ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ජපානය, චීනය හෝ ඉන්දියාව වැනි රටක උපන්නේ නම් අද වන විටත් මේ විශ්වකර්ම වැඩ කරන අපේ ශ්‍රී ලාංකික තරුණයා අති දක්‍ෂ ගුවන් යානා සහ අති නවීන ස්වයංක‍්‍රීය අවි තනන්නෙකු වනු නොඅනුමානය.

ඓතිහාසික කන්ද උඩරට ගමක උපන් ඔහුගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ හෙළිකොප්ටර් යානාවක් නිර්මාණය කිරීමය. වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහනුවර තල්වත්තේ පදිංචි මහේෂ් බණ්ඩාරය. වයස අවුරුදු 33ක් වූ ඔහු විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවක් හෝ තාක්ෂණික විදුහලක තාක්ෂණික පාඨමාලාවක් හෝ අඩුම වශයෙන් කාර්මික විදුහලක පාඨමාලාවක් හෝ හදාරා නොමැති අයෙකි.
කුඩාකල සිටම විවිධ නිර්මාණ සකස් කිරීමේ සහජ දක්‍ෂතාවලින් හෙබි මහේෂ් බණ්ඩාර පාසල් අධ්‍යාපනය හමාර කළේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුවය.
විවිධ අංශ තුළින් පාපැදි, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ වෙනත් යන්ත‍්‍ර අලූත්වැඩියා කිරීමට උපන් හපනෙකු වූ ඔහු කුඩා කල සිට තම සිතේ හිරවී තිබූ ආශාව ඉටුකර ගන්නට දැඩි ප‍්‍රයත්නයක් දැරීය.
ඉතා දුක්මහන්සියෙන් විවිධ දෛනික ස්වයංරැුකියාවන්හි නිරත වෙමින් උපයා ගත් මුදල් වැය කළේ ඔහුගේ කුඩා කල සිට සිතේ පැලපදියම්ව තිබූ හෙළිකොප්ටර් යානාවක් හැදීමේ කාර්යය සඳහා ය. අවස්ථා කීපයක දී ඔහු විවිධ අන්දමට කුඩා හෙළිකොප්ටර් යානා සකස් කළේය. එහෙත් ඒවා කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහෙත් ධෛර්යවන්ත තරුණයා තම සිතෙහි රැුඳුණු අපේක්ෂාවන් කෙසේ හෝ ඉෂට කරගන්නට අදිටන් කරගත්තේය.
විවාහකයෙකු වූ දරු දෙදෙනෙකුගේ පියෙකු වූ මහේෂ් බණ්ඩාර තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යළිත් හෙළිකොප්ටර් යානාව නිපදවීමට වැය කරන්නට සිතා ගත්තේය. දෙමව්පියෝ මෙන්ම ඔහුගේ දයාබර බිරිඳ ද ඔහු කරන්නට වෙර දරන අසීරු කාර්යය පිළිබඳව මැනවින් වටහා ගෙන සිටිය ද ඔහුට බාධා නොකර ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නට සිතින් ආශිර්වාද කළහ.

තරුණ අවධියේ සිටම විවිධ අංශයන්හි දක්‍ෂතා දැක්වූ මහේෂ් බණ්ඩාර තමන් එකතු කරගත් මුදල් වැයකරමින් හෙළිකොප්ටරය තැනීමට අවශ්‍ය අමතර කොටස් යකඩ, යතුරුපැදි එන්ජින් ඇතුළු අවශ්‍ය මෙවලම් රැුසක් මිලදී ගත්තේය. ඔහුට රුපියල් ලක්‍ෂ පහකට ආසන්න මුදලක් මෙම අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවිය.
දැඩි ආත්ම විශ්වාසයත්, අධිශ්ඨාන ශක්තියත් තමන් විසින් සිදු කිරීමට නියමිත කාර්යය පිළිබඳව තබාගත් විශ්වාසයත් මල්ඵල ගන්වමින් ඔහු තමන් විසින් නිෂ්පාදනය කිරීමට සූදානම් හෙළිකොප්ටරය කොටස් වශයෙන් සකස් කළේය.
