”මේ මොහොතේ කියන්න ඕනෑ ජාතිබේදය වාගේම ආගම් බේදයත් රටක විනාශයට හේතුවන බව. කවුරුන් හෝ ලංකාවේ නැවතත් ආගම් බේද, ජාති බේද, ඇතිකරනවා නම් ඒ අය සේවය කරන්නේ තමන්ගේ ආගමට නොවෙයි. රටේ බේදුම්වාදයට, ත‍්‍රස්තවාදයෙන් කරන්න බැරි වුණ දෙය මෙබඳු දෙයකින් කරන්න අප ඉඩ තියන්නේ නැහැ.’’
‘‘අද කොළඹත් දකුණත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙනවා. නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙනවා. හොඳම උදාහරණය මේ ති‍්‍රකුණාමලය. ති‍්‍රකුණාමලයේ වෙල්ගම රජමහා විහාරය ගොඩනඟන්න සිංහල බෞද්ධයෝ වගේම එක යුගයක හින්දු දෙමළ ජනතාවත් සම්මාදන් වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි දළදා හාමුදුරුවො වැඩ සිටින කන්ද උඩරට මහනුවර ප‍්‍රදේශයේ තිබෙන මීරා මක්කම් පල්ලිය හදන්න ඉඩම් ප‍්‍රදානය කළෙත් අස්ගිරිය පන්සලෙන්.’’
‘‘ජනතාව එකට ජීවත් වෙනකොට ජාති ආගම් බේද ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා ජාතීන් අනුව රට බෙදීම ප‍්‍රායෝගික නෑ. අපේ රටේ සියලූ ජාතීන් සමානව සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතුයි.”
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ වැදගත් ප‍්‍රකාශය කළේ පසුගියදා ති‍්‍රකුණාමලයේ පැවැති 65 වැනි නිදහස් උළෙලේ ප‍්‍රධාන දේශනය පවත්වමිනි. එය මේ අවදියේ කාගේත් අවධානයට ලක්විය යුතු බවට විවාදයක් නැත. නැවත ඉස්මතුවීමට වෙර දරන ජාතිවාදී හා ආගම්වාදී බලවේග ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙවන් ප‍්‍රකාශයක් තම නිදහස් දින කතාවට ඇතුළත් කළා වාගේය. එය කාලෝචිතය. මෙම ප‍්‍රකාශය සමඟින් ජාතික සමගියේ පැත්තෙන් රටේ නායකයාගේ හා රජයේ ස්ථාවරය පැහැදිලිය.
රටේ නායකයා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන ජනවර්ගය හා ප‍්‍රධාන ආගමට අයත් අයකු වුව ද ඔහුට හෝ ඔහුගේ රජයට ජාතිවාදී මෙන්ම ආගම්වාදී වී පාලනයක් ගෙනයා නොහැක. ඔහු සැමදෙනාගේ නායකයා මෙන්ම සෑම ආගමකම පොදු ආරක්‍ෂකයා ද වනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත වරක් සිය ප‍්‍රකාශයෙන් පැහැදිලි කරන්නේ එම ස්ථාවරය බව පෙනේ. එසේම නැවත ජාතිවාදී හෝ ආගම්වාදී ප‍්‍රවණතාවන්ට හිස එසවීමට ඉඩ නොදීම මේ ආණ්ඩුවේ වගකීමට යටත් බව ඔහු නොකියා කියනවා වාගේය.
.jpg)
”රටේ බෙදුම්වාදයට ත‍්‍රස්තවාදයට කරන්න බැරි වුණ දේ අප කරන්න ඉඩ තබන්නේ නැහැ.” ඔහු වගකීමකින් යුතුව පවසන්නේ කුමක්ද? මේ රටේ නැවතත් ජාතිවාදී හෝ ආගම්වාදී ප‍්‍රවණතාවකට ඉඩ තබන්නේ නැත යන්නය. නැතිනම් නැවත ලේ වැගිරවීමකට ඉඩක් නැත යන්නය. නැවතත් මේ අනුව ආණ්ඩුවේ හා නායකයාගේ චින්තනය පැහැදිලිය. නිරවුල්ය. ස්ථිර සාරය. එසේ නම් ඒ චින්තනයට අනුව ප‍්‍රායෝගික තලයේ කාර්යයන් සිදුවිය යුතුය. රටේ ආණ්ඩු පාලන යන්ත‍්‍රණය තුළ එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක විය යුතුයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මහජන මුදලින් වැටුප් ලබන කොටස් ද මේ චින්තනයට අනුගත වීම වැදගත්ය. එසේම ජනාධිපතිවරයා කල්පනා කරන, තරයේ සඳහන් කරන දෑ ප‍්‍රායෝගික තලයේ නිලධාරී යාන්ත‍්‍රණය හරහා එලෙසින්ම සිදුවෙනවා ද යන්න ගැන සුළු උදාහරණයකින් දෙකකින් වුවද වැටහීමක් ලබාගත හැකිය. පරස්පරය ඇත්තේ මෙතැනය.
පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද රේගු නිලධාරී රාජන් කනකසබේට මුහුණ දීමට සිදු වූ කාරණා මාධ්‍ය වාර්තා කරන පරිදි පමණක් නොව ඔහු සඳහන් කරන පරිදිම සාහසිකය. එය ඔහුගේ දෙමළ ජාතිකත්‍වය නිසාම සිදු වූ බව හැඟීයයි. ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පැහැදිලිය. ඒ සඳහා සොයා බැලීමට වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා ඇත. එහි ඇමතිධුරය දරන්නේ ජාතීන් අතර සහෝදරත්‍වය හා දෙමළ භාෂාවට සමතැන ලබා දෙන්නැයි මුළු ජීවිත කාලයේම මොරදුන් වාමාංශික නායකයෙකු වන වාසුදේව නානායක්කාරය. මේ සඳහා වෙනම අමාත්‍යාංශයක් බිහිකළේ ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන්ය.
එහෙත් රාජන් කනකසබේ වැනි ඉහළ පෙළේ නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු තම මව් භාෂාවෙන් කට උත්තරයක් දීමට ඉඩදෙන මෙන් ඔහු ආයාචනා කරද්දී, රටේ නීතියට අනුව ඒ සඳහා ප‍්‍රතිපාදන තිබියදී නීතිමය අයිතියක් ද තිබියදීත් ඊට ඉඩ දී නැත. සිංහල බස හොඳින් හැසිරවිය නොහැකි යයි කියද්දී ”එහෙම නම් ඉර පායනකම් ඔහෙ ඉඳපන්” කියා ඔහුට කී බවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. රාජන් කනකසබේ සැකකරුවකු වුවද වසර 30ක රජයේ සේවයේ නිරත වූ දෙමළ නිලධාරියෙකි. දෙමළ ජාතිකයකු වූ ඔහු සිංහල බසින් ප‍්‍රකාශයක් නොදුනහොත් ඔහුගේ ජංගම දුරකතනය පවා පොළොවේ ගසන බවට තර්ජනයක් කර තිබෙන බවක් මේ මාධ්‍ය වාර්තාවල සඳහන් වීය. මේවා බොරු නම් අදාළ බලධාරීන් වහා නිවැරැදි කළ යුතුය. නැතිනම් අපහසුවට පත්වන්නේ රටේ නායකයා හා ආණ්ඩුවයි. මෙය අහඹු සිදුවීමක් නොවන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සාම ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ලේකම්ව සිට සහාසිකයකුගේ වෙඩි පහරින් මියගිය කේතීස්වරන් ලෝගනාදන්ගේ බිරිඳට ද මීට වසර 8කට පෙර කටඋත්තරයක් දීමට යෑමේ දී මෙවන් සිදුවීමකට මුහුණ දීමට සිදු වූ නිසාය. මෙසේ වාර්තා නොවන සිදුවීම් තවත් තිබෙන්නට පුළුවන. සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා බවට පත්වන්නේ 1987 සිටය. නැතිනම් මීට වසර 26කට පෙරය. එහෙත් සමහර තැනක ප‍්‍රායෝගිකව එය කි‍්‍රයාත්මක වන්නේද යන්න ප‍්‍රශ්නයකි.
