IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සුසුම්නාව බේරන්නේ මෙහෙමයි

 

සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත.
මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළියම ඖෂධ වුවත් සුසුම්නාව සම්බන්ධයෙන් එය එසේ නොවේ. ශරවේ ව්යු දෘෂ්යස මාධ්යස වලින් රෝගයක් වැළදුණු පසු ගත යුතු පරකා තිකාර ගැන කොතෙක් කීවද රෝගයක් වැළදීම වළක්වා ගැනීම ගැන සදහනක් කෙරෙන්නේ නැති තරම්ය. මේ එම හිඩැස යම් තරමකට හෝ පිරැවීමේ අරමුණින් රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලේ වැඩබලන වෘත්තීය අධිකාරී හා සායනික අධීක්ෂක පදුම්.ඩි.යාපා මහතා සමග සුසුම්නාව මුල් කරගෙන සිදුවන අනතුරු හා ඒවා වළක්වාගත හැකි පියවර කවරේද යන මැයෙන් කළ සාකච්ඡාවකි.

 

1.සුසුම්නාවේ කාර්යයන් වන්නේ මොන වගේ දේවල්ද?
සුසුම්නාව කියන්නේ මිනිස් සිරුරේ ඉතාම වැදගත් අංගයක්.එයින් කෙරෙන කාර්යයන් නම් අපරමි මාණයි.සරලවම කිව්වොතින් සුසුම්නාව තමයි අපේ සිරුරේ අවයව අතර සබදතාවය පවත්වා ගන්නට උදවු වන්නේ. සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්යවස්ථානය.අපේ සිරුරේ අවයවයන් ස්වාධීනව කිරමිනයාකරන්නේ නැහැ.ඒවා සියල්ලක්ම ඒකාබද්ධ වුනාමයි සිරුරේ පූර්ණ කිර‍ සයාකාරීත්වය සිදුවන්නේ. සුසුම්නාවෙන් කරන්නේ මේ ඒකාබද්ධ කිරීමේ කාර්යය.තව ස්පර්ශය,පීඩනය,උණුසුම,සිසිලස වගේ සංවේදන මොළයට ගෙන යාම,මොළයෙන් ලැබෙන පරඋණුතිචාර අවයව හා ගාතරාළයට වෙත ගෙන ඒම වැනි කාර්යයනුත් සුසුම්නාවෙන් සිදුකෙරෙනවා.

 

2.සුසුම්නාව මිනිස් සිරුරේ අන් අවයව වලින් වෙනස් වන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කළොත්
මම මුලින් කිව්වා වගේ සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්යාස්ථානය.මොකද එය හරහා තමයි පණිවුඩ හුවමාරුව සිදුවන්නේ.මේ නිසා සුසුම්නාව නොමැතිව සිරුරේ අනෙක් අවයව වලින් ඇති වැඩක් නැහැ.මිනිස් සිරුරේ සියලූ කාර්යයන් යාමනය වන්නේ සුසුම්නාව හරහා.

 

3.ඔබ පවසන ආකාරයට සුසුම්නාවට හානි වනවා කියන්නේ සුලූකොට තැකිය හැකි දෙයක් නොවෙයි
පැහැදිලිවම.මොකද සුසුම්නාවට හානි සිදුවුනාට පස්සේ,විශේෂයෙන් සුසුම්නාව බිදී ගියොතින් එය යළි වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ.මිනිස් ස්නායු පද්දතියේ වැදගත් අංගයක් තමයි සුසුම්නාව.මෙනිසා එය ආරක්ෂා කරගත යුතුමයි.