ඉතා අසීරුවෙන් දිවා රාත‍්‍රී නොබලා නිපදවූ හෙළිකොප්ටරය ගුවනට නැංවීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන එහි උඩ කොටසේ හුළං පෙති (වායු තටු) ඉතා උනන්දුවෙන් සකස් කර ගත්ත ද එය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී එහි යම් යම් දෝෂ ඇති වීම හේතුවෙන් ඔහු නිපදවූ අලූත්ම ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වූ හෙළිකොප්ටර් යානාව ගුවන්ගත කිරීමට නොහැකි විය. තම බලාපොරොත්තුව බිඳ වැටුණා යැයි සිතමින් මේ අධිශ්ඨානශීලී ධෛර්යවන්ත තරුණයා තම අපේක්‍ෂාව අත්හරින්නට තරම් දුර්වලයෙකු නොවීය.
ඔහු ගුවන් යානා නිපදවීම පිළිබඳ විවිධ පොත්පත් පරිශීලනය කළේය. රූපවාහිනී දසුන්වල දකින විවිධ හෙළිකොප්ටර් සහ ගුවන් යානා ගැන විස්තර එක්රැුස් කළේය. අන්තර්ජාලය ඔස්සේ විවිධ හෙළිකොප්ටර් පිළිබඳව තොරතුරු හා දත්ත සොයා බලා නිරීක්‍ෂණය කළේය. දක්ෂයාට කළ නොහැක්කක් නැතැයි කියමනක් තිබේ. උත්සාහ වන්තයා කෙදිනක හෝ ජයගන්නවා යැයි ඔහු සිතුවේය. යළිත් වරක් තමා එකලස් කරගත් හෙළිකොප්ටර් යානාවේ කොටස් කාටත් නොකියා කුඩා ලොරියක පටවා ගත් ඔහු ඒවා සියල්ල හන්තාන පෙදෙසේ පිට්ටනියක් වෙත රැුගෙන ගියේය. හන්තානේ කන්ද පෙදෙසේ පිට්ටනියකට රැුගෙන ගිය කොටස් ඉතා සූක්‍ෂම අයුරින් යළිත් සකස් කරගත් මහේෂ් හෙළිකොප්ටර් යානාව සම්පූර්ණ තත්ත්වයට පත් කළේය.
ඉන්ධන ටැංකියක් සකසා හෙළිකොප්ටර් යානයේ එන්ජිම පණ ගන්වන්නට ඔහු උත්සාහ කළේය. ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට විය. එන්ජිම පණ ගැන්වී හෙළිකොප්ටර් යානයේ සියලූ අංග ක‍්‍රියාත්මක විය.

තමා කුඩා කල සිට ප‍්‍රාර්ථනාවක් ඇතිකර ගනිමින් හෙළිකොප්ටරයක් නිපදවීමේ සිහිනය සැබෑකරගත් මහේෂ් බණ්ඩාර ලැබුවේ පුදුමාකාර සතුටකි. එය සැබෑ හෙළිකොප්ටරයක්ම බව එහි ක‍්‍රියාකාරිත්වය දුටු අපි ද මවිතයට පත්වූවෙමු.
කාර්මිකයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කළ මේ ගැමි තරුණයා ඔහුගේ අවාසනාව නිසාම ශ්‍රී ලංකාවේ ඉපදී ඇත්දැයි මට සිතුණි. වෙනත් රටක නම් ඔහුගේ නිර්මාණය ඇගයීමකට ලක්කෙරනු ඇත. ඔහුව ගුවන් යානා ඉංජිනේරු පාසලකට යවා ඔහුට ගුවන්යානා ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදී උපාධියක් ද ලබා දෙනු ඇත.
එහෙත් ජනතාවගේ බදු මුදල්වලින් සුපිරි හෝටල්වල සුර සැප විඳින ජනතාවගේ කතිරයෙන් දේශපාලන තනතුරු ලබන දේශපාලනඥයන්ට මේ තරුණයා පිස්සෙකි, මෝඩයෙකි. කරන්නට බැරි වැඩ කරන්නට දඟලන නිකමෙකි.
මහේෂ් බණ්ඩාර මෙරට දේශපාලනඥයින් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් මැනවින් වටහා ගෙන සිටි තරුණයෙකු නිසා තමන්ගේ නිර්මාණය පිළිබඳව ඔවුන්ට දන්වන්නට නොසිතුවේය.
