IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සමහරු නින්දිත ආකාරයෙන් කතා කරනවා

 

‘‘දැන් මම නිදහස්, පසුගිය කාලයේ මම නොකළ වරදකට මඩ ප‍්‍රහාරවලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ ප‍්‍රශ්නය ඔක්කොටම රහසක් වුණේ නෑ. උසාවි ගානෙත් යන්න සිද්ධ වුණා. අන්තිමේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම මම සියලූ දෙයින්ම නිර්දෝෂියි කියලා තීන්දුවක් දුන්නා. මට මඩ ගහන්න, මගේ ගමන අඩාල කරන්න, මාව වට්ටන්න සමහරුන්ට  ඕන වුණා. ඒ හින්දයි මට ඒ සියලූ මඩ ප‍්‍රහාර එල්ල වුණේ. ඒත් ඒ කිසිම දෙයකින් මා සැලූණේ නෑ. මොකද මම නිර්දෝෂියි කියලා දන්න හින්දා. අන්තිමේ දී එය සත්‍යයක් බව ඔප්පු වුණා. මට මඩ ගහපු අයට හොඳ උත්තරයක් ලබා දුන්නේ.”

මේ විදිහට පැවසුවේ ජනප‍්‍රිය රංගන ශිල්පිනියකි. රංගන ක්ෂේත‍්‍රයේ වසර 10ක කාලයක් තිස්සේ නිරත වී සිටින ඇය, මේ දිනවල ටෙලිනාට්‍ය ත‍්‍රිත්වයකින් අපේ ආලින්දයට පැමිණෙන්නීය. ඒ ‘‘ඉස්සරහට යන්න, මිරිඟු දිය’’ හා ‘‘සඳසාවි’’ යන ටෙලි නාට්‍යවලිනි. පසුගිය කාලයේ කාගේත් කතාබහට ලක්වූ මේ රංගන ශිල්පිනිය නමින් උදේනි නදීකාය. උදේනිට ලිංගික බලපෑම්, අයුතු යෝජනා විතරක් නොව ආදර යෝජනා ද හරියට එන බව අපට දැන ගන්නට ලැබුණි. ඒ අතර මරණ තර්ජනත් ඇයට එනවලූ. මේ නිසාවෙන්ම උදේනි සමග අපි අපේ කතාබහ ආරම්භ කළෙමු.

 

ඉතිං උදේනි, ඔයා පසුගිය කාලයේ ප‍්‍රශ්නවලට මුහුණ පෑවා නේද? ඔයාට ක්ෂේත‍්‍රයේ හරියට තරහකාරයෝ ඉන්නවා ද? මම නොකළ වැරැද්දකට පසුගිය කාලයේ චෝදනාවලට ලක් වුණා. නමුත් සත්‍යය ජය ගන්න බව මා දැනගෙන හිටියා. ඒ විදිහටම සත්‍යය ජය ගත්තා. අද මම නිර්දෝෂී තැනැත්තියක්. මම ක්ෂේත‍්‍රයේ කිසිම කෙනෙක් සමග තරහ නෑ. මා දන්නේ නෑ මට තරහකාරයෝ ඉන්නවාද කියලා. හැබැයි ඉතිං මගේ ගමන වළක්වන්න හරි, මම තැනකට එයි කියලා බය වුණ කට්ටියක් තමයි මට ඔය මඩ ප‍්‍රහාර එල්ල කළේ. මම යම් තැනකට එද්දී මීට පෙරත් සමහරු චෝදනා එල්ල කරන්න ආවා. ඒත් ඒවාට මම නිවැරැුදිව මුහුණ දුන්නා. ඒ අයම වෙන්නැති මගේ නම කැත කරන්න ඔය වගේ දේ කරන්න ඇත්තේ. නමුත් ක්ෂේත‍්‍රයේ කිසිම කෙනකුට මගෙන් ලොකු වරදක් වෙලා නම් නෑ.

 

 

 ඒ වුණත් ඔයාට ක්ෂේත‍්‍රයේ අයගෙන් අයුතු යෝජනා බලපෑම් එහෙම එන්න ඇති නේද?
ඇයි නැත්තේ. එහෙම දේවල් ආවා. මම මේ ක්ෂේත‍්‍රයට ආ මුල් කාලයේ දී සමහර අවස්ථාවල එවැනි අයුතු යෝජනා ආවා. ඒ අතරේ විවාහ යෝජනා ආදර සබඳතා පවා ආවා. ගැහැනු අප රවට්ටන්න මුලින් එන්නේ ආදරය ඉල්ලගෙන. ඊට පස්සේ තමන්ගේ ආශාවන් ඉටු කරගත්තට පස්සේ ඒ ආදරය නැති වෙලා යනවා. මම විවාහ වෙලා මේ ක්ෂේත‍්‍රයට ආවේ. මට  ඕනෑ තරම් එවැනි අයුතු යෝජනාවලට එකඟ වෙන්න තිබුණා. නමුත් විවාහක කාන්තාවකට පිරිමින් ළං වෙන්නේ ආදරය කියන එකට නොවෙයි. ඔවුන්ට  ඕනෑ ලිංගිකව අපිත් එක්ක එකතු වෙන්නයි. ඒ හින්දා එවැනි යෝජනා මා තරයේ ප‍්‍රතික්ෂේප කළා.

