IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ෆොන්සේකා එක්ක බැලූවම මෛතී‍්‍ර ඉන්නේ ඉතාම දුර්වල තැනක

20_MAIN_P_8 

 

ජනාධිපතිවරණය මොකක් වෙයිද මේ ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.  

 

 


ප‍්‍රශ්නය : ඡන්දෙ සටනේ මොකද වෙන්නේ?


පිළිතුර : ඡුන්ද සටන අපට හුඟාක්ම ..... හුඟාක්ම වාසිදායකයි. එක්සත් ජාතික පක්‍ෂය සම්පූර්ණයෙන්ම බැහැලා නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ ශක්තිය ආසන මට්ටමින් එන්නෙම නැහැ. ඊළඟට රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් මෙතැන පොඩි වංචාවක් කරනවා වගේය තමයි පේන්න තියෙන්නේ. පක්‍ෂයෙ සම්පූර්ණ ශක්තිය33 නොදී මෛතී‍්‍ර පරාජය කිරීමට වැඩ කරන බව පේනවා. හෙළ උරුමයේ රතන හිමියි. චම්පිකයි හැර දිස්ති‍්‍රක් පදනම්...... ආසන පදනම් එකක්වත් හෙල්ලිලා නැහැ. ඒවා සියල්ලම අපිත්  එක්ක ඉන්නවා. අපෙන් ගිය දුමින්ද දිසානායක පසුගිය පළාත් සභා මැතිවරණයේදී දුමින්දගේ ආසනයත් කලාවැව ආසනයත් පරාදයි. ගිය පාර පළාත් සභා මැතිවරණයේදී මැති ඇමැතිවරුන්ගේ දරුවන් ඉල්ලපු අයගෙන් එකම එක දරුවයි පැදුරණ්. ඒ එම්.ඞී.කේ.ඞී.එස්. ගුණවර්ධනගේ දරුවා. අනික් සියලූම දරුවන් දිනුවා. ඒ නිසා ඒ අයට කිසිම ජන පදනමක් නැහැ.

 


ප‍්‍රශ්නය: නමුත් මෛතී‍්‍රපාලගේ රැස්වීම්වලට ගහනවා. බයක් නැත්නම් ඔහොම ගහන්නේ ඇයි?


පිළිතුරු: පොඩි පොඩි දේවල් වෙලා ඇති අපට කිසිම බයක් නැහැ. දැන් බලන්න ගිය සැරේ ෆොන්සේකා යුද්දෙ ඉවර කරලා ආවේ යුද හමුදාපති හැටියට ඔහුට විශාල පෞරුෂයක් තිබ්බා. ඒ එක්කම කෙළින්ම එයාට එක්සත් ජාතික පක්‍ෂය උදව් කළා. අන්තිම මොහොත වෙනකොට පොඩි අවුලක් ආවා. මනුස්සයා පිස්සු කෙළින්න පටන් ගත්ත හින්දා ඊළඟට ජේවීපී එක කරට ගත්තා මුස්ලිම් කොංග‍්‍රස් එකත් කරට ගත්තා ටී.එන්.ඒ. එකත් සටන කරට ගත්තා. එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවත්  ෆොන්සේකා කරට ගත්තා. හැබැයි අද එහෙම නෑනේ. ජේ.වී.පී එකත් අද නැහැ. මුස්ලිම් කොංග‍්‍රස්  එක  ඉන්නෙත් අප එක්ක. මෛතී‍්‍රපාලට උදව් කරනවා කියලා ටී.එන්.ඒ. එක කියන්නෙත් නැහැ.

 


ප‍්‍රශ්නය :  නමුත් ආණ්ඩුව කියන්නේ ටී.එන්.ඒ. සහාය මෛතී‍්‍රපාලට කියලයි. එතකොට ආණ්ඩුව කියන්නේ බොරුද? ඔබ කියන්නේ  බොරුද?


