රාවණා රජු අහස, පොළව, මුහුද යන සියල්ල ජය ගත්තෙකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම් වලද යම් තාක් දුරකට පෙන්නුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල, දේශ දේශාන්තර තරණය කළ ලොව ප‍්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වෙයි. මුහුද ජය ගනිමින් තැනූ විශ්මිත යාත‍්‍රා පෙළක් රාවණා සතු විණ. ඒවා සකස් කිරීමට වෙනම බල ඇනියක් සිටි අතර මොවූහු පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගය ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන්වේ.
අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත‍්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා බලසම්පන්නයෙකු විය. ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරන පරිදි අඟහරු ලෝකය රාවණා රජු නිරන්තර ආව ගිය ග‍්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත.
අඟහරු ග‍්‍රහ ලෝකයහි ජලය තිබේද? ජීවීන් පවතීද? නිසරු බිමක්ද යන පර්යේෂණ බටහිර විද්‍යාඥයන් මෙකල ගැඹුරින් අධ්‍යනය කරමින් සිටී.
රාවණ රජ සමයේ පටන් අද දක්වාම අඟහරු ග‍්‍රහ ලොව ජීවීන් සිටින දියුණු තාක්ෂණයක් පවතින තැනක් ලෙස මිරැන්ඩෝ සඳහන් කරයි. අඟහරු ලොවින් පැමිණෙන්නා කියන ජීවීන් සහිත ‘‘පියාඹන පිරිසි’’ නම් යානා මෙයට හොඳම උදාහරණයකි. ඒවා ලෝකයේ ඇතම් රටවල් ගුවන් ගත කරණ ඒවා බව සමහරු කීවත්, තාක්ෂණ පර්යේෂණයන් පවා මේ පියාඹන පීරිසි හෙවත් අද්භූත යානා පෘථිවියේ කිසියම් රටකින් ගුවන් ගත නොවන ඒවා බව තදින් විශ්වාස කරයි.
පියාඹන පීරිසි පෘථිවිය කරා එන්නේ ඇයි....? හුදෙක් මේවා අඟහරු ලෝකයෙහි පර්යේෂණ මාලාය. යුරෝපා ඇමරිකා රටවල් අඟහරු වෙත යානා යවා නිරීක්ෂණය කරන්නා සේ අඟහරු ලොවින් පෘථිවිය වෙත යානා පැමිණ පර්යේෂණ කරයි.
ආචාර්ය මිරැන්ඩෝ කියන පරිදි අපිට වඩා පර්යේෂණ අතින් අඟහරු ග‍්‍රහ ලොව මිනිස්සු අඩි, යාර නොව සැතපුම් ගාණක් ඉදිරියෙන් සිටිතිි.
අද අඟහරු ලෝකය සමඟ කිසිම සම්බන්දතාවක් නොවුණද රාවණා රජු අඟහරු ලෝකය සමඟ කළ සම්බන්ධතා ගැන අගනා තොරතුරු සමුදායක් පැරණි පුස්කොළ පොත්හි සඳහන් වේ. එයින් එකක් සෝමචන්ද්‍ර බ‍්‍රාහ්මණයා විසින් ඛල්ලාටනාග රජ දවස ලියන ලද්දකි. ඛල්ලාටනාග යනු දේවානම්පියතිස්ස රජුගේ මුණුපුරාය. මෙය මුලින්ම රන් පත්ව ලියා පසුව ක‍්‍රමයෙන් රීදි, තඹ ආදී පත් ඉරුවල ලියමින් පැවත ආවකි. ‘රාවණ කතා’ යන මෙ පුස්කොල ග‍්‍රන්ථය පාරම්පරිකව හිමි වීමේදී එය ඔබේසේකර පරම්පරාවේ මී මුත්තකුට හිමිවී ඇත. අද එය ආචාර්ය මිරැන්ඩෝ සතුව තිබෙයි. (විදේශයක සිය නැඟණිය සමීපයේ තබා ඇත.) එයට හේතුව පුස්කොළපොත පිළිබඳ ආරංචියට ඇතැම්හු නිධන් ඇති තැන් සොයා ගෙන පැමීණීම බව ඔහු සඳහන් කරයි.
රාවණා රජුට අයත් මුහුදු යාත‍්‍රා වැඩි ප‍්‍රමාණයක් ස්ථාන ගත කෙරුණේ ත‍්‍රිකුණාමලය මුල් කර ගත් නැව් තොටෙහිය.
රාවණාගේ ගුවන් යානා ස්ථාන ගත කළේ කොහිද? ඒ සඳහා ගුවන් තොට ගණනාවක් රටපුරා තිබිණි. විශේ්ෂයෙන් ‘‘වාරියපොළ’’ නමින් ප‍්‍රසිද්ධ නගරයත්, ‘‘වාරියපොළ’’ නමින් විවිධ දිස්ත‍්‍රික්ක වල පවතින ප‍්‍රදේශත් රාවණා රජුගේ වාතයෙන් ගමන් කළ ගුවන් යාත‍්‍රා ස්ථාන ගත ප‍්‍රදේශයි.
නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගලද කුඩා ගුවන් යානා ස්ථාන ගත කළ තැන්ය. මත්තල ගුවන් තොට ඉඳිවූ තැනම එදා ගුවන් තොටක් තිබුණු බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. විශේෂයෙන් රාවණා රජ දවස රට අභ්‍යන්තරයේ පියාසර කළ ගුවන් යානා ස්ථාන ගත කෙරුණේ මත්තල ප‍්‍රදේශයේය.
රාවණා රජු පිළිබඳ ඔබ නොදන්නා තවත් පැත්තකට හැරෙමු. රාවණා රජු වැඩි වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ පළතුරු වර්ගයි. රාවණා රජුගේ ප‍්‍රධාන පානය තැඹිලි සහ කුරුම්බාය. රජු ජලය පානය කර ඇත්තේ අල්ප වශයෙනි. එතුමා පානය කළ ජලය ලග්ගල ප‍්‍රදේශයේ සිට විශාල භාජන වල ආධාරයෙන් රජ මාළිගාවලට ගෙන ගිය බව කියැවේ.
රාවණා රජතුමා කලටි කුරුම්බා මඳ ඉතා ප‍්‍රිය ජනක ලෙස ආහාරයට ගෙන තිබේ. එතුමා පළතුරු වර්ග ආහාරයට ගත්තද දුරියන්, රඹුටන්, මැංගුස් සහ අන්නාසි අප‍්‍රිය කළ බව සඳහන් වේ. රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව මිරැන්ඩෝ සඳහන් කරයි.
රාවණා සමයේදී තණකොළ ගසේ සිට සියලූ පැළෑටි ගස් ඖෂධ හැටියට ගෙන තිබේ. ඒ ඒ ශාක ආධාරයෙන් ඖෂධ වට්ටෝරු සකස් කොට ඇති අතර අදාළ ශාක කුමන රෝගයට ගැළපේද පමණක් තේරුම් ගැනීම ඥානවන්තව කළ යුතුය.
රාවණා රජු රටේ විශේෂ ඖෂධ උයන් පවත්වා ගියෙකි. ඇහැළ ගස් වැවූ ප‍්‍රදේශය ඇහැලේපොළද, නාගස් වැවූ ප‍්‍රදේශය නාගහපොළ ලෙසද, උදාහරණ ලෙස දැක්විය හැකිය.
රාවණා රජුගේ ප‍්‍රධානම උද්‍යානය සිංහරාජයයි. අද එය වනාන්තරයක් හැටියට නම් කළද මෙය රාජකීය උද්‍යානයෙකි. එබැවින් රාවණ අදත් නිරන්තරව මෙහි සැරිසරන බව ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරයි. රාවණ රජු තමාට හීලෑ වන පරිදි ඇති කළ අලි, කොටි, ආදී සතුන් බොහෝ මෙහි සිටියහ. අදටත් අලි මෙල්ල කරගෙන සිටීමට භාවිතා කරන ‘අලි භාෂාවේ’ වචන එදා යක්ෂ ග්‍රෝත‍්‍රිකයන් අලි හීලෑ කර ගැනීමට භාවිතා කර ගත් ඒවා වෙයි. එකල අලි අල්ලා ගන්නට යක්ෂ ග්‍රෝත‍්‍රිකයෝ නොයෙක් මන්ත‍්‍ර භාවිතා කර ඇත. රජුට හීලෑ කර ගත යුතු අලියාට මැතිරූ විට ඌ හීලෑ වී උද්‍යානයේ සැරිසරා ඇත.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදිව නිතර යන එන තැනක් ලෙසද සිංහරාජ උද්‍යානය දැක්විය හැකිය. එතුමන් සතුන්ට බොහෝ ප‍්‍රියකරන්නෙකු බැවින්, යළි නැඟිට පසුවද රජු හීලෑ කර ගත් සතුන් විශාල ප‍්‍රමාණයක් සිංහරාජයේ සීටී. රාවණ රජු සිංහරාජයේ සිටින අවස්ථාවක් නම් එහි යන එන අයට සතුන්ගෙන් කරදර වීමට පුළුවන. එයට හේතුව රජු හීලෑ කරගත් සත්ව පන්තිය රජතුමා දිවි හිමියෙන් රැක ගැනීමය. රාවණා සිංහරායේ සිටින අවස්ථාවල එහි එන මිනිස්සු විෂයේ ඇතැම් අලි ඇතුන්, වන මෘගයන් කෝපාවිශ්ඨ වන්නේ මේ හේතුව නිසාය.