 

4.සුසුම්නාව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන ඔබ පැවසුවා.සුසුම්නාවට මොන වගේ අනතුරුද සිදුවන්න පිළිවන්
සුසුම්නාව කොදුඇට පෙළින් ආරක්ෂා වෙලයි තිබෙන්නේ.නමුත් එසේ යැයි කියා අනතුරු සිදුවීමේ අවදානමක් නැත්තේ නැහැ.සුසුම්නාව බිදී යෑම තමයි වැඩි වශයෙන්ම සිදුවන්නේ.බැක්ටීරියා ආසාදන ඇතිවීම් වගේ දේවලූත් සිදුවනවා.නමුත් ඒවා සුසුම්නාව බිදී යෑම වගේ බරපතල තත්ත්වයක් ගෙන දෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනෑ කාරණයක් තමයි සුසුම්නාව බිදී ඇති අවස්ථාවක සුසුම්නාවට හානි වෙලා තිබෙන පරයි දේශය අනුව ඇතිවන දුබලතා තත්ත්වයනුත් වෙනස් වෙනවා. මුලින්ම සදහන් කළා සුසුම්නාව බිදී ගියොතින් එය යළිත් වැඩෙන්නේ නැතිය කියලා.මේ නිසා සුසුම්නාවට හානි සිදුවුනු පුද්ගලයෙකුට ජීවිත කාලයම ගෙවන්නට සිදුවන්නේ රෝද පුටුවක් හෝ ඇදක් මතට වෙලා.

 

5.අතීතය හා වර්තමානය සන්සන්දනය කරන කොට ශීරනු ලංකාවේ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් වන තත්ත්වය කොහොමද?
ඉහළ ගොස් තිබෙනවා.ඒ ඉහළ යාමට ලොකුම හේතුව වෙලා තිබෙන්නේ රිය අනතුරු. අතීතයේ සුසුම්නාව බිදී ඔත්පල වු රෝගීන් හිටියා නමුත් දැන් සිටින තරම් විශාල ලෙස නොවේ.ඒ කාලයේ බොහෝ පුද්ගලයින් ගස් වලින් වැටිලා,උස් ගොඩනැගිලි වලින් වැටිලා ආදී අනතුරු සිදුවෙලා තමයි ඔත්පල වුණේ.බොහෝමයක් සිද්ධි වාර්තා වුණේ රා මදින පැතිවලින්.පොල් ගහෙන් ගහට කඹයකින් සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඉතින් හතුරකු එහෙම ඉන්නවනම් අපේ අය කළේ අර කඹේ පොඞ්ඩක් කැපීමයි.ඉතින් අර පුද්ගලයා කඹේ උඩින් යද්දි කඹේ කැඩිලා පොළවට වැටෙන්නේ අඩි ගාණක් උඩ ඉදන්.ඒ වගේ උසක ඉදන් වැටුණම සුසුම්නාව බිදී යන එක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි.ඊළගට ඉහළම රෝගීන් සංඛ්යාෙවක් වාර්තා වුනේ යුද සමයේදී. බොහෝ අය බෝම්බ පිපිරීම් වලට හසුවී සුසුම්නාවට විවිධ හානි සිදුවෙලා ඔත්පල වුණා.දැන් තත්ත්වය වෙනස්.ගොඩක් අය සුසුම්නා අනතුරු වෙලා ඔත්පල වන්නේ රිය අනතුරු වලට මුහුණ දීම නිසා.ඔවුන් අතරිනුත් යතුරුපැදි කරුවන් තමයි පර අනධානම.

 

6.රිය අනතුරු ඉහළ ගොස් තිබීමක් ගැන ඔබ සදහන් කළා. 
රියැදුරන්ගේ මෙන්ම පදිකයින්ගේ නොසැළකිලිමත් භාවය තමයි මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වෙලා තිබෙන්නේ.බොහෝ රියැදුරන්ට සුක්කානම අතට ගත්තහම වේගය තමයි වැදගත්. අනෙක් කොටස පදිකයින්.අපි හැමවෙලේම රියැදුරන්ට ඇගිල්ල දිගු කරන්න බලාගෙන හිටියත් පදිකයනුත් සැළකිය යුතු තරමේ වැරදි ගොඩක් කරනවා.මේ නොසැළකිල්ල නිසා තමයි රටේ රිය අනතුරු වැඩි වී තිබෙන්නේ.මම කිව්වා යතුරුපැදි කරුවන් ගැන.ඔවුන්ට තමයි ලොකුම හදිස්සිය තිබෙන්නේ.වාහන අස්සෙන් රිංගද්දී ඉතින් අනතුරු සිදුවන වෙලාව කියන්න බැහැ.

