IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සිරිපා අඩවියේදී ගෙළ වැළලාගත් තැනැත්තා බේරූ අත්භූත ආගන්තුකයා

මුලින් සදෙව් ලොව දෙවියන්ගේ වන්දනාවට පාත‍්‍රවී තිබූ පසු කලෙක රාජ රාජ මහාමාත්‍ය ආදීන්ගේ ප‍්‍රණාමයට පූජාවට පාත‍්‍රවී ඇති අද බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සිද්ධස්ථානය සමනොළ කූටය මුදුනේ වැඩ සිටින බුදු සිරිපතුලයි. අඩි 5729ක් උස්වූ සමනළකන්ද තරණය කිරීම යනු ඈත අතීතයේ නම් ජීවිතය පරදුවට තබා ගිය ගමනකි. දම්වැලක එකට යා වුණු පුරුක් මෙන් රජයත් විවිධාකාර වූ ස්වේච්ඡා සංවිධානත් එකට අත්වැල් බැඳගෙන, වසරකට සිරිපා වැඳ පුදා ගැනීමට එන තිස් ලක්ෂයක් වූ ජනතාවකගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ලක් නොදක්වන්නේ නම් අද පවා එය මාරක ප‍්‍රතිඵල ගෙන දෙන චාරිකාවක් වනු ඇත. ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රීපාද ගමනේ දී බැතිමතුන්ට ආරක්ෂාව සලසා දෙන හිතවතාය. ශ්‍රීපාද වන්දනා සමය ඇරැඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ සිට වෙසක් මස පුර පසළොස්වක පොහෝ දින තෙක් පුරා මාස 6ක් තිස්සේම පොලිසිය බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා සමනොළ කඳු පාමුල සිට මස්තකය දක්වාම විසිරී තම සේවය ලබා දෙයි. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසට ඇමැති ආරක්ෂක අංශයේ සේවය කරන ඒ.ටී. ද සොයිසා මහතා 15 වසරක් තිස්සේ නොකඩවාම සිරිපා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකි. මෙම පොලිස් නිලධාරියා තම සිත්ගත් ශ්‍රීපාද රාජකාරියේ දී ලැබූ විවිධ රසබර අත්දැකීම් සමුදායක මතක සටහන් ඇත්තෙකි. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදිත් ජනශ‍්‍රැතියේ එන අයුරිනුත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ගඳකිළියක් බඳු බුදු සිරිපා පද්මය පිහිටා ඇති සමන්ත කූඨය සමන් දෙවිඳුන් අරක්ගත් උන්වහන්සේගේ ඇල්ම බැල්ම නිරතුරුවම යොමුවී ඇති පුදබිමක් වෙයි. ඒ නිසා තෙරුවන් ගුණ මෙනෙහි කරමින් බැතිමත්ව සංවරව සිරිපා කරුණා කරන බැතිමතුන්ට උපද්‍රවයකින් තොරව ආපසු ඒමට දෙවියන්ගේ පිහිටාධාරය නොඅඩුව ලැබෙන බව ද මෙම පොලිස් නිලධරයා පවසයි. උප පොලිස් පරීක්ෂක සොයිසා මහතා සිය රාජකාරි කාලයේ ලද ආශ්චර්යාත්මක අත්දැකීම් සමුදායෙන් බිඳක් අප සමග පැවැසුවේ මෙසේය. ”මුලින්ම මම ශ්‍රීපාද රාජකාරියට ගියේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසට. පසුව සැරයන්වරයෙකු ලෙසටත්, උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසටත් එම රාජකාරියේම යෙදුනා. මා ශ්‍රීපාද රාජකාරියේ වැඩි කොටසක් ඉටු කර ඇත්තේ ස්ථාන බාර පොලිස් නිලධාරියා ලෙසටයි. 