IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සුපිරි ජීවිත ගත කරන බලූ - බළල්ලූ

සැප විඳින්නේ මිනිස්සු විතරමද? සල්ලි තියෙන ඇති හැකි මිනිස්සු විතරමද? ඇතැම් මිනිසුන්ටවත් විඳින්නට ඉඩ හසර නැති සැප විඳින සුනඛයන් සහ බළලූන් පිළිබඳව මේ තොරතුරු ඇස ගැසෙද්දී මේ ප‍්‍රශ්නය මතුවේ.


2012 නොවැම්බරයේදී ඉතාලියේ ජීවත් වූ කාන්තාවක් මියගියාය. හෙදියක වූ ඇය ස්ටෙෆානියා නම් වූවාය. අවුරුදු 94දී ජීවිතය හැර ගිය ස්ටෙෆානියා ඇගේ නීතිඥවරයා වූ මාරියා අසුන්තා මගින් ලියා තිබූ ඇගේ අන්තිම කැමති පත‍්‍රය ඇත්තටම පුදුම එළවන සුළුය. එම අන්තිම කැමති පත‍්‍රය අනුව ඇය ඩොලර් මිලියන 13.5ක් වූ ඇගේ ධනය ඇය ආදරය කළ තනි කළු හගාති බළලාගේ නඩත්තුව වෙනුවෙන් වෙන්කර තිබුණාය. එම අන්තිම කැමති පත‍්‍රයට අනුව එම බළලා බලා ගන්නට වෙනම කාන්තාවක් යොදවා ඌට සැපවත් ජීවිතයක් ගත කිරීමට  නීතිඥවරයා කටයුතු කළේය.


බල්ලන් - බළලූන් ඇතුළු සුරතල් සතුන් සුවිශේෂී කොට සලකන රටවල් අතර ඇමෙරිකාව ප‍්‍රමුඛ වෙයි. 2009 වසරේදී ඇමෙරිකාව සුරතලයට ඇති කරන සතුන් වෙනුවෙන් වූ නිෂ්පාදන අලෙවියෙන් ලද වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 45.4ක් බව පෙන්වා දෙයි. ඇමෙරිකාවේ සුරතල් සත්ව ආහාර නිෂ්පාදන සංගමයේ වාර්තාවට අනුව 2008 වසරට වන 2009 වෙද්දී සුරතල් සත්වයින් වෙනුවෙන් වූ නිෂ්පාදන වර්ග පහක් පමණ  අලූතින් වෙළෙඳපොලට හඳුන්වාදී ඇත. ආහාර, ඇඳන් සහ බල්ලන් බඳින පටි ජාති ඒ අතර නිෂ්පාදන විශේෂවී ඇත.


2009 වසරේදී ඇමෙරිකාවේ මිනිසුන් සුරතල් සතුන් වෙනුවෙන් වියදම් කර ඇති ඩොලර් බිලියන 45.4ක් වූ මුදලින් ඩොලර් බිලියන 17.4ක් ආහාර සඳහාත්, ඩොලර් බිලියන 10.2ක් බෙහෙත් සඳහාත්, ඩොලර් බිලියන 12.2ක් පශු වෛද්‍ය කටයුතු සඳහාත්, ඩොලර් බිලියන 2.2ක් අලූතින් සතුන් මිලදී ගැනීම සඳහාත්, ඩොලර් බිලියන 3.4ක් සුරතල් සතුන් රඳවා තැබීම හා නවාතැන් වෙනුවෙනුත් වැයකර ඇත.


සුපිරි ජීවිත ගත කරන සුපිරි මිනිසුන් තමා සුරතලයට ඇති කරන සතුන්ගේ පෝෂණය හා සෞඛය පිළිබඳ කොතරම් උනන්දු වෙනවා ද සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය කරනවා ද යන්න මෙකී දත්ත එක් උදාහරණයක් පමණි.


සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල් සහ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ඇතැම් ජනකොටස් ජීවත් වන ඉන්දියාව වැනි රටවල වීදි දරුවන් සහ දුප්පත් ජනතාව ගත කරන දුක්ඛිත ජීවිත හා සසඳා බලද්දී සුපිරි පන්තියේ මිනිසුන්ගේ සුරතලූන් වූ බල්ලන් සහ බළලූන් සෞඛ්‍යයෙන් හා පෝෂණයෙන් අනූන ඉතා සැපවත් ජීවිත ගත කරති.


සෝමාලියාව, ඉතියෝපියාව, වැනි රටවල දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳිද්දී මේ සුනඛ හා බළල් පින්වන්තයෝ නියමිත වෙලාවට අවශ්‍ය පෝෂණය, ඖෂධ හා ආදරය ලබමින් ජීවත් වෙති.


