|
අසිරිමත් රැස් වළල්ල සිරිපා කඳු මුදුනේ දර්ශනය වෙද්දී කිලෝමීටර් පහක දුර සිට සාමාන්‍ය කැමරාවකින් ලබාගත් ඡායාරූපය. |
ගෞතම බුදුරාජාණන් වහන්සේගේ වාම පාද සටහන සනිටුහන් කරමින් ලොව පුරා බොදු බැතිමතුන් ගේ ගෞරව වන්දනා මානයට පාත‍්‍ර වූ ශ්‍රී පාදස්ථානය අසිරිමත් පිං බිමකි.
අදෘෂ්‍යමාන මනඃකල්පිත දේවාත්මයට නොවුනු අදින් වසර 2600 කට පෙර ජීවත්වූ සුමන සමන් දැහැමි පාලකයකු ලෙස සමනොළ අඩවිය පාලනය කළ බව ඉතිහාසයේ කියැවේ. තමන්ගේ රාජ්‍ය පාලන කේන්ද්‍රස්ථානය වූ සමනොළ අඩවියට වැඩම කර සමන්ත කූට පර්වතය මත ශ්‍රී පාද සටහන තබන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇරයුම් කළේ මේ සුමන සමන් නම්වූ ප‍්‍රාදේශීය පාලකයාය.
එතුමන් සුමන සමන් සුරිඳුන් නමින් දෙවියෙකු ලෙස හඳුන්වන්නට ඇත්තේ එතැන් සිටය. බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේදී සද්ධර්මය ශ‍්‍රවණය කර සෝවාන් ඵලයට පත්වූ පළමු තැනැත්තාද සුමන සමන් දෙවිඳුන්ය. ඒ නිසාම උන්වහන්සේ බෞද්ධ මහෝපාසක දෙවිවරයකු ලෙසට හඳුන්වයි.
බුදු සිරිපා සටහන් තැබූ සුමන සමන් සුරිඳුන්ගේ අඩවියේ අසිරිමත් හාස්කම් ගැන අතීතයේ පටන්ම විවිධ කතා පවතී.
දෙවියන්ගේ අඩවිය ලෙස සබරගමු වාසීන් හඳුන්වන සිරිපා කඳු මුදුනින් දේවතා එළි විහිදෙනු සමහරුන් දැක තිබේ.
සිරිපා කඳු මුදුනෙන් රැුස් වළල්ලක් විහිදෙනු දුටු අයද සිටිති. ඊට සාක්කියක් සිරිපා වන්දනාවේ ගිය බැතිමතකු ගේ කැමරා කාචයේ සටහන් විය.
නොසිතූ මොහොතකදී දුටු අසිරිමත් දර්ශනය ඔහුට අදහාගත නොහැකි විය. ඔහු සමග සිටි දියණියද ඒ අපූරු දසුන දුටුවාය. ඒ සැණින් කැමරාව කි‍්‍රයාත්මක කරන්නැයි දියණියට කීවිට ඇය එක් දසුනක් කැමරා කාචයේ සටහන් කරගත්තාය. කිලෝමීටර් පහ හයක් දුරින් සිට ගත් ඡුායාරූපය තුළද සිරිපා අසිරියේ ආශ්චර්ය සටහන් වී තිබේ.
අරණායක පරපිටියේ දෙබන්න ප‍්‍රදේශයේ පදිංචි රංජිත් සුනන්ද එදිරිසිංහ මහතා මේ අසිරිමත් දර්ශනය සියැසින් දුටු අයෙකි. ඔහු ඒ ගැන මතකය මෙසේ සිහිපත් කළේය.
දරුවන් තිදෙනාත් මාත් බිරිඳත් සිරිපා වන්දනාවේ ගියා. මේ වන්දනා ගමනට අපේ ඥාතීන් හා හිතවතුන් පිරිසක්ද එකතු වුණා. අවුරුදු 83ක් වයස වැඩහිටියකුද සිරිපා වන්දනාවට එක්වුණා. අරණායක සිට බස් රථයකින් ගිය අප හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරිපා කරුණා කළා. රාත‍්‍රී අටට පමණ සිරිපා කරුණාව ආරම්භ කළා.