2003 වසරේ ශ්‍රී පාද කඳු මුදුනේ හැටන් මාර්ගයේ නාය යාමක් සිදු වුණා. මේ නාය යාම සිදු වූයේ බැතිමතුන් ශ්‍රීපාද කඳු මුදුනට ගෙන ගොස් පහළට විසි කරන පොලිතින් කවර සහ පෝර උර නිසා. මෙසේ පහළට විසි කරන පොලිතින් ගල් පර අතර සහ ගල් මත රැඳී ඒවා මත ගස් පැලවෙනවා. ඒ ගස් ඉදිරී ගස් සමග ලිස්සා ඒම තමයි මෙම නාය යාමට හේතු වුණේ. මළුව අසළ සිට ඇහැළ කණුව ප‍්‍රදේශය දක්වාම මෙම නාය යාම සිදු වුණා. එම නාය යාමෙන් බැතිමතෙකුට හෝ කඩයක හෝ සිටි කිසිම කෙනෙකුට අබමල් රේණුවක තරම්වත් හානියක් වුණේ නැහැ. ඒක විශ්මයජනක සිදු වීමක්. ඒ අවස්ථාවේ උදෑසන ඉර සේවය බලා ගන්න බැතිමතුන් විශාල සංඛ්‍යාවක් රැුස්ව සිටියා. ඉර සේවය අවසන්වී ඉඳිකටුපාන ප‍්‍රදේශයේ බැතිමතුන් ඉහළට හා පහළට යාමට පටන් ගන්නවා. ඒ අවස්ථාවේ තමයි මෙම නාය යාම සිදු වුණේ. ගස් ගල් කඩා ගෙන සැතපුම් කාලක් පමණ දුරට මෙම නාය යාම සිදු වුවත් කිසිම බැතිමතෙකුට එයින් හානියක් වුණේ නැහැ. එය හාස්කමක් ලෙසයි මා දකින්නේ. තවත් දිනයක සම්බුදු සිරිපා නමැති සඟරාවට ඡායාරූප ගැනීම සඳහා ඡායාරූප ශිල්පියෙකුත් සමග එහි කර්තෘ මණ්ඩලය ශ්‍රී පාදයට පැමිණ සිටියා. මා හැරමිටිපාන පොලිස් මුරපොළේ සිට ශ්‍රීපාද පොලිස් මුරපොළ දක්වා ඒ අය සමග යාමට සූදානම් වෙන අවස්ථාවේ තිබුණේ සම්පූර්ණයෙන්ම අමුතුම කාලගුණයක්. හැරමිටිපානේ සිට මකර තොරණ හරහා ශ්‍රීපාද මළුවේ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව ඡායාරූප ශිල්පී නිමල රංජිත් යන අය මගෙන් ඇසුවා, සොයිස මහත්තයා අයිස් වැස්සක් හෙම දැකල තියෙනවා ද කියා. මෙය වුණේ 1991 අවුරුද්දේ පමණ. මම ඔහුට කිව්වා, මගේ රාජකාරි කාලය තුළ අයිස් වැස්සක් වැහැල නැහැ, මම දැකලවත් නැහැ කියා. ඊට පසු හැරමිටිපානේ සිට සිරිපා මළුවට නගින අවස්ථාවේ ආඬියාමළ තැන්නෙදි විශාල වැස්සක් ඇද හැළෙන්නට පටන් ගත්තා. ඇහළකණුව කඬේ ළඟින් කොහොමටවත් යාමට බැරිවූ නිසා අපි ඒ කඬේ අසළ නතරවී සිටියා. එසේ සිටින විට මගේ ඇඟට මොනවාදෝ ගල් කැට වගේ දෙයක් වදිනවා දැනුනා. මා එය එතරම් ගණනකට ගත්තේ නැහැ. රාති‍්‍ර කාලයේ දී සිරිපාදය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ දී ඡායාරූප ශිල්පියා මගෙන් ඇසුවා, මෙහි තිබෙන අනුහස් ඔබතුමා අදවත් දැක්ක ද කියා. මම ඇහුවා මොකක් ද කියා. එවිට ඔහු කිව්වා ඇයි මතක නැද්ද දවල් වැහැපු අයිස් වැස්ස කියලා. අවාරේ සිරිපාදේ ගිය ගමනත් මගේ ජීවිතයේ අමතක නොවන සිදු වීමක්. ඊට හේතුව තමයි අවාරේ ශ්‍රීපාදය නැගීමට අවශ්‍ය කාලගුණය අපට ලැබීම. අවාරයට හසු වෙන කාලය තමයි මැයි පෝයෙන් පසු දෙසැම්බර් පොහොය අතර කාලය. අවාරයට ශ්‍රීපාද මළුවේ ඉන්නේ මුරකරුවන් දෙදෙනෙකු පමණයි. අපි අවාරයේ ශ්‍රීපාදයට ගියේ ”අවාරයේ සිරිපාදේ” නමැති රූපවාහිනී වැඩ සටහන නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ශිල්පීන් කණ්ඩායමක් සමගයි. 