අඳුරත් සමඟ ඇරඹෙන රැය වඩාත් දිගුවෙයි. අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, නැටුම්, කලකෝලහාල මේ සියල්ලක් රාත‍්‍රියේ දිග හැරෙන රාත‍්‍රී සමාජ ශාලා ජීවිතය අභ්‍යන්තරයේ අන්තර්ගතය.
විනය, සදාචාරය, කොන්දේසි, සීමා පිළිබඳ තහංචි වෙනුවට ඒ ජීවිතය තුළ රැඳී ඇත්තේ මහා සංස්කෘතියෙන් බැහැර වූ උපසංස්කෘතියකට අනන්‍ය ලක්ෂණ ය. රාත‍්‍රී සමාජ ශාලාවන්හි සරණ රැ සමනලියන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් පිළිබඳව අපි ඉකුත් සතියේ දී කතා කළෙමු.
අද අපි ඔබට කියන්නේ රාත‍්‍රී සමාජ ශාලාවල ක‍්‍රියාත්මක වන වී.අයි.පී. සිස්ටම් යනුවෙන් හඳුන්වන ක‍්‍රමය පිළිබඳව ය.
එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනක් වන අතර සරලව කිවහොත් කාමරයකට යාමක් හා එය සමාන වෙයි. තමන් තෝරා ගන්නා සමාජශාලා යුවතිය හා ”ගෙස්ට්” හැරුණු විට අන්කිසිවෙක් එතෙන්ට පැමිණෙන්නේ නැත. ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන පැමිණෙන වේටර්වරයාට පමණක් එතැනට පැමිණෙන්නට අවසර තිබේ. කාමරය තුළ දී ‘ගෙස්ට්’ සමාජශාලා යුවතිය සමග රිසිසේ නිදහසේ හැසිරෙන්නට ඉඩකඩ හිමිය. එක් එක් මිල මට්ටමේ පැකේජ වී.අයි.පී. රූම් සඳහා පවතී. මෙම කාමරවල සැප පහසු සෙටියක් හා රූපවාහිනී යන්ත‍්‍රයක් ද තබා ඇත. මේ සියලූ සැප පහසුකම් මැද හැකි උපරිමයෙන් කරන්නේ පැමිණෙන්නන් සන්තකයේ ඇති අවසන් රුපියල දක්වාම වැය කරවීමය. වයස අවුරුදු 15-16 සිට සුපිරි සමාජ මට්ටම්වල ජීවත් වන බොහෝ තරුණ තරුණියන් මෙන්ම මැදි වියේ පසුවන්නන් ද මෙම සමාජ ශාලා සංස්කෘතියට පුරුදු වී සිටිති. ඒ සංස්කෘතිය ඔවුන් ජීවත් වෙන සමාජ පන්තියට අනුව ඔවුන් සාමාන්‍ය හා තමන්ට අත්‍යවශ්‍ය සම්ප‍්‍රදායක් කොට ද බොහෝ දෙනා සලකති.
සමාජයේ ජීවත්වන ඉහළ පන්තියට අයත් සුපිරි මට්ටමේ ධනවතුන් විශේෂයෙන් ඇතැම් ක‍්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, මැති ඇමති දු පුතුන් වැනි පිරිස් මෙම සමාජශාලා සංස්කෘතියට ඇබ්බැහි වී සිටිති. මෙවැනි විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂ ආරක්ෂාවක් යටතේ ඇති සමාජශාලා ද පවතින අතර සාමාන්‍ය මට්ටමේ අය ඒවාට නොපැමිණෙති. දිනකට බොහෝ විට මේ එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරති.
”වී.අයි.පී. රූම්” සඳහා වූ පැකේජය දෙදෙනෙකුට ද එක් වී ලබාගත හැකි අතර එවිට පැකේජයට අදාළ සියල්ල ඔවුන් බෙදාගත යුතුය. එහි ස්වභාවය ජුගුප්සාජනක යැයි කෙනෙකුට හැඟී ගියත් එකී උපසංස්කෘතියට අනුගත වූවන්ට එහි අමුත්තක් නැත.
