IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සෙනසුරු මාරුව ඔබේ ලග්නයට

5 

senasurumaruwa

 

 

සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ, ශක වර්ෂ 1936ක් වැනි ක‍්‍රි.ව. 2014 නොවැම්බර් මස 02වැනිදා ඉරිදා රාත‍්‍රි 09.05.00ට (සමහර ලිත්වල වෙනස් වේලාවද දැක්වේ) ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයා තම උච්ච රාශිය වන තුලා රාශියෙන්, තමාට සතුරු රාශියක් වන කුජ හිමි වෘශ්චික රාශියට සම්ප‍්‍රාප්ත වෙයි.
සම්ප‍්‍රාප්ත වී වසර 2 1/2ක් පමණ එම රාශියේ සිටින්නේ සතුටකින් නොවේ.


එම කාලයේ ඒ ඒ ලග්න හිමියන්ට සෙනසුරු ඇති කරන ශුභ අශුභ තත්ත්ව පහතින් දැක්වේ.


මේෂ ලග්නය


2014.11.02 දා සිට ඉදිරියට වසර 2 1/2ක් පමණ මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ශනි හෙවත් සෙනසුරු ගමන් කරනුයේ 08 වැනි රාශියේය.
ශනි අටවැන්නේ ගමන් කිරීම :


මෙම කාලයේදී ලේ විෂවීම්, ලේ කෝප දෝෂ රෝග, නිතර ඇති කළ හැකිය. මළ පෙරේත දෝෂ - තනිකම් දෝෂ වලින් කරදර ඇතිවේ.
ශනි අටවැන්නේ ගෝචර ගමනේදී තදබල ලෙස පීඩා වුවහොත් මාරක හා සමාන දුක් ඇතිවේ. පවුලේ වැඩිහිටියන්ට අසහනකාරි කරදර, මාරක විපත් ඇති කළ හැකිය.

 



වෘශභ ලග්නය


වෘෂභ ලග්නයේ 07 වැන්න වෘශ්චික යයි. ජන්ම කේන්ද්‍රයක 07 වැන්න විවාහ ස්ථානයයි.


ශනි සත්වැන්නේ ගමන් කිරීම : ශනි සත්වැන්නේ ගමන් කරන වසර 2 1/2 ක කාලයේ කලකිරීම් ඇතිවේ. අඹුදරුවන්ට දුක් කරදර පීඩා ඇතිවේ. මානසික අසහන ද තමාට වාත ආබාධ, හිරිවාත අමාරු, අජීර්ණ රෝග ඇතිවේ.


තදින් සිත් වේදනා ඇතිවන අතර, රැුකියාවේ හෝ ආදායම් මාර්ගවලට කරදර බාධා ඇතිවේ. ගෙදර එපා වෙයි.

 



මිථුන ලග්නය


මිථුන ලග්නයේ 06 වැන්න වෘශ්චික යයි.
ශනි හයවැන්නේ ගමන් කිරීම : සිතේ සතුට ඇතිවේ. ලෙඩරෝග වලින් සහනයක් ලැබේ. හිතවතුන්ගේ ඇසුර නිතර ඇතිවේ. ශරීරයේ බර වැඩිවේ. සමාජ ඇසුර වෙත සිත යොමු වේ.

 



කටක ලග්නය


කටක ලග්නයේ 05 වැන්න වෘශ්චක යයි.
ශනි  පස්වැන්නේ ගමන් කිරීම : අවුල් වියවුල් වැඩිවේ. ඉක්මන්කම නිසා කරදර ඇතිවේ. බඬේ අමාරු හටගනී. දරුවකු ලැබුණහොත් ඔහුද අවාසනාවන්තයකු වේ. අර්ශස් රෝග හටගත හැකිය. එසේම දරුවන්ට ද අගුණය.

 



සිංහ ලග්නය


සිංහ ලග්නයේ 04 වැන්න වෘශ්චික.