91-92 වර්ෂවලින් එකක් බවයි මට මතක. ඒ කාලයේ රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසට කටයුතු කළේ සහකාර පොලිස් අධිකාරි බන්දුසේන මහතා. ඒ මහතා මාව නිර්දේශ කළා අවාරේ සිරිපාදේ ගමනට සුදුසුම මග පෙන්වන්නා ලෙසට. අන්න එහෙමයි මම නොයන ගමන සිරිපාදේ වැඩ සටහනට සම්බන්ධ වුණේ. ඒක සිරිපාදේ පිළිබඳව ඉතිහාසයේ සඳහන් ස්ථාන පිළිබඳව ගවේෂණාත්මක වැඩ සටහනක් ද වුණා. ඉලූක්වත්ත හරහා යා යුතු නිශ්ශංකමල්ල රජතුමාගේ උයන. ඒකේ තිබුණු ගල් කණු ආදියත් රුගත කළා. මෙම ගමනට මා පැමිණියා යැයි යන ආරාංචියට රත්නපුර සුප‍්‍රසිද්ධ කවියකු වන (දැන් මිය ගොස් ඇති) පලාබද්දල පේ‍්‍රමරත්න කවියාත් පැමිණ අපගේ නඩයට එකතු වුණා. අවාරයේ සිරිපාදේ යනවා කියන එක මහජනයා පිළිගන්නේ යන්න බැරි අයහපත් කාලගුණයෙන් පිරි අධික වර්ෂාව සහ දැඩි ශීතලෙන් යුක්ත වූවක් ලෙසයි. අපි ගමන පටන් ගන්නා විට තිබුණේ වියළි කාලගුණයක්. නමුත් අන්තිමේ දී අපිට ස්වාභාවික කාලගුණය අත්විඳීමට ඉඩ ලැබුණා. ඒ කාලගුණය කොච්චර දරුණු ද කිව්වොත් අපට ලිහිණිහෙලේ සිට මළුවට යාමට දින තුනක් ගත වුණා. හැරමිටිපානේ දී කැමරා ශිල්පීන් කිව්වා මේ වැස්ස කැමරාවලට හරි නැහැ. ඒ නිසා ආපසු යා යුතුයි කියා. ඒ පාර මම කිව්වා මේ සිරිපාදේ හාස්කම් තිබෙන තැනක්. අවාරේ සිරිපාදේ කියන වැඩ සටහනටයි ඔයගොල්ලො ඇවිත් ඉන්නේ. ඒ නිසයි මේ වර්ෂාව දෙන්නේ. මේක ඒ විදියටම කැමරාගත කරලා මහජනයාට පෙන්වන්න කියා. එහෙම නැතුව මේකේ වැදගත්කමක් නැහැ කියලත් මම කිව්වා. ඒ අනුව වැඩ සටහන් නිෂ්පාදක අනුර තන්තිරිගේ මහතා සමග කළ සාකච්ඡාවකින් පසු ධාරානිපාත වැස්ස සහ දරුණු සීතල නොතකා එදිනම මළුව දක්වා යාමට අපි තීරණය කළා. ඒ ගිය ගමනේ දී හමුවන සෑම ස්ථානයකදීමත් සතර මහා ගංගාවෝ පටන් ගන්නා ස්ථානයේදීත් අපේ කවියා හිටිවන කවි කිව්වා. ශ්‍රීපාද මළුවට ආසන්න ගජමංසල නමැති ස්ථානයේ දී අප පේ‍්‍රමරත්න කවියා කියූ කවියක් මට තවමත් මතකයි. මෙන්න මේකයි ඒ කවිය.   වාරෙට අවාරෙට ඇත වල් අලි     රෑන මේ පැත්තේ සිටිති කරගෙන රජ     දහන සිරිපා පද්මයයි අර ඈතට     පේන ගජමංසල කඬේ ළඟ නවතින්නට      ඕන   අවාරේ සිරිපාදේ කියන ඒ රූපවාහිනී වැඩ සටහන කොච්චර ජනපි‍්‍රය වුනා ද කිව්වොත් පස්සේ ඒකට උණ්ඩා අභිනන්දන සම්මානයත් හිමි වුණා. මම තවත් සිද්ධියක් කියන්නම්. 