සමාජශාලාවල සේවය කරන යුවතියන් තම රාජකාරි නිමා කරන්නේ පාන්දර වන විටය. ඒ වෙද්දී ඔවුන් සිටින්නේ ප‍්‍රකෘති ස්වභාවය ඉක්ම වූ ස්වරූපයකිනි. එහෙයින් ඔවුන් නිවෙස් කරා යන අවස්ථාව ඉතා අඩුය. ඔවුන් බලා සිටිනේ තම රාජකාරිය නිමා වූ සැණෙන් නිදි සුව විඳගන්නටය. එහෙයින් සමාජශාලා ආසන්නයේම නවාතැන්හි ඔවුහු ලැගුම් ගෙන සිටිති.
සමාජශාලාවල සේවය කරන යුවතියන් බොහෝ විට බාහිර සමාජයට පවසන්නේ තමන් සමාජශාලාවක සේවය කරන බව නොවේ. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන බවය. තමාට ලැබෙන සන්තෝෂම්වලට අමතරව සාමාන්‍යයෙන් සමාජශාලාවක සේවය කරන යුවතියන් මසකට රුපියල් අසූපන්දහස, අනූදහසක අතර වැටුපකට හිමිකම් කියන්නීය.
සමාජශාලාවල සේවය කරන යුවතියන් සැමවිටම සමාජශාලාව තුළ පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකිනි. ඔවුන්ගේ සැබෑ නම එහි පැමිණෙන ගනුදෙනුකරුවෝ නොදනිති. සමාජශාලා අභ්‍යන්තර රෙගුලාසීන්ට අනුව ”ගෙස්ට්ලා” සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීම හා පිටත දී හමුවීමට සමාජශාලා යුවතියන්ට තහනම් ය. රාත‍්‍රී සමාජශාලාවන්හි ඇති තවත් දෙයක් වන්නේ මත්පෙති වර්ගය. කේරළ ගංජා (කේ.ජී.) සමාජශාලාවන්හි ඇති ඉතා ප‍්‍රසිද්ධ හා සුලභ ඉල්ලූමක් ඇති දෙයකි.
සමාජශාලාවල දී මුණගැසෙන යුවතියන් පසුකාලීනව තම බිරිය බවට පත් කරගත් පුද්ගලයෝ ද සිටිති.
සමාජශාලාවල සේවය කරන යුවතියන්ගේ ඇසුර හෝ ගණිකාවකගේ ඇසුර පතා පැමිණෙන පුද්ගලයෝ විවිධ මානසික මට්ටම්වලින් යුක්තවූවෝ වෙති. විවිධ මානසික හා කායික අවශ්‍යතාවන් සපුරාගන්නා අභිලාශයෙන් ඔවුහු මේ රැ සමනලියන් සොයා පැමිණෙති.
මත්ද්‍රව්‍ය ආදී සමාජ අපචාරවලට ගොදුරු වූ තරුණයෝ ද තමාට ඉඩක්, අවස්ථාවක් ලද විටෙක ගණිකා ඇසුර කෙරේ යොමු වෙයි.
විවාහක පුරුෂයන් මෙන්ම විවාහ දිවියට ඇතුළු නොවී තනිකඩව ජීවත්වන එහෙත් විවිධ අපචාර හා ස්ත‍්‍රී ඇසුර කෙරෙහි ලොල් වූ පුද්ගලයෝ ද ගණිකා ඇසුර කෙරේ යොමුවී ඇත්තේය. ඇතැම් අය තම විකෘති වූ ලිංගික හැඟීම් සන්තර්පණය කර ගැනීමට ද ගණිකා ඇසුර යොදා ගනියි.
විවාහක පුරුෂයන් ගණිකා ඇසුරට සමාජශාලා යුවතියන්ගේ ඇසුරට හෝ සම්භාහන ආයතනවල සේවය කරන යුවතියන්ගේ ඇසුරට නැඹුරු වීම කෙරෙහි බලපාන හේතු සාධක කිහිපයකි.
