක් කියන්න පුලවන් . විද්‍යාවෙන් බැරිනම් මේ දේ බුදු දහම තුළින් හෝ කව්රු හරි පැහැදිලි කරන්න (ම).

:       0       0

රෝචන​ Saturday, 01 August 2015 08:42 PM

මේ රටට සතරවරම් යනාදී දේව​ බැල්ම ඇතැයි කියා මමද සිතමි. (නි)

:       0       0

උදය Thursday, 06 August 2015 04:09 AM

"යුද ජයග‍්‍රහණයෙන් පසු ලංකා භූමියෙන් සොයාගන්නා අඟල් 23ක් උස චූඩා මාණික්‍යය පැළඳවීම ඔප්පු කළ යුතු බාරය බවද දේවතාවුන් වහන්සේ පවසන්නට වූහ." බුරුම රටෙන් ගෙනවිත් හරියන්නේ නෑ නේ. ලංකා භූමියෙන් සොයාගන්නා මාණික්‍යයක් නේද අවශ්‍ය. අනේ මට තේරෙන්නේ නෑ.(ම)

:       0       0

මාලක Monday, 03 August 2015 04:31 AM

දැන් එතකොට යුද්ධය දිනුවේ මේ බාරය හින්දමද? නැත්නම් අපේ හමුදාවේ දක්ෂකම නිසාද..? මම දන්න තරමින් නම් ගොඩක් යුද්ධ මෙහෙයුම් වලට කලින් මේ වගේ බාරයන් වෙනවා. ඒවා සමහරක් සාර්ථකයි, අනෙක්වා අසාර්ථකයි. ඉතින් මේ වගේ දේවල් වල බලපෑම පිළිගත යුතුවන්නේ බුද්ධිමත්ව සිතාබලා නේද? (නි)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 10:00 AM

අප දන්නා බටහිර දැනුම ඉක්මවා ගිය බොහෝ දේවල් මිහිපිට තිබේ (නි)

:       0       0

ඉන්ද්‍රා ආරියරත්න Thursday, 30 July 2015 03:30 PM

කරුනාකර මෙයට අධාර දීමට සම්බන්ධ කරගත යුතු තෑනත්තාගේ ලිපිනය, ඊ මේල් ලිපිනය නතිනම් දුරකථන අංකය ලබාදෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3531 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 408 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1035 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 93 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 182 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site