2002 වර්ෂයේ දවසක මම ශ්‍රීපාද පොලිස් මුර පොළේ රාජකාරි කරමින් සිටියා. එදත් අධික වර්ෂාව සහිත දවසක්. ඔය අතර අවුරුදු 45ක තරම පුද්ගලයෙක් පොලිසිය දෙසට එමින් සිටියා. ඔහු ළඟට එන විට මම දැක්කා ඔහුගේ බෙල්ල වටා කිසියම් වයිරමක් වැනි දෙයක් තිබෙන බව. පොලිස් නිලධාරියෙකු වශයෙන් මා සතු දැනුම සහ පළපුරුද්ද මත මම දන්නවා ඒ ආකාරයේ ලකුණක් බෙල්ල වටා ඇති වෙන්නේ ගෙල වැළලාගත් අයෙකුගේ බව. මම මේ පුද්ගලයාගෙන් ඇසුවා ඔබ කලින් කවදා හෝ දවසක බෙල්ලේ වැළ දාගත්ත ද කියා. ඒ පාර ඔහු මට කිව්වා, ”සර් මේක අත්භූත කතාවක් කියල හිතයි. මම මේ දැන් ටිකකට ඉස්සර වෙලා බෙල්ලේ වැල දාගත්තා කියා. මම ඔහුගෙන් විස්තරය ඇහුවා. ඔහු මට කිව් කතාව අනුව ඔහු බම්බලපිටියේ පදිංචි ති‍්‍රරෝද රථ තුනක හිමිකරුවෙකි. ඔහුට තනිවම සිරිපාදය වැඳ පුදා ගැනීමේ අදහසක් පහළ වෙලා. ඒ අනුව මේ ගමන පැමිණ තියෙනවා. ඒ එන අතරවාරයේ දී සිය දිවි නසා ගැනීමේ අදහසක් ද ඔහුට ඇති වෙලා තියෙනවා. ඒ අදහස මුදුන්පත් කරගැනීම සඳහා ඔහු අතරමගදි නිල් පැහැති නයිලෝන් කඹයකුත් අරගෙන ඇවිත්. ඔහු ඇවිත් තිබුණේ එරත්න මාර්ගය ඔස්සේ. ඔහු හැරමිටිපාන පොලිස් මුරපොළට සැතපුම් 1/2ක් පමණ ලිහිණිහෙළ දෙසට තිබුණු ගසකට නැග බෙල්ලේ වැලලාගෙන සිය දිවි හානි කරගැනීමට තැත් කිරීමේ දී ලණුව මැදින් කැඞීම නිසා බිම ඇද වැටී උත්සාහය වැරැුදී තිබුණා. පසුව මේ මිනිහා දෙවැනි වරටත් එල්ලිලා මැරෙන්න හිතාගෙන ලණුවත් අරගෙන ගසට ගොඩ වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේ මෙයාගෙ කණට කවු ද කොඳුරලා කියනවලූ, උඹ පළමු වන වතාවේ මැරෙන්න හදන කොට බේරුවා. දැන් මේ වතාවෙත් ඒකම කරගන්න හදනව ද? පිස්සු වැඩ කරගන්න එපා ජීවත්, වෙන එක ලොකුයි. ආයිත්  ඕක කරගන්න එපා කියලා. අන්න ඒ වෙලාවෙ තමයි ඒ මනුස්සය ඒ අදහස අත්හැරලා කෙළින්ම මළුව වැඳ පුදාගන්න ආවෙ. ඔහු මට ඒ නිල් පාට නයිලෝන් ලණු කැබැල්ලත් පෙන්නුවා. ඉතින් මම ඔහුට හොඳින් සංග‍්‍රහ කරලා මළුවේ පූජාවක් පවත්වලා පද්මයට නමස්කාර කරවලා ආපසු පිටත් කර හැරියා. කරුණාවයි, කරුණාවයි, ශ්‍රීපාද මළුවේ රාජකාරිය කරන කොට අමුතුම වාග් මාලාවක් පොලිසියටත් තිබිය යුතුයි. එතනදි බැතිමතුන්ට සරිලන අන්දමටයි පොලිසිය හැසිරෙන්නේ. රාජකාරිය දේවකාරියක් ලෙසට කළ යුතු ස්ථානයක් තමයි ශ්‍රීපාදය. ඇතැම් විට නොහික්මුණ තරුණයන් පැමිණ මළුව තුළ අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරගන්නවා. එබඳු අවස්ථාවල දී පොලිසිය ඔවුන් හසුරුවන්නේත් ඔවුන් සමග කතාබස් කරන්නේත් බැතිමතුන්ට සරිලන අන්දමේ විනීත වචන මාලාවකිනුයි. එහෙම නූනොත් ඒ දෙස බලා සිටින අනෙකුත් බැතිමතුනුත් කලකිරීමට පත් වෙනවා, සොයිසා මහතා කීවේය.

