රාත‍්‍රියට කොළඹ කොටුවට එන කොල්ලන් සුද්ධ කරන රෑ සමනළියන් ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. පළවූයේ කතාවක් දෙකක් වුවත් එවැනි කතා බොහෝය. අතිශයින් ජනාකීර්ණ කොළඹ කොටුවේ පාළු ස්ථාන ද එමටය.
වීදි ගණිකාවන් වැඩියෙන් ඉන්නා ස්ථාන අතර කොළඹ කොටුව මුල් තැනට එන බව කියති. රාත‍්‍රියේ ද එය වැඩි වනවා මිස අඩු නොවේ. වීදි ගණිකාවන් වී සිටින ඇතැම් තරුණියන් ඒ තැනට පත් වූ ආකාරය දෙස බැලූ විට ඔවුනට ඇත්තේ අමිහිරි අත්දැකීම් ඇති ඉතිහාසයකි.
කොළඹ කොටුවේ රාත‍්‍රියට සැරිසරන වීදි ගණිකාවන් දෙතුන් දෙනකුගේ අත්දැකීම් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරමු.
මුලින්ම හමුවූයේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගමක තරුණියකි. සිය පෙම්වතා මාර්ගයෙන් ගණිකා වෘත්තියට පිවිසුණු බව ඇය කියන්නීය.
මට දැන් අවුරුදු 27. මම ඉස්කෝලේ දහය වසරේ වගේ ඉන්දි උසස් පෙළ ලියපු අයියා කෙනෙක් එක්ක යාළු වුණා. හැමදාම ඉස්කොලෙ ඇරෙන වෙලාවට එයා එනවා. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. මට ඒ හතරයි. බී දෙකයි ඉතිරි ඒවා සී. මට නීතීඥවරියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා මං උසස් පෙළ කලා කරන්න පටන් ගත්තා.
මං පන්ති ඇරෙන වෙලාවට අයියා එනවා. ඇවිත් කතා කර කර ඉදලා යනවා. මම දොළහ වසරෙන් 13 වසරට වගේ එනකොට දවසක් අයියා පන්ති පටන් ගන්න වෙලාවට අපේ පන්තිය ගාවට ඇවිත් හිටියා. එයා කිව්වා අපි අද කතා කර කර ඉන්න කොහෙට හරි යමු කියලා. මං කිව්වා පන්ති ඉවර වෙලා යමු කියලා. පන්ති ඉවරවුණාම වෙලා මදි අදට විතරයිනේ යමු කියලා කිව්වා. අයියගේ පැරැුත්තට මමත් හා කිව්වා.
අයියා ත‍්‍රීවිලර් එකක ඇවිත් හිටියේ. මාවත් දාගෙන එයාගේ යාළුවකුගේ ගෙදරට ගියා. එහේ අයියාගේ වයසේ වගේ පිරිමි ළමයි දෙතුන් දෙනෙක් හිටියා. එයාලා එක්ක ටිකක් කතා කර කර ඉදලා අයියා මාවත් එක්කගෙන එහේ කාමරයකට ගිහින් දොර වැහුවා. අපි පැයක් එක හමාරක් විතර ඒකේ හිටියේ. එතැනදි වෙන්න ඕනේ ඒවා ඔක්කොම වුණා. අයියා බලෙන් මොනවත් කළේ නෑ. මගෙත් කැමැත්තෙන් තමයි ඔක්කොම වුණේ.
ඊට පස්සේ අපි ඒ ගෙදරින් ආවා. මගදි මම ඇඬුවා මට බයයි. ප‍්‍රශ්නයක් වෙන් නැතිවෙයි නේද කියලා. අයියා කිව්වා කිසි දේකට බය වෙන්න එපා, හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා. ඊට සතියකට විතර පස්සේ අයියා කිව්වා ආයේ අපි යමු කියලා. දැන් වෙන්න මොනවත් නැහැනේ. ඉදින් මාත් හා කිව්වා. අයියා එදා වගේම මාත් එක්ක ත‍්‍රීවිල් එකේ ගියා. ටිකක් දුර ගිහින් අයියා කිව්වා හදිසි වැඩක් තියෙනවා විනාඩි පහකින් එන්නම් මට ඒ ගෙදරට යන්න කියලා මම ගියා.
