IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ළමා අපරාධ සහ දඬුවම

”හොඳම දේ ළමයින්ට” යන තේමාව පෙරදැරි කර ගනිමින් තවත් එක් ජාත්‍යන්තර ළමා දිනයක් ඉකුත් දා නිමාවට පත් විය. බලන බලන අත මල් පොඩි කර දමන්නාක් මෙන් ළමයින්ට අකටයුතුකම්, අපරාධ සහ පළිගැනීම් වන අවධියක ලෝක ළමා දිනයට පමණක් ළමයින් සතුටින් තැබීම, ළමයින් ගැන කතා කිරීම ප‍්‍රමාණවත් වන්නේද? රටක ජාතික සම්පත් අතර ප‍්‍රමුඛ වන්නේ දරුවෝය. එම උත්තරීතර ප‍්‍රාණය බඳු දරුවන්ට අද වනවිට අත් වී ඇති ඉරණම මහපොලොව විටෙක නුහුලන තරම්ය.

 

3_MA_P_26
සේයා සදෙව්මි දියණිය අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සමඟ සමාජයේ බොහෝ කතිකාවන් ගොඩ නැගී තිබුනේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවය. 


ළමා අනතුරු, ළමා අපචාර සිදුවන්නේ මවුපිය නොසැලකිල්ලෙන්ද? බාල අපචාර වළක්වා ගැනීමට රටේ නීතිය ක‍්‍රියා කළ යුත්තේ කෙසේද? අපි සොයා බැලීමට උත්සාහ ගත්තෙමු.


කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අපරාධ විද්‍යා සම්බන්ධ (දර්ශනපති) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ජීවා නිරිඇල්ල මහත්මියගෙන් විමසා සිටියෙමු. 
කුඩා දරුවකු නීතිය ඉදිරියේ පිළිගනු ලබන්නේ දෙමාපිය, වැඩිහිටියන්ගේ රැුකවරණය ලැබිය යුතු සමාජ කාණ්ඩායමක් ලෙසට. කුඩා දරුවන්ට ආදරය, සෙනෙහස, පෝෂණය වාගේම රැුකවරණය ද වයසට ගැලපෙන පරිදි නොඅඩුව ලබා දිය යුත්තකි.


වර්තමානයේ සිදු වූ බොහෝ ළමා අපචාරවලට හේතුවී ඇති බවට හඳුනාගෙන තිබෙන්නේ දරුවන්ට ලබාදෙන රැුකවරණයේ අඩුපාඩු. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සිදු වූ අපචාරවලදී, දක්නට තිබෙන්නේ දෙමාපියන්ගෙන් සිදුවන අතපසු වීම්, දරුවන් අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දෙන්නට සිදුවන බවය.


නෛසර්ගිකව දෙමාපියන් යනු වැඩිහිටි පිරිසක් බව දෙමාපිය වැඩිහිටියන් තේරුම් ගත යුතුය. ඔබ ඔබේ දරුවාට ප‍්‍රාණයට දෙවැනිකොට ආදරය බව සැබෑවකි. නමුදු වැඩිහිටියන් ලෙසට ”ළමයා” නැමැති සමාජ කණ්ඩායමට පුංචි හෝ අතපසු වීමකින් ”හානියක්” සිදු විය හැකි බව තේරුම් ගත යුතුය. නිවසේදී, නිවසෙන් පිටත දී, පාසලේදී තමන්ගේ අවධානය කෙසේ දරුවාට ලබා දිය යුතු ද යන්න දෙමාපිය වැඩිහිටියන් ස්ථීර සාර තීරණයක් ගෙන තිබීම ඉතාම වැදගත්ය.


දෙමාපිය නොසැලකිලිමත් භාවයට අමතරව සමාජයේ ජීවත්වෙන මිනිසුන්ගේ සාරධර්ම කඩා වැටීමද, ළමා අපචාර ලිංගික හිංසනය, ස්ත‍්‍රී දූෂණ ආදිය වර්තමානයේදී ඉහළ යන්නට හේතු වී තිබේ. 