මාගේ දරුවන් තිදෙනා ළඟම කැමරා තිබුණා. අප වන්දනාවේ යෙදෙන ඡුායාරූප කැමරා ගතකළා. අලූයම තුනට පමණ සිරිපා මළුවට ගොස් වන්දනාමාන කළා. වැඩිහිටි අයකු අපේ නඩයේ සිටි නිසා අපි හෙමින් ගමන් කළේ. රංජිත් සුනන්ද මහතා ඇතුළු නඩය සිරිපා වන්දනාව කර හැටන් මාර්ගයෙන්ම බසිමින් සිටියහ. බක් මහේ සිසිල් සුළඟ ඔවුන්ගේ ගමන් වෙහෙස නිවා දැමීය. හැටන් මාර්ගයේ විදුලි පහන් ආලෝකය වන්දනා කරුවන්ගේ ගමනට ආලෝකය ලබා දුන්නේය.
ඒ වනවිට අලූයම පහයි පහට උදාවී තිබිණ. සිරිපා මහ මහමළුව දෙස නැවත නැවතත් දෙනෙත් යොමු කරන්නට මේ බැතිමතුන්ට වරින්වර සිත් වූයේ හදවත් හි පිරුණු බුද්ධාලම්බන ප‍්‍රීතිය නිසාමය.
ශීත ගඟුල පසුකරමින් රංජිත් මහතාත් දියණියත් එක් තැනක නතර වූහ. හිරුගේ සේයාවත් නොමැති අඳුර පමණක් ඉතිරිව තිබූ ඒ නිමේශයේ දී සිරිපා මළුවේ පහන් එළිය කදිමට දිස්වෙමින් තිබිණ. ඒ නිසාම ඔවුන් එතැන් සිට සිරිපා කන්ද ඡුායාරූපයකට නැගීය.
රංජිත් මහතා අපූරු දසුන දුටු නිමේශය එයයි.
ඒ ගැන මතකය ඔහු මෙලෙස අවදි කළේය.
එකවරම අමුතු ආලෝකයක් මා දුටුවා. මා ඒ ගැන මා සමග සිටි දියණියටත් ඒ අසල සිටි තවත් කිහිප දෙනෙකුටත් කිව්වා. ඔවුන්ද සිරිපා මළුව දෙස බැලූවා. සිරිපා කඳුමුදුනින් රැස් වළල්ලක් විහිදුනා. ඇත්තමයි එය දකින්න අපේ දෙනෙත් පින් කරලා තිබුණා.
.jpg)
මාගේ දුවට මම කිව්වා පිංතූරයක් ගන්න කියලා. දුව පිංතූරයක් ගත්තා. විනාඩි කීපයක් එය දිස්වුණා. මේ දර්ශනය මාගේ හිතට මහා පුදුම විදියට දැනුණා. මම ගෙදර ආවිට අසනීප වුණා. දින තුනක් අසනීප තත්ත්වයෙන් සිටියා. පසුව දුවගේ පරිගණකයට කැමරාව සම්බන්ධ කර බලද්දී අපි දුටු දර්ශනය ඒ ආකාරයෙන්ම නැති මුත් එහි සැලකිය යුතු කොටසක් දකින්නට පුළුවන් වුණා.
සිරිපා අසිරිය ගැන සනිටුහන් වූ මේ අපූරු ඡුායාරූපය රැුගෙන රංජිත් සුනන්ද මහතා අරණායක සිට රත්නපුරයට පැමිණියේ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් හමුවීමටයි. ඔහු ඒ අසිරිමත් දසුන සිරිපා නාහිමියන්්ට පෙන්වූවේය.
සිරිපා නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිරිපා මළුවේ පුද සිරිත් ඉතා හොඳින්ම සිදුවෙනවා.
ශ්‍රී පාදස්ථානය හා සමන් දෙවිඳුන්ට තේවා ඉතාමත් ගෞරව සම්පන්නව කරන බවට අපට දැනගන්න ලැබුණා. මම විශ්වාස කරන්නේ ඒවායේ ප‍්‍රතිඵල ලෙස මෙවැනි රැුස් විහිදෙනවා ඇති. මේ දර්ශනය අදටත් මට සිතාගන්න බැහැ යැයිද රංජිත් සුනන්ද මහතා කීවේය.
සිරිපා කඳු මුදුනෙන් පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝ දිනයට පෙරදා දේවතා එළියක් බඳු ආලෝකයක් දුටු බව පැපිලියාන සුනේත‍්‍රාදේවි මහා පිරිවෙන් විහාරාධිපති කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන්ද දැක තිබිණ.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ඒ ගැන මෙසේ පැවසූහ.