එහේ මං යද්දි තවත් ගෑනු ළමයෙකුත් හිටියා. ගිහින් විනාඩි දෙක තුනකට පස්සේ එදා අයියාගේ යාළුවා කියපු කෙනා මං ගාවින් වාඩි වුණා. වාඩි වෙලා මගේ විස්තර ඇහුවා. ටිකක් කතා කර කර ඉදලා එයා මගේ අතින් අල්ලාගෙන කිව්වා නංගි අපි කාමරේට ගිහින් ටිකක් කතා කර කර ඉමුද කියලා. මං අත ගසලා දැම්මා. එතෙන හිටපු අනිත් ගෑනු ළමයා කිව්වා නංගි ඔයාගේ අයියගේ යාළුවනේ කමක් නෑ, ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ යන්න කියලා. මං බෑ කියද්දි බලෙන් එක්කන් ගියා. අයියා එද්දි ඔක්කොම වෙලා ඉවරයි. අයියගේ යාළුවා මගේ අතට රුපියල් පන්සියක් දීලා කිව්වා නංගි ඕකෙන් පොත් ගන්න කියලා. අයියා කිව්වා සල්ලි ගන්න කියලා. පස්සේ මට තේරුණේ අයියාගේ දැනුම්වත් කමින් මේක වෙලා තියෙන්නේ කියලා.
ඕවගේ තව දෙතුන් වතාවක් එයා මාව රවට්ටලා දෙතුන් කෙනෙක් අතට යැව්වා. මම ඉස්කෝලේ ගමන නතර කරලා ගෙදරින් පැනලා ආවා. ඒත් අයියා මාව බැන්දේ නෑ. ආයේ ගෙදරට යන්නත් බැරි නිසා එක එක තැන්වල නැවතිලා ඉඳලා තමයි කොළඹට ආවේ.
මෙහෙදි කස්ටර්මර් කෙනෙක් හම්බුණාම අපි යනවා කොහේ හරි. මං මේක කරන්නේ රෑට විතරයි. දවල්ට පිටකොටුවෙ කඬේක වැඩ කරනවා ඇය කීවාය.
ඇයට අරමුණක් නැත. වැඩි බලාපොරොත්තුවක් ද නැත. හිත යට සඟවාගත් අඳුරු අතීතයක වේදනාව ඇතිව සැහැල්ලූවෙන් දිවි ගෙවීමට උත්සාහ කරන්නීය. මොන අඳුරු මතක තිබුණත් ඇය දැන් වීදි ගණිකාවක් වී හමාරය. දිනකට පස් හය දෙනකුගේ අතින් අතට යන්නීය.
මෙවැනි තරුණියන් රැසක් රෑ කොළඹ සැරි සරන බව ඇය කීවාය.
රෑ කොළඹ සැරිසරන ඊළග තරුණිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමක පදිංචිකාරියකි. වයස අවුරුදු 34ක කතක වන ඇය දෙදරු මවකි. සැමියා හැර ගිය පසු බියගම රැකියාවකට ආ ඇය ගණිකාවක වී ඇත්තේ වැඩිපුර මුදල් සොයන්නට ගොසිනි.
මම සාමාන්‍ය පෙළ විතරයි කළේ. අවුරුදු 18 ඉවර වෙද්දිම බැන්දා. අපි යාළු වෙලා බැන්දේ. එයා ගාමන්ට් එකක වැඩ කරපු කෙනෙක්. අවුරුදු 23 වෙද්දි මට පුතාලා දෙන්නම හම්බුණා. අපි හොදින් හිටියා. ඒත් ඊට අවුරුදු තුන හතරකට පස්සේ පවුලේ පොඩි පොඩි ප‍්‍රශ්න වෙලා මහත්තයා මාව දාලා ගියා. ඊට පස්සේ කන කර බඩු උකස් කරලා ළමයි දෙන්නට කෑම කිරිපිටි ගත්තා. පස්සේ කරන්නම දෙයක් නැති තැන අපේ අම්මලට ළමයි දෙන්නා බලා ගන්න දාලා මං බියගම ආවා.