ඇමෙරිකාවේ ජාතික සුරතල් සත්ව හිමියන්ගේ සමීක්ෂණ වාර්ෂික වාර්තාවලට අනුව 2007 - 2008 කාලයේදී බල්ලන් හා බළලූන් වෙනුවෙන් ඇමෙරිකාවේ වෙසෙන ජනතාව දරා ඇති වියදම් මෙසේය. බල්ලෙකු වෙනුවෙන් වෛද්‍ය පහසුකම් සඳහා ඩොලර් 453, ආහාර සඳහා ඇමරිකානු ඩොලර් 277ක්, නවාතැන් සඳහා ඇමෙරිකානු ඩොලර් 225ක්, සංචාරය සඳහා ඇමෙරිකානු ඩොලර් 219ක්, සංසරණ සඳහා ඇමරිකානු ඩොලර් 127ක්, විටමින් සඳහා ඇමෙරිකානු ඩොලර් 77ක්, තෑගි සඳහා ඇමෙරිකානු ඩොලර් 66ක්, සෙල්ලම් බඩු සඳහා ඇමෙරිකානු ඩොලර් 41ක් වශයෙනි.


එම වාර්තාවට අනුව බළලකු සඳහා ඉහතකී පහසුකම්  සපයාදීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 363ක්, 188ක්, 149ක්, 175ක්, 18ක්, 31ක්, 40ක් සහ 26ක් වශයෙන් පිළිවෙළින් වියදම් කර ඇත.


ඇමෙරිකාවේ ගෘහාශ‍්‍රිතව ජීවත් වන බල්ලන් සංඛ්‍යාව කොපමණ ද බළලූන් සංඛ්‍යාව කොපමණ ද යන්න දැනගැනීම සඳහා කළ සංගණනයකින් අනාවරණයවී ඇත්තේ ගෘහාශ‍්‍රිතව බල්ලන් මිලියන 45.6ක් සිටින බවත් බළලූන් මිලියන 38.2ක් පමණ සිටින බවත්ය. එසේ මුළු ඇමරිකා එක්සත් ජනපදයේම සිටින බල්ලන්ගේ සංඛ්‍යාව මිලියන 77.5ක් බවත් බළලූන්ගේ සංඛ්‍යාව මිලියන 93.6ක් බවත් හෙළිදරව් වී ඇත.


සුරතල් සතුන් විශේෂයෙන් බල්ලන් සහ බළලූන් සුරතලයට ඇති කිරීමට පෙළඹෙන මිනිසුන්ගේ බහුතරය වියපත් බව නිසා වඩා හුදෙකලා වූ ජීවිත ගත කරන්නන් හා කිසිවකුගේ ආදරයක් රැකවරණයක් හව්හරණක් නැති ජීවිත ගත කරන්නන්ය. ඔවුන් තමන්ට දැනෙන පාළුව, කාන්සිය, හුදෙකලාව වැනි මනෝභාවයන් මග හරවා ගැනීම සඳහා එයාකාරයෙන් බල්ලන් සහ බළලූන් ඇති කිරීමට පෙලඹී ඇත.


ඇමෙරිකාවේ මිනිසුන් සුරතලයට බල්ලකු හෝ බළලකු ඇති කිරීමට කොතෙක් නම් නැඹුරු වී ඇත්ද යත් නිවාසයක් ඉදිකිරීමේදී සුරතල් සතුන්ට දුවපැන ඇවිදින්නට හැකි ලෙස ඉඩ නිර්මාණය කරමින්  නිවාස සැලසුම් පිළියෙළ කරයි. සතුන්ට නිදහසේ වෙසෙන්නට හැකි පරිසරයක් සහිතව නිවාස නිර්මාණය කරයි.


එංගලන්තයේ බල්ලන් වෙනුවෙන්ම වෙන්වූ සුපිරි හෝටලයක් ද ඇත. එංගලන්තයේ ජීවත් වන ධනවතුන්ගේ සුරතලූන් බවට පත්වූ බල්ලෝ මේ සුපිරි තරු හෝටලයේ සැප ලබන්නට තරම් වාසනාවන්තයෝ වී සිටිති.


තම ළගම මිතුරා බල්ලා ලෙස සලකන මේ බොහෝ මිනිසුන් බල්ලන් හා කතා කරයි. උන්ව සුරතල් කරයි. උන්ගේ සියලූ රාජකාරි සියතින් හෝ බල්ලා වෙනුවෙන්ම වෙන්වූ සේවකයකු ලවා ඉටු කරවයි.


එංගලන්තයේ කෝන්වල් නම් නගරයේ මේ සුනඛ හෝටලය ඉදිවී ඇත. මෙය ලොව සුනඛයන් වෙනුවෙන් තැනුණු ප‍්‍රථම හා සුවපහසුම හෝටලයයි. එය සම්මානලාභී සුනඛ සංගමයේ සංකල්පයක් ලෙස ඉදි වූවකි.


මේ හෝටලයේ බල්ලන් සඳහා වෙන්කළ විශේෂ ඇඳන් හතරක් ද ඇත. සෙල්ලම් කිරීමේ තටාක, විශාල ජනෙල්, බිත්ති සැරසිලි, සෙල්ලම් බඩු, අලංකාර හා සුවපහසු ඇඳ ඇතිරිලි හා පෙරවන සහිත මේ හෝටලය  කාමර 15කින් සැදුම් ලද්දකි. උෂ්ණත්වය හා සීතල පාලනය කරන උපකරණ ද මේ සුපිරි බලූ හෝටලයේ ඇත. ටිම් සහ ජැකී මේ බලූ  හෝටලයේ අයිතිකරුවන්ය.