රාවණ රජු රටේ කොතැන ඇවිද්දත් ඔහු සමග නිතර යන චරිතය නම් විභූති යක්ෂයාය. ඇතැම් විට විභූති යක්ෂයා රජු අදාල තැනට යාමට පෙර එහි ගොස් අවශ්‍ය පසුබිම සුදානම් කර එයි. එහිදී ඒ ස්ථානය රකින මනුෂයන්ට ආශිර්වාදයද, කිලිටි කරන, නසා විනාශ කරන අයට දඬුවම්ද හිමිවිම සාමාන්‍ය දෙයකි. හුදෙක් විභූතිි යක්ෂයා යනු රාවණාගේ ප‍්‍රධාන ආරක්ෂකයෙකි. රාවණාට දෙන භාරහාර පවා පිළිගන්නේ විභූති යක්ෂයාය. රාවණාට යම් කෙනකුට දඬුවම් කළ යුතු බවයට සිතක් පහළ වුවහොත් රජු ඒ බව විභූතිට දැනුම් දේ. දඬුවම රජුට උවමනා විදිහටත් වඩා හොඳින් විභූති යක්ෂයා ක‍්‍රියාත්මක කර දේ. එබැවින් රාවණාට අදාළ තැන අපිරිසිදු කිරීම, රාවණට ශාප කිරීම, ආදිය පිළිබඳ විභූති යක්ෂයා පියවර ගනී.
විශේෂයෙන් එක් දඬුවම් ක‍්‍රමයක් හැටියට තමන් නැසීමට තමන්ගේ සිතුවිලිම පහළ කරවීම කරයි. එබැවින් කරන කියන දේ පිළිඳව හිතට එන අදහස් අනුව තමා කටයුතු කරයි. අවසානයේ තමාගේ විනාශය ළංවී ඇති බව තමාටම වැටහේ. කෙසේ වෙතත් ලංකාරක්ෂක විභිෂණ දෙවියන් මෙන්ම තවත් ලංකාරක්ෂක දෙවිකෙනෙක් හැටියට සිහිමුර්ජාවෙන් නැගිට්ට රාවණ රජුද සඳහන් කළ හැකිය. අවි නොගත් මිනිසුන් ආරක්ෂා කරන්නට රාවණ කැමතිය.
එබැවින් අවි ගත්තවුන් නැසීමටත්, අයුක්තිය පැරදවීමටත් රාවණ දෙවි ඉදිරිපත් වෙයි. ඉදිරි යුගය ‘‘රාවණ දෙවි’’ බලය ලොව බලසම්පන්න වන කාලයයි. එම කාලයේ රටේ සිදුවන දෙයින් රාවණගේ ශක්තිය ඔබට අවබෝධ කර ගත හැකිය. අයුක්තිය වපුරන කාටවුව රාවණාගේ සමාන නැතිවේ. යුක්තිය ඉල්ලන අය රාවණ පිිහිට පැතුවොත් අවැසි අයට රාවණ යුක්තිය ඉටුකොට දේ.. ඒ සඳහා විභූති යක්ෂයා රාවණා සමඟ සිටී. රාවණාට කළ නොහැකි දඬුවම් විභූති යක්ෂයා විසින් ලබා දෙනු ඇත.
විභීෂණ සහ දැඩිමුණ්ඩ යනු මහා රාවණාගෙන් පසු ලක්දිව පාලනය කළ රජවරුය. මහා රාවණාගෙන් පසු දීර්ඝ රාජ නාමාවලියක් ලංකාව සතුය. විජයට පෙර ලංකාවේ රාජ්‍ය පරම්පරාව මෙයයි. (ඒ පිළිබඳ විශේෂ ලිපිය ලබන සතියේ කියවන්න)
විජයට එහා රාජ පරම්පරාව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ හෙළි නොවුණකි. මේ පැරණි රජ පරපුරට අයත් දැඩිමුණ්ඩ හා විභීෂණ රජවරු වර්තමානයේ දේවත්වයට පත්ව පිදුම් ලබයි.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදි වී වසර පහක් පමණ නිසා එතුමාගේ දේවත්වය පමා විය. රාමා, හනුමන්තා යන අයට දේවාල ඉදිවී ඉන්දියාවේ මහා පරිමාණ වශයෙන් වන්දනීය, පූජනීයත්වයට පත්වේ. අහස සිඹින තරම් හනුමා ප‍්‍රතිමා, රාම ප‍්‍රතිමා ඉන්දියාවේ ඉදිවී තිබේ. රාම-රාවණ යුද්ධයේදී රාම ජය ගැනීමන් සමඟ ඔහු ඉන්දියාවේ පූජනීය චරිතයක් ලෙස පැවත එන්නට විණ.
නමුත් යුද්ධයේදී සිහිමුර්ජා වී, පරාජය ලැබූ විශිෂ්ඨ ඥානයක් තිබුණු රාවණ කාගේ හෝ වන්දනාවට, පූජාවට පාත‍්‍ර නොවීය. හුදෙක් වත්මන් ලක් වැස්සෝද රාවණ පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරති. රාවණ පරපුර හෙළා දකිති. එවැන්නක් නැති බව කියති.