ඔහු පැමිණියේ තමන්ට පිහිටක් ලබාගත හැකි තමාගේ නිර්මාණය අගය කරන්නට තරම් මානුෂීය හැඟීම්ක් ඇති මාධ්‍යවේදීන් සොයාගෙනය.
සැබැවින්ම ඔහු නිර්මාණය කළ හෙළිකොප්ටරය සැකිල්ල නිසි පරිදි ආවරණය කළා නම් එය විදේශීය රටක නිපදනවන ලද යානාවක් වනු නොඅනුමානය.
ඉදිරියේ දී තමන් නිපදවූ මෙම හෙළිකොප්ටරය මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කිරීමට අපේක්ෂාවෙන් සිටින මහේෂ් බණ්ඩාර මහතා තමන්ට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් අනුග‍්‍රාහක ආයතනයක උපකාරය අවශ්‍ය වී තිබෙන බව අප හා පැවසීය.
වැඩිදුරටත් තම නිර්මාණය පිළිබඳව අප වෙත කරුණු දැක්වූ මහේෂ් බණ්ඩාර මහතා මෙසේ කීය.
මගේ මේ උත්සාහය සඳහා මගේ දයාබර බිරිඳ සුධර්මා ප‍්‍රියදර්ශනී මට විශාල ලෙස සහයක් දැක්වූවා. මම නිපදවූ මේ හෙළිකොප්ටරය අඩි දසදහසක් වුවද උඩුගුවනට නැංවිය හැකි අන්දමට සියලූ උපාංග යථා තත්ත්වයේ පවතිනවා. මේක හදන්න අවශ්‍ය සියලූ උපාංග හැදුවේ මා විසින්මයි. අවශ්‍ය යකඩ, යාන්ත‍්‍රික කොටස් සහ එන්ජිම සකස් කරගත්තේ යතුරුපැදියක කොටස් හා මෝටර්රථ අමතර කොටස් යොදාගෙනයි.
මගේ මේ නිෂ්පාදනය සඳහා නව නිපැයුම් පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා. කොළඹ පේටන්ට් බලපත‍්‍ර නිකුත් කරන කාර්යාලයට මා ගිහින් එහි නිලධාරීන් හමුවී මා නිපදවූ හෙළිකොප්ටර් යානය ගැන ඔවුන් දැනුවත් කළා. එවිට එම නිලධාරීන් මගෙන් ඇහුවේ ඔබ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා ද, ඉංජිනේරු විභාගය සමත් ද? කියලයි.
මම දුක්මහන්සියෙන් දෛනිකව උපයාගත් මුදල් මේ සඳහා වැය කළා. මගේ මේ නිර්මාණය අගය කරන විදේශීය රටක හෝ ආයතනවලින් මම ඉල්ලා සිටිනවා මට උදව් කරන්න කියලා. මට හැකියාව තිබෙනවා ඕනෑම වර්ගයේ ස්වයංක‍්‍රීය ගිනි අවියක් වුවත් නිෂ්පාදනය කරන්න. ඒත් මම නීතියට පිටින් කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ නිෂ්පාදන සමාජයේ යහපැවැත්මට නීත්‍යානුකූල අන්දමට සකස් කිරීමයි මට අවශ්‍ය වන්නේ.
මට උදව් කිරීමට කැමති දේශීය හෝ විදේශීය ආයතනයකට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශය හෝ මට සහාය දෙනවා නම් මට සාර්ථක නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.
