IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සේසතම කොල්ලකෑ ‘ස්වීප් එක’

   d

 

2014 වසර අවසන් වෙලා 2015 වසර ආරම්භ වුණා. ඒ ඡුන්ද උණුසුමත් සමඟ. මේ දවස්වල බොහෝ කතා ඇසෙනවා. ඇතැම් පිරිස් කාන්තා අතවර, ළමා අපයෝජන ඡුන්දයට වාසි කරගෙන කතා කරනවා. ඒත් ආදරණීය අම්මලා තාත්තලා සිතිය යුතු දෙයක් තියනවා. රටක කුමන ආණ්ඩුවක් ආවත් ගෙදර ආරක්ෂාව සපයාගත යුත්තේ තමන්ම බව. දරුවෝ අනාරක්ෂිත කරලා, කාන්තාවන් තාක්ෂණයේ හෝ ආදරයේ අතරමන්වෙලා ජීවිත විනාශ කරගන්නවාට වඩා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම කාලීනයි. අපයෝජන අඩුවෙන රටක වෙනසක් හොය හොයා ඔබ ගෙදර ආරක්ෂාව නොසලකා හැරියොත් පසුතැවිලිවෙන්න වෙන්නේ ඔබටමයි.

 


අදත් මා අකුරු කරන්නේ තාක්ෂණය භාවිතයේ පැවතිය යුතු අරපරෙස්සම් බව නැති නිසා අතරමන් වූ තවත් එක් යුවතියකගේ කතාවක්.
ඇය ගංගා. හම්බන්තොට ප‍්‍රදේශයේ දිළිඳු පවුලක යුවතියක්. අම්මයි තාත්තයි කුලී වැඩ කරලා හරිහම්බකරගත් මුදල් ගංගාගේ අධ්‍යාපනයට වියදම් කළේ, කුසගින්නට වතුර බීලා. ගංගා මව්පියන්ගේ දහඩිය මහන්සිය අපතේ ඇරියේ නැහැ. හොඳින් උසස් පෙළ පාස්වුණා. ගමෙන් සරසවි වරම් ලැබූ එකම ශිෂ්‍යාවත් ඇය වුණා. ඒ නිසාම ගමේ බොහෝදෙනා ඇයට සරසවි යාමට උදව් කළා.

2


ගංගා සරසවි අධ්‍යාපනයත් හොඳින් නිම කළා. අධ්‍යාපනය ලබන කාලයේදීම හොඳ ටියුෂන් ගුරුවරියකුත් වුණා. ඒ නිසා ඇගේ අධ්‍යාපනයටත්, මව්පියන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍ය මුදල් හොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණේ නැහැ.


රජයෙන් උපාධි පත්වීම් දෙනතුරු ඇය ඇගේ ටියුෂන් පංති සාර්ථකව පවත්වාගෙන ගියා. ඉන් ලැබුණු මුදල් ටික ටික එකතු කරලා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත්තේ එය ටියුට් සැකසීම සඳහා ඇයට බොහෝ ප‍්‍රයෝජනවත් වන බැවින්.


ගංගා ඇතැම් දරුවන්ට අවශ්‍ය පාඩම් මාලා යවන්න ඉන්ටනෙට් එකත් භාවිත කළා. දවසක් ගංගාට අපූරු ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණා. එහි සඳහන් වෙලා තිබුණේ මේ වගේ දෙයක්.


”ඔයාට ලොතරැයි දිනුම් ඇදීමක් වැටිලා තියෙනවා. එතන කෝටි දෙකක ලොකු මුදලක් තියනවා. ඒ මුදල් එවීමට ඔයාගේ පෞද්ගලික තොරතුරු එවන්න. ඒත් මේ


ගැන කාටවත් කියන්න එපා. මේ දිනුමෙන් ඔයාට ලොකු මුදලක් වැටී ඇති බව දැනගත්තොත් ඔයාට අනිත් අයගෙන් කරදර එයි.”
ගංගා ඇත්තටම පුදුම වුණා. වේලක් ඇර වේලක් කාලා ජීවත්වෙච්ච ඒ අඳුරු යුගය ටික ටික නිමාවෙමින් තිබුණා. සරසවි අධ්‍යාපනයෙන් පසු ටියුෂන් කිරීම ඒ දුෂ්කර ජීවිතයට සමුදෙන්න රුකුලක් වුණා.


”අම්මේ අප දුක් විඳපු කාලය ඉවරයි අම්මේ” ගංගා සතුටින් කෑගැසුවා. කිසිවක් තේරුම්ගත නොහැකි ගංගාගේ මහලූ අම්මයි තාත්තයි දියණිය මෙපමණ සතුටින් කෑගැසීමට කරුණු කුමක්දැයි විමසුවා.