තම බිරිය වෙතින් තමා අපේක්ෂා කරන තෘප්තිය තමන්ට නොලැබීම, දරුවන් ලැබීම සහ නිවසේ කාර්යයන් අතර කාර්යබහුලවන බිරිය පෙර මෙන් තම පිරිසිදු බව හා රූ සපුව පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා සැමියාට තම බිරිය කෙරේ ආකර්ෂණයක් ඇති නොවීම, විවාහ ජීවිතය ඒකාකාරී වීම. ගෘහ ජීවිතයේ සම්ප‍්‍රදායික යුතුකම් හා වගකීම් තුළ ජීවිතය කේන්ද්‍ර ගත වන විට සතුට සැහැල්ලූ හා ජීවිතය පිළිබඳව වන වින්දනීය හැඟීම් ජීවිතය වෙතින් පළායාම, ඒ ඇතිවෙන හිස්තැන සපුරාගැනීමට වෙනත් මං සොයා යාම, තම බිරිය විවිධ අසනීප තත්ත්වයන්ට ගොදුරු වීම හෝ ඇය දරු ප‍්‍රසූතියකට සූදානම්ව සිටීම හෝ දරු ප‍්‍රසූතියෙන් පසු විවේකීව සිටීම මේ ආදී පසුබිම් මත විවාහක පුරුෂයන් ගණිකා ඇසුරට සමාජශාලා යුවතියන්ගේ ඇසුරට හෝ සම්භාහන ආයතනවල සේවය කරන යුවතියන්ගේ ඇසුරට යොමු වේ.
ඇතැම් පුද්ගලයන් ගණිකා ඇසුර සොයා එන්නේ හුදෙක් කායික ඇසුරක් අපේක්ෂාවෙන් පමණක් නොවේ. ඇතැම් පුද්ගලයෝ මානසික පීඩා පිළිබඳව ද මේ ගණිකාවන් සමග කතා කරති.
තමා වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය කුමක් වුවත්, ඔවුන් වෙතින් විඳින්නට වන අත්දැකීම් කවරාකාර වුවත් ඒ සියල්ල ඉවසා සිටීමට ගණිකාවෝ මෙන්ම සමාජශාලා යුවතියෝ ද උත්සාහ කරති. ඒ තම ඒකායන අරමුණ මුදල හා නැවත ඔහුට සේවය ලබා දීම වන බැවිනි. තම පැවැත්ම උදෙසා ඒ ගනුදෙනුකරුවන් තමන්ට වැදගත්ම සාධකය වන හෙයිනි.
තවත් කොටසක් ලබන සතියේ...
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ආදීනවත් විස්තර කරලා ලිපිය අවසන් කළා නම් තමා හොඳ. හැබැයි කවුරුවත් සේනාව ගාවගන්න එපා මේකට. සමාජයේ හැමපැත්තක්ම ශෝධනය කරන්න එයාලට බැහැ. රටේ නීතිය , පොලිසිය කියලා දෙයක් තියෙන්නේ ඒකට තමා. (නි)
මේ ආසියාවේ ආශ්චර්ය වෙන්න ඇති නේද? (නි)
මොන දේට අදහස් දැම්මත් ආගම් බේදය දානවමනේ මොනවද අලිකාන්, මුස්තාක් ලියන්නෙම විකාරණේ. ඔයාලගේ මුස්ලිම් ගැහැණු උදවිය මුහුණ වහ ගෙනත් කරන්නේ ඕනෑතරම් වැරදි වැඩ. හැම දේටම ආගම ගාව ගන්න එපා. මන් මෙහෙම ලිවේ මේ අරාබි රටවල් වල වෙන දේවල් දැකලා අහලා.(නදී)
ඉස්ලාම්, ඔබ නියම ලාංකිකයෙක් වගේම නියම ඉස්ලාම් ආගමිකයෙක්. (ස)
එක මිනිහට ගෑනු හත්දෙනා ගානේ අල්ලා මවලා තියෙනවද? මේක අවස්ථාවාදී ආගමක්. නියම ඉස්ලාම් කියලා දෙයක් නැහැ චන්ද්‍රසිරි. (නි)
