සූනියම් දෙවියන්ගේ හා නාග දෙවියන්ගේ බල මහිමයෙන් නාගයන් 400 ක් පමණ අල්ලා ඒ නාගයන් සුවඳ කිරි පැන්වලින් නහවා දින හතක් පුද පූජා පවත්වා කැලෑවට අතහැර ඇතැයි කියන මාදම්පේ නෙළුම්පොකුණ ගමේ පදිංචිව සිටින ඩබ්ලිව්.ආර්. සිරිපාල මහතා තවත් දැවැන්ත නාගයෙක් දේව වරමින් අල්ලාගෙන පුද පූජා පවත්වමින් සිටින බවට අපට දැන ගැනීමට ලැබුණි.
දේව බලයෙන් නාගයා අල්ලාගෙන සුවඳ කිරිපැන්වලින් නහවා සුවඳ දුම් අල්ලා දින හතක් පුද පූජා පවත්වන මේ නාග රාජයා දැක බලා ඒ ගැන තවත් තොරතුරු සොයා බැලීම සඳහා පසුගිය 17 වැනිදා සිරිපාල මහතා සොයා අපි ගියෙමු.
මහත්තයලා එන්න ටිකකට කලියෙන් මෙයාව සඳුන් කිරි පැන්වලින් නහවලා පෙට්ටියට දැම්මේ. පෙට්ටියට දාන්න කලියෙන් මගේ ඔඩොක්කුවට වෙලා හුරතල් වෙමින් හිටියේ යැයි අපි ගෙදරට ගොඩවදින අවස්ථාවේ සිරිපාල මහතා පැවසුවේ නාගයා දමා ඇති පෙට්ටිය ද පෙන්වමිනි.
නිවසේ ඉස්තෝපුවේ මේසයක් මත ලෑලි පෙට්ටියක දැවැන්ත නාග රාජයෙක් දරණ ගසාගෙන නිසොල්මන්ව සිටින අයුරු අපට දැක ගැනීමට ලැබිණි.
මෙයා රජ කුලයට අයත් නාගයෙක් අඩි 4 යි අඟල් 6 ක් විතර දිගයි. මම පදිංචිවෙලා ඉන්න වත්තේ ඉඳලා තමා අල්ලා ගත්තේ. මෙයාව මීට කලින් මා අල්ලාගෙන දවස් හතක් සුවඳ කිරි පැන්වලින් නහවලා සුවඳ දුම් අල්ලලා මුදාහැරිය නාගයෙක්. මම බලා කියාගන්නා වත්ත අක්කර 12 ක් විතර ලොකුයි. මම අල්ලා පුදපූජා පවත්වලා අතහැරිය තවත් නාගයන් හය දෙනෙක් මේ වත්තේ ඉන්නවා. ඒ නයි අතරෙ අඩි අටක් විතර ලොකු නාගයෙක්ද ඉන්නවා.
සිරිපාල වෙද මහතා අපි සමග කථාවට මුලපුරමින් පැවසුවේ නාගයා දමා සිටි පෙට්ටියට අතින් ගසා මොකද පුතා නිදි නැගිටපන් යැයි පවසමිනි.
මම කියනදේ නාගයාට හොඳට තේරෙනවා යැයි සිරිපාල මහතා අප සමග කීවේ සිනාසෙමිනි.
පෙට්ටියට අතින් ගසන විට නාගයා වේගයෙන් පිඹින්නට පටන්ගත්තේ අපේ සිත්තුළ ද බියක් ජනිත කරමින්ය.
නෙළුම්පොකුණ හා ඒ අවට ගම්වල බොහෝ දෙනකු සිරිපාල මහතා හඳුන්වනු ලබන්නේ වෙද මහත්තයා යන නමින්ය.
