උතුරු සබේ ඇමතිවරුන්ගේ දූෂණ වාර්ථා විවාදය කල් යයි උතුරු පලාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව එල්ල වූ දූෂණ වංචා ඇතුලත් විමර්ෂණ වාර්ථාව පැවි පලාත් සභා සැසි වාරයේදී සභාගත කෙරුණද සභාවේ පැවති උණුසුම් තත්වය හේතුවෙන් විවාදය සිදු කිරීමට නොහැකි වූ බැවින් මේ 14 වැනිදා දක්වා පළාත් සභාව කල් දැමූ බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කියා සිටියේය. 08 June 2017
කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක් පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 08 June 2017
සිවිල් වැසියන් මැරූ කොස්තාපල් දෙන්නෙක්ට මරණ දඬුවම අම්පාර මධ්‍යම කදවුරු ග්‍රාමයේ සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළැයි එහි පොලිස් මුරපොලේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දීමට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු (අම්පාර පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු) සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා අද (7) නියෝග කළේය. 07 June 2017
තේ කෝප්පයේ මිල වැඩිවේ සීනි කිලෝවක මිල රුපියල් දහයකින් ඉහළ දැමීම හේතුවෙන් අද (10) සිට තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාද, කිරි තේකෝප්පයක මිල රුපියල් 40 කින්ද වැඩිකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 07 June 2017
ත්රස්තවාදීන්ගෙන් පළිගන්නා බව ඉරාන ආරක්ෂකයෝ කියති ඉරාන පාර්ලිමේන්තුවට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 12 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. 07 June 2017
මූලාසනයට තර්ජනය නොකරන්න- කතානායක මූලාසනයට තර්ජනය කර ඇඟිල්ල දික්කර බලපෑම් කරමින් තීරණ ගැනීමට කටයුතු නොකරන ලෙස කියා සිටි කතානායක කරූ ජයසූරිය මහතා කිහිපවරක්ම රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ නම කියමින් අද(07) අවවාද කළේය. ඔහු නම් කිරීමට ද සිදුවිය හැකි බවටද කතානායකවරයා අනතුරු ඇඟවීය. 07 June 2017
‘විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගන්නවා‘ රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය තටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 June 2017
අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය. 07 June 2017
ආනයනික මාළු බද්ද අඩුවෙයි ආනයනික මාළු සඳහා අයකළ රුපියල් 75ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා අඩුකළ බව මුදල් අමාත්‍යංශය පවසයි. පැවති ආපදා තත්ත්වය නිසා මත්ස්‍ය නිෂ්පාදනය පහත වැටී ඇති බවත් ඊට පිළියමක් ලෙස ආනයනික මත්ස්‍ය බද්ද අඩුකළ බවත් එම අමාත්‍යංශය කියයි. 07 June 2017
මියන්මාරයේ යුද ගුවන් යානාවක් කඩා වැටෙයි මගීන් 100කට වැඩි පිරිසක් සහ කාර්යමණ්ඩලයෙ 11 දෙනකු පමණ රැගත් මියන්මාර යුද ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 07 June 2017
සෞඛ්‍යයට අහිතකර ආහාර ප්‍රචාරණයට සීමා පනවයි පාසල්වල සිට මීටර් 100ක සීමාව තුළ සෞඛ්‍යයට අහිතකර ආහාරපාන අලෙවිය සහ එවැනි ආහාරවල ප්‍රචාරණ කටයුතු සඳහා පාසල් වයසේ දරුවන් යොදාගැනීම සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 07 June 2017
ආධාර ලබා දෙන්නන්ගේ සමුළුවකට කැබිනට් අනුමැතිය ගංවතුර සහ නායයාම් මගින් සිදුවු ආපදාවයන් යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඉතාමත් ඉක්මණින් අධාර ලබාදෙන්නන්ගේ ජාත්‍යන්තර සමුළුක් (Donor conference) කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. 07 June 2017
කරුණා අම්මාන්ට එරෙහි නඩුවට පැමිණිල්ලක් කරන්නැයි නියෝග මන්තී‍්‍ර වරප්‍රසාද යටතේ ලබාදී තිබූ රුපියල් කෝටි 9ක වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලක් ගොනු කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසිය වෙත අද(07) නියෝගයක් නිකුත් කළේය. 07 June 2017
ස්ථාවර නියෝග වෙනස් කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය සභාගත කිරීම සහ වසර 25 කට පසු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ අවසන් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සභා කර කරනු ලැබීය. 07 June 2017
