අවිස්සාවේල්ල-කෑගල්ල ප‍්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා තිබෙන සල්ගල ආරණ්‍ය සේනාසනය සුපේෂල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සසරින් එතෙරවන්නට මං සොයන තවත් එක් පින් බිමෙකි. අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජු සතුරු ආක‍්‍රමණ වලින් බේරීම සඳහා සල්ගල සැඟවී සිටි බව ජනප‍්‍රවාදය කියයි. රජු සල්ගලට පැමිණීමට පෙර ද මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්කි ඇත. වන සෙනසුනෙහි ගිජ්ජකූට ලෙනෙහි කටාරමට පහළින් ‘බත දම ගුත ලෙන’ යනුවෙන් බ‍්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වූ යන්නයි. භාතෘ ධර්මගුප්ත මහ රහතන් වහන්සේද මෙහි වැඩ සිටි බව කියති. මේ ලෙන විහාර මන්දිරයයි. එහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවකි. වනස්පතින්ගෙන්ද, රක්ෂිතයේ උරුමකරුවන් වන සතුන් ද බහුල සල්ගල කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයකි. පිප්පලී ලෙන, වේහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, පාණ්ඩව ලෙන, ඇතුබැඳි ලෙන ඉන් කිහිපයකි. වළගම්බා රජුගේ මඟුල් ඇතු, බැඳ සිටි ස්ථානයේ පිහිටි ලෙන ඇතු බැඳි ලෙන නමින් හැඳින්වේ. මේ සෑම ලෙනක් සමීපයේම යෝගාවචර භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මළුවක් දක්නා ලැබේ. ඇතැම් තැනෙක පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමට යොදා ගන්නා ඇට සැකිල්ලකි. නා නා විධ ‘තුරුලතා හා වන මලින් අලංකාර වූ වනය මැඳින්් පර්වත මුදුණට නැඟි විට මනස්කාන්ත වූ කඳු ශිඛර අවටින් පෙනේ. දසත නෙත ගැටෙන මේ සුන්දර ස්ථානය බැලූම්ගලයි. පෙර රජ දවස සතුරන් පැමිණේදෝයි ඔත්තු බැලූවේද බැලූම්ගල සිට බව කියැවේ. ශ්‍රී පාදස්ථානය ද එතැනට පෙනේ. අරණ්‍යය සිත් කළුය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දැන් විදේශ රටක සේවය කරනවා. නිවාඩුවට ලංකාවට පැමිණි විට සල්ගල යන්න අදහස් කරනවා. ස්තුතියි බුදුසරණයි.
බොහේම ස්තුතියි. වැඩි විස්තර දැන ගන්න ආසයි.
දැන ගන්න ලැබීම ස්තුතියි. අපි ලංකාවට ආවාම බලන්න යනනවා.
දැනගන්න ලැබීම මහත් භාග්යක්.... ඊලග සැරෙ ලන්කාවට අවහම සෙනසුනෙහි සිල් ගන්න අදහස් කරනව
සල්ගල වන සෙනසුන ඉතාමත් ශාන්ත පරිසරයක පිහිටි සුන්දර වන සෙනසුනකි මම ඉතා අගයකරන වන සෙනසුනකි
සල්ගල යන්න පාර මෙහෙමයි. කොළඹ නුවර පාරේ වරකාපොලට ගිහින් අඟුරුවැල්ල පාරේ ගලපිටමඩට යන්න පුළුවන්. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ අගුරුවැල්ලට ගිහින් වරකාපොල පාරේ ගලපිටමඩට යන්නත් පුළුවන්. හරිම මනස්කාන්ත ස්ථානයක් සල්ගල. ජීවිතේ එක වරක්වත් බලන්න යන්නම වටිනවා.
සිතට දැනෙන සහනය නිස්කලංක බව දකින්න ඔබත් යන්න මමත් ගියා
මා කාලයක් සල්ගල වේභාර ලෙනෙහි වැඩ වාසය කළා. හැන්දෑවේ හතරට විතර මුළු පරිසරයම කලුවර වේගෙන එනවා. අක්කර නවසියයක් පමණ වු වනාන්තරයෙ අයිනක කාත් කවුරුවත් නැතුව තනියම කුටියෙ ලන්තෑරුම පැත්තක තියාගෙන එරමිනිය ගොතාගෙන භාවනා කරන කොට ඇතිවන සහනය- තව්තිසා දෙව්ලොවත් නැතිව ඇති.
කොහොමහරි බලන්න යන්න ඕන.
මේ ලිපිය පළ කළාට බොහෝම පින්. තවත් මෙවැනි ලිපි පළකරන්න
සල්ගල හරි ප්‍රසිද්ධ ආරාණ්‍ය සේනාසනයක් නෙ.මෙහෙ ගිහි අයට පුහුණු වෙන්න පහසුකම් නැද්ද?