පිළිතුර : මෙහෙමයි ටීඑන්ඒ එක මෛතී‍්‍රපාලට උදව් කරන්නේ නැහැ කියලා කියන්නේ බොරුවටයි. ඒක උපක‍්‍රමක්. ඒ අය මෛතී‍්‍රපාලට උදව් කරනවා. හැබැයි උතුරු නැගෙනහිර ඡුන්දවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ගන්නේ අපියි. ඒක ටී.එන්.ඒ. එකටත් තේරිලා ඇති. ඒ නිසා ඒ අයගේ විශාල කඩාවැටීමක් පෙනෙන එකෙන් මිදෙන්න, ඊළඟට සිංහල බෞද්ධ බලවේගවලට මෛතී‍්‍රට උදව් කරන්න අවස්ථාව දෙන්නත් තමයි අපි තාම මධ්‍යස්ථයි ආදී  වශයෙන් කියාගෙන යන්නේ. නමුත් ඒ අය මෙතෙී‍්‍රට උදව් කරනවා. හැබැයි ෆොන්සේකාත් එක්ක බැලූවම ඉතාම දුර්වල තත්ත්වයක තමයි මෛතී‍්‍රපාල ඉන්නේ.

 


ප‍්‍රශ්නය : 2010 ජනාධිපතිවරණයේදී ඔබ එජාපයේ ඉඳලා ශී‍්‍රලනිපයට ආවේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න එජාපයෙන් ඔබට අවස්ථාව නොදුන් නිසයි ඔබ හිතනවද එදා ඔබ ඉදිරිපත් වුණානම් මහින්ද පරාජය කරන්න පුළුවන් කියලා?.


පිළිතුර: කවදාවත්ම බැහැ. එදත් මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය වළක්වන්න කිසිම කෙනෙකුට  බෑ.

 

1

 


ප‍්‍රශ්නය: එහෙනම් ඔබ ඇයි ඉදිරිපත් වෙන්න ඉල්ලූවේ?


පිළිතුර: මම එදා තරග කළානම් එක්සත් ජාතික පක්‍ෂය මම මගේ අතට ගන්නවා. ඒ හැරෙන්න 2010 ඡන්දෙදි ජනාධිපතිතුමා කිසි කෙනකුට පරාජය කරන්න බෑ. මොකද යූ.එන්.පී. එකේ අයත් කොළ-පාට ෂර්ට් එකක් ඇඳගෙන ගිහින් තමයි ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ.

 


ප‍්‍රශ්නය:- මෛතී‍්‍රපාල සිරිසේන  වගේ කෙනෙක් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්  වෙනකම් ආණ්ඩුව දන්නේ නැහැ. ඒක ලොකු ප‍්‍රශ්නයක්?
පිළිතුර:
නෑ නෑ. නෑ.. ඒක වැරදියි.  ඕක හොඳටම අපි දැනගෙන හිටියේ අප දැනගෙන හිටියා. මෙයා චන්ද්‍රිකා එක්ක සාකච්ඡුා කරනවා. රනිල් එක්ක සාකච්ඡා කරනවා මෙයාව ගන්න උත්සාහ කරනවා කියලා.

 


ප‍්‍රශ්නය: නමුත් මෛතී‍්‍රපාල සිරිසේන යනකම් දන්නේ නැහැ?


පිළිතුර: මෙහෙමයි රාජිත සාකච්ඡාවක ඉන්න බව දැනගෙන හිටියා. අපි ඒ බව දන්න නිසා ඒ අයත් එක්ක කතා කළා. ජනාධිපතිතුමා පෞද්ගලිකව කතා කළා. අන්තිම දවසේ ?ත් කතා කළා. බැසිල් ඇමැතිතුමාලා කතා කළා. අපටත්  කතා කරන්න කියලා කිව්වා. අපි ඉතින් ඒ අයව තියාගන්න උත්සාහ කළා.

 


ප‍්‍රශ්නය: පිල් මාරුවකට ඔබට කතා කළේ නැද්ද?


