කෝටියක කේරල ගංජා සමඟ යුවළක් දැලේ කොළඹට ප්රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 18 December 2023
පී සී ගේ ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට ගෝල්ෆේස් වටරවුම අසලදී පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි 18 December 2023
අභ්යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා ජාත්යන්තර අභ්යවකාශ නැවැතුම්පොළේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 18 December 2023
ඉන්දියාවේ කොරෝනා ප්රභේදය බිහිසුණුයි ඉන්දියාවේ කේරළ ප්රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි. 18 December 2023
රාත්රි සමාජ ශාලාවක වෙඩිතැබීමක් කිරිබත්ගොඩ රාත්රී සමාජ ශාලාවක් තුළදී අද(18) වෙඩි තැබීමක් සිදුවී ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පව සයි. 18 December 2023
මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි, උත්තර ප්රදේශ් ප්රාන්තයේ වරණාසි නුවර සංචාරයක නියැලුණි. ඒ, නගර වැසියන් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසමින්, නගරයේ සංවර්ධන ව්යාපෘති රැසක් ද ආරම්භ කරමිණි. 18 December 2023
අඟුණකොළපැලැස්සෙන් පැන්න දෙන්නෙක් මාංචු සමඟ මාට්ටු ප්රතිකාර සදහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැගව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්රදේශයේ වාඩියක සැගව සිටියදී තණමල්විල පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 18 December 2023
’’විසල් මහනුවර’’ ජනපතිට විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත බාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. 18 December 2023
වැස්සේ අඩුවක් අදත් නෑ උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 18 December 2023
තායි රාජා හස්තියාගේ ලේ හොරෙන් අරන් තායිලන්තයෙන් ශ්රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්යවරුන් කණ්ඩායමක් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි . 18 December 2023
ගිනි අවියක්,කුඩු සමග අයෙක් මාට්ටු මීටියාගොඩ තොටගමුවේ ගෙවත්තේ වළදමා තිබූ ගිනි අවියක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පශ්න කිරීම සදහා අද (17) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 18 December 2023
කොන්දොස්තර මගියාගේ කන කාලා කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් තුලදී කොන්දොස්තරවරයා සහ මගියකු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර කොන්දොස්තරවරයා මගියාගේ දකුණු කණෙහි කොටසක් සපා කා කඩාගෙන ගිල දමා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 18 December 2023
දරුකමට අරන් ඇතිවෙන්න තඩිබාලා:සරසවි ඇදුරා සෙයයි දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 17 December 2023
පාලක පූජක දැරියන් පහක් කෙළෙසලා කිරුළපන ප්රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. 17 December 2023
රටපුරා වැව් අමුණු පිරි ඉතිරිලා වර්ෂාව හේතුවෙන් උතුර සහ උතුරු මැද ඇතුළු බොහෝ පළාත්වල ජලාශ, ගංඟා සහ වැව් පිටා ගැලීම හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 17 December 2023
හිටපු කාදිනල් වසර පහක් හිරේ මූල්ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු අගරදගරු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6 සිරදඬුවමක් සහ යුරෝ 8000 ක් දඩයක් නියම කළේය. 17 December 2023
යුක්තියට කුඩු කිලෝ 35 වත්තලින් අසුවේ වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්රව්ය කිලෝ 35, ග්රෑම් 522ක්, හෙරොයින් ග්රෑම් 622ක් සහ අයිස් ග්රෑම් 10 ක සහ මිලිග්රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. 17 December 2023