 

7.හොදයි.සුසුම්නා අනතුරු හා රිය අනතුරු,මේ දෙක සම්බන්ද වෙන්නේ කොහොමද?
රිය අනතුරක් සිදුවුනාම සිරුරේ බාහිරින් පෙනෙන දේ ගැන පමණක් නොවේ සැළකිලිමත් වන්න ඕනෑ.සිරුරේ අභ්යපන්තරයේ මොන වගේ දේවල් වෙලාද කියලත් හිතන්න අවශ්යහයි. සුසුම්නාව සුවිශේෂයි.සුසුම්නාවට ඇත්තෙන්ම හානි සිදුවෙලා තිබෙන්න පිළිවන්.එය බිදී ගොස් තිබෙන්න පිළිවන්.නමුත් කිසිවෙක් වැඩිපුර නොදන්නා කාරණයක් තමයි බොහෝ අවස්ථාවන් වලදී සුසුම්නාවට සිදුවන්නේ සුළු හානියක්.සුවකරගත හැකි තරමේ එකක්.නමුත් රිය අනතුරක් වුනාම අනතුරට මුහුණදුන් තැනැත්තාව කොහොමද රෝහලකට ගෙනයා යුත්තේ යන්න ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔවුන් කරන්නේ අර ලේ ගලන තුවාල ටික වහලා දාලා ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් වාහනයක දමා රෝගියාව රෝහලට පිටත් කර හරිනවා.අපේ රටේ ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් තීරක ගරෝද රථ නේ.ඉතින් රෝගියාව ඒකකට දාන්න වෙන්නේත් දෙකට තුනට නමලා. මෙහෙම නමද්දී සුසුම්නාවට වෙලා තිබෙන සුලූ හානියක් තියෙනවනම් සුසුම්නාව කැඞී යන තැනටම ඒක වර්ධනය වෙන්න පිළිවන්.රෝගියා රෝහලට යද්දී වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. තුවාල ටිකක් සනීප කරගත්තත් අර වෙච්ච පුංචි අතපසු වීමෙන් ඔහුට හෝ ඇයට මුළු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ ආබාධිත වෙලා.අපේ රටේ සුසුම්නා අනතුරු පරවි මාණය ඉහළ යන්න රිය අනතුරුත් එක්කම බලපාලා තිබෙන පරම්නධාන හේතුව මේක.මිනිස්සුන්ට හරි හමන් දැනුමක් නැහැ රිය අනතුරක් වුනු අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව.

 

8.මේ වගේ තත්ත්වයන් මගහරවා ගන්නේ කොහොමද?
පළමුවෙන් රියැදුරන් මෙන්ම පදිකයින් තම තමන්ගේ ආරක්ෂාව හා අනෙක් අයගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් විය යුතුයි. රියැදුරන් සම්බන්ධයෙන් නීතිය කිරන සයාත්මක කිරීමට සිටිනා නිලධාරීන්ට දඩ කොළ ලියනවාට වඩා වැඩි වගකීමක් තිබෙනවා රියැදුරන් නීතිගරුක කිරීමට. අනෙක් කාරණය තමයි රිය අනතුරකට පස්සේ අනතුරට ලක්වූ පුද්ගලයා කොහොමද රෝහලට ගෙනයා යුත්තේ කියන එක.අප දන්නේ නැහැ ඔහුට හෝ ඇයට කවර ආකාරයේ අනතුරු සිදුවෙලා තිබෙනවාද කියලා.මෙනිසා අප කටයුතු කළ යුත්තේ ඔහු හො ඇය බරපතලම තත්ත්වයේ සිටින බව සළකලා. හොදම දෙය ගිලන් රථයක් ගෙන්වා ගන්නා එක.එසේ නොමැති නම් මුලින්ම ඔහුව හෝ ඇයව ඔසවාගෙන යාමට හැකි සමතලා පෘෂ්ඨයක දිගා කරවා ගන්න ඕනේ .සමතල ලෑලි මෙයට හොදින්ම ගැලපෙනවා.පසුව පෘෂ්ඨයෙන් ලිස්සා නොයන විදියට එම පුද්ගලයාව රෙදි පටි වලින් එයට තබා බැද දැමිම සුදුසුයි.එතකොට එම පුද්ගලයාට සෙලවෙන්න බැරි නිසා දැනටමත් හානි වෙලා තිබෙන සිරුරට තවත් හානි සිදුවෙන එක අවම වෙනවා. සුසුම්නාවට හානි සිදුවෙලා තිබෙනවානම් මෙය ඉතා වැදගත් කරුණක්.අනෙක තමයි රෝගියාව රෝහලට ගෙන යන්න හොදට ඉඩ කඩ තිබෙන වාහනයක් කැදවා ගන්න එක.තීරැදවරෝද රථ,ටරැද ක්ටර් වගේ වාහන රෝගියා මොන තත්ත්වයේ සිටියත් ඔහුව හො ඇයව රෝහල වෙත ගෙනයාමට සුදුසු නැහැ. හොදම දේ වෑන් රියක් වගේ ඉඩ කඩ ඇති වාහනයක් භාවිතා කරන එක.