මේ කෙසේ හෝ වේවා ලක්දිව කේන්ද්‍ර කොට දැනුමින් විශිෂ්ඨ රාජ්‍ය අධිරාජ්‍ය බලය පැතිරවූ රාවණාව ලක් වැසියන් හැර අන් කවරෙක් පිළි ගන්නද? රාම සමග සටන් කළ රාවණව ඉන්දියාව පිළිගන්නේ නැත. පිළිගත්තද ඒ අතළොස්සකි. විභීෂණ දැඩිමුණ්ඩ දේවත්වයට පත් වෙද්දී රාවණ දෙවියන් පිළිගත යුතු සාමය උදාවී ඇත. ඉරිදා ලංකාදීපය, ආචාර්ය මිරැන්ඩෝ සමඟ ගොඩ නගන්නේ රටේ මේ දිනවල අතිශයෙන් කතා බහට ලක් කරන මතවාදයකි. අපට මේ රටේ මහා නායක හිමිවරුන්, පිළිගත් විද්වතුන් පවා කතා කොට මේ පිළිබඳ ප‍්‍රසාදය පළ කළහ. ඉඳහිට ගලක් දෙකක් ද වැදුණහ.
කෙස් වෙතත් මේ ලිපි පෙළින් පසු ලංකාවේ රාවණ වෙනුවෙන් දේවාල ඉඳිවී රාවණ රජු ජාතියේ ප‍්‍රසාදයට පූජනීයත්වයට පත් වනු ඇත. එවිට වඩාත් වැඩියෙන් රාවණ ලංකාරක්ෂක රාජකාරිය සිදු කරනු ඇත. රටේ ජනයා පීඩා විඳින අයුක්තියට, අසාධාරණයට සාධාරණ විසදුම් ලැබෙන යුගයක් ලඟදීම උදාවනු ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කළු කොට කොන්ඩෙ බැඳපු චිනෙක්ට කියන්න. (ස)
ඕක ඉන්දියාවේ කතන්දරයක් විතරයි. අපේ මේ අදහස් දමන අයගේ මානසිකත්වය මේ දමලා තියන අදහස් වලින්ම පෙනෙනවා. දැන්වත් අහගන්න රාවනා කියන්නේ නිකම්ම නිකම් චරිතයක් විතරයි. එහෙම කෙනෙක් මෙහෙ හිටියේ නැහැ.(නදී)
ඔප්පු කරන්න ශාක්ෂි තියෙනවද? (නදී)
මෙයා ලංකාවට අවොත් නියෝජ්‍ය ඇමතිකමක් ස්ථීරයි (අ)
රටේ ජනයා පීඩා විඳින අයුක්තියට, අසාධාරණයට සාධාරණ විසදුම් ලැබෙන යුගයක් ලඟදීම එනවා නම් සතුට කාරණාවක්. කව්රු හරි එන්න ඕනි එ්කට තමයි (නදී)
කුවේණි කපු කටිමින් හිටියා නොවෙයි නිලන්ත විජයගේ හොරු කණ්ඩායම දැක්කා කුවේණිගේ පරපුරේ උදවියගේ දවස් හතක විවාහ මංගල උත්සවයක්. එ් කාලෙත් අපි වැදගත් ජාතියක් තමයි. (නදී)
යක්ෂ නාග දරුවනි, රාවණා රජුට සැලියුට් ගහන්න, දේවාල හදන්න, මල් පුදන්න. ඉන්දියාවෙන් ආ විජය සිංහල ජාතියේ මුත්තා කියල හිතාගෙන ඉන්න උදවියට තද වෙයි. ඒකට කමක් නැහැ. (නදී)
විජයගෙන් නේද ලංකාවේ ඉතිහාසය පටන්ගන්නේ? (නි)
මේක කලු කොට කොන්ඩේ බැදපු චීනෙකුට කිව්වොත් ඒ චීනාටත් තේරෙනවා මොකද චීනත් රාවනා දෙවි කෙනෙක් හැටියට අදහන නිසා (නදී)
ඉතාම වැදගත් ලිපියක්. රාවණ රජු සහ පිට සක්වල සමඟ තිබුන සබඳතා ගැන තව කරුණු හෙළි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි කියල හිතෙනවා (නදී)
ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ කොඩ්රිංටන් මහතා අපේ ඉතිහාසය ලියුවේ ඉංග්‍රීසීන්ට අවශ්‍ය විදියට. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මහාවංශය ලියවුණේ. ඒක මහානාග හාමුදුරුවෝ ලියපු පොත් පහක් එකතු කරලා ලියපු මහාවංශය විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටියා කියලා මහාවංශයේ තියෙනවා නේද ? එකෙන්ම තේරෙනවා නේද විජය එනවිටත් අපි වැදගත් ජාතියක් කියලා. (ස)
රාවණා ශ්‍රේෂ්ඨයි (නදී)
