කුසුම් තම සැමියා නැති සොවින් කොතෙක් ළතැවුණාදැයි අපි දන්නේ නැහැ. මේ සියල්ල අතරේ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඇයට විශාල කැපකිරීම් ප‍්‍රමාණයක් ඉටු කරනන් සිදුවුණා. නිමල් ගෙදර තනිනොතනියට විතරක්ම ඉඳීවි කියලා කුසුම් කවදාවත්ම බලාපොරොත්තු වෙන්න නැතිවෙන්න ඇති.
වීරසේන ගමේ පාසලේ විදුහපතිවරයෙක් අවුරුදු ගණනාවක්ම පාසල්වල සේවය කළ වීරසේන ගමේ පාසලේ විදුහලපතිවරයෙකු ලෙස සේවය කරන්න පටන් අරන් ගතවුණේ යන්තම් මාස 7ක් 8ක් පමණයි.
පාසලේ දුවාදරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔහු කටයුතු කළේ දැඩි උනන්දුවකින් වගේම උද්‍යෝගයකින් හොඳ අධ්‍යාපනයක් ලබාදී දරුවන්ගේ අනාගතය ආලෝකවත් කිරීම ගැන වීරසේන ගොඩක් හිතුවා. ඔහුගේ එකම අපේක්‍ෂාවද එය වුණා.
වීරසේනගේ බිරිඳ තමයි කුසුම්. මේ අඹුසැමියන්ගේ හොඳවැඩ නිසාම ගමේ බොහෝ දෙනාගේ ආදරය ඔවුන්ට ලැබුණා. වීරසේනට දාව කුසුම්ට දරුවන් දෙදෙනෙක් සිටියා.
කාලය කෙමෙන් ගතව ගියා. පාසලේ දරුවන්ගේ දියුණුව බලා ඉදිද්දීම වර්ධනය වුණා. ඒ කතාවට ප‍්‍රස්තෘත වූ 1977, 1978 කාලය ඒ කාලය තුළ භීෂණයේ ගිනිදැල්වලින් ගම්බිම් ඇවිලී ගියා. මිනිසුන් සිය දහස් ගණන් ජීවිත හානියට ලක්වුණා. විශාල ලෙසින්ම විනාශයට පත්වුණේ තරුණයන්ගේ හා තරුණින්ගේ ජීවිතයි.
බිය, සැක සංකා කොයිතරම් තිබුණත් තමන්ගේ දරුවන් දෙදෙනා වගේම අනෙක් දරුවනුත් පාසල් ගියා. අධ්‍යාපනය ලැබුවා. මේ සියල්ල දැකලා වීරසේන වගේම කුසුම්ද සතුටට පත්වුණා.
මේ අතර වීරසේනලාගේ, කුසුම්ලාගේ ජීවිතවලට විශාල වෙනසක් කරපු එක්තරා දවසක් උදාවුණා.
වීරසේන ලියන මේසය මත වාඩිවී ලියකියවිලි කිහිපයක් පෙරළමින් සිටියා. සවස තේ පිළියෙළ කළ කුසුම් තේ කෝප්පය රැගෙන වීරසේන වෙත පැමිණියා.
”කුසුම් අපේ ඉස්කෝලෙට චිත‍්‍ර ගුරුවරයෙක් නැති එක ලොකු අඩුවක්. මම මේ ගැන කීපවතාවක්ම කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වුවා. ඒත් පලක් වුනේ නැහැ.”
”ඒකනම් ඇත්ත” කුසුම් රැුගෙන ආ තේ කෝප්පය මේසය මත තබමින් පැවසුවා.
”ඉස්කෝලෙ ඉන්න පොඩි දරුවො ටික හරි දක්‍ෂයි. ගොඩක් දෙනෙකුට හොඳට චිත‍්‍ර අඳින්න පුළුවන්. හොඳ සර් කෙනෙක් ගෙනල්ලා, හොඳට ඉගැන්නුවොත් අපේ ඉස්කෝලෙ හොඳ තැනකට ගන්න පුළුවන් වෙයි.
අලූත් චිත‍්‍ර ගුරුවරයෙකු ගැන වීරසේන වගේම කුසුම් මවපු හීනය සැබෑ වුණා. චිත‍්‍රවලට අලූතින් ගුරුවරයෙක් පාසලට පැමිණියා. චිත‍්‍ර ගුරුවරයා පැමිණි දවසේ වීරසේනට ඇතිවුණේ පුදුමාකාර සතුටක්. එහු ඒ වෙනුවෙන් පුංචි උත්සවයකුත් ලෑස්ති කළා.