පිළිතුර: නෑ නෑ. මුල් යුගයේ ඔය කුමන්ත‍්‍රණය පටන් ගත්තේ බොහොම කාලයකට ඉස්සෙල්ලා. ඒ මුල් යුගයේ මුට්ටිය දාලා කීප දෙනෙක් බැලූවා. ඔය චන්ද්‍රිාකාගේ පරණ මිත‍්‍රයෝ ඒත් අන්තිමට ඒ අය ඒ අදහස අත හැරියා.

 


ප‍්‍රශ්නය: මෛතී‍්‍රපාල වගේ කෙනෙක් සරල කාරණාවලට මේ වගේ තීරණයක් ගනීද? ඇමැතිවරුන්ට දරාගන්න බැරි ප‍්‍රශ්න ආණ්ඩුව අභ්‍යන්තරයේ කොච්චර තිබිලා තියෙනවද?


පිළිතුර: මෛතී‍්‍රපාල සිරිසේන වගේ කෙනකුට තිබුණු ප‍්‍රශ්නය මොකක්ද කියලා මට තේරුම් ගන්න බෑ ඇත්තටම මෛතී‍්‍රපාල කියන්නේ ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක්. 94 දී ආණ්ඩුව හදනකොට එයාගේ නම කැබිනට් එකට සලකා බැලීමකටවත් ලක්වුණේ නැහැ.

 


ප‍්‍රශ්නය: නමුත් 94 දී මෛතී‍්‍රපාල නියෝජ්‍ය ඇමැතිවරයෙක්?


පිළිතුර: ඒක දුන්නෙත් නියෝජ්‍ය ඇමැති ධූරයක් ඒ පළාතට දෙන්න  ඕනෑ කියලා තීරණයක් අරගෙනයි. එහෙම නැතිව නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්න එයා ජාතික  තලයේ දේශපාලනඥයෙක් නොවෙයි.

 


ප‍්‍රශ්නය: නමුත් ඔහු ඒ කාලෙදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් වෙනවා.


පිළිතුර: මෙහෙමනේ ධර්මසිරි සේනානායක ඇමැතිතුමා මිය ගියාට ස්සේ ලේකම් පුරප්පාඩුව අවම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තමයි මෛතී‍්‍රපාලව තරගයට ගෙනත් දැම්මේ.

 


ප‍්‍රශ්නය: ප‍්‍රතිවාදියා වුණේ ඔබ?


පිළිතුර: ඔව්නේ මට තරග කරන්න එපා කියලත් ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කිව්වා. හැබැයි එයා පැරදුණා. ඒ වෙලාවේ මට. මමයි ලේකම් වුණේ.

 


ප‍්‍රශ්නය : අන්තිමට ඔබත් පක්‍ෂයෙන් ගියා?


පිළිතුර: ඔව්! මම පක්‍ෂයෙන් යන වෙලාවේ ආපහු චන්ද්‍රිකා මැතිනියත් එක්ක රණ්ඩු වෙලා මෙයාව ලේකම් කළේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාමයි. ඒ නිසා චන්ද්‍රිකා යුගයේදී එයාට හරිහමන් ඇමැතිකමක්වත් හම්බ වුණ් නැහැ. එයාට නියෝජ්‍ය ඇමතිකමක් තමයි දුන්නේ. එයාට ලොකු ලොකු ඇමතිකම් දීලා එයාව චරිතයක් බවට පත් කළේත් ලේකම්කම අරන් දුන්නෙත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමයි. ඉතින් එතුමා ලේකම් වුණාට පස්සේ අර සාම්ප‍්‍රදායික විදියට නිද්‍රාශීලී වුණා

 


ප‍්‍රශ්නය: පක්‍ෂයේ ලේකම්ට වඩා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ බලවත් වුණා.