දවස් හතක් පුද පූජා පවත්වලා කැලෑවට මුදා හැරි නාගයෙක් ආයෙත් අල්ලාගෙන පුද පූජා පැවැත්වීමට වෙද මහත්තයාට හිතුනේ ඇයිදැයි කියා මා විමසූවිට මාව හොයාගෙන කාලෙකට පස්සේ දොරකඩ ළඟටම ආපු නිසා ආයෙත් අල්ලාගෙන පුදපූජා පවත්වන්න හිතුනා ඒකයි අල්ලා ගත්තේ කියා ඔහු පැවසීය.
මම මෙයාව අල්ලාගත්තේ දැනට දවස් තුනකට විතර කලින් දවස් හතකින් පස්සේ මුදාහරිනවා. මෙයා මගේ දුවව එහෙම හොඳට හඳුනනවා. මට මේ විදිහට පිම්බත් දුවට නම් පිඹින්නේ නැහැ කියා සිරිපාල වෙදමහතා පවසා දියණිය දෙස බැලීය.
දුවට මේ නාග රාජයා ආදරෙයිද? තාත්තාට පිඹින විදිහට දුවට නාගයා පිඹින්නේ නැත්ද කියා විමසූ විට සිරිපාල වෙද මහත්තයාගේ දියණිය ඔව් යැයි කියා පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙන් මෙනි.
ඇය පාසල් යන බාලවයස්කාර දැරියකි.
කූඩුවේ සිටින නාග රාජයා ඇල්ලූවත් සිරිපාල මහතා අත් දෙකේ පවුඩර් තවරාගෙන තනිකරම රතු පැහැති රෙදි කැබැල්ලක් ද අතටගෙන කූඩුවට අත දැම්මේ නාගයා එළියට ගැනීම සඳහාය.
නාග රාජයා ඌ සිටි පෙට්ටියෙන් එළියට ගැනීමට සිරිපාල වෙද මහත්තයාට තරමක වෙහෙසක් ගැනීමට සිදුවූ බව අපට පැහැදිලිවම දක්නට ලැබුණු දෙයකි.
සිරිපාල වෙද මහත්තයා නාගයා කූඩුවෙන් එළියට ගැනීමට ගන්නා ඉරියව් සිය කැමරා කාචයේ සටහන් කරගනිමින් සිටි ඡායාරූප ශිල්පී එස්. හේරත් එක්වරම වෙද මහත්තයාට නයා ගැහැව්වානේද ඔය අතින් ලේ ගලනවා යැයි කියා කෑගැසුවාය.
කූඩුවෙන් පිටතට නාගයා ගැනීමට යාම නිසා ඌ සිටියේ කෝපාවිෂ්ඨවය. අප ඒ බව සනාථ කරගත්තේ ඌ මහ හයියෙන් පිඹීම නිසාය.
සිරිපාල මහතාගේ එක් අතක පිට අල්ලේ තැන් දෙකක් රත් පැහැ ගැන්වුනු ලේ බිංදු ගලා යමින් තිබෙන අයුරු දක්නට ලැබුණි.
නාගයා දෂ්ඨ කර ඇති නිසා අප පමණක් නොව ඈතටවී නාගයා පෙට්ටියෙන් ඉවතට ගැනීමට සිරිපාල මහතා ගන්නා උත්සාහය නරඹමින් සිටි අය ද මහත්සේ බියට පත්ව සිටියහ.
අප දෙදෙනා සිටියේ නාගයා දමා සිටි කූඩුව සමීපයේය.
කලබලයට පත්වූ සිරිපාල වෙද මහත්තයා ගේ ඇතුළට ගොස් මොහොතකට පසු අප සිටි ස්ථානයට පැමිණ ආයෙත් ගියේ ගෙයි දොරකඩ පැත්තට වන්නට සිටුවා තිබූ ඇවරිකණුව ළඟටය.රතුපාට රෙදිවලින් ඔතන ලද දෙවියන් වෙනුවෙන් සකසා තිබූ ඇවරි කණුව අසලටගොස් මොහොතක් බලා ඒ අසල රැඳී සිටි ඔහු නැවතත් අපි වාඩිවී සිටි ස්ථානයට පැමිණ පුටුවක අසුන්ගත්තේය.