”අපට මෙහෙම වන්නේ අපි දෙමළ වීම නිසා නේ දැයි” යන හැඟීම මෙවන් සිදුවීම් හරහා දෙමළ ජනයා තුළ ඇතිවීම වැළැක්විය නොහැක. පෘථග්ජන අය කල්පනා කරන්නේ එහෙමය. ඕනෑම කෙනකුගේ පෘථග්ජන ස්වරූපය ජාතිවාදීය. එය ක‍්‍රමයෙන් ඉවත් කරගත හැකි වන්නේ ප‍්‍රායෝගික තලයේ සිදුවන ජාතික සමගියට, රටක දේශපාලනයට, ආගමික සංහිඳියාවට හා සංස්කෘතියට පමණි. කොටින්ම ”ශී‍්‍ර ලාංකිකයා” නිර්මාණය කර ගැනීමෙන් පමණි. ඒ සඳහා ඇතිකරගත යුතු සමානාත්මතාවය පන්සලේ බණ අහනවිට පමණක් තිබුණාට මදිය.
දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට පත්වී එම බසින් කට උත්තරයක් සැපයීමේ නීතිමය අයිතිය දෙමළ ජනයාට තිබියදී එවැන්නකට ඉහළ තලයේ රජයේ නිලධාරියකුට වත් ඉඩක් නොලැබෙන්නේ නම් නැවත පාර කැපෙන්නේ ඛේදජනක අනාගතයකට ය. බෙදුම්වාදී බීජය ප‍්‍රථමයෙන් හටගන්නේ මෙවන් සිත් තුළය. ඊට ආමන්ත‍්‍රණය කිරීමට ප‍්‍රභාකරන් වැනි වියරු මිනිසෙක් ඉදිරිපත් වුවහොත් නැවත සියල්ල වහා ගිනි ගන්නවා ඇත. කළය පිරෙන්නේ බින්දුව බින්දුව එකතු වීමෙනි. එය කළෙන් වතුර බී ගමෙන් පැමිණි අය නොදන්නවා නොවේ. නගරයේ බිහි වූ හරසුන් මුල් රහිත චරිතවලට මේවායේ වගේ වගක් නැත. මේවා එතරම් නොවැදගත් කාරණා යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එසේ කල්පනා කරන ආණ්ඩුවේ බක පණ්ඩිතයන් ද සිටිය හැකිය. තිස් අවුරුදු යුද්ධයකට රට තල්ලූ වූයේ 1948 සිට එකතු වූ මෙවන් කාරණා හා ඒවාට නිසි විසඳුම් නොලැබීමෙනි. අවසානයේ මේ සියල්ල නැවත ගමේ ජීවත්වන සාමාන්‍ය පවුල්වලින් පැවැත එන හමුදා සෙබළුන් යුදබිමට යැවීම දක්වා වර්ධනය නොවීමට වගබලා ගැනීම යුද්ධය ජයගත්තා සේම වත්මන් රජයේ යුතුකමකි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ජාතිවාදයට එරෙහිව පමණක් නොව මේ දිනවල අසන්නට ලැබෙන ආගම්වාදී ප‍්‍රවණතා ගැනද සැලකිලිමත් වී කරන ලද බව පෙනේ. ”හලාල් කෝලාහලය” ඊට පාදක වුණාදැයි කියන්න දන්නේ නැත. වෙනදා හලාල් ලාඩම වැදී තිබුණේ කුකුල්මස්වලට පමණි. එහි යම් අර්ථයක් තිබුණි. දැන් හැම හත්ඉලව්වටම ”හලාල් සීල්” වදින බවක් කියැවේ. ඒවා අතර හිසේ රුදාවට ගාන අලේප පවා ඇතැයි දැන ගැනීමට තිබේ.