පිළිතුර: ඉතින් මෙයා නිදාගත්තනේ. මම ලේකම් වුණාට පස්සේ ‘සැරසෙමු’  කියලා ව්‍යාපාරයක්  පටන් අරගෙන ලක්‍ෂ 12ක් විතර පාක්‍ෂිකයන් බඳවා ගත්තා. මුළු ලංකාවෙම එකම දවසේ තරුණ ශාඛා ලක්ෂයක් විතර හැදුවා. විශාල ජවයක් පක්‍ෂයට ගත්තා. පක්‍ෂයට ගීතයක් තිබුණේ නැහැ. ගීතයක් හැදුවා. පක්‍ෂයට කොඩියක් තිබුණේ නැහැ. කොඩියක් හැදුවා. පක්‍ෂයෙ ඇතුළට තරුණ සමිති නායකයෝ, කාන්තා සමිති නායකයෝ වෘත්තීය සමිති නායකයෝ ගත්තා. පක්‍ෂයේ  මධ්‍යම කාරක සභාවට ගත්තා. මෙයා ලේකම් වුණාට පස්සේ මුකුත් වුණේ නැහැ. එහෙම කළා කියල කියන්න දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ.

 


ප‍්‍රශ්නය: ඒ වෙනකොට පක්‍ෂ යාන්ත‍්‍රණය ඇමැති බැසිල් අතට අරගෙන තිබුණේ?


පිළිතුර: ආණ්ඩුව රත්වත්ත මැතිතුමා මිය ගියාට පස්සේ බැසිල් ඇමැතිතුමානේ ජාතික සංවිධායක වුණේ. එතුමා නැවතත් පක්‍ෂයට ජිවය පිඹින්න පටන් ගත්තා. ඒ ඒ වෙලාවේ මෙයා නිකම්ම නිකන් තත්ත්වයට  පත්වුණා. මෙයා හුදෙකලා වුණා. තනි වුණා. එහෙම එකක් මෙයාට දැනෙන්න ඇති. එහෙම නැතිව මෙයා දේශපාලන චරිතයක් නොවෙයි. ජනාධිපතිතුමා මතුකරලා ගත්ත මනුස්සයෙක් විතරයි.

 


ප‍්‍රශ්නය: රාජිත සේනාරත්න වගේ කෙනෙක් යයිද මෛතී‍්‍ර එහෙම කෙනෙක්නම්?


පිළිතුර: මෛතී‍්‍රත් එක්ක ගත්තම රාජිත හුඟාක් ඉස්සරහින් ඉන්නේ. රාජිතට දැක්මක් තිබ්බා. දේශපාලන ඉවක් තිබ්බා. දේශපාලන පෙරළිකාරකම් එයා හැමදාම කළා. එයා තාර්කිකව ඉස්සරහට ආව කෙනෙක්. මෛතී‍්‍රට ඔය මුකුත්ම නැහැ. එයා නායකත්වය දීපූ එයා කරපු එක සටනක් කියන්න. මෙයා කරපු එකම එක දේ මල්ලිලා ටිකට පොලොන්නරුව අල්ලගෙන කන්න ඉඩදීපු එක විතරයි. එක්කෙනෙක් වී. අනෙක් එක්කෙනා ගල්.  අනික් එක්කෙනා වැව්. අනෙක් එක්කෙනා හෝටල්, තව කෙනෙක් වැලි. ඒ හැරෙන්න දැක්මක් ඇතිව දේශපාලනය කරපු චරිතයක් නොවෙයි. එයාට අදටත් එහෙම දැක්මක් නැහැ.

 


ප‍්‍රශ්නය: එහෙනම් ඇයි ආණ්ඩුව මෙච්චර කලබල වෙලා තියෙන්නේ?