වෙද මහත්තයා නාගයා කාපු එකට බෙහෙත් ගන්න යන්න. නැත්නම් ඔබගේ ජීවිතයට අනතුරක්වෙයි කියා පැවසූ විට දෙවියෝ කියනවා අවශ්‍ය නැහැ කියා. දෙවියෝ මාව සුවකරාවි යැයි පැවසීය.
නාගයා ඌ සිටි කූඩුවෙන් ඉවතට ගැනීමට සිරිපාල මහතාට තරමක අපහසුවක් දැණුනු නිසාත් කෝපාවිෂ්ඨවී සිටි ඌ දිගට හරහට පිඹීමට පටන්ගත් නිසාත් නාගයා කූඩුවෙන් එළියට නොගන්නා ලෙස සිරිපාල වෙද මහතාගෙන් මම දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහු නාගයා ඉවතට ගෙන අපට පෙන්නුවේය.
නාගයා කූඩුවෙන් ඉවතටගෙන අපට පෙන්වා නැවත කූඩුවට දමන විටත් සිරිපාල වෙද මහතාව නාගයා හපාකා තිබිණි.
නාගයන් අල්ලන්න මන්තර ජපකරන්න ඕනෑ නැහැ. නාගයා කිට්ටුවට ගිහින් ඌ අල්ලන්න යනවාත් එක්කම ඒ නාගයා පාලනය කරන සූනියම් හෝ නාග බහිරව දෙවියන්ගේ ආකර්ශනය බැල්ම මට ලැබෙනවා. ඒ බව මගේ ඇඟට තේරෙනවා එතකොට කිසිම උපද්‍රවයකින් තොරව නාගයා අල්ලාගන්න පුළුවනි. නාගයන් අල්ලන බොහෝදෙනෙක් උන්ව අල්ලන්නේ පෙනයට පහළින්. මම විතරයි නාගයාගේ කඳින් අල්ලන ලංකාවේ ඉන්න එකම එක්කෙනා. ඒ වරම මට ලැබිලා තියෙන්නේ සූනියම් හා නාග බහිරව දෙවියන්ගෙන් මට පමණයි. ඒ බව මා බය නැතුව පවසනවා.
සිරිපාල වෙද මහත්තයා මා සමග මේ කතාව මේ විදිහටම කියා සිටියේ මීට කලින් ඔහු හමුවී නාගයන් ඇල්ලීම ගැන තොරතුරු විමසීමට ගිය අවස්ථාවේදීය.
ඒ විස්තරය පෙබරවාරි මස 17 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවිය.
සිරිපාල වෙද මහතා කුමක් කීවත් අපි දුටුදේ ඇති සැටියෙන් පැවසිය යුතුය. ඇත්ත ඇති සැටියෙන් මෙන්ම දුටු ආකාරයට ද පවසන්නේ ඔහුට මදි පුංචිකමක් කිරීමට නොව ජනතාවට ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නිසාය.
කූඩුවේ සිටි නාගයා සිරිපාල වෙද මහත්තයා එළියට ගත්තේ ඌගේ කඳ පැත්තෙන් අල්ලාගෙන නම් නොවේ. පෙන ගොබයට පහළින් තදින් අල්ලාගෙන ඌ ඉවතටගෙන අපට පෙන්වා නැවතත් කූඩුවට දමනතෙක්ම පෙන ගොබයට පහළින් තදින් අල්ලාගෙන සිටි අයුරු අපට ඉතාම පැහැදිලිවම දක්නට ලැබුණු බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව තිබේ.
නාග බහිරව හා සූනියම් දෙවියන්ගේ වරමින් නාගයන් කඳ මැදින්ම කිසිම උපද්‍රවයකින් තොරව නාගයන් ඇල්ලීමට වරමක් ලැබී ඇති බව පැවසූ සිරිපාල වෙද මහත්තයාට මෙවැනි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූයේ ඇයිද යන්න අපටනම් ඇත්තේ ලොකු කුතුහලයකි.