කවදත් අපේ රටේ භාණ්ඩ සඳහා තත්ත්ව සහතිකයක් ලෙස නිකුත් වූයේ ප‍්‍රමිති කාර්යාංශයේ ”එස්.එල්.එස්.” මුද්‍රාව පමණි. ඊට මෙහා සහතිකයක් ගැන මේ රටේ ජනතාව දන්නේ නැත. මේ සම්බන්ධයෙන් විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප‍්‍රකාශය වැදගත්ය. මේ දිනවල හලාල් මුද්‍රාවක් ගැන සඳහන් වේ. ඊට එරෙහිව බෞද්ධ ආගමික විරෝධයක් පැන නැඟ තිබේ. එහෙත් ඊට එරෙහිව ”ධර්ම චක‍්‍ර මුද්‍රාවක්” නිෂ්පාදනය වී නොමැත. ඒ ගැන සතුටු විය යුතුය. ආගම මුද්‍රාවකට හෝ ජාතියකට එරෙහිව යොදාගනු ලැබූවත් වැරදිය. ආගමික අන්තවාදය ජාතිවාදය තරම්ම පිටු දැකිය යුතුය. සෞදි රජතුමාටවත් ශී‍්‍ර ලංකාවේ අඩු වයස් තරුණියක වූ රිසානා මරණයෙන් බේරා ගැනීමට නොහැකි වූයේ ආගම රාජ්‍ය පාලනය හා බද්ධ වී තිබීම නිසාය. සත්‍ය වශයෙන්ම එරට පූර්ණ විධායකයා රජු නොව ආගමික ප‍්‍රධානියා වාගේය. ”ෂරියා” නීතිය කි‍්‍රයාත්මක නොකර සිටීමේ බලයක් සෞදි රජුට පවා නොමැත. සෞදියේ රැකියාවක නිරත වන බෞද්ධයකුට තමන් ජීවත්වන කුටිය තුළවත් බෞද්ධ ප‍්‍රතිමාවකට වන්දනා කිරීම වරදක් සේ දකින නීති රීති සැකසී තිබෙන බව කියැවේ. එහෙත් එදා දඹදිව කොසොල් රජුට රාජ්‍ය පාලනය කරන හැටි කියාදීමට හෝ බෞද්ධ ආගමක නීතිරීතිවලට ඔහුගේ විධායක බලය යටපත් කිරීමට හෝ බුදුරාජණන් වහන්සේ උපදෙස් දුන්නේ නැත.
මේ නිසා ආගමික නාමයෙන් සිදුවන අන්තවාදී නීති රීති අප වැනි රටක වඩාත් සංවේදී වන්නේ බුදු දහමෙන් ප‍්‍රකාශයට පත්කර තිබෙන අසීමිත නිදහස නිසාය. ”එව. බලව. විමසා කැමතිනම් අනුගමනය කළ මැනව”. බුදු දහම සැකසී තිබෙන්නේ එවන් නිදහස් හර පද්ධතීන් ඇසුරිනි. බුදු දහමේ ඇසුර මෙරට තුළ සෑම ජාතියකටම තම අනන්‍යතා සහිතව ජීවත් වීමේ ඉඩකඩ විවරකර දී තිබේ. මේ නිසා ආගමික මුද්‍රා අලෙවිකරණයට මුසු කර ඒවා මිලයට ගැනීමේ බලපෑම් ඇතිකිරීමත්, ඊට එරෙහිව ආගමික ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීමත් දෙකම වැරදිය.
මොන පදනමක් යටතේ වුවද ශී‍්‍ර ලංකාවේ පවතින ආගමික නිදහස ආගම රාජ්‍ය පාලනයට මුසු කරගත් රටවලට වඩා ඉහළ වටිනාකමකින් යුක්තය. මුස්ලිම් ප‍්‍රජාව වුවද ආගමික අන්තවාදයට නතු වූ සමහර මුස්ලිම් රටවල නැති නිදහසක් මෙරට තුළ බුක්ති විඳිති. අප වඩාත් වර්ධනය කළ යුත්තේ ජාතිවාදය හා අන්ත ආගම්වාදය පිටු දකින ඒ ශී‍්‍ර ලාංකික අනන්‍යතාව බවට විවාදයක් නැත. එහි වගකීම මහ ජාතිය වන සිංහලයන්ට පමණක් නොව මෙහි ජීවත්වන දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවට ද තිබේ. ”හලාල් වාදයෙන්” සිදුවන්නේ එම අනන්‍යතාව ගොඩ නැඟීමට බාධා සිදුවීමයි. එසේම මහ ජාතිය අස්ථාන බියක් ඇතිකර ගනිමින් වඩාත් ජාතිවාදී ආගම්වාදී ස්ථාවරයක් ගැනීමයි. එයද රටකට හානිකරය. උදා වූ සාමයත් සමඟ ජාති ආගම් බේදයකින් තොරව සියලූ ජාතීන් එකමුතුව ශී‍්‍ර ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟිය යුතු යුගයක හලාල් වාදය හා සිංහල භාෂාව බලහත්කාරයෙන් දෙමළ ජනයා මත පැටවීමේ උමතු උත්සාහයන් මඟින් නැවත සිදුවන්නේ රට අස්ථාවර වීමකි.