අලූත් චිත‍්‍ර ගුරුවරයාගේ නම නිමල්. ඔහු මේ පාසලට ආවේ පිටිසර ගමක ඉඳන්. ඔහුට නැවතීමට සිදුවුණේ පාසලේ අබලන් වූ ගුරු නිවාසයේ. දින දෙක තුනක් ගතවූ පසු නිමල් පාසල වෙනුවෙන් කැපවී වැඩ කිරීමට හුරුවුණා.
ඔහු ළමුන්ට උගන්වන්න ලොකු උත්සාහයක් දැරුවා. ඔවුන්ව නොයෙක් චිත‍්‍ර තරගවලට යොමුකරන්න කටයුතු කළා. නිමල් මේ හැමදෙයක්ම කළේ වැටුප ගැන හිතලා නෙමෙයි. ඔහුට අවශ්‍ය වුණේ මේ දරුවන්ගේ සහජ දක්‍ෂතා ඔප් නංවන්නයි.
පාසල අවසන් වූ පසු වීරසේන නිමල් නැවතී සිටි ගුරු නිවාසයට ගියා. ඒ වනවිට නිමල් හිටියේ සිතුවමක් වර්ණ ගන්වමින්.
”නිමල් වැඩකද?”
”ආ නෑ.....සර් මම මේ චිත‍්‍රයක් ඇන්ඳ”
”නිමල් මම මේ ආවේ පොඩි යෝජනාවක් කරන්න. වීරසේන නිමල් දෙස බලමින් පැවසුවා.
”ඒ මොකක්ද සර්”
”නිමල් මෙහෙ ඉන්න ඕන නෑ අපේ ගෙදර එන්න. අපේ ගෙදර ඕනතරම් ඉඩ තියෙනවා.”
”අනේ සර් මට මෙහෙ හොඳයි. සර්ලට ඒක කරදරයක්.”
”ඔයා එන්න අපට කරදරයක් නෑ.”
වීරසේනගේ පෙරැුත්තය නිසාම ඒ යෝජනාව පිළිගන්න නිමල්ට සිදුවුණා.
නිමල්ගේ රෙදිපිළි, ගුරු නිවාසයේ තිබූ පොත්පත් චිත‍්‍ර අඳින උපකරණ කට්ටලද රැුගෙන නිමල් වීරසේන මහතාගේ ගෙදර පදිංචියට ගියා.
ඔහුට නවාතැන් මෙන්ම කෑම, බීම සැපයුවේත් ඔවුන්ගේ ගෙදරින්මයි.
එසේ දින, සති මාස ගෙවී යද්දී ඇතැම් දියන්හි නිමල් කුසුම්ට ආහාර පිසින්න පවා උදව් කළා.
තරුණ වියේ සිටි නිමල් පි‍්‍රය මනාප තරුණයෙක්. ඔහු චිත‍්‍ර ශිල්පියෙක් වගේම හොඳ කථකයෙක්.
එක් දිනක් වීරසේන කුසුම් නිමල් ඇතුළු පවුලේ සියලූ දෙනාම කතාබහ කරමින් සිටියදී ඔවුන්ට නොදැනීම ? බෝවී තිබුණා. ඒ නිසා කෑම පිළියෙළ කර ගැනීමට ද නොහැකි වුණා.
ඉන් අනතුරුව අද අපි රෑට කන්න පාන් ගේමු කියමින් වීරසේන මුළුතැන් ගෙට ගියා.
හ්ම්.... ඒකනම් හොඳයි කුසුම් සිනාසෙමින් පැවසුවා. මම එහෙනම් හන්දියෙන් පාන් අරන් එන්නම් කියා. යතුරුපැදියට ගොඩවුණු වීරසේන හන්දියට ගියා.
පරිප්පු සහ පොල් සම්බල් සාදමින් සිටි කුසුම් බිත්තියේ වූ ඔර්ලෝසුව දෙස නෙත් යොමුකළා.
වෙලාව රාති‍්‍ර 9යි.
මල්ලී වීරසේන තාම නෑනෙ. දැන් හංදියට ගිහින් පැයකටත් වැඩියිනෙ.
එය ඇසූ නිමල් සාලය වෙත පියමැන්නා.