පිළිතුර: අපි කලබල වෙලා නැහැ. මේ ආණ්ඩුවේ හැටි තමයි අපි  ඕනෑම දෙයක් කරනකොට ඒක විශාලව කරනවා. අපි පක්‍ෂ ශාඛාවක් පිහිටෙව්වත් සම්මේලනයක් කැඳෙව්වත් ඒවා ලොකුවට කරනවා. ආසන බල  මණ්ඩල, කාන්තා, තරුණ, ගොවි සංවිධාන පිහිටෙව්වේ  අවුරුද්දකටත් ඉස්සර. ඒ විදියට අපි  ඕනෑම දෙයක් පිළිවෙළකට කලාවකට  මහා පරිමාණයෙන් බරදාලා ඒක කරනවා. ඒක මේ බයට කරන දෙයක් නොවෙයි.

 


ප‍්‍රශ්නය: මෛතී‍්‍රපාල වේදිකාවෙන් කියැවෙන ආණ්ඩුවේ වංචා දූෂණ අක‍්‍රමිකතා ඔයවගේ සංදර්ශනවලින් වහන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?


පිළිතුර: ඔය ප‍්‍රශ්නය අහපු එක හරි හොඳයි. ඔය ප‍්‍රශ්නය ඇහුවා වගේම මගේ උත්තරයත් ලියන්න. ඔය කට්ටිය කියන සංඛ්‍යාලේඛන ඇතැම් තර්ක වංචා දූෂණ පිළිබඳව කියන කතා අහස පොලොව උහුලන්න බැරි සාපරාධී අමුම අමු බරපතලම තක්කඩිම තක්කඩි බොරු මෛතී‍්‍රපාල කියනවා ඇමරිකාවේ බකිංහැම් මාලිගය කියලා. බකිංහැම් මාලිගය කොහේද තියෙන්නේ කියලවත් එයා දන්නේ නැහැ. ඒ මාළිගයෙන් අශ්වයන් ගෙනල්ලා කටුනායකින් කෙළින්ම නුවරඑළියට යවලා පුතාලා උදේට හෙළිකොප්ටරයෙන් නුවරඑළියට ගිහින් අශ්වයන් පැදලා හෙලිකොප්ටරයෙන් ආපහු කොළඹ එනවා කියලා.

 


ප‍්‍රශ්නය: මේ  කතා බොරුද? මෛතී‍්‍රපාල කියන්්නේ මෙච්චර කාලයක් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙක්.?


පිළිතුර: ඉන්නකෝ පොඞ්ඩක්. මම ගිය සුමානෙත් ඔය නුවරඑළියේ ජනාධිපති මන්දිරයට ගියා. අපට කෑම උයන්න කෝකියෙක් ඉන්නවා. එයා වයසයි. චන්ද්‍රිකාගේ කාලේ ඉඳලම එයා ඉන්නවා. පෝනියෙක්නම් ඉන්නවා. මට මතක හැටියට විමුක්ති තමයි එයාවත් ගෙනත් තියාගෙන හිටියේ. වෙන මොකෙක්වත් නැහැ

 


ප‍්‍රශ්නය: දරුවන් තුන්දෙනාට හෙලිකොප්ටර් තුනක් තියෙනවා කියලත් මෛතී‍්‍රපාල කියනවා.


පිළිතුර: මේවා මෛතී‍්‍රපාල වගේ කෙනෙක් කියන එක හරි කැතයි.  ඕවා බොරු. ඊට අමතරව කියනවා සියයට 7ක පොළියට ණය ගන්නේ කියලා. ඔය බොරුව කියන්නේ අර චම්පික මේක අමූලික බොරු. පට්ටපල් බොරු. මේකේ පළමුවැනි මිලියන 800 ලැබුණේ සියයට 2ක පොලියට, ඊළඟට මිලියන 150ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මිලියන 600ක් අරගෙන තියෙනවා. මම මේ කියන්නේ නොරොච්චෝලේ ගැනයි. ඔය කියන ඔක්කොම ණය අරගෙන තියෙන්නේ සියයට 2 පොලියට.  අපේ රටේ ඉංජිනේරුවෝ තාක්‍ෂණික නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු, ගණකාධිකාරිවරු.  ඉංජිනේරු අංශයේ මහාචාර්යවරු මේ වගේ අය ඉඳගෙන ඇගයීම් කමිටුවලින් තාක්‍ෂණික කමිටුවලින් අමාත්‍යාංශ ලේකම් කමිටුවලින් තර්ක කරලා තර්ක කරලා අවසානයේ හදන දේවල් තමයි ඔය ගණන් මිනුම්.