නිදහස ලබා වසර 65ක් ගත වුවද තවමත් ශී‍්‍ර ලාංකික ජාතිය ගොඩනඟා ගැනීමට නොහැකිවීම මේ සියල්ලටම මුලයි. ඒ අතින් ඉන්දියාව සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. ඉන්දියාවේ මෙන් පතුලට කිඳාබැසගත් ජාතික නිදහස් අරගලයක් අපට නොතිබුණි. අපේ නිදහස් අරගලයේ ඇති වූ එම අඩුව සම්පූර්ණ කර ගැනීමට රටක් වශයෙන් අප තවමත් ප‍්‍රායෝගිකව කල්පනා කරන බවක් නොපෙනේ. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ පැලැස්තර දමමින් ප‍්‍රශ්නවලට එදාවේල විසඳුම් ඉදිරිපත් කරමින් යන ගමනකි. එය හුදෙක්ම බලය රැකගැනීම හා නැති වූ බලය ලබාගැනීම දක්වා ලඝු වී තිබේ. ආණ්ඩුව හා විපක්ෂය යන දෙපිරිසම මීට වගකිව යුතුය.
වසන්තප‍්‍රිය රාමනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල් කී පමණින් අද වන විට බහුතර පාඨකයන්ගේ සිතට නිතැතින් සටහන් වන දැ නම්, ඒ සම්බන්ද වෙළඳ ලාංඡනය විය යුතුය. නමුත් ඒ තුල ගැබ් වන කරුණු සළකා බැලීම ඉතා වැදගත්ය. උදාහරණයක් දෙතොත්, යම් බෙහෙත් කරලක් සැදීමේදී යොදා ගත් පදාර්ථ කුමක් දැයි දන ගැනීමේ ඇති වරද කීම? හේතුව තුන් වන ලෝකයේ රටවල් සඳහා නිපදවෙන බෙහෙත් පර්යේෂණ අටියෙන් නොයෙකුත් දැ සම්මිශ්‍රණය කොට ප්‍රතිපල ඇගයීම් වලට ලක් කෙරෙන හෙයිනි. ඒනයින්, හලාල් සහතිකයෙන් දෙනු ලබන්නේ නොබියව පරිභෝජනය කල හැක යන්නට දෙන සහතික වීමක් වීමයි. සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියම නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් එහි ඇත. හැරත්, හලාල් කී පමණින් එය, පරිභෝජනය සඳහාම සීමා වුනු විනය පද්ධතියක් නොවන බවද කිව යුතුය. ඔබට මෙය තව දුරටත් අවධාරණය කිරීම සඳහා තෝරා ගත් ඇතැම් අකැප දැ, තුලින් මෙය වටහා දීමට අදහස් කරමි. පරදාර ස්ත්‍රී සේවනය හලාල් නොවේ. එය හරාම් ගණයට වැටේ. තවද ප්‍රිය කාන්තාවක් දැකීමෙන් සිතෙන් හෙවත් මනෝමයෙන් කෙරෙන පාප සේවනය, කේලම් කීම, බොරු කීම, පොදු මුදල් වංචාව, තමන්ගේ යුතුකම් ඉටු නොකිරීම, අනාථ දරුවන්ගේ දේපල කොල්ල කෑම, අනුන්ගේ සිත් රිදවීම, පේන බැලීම, මළවුන්ගෙන් පිහිට පැතීම, ඊර්ෂ්‍යා කිරීම, මත්පැන් පානය, ඔට්ටු ඇල්ලීම, පොලියට දීම හෝ ගැනීම, ආඩම්බර කම, අධික ලාභ ලැබීම, අහිතකර දැ විකිණීම යනාදිය එදිනෙදා ජීවිතයේදී අපි ඉමහත් උජාරුවකින් කරපින්නා ගෙන සිටින මෙවැනි සියලු දෑ , හලාල් ගණයට අයත් නොවන දෑය. වෙනත් වචනයකින් එනම් අරාබි බසින් කිව හොත්, එය හරාම් ය. නොහොත් “නොකොට වැළකෙන්න” යන්නයි.(නු)