 


  ක්ෂේත‍්‍රයෙන් පිට අයගෙන් පවා එවැනි යෝජනා ඔයාට එල්ල වුණා කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව?
ඔව්. ක්ෂේත‍්‍රයෙන් පිට අයත් මාව ඔවුන් වෙත නම්ම ගන්න බැලූවා. එවැනි අවස්ථා කිහිපයක්ම ආවා. මම ඔවුන්ට සාධාරණව කතා කරලා, එවැනි දේවලින් ඉවත් වුණා. මොකද මම දන්නවා ඔවුන් ඉල්ලන්නේ මොනවද කියලා. අවුරුදු 10ක් මේ ක්ෂේත‍්‍රයේ ඉන්න මට පිරිමි එනකොටම තේරුම් ගන්න පුළුවන් මොකාටද එන්නේ කියලා.

 

 


  ඒ වගේ වෙලාවට ඔයා කොහොමද ඔවුන්ට ප‍්‍රතිචාර දක්වන්නේ?
මම ඒ වෙලාවට ඔවුන්ට කියා දෙනවා මම විවාහක, ලොකු දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කියල ඔවුන්ට කියනවා. එය තේරුම් ගත්ත අය අදටත් හොඳ හිතවතුන් මෙන් කතාබහ කරනවා. ආදරයක් කෙනෙකුට මා ගැන ඇති වෙන්න පුළුවන්. නමුත් මගේ කැමැත්තක් ඔවුන්ට නෑ. ඉතිං ඒක ඔවුන් වටහා ගත යුතුයි. නමුත් සමහරුන්ට ඒක වැටහෙන්නේ නෑ. විශේෂයෙන් එවැනි අය ඉන්නේ මේ ක්ෂේත‍්‍රයේ පිට අයයි.

 

 


  ඒ අයද ඔයාට SMS හා දුරකථන ඇමතුම්වලින් බලපෑම් කරන්නේ?
ඇත්තෙන්ම එහෙම වෙන්න පුළුවන්. ඒක නම් ලොකුම කරදරයක්. සමහරු මගේ දුරකථන අංකය කොහෙන් හොයා ගන්නවාද දන්නේ නෑ. සමහරු දුරකථනයෙන් ීැං කරනවා. ඒ තරමට නින්දිත අයුරින් කතා කරන්නේ. සමහරු හිතන්නේ අපි නිළියෝ කිව්වාම ගණිකාවන් කියලා. විශේෂයෙන් මහ රාත‍්‍රියේ පවා දුරකථන ඇමතුම් දෙනවා ඔවුන් එක්ක ලිංගිකව හැසිරෙන්න එන්න කියලා. සමහරු ඒ රාත‍්‍රියේ ආදරය කරන්න කතා කරනවා. පුදුම කරදරයක් වෙන අවස්ථා තිබෙනවා.

රසික රසිකාවියෝ දුරකථනයට කතා කළාම අපි ඔවුන්ට ගරු කරලයි කතා කරන්නේ. සමහරුන්ට අපි හොඳින් කතා කළාම හිතනවා  ඕනම දේකටම මෙයාව නම්ම ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතිං ඔවුන් ඒ ආශාව තියාගෙන දිගට හරහට කෝල් දෙනවා. ඒක ඊටත් වඩා කරදරයක්. එවැනි දේවල් නම් මට අහන්න අප‍්‍රමාණ අත්විඳින්න ලැබී තිබෙනවා.

 

 

 

 

 
 
 
 
 