 

9.එදිනෙදා කටයුතු වල යෙදෙද්දීත් සැළකිලිමත් විය යුතු අවස්ථා තිබෙනවාද? 
ඇත්තෙන්ම ඔව්.අප රෝහලට රෝගීන් පැමිණෙනවා එසේ දවසේ කිරතෙනයාකාරකම් වල යෙදෙද්දී සුසුම්නාවට හානි සිදුවූ අය.බංකු වලින් වැටිලා,වහලයෙන් වැටිලා,නාන කාමරයේ ලෙස්සලා වැටිලා,තරප්පුවෙන් ඇදන් වැටිලා, ආදී අප කිසිසේත් නොසළකන සුලූ අනතුරු වලට මුහුණදීලා අවාසනාවන්ත විදියට සුසුම්නාවට හානි සිදුවූ අය තමයි ඔවුන් අතර සිටින්නේ.ඔවුන් අතුරින් බොහෝ දෙනා කාන්තාවන්.නොසැළකිල්ල හා අනවශ්ය් කලබලය තමයි මූලිකම හේතුව. 

 

10.ඔබ පවසන ආකාරයට මේ වගේ සුලූ අවස්ථා සළකනකොට නිවසේ සැකැස්ම පිළිඹදවත් සැළකිල්ලට ගත යුතු බවක් පෙනෙනවා.
පැහැදිලිවම.මේ බොහෝ අනතුරු වලට හේතුව නිවෙස් වල සැකැස්ම.උදාහරණයකට නාන කාමරයේ ඇද වැටීමක් සළකමු.නාන කාමරයක් කියන්නේ වතුර රැදෙන තැනක් .මෙනිසා ලිස්සා වැටෙන්න තිබෙන අවස්ථා අනිවාර්යයෙන්ම වැඩියි.ඒකට පිළියම වන්නේ නාන කාමර වලටම ගැලපෙන රලූ ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක.නමුත් අපේ බොහෝ දෙනා ඒවායේ ලස්සනක් නැතිය කියලා කරන්නේ හොදට දිළිසෙන ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක. ඉතින් එවැනි පොළවක් මතට වතුට වැටුණහම හොදට ලිස්සනවා.සමහර නිවෙස් වල තරප්පු පෙළවල් තිබෙනවා අත්වැට නැති.වැටුණොත් ඉතින් මොනවා වෙයිද කියන්න බැහැ. ඒ මදිවාට සමහරුන් පඩි ඉතා කුඩා වෙන විදියටත් තරප්පු පෙළවල් සාදනවා.පය පැකිළී වැටෙන්න පිළිවන් කියා ඔවුන් සිතන්නේ නැහැ.තවත් නිවෙස් තිබෙනවා පහත මාලය සම්පූර්ණ කරලා ඉහළ මාලය සාදන්න කොන්කීර් නට් අතුරලා තියෙන. අපේ කාන්තාවන් මේ වගේ ගෙවල් වල ඉහළ මාලය යොදා ගන්නේ රෙදි වනන්න.වටේට වැටක්වත් නැති මේ තැන්වල රෙදි වනන්න ගිහිල්ලා පය පැකිළිලා බිමටම වැටෙන්න පිළිවන්.ඒ වගේ අවස්ථා වාර්තා වෙලා තිබෙනවා.පේනවනේ නිවසේ සැකැස්ම සුසුම්නා අනතුරු සිදුවන්න මුල් වෙන්න පිළිවන් හැටි.