පසුගිය මැදින් පොහෝදා පින්කමට වැඩම කළ මැදගොඩ අභයතිස්ස නාහිමියන්ද සිරිපා කඳු මුදුනෙන් අසිරිමත් ආලෝක ධාරාවක් දුටු බව ප‍්‍රකාශ කළා. පසුගිය සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් සමන් දේව ප‍්‍රතිමා වැඩම කරවන පෙරහරේ පැමිණි අපත් මෙවැනි අසිරිමත් දර්ශන දැක තිබෙනවා. සමන් දෙවිඳුන් වැඩ වසන සමනොළ අඩවිය හාස්කම් සපිරි පුණ්‍යවන්ත ප‍්‍රදේශයක් නිසා දේව අනුහස් තිබෙනවා. ඒ නිසා මෙවැනි අසිරිමත් දර්ශන පෙනෙන බව මාගේ විශ්වාසය බවද ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
බැතිමතකු දුටු මේ රැුස් වළල්ල දර්ශනය වී ඇත්තේ අහස් ගැබේ අඳුර පැවති අවස්ථාවකදීය. හිරු එළිය තිබියදී හෝ හිරු එළිය පායා එද්දී එවැනි දසුනක් දුටුවේ නම් එයට කිසියම් විද්‍යාත්මක සිදුවීමක් නිසා සිදුවූවා බව සිතිය හැකිය.
සුමන සමන් සුරිඳුන්ගේ සමනොළ අඩවියේ දී අප දුටු තවත් අසිරිමත් ආශ්චර්යවත් සිදුවීම් ගැන කථා තිබේ.
රටේ සතර අතට සිව් මහා ගංගාවෝ ගලා බසින්නට පෝෂණය ලබා දෙන්නා ලෙස කරුණාවේ මෛත‍්‍රියේ ගුණ සුවඳ අසිරිමත් සිරිපා අඩවියය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු!!!! සාදු!!!! සාදු!!!! (ස)
මම අවසන් වරට සිරිපා කරුනාකලේ මෛත්‍රී භාවනාව නොකඩවා වඩමින් තනිවමයි ..! මගදී සිහින්පොද වැටීම නිසා ටිකකට නතරවී කුඩා මඩුවක බලා සිටියෙමි . සවස අදුර ගලා එන නිසා පොද අතරින්ම මගේ ගමනාරම්භ කර සිතලේම පොද අතරින් කදු ශිඛරය බසින්නට පටන්ගත් විට ආශ්චර්යක මහත ..... නොතෙමිම මම ගමන්කලෙමි . මගේ සුදු කමිසයට දියබිදු පතිත උවද එය කමිසයට නොදනී පරාවර්තනය විය .....මෙය දෙවියන්ගේ ආශිර්වාදයක්ද ? එසේ නොමැතිනම් මගේම මෙත් සිතේ ආනුභාවයක්ද ? පිළිතුර ඔබට භාරයි ...? (ස)
සුනිල් පෙරේරා, චිත්ත ශක්තිය ඉතාම ඉහලයි. එය වර්ධනය කරගත් විට සහ ඒ ශක්තිය පාලනය කල හැකිවිට කල හැකි වැඩ බොහොමයි. (අ)
සාදු..,සාදු..සාදු...!!!කරුනාවයි..,කරුනාවයි ..,සන් දෙවිදු කරුනාවයි...!!! (අ)
පිං කරන්න පිං පලදෙනව පිං ඇත්තෝ සාදු සාදු සාදු නද දෙද්දී තවත් අය අද රේඩියෝ එකේ ඇහෙන සිංදු වගේ මෙලෝ රහක් නැති දේවල් කියනෝ ........(ස)
මේ පින් බිමේ මතු උපදින්නන්ටත්, උපන් වාසනාවන්ත බෞද්ධයන්ට මේ හාස්කම හදවතට දැනේවා. (ස)
බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් බව තවත් පැහැදිලි කරන්න අනවශ්‍ය කදිම සාක්ෂියක්... (නි)
සාධු සාධු සාධු!!! (නි)
සාදු සාදු! අපේ බුදුහාමුදුරුවෝ තවමත් මේ ලෝකයේ ජීවමානව වැඩ වෙසෙන බව මෙතුළින් දුටුවෙමු. (නි)
සාධු සාධු සාධු! මේ අප බුදුන් වහන්සේගේ බුද්ධ රශ්මියයි. (නි)
මහවැලි ගඟ පටන් ගන්නේ බදුලු මිටියාවතෙන් නේද ? (ස)
සාදු !!!! සාදු!!!සාදු !!! (ස)
ශ්‍රි ලංකාව අපි නොදැන සිටියාට මහා පිං බිමක්. ඒ නිසා ලක්වාසී සියළුම දෙනා හරිම පිංකාරයි, වාසනා වන්තයි. තව දුරටත් දහමෙහි හැසිරෙන්න උත්සාහ කරන්න. (ස)
ආශ්චර්ය අද්භූත ධර්ම කියලා සූත්‍ර දෙශනාවක් තියනවා පුලුවන් නම් හොයලා අහන්න. (ස)
