IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හරක් බානයි - ගොවියායි අතුරුදන්වූ මහා වගුර

12_pg-18d--taksalawa--pgs

එදින සඳ ඇති රැයකි.  පහනක් ද ඇතිව සුදු ගවයන් දෙදෙනකු සමඟින් ගොවියෙක් රාත‍්‍රීයේ දී ඉඳුරන්නාවිල අසලම තම කුඹුරේ වැඩකරමින් සිටියේය. ගොවියා හා සුදු ගවයන් දෙදෙනා මෙන්ම නඟුලද ආලෝකය විහිදුවන පහන ද එක්වරම මඬ සහිත හැලේ එරී නොපෙනී ගියේය. ගොවියා කෑ ගසන හඬත් ගවයන්ගේ බෙරිහන්දීමත් මධ්‍යයේ මෙම විල අසල මහපොළවේ ගිලී ගිය ගොවියා නඟුල හා සුදු ගවයන් දෙදෙනා එකෙනෙහිම නොපෙනී මහපොළවට ගිලගත් බව පැරැුණි ගම්වැසියෝ පවසති. යක්ෂයෝ බිලිගත් බව ගම්මානයේ පැරණි පිරිසගේ මතයයි.


දෙවියන් විසින් දෙන ලද්දාවූ විල නැතහොත් ඉඳුරන්නාවිල මහාවිල් සහිත ගම්මානයේ අරුම පුදුම දිය බුබුලූ සොයා ගිය සුන්දර ගමන සත්තකින්ම බිය සැක මුසු වූ මහා දුෂ්කර ගමනකි. මෙම ගම්මානය සත්තකින්ම සුන්දරවූ ගමකි.

5

1

2
ගමෙහි අදටද ජීවත්වන වැඩිහිටියන් පවසන්නේ, මෙම ඉඳුරන්නාවිල කුඹුරු යාය හැල් කුඹුරු යායක් මඩ සහිත එරෙන සෙලවෙන බිම  වශයෙනුත් අතීතයෙදී අහංගම ගොවියා පාන ගම්මානය හා දේනුවෙළ නොහොත් දේනුවල දක්වා පැතිර  තිබු බවයි. මෙම විලෙහි ජලය ගොවියා පාන දක්වා ගලාගෙන ගොස් ඇත. අදටද මහාජල කඳක් මේ ගම්මානය හරහා තවත් ගම්මාන රැුසක් පසු කරමින් මහ මුහුදට ගලා බසියි.  


එකල ගොවියෝ ඉඳුරන්නාවිල ගමෙහි තම කුඹුරු සරිකර ගත්තේ නඟුල බැඳි හරක් දෙදෙනෙකු උපයෝගී කරගෙනයි. මෙම ප‍්‍රදේශයේ ගොවියන් මහා අස්වනු සරිකර ගත්තේ මේ අන්දමිනි.


එම ගම නැතහොත් ඉඳුරන්නාවිල ගමෙහි ගොවියෝ බලා සිටියදීම මෙම භූත, යක්ෂ වින්නැහිය සිදුවී විල අසලදී ගිලී ගිය පුවත අදටද ගැමියන් පවසන්නේ මහත් ත‍්‍රාසයකිනි.


එහෙත්, කාලයක්ම පහනේ ආලෝකය තිබු බවද තවත් ගම්වැසියෝ අප සමග කීහ. මේ ගමට ආසන්න ගම වූයේ පහන්චාලිය නැතහොත් පාන්චාලිය ගම්මානය වේ. පැන්තාලිය පසුව පහන්චාලිය වූ බව ද අදට මේ ගම පාන්චාලිය ලෙස නම් කර තිබේ. පාන්චාලිය ගමේ හතරමං හංදියේ පැන්තලියක් තිබූ නිසා මේ ගම පාන්චාලිය ලෙස නම්වූවා විය හැකි බව ගම්මුන්ගේ අදහසයි. සෑම දිසාවෙන්ම පාගමනින් ඇවිද එන ජනතාවට දිය පිපාසය සංසිදුවන්නට මේ පැන්තාලිය උපයෝගි කර ගත් බව ගැමියෝ කියති.


එම පැන්තාලියට දියගෙන එන ලද්දේ ඉඳුරන්නාවිල දිය බුබුල්වලින් බවද පැවසේ.
මෙම දිය බුබුල අසලින් බිලි ගන්නා ලද ගොවියා සහ සුදු ගවයන් දෙදෙනාද නඟුලද මෙතෙක් හමුව නැති බව ගම්වාසීහු පවසති.
ඉඳුරන්නාවිල දිය බුබුලේ ජලය මුහුදට වැටෙන ගොවියාපාන අසල මුහුදේ කුඩා ¥පතකි. එය හඳුන්වා ඇත්තේ යකින්නගේ දුව නමිනි. මේ ¥පතට අරක්ගත් යක්ෂණියක් සිටින බවට ද ගොවියාපාන ගම්මානයේ ජනතාව පවසයි. මේ ¥පතේ අරුම පුදුම ගල් කුහරයක් ඇති බවත් ඒ තුළින් ඈත මුහුදේ සිදුවීම් ළංකර  බැලීමට ද සතුරු මුහුදු යාත‍්‍රා තිබේද යන්න පහසුවෙන් පැහැදිලිව දැකගත හැකි ආකාරයටද මෙම ගල් සිදුර ස්වභාවිකම සකස්ව තිබූ බව ප‍්‍රදේශවාසීහු පවසති. වඩා ඈත මුහුදු සීමාවක් සමීපකර දිස්වන ආකාරයට මේ යකින්නගේ ¥පතේ ඇති අරුම පුදුම ගල් තලාවක සිදුරෙන් දැකිය හැකිබවද අදටද ගම්මානයේ ගම්මුන්ගේ විස්වාසයයි.