 

11.මෙවන් කරුණු සම්බන්ධයෙන් මිනිසුන්ගේ දැනුම්වත්භාවය පවතින්නේ කවර මට්ටමකද? 
ඉතාම දුර්වල මට්ටමක.අප රෝහලට එන රෝගීන් දිහා බලපුවහම ඒ බව පේනවා.ඔවුන්ට කිසිදු ආකාරයක දැනුමක් නැහැ ආරක්ෂා වීම පිළිඹදව.අප ඔවුන් දැනුම්වත් කළ පසුවයි ඔවුන් දැනගන්නේ අනතුරු ලෙහෙසියෙන්ම වළක්වාගන්න පිළිවන්කමක් තිබුණාය කියලා. එවිට පරක්කු වැඩියි.රියැදුරන් හා පදිකයන් මාර්ගයේ ගමන් කිරීමේදී සැළකිලිමත් වන්නට අවශ්යියි.අනතුරක් වුනාම රෝගියා රෝහලට ගෙන යන ආකාරය ඉතා වැදගත්.ඒ පිළිඹද සියලූදෙනා දැනුම්වත්ව සිටීම අවශ්ය යි.අනෙක් කාරණය එදිනෙදා කටයුතු වල යෙදීම. අප අතරින් බොහෝ දෙනා පුහු ආටෝපය පස්සේ දුවන්නේ.ලස්සනය කියා එක එක දේවල් කරනවා අන්තිමට ඒවායින් ලැබෙන්නේ අහිතකර පර ක තිඵල.නිවෙස් අලංකරණය ය කියා රූපවාහිනියේ පෙන්වන සියලූ දේ නිවෙස් වලට ආදේශ කරගැනීම නොකළ යුත්තක්.

 

12.අවසන් වශයෙන් එක් කළ හැකි යමක් තිබෙනවාද?
මා සිතන්නේ මාධ්යය මිීට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කළයුතුව තිබෙනවා.මිනිසුන් දැනුම්වත් කිරීම සම්බන්ධයෙන්.එය සුසුම්නා අනතුරු වලට පමණක් නොවේ සියලූ දේට පොදු වූවක්. අනෙක අප කතා කළ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් සළකනකොට ඒ සියල්ලම පහසුවෙන් වළක්වාගත හැකි දේවල්.රිය අනතුරු සිදුවන්නේ නැහැ රියැදුරන් මෙන්ම පදිකයනුත් සැළකිලිමත් වනවා නම්. නිවසේදී අනතුරු සිදුවන්නේ නැහැ තම තමන් නිවසේ සැකැස්ම ගැනත් තමන්ගේ හැසිරීම ගැනත් සැළකිලිමත් වනවා නම්.සුසුම්නාවට හානියක් සිදුවුනොතින් එය කිසිසේත් තිබුණු තත්ත්වයටම සුවපත් කරන්න බැහැ. මම දකින විදියට කෙනෙක්ට අනවශ්යන තරාද සය සොයන්නට ගිහින් හරි,නොසැළකිලිමත් ලෙස කටයුතු කර හරි ජීවිත කාලයම රෝද පුටුවකට වී දිවිගෙවනවාද නැත්නම් කාලය බිදක් වැය කරලා සැළකිලිමත්වී ආරක්ෂාව සළසාගෙන ඉදිරියටත් විදිය හැකි සේ ජීවිතය රැක ගන්නවාද යන දෙකෙන් තෝරාගැනීමක් කරන්න හරි ලෙහෙසියි.