රත්නපුර විශේෂ - වනිගසේකර බණ්ඩාර
උප පොලිස් පරීක්ෂක  ඒ.ටී. ද සොයිසා



අදහස් (0)

සිරිපා අඩවියේදී ගෙළ වැළලාගත් තැනැත්තා බේරූ අත්භූත ආගන්තුකයා

නිරෝෂ් විහග දිලුෂ Tuesday, 20 November 2012 04:22 PM

නූතන සමාජයේ අනුහස් සහ හාස්කම් පිලි ගන්නෙ නැති කාලෙක මේ වගේ වැදගත් පුද්ගලයෙක් අත්විදි සත්‍ය සිදුවීම් පෙල ප්‍රකාශ කිරීම මුළු සමාජයටම බුදු දහමේ වටිනාකම බලය අනුහස් හාස්කම් හොදින් වැටහේවි.. එය මැනවින් අවබෝධ වේවා.!(නු)

:       0       0

නිලන්ත Saturday, 24 November 2012 02:02 AM

බුදු ගුණ අනන්තයි. (නි)

:       0       0

තුෂාර Friday, 30 November 2012 09:32 AM

සිරිපාද වන්දනා සමය තව ටික දිනයකින් පටන් ගන්නවා. අද්භුත ගල් ගුහාවක් තියනවා. 2009 ගිය විදියට තව කවුරුහරි කටිටයක් ගිහින් බලන්න.(ස)

:       0       0

ප්‍රියන්ති Wednesday, 14 November 2012 11:53 AM

ඇත්තටම මේ වගේ අවංකව වැඩකරන මහත්තුරු ජාතියේ වාසනාවක්. සර් මට ඔබ ගැන ආඩම්බරයි. ඔබතුමාට බුදුසරණයි.සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා.(ස)

:       0       0

ඉෂාන්ත Tuesday, 20 November 2012 12:14 AM

හොඳ ලිපියක්,මේ ලිපිය හරිම වැදගත්. (නි)

:       0       0

ආනන්ද Saturday, 24 November 2012 07:32 AM

සිරීපාදේ යන්න ඕනෑ ශ්‍රද්ධාවෙන්. (නි)

:       0       0

උපුල් Saturday, 17 November 2012 03:54 AM

හාස්කම් කියන්නේ මේවා තමයි

:       0       0

සුජිත් Wednesday, 21 November 2012 10:40 AM

පුදුම සහගත සිද්දි

:       0       0

සරත් Thursday, 15 November 2012 01:01 PM

ඔබතුමාට තව තව වැඩ කරන්න දිරිය ආයුෂ පතමි (ස)

:       0       0

චානක Tuesday, 20 November 2012 05:24 AM

සමන් දෙවියෝ ජීවමානයි. (නි)

:       0       0

නීල් Friday, 16 November 2012 04:34 PM

මේ ලිපිය හරිම වැදගත් .මෙවැනි සිදුවීම් ඇත්තම ඒවා...මාත් ගොඩක් අහලා තියෙනවා (ස)