ශනි හතර වැන්නේ ගමන් කිරීම : හතර වැන්නේ ගමන් කරන කාලයේදී වාත රෝග, හිරිවාත අමාරු, හටගනී. වැඩිහිටියකුට මාරක ඇති කළ හැකිය. විභාග වලින් අසමත් වේ. සිතේ සතුට නැතිවේ. අසල්වාසීන් සමඟ අමනාපකම් හටගනී.

 



කන්‍යා ලග්නය


කන්‍යා ලග්නයේ  03වැන්න වෘශ්චිකයයි.
ශනි තුන්වැන්නේ ගමන් කිරීම : තුන්වැන්න ශුභ රාශියක් වී ශුභ දෘෂ්ටිද වැටුණහොත් දියුණුව ඇතිවේ. අසනීප වලින් සුවය ලැබේ. රැුකී රක්ෂාවලද දියුණුව ඇතිවේ.

 



තුලා ලග්නය


තුලා ලග්නයේ 02 වැන්න වෘශ්චික යයි.
ශනි දෙවැන්නේ ගමන් කිරීම : ගෝචර ගමනින් සෙනසුරු 02 වැන්නේ ගමන් කරන කාලයේදී සැප පහසුකම් නැතිවෙයි. ශරීරය දුර්වර්ණවෙයි. ධනහානි, අනතුරු හා විපත් ඇතිවේ. අඹු දරුවන්ට විපත්ති දායකය.


රැුවටිලිවලට හසුවේ. ඥාතීන්ට මාරක විපත් ඇතිවේ. ශනිට අශුභ දෘෂ්ටි වැටීමෙන් අපල වැඩිවෙයි.
දෙවැන්න ශනිට ශුභ රාශියක් වුවහොත් තදබල අපල වැළකේ. එනමුත් ශනි 02 වැන්නේ ගමන් කරන විට ලග්න එරාශ්ඨකයේ අවසාන වසර 2 1/2 උදාව පවතී. ඒ නිසා අශුභය. ප‍්‍රවේශම් විය යුතුය.



වෘශ්චික ලග්නය


ශනි ලග්නයේ ගමන් කිරීම : ගෝචර ගමනින් ශනි ලග්නයේ ගමන් කරන කාලය සැලකෙන්නේ අපල දායක කාලයක් ලෙසය. එම කාලය ලග්න ඒරාෂ්ඨක කාලය වශයෙන් සැලකේ.


ඒ කාලයේදී සිතට කරදර ඇතිවේ. විභාග නඩුහබ වලින් පරාජය අත්වේ. පවුලේ අයටද අගුණය. ශරීර සෞඛ්‍ය බිඳ වැටේ. කකුල්වල ආබාධ හානි ඇතිවේ. ආත්ම ශක්තිය පිරිහෙයි. අඹු සැමි භේද ඇතිවේ. තදින් තරහ යයි.


තත්ත්වය මෙසේ හෙයින් ශනි ලග්නයේ ගෝචරය වන කාලයේදී ලද දෙයින් සතුටු වෙමින්, ඉවසීමෙන් කටයුතු කළ යුතුය. රාත‍්‍රී ගමන් අශුභය. ඇළ, දොළ, ගංඟා සහ මුහුදු අසලටවත් නොයා යුතුය. දවල් 12න් පසු නෑම අශුභය.

 



ධනු ලග්නය


ධනු ලග්නයේ 12 වැන්න වෘශ්චික යයි.


ශනි දොළොස් වැන්නේ ගමන් කිරීම : ශනි දොළහේ ගෝචර වන විට රෝගාබාධ ශා ධන හානි වලින් කරදර හටගනී. ශරීරයේ තුවාල ඇතිවෙයි. බලාපොරොත්තු කඩවේ. හිරිහැර තර්ජන වලට ලක්වේය. පවුල් ජීවිතයට හානි සිදුවෙයි. ජීවත්වීම වධයක් වේ. අවාසනාවන්ත ලෙස ස්ථාන වෙනස් වීමට කටයුතු යෙදේ.