අදහස් (12)

සුසුම්නාව බේරන්නේ මෙහෙමයි

යසසිරි Thursday, 13 March 2014 08:34 PM

අතිශය වැදගත් ලිපියක් මෙය තවදුරත් සමාජගත කරන්න (දිල්)

:       1       3

දිසාල Wednesday, 26 March 2014 11:48 AM

අද වැදගත් නොවන දේ වලටත් ජාත්‍යන්තර දින වෙන්කර ගෙන තියනවා. හොඳම දෙයක් තමයි "ජාත්ත්‍යන්තර සුසුම්නා දිනය" ලෙස දිනයක් නම්කර එදින මාධ්‍ය, සහ වැඩමුළු ආදිය මගින් හැකි තරම් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම. (ස)

:       0       1

රාණා Thursday, 13 March 2014 01:11 AM

ඉතා වටිනා කරුණු සමූහයක්.(නදී)

:       0       0

නිර්මාල් Thursday, 13 March 2014 06:55 AM

ඉතා හොද ලිපියක්. මේ වගේ මිනිස්සුන්ට එදිනෙදා ඉතා වැදගත් ලිපි පලකරන්න. නමුත් ත්‍රිවිලර් රියදුරු මහතුන් වැනි අය මෙවැනි ලිපි කියවනවා අඩුවිය හැකියි. මේ නිසා රෑපවාහානි හි ‍ගුවන් විදුලි මාධ්‍ය වලිනුත් මෙම දැනුවත් වීම කරනවානමි ඉතා අගනේයි. වඩාත් ප්‍රායෝගිකයි නේද? (අ)

:       0       0

දිනුස් Monday, 28 April 2014 09:03 AM

හොදම දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි.(නදී)

:       0       0

මලින්ද Monday, 24 March 2014 08:48 AM

ඉතා වටිනා කරුණු සමූහයක්.ස්තුතියි.(නදී)

:       0       1

සුසන්ත Friday, 14 March 2014 04:35 PM

හොදම දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි (දිල්)

:       0       3

චන්ද්‍රා Wednesday, 02 April 2014 06:25 AM

වැඩියෙන්ම අනතුර සිද්ද වෙන්න අනතුරු සිදුවුණු තැනැත්තා රෝහල් ගතකරන්න වටේ පිටේ උදවිය ඔසවන වැරදි ක්‍රමය.මම සිටින රටේ අනතුරකදී ගිලන් රථයේ පුහුණු සේවකයන්ට හැර රෝගියා ඇල්ලීමට අනෙක් අයට අවසර නැහැ.විශේසයෙන්ම මුල්තැන දෙන්නේ සුසුම්නාවේ ආරක්ෂාවට. (දී)

:       0       15

අචිනි Wednesday, 12 March 2014 05:14 PM

හොදම දැනුවත් කිරීමක් බොහොම ස්තුත්යි ! (දී)

:       0       1

නයනකාන්ත Thursday, 13 March 2014 02:56 PM

ස්තුතියි......... ඒවගෙම .. අනතුරකින් ශරිර අවයවයක් වෙන්වුනොත් එම රොගියා රොහලට ගේන හරි ක්‍රමයත් රූප සටහන් සමගම තියනවනම් මා...ර..... වටිනවා(දී)

:       0       0

විරේ Saturday, 15 March 2014 12:58 AM

තරුණ මහලු බෙධයක් නැහැ කොන්ද කැඩුනොත් ඉවරයි (දී)

:       0       0

තක්සිලා සුබාසනි Sunday, 25 November 2018 09:29 PM

මට දැන ගන්න ඔනි සුසුම්නාවක් බද්ද කරන්න පුලුවන්ද කියලා මගේ අයියා හමුදා සේබලෙක් එයා 2009 යුදදෙන් අබාදිත වේලා ඉන්නේ සුසුම්නාව කඩාගෙන ගිහින් තියන්නේ එයාට සුසුම්නාවක් බද්ද කරන්න පුලුවන්ද කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 394 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 52 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 129 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 302 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 941 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 295 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site