පුංචි ඡන්දේ අප්රේල් 25 දා පළාත් පාලන මැතිවරණය අප්රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 07 March 2023
කුඹුරු ඉඩම් ගොඩ කිරීම තහනම් කරයි කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 07 March 2023
රට අක්රීය කිරීමෙන් ප්රශ්න වලට විසැඳුම් හොයන්න බෑ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්රීය කිරීමට ගන්නා ක්රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 March 2023
මැරිච්ච සීයාගේ කීමට වැඩ කළ මුණුපුරා අත්අඩංගුවට සීයා හිනෙන් කියු මැණික් මුට්ටියක් ගැනිමට හතරවටේ බිත්ති බැඳ ඒ තුල වලක් හාරා නිදන් සෙවු පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරිහු පිරිසක් සමත්වුහ. 07 March 2023
මාධ්යවේදී නිමල් ජයරත්නට මරණ තර්ජන ඓතිහාසික දිඹුලාගල ආරන්ය සේනාසනයේ කොස්ගහ උල්පත නිධන් හැරීමේ සිද්ධිය වාර්තා කළා සේ ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනයේ නිදන් සෙවීමේ සිද්ධියත් වාර්තා නොකළ හොත් තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෙඩි තබා මරා දමන බවට නිර්ණාමික දුරකතන ඇමැතුමක් දුන් බවට ලංකාදීප මනම්පිටිය ප්රාදේශීය මාධ්යවේදී නිමල් ජයරත්න මහතා මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කළේය. 07 March 2023
සුදු කතගේ කැමරාව ඉස්සූ වන නියාමක දැලේ එංගලන්ත ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. 07 March 2023
ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය. 07 March 2023
රුපියල යළි නැගිටියි ශ්රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත. 07 March 2023
බස් -බස් ගැටී 22ක් රෝහලට මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බසයක් මැවනැල්ල ගණේගොඩ දී එකි නෙක ගැටීමෙන් මගින් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 07 March 2023
පා ගමන වළකන්න කුරුඳුවත්තෙන් කළ ඉල්ලීම විසිවෙයි අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්ය සංවිධාන විසින් අද (07) කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්යාපාරය වලකන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා ප්රතික්ෂේප කළේය. 07 March 2023
මුද්රණලයාධිපතිනී සූදානම් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බවත් ඡන්ද පත්රිකා මුද්රණයට අවශ්ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දියයුතු බවත් රජයේ මුද්රණලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය. 07 March 2023
අන්තරේ සිසුන්ට වාරණයක් අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය අද (07) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයේදි පෙරවරු 11 සිට රාත්රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා උද්ඝෝෂකයින්ට අද (07) නියෝග කලේය. 07 March 2023
රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක් මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය. 07 March 2023
ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන? වවුනියාව ගුඞ්සෙඞ් ප්රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියයි. 07 March 2023
මාළු කිලෝ 1000 ක් මුහුදේදී කොල්ලකති වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි. 07 March 2023
ජනපති ඡන්දය තියන දවස කියයි රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2023
වෙඩික්කරුගේ ඉලක්කය කොටහේනේදී වරදියි සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය කියයි 07 March 2023
රුසියාවෙන් ඇවිත් හුංගමින් අවසන් ගමන් යයි හුංගම කහඳමෝදර කලපු මෝයේ ගිලී රුසියන් ජාතිකයකු මිය ගොස් ඇති බව හුංගම පොලීසිය කියයි. 07 March 2023
ජනපති ප්රකාශය ගැන සජිත් විවාදයක් ඉල්ලයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2023
උද්ධමනය අඩු වෙලා උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය. ආහාර උද්ධමනය ද සියයට 54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය. 07 March 2023
රාජ්ය ආයතන රැසක් හිතේ හැටියට මඩිය තර කරගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වර්ෂ 2020දී 60% කින් වැටුප් වැඩි කර තිබීම පිළිබඳව සහ රජයේ විවිධ ආයතන වල නීත්යානුකූල නොවන ආකාරයට අතිකාල ගෙවීම පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ආර්ථික උපදේශකවරු මුදල් අමාත්යාංශයට පෙන්වා දී ඇත. 07 March 2023
වී සහල් යන මුදල වැඩි කරයි විදුලි ගාස්තු සංශෝධනයත් සමග වී තොග සහල් කිරීමේදී දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සලකා බලා වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කර ඇත. 07 March 2023
මුදල් කාරක සභාවේ වැඩ බලන්න වජිර මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පත්කරගෙන ඇතැයි වාර්තා වේ. 07 March 2023
ලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා කැනඩාවේ ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ සිඟිති පුතකු සහ දියණියක ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 07 March 2023
ජනපතිගෙන් විශේෂ ප්රකාශයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය. 07 March 2023
මැති සබේ නොසන්සුන් මුදල් කාරක සභාවේ සභාපති ධූරය තාවකාලිකව වජිර අබේවර්ධන මහතාට ලබා දී ඇතැයිද එය ස්ථාවර නියෝග වලට පටහැනි යැයි ද කියමින් විපක්ෂ මන්ත්රීවරු අදහස් පළ කිරීම නිසා සභාව නොසන්සුන් විය. 07 March 2023
මුලතිව් ගව රෝගය හඳුනාගනී මුලතිව් දිස්ත්රික්කයේ ගවයින් අතර ව්යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා රෝගයක් බව ( Lumpy Skin Disease (LSD) කෘෂිකර්ම අමාත්යාංශයේ පශු සම්පත් අංශය පවසයි . 07 March 2023
ණය ප්රතිව්යුහ කරන්න චීනය එකඟ වෙයි ශ්රී ලංකාව ලබාගෙන ඇති ණය ප්රතිව්යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇත. 07 March 2023
පැහැරගත් වෑන් රිය සුසාන භූමියක් අසළ යාපනය කයිතඩි බටහිර ප්රදේශයේදී දින දෙකකට පෙරදී පැහැරගෙන ගිය සුඛෝපභෝගී වෑන් රථයක් යාපනය මීසාලෙයි පොදු සුසාන භූමිය අසල දමාගොස් තිබියදී සොයාගත් බව චාවකච්චේරි පොලීසිය පවසයි. 07 March 2023
සුනඛ බේත් ශරිර ගත වූ දරුවාගේ මව්පියන් ගත් තීරණය සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි. 07 March 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026