”අපට ලොකු දිනුමක් වැටිලා අම්මේ. පොඩි ගාණක් නෙවෙයි කෝටි දෙකක්. අපට ලස්සන ගෙදරක් හදාගෙන, අපේම කියලා වාහනයක් අරගෙන සතුටින් ඉන්න පුළුවන් අම්මේ”

3


ගංගා ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් කියවාගෙන ගියා.


”කෑ ගහගහ කියවන්න එපා දුවේ. කාටහරි ඇහෙයි. ඔය දිනුම ගැන කාටවත් කියන්න එපා. ගමේ උන් දැන්ම ඉඳලම ණයට ඉල්ලන්න එයි.” ගංගාගේ අම්මා ගංගා ළඟට විත් හෙමිහිට කෙඳිරුවා. ”මගේ දුවට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි” ගංගාගේ තාත්තා ඇගේ හිස අතගෑවා.


ගංගාත් ඊxතැපැල් පණිවිඩයේ තිබූ ආකාරයටම කටයුතු කළා. කිසිවකුටත් මේ දිනුම පිළිබඳ නොකියූ අතර ඇගේ සියලූ විස්තර ඔවුන්ට ලැබීමට සැලැස්සුවා.
ඊට පසු ඇයට යළිත් මෙවැනි ඊ-ලිපියක් ලැබී තිබුණා.


”ඔබේ සියලූ තොරතුරු අපි ලොතරැුයි සමාගමට දී අවසන්. ඔබේ මුදල ලැබීමට පෙර අපි එවන ගිණුම් අංකයට රුපියල් ලක්ෂයක් දමන්න. ඔබ තහවුරු කරන සත්‍ය කරුණු මත ඉක්මනටම ඔබේ දිනුම ඔබ අතට ලැබේවි.”


ගංගා ගොඩක් දුර කල්පනා කළේ නෑ. ඇය උගුර ලේ රහ වෙනකම් කෑගසමින් දරුවන්ගේ නෙත් පාදා හරිහම්බ කරගත් මුදල් එකතු කර එම ගිණුම් අංකයට යැව්වා.


ඊට දවස් දෙකකට පසු යළිත් ඇයට මෙවැනි පණිවිඩයක් එනවා.


”ඔබේ මුදල ලැබුණා. මේ ඔබේ ගිණුම් අංකය මේ බැංකුවෙන් ඔබේ දිනුම ලබා ගන්න”


ගංගා අසීමිතව සතුටට පත්වුණා. ලිපියේ සඳහන් ආකාරයටම සිය මව්පියන් සමඟ ආරක්ෂාකාරීව බැංකුවට යන්නේ තෑගි මුදල ලබා ගැනීමට. එම ගිණුම් අංකය දී තෑගි මුදල පිළිබඳ කතාව ඇය බැංකුවේ කළමනාකාරතුමාට පවසනවා. ඒත් එවැනි ගිණුම් අංකයක්වත් එවැනි තෑගි මුදලක්වත් බැංකුවට ලැබී නැති බව ඔවුන් පවසනවා.


ගංගාගේ හිස කැරකෙන්නට වෙනවා. තමා රැවටිලිකාරයෙකුට හසුවූවාදැයි සිහිවෙනවා.


”ඔයා මොනාහරි දිනුම් ඇදීමකට සම්බන්ධ වුනාද?”


බැංකු කළමනාකරු ගංගාගෙන් අසනවා.


”නෑ” ගංගා පිළිතුරු දෙනවා.


”එහෙනන් කොහොමද මේ ලොතරැුයි කතාවයි දිනුමයි පිළිබඳ කතාවට ඔයා සම්බන්ධ වුණේ”
”මට ලොතරැුයි දිනුමක් ඇදිලා කියලා ඊxතැපැල් ලියුමක් ආවා.”


”ඉතින් ඔය ළමයා දිනුම් ඇදීමකට දැම්මේ නැත්නම් කොහොමද මේ නොදාපු දිනුමක් ආවේ කියලා හිතුවේ නැද්ද? කළමනාකාරතුමාගේ ප‍්‍රශ්නවලට ගංගාට පිළිතුරු දිය නොහැකි වුණා. ඇය කාට හෝ හොඳටම රැවටී ඇති බව නම් තේරුම් ගත්තා. තමාට උපාධියක් තිබුණට, ටියුෂන් කළාට, තාක්ෂණය පිළිබඳව හා සමාජය පිළිබඳ ලබා ඇති දැනුම මදි බව ඇය තේරුම් ගත්තා.