සිංහල අපිට හලාල් එපා. අපිට තිබෙනවා මනරම් ආගමක්. සර්වකාලීන දර්ශනයක්. ඒ වගේම මනරම් රටක්. කාගෙවත් මිත්‍යාදෘෂ්ටික ඇදහිලිවල අංග සිංහල අපිට එපා. (නි)
සිංහල අපට හලාල් එපා. (නි)
එතකොට පොළේ විකුණන දේවල් වලට හලාල් ගහන්නේ කව්ද? (නි)
හලාල් සහතිකය නොමැති සියලුම භාණ්ඩ මුස්ලිම්වරුන්ට හරාම් (අකැප)නැත. ඔය සහතිකය නැහැයි කියලා මුස්ලිම් අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව හලාල් සහතිකය නැති හලාල් භාණ්ඩ ඕනෑ තරම් ඇත. ප්‍රශ්නයට මූලික හේතුව හලාල් සහතිකය මුස්ලිම් සංවිධානයක් විසින් මුදල් අයකර නිකුත් කිරීමයි. හලාල් යන අරාබි වචනය ඉවත්කොට ඒ වෙනුවට එම භාණ්ඩයේ අඩංගු වන දේ පැහැදිලිව සටහන් කිරීමට පියවර ගන්නේ නම් මේ ප්‍රශ්නය පහසුවෙන් විසදිය හැකි ය. එපමණක් නොව මෙම කටයුත්ත රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කළ හැකි ය. රටේ අනවශ්‍ය ප්‍රශ්න උග්‍ර වීමට ඉඩ නොහැර මෙවන් විසදුමකට පැමිණීම කාලෝචිතයි. (නි)
හලාල් ආගමික අවශ්‍ය තාවක් මිසක් ප්‍රමිතියක් නොවෙයි. ඒ ආගමට ප්‍රමිතියක් වෙන්න පුලුවන්. මේ රට සිංහල රටක් නිසා මේ රටට ඒවා අවශ්‍ය නෑ. ඒ කියන්නෙ වෙන ජන වර්ග ඉන්න එපා කියන එක නෙවි. ඒ අයගෙ හැම දේම මෙහෙ අනුගමනය කරන්න බෑ නේ. මුස්ලිම් උනා කියලා අරාබියෙ වගේ මෙහෙ වැඩ කරන්න බෑ නේ. අපි උනත් අරාබියට ගියාම මෙහෙ වගේ ඉන්න බෑ. අපිට කොපමන හොද උනත් බුදුන් වදින්න එහෙ තහනම් නම් වදින්න බෑ. මම කිවිවෙ උදා හරනයක්. අපි කැමති උනත් නැතත් අපි ඒකට එකග වෙන්න ඕනි. මෙහෙ එක් කෙනෙකුට බදින්න පුලුවන් එක්කෙනා නම් කාට උනත් එකයි. ඕනි ඕනි විදිහට ඒවා වෙනස් වෙන්න බෑ. ජෛන අය ඇව්ත් කිව්වොත් ආගමේ හැට්යට ඇදුම් නැතිව යන්න ඕනි කියලා ඒකටත් ඉඩ දෙන්න ඕනනේ. (නදී)
ජාතික නිදහස අමුතුවෙන් ඇති කරන්න අවශ්‍ය නැහැ ලංකාවේ (දී)
නවුෂාඩ්, ඔබට ස්තූතියි. (නි)
ජාති ආගම් භේද එපා... නමුත් ලංකාවෙ බහුතරය සිංහල බෞද්ධ හලාල් ක්‍රම වගෙි් දේවල් වල යටි අරමුණු වෙනත් අයගේ අවශ්‍යතාවයන්. මේවා ක්‍රමාණුකූලව පටන් ගැනීම්.. අවදානයෙන් සිටිමු..!(නු)