මට අතදෙන්න හැකිවන්නේ මාධ්‍යයට පමණයි. මං ගැන රටට ලෝකයට කියන්න ඉන්නේ මාධ්‍ය විතරයි. ඒනිසා මං වගේ දක්‍ෂතා තියෙන ශ්‍රී ලාංකිකයන්ගේ දක්‍ෂතාවය ගැන මුළු රටටත් ලෝකයටත් හෙළිකරන්න කියලා මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
මහනුවර තල්වත්තේ අංක 7/151 දරන ලිපිනයේ පදිංචි මහේෂ් බණ්ඩාරගේ දුරකථන අංකය 072-8413677වන අතර ඔහුගේ ඊමේල් ලිපිනය වන්නේ [email protected] තමාගේ උත්සාහය අත් නොහරින බව ඉතා අධිෂ්ඨානශීලීව පවසන මහේෂ් මහතා තමන් නිපදවූ හෙළිකොප්ටරය ගුවන්ගත කරවීම තමන්ගේ එකම ආශාව බව කියයි. එහෙත් ඔහුගේ මෙම කාර්යයට ‘නීතිය’ හරස්විය හැකි බව අප පැවසිය යුතුය.
මෙම ධෛර්යවන්ත අධිෂ්ඨානශීලි තරුණයාට අත හිත දීමට රජයේ අවධානය යොමුවිය යුතුය.
රුපියල් කෝටි ගණනින් කර්මාන්ත ප‍්‍රදර්ශනවල ප‍්‍රචාරක කටයුතුවලට මහජන මුදල් වැය කරන ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙවැනි දක්‍ෂ නිමැවුම් කරුවෙකුට අත දීමට ඉදිරිපත්වීම ශ්‍රී ලාංකීය අභිමානය ඉහළ ඔසවා තබන මගකි.
වෙඩි නොවදින හෙළිකොප්ටරයක් නිපදවීම තමාගේ ඊළඟ අධිෂ්ඨානය බව පවසන මහේෂ් බණ්ඩාර මහතා තමන්ට අවශ්‍ය ඉංජිනේරුමය උපදෙස් සහ අත්‍යවශ්‍ය අමතර උපාංග සකසා ගැනීමට සහාය දෙන රජයේ හෝ ආරක්ෂක අංශයේ හෝ විදේශීය හෝ දේශීය හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් තමන් තමන්ගේ නව නිෂ්පාදන එළි දක්වන බව සඳහන් කළේය.
මහේෂ් බණ්ඩාර මහතා තැනූ හෙළිකොප්ටරය ක‍්‍රියාත්මක කර අප වෙත ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ හෙළිකොප්ටර් යානයක තිබිය යුතු සෑම අත්‍යාවශ්‍ය අංගයක්ම එහි තිබෙන බව අපි සියැසින්ම දැකගත්තෙමු.
ඉරිදා ලංකාදීප පාඨකයන් වෙනුවෙන් මේ අත්විතීය දක්‍ෂතා ඇති මිනිසා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ද සතුටට පත්වූයෙමු. ශ්‍රී ලාංකීය අභිමානය ඉහළට ඔසවා තබා ජාත්‍යන්තරය තුළින් ශ්‍රී ලාංකිකයන්ට කරන්න බැරි දෙයක් නැතැයි හෙළිදරව් කිරීම තමන්ගේ එකම අභිප‍්‍රාය වූ නිසාම තමන් මෙම හෙළිකොප්ටරය තැනූ බව මහේෂ් බණ්ඩාර මහතා පැවසුවේ නිහතමානී ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබවින්ම ඔබ විශ්ව කර්මයෙක් සහෝදරයා ඔබට ජයයෙන් ජය (අ)
ගුවනට නැඟියහැකි බවට සහතිකද? (නි)
කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ නව නිර්මාණකරුවන්ට අතීතයේ ඉඳලම ලංකා රජයෙන් අතදීමක් නොකළ බවයි.අද කාලේ ඉන්න දේශපාලුවන්ගෙන් සහය ලැබේවි කියලා හිතනවද? මොකද කවදාකවත් මේ රටේ මිනිසුන්ට තමන්ගේ රටේ නිපදවන දෙයක අගයක් දැනෙන්නේ නැහැ.ශ්‍රී ලාංකීය ජානවල වරදක්ද මන්දා? (නි)