නාගයන් ඇල්ලීමේ නිරතව සිටින පුද්ගලයන් ඒ සතුන් අල්ලාගන්නා ආකාරයටම සිරිපාල වෙද මහත්තයාද නාගයා අල්ලා ඉවතට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ අතට නාගයා දෂ්ඨ කරන්නට ඇත.
කිසියම් අවස්ථාවක ඔහුට පෙන ගොබයට පහළින් නිසිලෙස අල්ලා ගැනීමට නොහැකි වන්නට ඇතැයි අපි විශ්වාස කරමු.
සූනියම් හෝ නාග කඩවර දෙවියන්ගේ බලයක් සිරිපාල වෙද මහතාට තිබුණා නම් ඔහුව නාගයා හපා කෑවේ ඇයිද යන්න සිහි බුද්ධියෙන් යුතුව සිතා බලන ලෙස ඔබට බාර කරමි.
නාගයා කෑවත් රෝහලකට ගොස් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නොමැති බවත් දෙවියන්ගේ ඇති වරම නිසා නාග විෂ සිරුරෙන් ඉවත්ව ගිය බවත් සිරිපාල වෙද මහතා පවසයි.
නාගයන් දෂ්ඨ කරලා ලංකාවේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් මියගොස් තිබෙනවා යැයි සිරිපාල මහතා අප සමග කීවේ සර්පයන් දෂ්ඨ කර මිය ගිය බව කියන ප්‍රසිද්ධ දේශීය විෂ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද නම් පවසමිනි.
පුද පූජා පවත්වා නාගයන් තුන්හතර දෙනෙක්වුවත් තමා ළඟටම ගෙන්වා ගැනීමට අරුම පුදුම බලයක් ඇති බව සිරිපාල වෙද මහත්තයා අපට නැවතත් කියා සිටියේය.
මේ කටයුත්ත සඳහා වැයවන මුදල් ලබාදීමට හැකියාව තිබෙන බව පවසා පුද පූජා පවත්වා නාගයන් ගෙන්වා පෙන්වන ලෙසත් එයට ලොකු ප්‍රසිද්ධියක් ලබාදීමට හැකි බවත් අපි සිරිපාල වෙද මහත්තයාට දැනුම්දුන් පසු ඔහු කීවේ වෙනත් ලෙඩ රෝග සුවකිරීමට ඇති නිසා එවැනි දෙයකට කාලය වෙන් කළ නොහැකි බව ඔහු තරයේම පැවසීය.
යාග හෝම පවත්වා නාගයන් ගෙන්වා පෙන්වීමේ කටයුත්ත දැන් අතහැර දමා ඇති බවත් නාගයන් ගෙන්වා පෙන්වීමට වඩා අසරණ රෝගීන්ට පිහිටවීම වැදගත් වන බවත් කියා සිටි ඔහු අපේ ඉල්ලීම ඒ නිසා ඉටුකිරීමට නොහැකි බව කීය.
නාගයා බහා තිබූ කූඩුව තබා තිබූ මේසය මත බිත්තර ගෙඩියක් තිබෙන බව දුටු මා ඒ ගැන ඔහුගෙන් විමසුවේ නාගයන්ට බිත්තර දීමට තමාට (සිරිපාලට) අකැප බව කලින් වතාවක පැවසුවා නොවේද කියාය.
ඒ ප්‍රශ්නයට පිළිතුර දෙමින් සිරිපාල වෙද මහත්තයා පැවසුවේ මේ නාගයාට බිත්තර දුන්නාට කමක් නැහැ යනුවෙනි.
දළ ගැලවූ විට විෂ අඩුයි
මාදම්පේ රජයේ පර්යන්ත රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා
නාගයෙක් පොළෙඟක් හෝ වෙනයම් විෂඝෝර සර්පයෙක් කෙනකුට දෂ්ඨ කරද්දී ඌගේ ඇති දළ දෙක නිසා මුලින්ම සම සිදුරුවෙනවා. සර්පයාගේ විෂ ග්‍රන්ථිවල ඇති විෂ දළ දෙකට ඇතුළුවී ඒ හරහා සමේ ඇතිවී තිබෙන සිදුරු හරහා ලේවලට එකතුවෙනවා. එවිට වකුගඩු පවා අක්‍රියවී ඔහුගේ හෝ ඇයගේ මරණය පවා සිදුවීමට පුළුවනි.