:       0       0

දුමින්ද Wednesday, 14 November 2012 05:30 AM

සර්, මට ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

චින්තක Monday, 12 November 2012 12:02 PM

සිරිපා අඩවිය ලෝක උරුමයක්...(ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 03:06 PM

මෙවැනි ලිපි බොහොම වැදගත්. (නි)

:       0       0

රෝහන් Thursday, 08 November 2012 08:26 AM

සාධු !! සාධු !! (ස)

:       0       0

අමිල Friday, 23 November 2012 12:49 PM

ගොඩාක් හොද ලිපියක්. මම කැමති ඒකට (දී)

:       0       0

ඉරේෂා Tuesday, 13 November 2012 10:44 AM

හොඳ ලිපියක් (ස)

:       0       0

ශාන් Friday, 16 November 2012 11:35 AM

ගොඩක් වැදගත් ලිපියක් (ස)

:       0       0

නිමේෂ් Thursday, 08 November 2012 02:52 PM

ගොඩක් හොඳ ලිපියක් .මම ගොඩක් කැමතියි මේ ලිපියට (ස)

:       0       0

මාධව Monday, 12 November 2012 01:44 PM

බොහොම වැදගත් ලිපියක්. (නි)

:       0       0

නන්දන Wednesday, 21 November 2012 11:08 PM

මට සිරිපා අඩවියේ හාස්කම් පිළිබද තවත් ලිපි කියවන්න ආසයි. (නි)

:       0       0

චානක Wednesday, 14 November 2012 09:04 AM

ඔබ වගේ අයට මේ වගේ තැනක සේවය කරන්න ලැබීම ලොකු පිනක් පදිසන් දීමක්.. මේ වගේ තොරතුරැ ලබා දීම ඊටත් වඩා ලොකු පිනක්.. දවසක බුදුදහම ලෝකෙම බබලනවා.. හැමෝම ඇත්ත තේරුම් ගනී.. සාදු සාදු සාදු..!(නු)

:       0       0

ගාමිණි Friday, 09 November 2012 07:53 PM

මේ ලිපිය බලාවත් සිරිපා කරුණාකරන විට සංවර වෙන්න. (නි)

:       0       0

දම්මි Sunday, 18 November 2012 02:45 PM

වෙන්න පුළුවන්

:       0       0

නුවන් Wednesday, 21 November 2012 12:54 PM

අනුහස් නැහැ කියලා කාටවත් කියන්න බැහැ

:       0       0

ධර්ම Sunday, 18 November 2012 02:56 PM

මේ වගේ ලිපි ඉදිරිපත් කරල අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි ! (නි)

:       0       0

නිමල් Thursday, 15 November 2012 03:52 PM

මෙවැනි අය රටට වගේම ජාතියටත් ආඩම්බරයක්..තව තවත් ඔබතුමාට දීර්ඝායු පතමි..

:       0       0

ගාමිණී සිරිවර්ධන Saturday, 10 November 2012 06:34 PM

කර ඇති සේවයට තවත් තරුවක් දුන්නනම් අගෙයි..!(නු)

:       0       0

වෙනුර Friday, 09 November 2012 08:34 AM

මුලු ලෝකයටම දෙවැනි නොවන බුදු පහස ලැබූ ස්ථානයක්. (නි)

:       0       0

හේමා Thursday, 08 November 2012 11:37 AM

අපේ බුදුන් අපි වදින්න. සමන් දෙවිදු පිහිට වෙන්න. බුදු සරණයි දෙවි පිහිටයි (ස)

:       0       0

දුෂාන් Tuesday, 20 November 2012 03:13 PM

සිරිපාදේ සමනල කන්ද පෙනේ (ස)

:       0       0

මේනක Monday, 19 November 2012 08:53 PM

අපට ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

සරත් Wednesday, 21 November 2012 09:36 AM

විශ්වාස කල හැක අනුහස් ඇති ප්‍රදේශයකි

:       0       0

සම්පත් Friday, 23 November 2012 11:16 PM

වැදගත් ලිපියක්. (නි)

:       0       0

මල්ලිකා Friday, 09 November 2012 09:32 AM

සකල සත්වයන්ටම සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිට හා අරක්ෂාව ලැබෙවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 165 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 580 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 158 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 148 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 344 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 664 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site