22 ට කථානායක සහතිකය විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. 26 September 2026
පොලොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පිපිරීමක් පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
බිනර පොහෝය අදයි බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත. 26 September 2026
22 ඡන්දෙට මන්ත්‍රීන් තුනක් නෑ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ. 25 September 2026
22 තුනෙන් දෙකකින් සම්මතයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය. 25 September 2026
ශිරන්ති ලංකාවට ආපු ගමන් FCID එනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයෙකු එම කොට්ඨාශයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 25 September 2026
ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ විසි දෙවැනි සංශෝධනය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය පැවසුවාය. 25 September 2026
‘‘අපි ළඟදිම බැරියර් කඩාගෙන එනවා‘‘ අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්‍රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි. 25 September 2026
වැරදි නිවැරදි කරන්න ආ අය පරණ වැරදි කරනවා තමුන්නාන්සේලා පත් කළේ රටේ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
කාවන්තිස්සට වෙඩි වැදිලා නෑ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාගේ දකුණු අතේ ඉහල කොටසේ තුවාලයක් ඇතැයි කාවන්තිස්සට ඊයේ (24) සිට ප්‍රතිකාර ආරම්භ කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි 25 September 2026
ආණ්ඩුව පවත්වාගෙන යන්න 22 ඕන නෑ ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිසේත්ම 22 සංශෝධනය අවශ්‍ය නැතැයි සභානායක මහා මාර්ග , ප්‍රවාහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
සිංහ ගර්ජනා අස්සෙන් ඇහෙන්නේ අඳෝනා 22ට එරෙහි විපක්ෂයේ සිංහ ගර්ජනාව ඇතුළෙන් ඇහෙන්නේ අඳෝනාවක් බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
හිටපු ඇමැති සරණගේ බිරිය රිමාන්ඩ් කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයකුට අල්ලස් පිරිනැමුවේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි ලබන හය දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 25 September 2026
22 ප්‍රධාන ජන අභිලාෂයක් ඉටු කිරීමක් 22 සංශෝධනයෙන් කෙරෙන්නේ ජනතාවගේ ප්‍රධාන අභිලාෂයක් ඉටු කිරීම බව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
ආබාධිතයාගෙන් අල්ලස් ගත් ග්‍රාම නිලධාරියාගේ දඬුවම් ඉහළ උසාවියෙනුත් තහවුරුයි ආබාධිත පුද්ගලයකුට නිවාස සෑදීම සදහා රජයේ මුදල් ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එයින් රුපියල් 25000ක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවම් නියමව සිටි රත්නපුර කුඩාව ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරියකුට ලබා දුන් අදාළ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. 25 September 2026
හිටපු ඇමැතිගේ ලේකම් යළි රිමාන්ඩ් රජයේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනකට අවස්ථාව සලසා දෙමින් රුපියල් ලක්ෂ 81ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවා ගත්තේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවැසීය. 25 September 2026
මේ මල් වට්ටියට අත ගහලා පිනක් දහමක් කරගන්න විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති මල් වට්ටියට අත ගසා පිනක් දහමක් කරගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2026
ආරච්චිට අල්ලස් දුන් සරණගේ බිරිය අත්අඩංගුවට වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කොළඹ 7 පදිංචි චිරාණි ලක්මන්ති හෙනරත් හෙට්ටිආරච්චි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2026
පරිසර හිතකාමී සරසවි අතර පේරාදෙණිය ලෝකෙන්ම 200 වැනි තැනට යූ.අයි ග්‍රීන් මෙට්‍රික් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමට අනුව පරිසරහිතකාමීත්වයට සහ සමාජ වගකීමට ප්රමුඛතාවදී කටයුතු කරන මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හිමිව ඇත. 25 September 2026
නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පියවර ගෙන ඇත. 25 September 2026
රජයේ ඉඩම් පෙන්නා මුදල් ගැරූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට හැටන් රුවන්පුර ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගේ මුදල් ලබා ගත් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරය අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය කියයි. 25 September 2026
හැටන් - කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කලායක් ඇනහිට තිබුණි. 25 September 2026
කොළඹ පොත් මංගල්‍යය ඇරැඹේ වර්තමානයේ පොත් සඳහා පනවා ඇති එකතු අගය මත බද්දේ (වැට්) වෙනසක් සිදු කිරීමට එළැඹෙන අයවැයෙන් හැකිවෙතැයි විශ්වාස කරන බවත් ඒ සඳහා හැකි උපරිම උත්සාහය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 25 September 2026
මාතරත් ගංවතුරට අසුවේ දින ගණනාවක් තිස්සේ පවතින අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් රැසක් මෙන්ම මාර්ග රැසක්ද නිවාසද යටවී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 25 September 2026
22 නිරුවත් සංශෝධනයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිරුවත් සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2026
ඉන්දීය මහ කොමසාරිස් රනිල් හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේදී අද (25) පැවැත්විණි. 25 September 2026
පත්වීම් තුනකට උසස් නිලතල සභා අනුමැතිය නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ එම පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. 25 September 2026
සජබ මන්ත්‍රීලා කළු ඇඳුමෙන් මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂත්වයකි 25 September 2026
ශ්‍රි ලංකා පිල ලකුණු 16 කින් එංගලන්තයේ පරදවයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ලෝඩ්ස්හිදී ඊයේ (24) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 16ක අනගේ ජයක් ලැබීමට සමත් වූහ. 25 September 2026
පලස්තීන ජනපති වීඩියෝ තාක්ෂණයෙන් සමුළුව අමතයි ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, පලස්තීනුවන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවය පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහ්මූද් අබ්බාස්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියා සිටියේය. 25 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026