මීට වසර ගණනාවකට පෙර දරුවන් රැුක බලා ගන්නා ලෙසට දෙමාපියන්ට මතක් කිරීමට අවශ්‍ය නොවූවත්, අද වෙනවිට පුන පුනා තම දරුවන්ට නිසි රැුකවරණයක් ලබාදෙන්නට කියා හඬක් නැගීමට සිදුව ඇත්තේ අපරාධ රැුල්ල නොසිතනා අයුරින් ඔඩු දුවනා බැවිනි. පෙරට සාපේක්ෂව තරගකාරී ජීවන රටාවක ජීවත්වෙන අප සැම මුදල් පසුපස හඹාගෙන යන වට පිටාවකදී දරුවන් රැුක බලා ගැනීම කිරීමට සිදුව ඇත්තේ රැුකියාවල්වල නිරත වෙන ගමන්මය.


මෙම කරුණ නිසාත් අද වනවිට දරුවන් මග හැරීයාම සිද්ධ වෙන බව මතකය අවදි කළ යුතු කරුණක් බවට පත්ව තිබේ.

 


බාල අපරාධ වැඩිවීම
අපරාධයක් යනු සාමාන්‍ය සමාජයේ මිනිසුන් දකින, වටිනාකම්, සමාජ සාරධර්ම, ආගම ධර්ම, සංස්කෘතිය සමග කාලීනව වැඩුණු දේවල්වලට පටහැනිව කටයුතු කරනා අවස්ථාවකි.


සදාචාරයට පටහැනි වැරදි පමණක් නොව නීතියට පටහැනි අවස්ථාවන්ද අපරාධ ලෙස සැලකේ.


අපරාධ විද්‍යාවට අනුව මිනිසුන් හුදෙක් අපරාධ කිරීමට පෙළැඹෙන්නේ විවිධ හේතු මුල් කොටගෙනය.


යම් මිනිසෙකු අපරාධ කිරීමට පෙළඹෙන්නේ පවුල් ප‍්‍රශ්න, ආර්ථික ප‍්‍රශ්න, සමාජ ප‍්‍රශ්න හෝ දේශපාලන හේතු නිසාය.


ළමා අපචාර හෝ  ඕනෑම අපචාරයක් සිදුවීමට බලපාන හේතු ගණනාවකි. 


දරුවකුට සිදු කරනා ශාරීරික, මානසික හෝ ලිංගික අතවරයක්, හිංසනයක් බාල අපචාරයක් ලෙසට ගැනේ.


දරුවකුට මානසිකව දරා ගත නොහැකි පරිදි බැණ වැදීම, පහරදීම, කොන් කිරීම, ශාරීරික වේදනාවන්ට පත් කිරීම ලිංගික වශයෙන් ස්පර්ෂ කිරීමේ සිට දරුවන්ට සිදුවන හිරිහැර බාල අපචාර ලෙසට නීතියේ සැලකේ.


මේ සියලූ කරුණු පිළිබඳ දෙමාපිය වැඩිහිටියන් සේම දරුවන් දැනුවත් වී සිටීම ද ඉතාම වැදගත්ය.


මක්නිසාද දරුවන් වයසින් වැඩෙත්ම මවුපියන්ට ඔවුන්ගේ ළඟම නොසිටිය හැකි බැවිනි.


එම නිසාම  ඕනෑම වයසක පසුවෙන  ඕනෑම දරුවකුට,  ඕනෑම වෙලාවකදි අනතුරක්, අවදානමක් ඇතිවිය හැකි බව දෙමාපියන් සහ වැඩිහිටියන් මතකයේ තබා ගත යුතුයි. ළමා අපරාධ කෙරෙහි අවධානය යොමුවන විට අපයෝජනවලට ද ප‍්‍රධාන තැනක් යොමුවේ. ඒ අනුව ළමයාගේ වර්ධනයට, සෞඛ්‍යයට, සෘජු ලෙසම හෝ ව්‍යංගිකව හානිකර හෝ හානි වීමට ඉඩ සලසන හෝ ළමයා වධ වේදනාවලට ලක් කරන ක‍්‍රියාවක් කිරීම හෝ ළමයාගේ උපරිම යහපත සඳහා පාදක වන ක‍්‍රියාවක් නොකර හැරීම වේ.


