IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සිරිපා අඩවියේදී බේකන් කා මත්පැන් බිව් සුද්දාගේ නින්දට වනසතුන්ගෙන් බාධා

සිරිපා අඩවියේ හාස්කම් නිසා සමන් දෙවිදුන්ට ඉමහත් භක්තියක් බෞද්ධ ජනතාවගේ අදටත් ඇත. සංකීර්ණ නොවූ අතීත ජන සමාජයේ දී සිරිපා අඩවියට හෙවත් හිමේට කවුරුන් හෝ පා තබන්නේ නම් කට වරද්දා නොගැනීමට වගබලා ගත්හ. ගමේ ගොඬේ කඬේ පිලේ කටමැත දෙඩවූවන් පවා සිරිපා හිමේ කරුණා කරද්දී තම කට පරිස්සම් කරගන්නට කටයුතු කළේ මේ අඩවියේ අනුහස් ගැන හො`දින් දැනගෙනය.මීට වසර එකසිය පනහකට පෙර දී සිරිපා කරුණා කිරීම අතිශයින්ම බැරෑරුම් කටයුත්තක් විය. ආඩියාමළතැන්න තෙක් යන මග තිබූ බාධක ජයගෙන යාහැකි වුවත් එතැන් සිට සිරිපා මලූව දක්වා යන ගමන ජීවිතයත් මරණයත් අතර සටනක් වැනිය. කෙනෙකු තුළ ඇති භක්තිය සහ ශ‍්‍රද්ධාව නිසාම මෙම දුෂ්කර මග ගෙවා මලූවට කරුණා කරතියි විශ්වාසයක් එදා පැවතුනි.මහගිරිදඹය ලෙස හැදින්වෙන මෙම කොටස අදනම් ගල්පඩි බැද අත්වැල් බැද පහසුවෙන් යාහැකි ලෙස තනා තිබේ. නමුත් ඒ යකඩ දම්වැල්වල එල්ලී යකඩ ඉනිමංවල නැගී යා යුතු ගමනක් විය. රත්නපුර පාරේ ඇහැළකනුව අසලින් ඉහළට නගින්නට එදා තිබුනේ ඉතාමත් අවදානමකි. යකඩ ඉනිමග ඔස්සේ නගින්නට බහින්ට තිබූ අතර හො`ද කාලගුණ තත්ත්වයන් තිබුණොත් බාධාවකින් තොරව ගමන් කරන්නට හැකිවිය. අධික සුළගද ඇතැම් අවස්ථාවල ගමනට බාධා ගෙන දුන්නේය. අවස්ථා කිහිපයකම මෙම ස්ථානයෙන් පහළ මහා ප‍්‍රපාතයට වැටී කිහිපදෙනෙක්ම මියගිය බවට සිරිපා සංචාරය කළ දේශගවේශකයන්ගේ සටහන්වල දැක්වේ. 1817 වර්ෂයේ දී දෙදෙනෙකු එතැනින් පහළට වැටී ජීවතක්‍ෂයට පත්වූ කතා පුවතක් ආචාර්ය ඬේව් විසින් කළ සටහනක දැක්වේ. 1944 දී කිංස්ටන් නමැති යුරෝපීය ජාතිකයා ප‍්‍රමුඛ පිරිසක් සිරිපා කරුණාකරද්දී මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් ගැන පසුකලක විලියම් ස්කින්ස් සටහන්කර තිබුනේ ඔහුගේ ‘‘ඇඩම්ස්පීක්’’ පොතේය.සිරිපා අඩවිය ගැන බෞද්ධයන් දැක්වූ ඇතැම් විශ්වාස බටහිර රටවල ජනතාව විශ්වාස නොකළහ. එකල මේ රට පාලනය කළ ඇතැම් සුදු පාලකයන් සිරිපා කරුණා කරන්නට ඇති ආශාව නිසා එහි පැමිණිය ද ඔවුන් තමන්ගේ සුපුරුදු චාරිත‍්‍ර අත්නොහැරියේය.මේ නිසා මත්පැන්, මාංශමය ආහාර ආදිය සිරිපා අඩවියට රැුගෙන යාමට ඔවුන් අමතක නොකළහ. කිංස්ටන් මේ සිරිපා ගමනේ දී තම ප‍්‍රයෝජනයට බ‍්‍රැන්ඩි සහ බියර් වැනි පිටරට නිෂ්පාදිත මත්පැන් වර්ගද බේකන් ද රැුගෙන ගොස් තිබුණි. මේවා සිරිපා අඩවියට අකැප දේවල් යැයි ඔහුට කියන්නට එදා ඔහුගේ ගමනට එක්ව සිටි අතවැසියෝ බියවූහ.පිරිස පලාබද්දල පාරේ දියබෙත්මේ තිබූ අම්බලමේ එක් දිනක් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගෙන තිබුණේ එතැනට එනවිට සවස් වී තිබූ නිසාය. මේ අම්බලමේ මැස්සක් කිංස්ටන්ට අලූතින් සාදා තිබුණි. ඔහු බේකන් සමග පාන් කෑල්ලක් කා බ‍්‍රැන්ඩි ටිකක් පානය කර නින්දට යන්නට මැස්සේ වැතිරුන ද රාත‍්‍රිය පුරාම ඔහුට නොයෙක් විකාර ශබ්ද මෙන්ම රූප ද පෙනෙන්නට විය.ඔහු සමග ගමනට එක්ව සිටි අතවැසි සියලූ දෙනා අම්බලමේ ගෙබිම මත තද ශීතලේ ගුලිවී ගොර අදිමින් නිදද්දී කිංස්ටන් මැස්සේ ඒ මේ අත පෙරළෙන්නට විය. නින්ද යාගෙන එද්දී අම්බලමේ බිත්තිය එහා පැත්තේ වල් අලින්ගේ හ`ඩින් තිගැස්සී අවදිවෙයි. අම්බලමක් නිසා දොර ජනෙල් එහි නොවීම  කිංස්ටන්ගේ බිය තවතවත් වැඩි වන්නට විය. කල්පනාවේ සිටියදී යළිත් යන්තම් දෑස් පියවෙන විට ඔහු තිගැස්සි අවදිවූයේ චීටාගේ හඩ ඇසීමෙනි. මේ ආකාරයට කැලෑ බළලූන් වලි කුකුල්ලූ හා වෙනත් සතුන්ගේ කෑ ගැසීම් නිසා කිංස්ටන් එදින රැය පහන් කළේ නිදි වර්ජිතවය. මේ හඩවලට ඔහු කොතරම් බියවීද යත් ඔහුගේ බස්තම අත ආසන්නයේ තබාගෙන මැස්සේ වැතිර සිටියේය. නමුත් ඔහුගේ අතවැසියන් කිසිවෙකුටත් මේ ශබ්ද නොඇසී තිබූ අතර ඔවුන්ට හොදින් නින්දගොස් තිබුණි.