බියගම ගාමන්ට් එකක් හොයා ගෙන ඒකේ වැඩට ගියා. බියගම පැත්තේ බෝඩිමක නැවතිලා හිටියේ. සතිය ඉවර වුණාම ගෙදර යනවා. ඉඩක් ලැබුණු හැම වෙලේම ළමයි දෙන්න බලන්න ගෙදර ගියා. වැඩ කරපු තැනිනුත් ලොකු පඩියක් හම්බුණේ නෑ. බෝඩිම් ගාස්තුයි, කෑම බීම වලටයි ගියාම වැඩි ගාණක් ඉතුරු කර ගන්න බැරි වුණා.
අපේ බෝඩිමේ ඉන්න තවත් කෙනෙක් කිව්වා මේකෙන් හරියට ඉතුරුවක් කර ගන්න බැහැනේ. ඒ නිසා මේ රස්සාව කරන ගමන් තවත් මොනවා හරි කරමු කියලා.
ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ. වැඩ ඇරිලා කොටුව පැත්තට එනවා. කස්ටමර් කෙනෙක් හම්බුණාම කොහෙට හරි යනවා. දෙතුන් දෙනෙක් එක්ක හිතවත්වෙලා දෙතුන් දාහක් හොයාගෙන පිටකොටුවෙම තැනක නවතිනවා. දැන් බෝඩිම එහේ. අයේ උදේට ගාමන්ට් යනවා.
මම එළිවෙනකම්ම ඉන්නේ නෑ. මගේ දවසේ ගාන හම්බුණාම යනවා. මේ සල්ලිවලින් තමයි ළමයි ඉස්කෝලේ යවන්නේ. උගන්වන්නේ. කන්න බොන්න දෙන්නේ. ගෙදර කවුරුත් මං මොකද කරන්නේ කියලා දන්නේ නෑ. ඇය කීවාය.
රෑ කොළඹ තවත් දෑ ලබන සතියේ රසවිතෙන්.
|
මහ බස් පොළ |
|
රෑ කොළඹ දර්ශන |
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමියා නියම පිරිමියෙක් වෙන්නේ පිරිමිකම මනුස්සකමත් එක්ක රැක ගත්තමයි. කාන්තාවන්ට මෙවන් අපරාධ කරන අයට හොදක් වෙන්නේ නැහැ . අගපසග පිහිටියට කෙනෙක් පිරිමියෙක් වෙන්නෙ නෑ.(දී)
කතාව දුක තමා නමුත් ඇගලුම් රැකියාවෙන් ලබන වැටුප මදි කියන්නේ බොරු. මොකද අපි ජිවත් වෙන්නේ ඇගලුම් කර්මාන්ත වල වැඩ කරලා.ඒ ලබන වැටුපෙන් දැන් වසර දහනවයක් වෙනවා. අපි ගොඩක් හොදින් ජිවත් වෙනවා ඔය රැකියාව අතහැරලා වැරදි නිවැරදි කරගෙන ජිවත් වෙන්න අපි හැමෝම මිනිස්සුනේ.(නදී)
ඒ පිරිස ගැන කනගාටුයි (දී)
සිය කැමැත්තෙන් මේ රස්සාව කරන පිරිසකුත් ඉන්නවා (දී)
ලොකු සමාජ ප්‍රශ්නයක් හරිම කනගාටුයි මේ ගැන (දී)
නිළුපුල්, ඔයාගේ අදහස ගැන මමත් එකගයි. හැමදේටම ගැහැණියට ඇගිල්ල දිගු කරන සමාජයක අපි ඉන්නේ. ඔයා වගේ හැම පිරිමියෙක්ම හිතනවානම්, ඇත්තටම ගැහැණිය කොච්චර වාසනා වන්තද? ගණිකාවන්ට රැකියාව දෙන්නෙත් පිරිමින් නේද? (නදී).