පදවිය පිටාර ගලා 5000ක් කොටුවෙලා පදවිය වැව පිටාගැලීමත් සමග පරාක්රමපුර - බෝගස්වැව මාර්ගයේ කම්බිලිවැව සහ වැලිඇළ සපත්තු පාලම් දෙක සත් තුනක් තිස්සේ ජලයෙන් යටවීම නිසා එහි ජිවත්වන 5000 ආසන්න ජනතාව සහ පාසල් දරුවන් 200ක් පමණ කොටු වී ඇතැයි වාර්තා වේ. 17 December 2023
වැඩ බිමේ වලියෙන් අයෙක් මරුට:තුනක් රෝහලට වාරිමාර්ග අමත්යංශය යටත් ක්රියාත්මක උතුරුමැද මහ ඇළඋමං ව්යාපෘතියේ පලුගස්වැව මහමීගස්වැව වැඩ බිමේ සේවකයක් දෙපිරිසක් අතර අද (17) ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් එක් සේවකයකු මරණයට පත්ව තවත් සේවකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගොඩ පොලිසිය කියයි. 17 December 2023
මාතලේ හොකී පිටිය නැවත සැකසීමට ගිවිසුම් ගතවෙයි වසර ගණනාවක සිට අබලන්ව තිබෙන මාතලේ නන්දිමිත්ර ඒකනායක කෘත්රීම ජාත්යන්තර හොකී ක්රීඩාංගණය නැවත සැකසීම සඳහා ක්රීඩා අමාත්යංශය සහ ආසියානු හොකී සම්මේලනය මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී අවබෝදතා ගිවිසුමට අද (17) අත්සන් තැබීය. 17 December 2023
අනුරාධපුර උපකාරක සිසුන්ට විදුලි දඩයකුත් එයි අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන උපකාරක පංති දරුවකුගෙන් පන්ති ගාස්තුවට අමතරව විදුලි බිල්පත් ගාස්තු ලෙස රුපියල් 100ක එම උපකාරක පන්ති ගුරුවරුන් අයකර ගන්නා බවට මාපියන් චෝදනා කරති. 17 December 2023
බදු නැතිව ආදායම වැඩි කළ හැකියි ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා අද (17) පැවසීය. 17 December 2023
‘‘යුක්තියේ‘‘ මෙහෙයුමෙන් 83ක් මාට්ටු පාතාලය, මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්රියාත්මක කෙරෙන ’යුක්තිය’ විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කළ පළමු දිනයේම 83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්ය ටිරාන් අලස් මහතා පැවැසීය. 17 December 2023
’’ගජමෑන්’’ දිවි සැරිය නිම කරයි ප්රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්රාප්ත වන විට 84 වියේ පසුවිය. 17 December 2023
ප්රා.ලේ. කොට්ඨාස 48 කට තව දුරටත් නායයෑමේ අවදානම වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්රික්ක 11 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 48 කට නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. 17 December 2023
මිරිස්ගල යටින් මත් කරල් මතුවේ:කතක අල්ලයි මිරිස්ගල යට සූක්ෂම ලෙස තැනූ කුහරයක සඟවා පාසල් සිසුන්ට මත්කරල් අලෙවි කළ කාන්තාවක් මට්ටක්කුලිය පර්ගියුසන් පාර නිවසකදී අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 December 2023
ඩී.එස්.ගේ නම හැළුවාට මහනුවර පුංචි මන්ත්රිවරු විරෝධයේ මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාල හා ශ්රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කිරීම හෙලා දකින බව මහනුවර හිටපු නාගරික මන්ත්රී විපුල රණසිංහ මහතා පැවසීය. 17 December 2023
වර්ෂා අමාරුවේ දැමූ ගණන 7,000 පනී රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් දිස්ත්රික්ක හයක පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය අද (17) පැවසීය. 17 December 2023
අලි ප්රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලා අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රාජ්ය ආයතන ඇතුළු විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති සියලු යෝජනා අසාර්ථක සහ ප්රතිඵලදායි නොවන බව පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ “ශ්රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්රියාකාරී සැලැස්ම 2023” නමැති වාර්තාවේ සඳහන් වේ. 17 December 2023
මුහුදු කූඩැල්ලන් සමඟ හතරක් දැලේ නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 808 ක් සමග සැකකරුවන් 4 දෙනකු සමග ඩිංගි යාත්රා දෙකක් මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 December 2023
ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 05 October 2026