මේ විහිදුන බුදුරැස් වළල්ල ..සත්‍යනම් ..සාදු.. සාදු..!! (ස)
ආශ්චර්යවත් දේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයයි. (නි)
ඉදිරියටත් මෙවන් දේ දැක ගැනීමට වාසනාව ලැබේවා! (නි)
පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය බොහොම බලවත්. (ස)
බුදු හිමියනි ඔබ වහන්න්සේගේ ශ්‍රී පා කමල් නමස්කාර කරමි සාදු සාදු ! (නදී)
අපේ බුදු දහම සත්‍යයි.(ස)
මේ බුදු සිරිපතුල් සිපගත් පොළොවකි. (නි)
මගේ ජීවිතේ හැමදාම සුමන සමන් දෙවියන් වන්දනාමාන කරනවා . ඉස්සර ගෙදර එන්නකොට උදෙන්ම නැගිටලා බලන්නේ අදත් හොදට සිරි පදේ පේනවද කියල ඒ වගේ පෙන දෙවසට කිසිම කරදරයක් බාදාවක් හිරි හැරයක් මට වෙන්නේ නැ . තෙරුවන් ගුණ බලෙන් සුමන සමන් දේව ආරක්ෂාව නීති පතා මට ලැබෙනවා මේ රටට ජාතියට ඒ රැකවරණය හැමදම ලැබෙන්න ඕනි ශ්‍රී පද පත්මේ එහෙම නැත්තම් මහා හිමේ කියන්නේ මහා හාස්කම් තියන තැනක් . මේ පුංචි දිවයිනට වාසනාව තමයි මේ සිරිපාදේ සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටි , සදු සාදු සාදු .............(දී)
මිනිස්සු විවිදාකාර දේවල් ප්‍රකාශ කරනවා මේ ලෝකේ බුදු රැස් විහිදෙන තැන් තියෙනවා ඔයා සෝමාවතිය චෛත්‍ය ලගදි දකින්න පින් කරලා නැතුව ඇති එතැනදී ඔයාට ඔයා කියන තර්කෙ කොහොමට වත් ඉදිරි පත් කරන්න බෑ අනුරාධ (අ)
සිරිපා අඩවියේ ප්‍රාතිහාර්ය මම හදවතින්ම විස්වාස කරනවා..සුමන සමන් දෙවියන්ගේ පිහිට කරුණාව හැමදාමත් අපට ලැබේවා (නදී)
මේවා විශ්වාස නොකරන පිරිසකුත් ඉන්නවා ලංකාවේ (දී)
සාදූ!!! සාදූ!!! සාදූ!!! (දී)
සිරි පාදය කියල කියන්නේ ගොඩක් හාස්කම් තියෙන තැනක්. (ස)
සියලුම සිත් සතන් බුදු සිසිලෙන් නැහැ වේවා. සාදු සාදු සාදු!!! (ස)
ඇත්තටම අපි හරි අවාසනාවන්තයි . අපි දන්නවා වැඩියි. මට්ටකුන්දලි බිත්තියට වැටුන බුදු රැස් දැකල හිත පහදවගත්තා. නමුත් අද කාලේ අහම්බෙන් හරි මෙහෙම දෙයක් උනාම අපි එක විද්‍යාවෙන් පැහැදිලි කරන්න යනවා. එතනම ඔයගොල්ලෝ අතරමන්. ඔය මහලොකු දන්නා ්ය තවම ඇයි මේ සංසාරේ අඩුගානේ සෝවාන්වත් වෙන්න බැරි උනේ ? නමුත් බලන්න ඒ කාලේ ඉස්කොලේකටවත් නොගිය මස්වද්දන් පවා සිත පහදවාගත් අවස්ථා තිබෙනවා. ඇයි අපිට මෙහෙම උනේ ? (නදී)
හරිම පුදුමාකාරයි (නි)
ශ්‍රීපාදය යනු හාස්කම් ඇති තැනකි. ඒ වාගේම අපේ මේ පුංචි රට වාසනාවන්ත දිවයිනකි (නි)
සුමන සමන් දෙවියන් මතු බුදු වන දෙවි කෙනෙක් (දී)
විද්‍යාත්මකව ඔප්පු කරන කල මේවා ප්‍රාතිහාර්ය කියලා අපිට හිතන්න අමාරුයි (දී)
සියලු දෙනාට තෙරුවන් සරණයි (දී)
සබරගමු පළාතේ භේධයක් නැතුව සිරිපා සමයට එකමුතුව සහාය දෙනවා (දී)
සිරිපා අඩවියේ කට වරද්දා ගන්න එපා කියන්නේ ඒකනේ (දී)
මේවා හාස් කම් (දී)
අපේ පියවි ඇසට නොපෙනෙන දේවල් මොනතරම් වෙනවද මේ ලෝකේ (දී)
මගේ රටට දළදා හිමි පිහිටයි (දී)
සිරිපාදේ හාස් කම් තියෙන තැනක් ඒ වගේම අපේ මේ පුංචි දිවයින දිවයින වාසනාවන්ත දිවයිනක් (දී)
සාදු සාදු සාදු ...!!!..මේවා දකින්න පින් කරන්න ඕනි (දී)..!!..