කවුරු හෝ කණ්ඩායමක් ගේ අවට සැරිසරනවා නිමල්ට දැනුණා. ඔහු සාලයේ දොර අසලට ළඟා වුණා.
කැරලිකාරයන්ගේ හඬවල්වල දෝංකාරය කුසුම්ගේ සවන් දෝංකාර දුන්නා. ඇය ඉක්මනින් සාලය වෙතට පැමිණියා.
අනේ නිමල් වීරසේනට මොකක් වුණාද දන්නෙ නෑ.
බයවෙන්න එපා අක්කෙ... අයියා දැන් එනවා ඇති.
වෙඩි හඬවල් කෑගැසීම් විලාප දසත පැතිරුණා.
කුසුම්ගේ ගතෙහි මෙන්ම සිතෙහිද දැඩි බියක් හටගෙන තිබුණා. නිමල් සහ කුසුම් එදා රාති‍්‍රය පුරා නොනිදා සිටියා.
පසු දින අලූයම වනවිටත් වීරසේන නිවෙසට ආවේ නැහැ. කුසුම් ඇඬූ කඳුලින් දරු දෙදෙනත් තුරුලූ කරගෙන පාර දෙස බලන් සිටියේ දැඩි සිත් වේදනාවකින්.
පසු දින එළිය වැටෙත්ම ඔවුන් මේ පිළිබඳව පොලිසියට දන්වා සිටියා.
විදුහල්පතිගේ අතුරුදන්වීම ගමේ ලැව්ගින්නක් සේ පැතිර ගියා. ඒ ඇසූ බොහෝ දෙනා ඔවුන්ගේ නිවසට පැමිණියා.
අනේ අපේ පි‍්‍රන්සිපල් සර්ට මොකද වුණේ. මේ පාසල මේ තරම් දියුණු වුණෙත් සර් හින්දා. මේ යක්කු සර්ට මොනවා කළා ද දන්නේ නැහැ.
එහි සිටි ඇතමුන් එසේ කියා සිටියේ සැබැවින්ම වීරසේන මහතා පිළිබඳ ඇතිවූ දැඩි ශෝකය නිසා.
වීරසේනගේ අතුරුදන්වීමෙන් කුසුම් දැඩි අසරණභාවයකට පත්වුණා. ඇගේ අසරණභාවයට දැඩි සේ දුක්වූ නිමල් ඇයව සනසවන්න බොහෝ සෙයින් උත්සාහ කළා.
මේ කාලයේ ගෙදර දොරේ වැඩපළ සියල්ල ඉටුකළේ නිමල්.
කාලය එසේ ගතව යද්දී පාසලට නව විදුහල්පතිවරයෙක් පත්ව ආවා. නිමල් ඒ වනවිටත් හිටියේ කුසුම්ගේ ගෙදර.
පසුගිය කාලයේ වුණු කරදරවලින් තැවි තැවී හිටපු කුසුම්ගේ හිතට යම් සවියක් වුණේ නිමල්.
වීරසේනගේ අතුරුදන්වීමෙන් ටික කාලයකට පසුව කුසුම් හිත දැඩි කරගෙන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. වීරසේනගේ වැටුප මාසිකව කුසුම්ට ලැබුණා.
එසේ දින ගතවෙද්දී වීරසේන අතුරුදන් වෙලා වසර 3-4ක් ඉක්මවා ගොස් තිබුණා. කාලයත් එක්කම කුසුම්ගේ හිතේ නිමල් කෙරෙහි දැඩි කැමැත්තක් ඇතිවෙලයි තිබුණේ. නිමල් කුසුම්ට වඩා අවුරුදු 6ක් පමණ බාලයි.
කුසුම්ගේ ආදරය නිසා නිමල්ට ආවාහයක් කරගැනීමටද නොහැකි වුණා. ඔහු ඇයගේ නිවසටවී දරුවන් දෙදෙනාත් කුසුම්වත් රැකබලා ගත්තා.
කුසුම් තම සැමියා නැති සොවින් කොතෙක් ළතැවුණාදැයි අපි දන්නේ නැහැ. මේ සියල්ල අතරේ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඇයට විශාල කැපකිරීම් ප‍්‍රමාණයක් ඉටු කරනත් සිදුවුණා. නිමල් ගෙදර තනිනොතියට විතරක්ම ඉඳීවි කියලා කුසුම් කවදාවත්ම බලාපොරොත්තු නැතිවෙන්න ඇති. සැමියාගේ අඩුව පුරවාගන්න කුසුම් නිමල්ට ළංවුණු බව ඇයගේ කතාවෙන් හෙළිවුණා.