අනුර, ඉස්ලාම් ආගම කියන්නේ ලෝකයේ පිළිගත් ආගමක්. බොරුවට කෑ ගගහා වීර කතා නොකියා තමන්ගේ ආගමක් තමන් අදහා ගත්තානම් හොද නැද්ද? (නි)
ලංකාවේ ගැහැණුන්ගේ ප්‍රතිශතය 52%යි පිරිමින්ගේ 48%යි. (නි)
ලිපිය ගණිකාවන් ගැන. ඒත් කට්ටිය අදහස් ප්‍රකාශ කරන්නේ, ජාති ආගම ඇදගෙන. මේ විදියට හැසිරෙන්න ගියොත් එකාට එකා වෛරයෙන් ජිවත් වේවි . අපි එසේ සිටිය යුතුද ? (නි)
මේක නීතිගත කළහම ස්ත්‍රී දූෂණ ළමා අපචාර නැති වෙයි. ඒක මේ දේට කැමති කාන්තාවන්ටත් පිරිමින්ටත් සහනයක්. අකමැති අයට කරදරයක් වෙන්නෙත් නැහැ. (නි)
මවගෙන් බිහිවී මවු කිරෙන් පෝෂණයවී මවු සෙනෙහසින් ශක්තිමත්වෙන අසමජ්ජාති නොවන නියම පිරිමින් මවක සොහොයුරියක දියණියක මිනිපිරියක ලෙස අන් කාන්තාවන්ට ආදරය දයාව අනුකම්පාව දක්වනවා මෙන්ම තම බිරිඳවත් පෝෂණය කරමින් ආදරයෙන් සෙනෙහසින් රැකබලාගන්නවා. කාන්තාවන් ඔවැනි තත්වයට ඇදදමන්න සමහර පිරිහිනු පුද්ගලයන් මෙන්ම අවරගනයේ ගෑණුන්ද මුල් වෙනවා. (ස)
අනුමත කරන්න කියන අය දැන් බෞද්ධාගමට අනුවද ඔය කතා කරන්නේ? (නි)
කවුරු කොහොම කිවුවත් සමාජ පිළිල අපේ රටෙන් අතුගාලා දැම්මේ නැත්නම් අපේ ජාතියට බුදු සරණයි! (නි)
කසුන්, චින්තක, තිනුග, ඔයාලගේ වටහා ගැනීම් වැරදි වුණත් මට කරන්න දෙයක් නැහැ (නි)
අනුරාධ. ඔබේ අදහස අනර්ඝයි. එයයි සත්‍ය. මෙම ලිපිය ඔබ සදහන් කල කරුණු ඔස්සේ , නිදසුන් දක්වමින් අවසන් කල යුතුයි.(ස)
මේක මුදල් වැඩිවෙලා මානසික අසහනය නැති කරගැනීමක්. නැතුව අර ගෙවල්වල ඉන්න අහිංසක ගැහැණු පලි නැහැ.නැත්නම් නොහැකියාව.අත්හදා බැලීම්.ජීවිතයට ගොඩ එන්නේ නැහැ. (නි)
සදුන් ගේ කතාව හරි. සේනාව හැම එකකටම ගාවන්න එපා. මොකද ඒ කට්ටිය සමාජය හදාගන්න තල්ලුවක් දෙන්නේ. මේ රටේ මහජනයා පත්කරපු නිත්‍යානුකුලව පත්වුන නායකයන් හා නිතිය රකිනවා කියන අදිකරනයක් හා පොලිසියක් අපිට තියනවා. එයාලා මොකද කරන්නේ? (නි)
ක්ලබ් කොච්චර වැහුවත් වැඩක් නැහැ. වැරැද්ද කරන අය නවතන්න බැහැ. ඒක හීනයක්. සියලුම අනාචාරයේ හැසිරෙන අය, මානසික අසහනකාරයෝ, පෙර අකුසල කරපු අය ඔය කරන්නේ සංසාරේ පුරුද්දට. මේ ආත්මයේ තව පව් රැස් නොකර, අනුන්නට දුක් දෙන, තම බිරිදට, ස්වාමියට බොරු නොකර ඉන්න හිතාගෙන ලස්සන ආදර්ශමත් පවුලක් ගත කරන්න පුරුදක් ඇතිකර ගන්න (නි)
සංජීවිකා ඔයා හොඳ මාධ්‍යවේදිනියක්. තම තමුන්ගේ ආගම් මනසේ හරියට දන්නේ නැති කාණ්ඩය වැඩේ පටලවාගෙන.ඒ වගේම තමුන්ගේ බිරිඳගේ අඩුව කියා තව ගැහැනියක් ලඟට යන්නේ නොහැකියාව වගේම, මානසික පිස්සෝ. සමාජ රෝග ව්‍යාප්ත වන්නේ ඒ මිනිසුන්ගෙන්.පිළිකුල් කරමු ඒ මිනිසුන්. (නි)