ගුවන්ගත කරන ෆොටෝ, වීඩියෝ නැද්ද? මෙය ගුවනේදී මනා පාළනයක් කළ හැකිද? ඔබට සුභ පැතුම් උත්සාහය අත්හරින්න එපා. (නදී)
හොද වැඩක්. ඔහොම යමු. (ර)
අපේ අබිමානය ඔබයි (නදී)
ඔබේ නිර්මාණයට සුබ පැතුම්. නමුත් පුතා වෙඩි නොවදින සුපිරි හෙලිකොප්ටර දැන් ඕන තරම් තියනවා නේද , ඔබ දැනට ලොවේ නැති දෙයක් , නව නිර්මාණයක් කලොත් ලොකු අවධානයක් වගේම ඉහල තැනකට යන්නත් පුළුවන්. සත්‍ය මෙයයි (නදී)
ඇත්ත වශයෙන්ම ඔබ අපේ රටට සම්පතක් අපේ ඉහළ පුටු වල වැජබෙන් මෝඩයින්ට ඔබේ වටිනාකම නොතේරුනත් අපි ඔබව අගය කරනවා.(හේ)
කළුතර නාගොඩ සහෝදරයෙක් ඔය වාගේ දෙයක් කළ ඔබට ජයවේවා.(හේ)
ඉතාමත් වටිනා සේවයක්. එහෙත් අපේ පාලකයන්ට මෙයින් ඵල නෙළාගන්න අදහසක් පහළවේදැයි නොදනිමි. මීට කලකට පෙරදී මෙවැනිම නිර්මාණයක් බිහිකළ අයෙක් උදව් ඉල්ලා තිබුනා. නමුත් අද වෙනතුරු ඔහුගේ නිර්මාණය ගැන කිසි සඳහනක් නැහැ. ඔබට එසේ නොවේවා! (නි)
ඔබගේ දක්ෂතා වලටත් දවසක මිල කල නොහැකි අගයක් ලැබේවි .ඔබට ජය.! (ර)
අගය කළ යුතු දෙයක් .සුභපැතුම් (දිල්)
මෛත්‍රී පාලනය තුලින්වත් අපේ රටේ ජාතික සම්පතක් බදු මෙවන් පුත්තු දිරි ගන්වා රට ඉහළට ඔසවන්න අවස්ථාව ලබා දෙන්න (දිල්)
ඔබට ජය මහේෂ්. උත්සාහය අත්හරින්න එපා. මෙපමණ දුරක් ධෛර්යයෙන් පැමිණි ඔබට තව දිගු දුරක් යා හැකියි. සුභ පැතුම්.! (ර)
ඔව් ඔබ වැනි දක්ෂ තරුණයන් අපේ මාතෘභූමියට ආඩම්බරයක්. බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි.! (ර)
සුභ පැතුම් (දිල්)
මහේෂ් බණ්ඩාර මහතා තැනූ හෙළිකොප්ටරය ක‍්‍රියාත්මක කර අප වෙත ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ හෙළිකොප්ටර් යානයක තිබිය යුතු සෑම අත්‍යාවශ්‍ය අංගයක්ම එහි තිබෙන බව අපි සියැසින්ම දැකගත්තෙමු. (ර)
සුභ පැතුම් (දිල්)
නව පාලනයෙන් ඔබතුමාට උපකාර කරාවි. (නි)
අපේ නොලැබීමට තමයි දුප්පත් වුණේ. පටන්ගත් වැඩේ දිගටම කරගෙන යන්න. දවසක ඔයාට ජය ලැබෙයි. සුබ පැතුම්! (නි)
අයියේ, ඔයා වෙන රටකට යන්න. මේ රටේ ඉඳලා නම් කවදාවත් ගොඩ එන්න හම්බ වෙන්නෙ නැහැ (නි)
ලෝකේ උතුම්ම රට ලංකාව කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ පුත්තු තව තවත් ඉපදුනොත් තමයි...ලංකාවේ මොළ වලට ගහන්න මොළයක් ජපනටවත් නෑ කියලා බය නැතුව මට කියන්න පුළුවන්...ඒ උඹ නිසා....සතුට වචන වලින් ලියන්න බෑ සහෝදරයා....අපේ හීනය උඹේ නම ගහපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ගුවන් යානයක් යනවා දකින එකයි....ජයෙන් ජය. (ස)