1990 දි දෙවැනි ඊලාම් අරගලය ඇතිවීමෙන් පසු එල්.ටී.ටී.ඊය මෙම මුස්ලිම් ගම්මානවලට පහර දුන්නේය. තමන්ට නැගෙනහිර ශක්තිමත් වීමට ඉඩ නොලැබුණේ මොවුන් නිසා බව එල්.ටී.ටී.ඊය තේරුම් ගෙන තිබිණි. කාතන්කුඩි පල්ලියේ යාඥා කල බැතිමතුන්ට පහර දී 147 ක් අලන්චිපොඨාන, 69ක්ද පල්ලියගොඩැල්ල 171ක්ද යන ලෙස මහා සංහාර සිදු වුයේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයට සහයෝගය දැක්වූ නිසාය. මෙම ගම්මාන නොතිබුනේ නම් ඊලාම් අරගලය ඇරඹෙනු ඇත්තේ පොළොන්නරුවේ සිටය. පොළොන්නරුවට දිඹුලාගල අසරණ සරණ සරණංකර නාහිමියන් අයෝමය පලිහක් වුවා සේම මෙකී මුස්ලිම් ගම්මානද නැගෙනහිර රැක ගැනීම පිණිස ශ්‍රී ලංකා රජයට අයෝමය පලිහක් විය. අදටද මුස්ලිම්වරු විශාල පිරිසක් ත්‍රිවිධ හමුදාවේ සේවය කරති. රට වෙනුවෙන් දිවි දුන් උත්තුංග ශ්‍රී ලංකා පුත්‍රයන් අතර මුස්ලිම්වරුද විශාල පිරිසක් වෙති. මුලතිව් කදවුර බේරා ගැනීම සදහා වික්‍රමාන්විතව සටන් වැද මිය ගිය එවකට 1 වැනි විශේෂ බලකා ප්‍රධානි කර්නල් ෆස්ලි ලෆීර්, බුද්ධි අංශයේ මේජර් තුවාන් මුතාලිෆ් ආදීහු ඒ දීර්ඝ ලැයිස්තුව සරසති. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජික ලයිස්තුවේ මෙවෙනි නම්ගම් විරලය. එක්කෝ ඇත්තෙම නැත.(නදී) දැන් යුද්ධය අවසන්ව තිබේ. සාමකාමිව තමන්ගේ පාඩුවේ ජීවත් වන සිංහල දෙමල මුස්ලිම් තුන් වර්ගයාටම තවත් බිහිසුණු හලාල්යුද සමයක් අවශ්‍ය නොවනු ඇත. ඒ සදහා සියලුම ජනවර්ගවල පටු අරමුණු ඉවත් කර ගැනීමට කාලය උදා වී තිබේ.
අනුරුද්ධ කවදාවත් ඔයාට ඔය ප්‍රශ්නයට උත්තරයක් හමු වන්නෙ නෑ. ඔය ප්‍රශ්නය දැන් කොච්චර කාලයක සිට අහනවද?(නදී)
සංහලයෝ සිංහලයෝ ගැන හිතන්න ඕන මීට වඩා. අනිත් ජාතීන් දෙස බලලා වත් දැන් හැදෙන්න ඕන. (ස)
උප්පැන්න සහතිකයට පමණයි වැඩි පුර භෞද්ධ යන් .................ඉන්නේ. සතුන්ගේ මළකුණු නිතරම රසකර ..........................................කන්නේ. බඩේ කුණු නිසයි ශක්තිය ..................................................පිරිහෙන්නේ. නැහැ කිසි දිනක අපේ ජාතිය ...........................................වැඩිවෙන්නේ . පෙනල ගෙනත් තල තෙළ මුසුකර .................................................කලා නිදි යහනේදී එන නිදිමත .....................................................දුරුකරලා. රට ජාතියේ මතු පැරදුම ගැන.......................................................හිතලා.(ස)
හලාල් බෞද්ධයන්ට අවශ්‍ය නෑ. එය ආගමික අවශ්‍යතාවයක්. (ස)