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ගැන හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කෙරේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන් වටිනා යන්ත්‍ර සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි. 07 June 2017
ඇමතිවරුන්ට එරෙහි චෝදනා විමර්ශනය මාධ්‍යයට තොරතුරු දෙන්න නෙමෙයි - විග්නේශ්වරන් උතුරු පළාත් අමාත්‍යවරුන්ගේ අක්රමිකතාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව මාධ්‍යයට තොරතුරු නොදෙන කොන්දේසිය මත එම විමර්ශනය කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 07 June 2017
ආනයනික සිනි සඳහා වන බද්ද 10 කින් ඉහළට ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි. 07 June 2017
බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති යළි රිමාන්ඩ් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝු ලේඛකයා සන්තකයේ තිබු රුපියල් පනස්පන් දහසක ක රත්රරන් හා අකුණු සන්නායකයක් සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගමගේ සංජිව ධම්මික රාජපක්ෂ 16 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (7) නියෝග කළේය. 07 June 2017
ජනපති නිවස අසල ට්රාස්ෆෝමරයක් පුපුරයි කොළඹ 7 කැප්පෙටිපොළ මාවතේ පිහිටි ජනාධිපතිවරයා නිළ නිවස ආසන්න පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අද (7) දහවල් 12.15 ට පමණ පුපුරා ගිනිගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි. 07 June 2017
‘ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට ගන්නවා‘ - දයාසිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 07 June 2017
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනකු ජූලි 05 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.අයි.ඉස්සදීන් මහතා නියෝග කළේය. 07 June 2017
දෙණියාය රාජපක්ෂ විදුහල සිකුරාදා සිට යළි ඇරේ නාය යෑමේ අවදානම නිසා දින නියමයක් නොමැතිව වසා දැමූ දෙනියාය රාජපක්ෂ මහ විදුහල සිකුරාදා(09) සිට යළි විවෘත කරන බව විදුහල්පතිනි කේ.එල් දිල්හානි මහත්මිය කියයි. 07 June 2017
ජනපති ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද(7) පස්වරුවේ කැඳවනු ලැබ ඇතැයි රජයේ ආරංචි පවසයි. 07 June 2017
මහනුවර - මාතර දුම්රියේ මැදිරි වෙන්වෙයි මහනුවර සිට මාතර බලා ධාවනය වු අංක 40 දුම්රිය අද (7) පෙ.ව. 7.50 ට පමණ ගනේමුල්ල දුම්රිය ස්ථානයට ළඟාවෙමින් තිබියදී දුම්රිය මැදිරි එන්ජිමෙන් ගැලවී ගොස් ඇතැයි දුම්රිය පාලක කාර්යාලය පවසයි. 07 June 2017
පීසීගේ නිවසින් කසිප්පු - ගිනි අවි මතුවෙයි ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 07 June 2017
ගිනිගත්හේනේ ගොඩනැගිල්ලක් ගිලා බසියි අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ පසෙක තිබූ පෞද්ගලික ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක් අද (07) පෙරවරුවේ සම්පූර්ණයෙන් කඩා වැටුණි. 07 June 2017
අර්ජුන්ලාගේ ඥාතිත්වය ගැන මුදල් මණ්ඩලයේ දී සාකච්ඡා කළේ නෑ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ ඥතීත්වය පිළිබඳව මෙන්ම මහා බැංකුවේ හිටපු තවත් අධිපතිවරයෙක් වන අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කිරීම පිළිබඳව මුදල් මණ්ඩලයේදී සාකච්ඡා කළේ නැතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජික නීතීඥ මනෝහාරී රාමනාදන් මහත්මිය කියා සිටියාය. 07 June 2017
නව උපාධි පාඨමාලා රැසක් ලබන අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 06 June 2017
පුංචි ඡන්දයට සැරසෙන්නැයි ෆයිසර් මුස්තාපා කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු තම අමාත්‍යංශ්‍ය අවසන් කර ඇති අතර නුදුරේදීම පැවැත්වෙන මැතිවණයට සියලූ පක්ෂ සුදානම් වන්නැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා අද(6) මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසීය. 06 June 2017
කොල්ලුපිටියේ පොලිස් භට නිවසක් කඩා වැටීමේ අවදානමක කොල්ලූපිටිය 19 වැනි පටුමගේ සිව් මහල් පොලිස් භට නිවාස ගොඩනැගිල්ලක් ඉරි තැලී කඩා වැටීමේ අවදානම් මතුවීම හේතුවෙන් එහි සිටි 300 කට ආසන්න පොලිස් පිරිසකට වහාම ඉවත් වීමට දැනුම් දුන් බව පොලිස් මුලස්ථානය කියයි. 06 June 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026