මට නම් කියන්න තියෙන්නේ ගණිකාවෝ පස්සේ ගිය එකට නම් ජීවිතයටම ගොඩ ඒමක් නැහැ. (නි)
ගණිකා වෘත්තියේ කිසිම වරදක් නැත. කිසිදු ආගමකින් එය වැරදිය කියා නැත (නි)
කාන්තාවන් තමන්ගේ තත්වය නැති කර ගන්නවා, කවුද මේවාට වග කියන්නොනේ , මම නම හිතන්නේ සමාජයක් හැටියට අපි හැමෝම මේ තත්වයට වග කියන්න ඕනේ (දී)
ගැණුන්ගේ අවයව නිර්මාණය වෙලා තියෙනේ ලෝකේ පැවැත්මට මිසක් සල්ලි හම්බ කරන්න නෙමෙයි. මුන් ඒක කවද තේරුම් ගනීද (ස)
මනුස්සයෙක් උනාම නිදහස තියෙන්න ඕනා. එත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න හොද නැහැනේ. මේකට වග කියන්න ඕනි මේ සමාජේ ඉන්න හැමෝම.(නදී)
අලිඛාන් ඔයාලට මොකද ඔය තරම් සේනාවට බය. ඔයාල වරදක් කරන්නේ නැත්තම් බය නොවී ඉන්න එකනේ තියෙන්නේ. අනික මෙතන තියෙන්නේ සේනාව පිළිබද ගැටළුවක් නෙවෙයි. සමස්ත සමාජයටම බලපාන ගැටළුවක්. ඔයාලගේ ආගමෙන් මෙවැනි දේ අනුමත කිරීම වැනි දේත් මෙයට බලපාල තියෙනවා. එකනේ දැනටත් මැදපෙරදිග සමාජ රෝග ඉතාමත්ම බහුල. හැබැයි අපිට ඒ තත්වෙට පත්වෙන්න කිසිම ඕනේ කමක් නෑ.(නදී)
මේ ලිපියෙන් මිනිසුන්ට රස වැටීමට තියෙන ඉඩ කඩ වැඩියි. මෙහි බරපතලකමත් ඉස්මතු කරන්න . (නි)
සල්ලි තියනවනම් "සැප"....(ස)
දවසට ලක්ෂයක් වියදම් කරන්නේ අපේ බදු සල්ලිද දන්නෙ නැහැ (නි)
ඔය කියන ආකාරයට කාන්තාවන් තමුන්ගේ ස්වාමියාගේ අවශ්‍යතා ඉටුකරන භාන්ඩයක් පමණද? නැත්නම් මොකටද කාන්තාවන් කුමන හෝ දෙයකට ඉවත දමා වෙන කෙනෙකුගේ පහස සොයාගෙන යන්න හිතෙන්නේ. නිකන් හිතලා බලන්න ඔය විදිහට කාන්තාවන් සිතන්න හිටියොත් මොන වගේ දෙයක් වේවිද ? (නි)
මෙම ලිපිය සම්පුර්ණ කර නැත.(නදී)
මහතුන් ,කසුන් ,කාංචන ,මම ඔයාලගේ කතවට එගකයි. සංජීවිකා සමරතුංග, ඔබටත් මම ස්තුති කරනවා මේ ලිපිය ලිවීමට කරුණු සොයාගත්තට. නමුත් පිරිමියා තමාගේ බිරිදටත් ,බිරිද තම ස්වාමියාටත් ආදරය හරියාකාරව කලොත් මේ තත්වය ගොඩක් අඩුවේවී. මේකට කාරණය අධික මුදල් (නි)
අපේ සුන්දර ලංකාවාට මෙම විෂ බීජ අවශ්‍ය නොවේ. (නි)
මේවා නවත්වන්න සේනාවන් නොමැතිද? අනේ මන්දා (නි)
අපි එකිනෙකාට ගෞරව කරන්න පුරුදු විය යුතුයි. නමුත් මින් ඊට අවස්ථාව නොලැබෙනවා නේද? (නි)
අලි ඛාන්, මොකද හැම එකටම සේනාව මතක් වෙන්නේ? දෙවියන් ගැහැණියව මවලා තියෙන්නේ එක දෙයකට විතරක් කියලනේ ඔයාලා හිතාගෙන ඉන්නේ.