කවුරුන් හෝ වංචාකාරයකු ලස්සන හීනයක් ඇයට පෙන්නා ඇය එම හීනයේ අතරමන් කර ඇගේ මූල්‍යමය දේපල කොල්ලකා ඇති බව ඇය තේරුම් ගත්තා.


ඒ වගේම එම නොදන්න වංචාකාරයාට තමන්ගේ සියලූ පෞද්ගලික තොරතුරුත් දී අවසන් බව සිහි වූ ඇය තව තවත් කලබලයට පත්වුණා. ඒ නිසයි ඇය පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ පිහිට පතා ගියේ. ඇතැම්විට ගංගාට සේ ඔබටත් මෙවැනි ඊ-තැපැල් පණිවිඩ ආ හැකිය. එම පණිවිඩ මත කොතරම් සුන්දර සිහින තිබුණත් ඒවාට ඔබ නොරැවටී සිටිය යුතුය.

 

23sv

 

මෙවැනි ගැටලූ සම්බන්ධව තාක්ෂණික උපදෙස් සැපයීමට මම පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගන්නවා.

 

 

  • ඔබ විසින් අයදුම් නොකළ හෝ මිලදී නොගත් ලොතරැයියකින් කිසිවිටකත් ඔබ ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් නොමැත.
  • ඔබ විශාල මුදල් ප‍්‍රමාණයක් හෝ වාහනයක් වැනි වටිනා ත්‍යාගයක් ජයග‍්‍රහණය කළ බවට ඊමේල් පණිවිඩයක් ලැබුනොත් බොහෝවිට එය වංචනික කටයුත්තක් සඳහා එවන ලද පණිවිඩයක් විය හැකිය.
  • මෙවැනි වංචා සහගත කටයුතුවලදී බොහෝවිට පණිවිඩ එවන පුද්ගලයා විසින් ඔබගේ තොරතුරු පළමුව විමසනු ලැබේ.

 

කිසිවිටකත් මෙවැනි ඊමේල් පණිවිඩවලට පිළිතුරු ලෙස තමන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඔබ ගනුදෙනු කරන බැංකුව සහ බැංකු ගිණුම් අංකය, හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත‍්‍ර අංකය, හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපත් ආදී පෞද්ගලික තොරතුරු සහ වෙනත් රහසිගත තොරතුරු යැවීමෙන් වළකින්න.

 

  •  මෙවැනි වංචා සිදු කරන පුද්ගලයන් බොහෝවිට ඔබට පවසන්නේ ඔබ ත්‍යාගය ඔබ අතට ගන්නා තෙක් කිසිවකුට නොපවසන ලෙසය. මෙසේ කියන්නේ බොහෝවිට ඔබ නොමග යැවීමට පමණි. එය සැබෑ ආයතනයක් නම් කිසිවිටකත් ඔබට එසේ රහසිගතව කටයුතු කරන ලෙස උපදෙස් දෙන්නේ නැත.

 

  •  මේ ආකාරයට වංචා සහගත දේ කරන පුද්ගලයන් බොහෝවිට පිළිගත් ආයතනවල නාම මේ කටයුතු සඳහා යොදාගනී. එය පිළිගත් ආයතනයක් නම් බොහෝදුරට ඔවුන්ට ඔවුන්ගේම ඩොමේන් (Domain) නාමයක් තිබිය යුතුය. උදාහරණ ලෙස එම ආයතනයේ නම xyz නම් එම ආයතනයේ ඊමේල් ලිපිනය අවසන් වන්නේ  @xyz.com fyda @xyz.org fyda @xyz.net fyda @xyz....... ආකාරයට විය යුතුය. යම් හෙයකින් එම ආයතනයේ ඊමේල් ලිපිනය නොමිලයේ සපයන ඊමේල් සේවාවක ලිපිනයක් නම් Gmail, Yahoo, Hotmail ලෙස දර්ශනය වේ. එය බොහෝදුරට ව්‍යාජ ඊමේල් ගිණුමක් විය හැකිය. එනිසා එවැනි ඊමේල් පණිවිඩයකට පිළිතුරු යැවීමට ප‍්‍රථම එම ආයතනය ගැන සොයා බැලීම අවශ්‍ය වේ.