ඔහු සමග ගිය සෙසු අතවැසියන් කීවේ සිරිපා අඩවියේ අකැප දේවල් අනුභව කිරීම විකාර පෙනෙන්නට හේතුවක් වන්නට ඇතිබවයි. මේ අතර සිරිපා අඩවියට ආසන්නව යම් වැදගත් පුද්ගලයෙක් ජීවත් වෙද්දී යමෙකුට රාත‍්‍රියේ තුන්වරක් මහා හඩක් ඇසුනොත් එකී වැදගත් පුද්ගලයාගේ මරණය සිදුවන බවට දැනට වසර එකසිය පනහත් දෙසීයත් අතර කාලයක විශ්වාසයක්ව පැවතිනි. 1836දී  ශ‍්‍රීපාදස්ථානාධිපති ගාල්ලේ නාහිමියගේ සහ 1858දී ශ‍්‍රීපාදස්ථානාධිපති හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ අපවත්වීම්වලට දින කිහිපයකට පෙර මෙවැනි හඩවල් ඇසුන බවත්  ජනප‍්‍රවාදයේ එයි. සිරිපා අඩවියේ දී සමන් දෙවිදුන් හෝ බුදුදහම නොපිළිගන්නා අයට විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවේ. ඒවා ජීවිත හානි නොවුණත් ජීවිතයේ මතක හිටින පාඩම් බව සිරිපා අඩවිය අවට ගැමියන්ගේ විශ්වාසයයි.යටත්විජිත සමයේ පලාබද්දල පාරෙන් සිරිපා කරුණා කරන්නට ගිය රට පාලනය කළ යුරෝපීයයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට වූ අකරතැබ්බක් ගැන ජනප‍්‍රවාදයේ එයි. මේ කතාපුවතට වසර එකසිය පනහකට වැඩි මිස අඩු නොවන්නට ඇති බව විශ්වාසයයි.දින ගණනාවක් පයින් පැමිණි මේ පිරිස අත තිබූ ආහාරවල මාංශ වර්ග අවසන්වී තිබුණි. මේ ගැන නිතර නිතර ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කරමින් සීතගගුලට ආ පිරිසට සීතගගුලේ දියේ සිටින විශාල කකුලූවන් දැක උන් අල්ලාගෙන කෑමේ ආශාවක් ඇතිවී තිබේ. කකුලූවන් ඇල්ලීම හොද නැති දෙයක් බවත් ඔවුන්ට දන්න ඉංග‍්‍රීසියෙන් ඔහු සමග ගිය පිරිස ඒත්තු ගැන්වීමට ගත් උත්සාහය ඵලක් නොවීය. සුද්දෝ කකුලූවෝ අල්ලා ඔහු සමග ගිය පිරිස ලවා පිසීය. කකුලූවන් ආහාරයට ගන්නට පෙර සීතගගුලෙන් දිය නාන්නට අවශ්‍ය විය. වන්දනා සමයක් වූ නිසා සීතගගුලේ බැතිමතුන් පිරිස වැඩිවිය. එක් සුද්දෙක් බැතිමතුන් දිය නාන වළටත්, පඩුරු බදින වැල්වලට උඩින් පිහිටි වළට ගියේ දිය නාන්නය. ඔහු සමග සහායකයෙක් ද ගියේය. දියට බැස්ස ඔහුට සිදුවූයේ මහා අකරතැබ්බකි.දනක් වතුර ඇති තැනකට බැස්සද ඔහුගේ පය ටික ටික ලිස්සා ඉන වටක් වතුරට ගිලී ගියේය. සුද්දා ලිස්සන නිසා සහායකයා ඔහුට අතදී උඩට ගන්නට උත්සාහ කළේය. සුද්දාගේ ඇ ගමතට සහායකයා වැටිණි. දෙදෙනාම දියේ ගැඹුරට ගසාගෙන යන්නට වු අතර පසුව සහායකයා ගොඩට ඇවිත් සුද්දා බේරාගත් බව කියැවේ. හැටන් පාරෙදි හමුවන සීත ගගුල පලාබද්දල මාර්ගයේ ඇති පාලමක් මීදුමට අඩක් වැසුන සිරිපා මලූව



අදහස් (0)

සිරිපා අඩවියේදී බේකන් කා මත්පැන් බිව් සුද්දාගේ නින්දට වනසතුන්ගෙන් බාධා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 333 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 121 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 448 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 206 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 132 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 141 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site