මෙම අපයෝජනයන් ලිංගිකව, ශාරීරිකව, පෝෂණය නොසලකා හැරීම, චිත්තාවේගාත්මක ළමුන් වෙළෙඳාම, සේවයේ යෙදවීම, කෲරත්වයට පත් කිරීම සහ අතහැර දැමීම ආදී විවිධ ස්වරූපයෙන් විය හැකිය. මෙයින් වර්තමානයේ ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ ලිංගික අපයෝජනය බොහෝවිට සිදු වන්නේ මනුෂ්‍යයා තුළ පවතින දර්ශනකාමිත්වය, ප‍්‍රදර්ශනකාමිත්වය, පරිපීඩක කාමුකත්වය සහ සමලිංගිකත්වය කියනා සමාජ මනෝ විද්‍යාත්මක සංකල්පනා හේතුවෙනි.


නිවසේදී දෙමාපිය, වැඩිහිටියන්ගේ රැකවරණය සේම පාසලක පන්ති කාමරයේදී දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් වගකීම බාරගත යුත්තේ ගුරුවරුය. කෙසේ නමුත් රටේ සිදුවන අපචාර, දූෂණ, ලිංගික, හිංසාවන් ආදියෙහි ස්වභාවය පිළිබඳ දරුවා නිරතුරුවම දැනුම්වත් කළ යුතුය.


යමක් කමක් තේරෙන වයසට පත්වෙන දරුවාට නොදන්නා අයගේ ඇසුරට යෑම, හඳුනන්නේ නැති අයකු යමක් දුන් විට නොගෙන සිටිනා ලෙසට දෙමාපියන්ගෙන් දරුවන් දැනුම්වත් කර තිබීම ඉතාම වැදගත්ය.


පාසල් අධ්‍යාපනය හදාරණ දරුවාට හය ශ්‍රේණියේ (6 ශ්‍රේනිය) සිට සරලව තේරුම් ගත හැකි පහසු බසකින් ළමා අපචාර යනු මොනවාද? යම් දූෂණයක් අපචාරයක් සිදු වූවහොත් කළ යුත්තේ කුමක්ද? ළමා අයිතිවාසිකම්, දරුවන්ගේ වගකීම, ළමා කාලයේ වැදගත්කම, ලිංගික අධ්‍යාපනය සහ දරුවකුට අවශ්‍යවන නීතිය ගැන විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ඉතාම වැදගත් සහ කාලීන කරුණක් බවට හඳුනාගෙන තිබේ.


6 ශ්‍රේණියේ සිට වසරින් වසර දැනුම වැඩිවන ආකාරයට දරුවන්ට ලබාදීමෙන් දරුවන්ගේ දැනුම්වත්භාවය වර්ධනය වන්නාසේම දරුවන්ට පාඩම් කටයුතු කියා දෙන නිවසේ මව්පියන්ට ද ඔවුන් ගැඹුරින් නොදන්නා විෂයයන් ගැන පහසුවෙන් දැන ගත හැකි වේ.


අවාසනාවකට අප රටේ නීතියේ පවතින දුර්වලතා නිසාම රටේ අපරාධ කිරීමට ඇති බිය නැතිවීගොස් නැත.


දණ්ඩ නීති සංග‍්‍රහයේ විධිවිධානයන්ට අනුව අපරාධයක් කළ අවස්ථාවක් වාර්තා වූ විට නඩු අසා, අපරාධය කළ තැනැත්තාට අපරාධයේ ප‍්‍රමාණයට තීන්දු ලබදීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් ලබාදීම ද කළ යුත්තකි. නමුත් අප රට තුළ එවැනි ඉක්මන් ක‍්‍රමවේදයක් තවමත් සිදුවන්නේ නැත.
නීතියේ කාර්ය පටිපාටි ක‍්‍රියාත්මක කිරීමේදී විශාල වශයෙන් සිදුවන අඩුපාඩු වේ. ඒ නිසාම වරදක්, අපරාධයක්, අපචාරයක් වූ විට නීතියෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවාට වඩා කළ යුත්තේ දරුවන් කෙරෙහි විශාල රැුකවරණයක් ලබා දීමට ක‍්‍රියාකිරීමය.


වර්තමානයේ කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා රට තුළ අපරාධ රැුල්ල වැඩි වීමට පරිගණක, ජංගම දුරකථන භාවිතය, අන්තර්ජාලය භාවිත කිරීම හේතුවී ඇති බව. 