 

  •  අන්තර්ජාලය මඟින් ඔබට ත්‍යාගය ලබාදෙන ආයතනයේ වෙබ් අඩවිය සොයාගෙන එහි ඇති ඊමේල් ලිපින ඔබට මේල් ලැබෙන ඊමේල් ලිපින සමඟ සසඳා බලන්න. ඒවායෙහි සත්‍යතාව තහවුරු කරන්න.

 

  •  ඔබට එම සංවිධානයෙන් හෝ ආයතනයෙන් දුරකථන පණිවිඩ ලැබේනම් එම දුරකථන අංක එම ආයතනයට අදාළ ඒවාදැයි පරීක්ෂා කර බලන්න. එම ආයතනයේ සත්‍ය දුරකථන අංක සොයාගෙන ඔවුන් අමතා එසේ තරගයක් තිබේ දැයි තහවුරු කර ගන්න.

 

  •  ඔබට ත්‍යාගය ලබාදෙන ආයතනයේ වෙබ් පිටුවට ගොස් එවැනි තරගයක් එම ආයතනයේ පවත්වනවාද? එම තරගයේ ජයග‍්‍රාහකයන් කවුද? ඒ අතර ඔබේ නම, ඊමේල් ලිපිනය තිබෙනවාද? යනාදිය සොයා බලන්න. එවැනි තරගයක් සැබැවින්ම පවතින්නක් නම් එය අනිවාර්යයෙන් ඔවුන්ගේ වෙබ්අඩවියේ සඳහන් විය යුතුය.

 

  • ඔබට ත්‍යාගය ලබා දෙන ආයතනය හෝ සංවිධානය ගැන විස්තර සොයා බලන්න. එම නමින් ආයතනයක් පවතී ද යන්න සොයා බලන්න. මේ සඳහා අන්තර්ජාලය පමණක් භාවිත කිරීම ප‍්‍රමාණවත් නොවේ. අන්තර්ජාලයේත් ව්‍යාජ වෙබ්අඩවි පවත්වාගෙන යාහැකිය.

 

  •  එය සැබෑ ටිකට් පතක් නම් ඔබට ත්‍යාගය ලබා ගැනීමට පෙර කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත.

 

 

m



අදහස් (0)

සේසතම කොල්ලකෑ ‘ස්වීප් එක’

නන්දලාල් Wednesday, 21 January 2015 11:32 AM

මටත් මේ වගේ ඊමේල් ගොඩක් එනවා මාසෙකට. ඔයාලා දන්නවද මන් මොනාද කරන්නේ කියා ඒවාට? සැක සහිත ඊමේල් ඔක්කොම දානවා "කුණු කුඩේට". මම තාම ඔය වගේ හොරුන්ට සල්ලි පූජා කරලා නැහැ. අපි අමාරුවෙන් හම්බකරන සල්ලි හොරුන්ට දීලා අඬන්න එපා. නංගි ඔයා ගැන අපටත් දුකයි. ආයෙත් මේ වගේ අයට නම් අහුවෙන්න එපා..(හේ)

:       0       0

ලියනගේ Wednesday, 21 January 2015 04:56 AM

ඉතාමත් වටිනා ලිපියක්. (බ)

:       0       0

අජිත් Wednesday, 21 January 2015 07:21 AM

මොන අධ්‍යාපනයක්ද යුනිවර්සිටි එකෙන් අරන් තෙයෙන්නෙ. (අ)

:       0       0

රොබට් Wednesday, 21 January 2015 07:21 AM

අයියෝ මේ කතා අපිනම් ඇහුවෙ ඔය අන්තර්ජාලෙ ව්‍යාප්ත වෙච්ච මුල් කාලයෙ, 1995/96 යුගයෙ. ඒ කාලෙ ලංකාවෙ වෙබ් අඩවි තිබුණෙත් අතලොස්සක් පමණයි, මේ විධියට මට මේල් ආවෙ අන්තජාතික වංචනිකයන්ගෙන් (95/96), බොහෝ අය අප්‍රිකා රටවල. ස්වීප් දිනුම්, ප්ලෙන් ක්‍රෑශ් වෙලා මැරිච්ච අයගෙ සල්ලි බෙදා ගන්න කැමති මේල්, ඇමරිකාවට ග්‍රීන් කාඩ් ලැබුණා කියපු මේල්, මෑතකදි ෆෝන් දින්න කියල මේල් වගේකුත් ආවා, ඔක්කොම පිටරට හොරු, සල්ලි ගෙවන්න කියන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. දැන් ලෝකල් හොරුත් ඇවිල්ල, කෙලින්ම බැංකුවට සල්ලි දාන්න කියන්නෙ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 82 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 68 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 29 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 73 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 42 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 562 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 591 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site