දළ දෙක ගලවා ඉවත්කර තිබුණහොත් එහෙමත් නැතිනම් වෙනයම් කුමන හේතුවක් නිසා හෝ සර්පයාගේ විෂ ග්‍රන්ථිවල විෂ නොතිබුණහොත් ඒ සතාගේ විෂ සිරුරට ඇතුල් වෙන්නේ නැහැ. ගොදුරු සොයාගෙන යනවිට විෂඝෝර සර්පයන්ගේ උග්‍ර විෂක් තිබෙනවා.
මේ කියන පුද්ගලයාට නාගයා දෂ්ඨ කරන අවස්ථාවේ ඌගේ උග්‍ර විෂක් තියෙන්න නැතිව ඇති. උග්‍ර විෂක් තිබුණා නම් අනිවාර්යයෙන්ම විෂ සහිත සර්පයෙක් දෂ්ඨ කළාට ඇතිවන ලක්ෂණ පහළ වෙනවා. ඒක අනිවාර්යෙන්ම සිදුවන දෙයක්.
සර්පයෙක් දෂ්ඨ කළාට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට සතා හඳුනාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. රෝගියාට ප්‍රතිකාර ලබාදීමට එය වඩාත් පහසුයි.
නාගයාගේ දළ දෙක ගලවා තිබුණත් සම මතුපිට අලූත් තුවාලයක් එහෙම තිබුණොත් නාගයා දෂ්ඨ කිරීමේදී ඌගේ විෂ ග්‍රන්ථිවල ඇති විෂ සිරුරට ඇතුළුවීමට ඉඩ තිබෙනවා.
දේව බලයක් හෝ වෙනයම් අද්භූත බලවේගයක් නිසා සිරුරට ඇතුළු වූ උග්‍ර සර්ප විෂ පහව යනවා හෝ විෂ ඇතුළු වෙන්නේ නැහැ හෝ කියා යමෙක් හිතනවා නම් එය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මහා බොරුවක් බව පැවසිය යුතුයි. දේව බලයකින් හෝ අද්භූත බලවේගවලින් සර්ප විෂ නැතිකරන්න බැහැ. එවැනි හාස්කම් කරන්න පුළුවන් කිසිම ජගතෙක් අපේ රටේ තියා ලෝකයේ කිසිම රටක ජීවත් වෙන්නෙත් නැහැ.
බටහිර වෛද්‍ය විද්‍යාව අද හුඟක් දියුණුයි. ඒ නිසා සර්පයෙක් දෂ්ඨ කළාම වහාම රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීම තමා ඉතාම ඥානාන්විත හා බුද්ධිමත්ම ක්‍රියාව. එහෙම නැතිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර හෝ දෙවියන්ගේ බලමහිමය හෝ වෙනයම් අද්භූත බලවේග පසුපස ගියහොත් මරණයට පත්වීම වළක්වන්න බැහැ යැයි වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අවසාන වශයෙන් පැවසීය.
දත් ගැලවුවත් ඊළඟට දත් එන්න කාලයක් යනවා
උරග හා උභය ජීව විද්‍යාඥයකු වන ඇන්සලම් සිල්වා මහතා
නාගයින්ගේ ප්‍රධාන විෂ දළ දෙකට අමතරව ඊට පසුපසින් තවත් දළ හතරක් පමණ පිහිටා තිබෙනවා. ප්‍රධාන දළ දෙක ගලවා දැමූ පසු නාගයන්ගේ පිහිටා ඇති විෂ ග්‍රන්ථි තවත් දළ දෙකකට සම්බන්ධ වෙන්න සතියක් දෙකක් විතර යනවා. මෙසේ සම්බන්ධවීමට යන කාලය ඇතුළත නාගයෙක් දෂ්ඨ කළහොත් ඒ තැනැත්තා හෝ තැනැත්තියට නාග විෂක් ඇතුළු වෙන්නේ නැහැ. විෂඝෝර සර්පයන් කරන දෂ්ඨ කිරීම් වලින් 60% ක් විතර නිර්විෂ දෂ්ඨ කිරීම් බව විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
නාගයන්ට පොළන්ගුන්ට යමෙක් කථා කළාට ඇහෙන්නේ නැහැ. මිනිස්සු කරන ඉඟිබිඟි හා චලනවලට තමා ඒ සත්තු ප්‍රතිචාර දක්වන්නේ. නාගයාට කථා කළාට ඌ අපූරුවට අහගෙන ඉන්නවා. කථා කරන දේ හොඳට තේරෙනවා යැයි යමෙකු සිතන්නේ නම් එයත් බොරුවක්.