  ඔයාට දුරකථන ඇමතුම්වලින් මරණ තර්ජනත් එල්ල වෙනවලූ නේද?
ඇත්තෙන්ම ඒක නම් ලොකු කරදරයක් වුණා. උසාවියෙන් මා නිර්දෝෂයි කියලා තීන්දුව දුන්නට පස්සේ වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න පාතාලයේ කෙනෙක් කියලා මට හැමදාම දුරකථන ඇමතුම් දෙනවා. ‘‘මාව මරන්න ලක්‍ෂ 10ක කොන්ත‍්‍රාත්තුවක් ඔහු ගත්තලූ. පරෙස්සම් වෙලා ඉන්න කියලා.” මාව බය කරන්න තමයි මේ විදිහට කරන්නේ. ඔහුටත් මා හොඳින් කතා කරලා කිව්වා, ‘‘ඔයාට ලක්‍ෂ 10  ඕනේ නම් මාව මරන්න කියලා’’. ඔහු අපේ ක්ෂේත‍්‍රයේ අයගේ නම් පවා කියමින් ඔවුන් අඳුරන බවත් කියනවා. හැමදාම කෝල් කරනවා. ඒක මාර කරදරයක් වුණා. මාව නොමග යවන්න තමයි ඔහු හැදුවේ. කොහොම හරි මාසයක් විතර එක දිගට කෝල් කළා. දැන් නම් නෑ. වැලිකඩ බන්ධනාගාරයේ කියලා අපේම ක්ෂේත‍්‍රයේ කෙනෙක්ද කොහෙද මට මේ විදිහට කරදර කරන්න ඇත්තේ කියලා මට දැන් හිතෙනවා.

 

 

 


  ඔයා විවාහක කාන්තාවක්. විවාහ කෙනෙක්ට කලා ක්ෂේත‍්‍රයේ දී අයුතු යෝජනා වැඩි වශයෙන් එනවා නේද?
ඔව්. විවාහ වුණු කෙනෙකුට එවැනි යෝජනා එන අවස්ථා වැඩියි. එවැනි කෙනෙකුගෙන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න පුළුවන් නිසා ඔවුන් සිතනවා විශේෂයෙන් නිිළියන් විවාහ වුණාට පස්සේ සමහරු පිරිමින්ගේ නෙත ගැටෙනවා වැඩියි. වරදට පොළඹවා ගන්න අවස්ථාත් වැඩියි.  ඕනෑම කෙනෙකුට,  ඕනෑම අවස්ථාවක වැරැදි කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්.

මට වුණත් එවැනි අවස්ථා නොතිබුණා නොවෙයි. අප ලස්සනට අඳිනවා. ඒ හින්දා සමහර තැන්වල දී කැපිලා පේනවා. ඒක සමහරු වැරදි විදිහට දකිනවා. ඒ වෙලාවට මට දුරකථන ඇමතුම්වලින් අයුතු යෝජනා ඇවිත් තිබෙනවා. ඔවුන් බලන්නේ විවාහක හන්දා ලේසියෙන් තමන්ගේ ආශාවන් අපෙන් ලබා ගන්න පුළුවන් කියලයි. ඒ හින්දා නරක දේ හොඳ දේ ගැන හොඳ අවබෝධයකින් කලා ක්ෂේත‍්‍රයේ අප යා යුතුයි. හැබැයි ඉතිං කොයි තරම් හොඳට හිටියත් සමහරු අපේ නම කැත කරන්න බලාගෙන ඉන්නවා. ඒ  ඕපදුප, කට කතා මිනිස්සු පිළිගන්නවා. නමුත් බොරුවට හැමදාම ආයුෂ නැති බවත් අප දැනගත යුතුයි.

 

 


  ඒ කියන්නේ ඔයා කට කතා  ඕපාදුප විශ්වාස කරන්නේ නෑ කියල ද?
ඇත්තෙන්ම කට කතා කියන්නේ කට කතාවක්නේ. මා කට කතා මගේ මහපටැඟිල්ලේ ගෑවෙන දුවිල්ලකටවත් සලකන්නේ නෑ. මට කට කතා හැදෙන්නේ ක්ෂේත‍්‍රයේ යම් ජනප‍්‍රියත්වයක් මට තිබෙන හින්දයි. ඒක සමහරුන්ට දරා ගන්න බැරි හින්දයි කට කතා පතුරුවන්නේ. පසුගිය කාලයේ මා ගැන නොයෙක් මඩ ප‍්‍රචාර අන්තර්ජාලයේ ‘‘ගොසිප්’’වල තිබුණා. බුද්ධිමත් අය මේ ගොසිප් බලන්නේ නෑ. ඒවා බලන්නේ මෝඩයෝ. මට කට කතා හැදුණා. ඒවා ගැන හොයන්න ගියොත් නැති ප‍්‍රශ්න හැදෙන්න පුළුවන්.

අනික ගැහැනියකගේ ගරුත්වය තබාගත යුතුයි. කට කතාවලින් තමන්ගේ නමට හානියක් වන බව ඇත්ත. ඒ කට කතා අපට නවත්වන්න බැහැනේ. අප කළ යුතු වන්නේ ඒ කට කතා බොරුයි කියලා තමන්ගේ වැඩ කටයුතුවලින් පෙන්වන එකයි. එතකොට මිනිස්සු එය තේරුම් ගනීවි.