සමාජයේ වරදින් සිද්ද වූ දේවල් කියලා මට නම් හිතෙන්නෙ නෑ. පිරිස ගැන කනගාටුවෙන් උනත් කියන්න තියෙන්න අසිමිත ආසාවන්ට වහල් වුන අය තමයි මෙ වගෙ රස්සාවල් වලට යන්නෙ. කතාව කියෙව්වාම මට හිතෙන්නේ මෙ අය නිසයි සමාජයම වැනසෙන්නෙ කියා.(නදී)
ජීවත් වෙන්න මිනිස්සු මේවගේ දේවල් පවා කරන එක ගැන සිතුවම අපි ඊට වැඩිය දහහස් ගුණයකින් වාසනාවන්ත බව මතකයේ තබාගත යුතු කාරණාවක් ය.(දිල්)
සමාජය විසින්මයි කියනවාට නම් මම විරුද්දයි (දී)
අම්මල හොයල දෙන කම් හිටියා නම් ඉවරයිනේ.(නදී)
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ (දිල්)
ඉවසීම නැතිකමයි මේ ඔක්කොටම මුල,, හැගීම් පාලනය කරගන්න පුලුවන්නම් ගොඩක් වැරදි සිදුවෙනවා අඩුයි.(නදී)
මිනිස්සුන්ගේ වරදින් කියලාද දැන් ඔය නොකියා කියන්නේ (දී)
සල්ලි වලට වඩා තමන්ගේ ආත්මය සනුහරේ ගැන හිතන්න. මීට වඩා හොදයි නොකා නොබී මැරෙන එක.(නදී)
ගණිකා සේවය වැරදි දෙයක් විදියට හැමෝම කතා කරලා තියෙන්නේ. හරිනම් වෙන්න ඕන මේක නිත්‍යානුකුල කරලා එයාලට වෛද්‍ය කාර්ඩ් දීල හොදින් මේ සේවය කරගෙන්න යන්න සලසන එක. කැමති අය යයි ,අකමැති අය බල බල යයි. මේ රටවල් වල ඕන තරම් තියෙනවා. මේ රටවල් වල ස්ත්‍රී දුෂණ නෑ ,අතවර නෑ,අඩුතරමේ කෙල්ලන්ව කොල්ලෝ ගණන් ගන්නෙත් නැති තරම්. දියුනු රටවල මෙය නීති ගත කරලා තියෙන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසයි.(නදී)
ඔය ඔක්කොම පට්ටපල් බොරු. අද ගෙදරක වැඩට ගියත් රුපියල් පහළොස් දහසක් විතර හොයන්න පුළුවන්. ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොම එක්ක. මේගොල්ලෝ ඒකට කම්මැලි කමේ ලේසියට සල්ලි හොයන ක්‍රමේ තමයි ඕක. හැබැයි ඕක කවදාවත් නවත්තන්න බැහැ. යථාර්තය ඒකයි.(නදී)
මේක තමයි සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමය. මීට වැඩිය දුක් විඳලා යහපත් විදිහට සල්ලි හම්බ කරන ගැහැණු කොච්චර ඉන්නවද? මේවා ඔක්කොම තමන්ගේ වාසියට කියන කතා.(නදී)
තමන්ගේ පවුලේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ තවත් නොයෙකුත් හේතු නිසා විවාහ වෙන්න බැරිව වයසට යන පිරිමින් තමන්ගේ ස්වභාවික ලිංගික අවශ්‍යතා සපුරාගන්නේ කොහොමද කියල කවුරුහරි කියල දෙනවද. (දී)
සෝනා මගයාසියාව 2014-01-11 18:05:30 දියුනු රටවල මෙය නීති ගත කරලා තියෙන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසයි. .........මේ....සෝනා.... ඔය දියුණුයි කියන්නේ සල්ලි තියෙන එක විතරද? (දී)
සමස්ත සමාජයමා මේවාට වග කියන්න ඕනේ කාටවත් මෙයින් මිදී යන්න බැහැ (දී)
ලක්විඳු ඔයාගේ අදහස හොඳයි,නම්‍යශීලියි.අපේ රටට ඕන හැම පැත්තම දකින්න පුළුවන් ය,අධ්‍යාපන දියුණුව තමයි වැඩි කරන්න ඕන.(දිල්)