සම්පූර්ණ ඇත්ත නොවන්නටද පුළුවන.ලෝකයේ දියුණු විය යුත්තේ තාර්කික චින්තනය මිස සත්‍ය යැයි ගනිමින් පුරාණෝක්ති හා මිත්‍යා විශ්වාස හඹා යාම නොවේ. වර්තමාන යුගය මිනිසුන් පීඩා විඳින මෙන්ම අයුක්තිය රජ කරන යුගයක් බවත් රාවණෘ රජු වැන්නන්ගේ ආගමනය සාතිශය වැදගත් බවත් මෙයින් පැහැදිලි වෙනවා නේද? (නි)
ඉතාමත් හොඳ ලිපි පෙළකි. (නදී)
නත්ති ජාතස්ස අමරණං ... (නි)
රාවණා යනු ලංකා ඉතිහාසයේ සදා නොමැකෙන චරිතයකි (නි)
ඉතාම වැදගත් ලිපියක්. රාවණ රජු සහ පිට සක්වල සමඟ තිබුන සබඳතා ගැන තව කරුණු හෙළි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි කියල හිතෙනවා.(අ)
අනේ මන්දා, මොකුත් කියන්නත් බැහැ, නොකියත් බැහැ (නි)
බන්දුල පෙරේරා, තමන්ගෙ බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරන්න එපා.ඔබ ලංකාවෙ අතීත කාලයේ සිට ජීවත් වුණාද? නැහැනේ. (නි)
නියමයි (දී)
ඇත්තද මේ කතා (දී)
රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව - (දැන් අපි හැම පන්සලකම දේවාල හදමු.) (දී)
මේ වගේ කාලගුණ විපර්යාස වෙන දේවල් වලටත් දෙවිවරුන්ව ගාවගන්න එපා සොබාදහම ගැන නොදන්නා මහාචාර්ය වරයොත් ඉන්නවා නේද රාවණට සිහිය ලැබුණේ වසර 5 කට කලින්ද ඊට කලින් සිංහරාජේ එතුලේ මිනිස්සුන්ට සත්තු ගැහුවේ නැද්ද සතුන් තමාගේ ආරක්ෂාවට මොනවා හරි කරනවමයි අනික ගුවන් තොටුපොළවල් එල් ටී ටී ඊ එකෙන් අල්ලපු එවයි ජනාධිපති හදපුවයි දන්නේ කවදාහරි ඔය රාවන දුටුගැමුණු රජුට මහින්ද රාජපක්ෂ සමකරා වගේ රාවණාගේ හැදුනුම් පතත් ගහන්නද යන්නේ කොහොම වුණත් රාවනා ඉන්න ඇති අතිශෝක්තියෙන් නැතුව කරුණු ගලපන්න එතකොට සමන් දෙවියෝ වගේ දේවත්වයෙන් සලකන රජෙක් විදිහට පිළිගනියි මාත් කැමතියි ඒවගේ පිළිගන්න හැබැයි පිළිගන්න පුළුවන් විස්තර වෙන්න ඕනි මිනිහෙක්ට කරන්න බැරිදේවල් කරන්න බෑ නේද බලයක් තිබුනත් බුදුන්ට එහා ගිය බලයක් කොහෙද රුවන් අපි කවුරුත් අතීතයේ නෙමෙයි එනිසා හිතල විමසල පිළිගත යුතුයි අනික තව ලිපියක තිබුණ රාවනා ගේ ආරක්ෂකයෝ 21 දෙනා මළවුන්ගෙන් ගෙන්න ගත්ත කියනවා නම් දෙවිවරුන් යක්ෂයෝයි එකට ඉදිද (අ)
කාලෙන් කාලෙට එන දේවල් අනුව තවත් එක මිත්‍යාවක් වෙනද පුළුවන් ඕක. (අ)
රිටිගල රාවන දෙවොලක් හදන්න ආධාර කරන්න (නදී)
බන්දුල පෙරේරා ,ඔබ වගේ තව 10 හිටියනම් ලංකාවට බුදු සරණයි. ඉතිහාසයට අපහාස කරනවා නම් ඔබගේ ජාතිකත්වය ගැන මට හිතාගන්න පුළුවන්. ඔයා කොහොමද මේවා බොරු කියල කියන්නේ. අපට ඔප්පු කරලා පෙන්නන්න. (ස)
මේ අය ගැන අමතකකරලා අපේ ගමන අපි යමු. රාවණා කියන්නේ හෙළ ඉතිහාසයේ වැදගත් කොටසක් ..... ! (නි)
මම පිළිගන්නවා රාවණා රජතුමා හිටියා.රාවණා රජතුමා ඉන්නවා. එතුමා අමරණීයයි.....! (නි)
මම මෙි ලිපි පෙලට හරිම ආසයි. මම විශ්වාස කරනවා අපේ රටෙි අපට වටිනා ඉතිහාසයක් තිබුණා කියලා. (ර)