3
ඒ ආසන්නයේම දේනුවල නමින් ගම්මානයක් ඇති අතර එය ගොවියාපාන ගම්මානය අසලම පිහිටියේය. එයටද දෙවියන්ගේ යම් සම්බන්ධයක් ඇති බවද ඒ ගම් වැසියෝ පවසති. මේ සියලූම ගම්මානවල ආරම්භය ඉඳුරන්නාවිල මහා පුදුම බිලි ගන්නා වූ දිය බුබුල සහිත ඉඳුරන්නාවිල ගම්මානය බවද ප‍්‍රදේශවාසීහු පවසති. මේසා විශාල වටිනාකමක් ඇති ඉතිහාසයක් සහිත, මේ දිය බුබුල අදවන විට විනාශයට පත්ව ඇති බව ඉඳුරන්නාවිල ගොවීහු පවසති. ඉඳුරන්නාවිල ස්වභාවික දිය බුබුලේ ජල මූලාශ‍්‍ර පද්ධතිය විනාශවීමේ තර්ජනයකට ලක්වී ඇතැයි ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. අනාදිමත් කාලයක සිට මේ දිය බුබුලේ සංවර්ධනයට පියවර නොගැනීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ඉඳුරන්නාවිල දිය බුබුල් සුරැුකීමේ සංවිධානය සඳහන් කරයි.


ගාල්ල දිස්ත‍්‍රික්කයේ බිත්තර වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයෙන ඉඳුරන්නාවිල  යායේ, යල මහ දෙකන්නයේ වගා කටයුතු වෙනුවෙන් මෙම දිය බුබුලෙන්  ලැබෙන ජලය උපයෝගී කර ගැනේ.


මහවිල යාය, කැරැුන්ගහ ඕවිට යාය, බටකැටිය යාය, ඇතුකුඹුරු යායවල මේ දිය බුබුල් පැතිරී පවතී. දැනට බුබුල්  කිහිපයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. මෙම දිය ්බුබුල් සංවර්ධනය කොට ආරක්ෂා නොකළහොත්, ජලය හිඟවීමෙන් කන්නයක් පාසා විශාල වී අස්වැන්නක් රටට අහිමී වීමට ඉඩ ඇති බවද ගොවීහු පෙන්වා දෙති.


මේ සම්බන්ධව අදහස් දැක් වු ඉඳුරන්නාවිල දිය බුබුල් සුරැුකීමේ සංවිධානයේ සභාපති, එච්.කේ. සෝමපාල මහතා මෙසේ කීය.


ඉඳුරන්නාවිල ගම්මානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ, ඉමදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා සශී‍්‍රක ජනපදයක්. මෙහි පවුල් පන්සියයකට පමණ ගොඩමඩ ඉඩම් හිමිව තිබෙනවා. මෙම ප‍්‍රදේශය හරහා පවතින භූගත ජල මූලාශ‍්‍ර හේතුවෙන් යාය කිහිපයක දිය බුබුල් මතුවෙනවා. මේ ජලයෙන් කුඹුරු අක්කර 200 ක් පමණ සාර්ථකව වී වගා කරනවා. දැනට මෙම බුබුල් කිහිපයක් වැසීගොස් තිබෙනවා. මහවිල යායේ ප‍්‍රධාන බුබුලේ කොටසක්ද වැසීයාමේ තර්ජනයට ලක්වී තිබෙනවා. ඉදිරියේ දී මෙම බුබුල් රැුකගැනීමට ගොවීන්ට ශක්තියක් නැහැ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. අප මේ සංවිධානය හරහා අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ලබා ගැනීමට කටයුතු කරනවා.

    
වරෙක ජල සම්පත් මණ්ඩලය මඟින්, මේ ජල මූලාශ‍්‍ර ආශ‍්‍රිතව, නළ ළිං පද්ධතියක් ඉදිකොට වෙනත් ප‍්‍රදේශයකට ජලය ගෙනයාමට උත්සාහ කළා. ප‍්‍රදේශවාසීන් විරුද්ධවීම නිසා එම අවදානම නැතුව ගියා. ඒ නිසා දිය බුබුල්වලට හානි සිදුවුවා.


m



අදහස් (0)

හරක් බානයි - ගොවියායි අතුරුදන්වූ මහා වගුර

කුමාරි Wednesday, 08 October 2014 01:45 PM

ලොව කිසිම දෙයක් සදාකාලික නැහැ.ඉස්සර අපේ ගම [කුරුණෑගල] කොපමණ ලස්සනද?මෙලොව වෙනස් නොවෙන එකමදේද වෙනස්වීමයි. (නි)

:       0       0

ජනක Wednesday, 08 October 2014 09:10 AM

මේ සදහා රජය ඍජුවම සමබන්ද ක‍රන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4941 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 672 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site