විද්‍යාව මේකට පටලවා ගන්න එපා. එයා තාම පුංචි ළදරුවෙක්..තාමත් දෙවි දේවතාවො ඒ අසිරිමත් බුදුරජානන් වහන්සේගෙ පා සලකුණ බලන්න, වදින්න එනවා..පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බොහොම බලවත්. (ස)
සාදු! සාදු! සාදු! (නදී)
මම මේ ලියන්නේ මට වූ සත්‍ය සිදුවීමක්.83 අවුරුද්දේ අපි හිටියේ නාවලපිටිය දුම්රිය නිල නිවාස වල. අපි හිටි තැනට ශ්‍රීපාදය පැහැදිලිව පෙනෙනවා.කොටින්ම කිවුවොත් පන්සලේ විදුලි පහන් එළිය අපිට හොඳට පෙනෙනවා. දවසක් හවස 7 විතර අපි අසල්වාසීන් සමඟ මිදුලේ හිටියා. එක පාරටම අහස පුරාම පොඩියට පටන් ගත්තු බුදුරැස් වළල්ලක් විශාල වෙලා පෙනුනා. එය නොපෙනෙනවාත් සමඟ තව බුදුරැස් වළල්ලක් පොඩියට පටන් ගෙන විශාල වෙලා නැති වෙලා ගියා. මේ විදියට බුදුරැස් වළලු 3ක් අපි දැක්කා.අපිට ඒ වෙලාවේ ඇස් අදහා ගන්න බැරිවුණා. මේ ලිපිය බැලුවම මට දැනුන එකම දේ, මමත් අපේ පවුලේ අයත් බුදුරැස් වළලු දකින්න පින්කරලා තියනවා කියලයි (නි)
බුදුන් දවස වත් නැති බුදු රැස් මේ කලි යුග කාලයේ ලංකාවේ පමණක් විහිදෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නෙත් රට මේ තත්වයට අැදල දාපු උදවිය ළඟමයි. (ස)
අද ඉන්න අය හොල්මන් නැහැ, පෙරේතයෝ නැහැ, අපාය දිව්‍ය ලෝක නැහැ කියලා විද්‍යාත්මකව ඔප්පු කරන්න යනවා.ඒකෙන් වෙන්නේ මිනිස්සු පව් කරන්න බය නැති වෙන එක.මිනිස්සුන්ව තව තවත් පව් කරන්න උනන්දු කරවන එක. තව ටික දවසකින් අපේ අය බුදුන් හිටියේ නැහැ කියලා ඒකත් විද්‍යාත්මකව ඔප්පු කරන්න යයි. මට දුක ලංකාවේ ඉන්න උගත් අය තමයි මේවට මූලික වෙලා වැඩ කරන්නේ (නි)
ඉතා කුඩා ජල වාශ්ප සීතල උනාම එ්වා මිදෙනවා , එවා සුලග තියෙන දිසාවට ගමන් කරද්දි විදුලි ආලෝකයක් වෑටුනම මේ වගේ පේනවා. මන් ඉන්නෙ ෆින්ලන්ඩ් වල මෙහෙ ඔවා ඔනි තරම් පේනවා. එක එක විඩියට. එ්වා දේවතා එලි නෙමේයි. මාත් ලංකාවෙ ඉන්නකන් හිතුවෙ එහෙමයි.(නදී)