මේ ලිපිය ඉතාමත් වැදගත් ලිපියකි. එයින් පෙන්වන්නේ අෑත අතීතයේ සිට ශ්‍රී ලාංකීය ජාතිය අපේ රජවරු පාවාදුන් බවයි. රාම කුමරාට රාවණා ගැන ගතු කීවේ ඔහුගේම සොහොයුරා විභීෂණය. ඒ නිසා රාවණා විෂ මූර්ඡාවිය. අදටත් ඒ් පාවාදීම් ඒ අාකාරයටම පවතිනවා. අපේ රජවරුන්ට වඩා ඉන්දියාවේ අය අගය කරන සමාජයක් අදටත් ඇත. අද රටේ වැඩි දෙනෙක් රාමායණය අගයකොට බලති. එහෙත් රාවණා රජු ගැන වචනයකුදු නොකියති. මෙවන් ලිපියකින් හරි අපි ශ්‍රේෂ්ඨ ජාතියක් බව දැනගැනිම හරි සතුටුයි (නි)
මේවා හුදු මතවාද පමණයි! (හේ)
මුලින්ම බොහොමයක් ස්තුති කරනවා! ඒ වගේම බොහොම හොඳ කරුණු ටිකක් අවබෝධ වුණා. රාවණා රජ්ජුරුවන්ගෙ මෘත දේහය තියන කොත්මලේ පෙට්ටිගල කන්ද ගැනත් කියන්න. මම කැමැතියි දවසක් දෙකක්වත් පෙට්ටිගල පර්වතයට ගිහින් පර්යේෂණ කරන්න (නි)
රාවණා රජු සක්විති රජ කෙනෙක් කියලා මම පිලිගන්නවා... රාවනා රඡු ඊජිප්තුවේ පිරමීඩ තැණීමේ තාක්ෂණය ලබාදුන් බවත් මම ජනප්‍රවාදයේ අහල තියෙනවා.... ලිපියේ සදහන් කර ඇති පරිදි මිරැන්ඩෝ ඔබේසේකර මහතා අඟහරු ග්‍රහයාට සුවිශේෂී තාවයක් දීල තියෙනවා.. අගහරු ග්‍රහයාගේ දියුණු ජීවයක් පවතින බව ඔහු එක හෙලා කියනවා... මට දැනෙන විදිහට ඒක වැරදියි.. සක්වල දියුණු ජිවීන් ඉන්න බව ඇත්ත.. ඒත් අඟහරුගේම කියල අපිට කියන්න බෑ... අපේ හබල් දුරේක්ෂයට අප සෞරග්‍රහ මණ්ඩයේ ඇති ග්‍රහ වස්තූන් ඉතා සමීපව නිරීක්ෂණය කල හැකිය.. අඟහරු ග්‍රහයා පෘතුවියට ආසන්නව සිටින බැවින් අඟහරු ග්‍රහයා නිරන්තරයෙන් පරික්ෂාවට භාජනය වනවා සේම එහි බුද්ධිමත් ඡිවක් පවතින බවට මෙතෙක් අණාවරණය වී නොමැත... (ර)
රාවණා අපගේ ශ්‍රේෂ්ඨ රජෙකු වේ.කවුරු විශ්වාස නොකළත් මම ඒ බව විශ්වාස කරමි.හින්දු භක්තිකයන් වසරක් වසරක් පාසා රාවණා රජුගේ විශාල රුවක් සාදා පුච්චන්නේ රාමාගේ ජයග්‍රහණය සිහිකිරීමට වුවත් රාවණා රජුද ඒ සමඟම සිහිපත් කරයි.එමෙන්ම රාවණා රජු මියගියේ නැති බවද මම විශ්වාස කරමි.හේතුව එතුමා අමරණීයත්වය ලැබූ කෙනෙකි. (නි)
මම මේ දේවල් විශ්වාස කරනවා. ආචාර්ය මිරැන්ඩෝ මහත්තයාට බොහොම පින්. මේ ගැන හොයලා අපේ ඉතිහාසය ගොඩනඟන්න ඕනෑ. (නි)
ගොඩක් වැදගත් ලිපියක්. බුද්දිය තියන අය තම නැණ පමණින් අවබෝදය කරගනීවි. අප බුදුරජාණන් වහන්සේ පවා දේශනාකර තියනවා මේ පොලව සෙලවියහැකි දෙවිවරු ඉන්න පුළුවන් කියලා. ඉතින් අපට සතුටක් අපේ බලසම්පන්න රාවනා රජතුමා නැවත නැගිටීම. ලංකාවට හොඳ කාලයක් යයි. (නදී)
ප්‍රේම්, සියල්ල අනිත්‍ය බව බුදුන් වහන්සේත් දේශනාකර තිබෙනවා නේද? (නි)
බුදුන් වහන්සේත් කිව්වේ කවුරුවත් කියූ පළියට යමක් පිළිගන්න අවශ්‍ය නැත කියායි. (නි)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන අහලා නැද්ද? (නි)
මම මේ දේවල් විශ්වාස කරනවා . අපි දකින දෙයටවඩා නොදකින දේ වැඩි. නවීන විද්‍යාවට පවා සොයාගත නොහැකි අද්බූත දේවල් ඔිනේ තරම් ලෝකයේ තිබෙනවා (අ)
රාවණා රජුට පුජා කළ හැකි අයුරු අපිට කියන්න. ඉතා විෂිෂ්ට ලිපි පෙළකි. (නි)