එල කිරි, රයිට් සහෝදරයන්ටත් උපාධි තිබ්බේ නෑ කොල්ලෝ (නදී)
පින්තුර ගොඩක් තියනව, උඩ යන එකක් නැත්තෙ ඇයි?(නදී)
ඔබ වැනි අය අපේ රටට වස්තුවක් ඔබට ජය (බ)
අැත්තම කිව්වොත් නියමයි සහෝදරයා රාවණ රජතුමාගේ ලේ අැති නියම උත්සාහවන්ත වීරවරෙයක් ඹබතුමා ඹබතුමාට ජයෙන් ජයම වේවා ලංකාව ජාත්‍යන්තර තලයට ගෙන්න ඹබතුමාට ඒකාන්තෙයන්ම හැකිවේවා !!! (බ)
අපේ රටේ ඔය වගේ දෙයක් කළාට අගයක් කරන්න තරම් ගුණගරුක රජයක් නැහැ එයාලට ඔයින් කොමිස් ලබේනං විස්වාසයක් තියෙනවා එහෙම නැතුව අපේ දෙයක් අගය කරන රජයක් මේ අාත්මයෙදිනම් ලබන්න අපට වාසනාවක් නෑ කොහොම උනත් ඔබගේ නිර්මාණය උසස් එකක් ඔබට ජය තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට හැකිවේවා ලංකාදීපයට බොහොමත්ම ස්තුතියි (බ)
නිර්මාණය කිරීමට අවශ්‍යවන්නේ අලුත් දෙයක්. සමහරවිට එ්ක සුළු දෙයක් වේවි. එ්ත් තියන දේවල් අායෙත් අමාරුවෙන් හදන එක එච්චරම පලදායක නැති බව මගේ අදහස (නදී)
අනාගතය දියුණු කරගන්න යන්න විදෙස් රටකට (නි)
උගත් ඉංජිනේරු මහත්වරුන්ටත් දක්ෂ ප්‍රවීණ තාක්ෂණ ශිල්පී මහත්වරුන්ටත් අපේ රට ගැන ආදරයක් තියෙනවානම් අපේම නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් වැඩිදියුණු කිරීමට උදවු වෙන්න ඔන්න හොඳ අවස්ථාවක්. එහෙම නැතුව මේ තරුණයාගේ උගත් කමයි නිර්මාණයේ ඇති අඩුපාඩුයි ගැන පමණක් විවේචනය කර කර ඉන්න එපා. ඒක කුහකකම (බ)
ඔහොම යමු කොල්ලෝ! (නි)
ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! (නි)
නියම වැඩක් අයියේ! ජයෙන් ජයම වේවා ...!!!! (නි)
ඔබ වැරදි රටක ඉපදී ඇත. ඒ නිසා කරුණාකර වෙනත් රටකට මෙය විකුනන්න (නදී)
මට මතක් වුණේ රේ විජේවර්ධන මහත්තයාව.(නදී)
පරිස්සමෙන් පොලිසිය ඔබව අත් අඩංගුවට ගනියි. මේ ශ්‍රීලංකාව කියන රට බව මතක තබාගන්න. ඔබතුමා ලක් විරුවෙකි (නදී)
මගේ හදවතින්ම මම ඔබට සුභ පතනවා. මෙවන් නිර්මාණ තව තවත් කරන්න ලැබේවා කියල ඒ වගේම ඔබට රජයෙන් සහ පුද්ගලික අංශයෙන් මේ සදහා අනිවාර්ය සහයෝගය සහ විශේෂ උපදෙස් ඔබට ලබා දෙන්න කියලා මමත් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා . ඔබට ජය වේවා !(දිල්)
නියමිත ආරක්ෂක උපකරණ නොපැලදා යානය ගුවන්ගත කිරීමෙන් වලකින්න. ඔබ වැනි අය ලෝකයට ගොඩක් බිහිවෙන්නෙත් නෑ නිතර බිහිවෙන්නෙත් නෑ (නදී)
ඕක ඔතනින් නවතින්න දෙන්න එපා. ලංකාව සෙමින් දියුණු වෙන්නේ ඔය වගේ දේවල් වලට කවුරුත් උදවු නොකරන නිසයි (නි)