 



මකර ලග්නය


මකර ලග්නයේ 11 වැන්න වෘශ්චික යයි.
ශනි එකොළොස්වැන්නේ ගමන් කිරීම : ගෝචරයෙන් ශනි 11 වැන්නේ ගමන් කරන විට ආදායම් තත්ත්වය යහපත් වෙයි. ශනිට ශුභ රාශියක් වුවහොත් දියුණුව ඇතිවේ. රැුකී රක්ෂා දියුණු වෙයි.


මේ කාලයේදී තමාගේ වාසිය පිණිස නරක ක‍්‍රියාවලට ද පෙළඹිය හැකිය. මේ කාලයේදී හොඳ හා නරක යන දෙකටම සිත ඇදී යයි.

 



කුම්භ ලග්නය


කුම්භ ලග්නයට වෘශ්චික රාශිය වැටෙන්නේ 10 වැන්නටය.
10 වැන්න රැුකියා ස්ථානයයි.


ශනි දසවැන්නේ ගමන් කිරීම : හෘදයාබාධ - දන හිස් අමාරු ඇතිවේ. නිතර සිත් තැවුල් ඇතිවේ. ඉගෙනීමට හානි ගෙනදේ. රැුකී රක්‍ෂා බිඳ වැටෙන්නට ඉඩ තිබේ. ශනිට ශුභ දෘෂ්ටි වැටුණහොත් පමණක් තරමක සහනයක් ලද හැකිය.

 



මීන ලග්නය


මීන ලග්නයේ 09 වැන්න වෘශ්චික යයි.


ශනි නවවැන්නේ ගමන් කිරීම : ගෝචරයෙන් ශනි නවවැන්නේ ගමන් කරන කාලයේදී ස්ථාන වෙනස්වීම් ඇතිකළ හැකිය. ධනය ලැබුණත් ඉක්මණින් විනාශ වෙයි. රාජ දඬුවම් ලැබෙන්නට පවා හැකිය. පපුවේ අමාරුවක් හට ගනී. කටයුතු සියල්ල බිඳ වැටේ සතුරු කරදර ඇතිවේ.
ඔත්පලවන තරමට අසනීපයක් ඇතිවිය හැකිය. පිනට දහමට අකමැතිවේ. අවාසනාවන්ත ලෙස කාලය ගතවේ.



උත්පත්ති ශනි


උත්පත්තියේදී ශනි 03 - 06 - 10 - 11 - 12 වැන්නේ සිටි විටද, 12 වැන්න මකර - කුම්භ රාශි වූ අයටද ශනි 12 වැන්නේ ගමනේදී දුර්විපාක වැඩියෙන් ලැබෙනමුත් ධනය හා අලූත් හිතවතුන් ලැබෙන්නට පුළුවන.

 


22 දෙර්කානාධිපතියා


ශනි ග‍්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා බවට පත්වන විට.


මිථුන - 01 දෙර්කාණය.


(1) මිථුන ලග්නයේ 01 වැනි දෙර්කාණයට අයත් තුලා - වෘශ්චික - ධනු යන නවාංශයකින් උපන් අයටද-


කටක - 01 දෙර්කාණය.


(2) කටක ලග්නයේ 01 වැනි දෙර්කාණයට අයත් වන කටක - සිංහ - කන්‍යා යන නවාංශයකින් උපන් අයටද-


තුලා - 03 දෙර්කාණය.


(3) තුලා ලග්නයේ 03 වැනි දෙර්කාණයට අයත් මේෂ - වෘෂභ - මිථුන යන නවංශයකින් උපන් අයටද-


වෘශ්චික - 03 දෙර්කාණය.


(4) වෘශ්චික ලග්නයේ 03 වැනි දෙර්කාණයට අයත් මකර - කුම්භ - මීන නවාංශයකින් උපන් අයටද-


කුම්භ - 02 දෙර්කාණය.


(5) කුම්භ ලග්නයේ දෙවැනි දෙර්කාණයට අයත් මකර - කුම්භ - මීන යන නවාංශයකින් උඵන් අයටද.
ශනිගෙන් ලැබෙන්නේ ඉතා අශුභ ඵලමය. මේ අය ඒරාශ්ඨක කාල වලදී විශේෂයෙන් පරෙස්සම් විය යුතුය.