 


ප‍්‍රශ්නය: රෝසි සේනානායක මන්තී‍්‍රවරිය කිව්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ එක කිලෝමීටරයකට යන්නේ ඩොලර් මිලියන 4යි. නමුත් 16ක්දාලා කියලා.


පිළිතුර: අනේ බොහොම හොඳයි ඔය ප‍්‍රශ්නයම ඇහුවට මේවා හොඳට ඒ අය මතක තියාගන්න  ඕන. ඔයවගේ ණය දීපුවම ඒ ආයතන අකුරක් නෑර හොයා බලනවා මම මගේ අමාත්‍යාංශයට එන අරමුදල්වලින්  විශ්වවිද්‍යාල හදනවා. කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ලැබෙනවා. ලෝක බැංකුවෙන් එනවා. නමුත් අලූතෙන් නිලධාරියෙක් ගනිද්දි අලූතෙන් වාහනයක් ඉල්ලද්දී මේ අය අත දානවා. මගේ සභාපතිවරයෙක් මේ ළඟදී ජිප් එකක් ගන්න හැදුවම ඒ නිලධාරියෙක් කිව්වා කැබ් එකක් ගණන් කියලා. එහෙම තමයි අපිට වියදම් කරන්න  වෙන්නේ. ඒ නිසා ඔය කියන කතා හරිම අරපහත් කතා. ඒ විදියට රටක්  කරන්න බෑ. මරණාධාර සමිතියක්වත් ඔහොම කරන්න පුළුවන්ද? ඔඩිට් කෙරෙනවා. කෝප් එකට යනවා මේවා තුප්පහි කතා.

 


 ප‍්‍රශ්නය: රටේ භූමිය විදේශයට විකුණන පිළිවෙතක් මෙච්චර කාලයකට කි‍්‍රයාත්මක වුණේ නැහැ.
පිළිතුරු:
ඔය හදන වෙරළ නගරය ගැන නොයෙක් කතා කියනවා. මේ ව්‍යාපාරය ගෙනාව ඔය ව්‍යාපාරික ආයතන කිව්වේ අක්කර 500 ක නගරයක් අපි හදනවා. 300ක් ආණ්ඩුවට දෙන්නම් 200ක් අපි ගන්නම් කියලා. පටන් ගත්තේ එහෙමයි. හැබැයි අපේ නිලධාරීන් මේ ගනුදෙනු ඉවර කර ගත්තේ කොහොමද? අක්කර 20ක් ඒ ආයෝජකයාට දෙනවා. 88ක් දෙනවා අනු නව අවුරුද්දක බද්දට. ඉතිරිය රජය තියා ගන්නවා. මේ ගණුදෙනුව හොඳ නැද්ද? ශතයක් වියදම් කරන්නේ නැතිව මෙහෙම දේවල් කරන එක වැරදිද?

 


ප‍්‍රශ්නය: ඇමැතිවරුන්ට ස්වාධීනව කටයුතු කරගෙන යන්න  නිදහසක් නැති බවක් කියනවා!
පිළිතුර:
බොරු.... බොරු.....බොරු......මම නම් එහෙම කිසිම දෙයක් දන්නේ නැහැ. මොනවහරි වුණාම අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. මුදල්  ඕන වුණාම අපි ජනාධිපතිතුමාට කියනවා. හැබැයි අපි අලූත් තීරණයක් ගන්න ගියාම  කියනවා. හොඳට හිතලා පරිස්සමින් කරන්න කියලා එතුමාට අපට වඩා අත්දැකීම් තියෙනවානේ. එහෙම නැතිව ඔහොම ඇඟිලි ගහනවා මම නම් දන්නේ නැහැ. මටනම් දැනිලා නැහැ.