හලාල් යන්න විග්‍රහ කිරීමට සුදුසුම පදය එහි විරුද්ධාර්ථ පදය යැයි සිතමි. එනම් හරාම් ය. හරාම් යනු සහමුලින්ම අකැප දේය. එසේනම්, හලාල් යනු කැප දෑය. මෙම පද වල් අරාබි බසින් භින්න වූ නිසාදෝ අද වන විට සමාජය තුල ඇතැම් පිරිස් අඩු වැඩි වශයෙන් ප්‍රකාශිත යුද්ධයකට අවතීර්ණ වී ඇති සෙයියාව. බුදුන් දවස විනය කර්මයෙන්ද කියා ඇත්තේ මෙකී අදහස්ය. බුදුන් වහන්සේ අපවත් වී වදාල පසුවද ධර්ම සංඝායනා හතරක්ම සිදු කලේ, කැප සහ අකැප යන සංකල්ප දෙක වෙන් කර නිර්මල දහම පවත්වා ගැනීමේ අටියෙනි. එසේ නොවන්නට අද වන විට නීල පට දර්ශනය වැනි දෑ ද, සංස්ථාපිත වන්නට ඉඩ තබුණි. ඒ හැර, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැනි පිළිවෙත් වලින්ද අදහස් කලේ, ජීවන ක්‍රියාවලියේදී පිලි පැදිය යුතු දැ විග්‍රහ කිරීමක් විය යුතුය.(නු)
දේවානන්ද හිමි පැවසුවේ සත්‍යක් ! (ස)
හලාල් ..............................ගෙනල්ලා. පන්සල් කෝවිල් අල්ලා .....................ගනිල්ලා. හැමතැනම පාල්ලි.........................හදපල්ලා. සිංහල ,දෙමළ ..........................බුදියපල්ලා. (නු)
ලංකාවේ මොනවද දෙමළ, මුස්ලිම් අයට තියෙන ප්‍රශ්න? (නි)
අපිට හලාල් ඕනෑ නැහැ. මේ වෙලාවේ ජාතිවාදියෝ කියලා අනික් අයට මඩ ගහලා තමන් වීරයෝ වෙන්න හදන සිංහලයොත් ඉන්නවා. දැන් අපි, අපි ගැන හිතන්න ඕනෑ කාලය ඇවිත්. (නි)
ඉතින් ඕකට දඔර කරන්න ඕනැයෑ? හලාල් කන්න කැමති අය කන්න. කන්න කැමති නැති අය නොකා ඉන්න. ඇයි මේ රණ්ඩු? (නි)
අපේ ව්‍යාපාරකයින් හිතන්නේ සල්ලි ගැනම පමණයිනෙ .සල්ලි ටිකක් යහමින් ලැබෙනවානම් ඕනෑම දෙකට නැමෙන සිංහලයොත් මේ රටේ ඉන්නවනේ.ආත්ම ගෞරවය ජිවිතෙන්ම අයින් කල අයගේ සුසුම්නාවත් නැති නිසා බොහොම ලෙහෙසියෙන් ඕනෑම දෙකට නැවෙනවනේ.පොඩි වාසිය ගැන හිතා තමන්ගේ කිර්ති නාමය තමන් ම නැතිකර ගන්නවා.ඔහොම යන්කො .(ස)
හලාල් කියන්නේ මුස්ලිම් ආගමේ එකක්... එහෙම එකක් මුස්ලිම් අයට විතරක් දිය යුතුයි.. අනිත් අයට ඒක නොගන්න කවුරැත් වග බලාගන්න ඕන..!(නු)
වසන්ත ප්‍රිය රාමනායක, ඔබ තුමාට හොදට කඩේ යන්න පුළුවන්.(නදී)
හලාල් කියන්නේ මුස්ලිම් අයට හදපු ඒවා වුණාට ඒවා ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්. (නි)
අනේ වසන්ත අයියේ, ඔයගේ සුරංගනා කතා තියා ගන්න. දෙමළ අය බලන්නේ දෙමළ අයගේ දිහා විතරයි, මුස්ලිම් අය බලන්නෙත් මුස්ලිම් අය දිහා විතරයි, සිංහලුන් විතරයි හැමෝම දිහා බලන්නේ, ඒ වුණාට ඔය දෙගොල්ලොම එකතුවෙලා කපල දාන්නේ සිංහලුන්ව, මේවා ප්‍රායෝගික අත්දැකීම්. (නි)
විරෝධතා තියන්නේ ඇයි? හලාල් සහතිකය තියෙන කෑම ඕනෑම කෙනෙකුට ගන්න පුලුවන්නේ. (නි)