රාවණා රජුට පූජා තැබිය හැකි තැනක් අපිට කියන්න (නි)
මේ ලිපි පෙළින් පසු රාවණා වෙනුවෙන් දේවාල ඉඳිවී රාවණ රජු ජාතියේ ප‍්‍රසාදයට පූජනීයත්වයට පත්වෙලා, අයුක්තියට, අසාධාරණයට රාවණාගෙන්ම සාධාරණ විසදුම් ලැබෙනකන් ඉන්න කියලද ඔබතුමාලා දැන් අපිට කියන්නේ ?(අ)
සිංහරාජයට එනවා කියන කතාව ඔප්පුකරන්නේ කෙසේද? (නි)
රාවණ රජතුමා අපට අභිමානයක් වුවත් මේ කතාවේ සඳහන් සියලු දේවල් 100%ක්ම පිළිගන්න අමාරුයි. අනික රාවණ රජතුමා අදත් සිංහරාජයට එනවා කියන කතාව ඔප්පු කරන්න පුළුවන් කෙසේද? (නි)
"වැදු මවත් දිනු දේශයත් - ස්වර්ගයටත් වැඩිය අගනේය" (නි)
අඟහරු ලෝකයේ මනුෂ්‍යයින් තරම් දියුණු ජීවින් නොමැති බව අද වනවිට සොයාගෙන තිබෙනවා. පිටසක්වල යානා යයි හඳුන්වන යානා විශේෂය වෙනත් චක්‍රාවටයක සිටින ජීවින් විශේෂයක් විය හැකියි. (නි)
සැබැවින්ම ශ්‍රී ලාංකිකයින් වශයෙන් රාවණා රජු අපේ රටට ආඩම්බරයක්.....!! (නි)
ඉතාම උනන්දුවෙන් කියවිය හැකි ලිපියකි (නි)
හරිම කුතුහලයක් දැනුනා (නි)
මම හිතන්නේ එදා වාල්මිකී රාමායනය ගුප්ත සහ ප්‍රභන්ද සමග සම්මිශ්‍රණයෙන් ලියු සත්‍ය කාව්‍යක්නම් මෙකල මිරැන්ඩෝ ඔබෙසේකරයන්ද කරන්නේ ඒ රාමායනය නැවතත් රාවනාවතට හරවා ලිවීමක්යයි සිතේ. කෙසේ වෙතත් වසර දහස් ගණනකට පෙර රාමගේ නුවර බවට සැලකෙන එහෙත් ගොදබිමදී සොයා නොගත් නිසා කිසිවෙක් විශ්වාස නොකළ "ද්වාරකාව" අද ඉන්දියාවේ ගිණිකොනදිග මුහුදු පතලකින් සොයාගෙන තිබේ. තවද ජාපනයේ "යොනගුනි ජීමා" වෙරල තීරයේ අඩි 160ක් ගැබුරින් තවත් දැවැන්ත ශිලා ස්ථම්බිත නගරයක් සොයාගෙන ඇත. පුරා විද්‍යාඥයින් පවසන්නේ මේවා එකම කාලයකට අයත් බවය. ඉතිහාසය නොපෙනී ඇති නිසා එය එසේ නුවායයි කිසිවෙකුට කිව නොහැක. (දී)
ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් (නදී)
හොඳ කතාවක් කියවන්න ආසා හිතෙනවා. සිංහලයන් වන අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා (නදී)
ඔහු ඉතාමත් ශේෂ්ඨ රජ කෙනෙකි මහා වෙදෙකි අපි සදා ඔහු සමගයි (නදී)
මාරයි (නදී)
බොරුවක් හෝ ඇත්තක් හෝ වේවා, මම එම කතාවෙන් යම්කිසි දැනුමක් ලබාගත්තෙමි (නි)
අපි නොදන්නා හැමදේම බැහැර කරන්න බැහැ. එහෙත් බුද්ධ වර්ෂ වලින් කරන කාලය ගැළපීම පැටලිලිසහිතයි. (නි)
මෙම ලිපි පෙළ මා ඉතාමත් අගය කරනවා. මීටත් වඩා සාධක සහිතව මෙම ඔප්පු කිරීම් කරනවා නම් එය ඉතා හොදය. (අ)
යම් මතවාදයක් බලෙන් පැටවීම නුසුදුසුයි. එය විමසා බලා පිළිගැනීමේ අයිතිය මහජනයා සතුයි (නි)
ලංකාව හැම වෙලාවෙම පෙනෙනදේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරනවා. (නි)
බොහොම අගය දනවන ලිපියක් අද වෙන විට රාවණ රජුගේ බැල්ම නිසා රටේ සිංහලයන් තුල සිංහලත්වය වෙනුවෙන් සටන අරඹා ඇත.(අ)
ගොඩාක් වැදගත් ලිපියක්. මාද මෙවැනි අතීතේ වැදගත් දේ කියවන්න ඉතාමත් ප්‍රියකරන පුද්ගලයෙක්. අපිට දැන ගැනීම සදහා ලිපිය සැපයුවාට ලංකාදීපයට ස්තුතියි.
