අනතුරින් මිය ගිය කොතලාවල සිසුන්ට වන්දි දිය හැකිද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාව යෙදි සිටියදී මාර්ක රිය අනතුරකට ලක්ව දෙදෙනෙකු මිය ගොස් සිසුන් පිරිසක තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ශේෂ්ඨාධිකරණය අද (11)නීතිපතිවරයාට නියෝග කළේය 11 November 2026
අයවැය අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. 11 November 2026
මාලිමා රජයේ තෙවැනි අයවැය හෙට මැතිසබයට ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 11 November 2026
කාවන්තිස්සගේ උදරයෙන් වෙඩි උණ්ඩ 3ක් සොයා ගනී කාවන්තිස්ස ඇතැට වෙඩි තැබීමේ සිද්ධිය අදාල නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය අද නියම කළාය. 11 November 2026
කඩුගන්නාව පාර යළි විවෘතයි අධික වර්ෂාව හේතුවෙන් පස් හා ගල් පෙරළීම නිසා ඊයේ 10 වැනි දා රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමුණු මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස අද (11) වැනි දා පෙරවරුවේ සිට යළි විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. 11 November 2026
බස් ලලියාගේ ගිනි අවියක් සොයා ගැනේ දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නැමැත්තාගෙන් ලද තොරතුරක් මත ගිනි අවි දෙකක් සහ උණ්ඩ දෙකක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 11 November 2026
ජනතාව තීන්දු කරන ඕනෑම මොහොතක ගෙදර යන්න සූදානම් පෙර පැවති පාලකයන් මෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීමේ අරමුණින් කටයුතු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි. 11 November 2026
ජනමාධ්‍ය සම්මාන උළෙලේදී ලංකාදීප වෙබ් අඩවියට සම්මානයක් ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයය එක්ව සංවිධානය කරන 27 වැනි ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී lankadeepa.lk වෙබ් අඩවිය සිංහල මාධ්‍ය පුවත් වෙබ් අඩවි කුසලතා සම්මානය දිනාගැනීමට සමත්විය. 10 November 2026
කඩුගන්නාව පාරට ගල් පෙරළේ:මහනුවර කොළඹ මාර්ගය වැසේ කඩුගන්නාව ප්‍රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය හෙට (11) පෙරවරු 6.30 දක්වා වාහන ගමනාගමනයට වසා තැබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි. 10 November 2026
අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය ඉල්ලයි රබෑවේ සිදු වු මාරක රිය අනතුර සමිබන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මහත්මිය මිහින්තලය පොලිසියට නියෝග කළාය. 10 November 2026
පූජා දිවයිනට ඉන්දියානු ජනප්‍රිය සිනමා නිළි පූජා හෙග්ඩේ ( Pooja Hegde ) ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් මෙන්ම කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට ද සහභාගී වීම සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියාය. 10 November 2026
රජයේ අායතන පණගන්වන්න කෝප් වැඩට බහී රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය. 10 November 2026
බිම්ස්ටෙක් සමුළු සභාපති ධුරය අනිල් ජාසිංහට බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානයේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී අද (10)ආරම්භ විය. 10 November 2026
කැලණි සරසවියට මහල් දහයක ගොඩනැගිල්ලක් කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 November 2026
පේරාදෙනියට නව දුම්රිය පාලමක් මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 November 2026
සුවසැරියට ඉන්දියාවෙන් නව ගිලන් රථ 100ක් 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 10 November 2026
2027 මුදල් කොමිෂන් සභා නිර්දේශ අනුමතයි 2027 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ලද නිර්දේශ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 10 November 2026
නිශාන්ත රණතුංග අත්අඩංගුවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 10 November 2026
පළාත් ඡන්දෙ තියන්න පක්ෂ වල අදහස් ගනී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම අරඹා තිබේ. 10 November 2026
තුර්කි කර්මාන්තශාලාවක පිපිරීමකින් 17 ක් මරුට බටහිර තුර්කියේ ඉස්මීර් වරාය නගරය ආසන්නයේ පිහිටි යකඩ සහ වානේ කර්මාන්තශාලාවක සිදු වූ පිපිරීමකින් 17 දෙනකු මියගිය බවත් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කළ බවත් විදෙස් මාධ්‍ය පැවැසීය. 10 November 2026
ඩ්‍රෝන යානා ප්‍රථම පියාසැරිය හෙට ලංකාවේ, නියමුවන් රහිත මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස, විදුලි බලයෙන් ක්‍රියාත්මක ඩ්‍රෝන යානයක ප්‍රථම පරීක්ෂණ පියාසැරිය හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වෙයි. 10 November 2026
ඩෙංගු මඩින්න මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ’ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළේය. 10 November 2026
එල්නිනෝ තවත් ප්‍රබල වෙන ලකුණු එල්නිනෝ තත්වය ඉතා ප්රබලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය. 10 November 2026
විදුලි සැරවැදී අඹුසැමි යුවළ මරුට වාරියපොල අවුලේගම කරඳවැටිය ප්‍රදේශයේදී අද (10) අලුයම විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි. 10 November 2026
මහජන කොමිසමට තෑගි මල්ලක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අැතුලු සාමාජිකයන්ගේ දීමනා අැතුලු පහසුකම් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කිරීමට නියමිතය. 10 November 2026
වැලිඔයදී බස් රථ තුනක් ගැටී හතරක් මරුට:50 රෝහලට අනුරාධපුර - පදවිශ්‍රීපුර මාර්ගයේ වැලිඔය ප්‍රදේශයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් හතර දෙනකු පමණ මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 10 November 2026
පාප්තුමාගේ විශාල ප්‍රතිමාවක් පේරු රෙටේ ශුද්ධෝත්තම ලයෝ පාප්තුමාගේ මීටර් 14 ක් (අඩි 46 ක්) උසැති සුදු පැහැති ප්‍රතිමාවක්, පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට නුදුරින් පිහිටි කැලාඕ වරාය අසලදී නිරාවරණය කෙරුණි. 10 November 2026
බුකර් සම්මානය ‘එන්ඩ් ඔෆ් එව්රිතිං’ කෘතියට 2026 වසරේ බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් රචිත ‘ද එන්ඩ් ඔෆ් එව්රිතිං’ කෘතියට හිමිව තිබේ. 10 November 2026
ඇමෙරිකා ඉරාන යුද්ධය දිග්ගැස්සෙන්නේ නෑ ඇමෙරිකාව ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ‘සාධනීය ප්‍රගතියක්’ දකින්න ලැබෙන බැවින්, තව දුරටත් ඉරානය සමග ගැටුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. 10 November 2026
බොර තෙල් මිල තවත් පල්ලම් බහී ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීමත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල තව දුරටත් පහළ ගියේය. 10 November 2026
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026