පුද පූජා පවත්වලා මුදා හරින නාගයින් මිනිසුන්ට දෂ්ඨ කරන්නේ නැහැ කියන එකත් බොරුවක්. මේ කතාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. දෙවියන්ට පුදපූජා පවත්වලා කන්නලව් කරලා නාගයන් හතර පස්දෙනෙක් ගෙන්වන්න පුළුවනි කියන එකත් පට්ටපල් බොරුවක්. පුළුවන්නම් එහෙම කරලා නාගයන් ගෙන්වා පෙන්වන්න කියා මා එවැනි හැකියාවක් ඇතැයි කියන ඕනෑම අයෙකුට මා නැවතත් අභියෝග කරනවා.
සැබැවින්ම උග්‍ර සර්ප විෂක් සිරුරට ඇතුල්වී ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යෙන්ම ලබාගත යුතුමයි. දේව වරමකින් හෝ වෙනයම් අද්භූත බලවේගවලින් ඒ විෂ සිරුරෙන් ඉවත් කරන්න කොහෙත්ම බැහැ යැයිද උරග හා උභය ජීව විද්‍යාඥ ඇන්සලම් සිල්වා මහතා පවසයි.
නාගයෙක්, කරවලෙක් වගේ සතෙක් මැරුවාම ඌ වගේ සත්තු 7 දෙනෙක් එනවා කියන එකේ සත්‍යයක් තිබෙනවා. හැබැයි මරා දමන ඒ සතා ගැහැණු සතකු විය යුතුයි. ගැහැණු සතා මරා දමන විට ඒ සතාගේත් පෙර මෝනයක් නිකුත් වෙනවා. ඒ පෙර මෝනය සුවඳ ඔස්සේ නාගයන් හෝ කරවල්ලූ එනවා. ඒ නිසා තමා මේ වගේ සතෙක් මරා දැමුවාට පස්සේ පුළුස්සා දැමිය යුතු බව පවසන්නේ.
විෂඝෝර සර්පයන් අල්ලන්න නිසි පුහුණුවක් තිබිය යුතුයි. නිසි පුහුණුවක් ඇත්නම් ඕනෑම කෙනකුට පහසුවෙන් ඒ සත්තු අල්ලන්න පුළුවනි. ඒ සඳහා කිසිම දේව බලයක් හෝ අද්භූත බලයක් අවශ්‍ය නැහැ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හාරසිය එක්වැනි නාගයාත් ඇල්ලූ සිරිපාල වෙදමහතාට නයෙක් ගහලා
ගමගේ Monday, 04 March 2013 09:46 PM
මම නම් නයි වැඩ වලට නැහැ මමනම් බයයි (දී)
දිනේෂ් Wednesday, 06 March 2013 03:33 PM
අම්මෝ මමනම් පන් බයයි (දී)
අශාන් Thursday, 07 March 2013 03:38 AM
නයි කයිද රෝස් පාන් (ස)
ඉෂාන් Sunday, 03 March 2013 07:37 PM
අනේ පවි. මොකට නයි බදා ගන්න යනවද?(නදී)
සෑම් Sunday, 03 March 2013 07:50 PM
අන්න එහෙමයි වෙන්න ඕනේ. මිත්‍යාව වපුරන්නේ නැතිව ඇත්ත කියන්න ඕනේ. (නදී)
කුමාර Tuesday, 05 March 2013 05:11 PM
මොනවා කලත් සතා සතාමයි (දී)
පෙරේරා Thursday, 07 March 2013 07:46 AM
මොනවා වුණත් විෂ සතා විෂයි. (නි)
අනෝජ් Monday, 04 March 2013 10:52 AM
දැන්වත් තේරෙනවාද නයිත් එක්ක සෙල්ලම් හොද නැහැ කියලා? (නි)
රැවන් Saturday, 09 March 2013 10:51 PM
පුදුමයි නේද (දී)
අනුරාධ Saturday, 13 April 2013 09:05 AM
සත්තුන්ට හිරිහැර කරන්න හොද නැහැ. පවු නයි හාමි. (නි)
නිල්මිණි Saturday, 09 March 2013 01:16 AM
මම නම් කියන්නේ මෙහෙම සත්තුන්ට කරදර කරන එක වැරදියි කියලා.