ලිපියේ සමහරක් කරුණු සත්‍යි. එ්ත් තවත් සමහරක් ඒවා පිලි ගන්නට නොහැකියි. අපිට සිද්ද වෙන්නේ මේකේ අනන්යතාවය ඉදිරියට වෙන දේවල් වලින් තහවුරු කර ගමු. (නදී)
ඉතිහාසය කියවීම තුලින් වර්තමානය ගොඩ නැඟේ. ඔබේ ක්‍රියාව ඉතාමත් කාලෝචිතයි (නි)
රාවණ රජු සීගිරියේත් හිටියා කියල තිබුන නේද. මේ ලිපියේ තියෙන දේවල් ඇත්ත නම් දැන් නිතරම සීගිරියේ බමරු ඇවිස්සිලා අනින්නේ රාවණ රජුගේ බලපෑමෙන් වෙන්න පුළුවන් නේද. මොකද සීගිරි යන ගොඩක් අය සීගිරිය අපවිත්‍ර කරනවා. අනේ රාවණ රජුනි අපේ පුරා වස්තු විනාශ කරන අයටත් දඩුවම් කරන්න. (නදී)
රාවණ රජු පිළිබදව නොකියවුණු තොරතුරු බොහෝ ඇත මේ අයුරින් වත් රටතුල අැති අයුක්තිය අසාධාරණය දුරුෙවිවා. (දී)
කවුරු මොනවා, මං ඉස්සරහට ඇවිල්ලා කිවුවත් මං පිළිගන්නවා රාවණා රජු හා රාවණා ශිශ්ටාචාරයක් තිබ්බා. එත් අවාසනාවකට අපිට ඒක ඔප්පු කරන්ඩ විදිහක් නෑනේ.
ඇත්තටම හොඳ දෙයක්.. මන් කැමති අපේ රාවනා අප්පච්චි ගැන තව විස්තර දැනගන්න...
රාවණා අපේ රටේ සිටි බලසම්පන්නම රජෙකි. නමුත් ඔහු සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විද්‍යාත්මක පරීක්ෂණකින් තොරව තොරතුරු ඉදිරිපත් කිරීම රාවනා සත්‍යය යටපත් වීමට හේතුවක් විය හැක. රාවණා විශ්වයේ වෙනත් ග්‍රහලෝක සමග ගනුදෙනු කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් අඟහරු සම්බන්ධ කර කතා ගෙතීමෙන් සැබෑ සත්‍යය යටපත් විය හැක.
සමහරක් දේවල් පිළිගන්න අමාරුයි. ඒත් අපි නොදන්න දේවල් වෙලා නෑ කියලා කියන්නත් බෑනේ.. කොහොම වුණත් දැනුවත් කළාට ස්තුතියි...!!!
ඔයාලා ඔක්කොම එක එක අදහස් වල ඉන්නවා ඒ හැම ප්‍රශ්නයකටම පිලිතුරු ගන්ට පුලුවන් ..... දේව අධ්‍යාපන ඔයලට ලබා ගන්ට පුලුවන්නම් .. දේව අධ්‍යාපන කිව්වෙ සූ සැට කලා කලා වලට...
රාවණා ඉතිහාසය ගොඩක් වැදගත් මාතෘකාවක්... ඇත්තටම හොයලා බලනවා නම් මුලු සිව්හෙළයේම උරුමය අපේ රාවණා රජු තමයි. මට හදවතේ ලොකු විශ්වාසයක් තියෙනවා... මේ කතා කිසිසේත් මිථ්‍යාවක් නෙවෙයි...
රාවණා රජු, මගෙ වීරයාට රාවණා රජු තරම් බලවත් කෙනෙකු නැත රාවණාට ජයවෙවා....!!!
මා තනිව භාවනා කරන අයෙක් විය.මාගෙ ගුරුවරුන් ලෙස රාවණ දෙවියන් සහ ශිවදෙවියන් වන අතර පුලස්ති ඍෂිඳුන්, කාළනෙමි ඍෂිඳුන් , විශ්‍රවස් මුනිදුන් යන අයගෙන් පිහිට ආශිර්වාද පතා ඔවූන් සිහිකර මාගෙ භාවනා කටයුතු මා විසින් කරනව. ඒ වාගේම මන්ඳෝදරී මෑනියන්ඳ මා උදෑසන සිහිකරනව. රාවණා රජුන් මා දැඩිවම විෂ්වාස කරනවා. රාවණා රජු විෂ්ව ශක්තියෙන් බලසම්පන්න වූ අද්‍යාත්මය දිවූණු තිවූණු කල අයෙක් විය. එසේම මාගෙ ද දැඩි අරමුණක් ඇත මේ ලෝකයේ අපි සිටින්නේ වටිනාම දේශයේ ය. විෂ්ව ශක්තිය නම් ඒ වටිනා වස්තුව වැඩි වශයෙන් අඩුවක් නැතුව මේ දේශයට ලැබෙනු ඇත. එම වටිනා වස්තුවෙන් බොහෝ සෙයීන් වැඩගත් ඔහුනම් හෙලයේ මහා රාවණා ය..