ලෝකයේ දියුණුවත් සමඟ පුද්ගලයා අතට පත් වුණූ මෙවලමකින් පුද්ගලයකු වරදට පත්වෙනවා කිවහොත් එය පිළිගත නොහැකි සත්‍යතාවකි. ඕනෑම දෙයක හොඳ හෝ නරක හෝ යනුවෙන් පැති දෙකක් තිබෙනවා. හොඳින් නරක වෙන් කරගෙන කටයුතු කිරීමයි කළ යුත්තේ. නරක පැත්තක් තිබීම නිසාම, අන්තර්ජාලය හෝ සමාජ වෙබ් අඩවි හෝ තහනම් කළ යුතු ද යන්න ගැටලූවක් මතුවෙනවා. 


අන්තර්ජාලය ප‍්‍රයෝජනයට ගෙන තමන්ගේ ජිවිත සකස් කර ගත්  ඕනෑතරම් පුද්ගලයන් ලෝකයේ සිටිනවා. දැනුම ලබා ගන්න, රට රටවල තොරතුරු ලබා ගන්න, විවිධ පුද්ගලයන් හඳුනා ගන්න. අන්තර්ජාලය විශාල රුකුලක්.


උදාහරණයක් ලෙසට මා අන්තර්ජාලය බහුලව භාවිත කරන්නෙකි. මා අන්තර්ජාලය භාවිත කරන්නේ පර්යේෂණ සිදු කිරීමට, සම්මන්ත‍්‍රණ සමුළුවලට සහභාගි වීමට, අපරාධ විෂය සම්බන්ධ ලෝකයේ තත්ත්වයන් දැන ගැනීමට, විෂයට අදාළ ප‍්‍රවීණයන් හඳුනා ගැනීමට, සහ නොයෙකුත් රාජකාරීමය අවශ්‍යතා සඳහා එසේ නොමැතිව මුහුණු පොතට ඇතුළත් වී නොදන්නා අයකු සමඟ සාකච්ඡුා පවත්වා කාලය නාස්ති කර ගැනීම හෝ සමාජ වෙබ් අඩවියකට පිවිස දර්ශන නැරඹීම පමණක් නොවේ. අන්තර්ජාලයෙන් ගත හැකි ප‍්‍රයෝජන, මා විශ්වාස කරනවා මනසින් උසස් මිනිසුන් ලෙසට අපට සෑම විටම ස්වයං වාරණයක් තිබීම අතවශ්‍යයයි කියා. එසේ වන්නේ නම් පුද්ගලයකු වශයෙන් සිදුවන වැරදි අඩුපාඩු බොහෝමයක් පාලනය කර ගත හැකිය. මෙහිදී මතක් කළ යුතු කරුණක් තිබෙනවා. භාවිත කරන මෙවලමක් වෙනස් කරනවාට වඩා කළ යුත්තේ හොඳින් නරක වෙන්කර ගැනීමට ඇති හැකියාව පුද්ගලයා තුළ දියුණු කර ගැනීමය.


ලෝකයේ දියුණුව යනු අලූත් අලූත් දේවල් හඳුනා ගැනීමය. එහෙයින් දරුවන්ව දැනුවත් කළ යුත්තේ මෙවලම් භාවිත කරන්නේ නම් එය කළ යුත්තේ කෙසේද? ඒවායෙහි ඇති අයහපත් ප‍්‍රතිඵල මොනවාද යහපත් ප‍්‍රතිඵල කවරේද යන්න තෝරාබේරා ගැනීමට පෙළඹවීම ය.


දරුවකුට පරිගණකයක් භාවිත කිරීමට දීමේදී, ආරක්ෂිත ක‍්‍රමවේදයක් සකස් මෘදුකාංග භාවිත කර ලබා දිය හැකි නම් එය දරුවාගේ ආරක්ෂාවට ද යහපතක් වනු නොඅනුමානය.


කෙසේ නමුත් රටේ නීතියට අනුව අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම, ඒවා නැරඹීම, බෙදාහැරීම, මිතුරන් සමග බෙදා ගැනීම ආදිය දඬුවම් ලැබිය හැකි, වාරණයක් පැනවිය හැකි වරදකි. නමුත් ඔබත් මමත් දන්නවා මේ දේවල් භාවිත වෙන බව. එම නිසා නීති පැනවීම හෝ වාරණ පැනවීමට වඩා රටක සිදු විය යුත්තේ ඒවා කොතරම් දුරට ක‍්‍රියාත්මකවේද යන්න සොයා බැලීමය.