මා ළිදේ නම් ළිද මගේ නම් කාටවත් ඇයි වේදනා මෙහෙම තිබ්බේ ලොරියක. (ස)
මේ ලිපිය තුලින් රාත්‍රී සමාජ ශාලා හා ගණිකා ඇසුර පිළිබද විස්තරයක් කර තිබෙනවා. නමුත් මෙවැනි ලිපියක් දැකීමෙන් ඒ සදහා යොමුවීමේ අවදානමකුත් තිබෙනවා. එනිසා මෙහි ප්‍රතිවිපාක, මේ හා සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත වල හටගන්නා අර්බුද පිලිබදව ද දැනුවත් කරන්නේ නම් හොදයි. (නි)
නියමයිනේ (නි)
මමත් ගියොත් යන්නේ චීනෙට තමයි. (නි)
අලිඛාන්, ඔය නෝනලා 7 දෙනා ගාව ඉඳලා නේද ඔය අදහස ලිවුවේ? (නි)
ආගම ගැන දන්නේ නැත්තම් කතා කරන්න එපා කසුන්. අපිට ආගමෙන් අනුමත කර ඇති බහු විවාහය ප්‍රශ්නයක්. හැබැයි හොර ගැහැණු පහක් හිටියට ඔයාලට කමක් නැත. දැන් බලනවකො කවුද ශීලාචාර කියලා (නි)
අපේ එකෙක් දෙන්නෙක් ගෑනු දෙතුන් දෙනෙක් එක්ක හොරෙන් ඉන්නේ. ඔයාලගේ හැමෝටම 7 බැගින් ගන්න පුළුවන්. ඔතන තියෙන්නේ හැදිච්චකමද? (නි)
මොකද මේ කට්ටියක් බොදු බල සේනාව ගැනම කතා කරන්නේ? අරාබියේ ඉන්න ඔක්කොම හොද මිනිස්සුද? සෞදි වල හිරගෙවල් වහලා නැහැනේ ආගමෙන් මොන නීති දැම්මමත්. (නි)
මෙවැනි ලිපි ඉදිරිපත් කිරීමෙන් සමාජයට ලැබෙන්නේ යහපතක්. මිනිස්සු සල්ලි තිබුනට යතාර්තය දන්නේ නැහැ. මෙතනදීත් සල්ලි වියදම් කරන කෙනාට තමයි වැඩි සැලකිලි.(නදී)
මේවා නීති ගත කරන්න ඕනෑ.සින්ගප්පුරුවේ මේක නීතියෙන් අනුමත කරලා තියෙන්නේ.එතකොට දුෂණ අඩුවෙනවා. (නි)
ප්‍රධානම දේ ලිංගිකත්වය පිළිබද පවුලේ කතා නොවීමයි.(නදී)
ජීවා, ඔයත් එතන හිටියද? මම දැක්කේ නැහැනේ (නි)