මම නම් කියන්නේ ගණිකාවන් ඉන්න ඕනේ, ඕකේ ඇති වරදක් නැහැ. මේක වැරදියි කියලා හිටියහම තමයි විඳවන්නේ. ගැහැණිය පොඩි සේවයක් තව පිරිමියෙකුට දීල ගානක් හොයා ගන්නවා, මට නම් වරදක් පෙනෙනේ නැහැ. හරි විදියට සතුට නොලබන පිරිමියෙකුට වෙන විකල්පයක් තියෙනවද. (නදී)
ඉහළ අදායමක් ලබන්න ඕනනම් ඕන තරම් නීත්‍යානුකූල ක්‍රම සහ විධි තියනවා. ඒ නිසා මෙයාල මේ කියන කතා පිළිගන්න බැහැ. හරි වැරැද්ද මොකක්ද කියන එක අවබෝධ කරගන්න තමා බුද්ධියක් කියල එකක් තියෙන්නේ. තමන්ගේ වරදින් වැරදි මාර්ගේ ගියයි කියල නිකං අහක ඉන්න මිනිස්සු පළි නැහැ. ඒ නිසා බොරුවට සමාජයට දොස් කියන්න එපයි කියන එක තමා මටනම් කියන්න තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් පාතාලයෙක් වෙනවනම් ඒකට පැහැදිළිවම සමාජය වැරදියි. මොකද ඒ පුද්ගලයා ඒ තත්ත්වෙට පත්වෙන්නේ එයාට සමාජයෙන් සිද්ධවුණු බලවත් අසාධාරණයක් නොසලකාහැරීමක් නිසා. සමාජ අසාධාරණේ නිසා මේ අය මේ තත්ත්වෙට පත් වුණයි කියනවානම් ඒක අමූලික බොරුවක්. හරියට නිකං සුරංගනා කතාවක් වගේ. ගෙදර කුස්සියේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අඹුසැමි ආරවුල් වගේ දේවල් නිසා මේවගේ තත්ත්වයකට කාන්තාවක් පත්වෙනවානම් පැහැදිළිවම ඒක තමන්ගේ මෝඩකම නිසා කරගත්ත දෙයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා නිකං බොරුවට හේතුවක් නැතුව තමන්ගේ වැරදි අනුන් පිට පටවන්න හදන්න එපා.(දී)
යථාර්තය නම් ඔය කඳුළු කතා වලින් 80% ක්ම බොරු බවයි. මොවුන්ගෙන් බහුතරයක් ඕක කරන්නේ සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමය නිසා. පලවෙනි පාර වැරදුනානම් ඒ වැරැද්ද ආපහු දිගින් දිගටම කරන්නේ නැතුව හරි පාරට වැටිලා මහන්සි වෙලා ජීවිතේ හදාගන්න ඕන තරම් අවස්ථාව තියනවා.(දිල්)
මේ වගේ කෙල්ලන් අනාත කරන අයට නිසි දඩුවම් ලබාදිය යුතුයි. ගැහැනියක් යනු තමන්ගේ මව හා සමානයි. (නදී)
සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ගණිකාවෝ කියන්නේ බොරු ඔය උඩින් තියෙන කෙල්ලගේ කතාව බලන්න.(නදී)
මෙන්ඩිස් මහත්තයාගේ කතාව හරියට හරි.(නදී)
මේක අමුලික බොරුවක්. මොකද මගේ යාලුවෙකුට රාත්‍රී සමාජ ශාලාවක් තියනවා. ඒකට එන කෙල්ලෝ ඔක්කොම දවල්ට කරන්නේ මේ වැඩේ තමයි. නමුත් ඒ අය කියන්නේ අපි ගාමන්ට් එකක හරි සුපර් මාකට් එකක හරි වැඩ කරලා කොහොමද ගමේ ගෙයක් හදා ගන්නේ කියා. (නදී)
අපි හැමෝටම ජිවිතේ වැරදුන තැන් තියනවා. අතීතය දිහා අසුබවාදීව බලන් නැතිව ඉදිරියට යන එකයි කරන්න ඕනේ. අද ගණිකාවක් ගැන කතා කලොත් හෙමෝම එලි පිට බනිනවා ඒත් යටි හිතින් කැමතියි.(නදී)
