මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.
ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී
දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.
ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා, ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
කලක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ලස්සනයි
මේ විස්තරය ඉතා විශිෂ්ටයි , මගේ කේවල ව්‍යාපෘතියට ඇතුලත් කිරීමට හොද තොරතුරු ලැබුන....(බ)
පාසල් දරුවන්ට ඉතා වටිනවා. මම රත්නපුර නිසා නිහතමානි සතුටක් දැනෙනවා මගේ දිස්ත්‍රික්කය පිළිබදව..(හේ)
අධ්‍යාපනික වශයෙන් වැදගත් ලිපියක් (නි)
ෂා මරුනේ! ගොඩක් ලස්සනයි. (නදී)
ඉතාම වැදගත් වුණා මට මේ ලිපිය. බොහෝම ස්තුතියි! තව තවත් මේ වගේ ලිපි ලියන්න. (නි)
ළමයින්ට ගොඩක් ප්‍රෙයෝජනවත් (නදී)
දුටුවන් සතුටු වන, මනැසට පිරිය වන සිසිලස දෙමින් පවසට පැන් බිඳක් දෙන සුරකින සෙනෙහසින් ,තම දිවි නසන දන නිල් වන කුමරියනි, හෙට ලොව රකිනු මැන (නදී)
ගොඩක් හොදයි වනාන්තරයට ගීයා වගේ දැනුනා. (නදී)
හොඳයි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා (අ)
ශ්රී ලංකාව වදවී යන ශාක ගැනත් විස්තර ලබා දෙන්න (නි)
විශිෂ්ටයි.....! (නි)
මේ දසුන් නොදකින දැස් කුමටද ?? (ස)
විශිෂ්ටයි! තවත් ඡායාරූප එක් කරන්න. (නි)
මේ වගේ අපේ රටේ වනාන්තර පිළිබඳ ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්... මේ වගේ වනාන්තර පිළිබඳ තොරතුරු නැවත නැවත ඉදිරිපත් කරන්න..(සවි)
අපේ ලෝක උරුමය මතු පරපුරට දැකගන්න, ආරක්ෂ කරදීම බලධාරීන් වගකීමයි.
ගොඩක් ලස්සනයි මේ ලිපිය.මපග් ව්‍යාපෟතියට අවශ්‍ය කරන බොහො දේ මේ ලිපියෙ තියනවා. .
ඉතාමත් සුන්දරයි.මෙවැනි දේවල් දැනගැනීමට හරිම ආසයි.
ඉතාම වටිනා අදහස් සහ සිංහරාජය පිළිබද ෙතාරතුරු රැසක් පලකර තිබීම වැදගත්. පාසල් ළමුන්ටත් වැදගත්
හරිම ලස්සනයි.
හොදයි
වනයට ගියා වගේ දැනුනා
මට ම්‍ෙක ගොඩක් වැදගත් වුනා.ගොඩක් වටින අදහස් ටිකක්.
මෙය ඉතා ශ්‍රේෂ්ඨ ස්ථානයක්...
මේ තොරතුරු ඉතාමත් වැදගත් වුණා මගේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරගන්න.
1948 ට පෙර ඉතාම අවංකව සහ නිවැරදිව මුද්‍රණය කල අඟලේ සිතියම් වල සිංහරාජයේ නියම මායිම් ඇත. සුද්දන් පවා රැක්ක අපට ඇති එකම සදාහරිත නොඉඳුල් වැසි වනාන්තරය එය තුල සහ අවට ඇති සියළුම ඊනියා ගම් සහ දෙපාවන් සහ උන්ගේ නිර්මාණ වන ගොඩනැගිලි මංමාවත් හෝටල් තේ කම්හල් තේ වතු ආදී සියළුම මිනිස් ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම සිංහරාජය තුලින් සහ මායිම් අවටින් අප්‍රමාදව නිවැරදිව අවංකව බුද්ධිමත්ව වහාම ඉවත් කර ඔවුන් සියළු පහසුකම් සහිතව මොරගහකන්ද ව්‍යාපෘතිය තුල පදිංචි කරවා මෙම ජාතික සම්පත රැකගැනීම ලක්ෂ 203 ක් වූ පුරවැසියන්ගේ පරම යුතුකමයි.