කුසුම් වගේම දරු දෙදෙනාත් නිමලූත් අද එක ගෙදරක ජීවත් වෙනවා. වීරසේන ගැන මතකය ඔහුගේ දරු දෙදෙනාගෙනුත් ඉවත්වෙලා ගිහින්. පාසල වෙනුවෙන් සමාජය වෙනුවෙන් වීරසේන කළ කැපකිරීම්වලට ඔහුට ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණා.
මේ සියල්ල අතරේ කුසුම් වැරදිකාරියක් ද? නිවැරදිකාරියක් ද? කියන එක හිතන්න ඔබට බාරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයට පිළලයක් වෙලා තියෙන මේ වසංගතය අවම කිරීමට මීට වඩා වැඩි හඩක් නගන්න (නදී)
මේ ලෝකේ සදාකාලික හොඳ සහ නරක කියලා දෙයක් නැහැ. ඒවා මනසින් හදාගත් මායාවන් විතරයි. පවතින්නේ එම අවස්ථාවට ගැළපෙනවද, නොගැළපෙනවද කියන දේ විතරයි. නැත්නම් කොහොමද ඉස්සර හොඳ දේ දැන් නරක් වෙන්නෙත්, දැන් හොඳ දේ ඉස්සර නරක් වෙන්නෙත්? (නි)
මම නම් කියන්නේ කුමන හෝ හේතුවක් නිසාවත් සැමියාගේ සොයුරියක් නොවන සහ බිරිඳගේ පිරිමි සහෝදරයෙක් නොවන පිරිමියෙක් ගෙවල් වල නවාතැන් දීලා පවුලට වද්දාගන්න නරකයි. මේ සිද්ධියේ මෙහෙම වුණාට ගෙවල් වල නවාතැන් ගත්ත පිරිමි ගැහැණු නිසා පවුල් කැඩෙන අවස්ථා එමටයි. මේ මගේ පුද්ගලික අදහස. (නි)
කොතරම් ලිව්වත් වැඩක් නැහැ. කිසිම කෙනෙක් ගෙන්වා ගන්න එපා ගෙදරට. ඒවා පවුල් අවුල්වෙන වැඩ (නි)
නිමල්, වීරසේන පිළිබඳ වැරදි ඔත්තුවක් පොලිසියට දුන්නද? ඒ කාලයේ හැටියට හිතාමතාම අතුරුදහන් කරවලා දාන්න? (නි)
සභා තොමෝ සතුටින් විසිර ගියහ (නි)
ඇය වැරදි නැහැ කියලා මට නම් හිතෙන්නේ (නි)
පිටිගල මහතාණෙනි, මටත් ඕකම හිතුනා. (නි)
ඒ අයගේ ජීවිත ගැන විනිශ්චය කරන්න අපිට තියන අයිතිය මොකද්ද? (ම)
මේවා අද ලෝකයේ කොච්චර වෙනවාද? කවුරු වැරදිද කියලා නම් මම දන්නෙ නැහැ (නි)
භීෂණ කාලය පැවති වකවානුවේදී ඔය වගේ අනාත වුණත් තනිවම තම දරුවන් රැකගත් බොහෝ ආදර්ශවත් කාන්තාවන්ද තවමත් අප රටේ ජීවත්වෙනවා. ඒත් ඔවුන් ගැන කතාකරන්න කවුරුත් නැහැ. (නි)
අනේ මන්ද? නිමල් ආව නිසා නෙමෙයිනෙ වීරසේන මැරුනේ නිමල් අාපු නිසා තමයි කුසුම් ගණිකාවක් නොවී දරුවන්ට හොඳ අම්ම කෙනෙක් උනේ. නිමල්ට හොද බිරිඳක් ලැබෙන්න ඇති. ඒවගේම නිමල් හොඳ පරිත්‍යාගයක් කරලා තියෙන්නේ. (ස)
නිමල් එම ගෙදරට ගෙන්වීම පමණි වැරැද්දකට දකින්න තියෙන්නේ, ඉන් පසු විරසේනගේ අතුරුදහන් වීමත් සමග කුසුම් නිමල්ට ළඟ වීමේ වැරද්දක් දක්නට නැත. (හේ)
මම නම් කියන්නේ නිමල් සහ කුසුම් වැරදි නැහැ කියලයි (නදී)