නීතියෙන් වැරදකරුවකු වන පුද්ගලයකු දඬුවම් කිරීම අත්‍යශ්‍ය දෙයක්. දඬුවමක් නොමැතිව නීතියක් පැනවීම, නීතියක් නොමැතිව තිබෙනවාට වඩා භයානකය.


ගණිකා වෘත්තිය නීතිගත කිරිමෙන් බාල අපචාර හෝ ස්ත‍්‍රී දූෂණ ඇතිවීම වළක්වා ගත හැකි වෙනවාද?


රටේ පවත්නා අපරාධ රැුල්ල මැඩ පවත්වා ගැනීමට එකම සහ හොඳම විසඳුම ගණිකා වෘත්තිය නීතිගත කිරීම වන්නේ නැහැ.


බටහිර රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබූ පමණින් ළමා අපචාර හෝ ස්ත‍්‍රී දූෂණ නැත්තටම නැතිවී නැත.


බටහිර සංස්කෘතියේදි ලිංගිකත්වය දකින්නේ අවශ්‍යතාවක් ලෙසට පමණි. සාරධර්ම, සංස්කෘතිය, වටිනාකම් සමඟ නිරතුරුව බැඳුණු ආසියානු රටක් ලෙසට අප රටේ ලිංගිකත්වය දකින්නේ ඊට වඩා වෙනස් විදිහටය.


අප රට තුළ ලිංගිකත්වය අවශතාවක් ලෙසට නොසැලකේ. ශ්‍රී ලාංකික සංස්කෘතියේදී අප දකින්නේ විවාහයක් තුළ ලිංගික සම්බන්ධතාවක් පැවතිය යුතුය යන්නය. එක් අයකු සමඟ පමණක් විවාහ වීමේ වටිනාකම නිසා සංස්කෘතියට යම් වටිනාකමක් එකතු කළ හැකි බව බැහැර කළ නොහැක.


බටහිර රටවල දරුවන්ට වයස අවුරුදු 13 වූ විට තනියම ජිවත්විය හැක. ලිංගිකත්වය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට රටෙන්, සමාජ පරිසරයෙන් පමණක් නොව නිවසෙන් ද ඉඩ ප‍්‍රස්ථාව ලැබෙන අතර ලිංගික ආරක්ෂකයන් සඳහා උපකරණ ලබා ගැනීමේ පහසුකම් ද සලසා තිබේ.


ලොව බොහෝ රටවල් බටහිර පවතින නිදහස් ලිංගික අත්දැකීම් ලැබීම දකින්නේ ”එය එසේ වීම තුළ රටේ සමාජ ප‍්‍රශ්න අවම වී ඇති බවය. නමුත් එම රටවල ජීවත් වන්නන්ට ළමා වයසේදීම දරුවන්ට නිදහස ලබාදීමේ ආදීනව දැන් දැන් වැටහීගොස් තිබේ.


එහි ඇති බරපතළම සමාජ ව්‍යසනයක් වී ඇත්තේ දරුවන් අඩු වයසින් ඒඞ්ස් ඇතුළු භයානක සමාජ රෝග රැුසකට ගොදුරු වීමය.


ඊට අමතරව අධ්‍යාපනය අතරමග නතර කරන්නට සිදුවීම.


කුඩා අවධියේදීම ගැහැණු දරුවන් ගැබ්ගැනීම, දික්කසාදවීම් ඉහළ යෑම ආදී ගැටලූ රාශියක් එම රටවල මතුව තිබෙන බව බොහෝ පිරිසක් නොදකින දෙයකි.


පවුලක් ලෙසට ජීවත් වීමත්, විවාහය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දැරීමත් යන කරුණු රටක පැවැත්මට ඉහළ අගයක් ලැබී තිබීම අගය කළ යුතු කරුණකි.


එම නිසා පවතින තත්ත්වයන් මැඩ පවත්වා ගැනීමට ගණිකා වෘත්තිය නීතිගත කිරීම අප රටේ සංස්කෘතිය, සදාචාරය සමඟ ගැළපීම සාර්ථක විසඳුමක් වන්නේ නැත.


ගණිකා වෘත්තිය සමාජ ගත කිරීමෙන් පැන නැගිය හැකි නෛතික ගැටලූ ද රාශියකි.


එම නිසා හිසරදයට කොට්ටය මාරු නොකර කළ යුතු වන්නේ දරුවන් රැුක බලා ගැනීමට ස්ථීර සාර විසඳුමක් සොයා ගතයුතු වීමය.