 
රාශි භේදයකින් තොරව


තිර - චර - උභය යන රාශි භේදයකින් තොරව-
(1) පළමුවැනි දෙර්කාණයට 08 අධිපතියාත්.
(2) දෙවැනි දෙර්කාණයට 12 අධිපතියාත්.
(3) තුන්වැනි දෙර්කාණයට 04 වැන්න අධිපතියාත්.
කේන්ද්‍රයක 22 වැනි දෙර්කාණාධිපතියා බවට පත්වන බව ජ්‍යෙතිෂ නියමය වේ.


අපල සමනයට


සෙනසුරු 22 වැනි දෙර්කාණාධිපතියාවී උපදිය අය තෙරුවන්හට මල් පහනු සුවඳ දුම් පුදා ‘‘දස දිසා පිරිත’’ හා ‘‘කරණීය මෙත්ත සූත‍්‍රය’’ කියා විෂ්ණු දෙවියන්ට පින් දීමෙන් අපල දුරුකර ගත හැකියි. නිතර නිතර මෙය කළ යුතුය. ඒ අය තම නිවසේදී මිය ගිය ඥාති හිතමිත‍්‍රාන් හට පිංදීමෙන් පසු තම ඉඩමට හා නිවසට අරක්ගත් බහිරව දේවතාවන් හටද පිං අනුමෝදන් කිරීමද කළ යුතුය.


m



අදහස් (0)

සෙනසුරු මාරුව ඔබේ ලග්නයට

කේ. සිරි Friday, 31 October 2014 05:22 PM

ලෝකයේ ඉන්න හැම මිනිහෙක්ම මේ ලග්න දොළහෙන් එකකට අයිතියි. ඒ කියන්නේ ලෝකයේ කාටවත්ම හොඳක් නැහැ කියලද? (නි)

:       0       0

දිසංක Monday, 03 November 2014 12:47 AM

අනේ මන්ද මේවා බොරුද දන්නේ නැහැ (නදී)

:       0       1

සදුනි Saturday, 01 November 2014 08:32 AM

මේ බොරු කතා වලට අහු වෙන්න එපා.(හේ)

:       0       0

ප‍්‍රසාද් Monday, 03 November 2014 01:48 PM

වෙනත් රටකට ගියොත් මේවයින් පලාපල වෙනස් වෙනවද? (ර)

:       0       0

මැටිපහන Sunday, 02 November 2014 12:30 PM

පසුගාමී දේවල්. මේ සේවාවල් සපයන කට්ටිය දැක්කම කාටවත් හිතෙන්නේ නැද්ද ඇයි මේ අයගේ කේන්දරේ බලව ගන්නේ නැත්තේ කියලා. (නදී)

:       0       0

ජයතිලක Wednesday, 12 November 2014 01:29 AM

මම කේන්දරය විශ්වාස කරන කෙනෙක් (නි)

:       0       0

රුපාවතී Monday, 03 November 2014 03:28 PM

ඇයි මේ ලංකාවේ සහ ඇතැම් ආසියා රටවල මිනිසුන්ට පමණක්ම මේ කේන්ද්‍රය, ඉරණම, පලාඵල, අපල, කියන දේවල් ජීවිතේට බලපාන්නේ? බට හිර සහ යුරෝපා රටවල කිසිවෙක් අපි වගේ නැකත් බලන්නේ හදහන් බලන්නේ, වෙලාවල් බලන්නේ නැහැ. කිසිම අවස්ථාවක. ඒ මිනිසුන්ට ඉහෙන් බහිනරෝගයක් අපලයක්, කිසිම කරදරයකුත් නැහැ. මොකද්ද මේ වෙනස.? ඇයි මිනිසුන් මේ මනඃ කල්පිත දේවල එල්බගෙන තම වටිනා කාලය සහ මුදල් විනාශ කරගන්නේ.? තම ආත්ම ගරුත්වය පවා කෙලෙසා ගන්නවා මෙවැනි දේවල් පසු පස හබා ගිහින්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 29 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 23 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 15 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 33 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 18 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 532 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site