 


ප‍්‍රශ්නය: හිටපු ජනාධිපති චන්ද්‍රිකා නිරුවතින් දුවවනවා කියලා ඔබ කරපු ප‍්‍රකාශය විශාල ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා?


පිළිතුර: නිරුවතින් දුවවනවා කියලා කියන්නේ හෙළුවැල්ලෙන් දුවවනවා කියන එක නොවෙයිනේ. අපි කෙනෙක්ව නිරුවත් කරනවා කියන ඒකේ තේරුම ඇඳුම ගලවනවා කියන එකමද? ඔබතුමත් ඒ අර්ථයෙන්මද ඒක ගන්නේ. නිරුවතින් දුවවනවා කියන්නේ අපි ඇයව හෙළි කරනවා කියන එකයි. වංචා ¥ෂණ හෙළි කරනවා කියන එකයි. මට මතකයි වයඹ මැතිවරණයේදී නම් ගෝල බාලයෝ කාන්තාවක් ඇත්තටම නිරුවත් කළා. බැද්දගාන සංජීව එහෙම තමයි ඒවා කළේ. එයා හිටියේ මෙයාගේ ගෙදරනේ.

 


ප‍්‍රශ්නය: හැමදාමත් කට වරද්දා ගත්තා. වගේම මේ පාරත් කට වරද්දා ගත්තා කියලා හිතන්නේ නැද්ද?


පිළිතුර: අපොයි නෑ. අපොයි නෑ. කිසි දවසක කට වරද්දගෙනත් නෑ. අදත් සරත් සිල්වට මම කියන්නේ ----- කියලා. එදත් කට වරද්ද ගත්තේ නැහැ. අදත් කට වරද්දගෙන නෑ.

 


ප‍්‍රශ්නය:- ඔබ දැනට ගණනය කරල තියෙන විදියට ජනපතිවරණ ප‍්‍රතිඵලයේ පරතරය කොහොමද?


පිළිතුර:- ගිය පාර අර ඔක්කොම බැහැලත් ෆොන්සේකා ඡන්ද ලක්‍ෂ 18කින් පරාදයි. මේ පාර ඊටත් වඩා.......ඊටත් වඩා.....විශිෂ්ට ජයග‍්‍රහණයක් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හිමිවෙනවා.


m



අදහස් (0)

ෆොන්සේකා එක්ක බැලූවම මෛතී‍්‍ර ඉන්නේ ඉතාම දුර්වල තැනක

රත්නායක Tuesday, 23 December 2014 06:33 PM

අපිටත් ඉන්නවා ඉතාම දුර්වල ඇමති කෙනෙක්. ඒ කවුද කියලා මම කියන්නේ නැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 23 December 2014 12:06 PM

මේවා තමයි මහින්ද මහත්තයාගේ ඡන්ද කඩන කටවල්. (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 23 December 2014 07:25 AM

හොඳ ප්‍රශ්න, හොඳ පිළිතුරු. (ර)

:       0       0

සුජාන් Wednesday, 24 December 2014 07:07 AM

'ෆොන්සේකා එක්ක බලපුවහම මෛත්‍රී ඉන්නේ දුර්වල තැනක' උනාට මං හිතන්නේ ඔබතුම ඉන්නේ ඊටත් වඩා දුර්වල තත්වයක කියලා. (අ)

:       0       0

නන්දසේන‍ Wednesday, 24 December 2014 12:59 AM

මෙහෙම අය ඉන්න එක අපිට ලොකු ශක්තියක් (නි)

:       0       0

විමුක්ති Tuesday, 23 December 2014 10:05 AM

දිව 3ක් 4ක් විතර තියනවා වගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4686 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 615 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1198 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 253 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site