ඔබ අපිට ආඩම්බරයක්.(හේ)
වැඩේ සුපිරි, මමත් ඔබ වැනි පරීක්ෂණ කරන කෙනෙක්, ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්.. ජය වේවා.!(දිල්)
ඔබට සුභ පැතුම් (දිල්)
නියමයි අැත්තටම දක්ෂ නිර්මාණයක් !! ජය වේවා!!(දිල්)
මා මොහුගේ උත්සාහය අගය කරනවා. (දිල්)
මට පැහැදිලි මදි ,මොකද්ද ක්‍රියාත්මක වෙනවා කියන එකෙන් අදහස් කළේ තටු කැරකෙන එකද? උඩ යන එකද ?(හේ)
අපේ රටේ දක්ෂයෝ ඉන්නවා ඕනතරම්. අත දෙන්න කිසිවෙක් නැහැ (නදී)
නියමයි ! සුභ පැතුම් (දිල්)
ඔබට ජය වේවා ! (දිල්)
විශීෂ්ඨයි කියන්න වචන මදි.(හේ)
හදන්න කොල්ලෝ තව හදන්න.පස්සට යන්න එපා (නි)
අපේ රටේ කොල්ලෙක්ට ඔය වගේ දක්ෂතාවයක් තියෙන එකටත් ගොඩක් සතුටුයි.(හේ)
මෙවැනි නිපැයුමක් කල මහේෂ්ට රජයෙන් උපරිම සහයෝගය ලබාදීම අපේ රටේ තරුණයකුට කරන ලොකු අතදීමක් වෙනවා. එහම උනේ නැත්නම් මේ වගේ අයගේ නිෂ්පාධන වලින් ප්‍රයෝජනය ගන්නේ වෙනත් රටක්. මේ හෙළිකොප්ටරය ගුවන්ගත කර අවශ්‍ය පරීක්ෂණ සඳහා අවසර ලබාදෙන්න. (නදී)
මහේෂ් බණ්ඩාර මහතාට ඉදිරියටම යන්න සුබපතනවා. ඔබව සොයා දේශීය හෝ විදේශීය ආයතනයක් වැඩි දිනක් යන්නට මත්තෙන් පැමිණේවි යැයි විශ්වාස කරනවා..(හේ)
ඔබට ජය වේවා...! (හේ)
සාර්ථක නම් මමත් උදවු කරනවා (නි)
ලංකාවේ නිලදාරීන් දේශපාලුවන් කවදාවත් අපේ රටේ නිෂ්පාදන වලට අවස්ථාවක් දෙන්නේ නැහැ. උන් පිට රටවල් වලට විකිනිච්ච වහල්ලු. වෙන රටක ඔබ උපන්නා නම් ඔබ සම්පතකි (නදී)
සුබපැතුම් අපෙන් ඔබට (බ)
නියම වැඩක්. සුබපතනවා (නදී)
ජයවේවා මිතුරාණනි (නදී)
ජනාධිපති තුමනි ඔබතුමා රටට අාදරේ බව පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඒවගේම රටට සේවයක්. (නදී)
මේක උඩ යන ෆොටෝ එකක් නැහැනේ. හෙලිකොප්ටර් හදන්න පුළුවන්. ගුවනේදී හැසිරවීම ඉතා නිවැරදි වෙන්න ඕනී. (නදී)
ලංකාවේ නම් ඔය වගේ දක්ෂතාවයන්ට ඉඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. යන්න පිටරටකට. එතකොට අපේ දේශපාලුවන්ගේ ඇස් ඇරේවි. ඔබට සදා ජය! (නි)
ආඩම්බරයි! (නි)
ඔබගේ දක්ෂාතවය අප අගය කරනවා.(හේ)
ජයෙන් ජය... වැඩක් කරන මිනිහෙකුට ඔලුව උස්සන්න දෙන්නේ නැති අය ඉන්න රටක මේ තරම් දුරක් පැමිනීම අගය කල යුතුයි (නදී)
මේක උඩයනවා බලන්න ආසයි (නි)
උත්සාහවන්තයා කවදා හෝ ජය ගනිති! (අ)
වඩ්ඩන්ට තමා තැන අපේ කරුමේ (අ)
ඔබ මුළු රටටම ආඩම්බරයක් (නි)
අති විශිෂ්ටයි. මම ඔබට ආචාර කරනවා (නි)
ඇති විෂිශ්ඨයි. මම ඔබට ආචාර කරනවා (නදී)