මෙම හෝටලය ඉදි කරන්නට වසර 5ක කාලයක් සහ බි‍්‍රතාන්‍ය පවුම් හත්ලක්ෂ පනස් දහසක මුදලක් වැයවී ඇත. අද මෙම බලූ  හෝටලයේ වටිනාකම පවුම් මිලියන 1.2ක් වන අතර අවම වාර්ෂික  ආදායම පවුම් ලක්ෂයකි. බිල්බේලි නම් ප‍්‍රකට විකට ශිල්පියා ඔහුගේ  බලූ සුරතලූන් වන බැන්ජාර්, බූලේ සහ ටෙඞී වෙනුවෙන් මෑත කාලයේ මෙම හෝටලයේදී උත්සවයක් ද පවත්වා ඇත.


අකුරු කියවන්නට බැරි වුණත් මේ හෝටලයේ සුවපහසු කාමරවල සැප විඳින බල්ලන්ට කියවීමට රූප සහිත සඟරාද ඇත. අකුරු නොදනිතත් උන් මේ සඟරා දිගහැර ඒ වෙත දෙනෙත් යොමු කරගෙන සිටියි.


එදාවේල කන්නට යමක් නැතිව දුක් විඳින දරුවන් සහ මිනිසුන්  සිටින ලෝකයේ බල්ලන්ට  සහ බළලූන්ට ගිය කලක් යැයි යන සිතුවිල්ල ඇතැම් උන් ගත කරන මේ සුපිරි ජීවිත ගැන අසද්දී බලද්දී යමෙකුට සිතෙනු ඇත. එහෙත් බල්ලන් හා බළලූන් ලෙස ඉපදුනත් එයද වාසනාවට නොවේද සිතීමක් වරදක්ද?

 

සටහන - සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

සුපිරි ජීවිත ගත කරන බලූ - බළල්ලූ

සුදේශ් Monday, 28 January 2013 11:27 AM

කන්න අමතක වෙලා වගේ පොත් බලද්දි (ස)

:       0       0

ලාරා Sunday, 27 January 2013 04:08 PM

මට නම් අනුමත කරන්න බැහැ. (නි)

:       1       0

හේරත් Wednesday, 30 January 2013 12:54 PM

මේ බල්ලෝ ගිය ආත්මේ පින් කරලා ඇති නේද ‍? (ස)

:       1       0

නිත්‍යා Saturday, 02 February 2013 03:27 PM

පින් කර ඇති සුනඛයෝ (ස)

:       1       0

ඉසුරංගි Saturday, 02 February 2013 03:39 PM

තිරිසනෙක් උනත් මෙහෙම සැප විදින්නේ පෙර කල පිනකට වෙන්න ඇති.(නදී)

:       0       1

ඉසුරන්දි Saturday, 02 February 2013 03:40 PM

ඒක ඒ සතාගේ වාසනාව, ඕකට ඉතින් අඩලා හැපිලා වැඩක් නැහැ.(නදී)

:       0       0

අනෝමා Friday, 08 February 2013 03:17 PM

මගේ බැළලියටත් මම සළකන්නේ මේ විදියට තමයි. (නි)

:       0       0

සුදේශ් Monday, 28 January 2013 12:27 PM

කට්ටිය හොඳට නිදි නේ (ස)

:       0       0

සුපුන් Tuesday, 16 April 2013 11:27 AM

දුප්පත් මිනිස්සු ඉන්න මෙවන් රටක බල්ලන්ට දී ඇති තැන අස්ධාරණයි නේද? (නි)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 05:49 PM

ආ‍‍‍‍‍‍.............පොතක් බලනවා වගේ (ස)

:       0       0

හරිනි Saturday, 02 February 2013 07:55 PM

අපිටවත් නැති සැප.(නදී)

:       0       0

හරිනි Saturday, 02 February 2013 07:55 PM

අපිටවත් නැති සැප(නදී)

:       0       0

අලස් Friday, 01 February 2013 12:42 AM

බල්ලා - මෙහෙ අපිට කවුරුත් මෙහෙම සැප දෙන්නෙ නෑනේ. මම යනව හෙටම ඇමෙරිකාවට. සුදු නෝනා කෙනෙක් ගාවට.(ස)

:       0       0

බන්දුල කටාර් Tuesday, 29 January 2013 05:08 AM

අළු ගොඩේ නිදාගන්න එක තරම් සැපක් කොයිද බළලුන්ට..!(නු)

:       0       0

මුතුකුඩ Tuesday, 29 January 2013 07:55 PM

මේවාට කියන්නේ බලුවැඩ කියලා.

:       0       0

ගාමිණී Sunday, 27 January 2013 02:50 PM

අලට කොයින්ද බල්ලන්ට බලල්ලුන්ට තියෙන සැප..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 147 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 128 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site