 


දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවර

  •  දරුවන් සිටිනා සෑම දෙමාපියන්ම තමන්ගේ වගකීම තේරුම් ගත යුතුය. රාජකාරි බහුල වුණත්, දෙමාපියන් දරුවන් රැුක බලා ගැනීමට මූලික තැන දිය යුතුය.
  •  පාසල් පද්ධතියේදී යම් ක‍්‍රමවේදයක් යටතේ ලිංගික අධ්‍යාපනය, බාල අපචාර, නීති (සරලව* සහ යම් අකටයුතුකමක් වුණහොත් පිහිට පතා යා යුත්තේ කොතැනටද යන්න නිර්ණායකයක් යටතේ විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගැනීම ඉතා වැදගත්ය.
  •  පාසල් ගුරු දෙගුරු රැුස්වීම්වලදී විෂය නිර්දේශය පිළිබඳ පමණක් සාකච්ඡුා නොකර, දරුවන්ට ඇති ප‍්‍රශ්න ගැනත් දරුවන්ගේ පෞරුෂත්වය නගාසිටුවීමට කළ යුත්තේ කුමක් ද යන්නත් සාකච්ඡුා කිරීම කළ යුත්තකි.

සමාජයේ ජීවත්වෙන සැවොම ‘‘තමන්ගේ දරුවා වාගේමයි, අනෙක් දරුවොත්’’ යන බව සිතිය යුතුය.

  •  දරුවා දරුවකු ලෙස දකින්න. කුමන ආකාරයේ ආශාවක් ඇති වූවත් දරුවාගෙන් ඉෂ්ට කර ගැනීමට පෙළඹෙන්නේ ද යන්න වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතුය.
  •  දරුවන් ආරක්ෂා කර ගැනීමට දැනට තිබෙන නීතිරීති පිළිබඳ නැවත සලකා බලා අඩුපාඩු ඇත්නම් ඊට විසඳුම් සෙවීම ද ඉක්මනින් කළ යුතු වේ. එම නිසා දණ්ඩන ප‍්‍රතිපත්තියක් සකස් කිරීම ඉතාම අත්‍යවශ්‍යය.
  •  පූජනීය ස්ථාන ඉලක්ක කරගෙන යම් වැඩපිළිවෙළක් කිරීම ඉතාම වැදගත්ය. පන්සලක දහම් පාසලක් අවසානයේ හෝ ධර්ම සාකච්ඡුා පිංකමක් අවසන් වන මොහොතේ, දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමාපිය වැඩිහිටියන් කළ යුත්තේ කුමක්ද යන්න සාකච්ඡුා කළ හැක.

 

කිතුනු පල්ලියක දේව මෙහෙයෙන් පසු මුස්ලිම් භක්තිකයන් බහුතරයක් සහභාගි වෙන දේව මෙහෙයකින් පසුව යම් වේලාවක් වෙන්කර දරුවන්ව ආරක්ෂා කර ගැනීමට ඔබෙන් විය යුතු වැඩ කොටස කවරේද යන්න, දරුවන්ට රැුකවරණය සැලැසීමට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කළ හැකියි.

m



අදහස් (3)

ළමා අපරාධ සහ දඬුවම

සදා Friday, 09 October 2015 06:36 AM

අපි පාරේ යනකොට පොඩි දරුවන් සමග හිගමනේ යන දෙමාපියන් වගේම දරුවන් සමග වෙළදාමේ යෙදෙන දෙමාපියන් හමුවනවා . ඒ වගේම පැල්පත් වල හරියට හිසට සෙවනක් නැති කුණු ජරාව පිරුන වටපිටාවක ජීවත් වෙන දරුවන් දකිනවා. මේ දරුවන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත ගතයුතු නේද? (බ)

:       2       4

ශ්‍යාමලී ද සිල්වා Monday, 12 October 2015 03:05 AM

ඉතාමත්ම වටිනා ලිපියකි. බටහිර සමාජය අඩුවයසේදී ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ගැන සතුටින් කතා කරන බටහිර දේ සරණ ගිය උගතුන් මෙය කියවත්වා.......(ස)

:       0       0

wgdlakmal [email protected] Friday, 01 December 2023 07:57 AM

ඉතා වටිනා ලිපියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3394 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site