ජයී තිසර Friday, 08 March 2013 03:51 PM
යමක සත්‍ය අසත්‍ය තාවය පැහැදිළි කරමින් විද්‍යානුකූල කරණු දක්වමින් මෙවැනි ලිපි පළකිරීම ගැන කර්තෘ මණ්ඩලයට සහ මාධ්‍යවේදීන්ට ඉතා ප්‍රශංසා කරමි. (ස)
දිසානායක Monday, 04 March 2013 11:20 AM
අපිටත් පුලුවන් සාත්තර නම් කියන්න. (නි)
බණ්ඩා Saturday, 09 March 2013 03:00 AM
සාමාන්‍යයෙන් කවදාහරි මෙහෙම අය මැරෙන්නෙ නයෙක් ගහලයි. (නි)
ගාමිණී Sunday, 03 March 2013 10:38 PM
අපේ ගමෙත් හිටියා නයි වෙද මහත්තයෙක්. ඔහු මන්ත්‍ර බලයෙන් නයින් අල්ලන කෙනෙක්. වයස 70යි. (නි)
ඉෂාන් Saturday, 09 March 2013 02:39 PM
අනේ...පව් (ස)
දේව් Monday, 04 March 2013 12:54 AM
නයි දාගෙන කනවෝ, කනවෝ කියලා කියනවළු.(නදී)
තරිඳු Monday, 04 March 2013 12:28 PM
මෙන්න මිනිස්සු (දී)
සාගර Monday, 04 March 2013 12:39 PM
බය නැද්ද ? (දී)
දිසානායක Monday, 04 March 2013 01:44 AM
මොකද වෙද මහත්තයා කියන්නේ. බැළුම් ගලට කතාකරන්නද?(නදී)
දිසානායක Monday, 04 March 2013 01:44 AM
මොකද වෙද මහත්තයා දැන් කියන්නේ? අපි මේක බැලුම්ගලට කියන්නද? (නි)
චන්ද්‍රා Monday, 04 March 2013 12:51 PM
මම නම් පුදුම බයයි නයාට මේ වෙද මහත්තයා තව අල්ලනවා (දී)
රංජන් Tuesday, 02 April 2013 09:01 PM
අපි මෙයාට නයි රජා කියල නම දාමු නේද.?(නදී)
පාල Tuesday, 12 March 2013 01:21 PM
නයි අල්ලගත්තට කමක් නැහැ. හැබැයි පරිස්සමින්. (නි)
සිරි Monday, 04 March 2013 08:38 PM
මෙන්න අපට අවශ්‍ය සත්‍ය. අර මොකක්ද ඉරිදා පත්තරයකින් නම් හැම කියන්නෙ "ඇතුලු කෝට්ටේ භූත ගවේෂන මධ්‍යස්ථානය" ගැන. හරියට වෙළඳ ප්‍රචාරයක් වගේ.(නදී)
සනත් Sunday, 03 March 2013 04:15 PM
හොර වෙදෙක්. මිනිස්සු රවටලා .(නදී)