අද සමාජයේ සල්ලිවලට මිනිසුන් තිරිසන් වෙලා. ගැහැණියකගේ, තම මවගේ පියාගේ සහෝදරයන්ගේ ජිවිත පවා විකුණගෙන කන සමාජයක් ගොඩ නැගිලා තියෙන්නේ. එම තත්වය මිනිසුන්ගේ නුගත් කම නිසාමයි.(නදී)
ඕවා ඔක්කොම බොරු. තමන්ගේ වැරැද්ද වහගන්න කියන කතා.(නදී)
මේවා කගේ කාගේත් වරදින් සිදුවන ඒවා..(දී)
නා නත්ත ඛයා නා නත්ථ චිත්ථා සමාජය හරි විස්හමයි (දී)
හැම ගැහැනියකගේම කතාව ඔය වගේ. ඒත් කව්රුත් වචනයකින්වත් ඒ මිනිස්සුන්ට අනුකම්පා කරන්නේ නැහැ බල්ලනෙම පාවිච්චි කරන්න. ඊට පස්සේ විසි කරලා දන්නා. මට අර ගැණු ළමය ගැන දුකයි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ළමයට ඒ නැති උන අනාගතේට යන්න අත දෙන්න එක ලොකු පිනක්. මිනිස්සු ලෝකෙට පේන්න දාන දුන්නට වැඩක් නැහැ ඔහොම දෙයක් කරන්න බැරි නම්.(නදී)
රටේ අධයාපනය ඉහල නංවනකම් මෙවැනි ප්‍රශ්න විසදන්න බැහැ. කිසිම රටක හොඳම මිනිස්සු විතරක් නැහැ. කළ යුත්තේ මිනිසුන් මානසික තෘප්තිනේ දියුණු වෙන විදියේ අධ්‍යාපනයක් ලබා දීමයි.(නදී)
සමාජයේ තියෙන වැරදි නෙමෙයි නොහැදිච්චිකමයි. මේවා නොකර ජීවත් වෙන්න ඕන තරම් වැඩ තියෙනවා.(නදී)
මේවා සමාජයේ වරදින් සිද්ද වූ දේවල්මයි කියලා අපිට කියන්න බැහැ (දී)
පිරිමින්ට ජීවිතේ වැරදුනම මොකද කරන්න වෙන්නේ .මේවා උත්තර නෙවි. හැම තරුණියක්ම සිතිය යුතුයි .සමාජයේ හැමෝගෙම වගකීමක් මේවට සාදාරන පිළිතුරක් හොයන එක . (දී)
කවදා හෝ අම්මාගේ රස්සාව ළමයි දැන ගත්තොත් මොකද වෙන්නේ (දී)
සමාජයේ වරදින් වෙන්න පුළුවන් ඒ උනාට මොකටද ඒක තමන්ගේ රස්සාව කර ගන්නේ (දී)
මේවා ඔක්කොම වැරදි වහගන්න කියන කතා. ඔහොම උනා කියල මේ ජොබ් එකම කරන්න ඕනේ නැනේ. මේ ජොබ් එකෙන් හොදට සල්ලි හොයන්න පුළුවන් නිසයි මේ ගොල්ලෝ මේක කරන්නේ. බොරුවට වැරැද්ද පිරිමි පිට දානවා.(නදී)
සමාජයේම වැරැද්ද කියන්නත් බැහැ . නමුත් ජීවිතේ එක පාරක් වැරදුනාම මානසිකව කඩා වැටෙනවා .යම් මානසික අව්ලක් හෝ වෛරයක් මත පදනම් වෙන මානසික ව්‍යාකූල තත්වයක් වෙන්නත් බැරි නැ. (දී)
කතා අහද්දී කෙල්ලෝ ගැන දුක හිතෙනවා තමයි .එත් මේ කෙල්ලොන්ට මේ ජොබ් එක ඇරෙන්න වෙන එකක් කරන්න පුළුවන්.සල්ලි වලට වැඩ තමන්ගේ පතිවෘතා ධර්මය වටිනවා ගොඩාක් (දී)
ගැහැනියක් ගණිකාවක් වීමට මුලික අඩිතාලම දමන්නේ වංචනික පිරිමියෙකි. ගණිකාවක් යනු ලිංගික ආශාවට ලොල්වූ ගැහැනියක් නොව ජීවිතය පැරදී ගිය විට ගැහැනියකට සිදුවිය හැකි තත්වයකි. එසේම ගණිකාව බිහිවුයේ පිරිමින්ගේ පහත් අවශ්‍යතාවය සඳහා බවද තේරුම් ගත යුතුය. මෙය ගණිකා වෘර්තිය සාධාරණීකරණය කිරීමක් නොව සත්‍යය ප්‍රකාශ කිරීමකි.(නදී)