 

 


  ඔයා විලාසිතාවලට හරි කැමැතියි. එහෙම කරන්නේ මිනිසුන්ගේ ආකර්ෂණය ලබා ගන්න ද?
එක පැත්තකින් විලාසිතා කරන්නේ ආකර්ෂණයක් ලබා ගන්න තමයි. අනෙක් පැත්තෙන් මගේ සතුට වෙනුවෙන් විවිධ විලාසිතා කරන්න මා කැමැතියි. මා ඇඳුමක් ඇඳලා යන කොට ‘‘ඔයා ඒ ඇඳුමට ලස්සනයි’’ කියලා මිනිස්සු කියනවා නම්, මට හරි සතුටුයි. ඒක මම බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි ඉතිං විලාසිතා කරන්නේ මගේ වයස ගැන හිතලයි. කවදාවත් මම දණිස්සෙන් උඩට ඇඳලා නෑ. ඒ මම ගමේ ගැහැනියක් හින්දා. අඩ නිරුවත, නිරුවත පෙන්වමින් ඇඳලා නෑ. මම දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ ගරුත්වය මා රැුකිය යුතුයි. හැබැයි කොට ඇඳුම් අඳින අයට මා දොස් කියන්නෙත් නෑ. සමහර ළමයින්ට කොට ඇඳුම් හරිම ලස්සනයි.

 

 


  ඔයා මේ දවස්වල ටෙලි නාට්‍ය ත‍්‍රිත්වයක රඟපාන හින්දා හැමෝගෙම වගේ කතාබහට ලක් වෙලා නේද?
ඔව්. ඒ ගැන ලොකු සතුටක් තිබෙන්නේ. පසුගිය කාලයේ මට තිබූ ප‍්‍රශ්නත් එක්ක මාව කොන් නොකර, අත් නොහැර මට ඒ ටෙල ිනාට්‍යවල රඟපාන්න උදව් කළ අධ්‍යක්‍ෂවරුන්ට අනන්ත වාරයක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මගේ දක්‍ෂතාව තේරුම් ගත්තා.

මේ දිනවල ‘‘ඉස්සරහට යන්න’’ ටෙලි නාට්‍යයේ ටානියා නමැති රහස් පොලිස් පරීක්ක්‍ෂිකාවක් ලෙස රඟපානවා. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයේ උදෙනි කියන පාසල් ගුරුවරිය ලෙසත් ‘‘සඳසාවි’’ ටෙලි නාට්‍යයේ ලොකු දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් විදිහටත් රඟපානවා. දවල් වරුවේ මා රඟපෑ ‘‘වසූදා’’ ටෙලිනාට්‍යය නැවත විකාශය වෙනවා. මේ හින්දා ලැබෙන ප‍්‍රතිචාර නම් ඉහළයි. මග තොටේ දී හමුවන අය, නැවත මා ගැන කතා කරන්න පටන් අරන් හින්දා ලොකු සතුටක් මට අද තිබෙන්නේ. මම මැරෙන තුරු ක්ෂේත‍්‍රයේ හොඳ නමක් තබාගෙන දිගටම රඟපානවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව.


 

 

 



අදහස් (0)

සමහරු නින්දිත ආකාරයෙන් කතා කරනවා

ඒ.කේ සේනානායක Sunday, 26 January 2014 05:01 AM

පිරිමින්ටම වැරදි පටවන්න එපා.(නදී)

:       0       0

අරවින්ද Monday, 13 January 2014 10:06 AM

ඔයාගේ උඩම පින්තූරය දිහා බැලුවම පෙනෙනවා ඔයා ඇත්තද, බොරුද කියන්නේ කියලා.(නදී)

:       0       0

මහින්ද ඉතාලිය Sunday, 19 January 2014 01:34 AM

ඒකනම් ඇත්ත ඇඳුම දිහා බලපුවම කියන්න පුලුවන් කව්ද වටපිට අයව අවුස්සන්නේ කියලා.(නදී)

:       0       0

මනෝ Monday, 13 January 2014 02:06 PM

මිනිස්සුන්ගේ මානසිකත්වය විවිද වීම තමා ලොකුම හේතුව.(නදී)

:       0       0

රවින් Saturday, 25 January 2014 05:42 PM

පිරිමි අපිව අවුස්සනේ ඕගොල්ලෝ වගේ අය. වීනිත විදියට සාරියක් ඇන්දල පාරේ බැහැල යනවා නම් කවුරුවත් කැත විදියට බලන්නේ නැහැ. සමාජයේ ජීවත්වෙන්න ඉගෙන ගන්න (අ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 January 2014 09:04 PM

ඔයා කියන කතා ඇත්තද බොරුද කියල දන්නේ ඔයා විතරමයි (දිල්)

:       0       0

ධම්ම Monday, 13 January 2014 03:53 PM

ලිංගික අරාධනා හැම ගැහැණියකටම එන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5124 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site