කරාපිටිය රෝහල් වාට්ටුවේ අවදානමක් නෑ ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටුවක ඊයේ (11) රාත්‍රීයේ සිදූ වූ ඉරිතලායාම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 12 June 2017
හිටපු ගුවන් සේවා ඇමැති - පෞද්ගලික ලේකම්ට නොතීසි හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බාල මානගේ දයාවංශ මහතාට ලබන අගෝස්තු 21 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය. 12 June 2017
බැඳුම්කර වෙන්දේසියේදී ණය දෙපාර්තමේන්තු නිලධාරීන් සමගත් සාකච්ඡා ‘මෙම බැඳුම්කර වෙන්දේසිය පවත්වාගෙන යන අතරවාරයේදී සමහර වේලාවල්වල දී අපි මහ බැංකුවේ රාජ්‍ය ණය දොපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. එහෙම කතා කරන එක නිවැරැදි අවශ්‍ය දෙයක් යැයි’ බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසූ ලංකා බැංකුවේ අවදානම් කළමනාකරු ජේ.කේ. ධර්මපාල මහතා එය 1997 කාලයේ සිටම එය සිදුවුණා යැයි ද පැවසීය. 12 June 2017
පිටිවැල්ල අනතුරින් 28 ක් රෝහලේ ගාලු කොලඹ මාර්ගයේ ගින්තොට පිටිවැල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. 12 June 2017
උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්.කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. 12 June 2017
පෙරහරේ ගිය හිමිනම අලි ප්‍රහාරයෙන් අපවත් වෙති කටානේ පොසොන් පෙරහරකදී අලියකුගේ පහර දීමට ලක්වූ හිමිනමක් අපවත් වූ බව කොච්චිකඩේ පොලිසිය පවසයි. 12 June 2017
කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවෙයි කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත. 12 June 2017
අධ්‍යයන සේවකයන්ට වන අසාධාරණය විසඳි නැතැයි ඇමතිට ලියති රජයේ පාසල්වලට පළමු වසර සදහා සිසුන් ඇතුලත් කර ගැනීමේ දී අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ට සිදුව ඇති අසාධාරණය 2018 වසර සඳහා සිසුන් ඇතුළත් කිරිම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛයෙන්ද විසදී නැති බැවින් එම අසාධාරණය වහාම නිවැරදි කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියකින් දන්වා සිටියි. 12 June 2017
සෙල්ෆි ගන්න ගිය අයියා මලෝ දුම්රියට බිලි දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගිය බව කියන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද සවස ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මියගිය බව කොල්ලූපිටිය පොලීසිය පවසයි. 11 June 2017
විදුලි බලාගාර ජලාශ පිටාර මට්ටම ආසන්නයේ දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාර වල ජල මට්ටම පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු පහත දැක්වේ. මෙම තොරතුරු ජූනි මස 9 වැනි සිකුරාදා යාවත්කාලීන කර තිබේ. 11 June 2017
විදුලිය පිරිමසන ලෙස ඇමැති ඉල්ලයි විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්ට තවමත් ප්‍රමාණවත් තරම් වැසි ලැබී නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 11 June 2017
ලිබියා හිටපු නායකයාගේ පුතා නිදහස් කරයි ආයුද සන්නද්ධ කණ්ඩායමක අත්අඩංගුවේ පසු වූ ලිබියාවේ හිටපු නායකයාගේ පුතා සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස ලබා ඇතැයි ඔහුගේ නීතිඥයෝ සහ ඊට සම්බන්ධ වූ පිරිසක් පවසති. 11 June 2017
සිරදඬුවම් නියමු වූ ලාංකිකයාට යළි එන්න අවසර නීත්‍යනුකූල ගුවන්ගමන් බලපත්‍ර සහ අදාළ ගමන් ලියකියවිලි නොමැතිව ඉන්දියාවට පැමිණ සිටියදී එරට රාමේෂ්වරම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර 4 1 /2 සිර දඬුවමක් නියමව සිටිය ශ්‍රී ලාංකික සරණාගතයෙකුට එම දඬුවම තිබියදීම යළි දිවයිනට යෑමට ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය අවසර දී ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11) වාර්තා කළේය. 11 June 2017
උතුරේ දූෂිත ඇමතිවරුන් දෙදෙනාට වැඩ වරදින ලකුණු දූෂණ චෝදනා එල්ල වී සිටින උතුරු පළාත් අමාත්‍යවරුන් සැබෑ වැරදිකරුවන් නම් ඔවුනට ඉන් ගැලවීමට ඉඩ නොතබන බවත් ඔවුන් සම්බන්ධයෙන් විවිධ කෝණයන්ගෙන් සොයාබලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 11 June 2017
ඇමරිකානු යුද නැවක් පශ්චාත් සහන සැලසීමට එයි ඇමරිකා නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය. 11 June 2017
අගමැති තේරීමට නව යෝජනාවක් අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 June 2017
මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබූ සැකකරු හඳුනාගැනේ නුගේගොඩ සහ විජේරාම ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ස්ථාන හතරට ගිනි තැබීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 2014 වසරේ සිට බොදු බලසේනා සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන කි‍්‍රයාකාරි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා අද(11) පැවසීය. 11 June 2017
රනිල් ජයවර්ධන යළිත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට දෙවැනි වරටත් තේරී පත්වීමට ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන මහතා සමත්ව ඇත. 11 June 2017
විගණකාධිපති-සමාගම් රේජිස්ට්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට්රාර්වරයා හෙට දින (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 11 June 2017
‘බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක් නෑ‘ බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. 11 June 2017
කොළඹ මංතීරු නීතිය හෙට සිට තදටම කොළඹ නගරයේ මාර්ගවල සහ තදාසන්න ප්‍රදේශවල හෙට (12) මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ති ජයකොඩි මහතා පවසයි. 11 June 2017
ත්‍රී රෝද බලපත් දීම පුහුණුවකින් පසු ඉදිරියේදී ත්‍රීරෝද රථ බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ට ත්‍රීරෝද රථ පැදවීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිරීති පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පමණක් ඉදිරියේදී රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියයි. කුරුණෑගලදී අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය. 11 June 2017
කටාර් ජාතිකයන්ට මක්කම මහ පල්ලියත් වැසෙයි කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි. මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ. 11 June 2017
මැතිවරණ කල් දමන්නේ නැහැ එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. 11 June 2017
තෙරේසාගේ අග්‍ර පුරෝහිතයෝ පක්ෂය හැරයති එංගලන්ත අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ සමිපතම උපදේශකයන් වූ නික් තිමති සහ ෆියෝනා හිල් අද සිය තනතුරු වලින් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාගේ ඉවත් වීම සිදුවූයේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගැනීමට තෙරේසා මේ මහත්මිය අසමත් වූ හෙයිනි. 10 June 2017
කුසල් පෙරේරා තරගාවලියෙන් ඉවතට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ. 10 June 2017
මහින්දත් සියරට පැමිණෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දින 10 ක පෞද්ගලිකක සංචාරයක් නිමා කර නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද සවස 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. 10 June 2017
ගැටළු විසඳුවේ නැත්නම් ගොවීහු අරගලයකට සැරසෙති ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටි .මේ ගැටළු ඉදිරිපත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීම 10 දින දඹුල්ලේදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්රමුඛ ගොවි නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි . 10 June 2017
මහවැලි ගඟේ නාන්න ගොස් අතුරුදන් වෙයි මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී. 10 June 2017
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 10 June 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026